Friday, July 29, 2011

රෝස පාටට චූ කරලා තියනවාද..??


මාතෘකාව කියවල වල් මොනා හරි වෙන්න ඇති කියලා මේ පැත්තට දුවන් ආපු එවුන්ටයි මේ කියන්නේ මේකේ කිසිම කුනු හරුපයක් නැ‍තෝ.

ඒ නිසා කැමතිනම් විතරක් කියවහල්ලා පස්සේ අපේ අම්මාට කිමුහුම් යවවන්නේ නැතිව..

මේක කියවන බොලාට මතකද බොම්බයි මොටයි සහ නයිස්.සිලිං සිලිං ගගා පොඩි බෙල් එකකුත් එක අතක
තියන් වන වනා පාරක් පාරක් ගානේ පොඩි යකඩ තහඩු වලින් හදපු පෙට්ටියකුත් අතින් එල්ලගෙන යන බුවාලා හිටපු කාලයක් තිබ්බා.බොලාට මතකද.?

තහඩු පෙට්ටිය වටේට ලොකු ශොපින් බෑග් එකක පත්තර කොළයි,පොඩි සිලි මලුයි, තව එකක පපඩම් වගේ ලොකු රවුම් වගේකුයි විකුන විකුන යන උන්දලා හිටපු කාලයක් තිබ්බා..

බුවාලට තමයි අපි බොම්බයි මොටයි වෙළෙන්දෝ කියලා කිව්වේ.මම නම් මතක ඇති කාලෙකින් එහෙම බුවෙක්ව දැක්කේ නැහැ අපේ ගෙවල් පාරෙන් යනවා.

බුවාලා ලඟ තියන යකඩ තහඩු පෙට්ටිය ඇතුලේ තියනවා පුලුන් වගේ රෝස පාටට කෙඳි කෙඳි වගේ එව්වා වගයක්.

එව්වා පැණිම පැණි රසයි.ඒ කෙඳි කෙඳි අතරේ ටිකක් මහත කූරු කූරූ වගේ කෑලිත් තියනවා. මම නම් වැඩියෙන් ආසා කලේ බොම්බයි මොටයි වල ඔය කූරූ කන්න.

එව්වා ඉස්සර රුපියලට,දෙකටත් දුන්නා.පහට දහයට විස්සට වගේ ගනන් වලටත් දුන්නා.රුපියලට දෙකට දෙන කොට නම් දුන්නේ පොඩි පත්තර කෑල්ලක ඔතලා.

පහට දහයට විස්සට වගේ දෙනකොට නම් පොඩි සිලි උරේක දාලා දෙනවා.ඉතින් ගත්තු වෙලාවේ ඉඳන් අක්කයි මායි හෙන වලි බොම්බයි මොටයි බෙදාගන්න.

පස්ස කස කසා, හො‍ටු හූර හූරා,කබ කඩ කඩා, පාරෙ තියන කුණු ඇහිඳ ඇහිඳ ආපු අතින්ම අල්ලලා බොම්බයි මොටයි දෙන නිසා වෙන්න ඇති එව්ව එච්චර රස කියලා මට ඒ කාලේ තේරුනේ නැහැ නොවෑ.

කොහොම හරි බුවාලා ගාව තව තියනවනේ රවුම් ලොකු කඩදාසි වගේ නිකන් පපඩම් ස්වරූපයේ ජාතියක්.

මෙලෝ රහක් නැති කඩදාසි කනව වගේ කටෙ තිබ්බ ගමන් දිය වෙලා යන ජාතියක්.එවා වලට තමයි නයිස් කිව්වේ.

ඉතින් බොම්බයි මොටයි විකුනන වෙළෙන්දෙක් ගහන බෙල් එක ඇහුනොත් තියන මල පෙරේත කමට අම්මටත් වද දීලා රුපියල් පහක් විතර අරන් එලියට බහිනවා.

මේ කිව්වේ රුපියල් පහටත් ලන්කාවේ තැනක් තිබ්බ කාලේ ගැනයි.දැන් ඉන්න එව්වෝ රුපියල් පහක් කියන එක පඩේකට ගනන් ගන්නේ නැහැනේ.

හිඟන්නෙකුටත් රුපියල් පහක් දුන්නෝත් ඌත් ඔරවලා පහ වෙනුවට අපිට රුපියල් දහයක් අපේ අතට දීලා මහත්තයා මේකත් අරන් ටිපිටිප් එකක් කන්න කියාවි.

ඔන්න ඔහොමයි පුල්මුඩේ තත්වේ.කොහොම හරි මේ කියන්න යන සිද්දිය උනේ අපරාජිතය පොඩි එකා කාලේ.

ඔන්න දවසක් ඔහොම බොම්බයි මොටයි විකුනන මනුස්සයෙක් එනවා.බෙල් එකේ සද්දේ බොම්බයි මොටයි පෙරේත අපරාජිතයට හීනෙන් වගේ ඇහුනා.

දැන් ඉතින් මාව නලියනවා.කරුමෙට අම්මා ගෙදර නැහැ සල්ලි ඉල්ලගන්න.එදා මම විතරයි ගෙදර.අක්කත් පන්ති ගිහිල්ලද කොහෙද හරියට මතක නැහැ කොහොම හරි මං විතරයි ගෙදර.

දැන් සල්ලි ඉල්ලගන්නවත් කවුරුවත් ගෙදර නැහැ.මොනවා කරන්නද.ඔය අතරේ තමයි මට මගේ කැටේ මතක් උනේ.

මම පොඩිකාලේ ඉදන්ම තිබ්බ මගේ ප්ලාස්ටික් සල්ලි කැටේ සල්ලි දාන කට ටිකක් රත්කරපු යකඩෙකින් පුච්චලා තියාගෙන හිටියේ.

මොකෑ මට පොඩි කාලේ ඉඳන්ම පීනස තිබ්බ නිසා ගෙදරින් අයිස් පැකට් කන්න වගේ වැඩ කරන්න ප්‍රතිපාදන ලැබුනේ නැහැ.

එච්චරට මාව පරිස්සම් කොරන්නමයි ට්‍රයි කොලේ.එව්වා කොහෙද මාත් එක්ක.ඉතින් ඕනා ප්‍රතිපාදන සකස් කරලා අයිස් කන්න වගේ ගෙදරින් අනුමැතිය නොලැබුනු හොරාට කරන වැඩ කොරන්න සල්ලි සකස් කර ගත්තේ කැටේ කටින්ම ආයේ සල්ලි අරන්.

ඇත්ත කියන්න එපාය.මොකෑ මම ජිවිතේ මේ වෙනකන් කවදාවත් අපේ අම්මගේ වත් තාත්තගේ වත් පර්ස් වලින් හොරෙන් සල්ලි අරගෙන නැහැ මගේ ඇස් දෙක පල්ලා ඇත්ත.

තාත්තම සමහර දවස් වලට මට ඕනා සල්ලි පර්ස් එකෙන් ගන්න කියල තියනවා.අම්මත් එහෙමයි.එහෙම කිව්වම මට ඕනෑ ගානට වඩා සතයක් වැඩිපුර අරන් නැහැ.

හැබැයි ඉස්කොලේ යන කාලේ තාත්තට හොරෙන් සීසන් එක අරගෙන හැමදාම බස් එකේ යන්න එන්න සල්ලි නම් ඉල්ලගෙන තියනවා.

පැය ගනන් තැප තැප C.T.B බස් එකක් එනකන් ඉඳලා එහෙම කලේ හැම දාම යන්නයි එන්නයි රුපියල් 20 ක් ඉතුරු කරගන්න.

ඒකත් මට වැදගත් දෙයක් ගන්න ඕනෑ තාත්තට කරදර කරන්න බැරි එව්ව වලට සල්ලි හොයා ගන්න.දැන්නම් ඒ රුපියල් 10 යේ දුර රුපියල් 20ක් වෙලා.

කොහොම හරි මම රුපියල් පහේ කාසි 2කක්ම අරගත්තා රුපියල් 10කම අද ඇති වෙන්න තනියම කනවා කියලා.

කොහොම හරි ගිහින් මම බුවාට සල්ලි දිලා ගත්තා බොම්බයි මොටයි.පස්සෙ මල්ල අරන් ඇවිත් කන්න ගත්ත හෙමිහිට.

කන ගමන් ඉස්සෙල්ල කලේ තිබ්බ කූරු කූරූ කෑලි ‍තෝරපු එක.අම්මට බොල සිලි උරේ අස්සෙ මෙන්න හෙන පත පැන්සලක් තරම් මහත මොටයි කූරක් තියනවා මෙන්න.

රතුම රතු පාටයි.මටත් හෙන මැජික් ඇයි කන්න ආසාම කූරුනේ.දැක්ක ගමන් පැනලා අරන් කූර කෙලවරක ඉදන් කන්න ගත්තා.

ඒක දිගත් සෙන්ටිමීටර් 10 විතර තිබ්බා.. කාපු ගමන් ආවෙ මහ එපාම කරපු ලුණු රසයක්.ඒත් මගේ තිබ්බ පෙරේත කමටම ඒක ඉවසන් කෑවා.

මොකෑ ඉතින් රෝස පාට පූසෝ වඩා ගත්තමත් කට සෝස පාට උනත් දත් බුරුසුව අතට දෙන්න දැන් කාලේ වගේම අම්මිලා හිටියනේ(ලන්කාවේ මේ දවස් වල යන දත් බෙහෙත් ඇඩ් එකක් ගැන කිව්වේ).

ඒක එතනින් ඉවරයි හොඳම සෙල්ලම පටන් ගත්තේ පහුවෙනිදා උදේ ඉඳන්.හුටා මම ඉතින් පුරුදු විදිහට ගියා චූ කරන්න.

ගිහින් ඔන්න අල්ලන් ඉන්නවා මෙන්න යකෝ ටිකකින් යන්න ගත්තා කියහන්කෝ තද රෝස පාටට.

මාව දැක්ක ගමන් අම්බානෙකට බය උනා.ඇයි බොලේ වෙනදට එක්කො සුදු පාටට,නැත්නම් කහ පාටට යන එක අඩ තද රෝස පාටට යනකොට කොහොමද ආතල් එක.

බය උන පාරට මම ගිහින් අම්මටයි තාත්තටයි කිව්වා.එයාලත් අම්බානෙකට බය වෙලා එසැනින් මාව ගෙවල් ලඟ ඩොකී නෝනා ගාවට එක්ක ගියේ නැතැයි.

අම්මට බොල එයත් බය වෙලා මට මොනාදෝ මන්දා බෙහෙත් වගයක් දුන්න බීපන් කියලා.කොහොම හරි මමත් ගිහින් බිව්වා.

අඩුවක් නැහැ යන යන සැරයක් ඇත්නම් යන්නෙම තද රෝස පාටට.කොහොම හරි ඒ ඉස්කොලේ වාර නිවාඩු කාලයක් මතක හැටියට.

බැරිම තැන අම්මලා ****වේ විශේෂඥවෛද්‍යය වරයෙක්ව අල්ලලා එක්ක ගියා.පොර විස්තර අහලා කිව්වා මුත්‍රා සාම්පලයක් අරගෙන රිපෝර්ට් එක අරගෙන එන්න කියලා.

කිව්ව වගේම හෙන පොඩි කුප්පියක් දුන්න මේකට චූ කරන්න කියලා.කටත් පොඩී.චූ කරන ගිහින් අස්සේ හිර උනානම් මගේ අනාගතෙත් අඳුරුයිනේ.

අනික ඒ පොඩි එකා කාලේනේ :පී. ඉතින් බොහොම අමාරුවෙන් චූ කරලා දුන්න.පස්සේ ආපු රිපෝර්ට් එකත් අරන් ගියා ඩොකා ගාවට.

ඒක බලලා ඩොකා කියනවා රිපෝර්ට් එකේ නම් කිසි අවුල නැහැ පුතා මොන හරි කලරින් දාපු දෙයක් ඊයේ පෙරේදා දවසක කෑවද කියලා.

අම්මට බොල මට එතකොටයි මීටර් උනේ මම ගෙදරට හොරා බොම්බයි මොටයි කෑවනේ කියලා.අනික අර කාපු පට්ට ලුනු රසයක් තිබ්බ කෝ‍ටුව වගේ ලොකු කූර.

මට ඒක ඒ වෙනකන් මතක් උනේ නැහැ.කව්ද යකෝ ඕවා හිතන්නේ පොඩි කාලෙ ඉදන්ම ගිය එව්ව වල පාට එක පාරටම මාරු වෙලා තද රෝස පාටට යන කොට.

පස්සේ මම එතනදි සිද්දිය කිව්වා.කිව්වම ඩොකා හිනා වෙලා ආහ් පොඩි කමට කොරන එව්වනේ.මේ එහෙනම් ඒක නිසා තමයි හොඳට වතුර බොන්න දවසකින් විතර අඩු වේවි කිව්වා.

කොහොම හරි ඒ දෙවනි දවස.පස්සෙ ඉතින් ගෙදර ආවා.මම චූ කරනවා එක්කො අම්ම නැත්නම් තාත්තා
බලන් ඉන්නවා පාට මොකක්ද කියලා.

බොම්බයි මොටයි කැවනම් විඳෝපන් බළලෝ කියල හිතන් මාත් විලි ලැජ්ජාවේ චූ කරනවා.අන්තිමට තුවෙනි දවසේ හවස් වෙද්දී ටිකක් පාට අඩු වෙලා ලා රෝස පාටට ගියා.

පහුවෙනිදා වෙන කොට ඒ කිව්වේ හතර වෙනි දවසෙ හවස් වෙන කොට නැවත පුරුදු පාටට හැරුනා.අන්න ඒ වෙලාවේ තමයි මට සැනසිල්ලක් ආවේ.

ඇයි යකෝ මොකක් හරි වෙන අසනීපයක් කියලා ඕක කැපුවොත් එහෙම මං විනාසයිනේ ඒකයි.

අන්තිමට කාලයක් යනකන් බොම්බයි මොටයි වෙලෙන්දෙක් ගියත් ඒ පැත්තවත් බලාගේන බත් කෑවෙ නැහැ මම.

හැබැයි අපේ අක්ක මට පට්ට කින්ඩි දදා පෙන්න පෙන්න කැවනේ බොලව්.මතක ඇති කාලෙකින් බොම්බයි මොටයි කෑවෙ නැහැ නොවෑ.හොයාගෙන කන්න ඕනා.

හම්බුනේ නැත්නම් Candy Floss එකක් වත් කන්න ඕනා.පිටරට ඉන්න අයියලට අක්කලට බොම්බයි මොටයි
මතක් කලාය කියලා මට බනින්න එපා.

Candy Floss එකක් අර කන්න ආසා හිතුනනම්.ඒත් කන්න නැත්නම් මම පහලින් දාලා තියන පින්තුර දිහා බලලා කෙල ටිකක් ගිලලා යන්න :ඩී.

ඔන්න ඔහොමයි අපරාජිතයා රෝස පාටට චූ කලේ.ඔයාලට මෙහෙම සීන් එහෙම වෙලා නැද්ද..තියෙනම් කියමුකො බලන්න පහලින් පොඩි කමෙන්‍ටු පාරක් දාලා.

 

Friday, July 22, 2011

ගුරුවරියක් වෙනුවෙන්...


ගොඩ දවසකින් මොකුත් ලියන්න හම්බුනේ නැහැ නොවැ.මොනවා කරන්ද මම අන්තිම පොස්ට් එක දාපු දවසට පහුවෙනි සතියේ සෙනසුරාදා ඉස්කෝලේ අතිජාති මිත්‍රයොත්එක්ක සෙට් උනා නොවැ.

එදා පොඩි යාලුවෙකුගේ වැඩකට මගේ ඩොන්ගල් එක අර ගෙනයි ගියේ.ඒකට හේතුව මගේ කනෙක්ෂන් එක Airtel වල ටිකක් වාසි දායක කැම්පස් Pakage එකක් නිසා.

ගියේ මගේ හොඳම යාලුවා අයේෂ් එක්ක උගෙ අතිජාත Zuzuki වර්ගයේ බයික් එකෙන්.කොහොම හරි එදා වැඩෙත් කරගෙන ආපහු එද්දි වැස්සට අහු උනා.

ඩොන්ගල් එක තිබ්බේ මගේ සාක්කුවේ.මට ඒක එච්චර ගානක් නැති උනා.

ඒත් කරුමෙ කියන්නේ කොහොම හරි ඩොන්ගල් එක ගෙදර ගෙනල්ලා බ්ලොග් එක ලියන්න හිතන් නෙට් කනෙක්ට් වෙන්න කියලා ගහලා බලන කොට වෙනදා පත්තු වෙන කොළපාට ලයිට් එක පත්තු උනේ නැහැ.

කම්පුටර් එකෙන් detect කරගන්නෙත් නැහැ.කොහොම හරි කලිසම තෙත් උන නිසා මේක ඇතුලටත් වතුර යන්න ඇති.

අපරාදේ තිබ්බේ Huwawei Safaricom ජාතියේ එකක්.බොහොම අමාරුවෙන් ඉතුරු කරලා තියෙන එව්වත් හූරලා අරන් ගත්තා අලුතින් එකක්.

ගත්තා කිව්වට ගෙන්නුවා e-bay වලින් Huawei E1750 USB 3G WCDMA adaptor Dongle Modem 7.2Mbps තමයි අලුත් එකේ වර්ගේ එල කිරි වගේ වැඩ.

මොනවා කරන්නද ලංකාවේ නිදහස් අධ්‍යාපනයට මේ දවස්වල කණ කොකා අඬලනවනේ.විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැ‍ටුප් විෂමතා ඉවත් කරන්න කියලා මාරාන්තික වැඩවර්ජනයක් තියන එක අපිටත් තදින්ම බලපාලනේ.

අනේ අපි වයසට යනවා.ඩිග්‍රිය ගනිද්දි කටේ දත් තිබුනොත් ඒ ඇති.ඒ උනාට ගෙදර නම් හිටියේම නැහැ.

යාලුවො එක්ක සෙට් වෙලා රට වටේ රවුම් ගැහුවා.කරුමෙට ඩොන්ගල් එකටත් කෙලියෙ මේ දවස් වලමයිනේ.මොනා කරන්නද Internet නොමැති ලොවක මිහිර නියමෙට වින්දා.

හොඳ වෙලාවට පෝන් එකෙන් Facebook යන්න පුලුවන් කම තිබ්බ නිසා ටිකක් විතර ශෙප් උනා.කාලෙකින් ආපු එකේ ඔන්න බ්ලොග් එකට අලුතින් තීන්ත ටිකකුත් ගාලම අලුතින් වැඩ අල්ලන්න හිතුවා.

ගොඩ දවසකින් මොකුත්ම ලිව්වේ නැති නිසා පට්ට කම්මැලියි ලියන්නත්.ඒත් ලියන එකනම් නවත්තන්නේ නැහැ.

මම නැති වෙලාවේ හොයලා බලපු දෙන්නෙක් ඉන්නවා ඉස්සෙල්ල උන් දෙන්නට ස්තුතියි කරනවා. එකෙක් අපේ රත්තරන් මාලුවා (රත්තරන් කිව්වට මූ නම් යකඩ තරම්වත් වටින එකෙක් නෙමෙයි)

අනිකා සරත් ලංකාප්‍රිය අයියා(අයියා කිව්වට මූට මගේ වයසෙ දුවෙකුත් ඉන්නවලු.අන්කල් කියලා තමයි කියන්න වටින්නේ)

උබලා වගේ යාලුවෝ ලබන්න මම ගොඩාක් පින් කරලා ඇති බං.නැත්නම් දැකලවත් නැති එකෙක් ගැන මොකටද වද වෙන්නේ උඹලා මේ තරමටම...

ඔන්න එහෙනම් අද කතාව.මේක වෙන්නේ මම 10 වසර කාලේ.මට දැන්නම් තරමක් කවි ලියන්න පුලුවන් මොකක් හරි සුන්දර දෙයක් අගයලා.

ඒක පුරුදු උනේ මිහිරි බූට් එකක් කෑවට පස්සේ හුදාකලාව තනිකමේ මිහිර විඳිද්දී.ඒත් ඔය කියන කාලේ මට කවියක් තියා රචනයක් වත් ලියන්න බැහැ.

හැබැයි එක එකාට මඩ කවිනම් නියමෙට හදන්න පුලුවන් කම තිබ්බා.අපේ පන්තියේ හිටියා එල කිරි කොල්ලෙක්.

මූට මෙතන ඉදන් අශාන් කියමු.මූ ඒ කාලේ වැඩ කලේ ඉස්කොලේ සන්නිවේදන අංශයේ.අර මතක ඇතිනේ මගේ බැජ් එක ගලවපු සිද්දියේ හිටපු විජේසූරිය සර්.

මිනිහා තමයි ඉතින් ඔය කෙහෙම්මල් අංශයෙත් ප්‍රධානියා.ඌත් නිකන් හිටියේ All rounder වගෙයි හැම මගුලක්ම බදාගෙන.

ඉතින් ඔය කියපු මගුල් අංශෙත් අපිට දුන්නේ පුදුම වදයක්.උදේ පාන්දර ඉදන් ඉස්කොලේ පටන් ගන්නකන් එක එක රටේ නැති වැල් බයිලයි,මෙලෝ රහක් නැති සින්දුයි දානවා.

කනක් ඇහිලා පාඩුවේ ඉන්න මුන් දුන්නේම නැහැ.

ඔය කියපු මගුල් අංශයේ හිටපු ශිෂ්‍යය උප ප්‍රධානියා උනේ ඔය මම කියපු අශානයා.

උගේ වැඩේම අතේ voice recorder එකක් තියාගෙන.දෙන්න ඕනා නිවේදනයි අනම් මනම් වල් බයිලයි රෙකෝඩ් කරකර ලොකුවට කෙල්ලන්ට පේන්න ඇඩ් එක දාන එක තමයි.

කොහොම හරි අපේ 10 වසර B එකේ හිටපු අපේ කොල්ලෝ සෙට් එකට මුගේ කල් ක්‍රියාව ඇල්ලුවේ නැහැ.

අපි සෙට් එක ප්ලෑන් කලා පොඩි ගේමක් දෙන්න.ඒ කාලේ අපෙ පන්තියේ මම තමයි මඩ ගහන ඒවා වලට, කෙල්ලන්ව අඬවන ඒවා වලට නම ගිය අලගිය මුලගිය එකා.

ඉතින් අපේ උන් සෙට් එකේ plane එක උනේ හෙමිහිට මූට මඩ කවි ටිකක් හදලා එවා විරිඳු විදිහට කියන ගමන් මුගේ අර රාජකීය voice recorder එකට පටිගත කරලා ශේප් එකේ තියන එක.

කවි ලියන වැඩේ මම බාර අරගෙන විරිඳු කවි 20ක් විතර ලියලා අපේ සෙට් එකට දුන්නා.ඔතන හිටියා ප්‍රසාන්,අයේෂ්,මොහොමඩ්,රුස්ඩි... වගේ මගේ අති ජාතී සෙට් එකක්.

කොහොම හරි විරිඳු කියන්න එක එකා ඉදිරි පත් උනත් අන්තිමට අපේ උන් කිව්වා මම උන්ට වඩා එලට කියනවා ඒ නිසා උන් ගහන්නම් ඩ්‍රම් එක මට ලස්සනට කියපන් කියලා.

අපි ප්ලෑන් කර ගත්තු විදිහට අශානයා පන්තියෙ නැති වෙලාවක් අල්ලලා වැඩේට බැස්සා.

ඔන්න මම දැන් අපි කලින් කතා කරගත්තු විදිහට විරිඳු කියනවා අරුන් ඩ්‍රම් ගහනවා ප්‍රසානයා රෙකෝඩර් එක අල්ලන් ඉන්නවා.

කොහොම හරි ශේප් එකේ අපි වැඩේ කරලා රෙකෝඩර් එක මොකුත් නොවුනු ගානට ඔතලා තිබ්බා අශානයාගේම බැග් එකේ දාලා.

කොහොම හරි මරුම වැඩේ උනේ පහුවෙනිදා උදේ පාන්දර.මම මොන ගස් බලු වැඩේ කලත් මට 9 වසරදි ශිෂ්‍යයනායක පට්ටමක් ලැබුනනේ කරුමෙට.

ඒක නිසා උදේ පාන්දර අපි ඩියුටි යන්න ඕනා.පාන්දර කිව්වට මම නම් ඒකාලේ ගියේ 7.25 ට විතර ඒ 8.00 ට ඉස්කෝලේ පටන් ගන්න කාලෙනේ.

කොහොම හරි අශානයා අර මගුල් සන්නිවේදන අංශයේ මයික් එක ඔන් කරලා පටන් ගත්තා ඉස්කෝලෙටම ඇහෙන්න අදෝනාව..

"සුබ උදෑසනක් ඔබ සැමට.මේ **** විද්‍යාලයේ සන්නිවේදන අංශයයි.ප්‍රථමයෙන්ම දවසේ වැඩසටහන".

ඔන්න ඔච්චරයි ගියේ ටිකකින් මට ඇහෙනවා එදා අපි රෙකෝඩ් කරපු විරිඳු කවියක් මුලු ඉස්කෝලෙම තැන් තැන් වල තියෙන ස්පීකර් වලින්.

වැඩි වෙලා යන්න උනේ නැහැ එකපාර ඔක්කොම නැවතිලා එකපාරටම මෙලෝ රහක් නැති සින්දුවක් වැ‍ටුනා.

මෙන්න ටික වෙලාවකින් අපේ පන්තියේ මගේ සෙට් එකේ එකෙක් මම ඩියුටි කල පන්තියට මාව හොයන් එනවා.
ප්‍රසාන්:- අඩෝ **** මාර සීන් එක බං.අන්න අශානයට මල පැනලා මූනත් රතු කරන් උඹව මරන්න හොයනවා. 
මම:- ඔව් බං ඊයේ අපි කල ආතල් වැඩේ සෑහෙන බර පතලයි.මේ යකා රෙකෝඩ් එක අහලා බලන්නෙවත් නැතුව හරක වගේ දැම්මනේ බං.


ප්‍රසාන්:-හොඳ වෙලාවට පිනා තවම ඇවිල්ලා නැත්තේ.වර පන්තියට අරුව ශේප් කරගන්න බලමු.
මම:- දැන් වැඩක් නැහැ බං බලමු වෙන දෙයක් වෙද්දේන්.

කොහොම හරි අශානයට මල පැනලා.රෙකෝඩර් එකේ Voice එක මගේ කියලත් අඳුරගෙන.කොහොම හරි එදා මගේ වෙලාවටද කොහෙද විජේසූරියකාරයා ඉස්කෝලේ ආවේ නැහැ.

කොහොම හරි ඩියුටි කල පන්තියේ ඩියුටි කරලා ඉවර වෙලා මම පන්තියට ගිහින් ටික වෙලාවකින් මෙන්න අශානයා පන්තියට ඇවිල්ලා මට කතා කලා


අශාන්:-*** අඩෝ පරයා අන්න තොට ඩඩ්ලි සර් කතා කලා
(ඒ කාලේ අපෙ 10 වසර පන්ති වල අංශ ප්‍රදානියා.ගොඩක් හොඳ සර් කෙනෙක්.අදටත් මම ගරු කරන කෙනෙක්)
මම:-කොහෙටද..? 
අශාන්:-10 වසර පන්ති ‍රැස්වීම් ගන්න තැනට.

මම අරුත් එක්ක ඔන්න එතනට ගියා.හුටා එතන පන්ති ඔක්කගේම ගුරුවරු සෙට් එක ඉන්නවා.

පද්මා මැඩම්(මම ජිවිතේ අම්මට පස්සේ ආදරය කරන ගුරුතුමිය.අපේ 10-11 පන්ති දෙකේම පන්ති භාර මැඩම් තමයි)

වන්නිආරච්චි මැඩම් (මගේ ලොකුම මුට්ටියක්.9 වසරෙදි අපිට සමාජ අධ්‍යයනය කලා.මගේ සිතියම් ඇඳීමේ හැකියාව හොඳයි කියලා මැඩම් මා එක්ක මාර ‍ෆිට් එකේ උන්නේ)

මොරින් මැඩම්(මගේ අම්මගෙයි තාත්තගෙයි හොඳ ලඟම යාලුවෙක්)

මාලනි මැඩම්(අපේ අක්කගේ ලොකු මුට්ටියක්.මල්ලි නිසා මාවත් දන්නවා.මහත්තයා අපේ තාත්තගේ යාලුවෙක්)

ෆ්‍රැන්කා මැඩම්, ඩඩ්ලි සර්.. මගේ පටි අම්බානෙකට රෝල් වෙන්න යන්න කියලා මට සෙට් එක දැක්කම චූ බර හැදුනා.

දැන් ඩඩ්ලි සර් මගෙන් ප්‍රශ්න කරනවා.අශානයා කේලම් අගිස්සනවා.මැඩම්ලා සෙට් එකත් කම්මුල් වලට අත තියාගෙන මන් දිහා බලාගෙන.

එයිට හපන් ඔක්කොම මගේ පැත්ත හැරිලා මට පිටි පස්සෙන් පේනවා අපේ සෙට් එකේ උන් එකා දෙන්නා එතනින් මං දිහා බල බල එහා මෙහා යනවා.

අන්තිමට මගෙන් ඇහුවා "වැ‍රැද්ද පිලිගන්නවාද" කියලා.මොනා කියන්නද මම කිව්ව "ඔව් මම පිලිගන්නවා" කියලා.

පස්සෙ මගෙන් ඇහුවා සර් "කව්ද මේකට වෙන සම්බන්ධ" කියලා.මම මොකක් කලත් කවදාවත් කාවවත් පාවලා දෙන්න කැමති නැහැ.

මම කිව්වා "කවුරුත් නැහැ මම විතරයි කලේ" කියලා.

පස්සේ සර් මට කිව්වා "මට තමුසෙට දඬුවම් කරන්න බැහැ තමුසේ ශිෂ්‍යය නායකයෙක් නිසා ආයේ මේ වගේ වැඩ කරලා අහු වෙන්න එපා" කියලා.මම "හා" කිව්වා.

ඒ අස්සෙ මට ඇහෙනවා

"අයියෝ මේ ළමයා හොඳ ළමයෙක් 9 වසරෙදි මම දෙන වැඩ සිතියම් ලස්සනට අඳින හොඳම ලමයා.නරක යාලුවන්ගේ ආශ්‍රයට වැටිලා" ඒ වන්නිආරච්චි මැඩම්.

"මේ ළමයගේ මුලු පවුලම මම දන්නවා.අනිකා ඉංග්‍රීසි ඉගෙන ගන්න 4 වසරේ ඉඳන් ගෙදරින් එවන්නේ මං ලඟටනේ.**** ඇයි මේ වගේ දෙයක් කලේ..??" ඒ මොරින් මැඩම්.


"මේ ළමයගේ අක්කා හරී හොඳයි.අම්මා තාත්තත් හරි හොඳයි.ගිය අවුරුද්දේ මගේ පන්තියේනේ හිටියේ.ඒ කාලේ හොඳට හිටියනේ".ඒ මාලනී මැඩම්".

"ළමයින්ගේ වැරදි වලට වග කියන්න ඕනේ ඉතින් අම්මලා තාත්තලා තමයි" ඒ ෆ්‍රැන්කා මැඩම්.

ඔය ඔක්කොම ඇනුම් පද කියද්දි කිසිම සද්දයක් නැතුව අහගෙන හිටපු එක්කෙනෙක් හිටියා.. ඒ මගේ පන්තිභාර පද්මා මැඩම්.කොහොම හරි කට්ටිය විසිරිලා ගියා.

මායි අශානයයිත් පන්තියට ගියා.මෙන්න ටිකකින් පද්මා මැඩම් පන්තියට ආවා.අපිට මුල් පීරියඩ් දෙක තිබ්බේ ගණිතය.මැඩම් කණ්නාඩි දානවා.

ඒත් මැඩම්ගේ සුදු කම්මුල් දෙක දිගේ කඳුලු කැට වැක්කෙරෙනවා මට පෙනුනා.විමසිල්ලෙන් බලද්දි මැඩම්ගේ ඇස් දෙක කඳුලු වලින් පිරිලා.

මැඩම් මන් දිහා බලලා මට කතා කලා.මම ඉදන් හිටි එකෙන් නැගිටලා හිටගත්තා.මැඩම් කිව්ව වචන ටික අදටත් මගේ පපුවේ කෙටිලා තියනවා.

" **** මම ඔයා ගැන කවදාවත් අනුන්ගෙන් මෙහෙම දේවල් අහන්න බලාපොරොත්තු උනේ නැහැ දරුවෝ".

මැඩම් එහෙම කියන ගමන් ඇස් දෙකෙන් කඳුලු කැට වැක්කෙරෙනවා.පන්තියේ කෙල්ලො මට ඔරවනවා.

මොනවා කරන්නද ඇත්ත කියන්න එපාය මමත් මැඩම්ට කියපු වචන ටික අදටත් ආරක්ශා කරනවා.

"මැඩම් මැඩම් මගේම මගේ අම්ම වගේ.මම මගේ අම්මට පොරොන්ඩු වෙනවා කියලා හිතන් පොරොන්දු වෙන්නම්.ආයෙ ජීවිතේ කවදාකවත්ම මම නිසා මැඩම්ට කාගෙන්වත් එක එක දේවල් අහන්න මම ඉඩ තියන්නේ නැහැ මැඩම්" 

ඔච්චරයි මට කියාගන්න පුලුවන් උනේ මම මුලු පන්තියටම ඇහෙන්න ඉකි ගගහා ඇඬුවා.ඒ වගේම අදටත් මම නිසා මැඩම්ට කාගෙන්වත් බැනුම් අස්සවන්න ඉඩ තියලත් නැහැ.

අද මම ඉන්නෙ කොතනද... ඒ ඉන්න තැන ඉන්න මට අද කකුල් දෙකට හයිය ලැබිලා තියෙන මගේ මුලු ජීවිතේම වෙනස් කල ඒ දවස එදායි...

පද්මා අභයවර්දන මැඩම් වගේ ගුරුවරියක් නොහිටින්න අද මම අමුම අමු රස්තියාදුකාරයෙක් වෙන්න තිබ්බා..

ඒත් අද මම ඉන්න තැන ඉන්න එකේ සම්පූර්ණ ගෞරවය අම්මා තාත්තා ඇරුනහම ලැබෙන්න ඕනා එකම එක්කෙනා මගේ දෙවනි අම්ම කියලා මන් සලකන මැඩම්ට විතරමයි.

මැඩම් මම දන්නවා ඔබතුමිය මේ බ්ලොග් එක කියවන්නේ නැති විත්තිය.

ඒත් මගේ මුලු ජිවිතේ තියනකන්ම මම මැඩම්ට ගොඩාක් ණයගැතියි..මගේ ආයුෂත් අරන් මැඩම් බොහෝ කාලයක් ජිවත් වෙන්න ඕනා....     

Sunday, June 26, 2011

අගය කිරීමේ වටිනාකම.


අනේ ඉතින් මම සෙනසුරාදා මහ රෑ අලුත් පෝස්ට් එක දාලා සදුදා උදේ පාන්දරම කැම්පස් යනවා. ආයේ එන්නේ සෙනසුරදා හවස් වෙලා.

සෙනසුරාදා මහ ලොකු වැඩක් නැති උනාට ඔය ප්‍රොජෙක්ට් හදන්න හරි නැත්නම් පොඩි රස්තියාදුවක් ගහලා ෆන් එකක් ගන්න හරි ගියහම ගෙදර එන්න මතක් වෙන්නේ හවස් වෙලා.

අද ඇවිත් බ්ලොග් එකට ලොග් වෙලා බැලුවම දැක්කේ කමෙන්ට් 7ක් තිබ්බා පහුගිය සදුදා, අඟහරුවාදා දවස් වල දාපු මොඩරේට් කරන්න.

ඉතින් අනේ එව්වා ඔක්කොමත් පබ්ලිෂ් කලේ අද තමයි.තරහා වෙන්න එපෝ.අනික බං බ්ලොගක් කියවන්න වෙන්නෙත් මේ දවස් දෙකේ තමයි.

ඒක නිසා අනික් එව්වා වලට කමෙන්ට් කරන්නත් වෙලා යනවා.ඒකටත් සමාවෙයල්ලා.කලින් දාපු පෝස්ට් එකට හොඳ ප්‍රතිචාර තිබ්බා.ඒක නිසා අදත් ඒ වගේ කතාවක් දාන්න දාන්න හිතුනා.

ඔන්න බං බනින්න එපා හැමදාම ඔව්ව දාන්නේ මට දාන්න වෙන දෙවල් නැති නිසාද කියලා.හැම දේකම මික්ස් එකක් තියෙන්න එපාය බ්ලොග් එකක් උනාම ඒකයි සීන් එක.

මෙන්න එහෙනම් කතාව.කියවලා ගන්න පුලුවන් දෙයක් තියෙනම් අරගනිල්ලා.

අධ්‍යයාපනික පැත්තෙන් විශිෂ්ඨ තරුණයෙක් රටේ ප්‍රසිද්ධ ලොකු ව්‍යාපාර ආයතනයක කළමණාකාර ධුරයට අයදුම් කලා.තමන්ගේ දක්ශකම නිසාම පලවෙනි සම්මුක පරික්ශණය සමත් වෙන්න එයාට පුලුවන් උනා.

අන්තිම සම්මුක පරික්ශණය කළේ එම ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයයි තම ආයතනයට නව කළමණාකරු විදිහට සුදුසුම පුද්ගලයාව ‍තෝරා ගැනීමට.

කොහොම හරි මේ තරුණයාගේ අයදුම් පත්‍රය පරීක්ෂා කරද්දී මේ අධ්‍යක්ෂකවරයට තේරුනා මූ අධ්‍යයාපනික පැත්තෙන් උපාදිය ලබා ගන්නා තෙක්ම විශිෂ්ඨ සාමාර්ථ සහිතව සෑම විභාගයක්ම සමත් වෙලා තියෙන විත්තිය.

සම්මුක පරීක්ෂණයෙදී දෙන්නා අතර ගියේ මෙහෙම දෙබසක්;

අධ්‍යක්ෂකවරයා:-පාසලෙන් ඉහළට ඉගෙන ගන්න මොකක් හරි ශිෂ්‍යත්වයක් ලැබුනද ඔබට..?
තරුණයා:-නැහැ.
අධ්‍යක්ෂකවරයා:-ඔයාගේ තාත්තාද එහෙනම් හැම වියදමක්ම දැරුවේ පාසල් ගාස්තු පටන්.?
තරුණයා:-මගේ තාත්තා මට වයස අවුරුදු එකක් විතර වෙනකොටම මැරිලා.මගේ අම්මා තමයි මගේ හැම වියදමක්ම දැරුවේ.


අධ්‍යක්ෂකවරයා:-ඔයාගේ අම්මා කොහේද වැඩ කලේ.?
තරුණයා:-මගේ අම්මා රෙදි සෝදන්නියක්.

ඒ කතාව අහපු ගමන් අධ්‍යක්ෂකවරයා තරුණයාට එයාගේ අත්දෙක පෙන්නන්න කිව්වා.ඉතාමත් සුමුදු නිරෝගී අත්ල දෙකක් සහිත අතක් තරුණයා අධ්‍යක්ෂකවරයාට පෙන්නුවා.

අධ්‍යක්ෂකවරයා:-ඔබ කවදා හරි දවසක රෙදි සෝදන්න ඔබගේ අම්මාට උදව් කරල තියනවාද.?
තරුණයා:-කවදාවත් නැහැ.මගේ අම්මාට හැම තිස්සේම ඕනෑ උනේ මම වැඩිපුර පාඩම් කරන එකයි පොත්පත් වැඩිපුර කියවන එකයි.අනිත් එක තමයි මට වඩා අම්මාට ගොඩක් ඉක්මනට රෙදි සෝදන්න පුලුවන්.


අධ්‍යක්ෂකවරයා:-මම ඔබගෙන් පොඩි ඉල්ලීමක් කරනවා.ඔයා අද ගෙදර ගියාම ගිහින් අම්මගේ අත් දෙක පොඩ්ඩක් අරගෙන පිරිසිඳු කරලා හෙට උදේට  ඇවිත් මාව ආයෙමත් හම්බු වෙන්න.

එම ප්‍රකාශයෙන් තමන්ට මෙම රස්සාව ලැබෙන්න පුලුවන් හැකියාව වැඩි බව තෙරුම් ගත්තු තරුණයා සතුටින්
ගෙදර ගිහින් සිනා මුසු මුහුණින්ම තම මවගේ අත්ල දෙක පිරිසිඳු කරන්න ඉල්ලුවා.

ඔහුගේ අම්මා අමුතුවෙන් වගේ, ඒ වගේම ප්‍රීතිමත්ව තම පුතා දිහා බලලා තම දෑත දිගුකලා.තරුණයා තම මවගේ දෑත් ඉතාමත් සෙමින් සෙමින් සේදුවා.අම්මගේ දෑත් පිරිමදින වාරයක් වාරයක් පාසා නෙතට හොරා කඩුලු බිඳු එක දෙක රූරා වැටෙන ගමන්ම.

එය තමයි පළමු අවස්තාව උනේ ඔහු තම මවගේ අත් දෙක ‍රැලි වැටිලා,ඒ වගේම කර ගැට වලින් පිරිලා තියෙන වග දැක්ක.සමහර කරගැට අල්ලන කොටත් රිදෙන වග ඔහුට තේරුනේ වතුර සමහ අත්ල දෙක පිරිමදිද්දි අම්මා දක්වපු ප්‍රතිචාරයෙන්.

ඒ තමයි පලමු අවස්තාව තරුණයාට තේරුනා කර ගැට වලින් පිරුණු මේ අත්ල දෙක තමයි කියලා දවස ගානේ රෙදි සෝදලා හම්බු කරන සොච්චමෙන් තමුන්ගේ පාසල් ගාස්තු ගෙවපු.

කර ගැට වලින් පිරුණු අම්මගේ අත්ල තමයි අවසානයේ ඔහුගේ උපාදියට,ඒ වගේම ඔහුගේ අධ්‍යාපනයේ විශිෂ්ඨත්වයට, ඒ වගේම ඔහුගේ අනාගතයට මුල් පාදක උන ගෙවීම කියලා.

අනිතිමට සිය මවගේ අත්ල දෙක සෝදලා ඉවර වෙලා ඔහු කලේ ඉතුරු වෙලා තිබ්බ ඇදුම් ඔක්කෝම හෝදලා දාපු එක තමුන්ගේ අම්මා වෙනුවෙන්.

ඒ රාත්‍රියේ තරුණයා අම්මා එක්ක කවදාවත් නොකරපු තරමට ගොඩක් වෙලා කතා කරලා පහුවදා උදෙන්ම නැවත අධ්‍යක්ෂකවරයාව හමු වෙන්න ආයතනයට ගියා.පස්සේ දෙන්නා අතර ගියේ මෙහෙම දෙබසක්;

අධ්‍යක්ෂකවරයා:- ඔයාට මට දැන් කියන්න පුලුවන්ද ඊයෙ ගෙදර ගියාට පස්සේ කල දෙවල් සහ ඒකෙන් ඉගෙන ගත්තු පාඩම මොකක්ද කියලා.? 


තරුණයා:-මම මගේ අම්මාගේ අත් දෙක හොඳට හෝදලා ඉතුරු වෙලා තිබ්බ රෙදි ටිකත් ඔක්කෝම හෝදලා දැම්මා.
අධ්‍යක්ෂකවරයා:-කරුණාකරලා ඔයාට කියන්න පුලුවන්ද දැනුනු හැඟීම.?


තරුණයා:-(කඳුලු පිරුණු මුහුණක් සමග)අංක එක: මම දන්නවා දැන් මොකක්ද අගය කිරීම කියන්නේ කියලා.මගේ අම්මා නැතිව අද දවසේ මම ලබාගෙන තියන සාර්තකත්වය කිසි සේත්ම මට කවදාවත් ලබා ගන්න වෙන්නේ නැහැ.
අංක දෙක: මගේ අම්මත් එක්ක ඊයෙ එකට වැඩ කිරීමෙන් ඒ වගේම උදව් කිරීමෙන් මම දැන ගත්තා යම් දෙයක් කරන්න කොච්චරක් නම් අමාරුද ඒ වගේම ක‍ටුකද කියලා.
අංක තුන: ඒ වගේ මේ ලෝකේ මට තියන වැදගත්ම දෙය මගේ පවුල තමයි කියලා මම දැන් දන්නවා.


අධ්‍යක්ෂකවරයා:-මෙච්චර කාලයක් මම මගේ කළමණාකරුවෙකුගෙන් හොයපු එකම දෙයත් ඕක තමයි.මට ඕනා උනේ අනික් අයගේ සහයෝගය අගය කරන්න පුලුවන්,අනික් මිනිස්සුන්ගේ වේදනා දුක් කරදර තේරෙන,තමුන්ගේ ජිවිතේ මූලික අරමුණ සල්ලි කර නොගත්තු මනුස්සයෙක්ව.
ඔබ මේ රස්සාවට සුදුසුතම කෙනා වෙලා ඉවරයි.

අවසානයේ මේ තරුණයා මහන්සියෙන් වැඩ කරලා එම ආයතනයේ අනික් ප්‍රධානීන්ගේ පැසසුමට පවා ලක් උනා.

ඔහු යටතේ වැඩ කල සෑම කෙනෙක්ම කණ්ඩායමක් විදිහට මහන්සියෙන්, උද්යෝගිමත්ව වැඩ කරලා එම ආයතනයේ ක්‍රියාකාරිත්වය සීඝ්‍ර ලෙස වර්ධනය කලා.

ඔහුට රස්සාව ලැබුණු දවස තමයි ඔහුගේ අම්මාත් දුක් විදපු අවසාන දවස උනේ... කතාව ඉවරයි මෙන්න බණ ටික.

දැඩි පරිස්සමක් ඇතිව, ඉල්ලන ඉල්ලන දේ ඕනෑ වෙලාවට අරන් දීලා ලොකු මහත් කරන පොඩි එකෙකුගේ හිතේ "පොරත්වය" කියලා මානසික මට්ටමක් ඇති වෙනවා.

ඒ වගේම හැම තිස්සේම ඔහු ඔහුව පලමු තැනින් තියා ගන්නවා.තම දෙමව්පියන්ගේ අධික මහන්සිය,කැප කිරීම් තඹේකට වත් මායිම් කරන්නේ නැහැ.

ඔහු කවදා හරි දවසක වැඩ කරන්න පටන් ගත්තාම ඔහු හිතන්නේ හැම කෙනාම ඔහුට ඇහුම්කන් දිය යුතුයි කියලයි.ඒ වගේම ඒ වගේ කෙනෙක් කළමණාකරන තණතුරකට පත් උනොත්; කවදාවත් තමුන්ගේ සේවකයන්ගේ දුක ඔහුට දැනෙන්නේ නැහැ.ඒවගේම හැම තිස්සේම ඔවුන්ට බනිනවා.

ඒ නිසා ඒ වගේ අය අධ්‍යාපනික පැත්තෙන් කොච්චර දක්ශ උනත් සාර්තකත්වය පවතින්නේ බොහොම ටික කාලයයි.ඔවුන් නිතරම රණ්ඩු සරුවල් ඇතිකර ගන්නවා.වෛරය පිරුනු අසාර්තක පිරිසක් බවට පත්වෙනවා.

මේ ලිපිය කියවපු ඔබත් මේ වගේ ආරක්ශක දෙමව්පියෙක් නම් නැති නම් වෙන්න හිතන් ඉන්නවා නම් ඇත්තටම ඔබ තමුන්ගේ දරුවාව ආරක්ශා කරනවාද,නැත්නම් විනාශ කරනවාද කියල පොඩ්ඩක් හිතලා බලන්න.

ඔබට පුලුවන් ඇති නැති කම් අනුව පොඩි එකාට ලොකු ගෙදරක ජිවත් වෙන්න,හොඳ කෑම වේලක් රස විඳින්න,පුලුල් තිරයක් සහිත රූපවාහිනියකින් TV බලන්න දෙන්න,පියානෝ වගේ පොෂ් සංගීත භාණ්ඩ වයන්න ඉගෙනගන්න සලස්වන්න.

ඒත් ඔබට පුලුවන්නම් වත්තේ තණකොළ සුද්ද කරනකොට ඒකට දරුවාව හුරුකරන්න,කෑමේන් පස්සේ ඔවුන්ගේ කන පිඟාන ඔවුන්ටම හෝදගන්න කියන්න,ඉඳුල් භාජන තම සහොදර සහොදරියන් එක්ක එකට එකතු වෙලා හෝදලා පිරිසිඳු කරන්න කියන්න ඒක තමයි විදිහ නේද.?

ඒ ඔබට වැඩකාරියෙක්ව ගන්න සල්ලි මදි කම නිසා නෙමෙයි.දරුවට ආදරය කරන්න ඕනෑ හරි විදිහ නිසා.ඔබ ඔවුනට තෙරුම් ගන්න සලස්වන එක තමයි වටින්නේ කොච්චර සල්ලි තිබ්බත් අපි හැමෝම දවසක කෙස් පැහිලා වයසට යන විත්තිය හරියට උඩ කතාවේ තරුණයාගේ මව වගේම.

වැදගත්ම දෙය තමයි ඔවුන්ට උගන්වන්න කෙනෙකුගේ උත්සාහයක් අගය කරන හැටි, ඒ වගේම අසීරුකම් වලට මුහුණදෙන හැටි,ඒ වගේම වැඩක් කරද්දි අනික් කෙනෙක් එක්ක එකට ඉන්න ඕනා කොහොමද කියලා..

පණ්ඩිත කතා කියන්න ගිහින් මට බැණුම් අහගන්න වේවිද දන්නෙත් නැහැ නාස් ලණුව බැදන් කරත්තේ දක්වන අපේ අයියලාගෙන්.

කමක් නැහැ තමුන්ට හිතෙන දේත් කියල යන්න පුලුවන්නම් පහලින් ගොඩාක් හොඳයි.නැති උනත් මම කා එක්ක වත් තරහක් නැහැ.
හැමෝටම ජය වේවා.....!!!

Saturday, June 18, 2011

මෙහෙම දෙයක් උනොත් ඔබ...???


මොනවා කරන්නද මචංලා.සතියේ මැද පෝයක් තිබ්බට කැම්පස් එක එදාට නිවාඩු උනත් ගෙදර එන්න හම්බුනේ නැහැ.අපේ කැම්පස් එකේ යාලුවෙකුගේ ගෙදරින් පොසොන් එකට මහා බත් දන්සලක් දුන්නා කුරුණෑගල.කෙලින්ම ඉතින් උන්ගේ ගෙදර ගියා දන්සලටත් එක්ක උදව් කරන්න කියලා..

ඔන්න අද තමයි ගෙදර ආවේ හුස්මක් කටක් ගන්න.ගොඩ කාලෙකින් මගේ කෙහෙම්මල් බ්ලොග් එක කියෝන කාටවත් වැඩකට ඇති මගුලක් මම කිව්වේම නැහැනේ නේද.කිව්වෙම එක එක හුට පටනේ. ඔන්න ඉතින් මට ආයෙත් හිතුනා ජිවිතයට ගන්න පුලුවන් ආදර්ශයක් තියෙන සත්‍යය සිදුවීමක් කියන්න...

මේක මට ආපු E-mail එකක තිබ්බ ටිකක් විතර පරණ සිද්දියක්... කියවපු කට්ටියත් ඇති.ඒකට සමාව ඉල්ලනවා.කඩ්ඩෙන් තමයි තිබ්බේ..මට පුලු පුලුවන් විදිහට සිංහලට හරවලා තමයි දැම්මේ...ඔන්න එහෙනම් කතාව...

බොහෝම ආදරයෙන් ජීවත් උන එක විවාහක යුවලකට විවාහයෙන් පස්සේ ගොඩාක් කාලයක් යනකන් දරු සම්පතක් ලබන්න තරම් වාසනාවක් තිබ්බේ නැහැලු... එක එක තැන් වලින් දහසක් දේ කරලා අන්තිම ප්‍රතිපලය විදිහට අවුරුදු 11 කට පස්සේ පිරිමි දරුවෙක් ඉපදුනාලු...

(ලංකාවෙ නම් අවුරුදු 11 ක් බලන් ඉඳීවි යෑ.දෙන්නා දෙපැත්තට වරද පටවලා අතක් පයක් ගලව ගන්න තරම් වලියකුත් දාගෙන දික්කසාදේ කියන කොල කෑල්ලට ක‍ටු ගාවි "හිඟා කක කොළපතක් අරන් - ලුණුයි බතුයි කමුකො රත්තරං" කියපු කටවල් වලින්ම මුලත් අමතක කොරලා)

ඔන්න මෙහෙම ඉපදුනු ඒ කොලු පැටවා අවුරුදු දෙකක් වෙනකන් කිසිම අතුරු ආන්තරාවක් නැතිව හොඳට සැපසේ හැදුනලු.. දවසක් මේ කොලු පැටවගේ තාත්තට තමන් බෙහෙත් විදිහට ගන්න අධි රුධිර පීඩන පෙති (ප්‍රෙෂර් පෙති) බොතලයෙන් පෙති අරගෙන උදේ කෑමෙන් පස්සේ බෝතලේ පියන වහන්න අමතක උනාලු.

ඒත් වැඩට යන්න ලැහැස්ති වෙලා යන්න හදන කොට මේසේ උඩ තියලා තිබ්බ මූඩිය විවෘත බෙහෙත් බෝතලේ දැක්කලු.ඒත් ඒ වෙනකොට වැඩට යන්න දැනටමත් පරක්කු වෙලා තිබ්බ නිසා සිය ආදරනීය බිරිඳට කිව්වලු බෙහෙත් බෝතලේ මූඩිය වහලා කබඩ් එකෙන් තියන්න කියලා පොර වැඩට ගියාලු.

ඒත් අතිශය ගෙදර වැඩ වලට කාර්ය බහුල වෙලා හිටපු කාන්තාවට තම ස්වාමි පුරුෂයා කියපු දේ මුලුමනින්ම අමතක වෙලා ගියාලු. ගේ ඇතුලට වෙලා සෙල්ලම් කර කර හිටි පොඩි එකා මේ බෙහෙත් බෝතලේ දැකලා ඒකත් සෙල්ලම් කරන්න ගත්තලු.

ඒක ඇතුලේ තිබ්බ පාට පෙති වලට වහ වැටිලා පොඩි එකා පෙති ටික ඔක්කොම ගිල්ලාලු... (පොඩි කාලේ මාත් ඔහොම හැක‍රැල්ලෙක්ව කටේ දාගෙන තියනවාලු.මටනම් මතක නැහැ මේ අපේ අම්ම තමයි කිය කියා අදටත් කින්ඩි දාන්නේ හැක‍රැල්ලො දැක්ක ගමන්.. කොහොමත් දු‍ටුදේ කටේ දා ගැනීම පොඩි උන්ගේ පුරුදදනේ)

කොහොම හරි බෙහෙත් පොඩි එකාට විෂ වෙලා පොඩි එකා සිහි නැතිව ඇදගෙන වැටෙනවා අම්මා දැකලා පොඩි එකාව ඉක්මනටම ඉස්පිරිතාලෙට එක්කගෙන ගියාලු..ඒත් අවාසනාවකට පොඩි එකා ඒ වෙනකොටත් ජිවිතයෙන් සමු අරගෙන ගිහින් ඉවරලු...

තමන්ගේ දරුවගේ මරණයත් හිතින් දරාගෙන තමන්ගේ ස්වාමියාට මුහුණ දෙන්න ගොඩාක් බයෙන් ගැහි ගැහි ඒ ගැණු කෙනා කල්පනා කර කර හිටියලු..මේ සිද්දිය ආරංචි උන ගමන්ම පොඩි එකාගේ තාත්තාත් ඉස්පිරිතාලෙට ආවලු...

ආපු ගමන්ම තමන්ගේ පොඩි එකාගේ නිසල දේහය තමන්ගේ දෑස් ඉස්සරහයින් තියනවා දැක්කලු... තම දරුවගේ වියෝවත් දරාගෙන ඒ මනුස්සයා තමන්ගේ බිරිඳ දිහාට හැරිලා වචන කීපයක් කටින් මිමිනුවාලු...

උඹලට හිතා ගන්න පුලුවන්ද ඒ වචන ටික මොකක්ද කියලා... අපි පොඩි සෙල්ලමක් කරමු... මේකට උත්තරේ උඹලට කියන්න වෙනමම පොස්ට් එකක් දාන්න බැහැනේ..අනික භාගෙට දැම්මා කියලා මට කුනු හරුප අහගන්නත් බැහැනේ...

මෙතනින් පහලට යන්න කලින් මේ කතාවෙන් කියන්න හදනෙ මොකක්ද කියලයි, ඒ මනුස්සයා තමුන්ගෙ බිරිඳ දිහාට හැරිලා මිමිනුවේ මොකක්ද කියලයි හිතපියව්... හිතුවනම් මෙතනින් යටට පොස්ට් එකේ පේජ් එක මවුස් එකෙන් කොනක ඉදන් ක්ලික් කරගෙන පහලට ඇදගෙන ගිහින් Highlight කරලා බලහල්ලා. Font Colour එක Dark Blue වලින් ඉතිරි හරිය දාලා තියෙන්නේ..

පිරිමි කෙනා සිය බිරිඳට කිව්වේ 
"මම ඔයත් එක්කයි මගේ කෙල්ලේ" කියලයි... මේක කියවපු කිසිම කෙනෙකුට හිතුනද පිරිමි කෙනා ඒ විදිහට තමුන්ගේ බිරිඳට කතා කරාවි කියලා............


පොඩි එකා මැරිලා ඉවරයි..ආයේ කවදාවත්ම ගේන්නවත් පණ දෙන්නවත් බැහැ.පොඩි එකා මැරුණ එකට තමුන්ගේ බිරිඳව කාලා වැඩක් නැහැනේ.. වෙන්න තියන දේ උනා..ඒකට වරද ගැණූ කෙනා පිට පටවන්න බැහැ.. 


එයාට පුලුවන් උනානම් මතක් කරලා බෙහෙත් බෝතලේ මූඩිය වහලා රස්සාවට යන්න එහෙම දෙයක් නොවෙන්න ඉඩ තිබ්බා.මැරුනේ පිරිමි කෙනාගේ වගේම ගැහැණු කෙනාගෙත් දරුවා... 


පිරිමි හිත් වලට වඩා ගොඩාක් දුර්වල වෙන ගැහැණු හිතක් තමන්ගේ දරුවගෙත් වියෝ වේදනාවත් දරාගෙන තවත් මනුස්සයගෙනුත් කුණු වෙන්න බැණුම් ඇහුවා නම් මොකක් වෙන්න තිබ්බද..?තමන්ගේ බිරිඳට තමුන්ව ඕනම වෙලාවට ඒ මනුස්සයා ඒක ලබා දුන්නා... 


හැම කෙනෙකුටම ජීවිතය දිහා මේ විදිහට බලන්න පුලුවන් උනා නම් මේ ලොකේ තියෙන ප්‍රශ්න ගොඩාරියක් අඩු වෙන්න තිබ්බා නේද...??? 

"සැතපුම් දහස් ගානක් දුර ගමනක් ආරම්භ වෙනේ අද දවසෙ ඔබ තබන එක පියවරකින්" අද දවසෙ ඉඳලවත් තමුන්ගෙ තියන ඊර්ශ්‍යාකම්,වෛර කිරීම්,පලි ගැනීමේ චේතනා,බිය වගේ දෙවල් සියල්ල ගලා යන වතුරකට විසික් කරලා ජීවිතය දිහා බලන්න.

එදාට ඔබට වැටහේවි මේ ලෝකයේ තමුන්ට සිදුවන දේවල් ඇත්තටම තමුන් සිතනා තරම් අපහසු නැති විත්තිය..ජීවිතයේ අපි ගොඩාක් වෙලාවට කාලය නිකරුනේ කාලය නාස්ති කරනවා කව්ද මේකට වග කියන්න ඕනෑ, කාටද මේකට බනින්න ඕනෑ කියලා රට බයිලා හොය හොයා...

ඒත් අපි නොදැනුවත්වම ඒ කරන ලද දෙයින් අපි දන්නේත් නැතුවම මනුස්සකම කියන උතුම් බැඳීම සදහටම අපෙන් ටික ටික ඈත් වෙලා යාවි නේද...??

මෙහෙම දෙයක් මට උනා නම් සමහරවිට මමත් වලිගේ හපාගෙන මගේ කෙනාට බණින්න පුලුවන් මතුදාක.. ඔයාලට මෙහෙම දෙයක් උනොත් කොහොම හැසිරේවිද....???ටිකක් හිතලා බලන්න...

ඔයිට කලින් එකම පාරක් මේ වගේ පොස්ට් එකක් දැම්මා... කැමතිනම් මෙතනින් ගිහින් ඒකත් කියවන්න..... හැමෝටම ජය වේවා....!!!

Saturday, June 11, 2011

අසේලයාගේ ඒක පාර්ශික ලව් එක


අනේ මංදා මම කලින් දාපු පොස්ට් එක ගොඩ දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන හැඩයි.. කොලඹ වෛද්‍ය විද්‍යාලයේ කියන වෙන බ්ලොග් ලිපිනයකින් ආපු කවුරු හරි සහෝදරයෙක් මට බැනලා කමෙන්ට් දෙකක් දාලා තිබ්බා.... එකක් මෙන්න මෙහෙමයි තිබ්බේ...

"යකෝ මේක ලියන එකෙක් හරියට නම දාපන් . ෆැකල්ටියෙ එවුන් මගෙන් අහනවා මේක ලියන්නෙ මමද කියලා . මේ අනුන්ගෙ ඉලව් ලව් වලින් අහිංසක අපිට නෙ කෙලවෙන්නෙ ශික්"

තවත් මොකක්ද මන්දා එකකුත් එවලා තිබ්බා...ඇනෝනිමස් කෙනෙක් විදිහට නපුන්සක පාට් එකකින් බනින්නෙ නැතුව මෙහෙම බැන්න එකට මම සතු‍ටු වෙනවා මචං...ඒත් උඹට උඹේ වලිගේ කොනක් පෑගිලාද කොහෙද...පොඩ්ඩක් කකුල උස්සලා ඒක අයින් කර ගනින්.නැත්නම් පැටලිලා උඹව වැටේවි...

ආහ් තව මොකෙක්ද එකෙකුගෙ නමකුත් දාලා තිබ්බා මචං මේ උඹද කියලා..... මචෝ උඹට කියන්න වැඩි දෙයක් මං ලඟ නැහැ.. ඒත් ටිකක් කියන්නම්.. මම මෙඩිසින් යන්න තරම් දක්ශ එකෙක් නෙමෙයි මචෝ... එච්චර හැකියාවක් තිබ්බත් මම ඔය මෙඩිසින් කියන එක කරන්න යන්නෙ නැහැ...

ඒ මගේ තාත්තා අසනීපයකට කොලඹ මහ රෝහලේ නවත්තල හිටපු වෙලාවක ඩොක්ටර්ලයි කියා ගන්න සමහරක් ලෙඩ්ඩුන්ට සලකපු විදිහ මම මගේ මේ ඇස් දෙකෙන් දැක්ක නිසයි...මචෝ මමත් කැම්පස් එකේ කොල්ලෙක් තමයි ඒත් අපේ කැම්පස් එක තියෙන්නේ තුම්මුල්ලේ....

උඹලගේ වගේ වෙනම නෙමෙයි... අනික ශානකයා මගේ හොඳ යාලුවෙක්.. මම ඌට මොකුත් කියලා නැහැ.... ඌව ටිකක් උඩින් උස්සල තියපු එක විතරයි මචෝ...

අනික මේ එක එක නම් ගහල මේ උඹද කියල අහන එව්ව වලට උත්තර දෙන්න මගේ බ්ලොග් එක ලෑස්ති නැහැ... මම කවුරුත් නාදුනන තනි පුද්ගලයෙක් මචෝ බොහෝම සරලව ජිවත් වෙන්න උත්සහ කරන පුලුවන් හැම වෙලාවකම කාටම හරි මට පුලුවන් උපරිමයෙන් වචනයකින් හරි උදව් කරන්න බලාගෙන ඉන්න...

මට මගේ ලඟ හැමදාටමත් මගේම කියලා යාලුවො ගොඩාක් ඉන්නේ ඒ නිසයි.එව්වා ඔක්කොම මට ලැබුනේ මම මේ ස්වභාවධර්මයට අනුව සරලව ජිවත් වෙන්න උත්සහ කරන නිසයි...

අනික බං මම ඉගෙන ගන්නේ කොලඹ මෙඩිකල් ෆැකල්ටි එකේ නම් මම මොකටද ඒක හංගන්නේ.. යකෝ ඒක අඬ බෙරයක් ගහල කියන්න වටින දෙයක්නෙ...

මගේ බ්ලොග් එකට ගොඩවැදුනට ගොඩාක් ස්තුති කියල තමයි උඹට අන්තිමට මට කියන්න තියෙන්නේ... උඹත් මෙඩ්ඩෙක්නේ පුලුවන්නම් මෙ රටේ දුප්පත් මිනිස්සුන්ට හදවතින් සලකන හොඳ වෛද්‍යවරයෙක් වෙයන් තවත් කලු කඩ කාරයෙක් නොවි ඩොක්ටර් කියලා කියා ගන්න..

මොකද උඹගෙ පෙර පිනකට ලැබුනු ඒ දායාදය ස්වභාවදර්මයා උඹෙන් උදුර ගනිවි ඊළඟ ආත්මෙදි උඹත් එහෙම ජරා විදිහට මිනිස්සුන්ට සැලකුවොත්....... අර කියමනක් තියනවනේ "හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී" කියලා...ඒකයි මචෝ.....

මම ගැන කියනවනම් මම අපරාජිතයා.... ඉගෙන ගන්නේ කොළඹ කැම්පස් එකේ සයන්ස් ෆැක්ල්ටි එකේ. කැම්පස් එක තියෙන්නේ තුම්මුල්ලේ... පුලුවන්නම් මම කව්ද කියලා හොයා ගනින් මචෝ.... හැබැයි මිරිගුවක් පස්සේ දුවනවට වඩා තමන්ගේ පාඩම් වැඩක් කර ගත්තොතින් කවදා හරි දවසක උඹෙ අතින් මැරෙන අහින්සක මනුස්සයෙක්ට මැරෙන්න නොදී බේරගන්න උඹට පුලුවන් වේවි....

මෙන්න අද කතාව.. අද කියන්න යන්නේත් මගේ ලඟම අදුරන අයියා නෙකුට වෙච්ච දෙයක් මම මූට අසේල කියන්නම්.මූ ඉගෙන ගන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ  මැනේජ්මන්ට් වල..

අවුරුද්ද ප්‍රකාශ නොකර ඉන්නම් මොකද ආයෙමත් මේක ජ'පුරේ එකෙක් කියවලා කලින් එකා වගේ මට අනම් මනම් කියලා බනින්න ගත්තොතින් මම ජප්පෙක්ද (ජපුරෙ එකෙක්ද කියලා) කියලා මගේ පටි රෝල්නෙ බොලව්... හික් හික්...

මේ කියන්න යන්නෙත් කෝච්චි ඒකපාර්ශික ලව් එකක් ගැන මූ යන්නේ එන්නේ කොච්චියෙන්.ඔහොම ටික කලක් යන කොට මෙන්න බොලේ මූට හැමදාම නිතර දකින හුරු බුහුට් කෙල්ලෙක් නෙත ගැ‍ටුනා කියහන්කෝ..

ඉතින් කෙල්ලව දැක්ක සැනින් මූ කෙල්ලට හිතින් ලව් කරන්න ගත්තා... මූ හැමදාම ජපුර කැම්පස් එන්න ගෙදර ඉඳලා කොච්චියට නගින කොට මූට කෙල්ලව සෙට් වෙනවලු.කෙල්ල නගිනවලු හැමදාම **** ස්ටේශන් එකෙන් කොච්චියේ අන්තිම පෙට්ටියට...

ඉතින් මූ හෙමි හෙමිහිට පැණි පාරත් දාගෙනම කෙල්ලට කෙළ හල හලා හිනා වෙනවලු, ලඟට ගිහින් ලං වෙලා ඉන්නවලු එක සීන් එකයිලු...

මූ දවසක් කොහොම හරි කෙල්ල එක්ක කතාවට වැටිලා දැනගෙන කෙල්ල කොලඹ සයන්ස් ෆැකල්ටි එකේය කියලා.. කෙල්ල සයන්ස් කියලා දැන්ගත්තු ගමන් මූට ඉහේ මලක් පිපුනා වගේ දෙයක් උනාලු..ඇයි යකෝ මමත් සයන්ස් එකේ එකෙක් කියලා මූ දන්න නිසා මට කියලා සබ් එක ගන්න පුලුවන්නේ කියලා..ඒත් මූට බැජ් එක අහගන්න අමතක උනාලු...

මේ අවුරුද්දෙ මුල මෙන්න යකෝ මට එක පාරටම එනවා කෝල් එකක් මුගෙන්.. මූ කෝල් කරලා මෙහෙම කියනවා..

මම:- හෙලෝ...
ඌ:-අඩේ මලේ පොඩි උදව්වක් ඕනා බං...
මම:- මොකෑ බං තොපිට අපිව මතක් උනේ..?
ඌ:- අඩේ මේ මට කොච්චියෙ කෙල්ලෙක් සෙට් උනා බං..ඒකිගෙන් විස්තර ටිකක් දැනගත්තා කෙල්ල උඹලගේ ෆැකල්ටි එකේ මචං.. මට පොඩ්ඩක් ඒකි ගැන විස්තර ටිකක් හොයලා දීහන්කො....

මම:- හරි බලමු.මොකක්ද නම..??
ඌ:-යකෝ නම දන්නවනම් මම තොට කිය කියා ඉන්නවද බොල..
මම:-හරි හරි..එහෙනම් කියහන් බැජ් එක මොකක්ද.?අපේ එකේද..?
ඌ:-බලපන් මචං.මට ඒක එකිගෙන් අහන්න අමතක උනානේ බං..සුදු,උස, කෙට්‍ටු කෙල්ලෙක් බං.. කට වට කර වැටක් වගේ කම්බි වැටක් දත් සෙට් එකට දාගෙනත් ඉන්නවා...කොන්ඩෙට පොඩි බූලක් දාලා කඩා හැලෙනවා මචං හරියට නිකන් අස්සයෙකුගේ නැට්ට වගේ..

මම:ඈ.. කොහොමද බං එහෙම හොයන්නේ හෙන තොගයක් ඉන්නවනෙ බං..
ඌ:-මොකක් හරි කරලා හොයලා දියන්කෝ බං...
මම:-බලමු...

ඔන්න ඉතින් මම පහුවෙනිදාම ඉඳන් අපේ මුලු කැම්පස් එකම පීර පීරකට වට කර ගහපු කම්බි වැට වලුයි, අස්ප නැටියි දාපු කෙල්ලන්ව හොයනවා...මොන කොහොමද බොලව් එහෙම හොයන්නේ...?

කොහොම හරි මූ ෆේස් බුකියේ පිරල පිරලා කෙල්ලව හොයාගෙන දවසක් මම ගෙදර හිටි වෙලේක මට මුගේ සිහින කුමාරිගේ ලින්කුවක් එව්වා... මම ඒක දැක්කම තමයි මීටර් උනේ යකෝ මේ අපේ උඩ බැජ් එකේ අක්ක කෙනෙක්නෙ කියලා...

කොහොම හරි මෙයාට කොල්ලෙක් ඉන්නවද කියලා මම දැනගෙන හිටියෙ නම් නැහැ.ඒක නිසා මම මූට හොයල බලලා කියන්නම් කියලා කිව්වා...කොහොම හරි ඔය අතරේ මූ ඒ අක්කට ෆේස් බුකියේ රික්වෙස්ට් එකක් දාලා..

මම ඊ ළඟ සදුදා ගිය ගමන් කලේ ශේප් එකේ එයාට කොල්ලෙක් ඉන්නවද කියලා හොයලා බලපු එක.බලද්දි ඉන්නවා.. හැබැයි කොල්ලා අපේ එකේ එකෙක් නෙමෙයි පිට ජොබ් එකක් කරන කොල්ලෙක්...

කොහොම හරි මම මූට ඕක කිව්වහම මූ හෙන පඬි ටෝක් එකක් දුන්නා."එව්වා මොනාද බං මල්ලි අපිට.සිම්පල් වැඩනේ... බලහන්කෝ මම දාපු ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකත් දැන් ඇක්සෙප්ට් වෙලා... මම දෙන්නම්කෝ වැඩේ" කියලා...

මම මූට කිව්වා පව් වැඩ කරලා පව් පුරව ගන්නේ නැතුව පාඩුවේ වෙන එකකට බැහැපන් කියලා..ඒත් මූ ඇහුවෙම නැහැ..කොහොම හරි ෆේස් බුකියෙන් මූ කෙල්ලට හෙනට පැණි පාර දාලා ජ'පුර මැනේජ්මන්ට් ෆැකල්ටිය මුලට දාලා....

කොහොම හරි මුගේ පෙරෙත්තය නිසාම කෙල්ල අකමැත්තෙන් මූව හම්බු වෙන්න එන්නම් කිව්වලු... තැන වෙලා තියෙන්නේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයට.... ඕක අනුමත උන ගමන්ම මූ පැනලා මට කෝල් එකකුත් දාලා හෙන පම්පොරියකුත් ගහලා කෙල්ලව හම්බු වෙන්න යන්න දත කට මැදන්ගෙන බලාගෙන ඉඳලා...

ඔන්න අදාළ දවසේ මූ හෙන ෆැන්සි පොරක් වගේ ගියාලු... කොහොම හරි එදායින් පස්සේ මුගේ කිසි සද්දයක් නැතුව ගියා.. වෙනදා කෙල්ල ගැන අහලා මට වාත උන එකා එක පාර හැල හොල්මනක් නැහැ... රින් කලාට පෝන් එක ගන්නෙ නැහැ...මැසේජ් එකකට රිප්ලයි එකක් නැහැ....

අන්තිමට සිද්දිය වෙලා දවස් 4 කට පස්සේ මෙන්න මූ මට කෝල් එකක් දුන්නා....

මම:-හෙලෝ... පරුෂ අසමත්ජාතියා... තොපිට හරි යනකන් විතරයි නේද අපිව මතක තියෙන්නේ...? දැන් ලව්
කරපිය කෙල්ල එක්ක..අපිව මතක නැහැ.

ඌ:-අඩේ මල්ලි නැහැ බං.
මම:-පල යන්න.තොපි ඔහොම්මමයි...
ඌ:-පොඩ්ඩක් හිටපන්කො බං කියනකන්.
මම:-අනේ මේ තව මොනා කියන්නද බොල...?
ඌ:-අඩේ අහපන්කො ****යෝ.උඹ මේ ගැන කාටවත් කියන්න එපා මචං..අඩේ එදා ආපු කෙල්ලෙක් නැහැ බං.එදා මා එක්ක ෆේස් බුක් එකේ චැට් කරලා තියෙන්නෙ කෙල්ලගේ කොල්ල එක්කලු බං.

මම:-හුටා.
ඌ:-ඔව් බං..අඩේ මම එදා රුපියල් 250ක පොඩි චොකලට් එකකුත් අරගෙන පාක් එකට වෙලා බලන් ඉන්න කොට මෙන්න බං හෙන පත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් මං ලඟට.මම අසේලද කියලා ඇහුවා.මම ඔව් කිව්වා විතරයි බං එකෙක් මගේ බෙලෙන් අල්ලලා උස්සලා කිව්වා බං මගේ කෙල්ල දිහා ආයේ බලලා හරි අහු උනොත් මරනවා කියලා...අඩේ බලපන් බං...

මම:-තොට හොඳ වැඩේ.මම කිව්වනේ කලින්ම කොල්ලෙක් ඉන්නවයි කියලා...
ඌ:-උඹ කාටවත් කියන්න එපා මචං..මාර නෝන්ඩියක් බං උනේ...

බලද්දි එදා ෆේස් බුකියේ මූ එක්ක චැට් කරලා තියෙන්නේ ලොග් වෙලා ඒ අක්කගේ කොල්ලා.... මූට අන්තිමට පච චාටර් සීන් එකක් වෙලා හො‍ටු පෙර පෙර හිටියා... හික් හික්.

ඔන්න වෙච්ච සිද්දිය... දැන් මේක කියවලා ජ'පුර මැනේජ්මන්ට් ෆැකල්ටියේ අයියල සෙට් එකක් රෙද්ද උස්සන් එන්න එපා උඹ මූද..?? අරූද..?? හුටා මේ උඹනේ කිය කියා...

මම කවදාවත් මම ඉගෙන ගන්න ෆැකල්ටි එක කියන්න නෙමෙයි හිටියේ..ඒත් අර කලින් පෝස්ට් එකට මෙඩිකල් ෆැකල්ටි එකේ ගොයියෙක් ඇවිත් නටපු නාඩගම නිසා ඒක කියන්න උනා..නැත්නම් වෙන අහින්සකයෙක් ඉවර නිසා....

කතාව ගැන මොකද හිතෙන්නේ...කෙල්ලෙකුට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැන ඒකිටම ලයින් දාන එක ගැන උඹලා දකින විදිහත් දැන්ගන්න කැමතියි....
හැමෝටම ජය වේවා.....!!!

Sunday, June 05, 2011

ශානකයාගේ වීර වික්‍රමය


මෙච්චර කල් මගේ බ්ලොග් එකේ කලක ඉඳන් ඇඬියාවක්නේ බොලව් තිබ්බේ... ඒකටත් හරියන්න මම අද මගේ ලඟ යාලුවෙක්ට උන  පොඩි සිද්දියක් කියන්නම්....

මම මූට "ශානක" කියල කියන්නම්.මූ තමයි අද පොස්ට් එකේ කතා නායකයා... මූ ගැන කියනවා නම් මූ ඉගෙන ගන්නේ කොලඹ වෛද්‍යය පිඨයේ... (ඔව් බොලව් අපිත් ටිකක් වැදගත් කියන මිනිස්සුන්වත් ආශ්‍රය කරනවා තමයි)

මූව සෙට් උන විදිහ එහෙම උඹලට වැඩක් නැහැ... මු ගැන කියනවනම් හෙනම මීටර් එකක්.... පලවෙනි පාර 2007 A/L ඇනගෙන දෙවනි පාරට 2008 A/L කරලා කාටද බොල ලංකාවේ 21 වෙනියා වෙන්න පුලුවන්.....

ඒත් මම මේ කියපු ශානකයට කරන්න පුලුවන් උනා.... අපි වගේ පොඩි කැම්පස් වල ඉගෙන ගන්න එකෙක් නෙමෙයි ඌ.ඒක නිසා වචනයෙන් කියනවනම් ඌ වෙන්න ඩොකෙක්.... මටත් ඉතින් දන්න අදුනන යාලුකම නිසා ඌව නිතරම වගේ සෙට් වෙනවා.... අනික අසනීපයක් හැදුනු දවසක නොමිලේ හරි බෙත් ටිකක් ගන්න පුලුවන්නේ...

කොහොම හරි මම සචිනි (මට පහුගිය දවස්වල බූට් තිබ්බ කෙල්ල) එක්ක යාලු වෙන්න පස්සෙන් ගිය කාලේ ඉදන්ම මූත් ඔය සිද්ධිය දැනගෙනයි උන්නේ.... ඒ කාලේ මූ මට නිතරම දුන්නු උපදෙසක් තිබ්බා....

මූ කිව්වේ "ඔය කෙල්ලෝ පස්සේ යන එකනම් බං තෙරුමක් නැති දෙයක් බං... තනියම ඉන්න ජිවිතේ තරම් සැපක් වෙන කොහෙවත් නැහැ"යි කියලයි...

ඌ එව්වා වලට ඉදිරි පත්කල තර්ක මෙන්න මෙහෙමයි... "බලපන් මචං උඹෙ අම්මයි තාත්තයි.. උඹට කන්න බොන්න දෙන්න දුක් මහන්සි වෙනවා.... ඒ මිනිස්සුන්ට කිසිම නිදහසක් නැහැ.. හරියට කෑමක් බීමක් නැහැ... ජිවිතේ කිසිම විනොදයක් නැහැ.... ඒ වගේද බං තනියම ඉන්න කොට කං කෙඳිරි ගාන්න ගෑණියෙක් නැහැ.... ළමයි නැහැ.... කරදර කිසිම දෙයක් නැහැ ෆුල් ෆන් එකෙන් හැම දාම ඉන්න පුලුවන්නේ බං.... ඔය ගැණු ඔනනම් ඉස්පිරිතාලවල නර්ස් නෝනලා ඉන්නේ බං... බලපන් මට හිතෙනවා මට අද මේ හෝටලෙන් දවල්ට කන්න ඕනා කියලා.... මම ඉතින් ගිහින් කනවා.... ගැණියෙක් ගත්තම ඒ නිදහස නැහැනේ බං... ඔය මගුල නවත්තලා මං වගේ ආතල් එකේ ඉදහන්කො මචං....." 

ඒ ගිය අවුරුද්දෙ මාර්තු වල විතර..... එහෙම කියපු එකා මෙන්න මේ අවුරුද්දෙ අප්‍රියල් විතර මට දවසක් සෙට් උන වෙලේක කියනවා මෙහෙම කතාවක්;

ශානකයා:-අඩේ පොඩි සීන් එකක් තියනවා බං උඹට කියන්න...
මම:- කියහන්... මොකක්ද..?
ශානක:- මචං මම හැමදාම බස් එකට නගින හොල්ට් එකට පට්ට කෑල්ලක් එනවා බං....
(මූ ඉන්නේ නුගේගොඩ පැත්තේ)
මම:-ඉතින් බං උඹ ලඟදිද බං දැක්කේ...??
ශානකයා:-ඔව් බං මම දවස් දෙක තුනක් ලෙක්චර්ස් කට් කරලා එන වෙලේක දැක්කේ බං... **** බැංකුවේ වැඩ කරන කෙල්ලෙක්..හරි අහින්සක පාටයි බං... මට නිකන්ම හිත ඇදිලා ගියා.....
මම:- එල එල එහෙනම් බැහැපන් ගේමට....
ශානකයා:- පොඩි ප්‍රශ්නයක් බං...
මම:- මොකක්ද....?
ශානකයා:-ඒකි මාව දන්නෙවත් නැහැ.... අනික බං මට වඩා වැඩිමල්ද දන්නෙත් නැහැ...
මම:-වස්සෝ වයස ප්‍රශ්නයක්ක් නැහැ.අවුරුද්දක් දෙකක් වැඩි උනත් උඹට අවුලක් නැතිනම් ශේප්නේ...

බලපියව් එදා එහෙම පොර ටෝක් දුන්න බුවාට අද වෙලා තියන විනාසේ...මූට නම් අනංගයා හීසරකින් නෙමෙයි පොරවකින් වගෙ එකකින් කොටලද මංදා.... චීත්තයක් සෙට් උනා විතරයි මූ දෙකට තුනට නැමිගෙන ලෙක්චර්ස් කට් කරගෙන පස්සෙන් යන්න ගත්තා....

මූ ඒ කාලේ හැමදාම මට අප්ඩේට්ස් දි දී එක එක උපදෙස් එහෙමත් ගත්තා... මොකෑ මගෙ ලව් ඉලව් හුට පට දෙකම ගැන ඌත් හොදටම දැනගෙන හිටියා....කොහොම හරි ඌ කියනවා කෙල්ල ඌත් එක්ක හිනා වෙනවලු.... බස් එකට මූ එක්ක නැගලා කෙල්ල ඉඳගත්තම මුගෙ බෑග් එක එහෙමත් ඉල්ල ගන්නවලු.

ඔහොම මුගේ ට්‍රයි ලව් සීන් එක ගලාගෙන ගියා..... දවසක් සෙට් උන වෙලේක මූ කියනවා;
ශානකයා:- අඩෝ ***** මම කෙල්ලගෙන් ඇහුවා බං....මාව අඳුරන්නේ නැහැයි කිව්වා බං මන් එකිට පොඩ්ඩක් කතා කරන්න ඕනයි කිව්වා කියලා..

මම:- යකෝ එහෙම එක පාරටම අහනවද බොල...?
ශානකයා:- කරන්න දෙයක් නැහැ බං..ක්ලිනිකල් පටන් ගන්නවා එන මාසේ මුල.... එතකොට මේ කට්ට කන්න බැහැනේ බං...
(ඇත්ත.. මගේ තව යාලුවෙක් කියලා තියනවා උදේ 7.30 විතර වෙද්දි හොස්පිටල් එකේ වෝර්ඩ් එකේ ඉන්න ඕනලු)
මම:- හ්ම්.... කෙල්ලො එහෙම තමයි බං....උඹ අත අරින්න එපා... මගේ එකත් මට මුලින් ඔය බයිලාවමනෙ බං ගැහුවේ... බලපන් දැන්
(දැන්නම් එවා ලෙසටම සිදුවී බූට් වැදී සියල්ල හමාරය)
ශානකයා:- ඔව් ඔව් අනිවා....

මෙහෙම කියපු බුවා දිගටම කෙල්ල නිසා ඔය කට්ට කාලා... කොහොම හරි උන්ව වෝඩ් දාන්න කලින් සති 3 නක "ඔරියන්ටේශන්" කියලා වෝඩ් වලට එක්ක ගිහින් පොඩි හැදින්වීමක් දුන්නලු.... ඒ කාලේ හැමොටම ක්ලිනිකල් කෝට් එක ඇඳගෙනලු වාට්‍ටුවට යන්න ඕනේ වෙද නලාවත් එක්ක...

මූ කෙල්ල බැහැ කිව්වට පස්සේ හදලා තියෙන්නේ කෙල්ලට මූ මේඩ්ඩෙක් කියලා ඒත්තු ගන්වන්න...මූ ඉතින් පස්සෙ දවසක මුගේ ක්ලිනිකල් කෝට් එකත් දෙකට තුනට නවාගෙන මෙඩිසින් වල තියනවාලු පොතක් "Macleod's Clinical Examination" කියලා.

මූ ඔය පොතත් පේන්න අතේ තියාගෙන එදත් අර ඔරියන්ටෙශන්ද මොකක්ද මගුලත් කට් පාරක් දාලා කෙල්ලට ෆලෝ අප් පාර දැම්මලු... එදත් කෙල්ල මුගෙන් අතේ තිබ්බ කෝට් එකයි පොතයි ඉල්ල ගත්තලු....

ඒත් කෙල්ලට හරියටම මූ මෙඩ්ඩෙක්ද කියලා මීටර් උනාද කියලා මූට ශුවර් නැති නිසා මූ ඊ ළඟ දවසෙ මරුම වැඩක් කරලා පජාත වෙලා ඇවිත් මා එක්ක මෙහෙම කිව්වා... පහලින් දාන්නේ ඌම කියපු විදිහට...

"මචං එන සතියෙ ඉදන් ක්ලිනිකල් පටන් ගන්නවනේ.මේ මගුල හැමදාම කරන්නත් බැහැනේ.. මම අද ගහන්න පුලුවන් අන්තිම තුරුම්පුවත් ගහන්නම් කියලා හිතාගෙන ගත්තා ස්තෙත් එක (වෙද නලාවට මෙඩ්ඩො කියන්නේ එහෙමලු..ඌ තමයි කිව්වේ) පොතට උඩින් ඒක පේන්න අල්ලගෙන මම බස් හෝල්ට් එකට ඇවිදගෙන එනවා... 


අඩෝ කෙල්ල ඉන්නව දැක්කා ඈතින්.. අඩේ මට පේන මානයේදි කෙල්ල නැග්ගනේ බං බස් එකට.. මාත් දුවගෙන ගියා..ඒත් බං නගින්න ඔන්න මෙන්න තියලා බස් එක ඇද්දුවනේ බං... 


මචං මොනවා කරන්නද... මම සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ බං ගත්තා ත්‍රී විල් එකක් ෆලෝ කරා බස් එක පස්සෙන්... අඩෝ බස් එක කලර් ලයිට් එක ගාව නවත්තලා තිබ්බා.. ත්‍රී වීල් එක බස් එක පස්සෙන් ගහපු ගමන් මම සල්ලිත් දීලා බස් එකට නගින්න ගියා විතරයි බං බස් එක ආයෙමත් ඇද්දුවනේ බං... බලහන් කෙල්ලව මිස් උනානේ බං ශික්....." 

ඕක මූ කියපු විදිහට මට බඩ අල්ලගෙන හිනා....හරියට නිකන් රස කතාවක් වගේ....අන්තිමට මූ ආයේමත් දවස් දෙක තුනක් අර කියපු ඔරියන්ටෙශන්ද මොකක්ද එකත් කට් කරගෙන කෙල්ලට පොඩි ෆලෝ පාරක් දිලා.එදයින් පස්සේ අර ස්තෙත් එක අරගෙන ගිහින් නැහැ....

කොහොම හරි දැන් මූ කියන විදිහට කෙල්ල තවමත් මුගෙන් පොත් ටික ඉල්ලගන්නවලු .ඒත් මූ හෙන රෙස්පට් දාලා ඉන්නවලු... මම කිව්වා ඔය කෙල්ලන්ගේ හැටි බං කියලා.... මූ කියනවා ඇයි යකෝ මේකි මට හෙන ගණන් ඉස්සුවා වගේ මං දැං ගණන් උස්සනවා බං... කියලා.

කොහොම හරි මූ කියන විදිහට කෙල්ලගේ දැන් මූට දක්වන ප්‍රතිචාර අණුව මට පැහැදිලි උනේ කෙල්ල මූට කැමතියි..හැබැයි ආසයි බයයි සීන් එකක් තමයි තියෙන්නේ කියලා... දැන් මුගේ ට්‍රයි එක කෙල්ල වැඩ කරන ***** බැංකුවේ ඉන්නවලු මුගෙ යාලුවෙකුගේ අක්කා කෙනෙක්... මූ හදන්නේ ඒ අක්කා මාර්ගයෙන් කෙල්ලව ටකල් කරගන්න....

මම මේ කතාව කිව්වේ කියවලා හිතන්න... මම ඉස්සර සචිනි පස්සෙන් යන කොට මට එක එක කතා කිව්ව එකා දැන් කෙල්ලෙක් නිසා කන ක‍ටු.....

එව්වා දැන් මූට මතක් කරන කොට මූ කියනවා "අනේ මංදා මචං නිකන්ම හිත ගියා බං" කියලා.... මූ බ්ලොග් එකක් කියවන එකෙක් නෙමෙයි.ඒකයි මේ සිද්ධිය උණු උණුවෙම සයිබර් අවකාශයට දැම්මේ.... මුගේ ලව් එක අති සාර්ථක වෙලා මට වගේ බූට් එකක් නොලැබේවා කියලා හදවතින්ම පතනවා....

හැබැයි මූ හිතන දෙයක පොඩි අඩුවක් තියනවා... මූ කියන විදිහට කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහපු ගමන් ඒකී පැනපු ගමන් හා කියන්න ඕනා...

ඒත් මම හිතන විදිහටනම් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහපු ගමන් සත පහකටවත් කොල්ලව ගනන් ගන්න නරකයි... ඌව පුලුවන් තරම් බාල්දු කරලා කරලා.... අඬ අඬ පස්සෙන් එන්නත් සලස්වලා තමයි කැමැත්ත දෙන්න ඕනා... එතකොට තමයි ඒ ආදරේ තියෙන වටිනාකම සෙනෙහස වැඩි වෙන්නේ....

උඹලා හිතන්නේ කොහොමද....?? ජය වේවා......!!!

Friday, June 03, 2011

ආයේමත් පටන් ගමු ඉතිං......


දෙවනි පාරටත් බූට් එකක් කාලා දැන්නම් තත්වෙ ගොඩක් දුරට හොඳයි... අන්තිම පොස්ට් එක දැම්මේ බූට් එක කාපු දවසෙ.. එදා රෑ සෑහෙන්න ඇඬුවා. මොනවා කරන්නයෑ.අපේ අම්ම කියනවා අවුරුදු 22 ක් වෙන්නත් ලං වෙලා තවමත් පොඩි එකා වගේ කියලා.

දුකයි කියලා මොනවා කරන්නයෑ.මම අඩුම තරමින් වයින් වත් කටේ තියන එකෙක් නොවන නිසා බොතලේ පිහිට පතන්නවත් බැහැ.ඒ වෙලාවෙ ගොඩාක් ලඟින් හිටිය මගෙම අය ගොඩාක් හිටියා.කොටින්ම මම ගිය බදාදා රෑ පාන්දර වෙනකන්ම ඇඬුවා.එ වෙලේ ලඟින් ඉඳන් මගෙ ඔලුව අත ගගා හිටියේ අක්කයි අම්මයි..

එවගෙම මගෙ ලඟම ගැහැණු යාලුවා "පබා" සහ "තරිඳු" පැයක් විතර එදා රෑ පෝන් එකෙන් හිත හැදුවා.හොඳම යාලුවා "අයේෂ්" ඌ එදා රෑ 12.45 යි ගෙදරින් යද්දි. කොටින්ම අපෙ තාත්තා සීන් එක දන්නේ නැහැ.අම්මා බත් එක බෙදාගෙන ඇවිත් කාමරෙට දුන්නා.මම කෑවේ නැහැ.මන් කැවා කියන්න හරි මගෙ බත් එක කැවේ අයේෂයා...

ඌ අවේ ගෙදර 8.30 ට විතර වැඩ ඇරිලා කාලා බිලා එහෙම.ඒත් අමාරුවෙන් මාව ශේප් කරන්න ඕනා නිසා ඌ එකකත් කෑවා.ඊට පස්සේ "ගයාන්", "පියක අයියා", "අශ්මින් අයියා" ඔය කට්ටියම හිත හැදුවා අනම් මනම් කියලා.. ඒ මට ගොඩාක් කිට්‍ටු පොඩි කාලෙ ඉදන්ම දන්න අය.වෙලාවට මම අපෙ කැම්පස් එකේ අයට මෙ සම්භන්ධෙ ගැන කියල තිබ්බේ ලඟම 3න් දෙනෙකුට විතරයි..

මම බ්ලොග් ලියන්න ඇවිත් මහා ලොකු කාලයක් නැහැ.මාස 5ක් විතර ඇති.. ඒ මාස 5 ට අඳුන ගත්තු හිත හොඳ යාලුවෝ ගොඩාක් මට ඒ වෙලේ කමෙන්ට් වලින් හිත හැදුවා.හිස් අහස, චතුවා (ළමයා), sameera, All in one......., රොබින්, කල්හාර දිසානායක අයියා, අසoක  අයියා, යසියා,  lahirucc , සරත් ලංකාප්‍රිය අයියා. ඒ වගේම නම නොකියා පවා ඒ මොහොතේ හිත හදන්න උදව් උන හැමෝම ගොඩාක් හිටියා.

ඒ වගෙම විශේෂයෙන් කියන්න ඕනා 2-3න් දෙනෙක් ඉන්නවා... අපේම ගෙවල් පැත්තේ ඉන්න එකම ඉස්කොලෙට ගිය ඒත් වැඩි සම්භන්ධයක් තිබ්බ නැති බුවෙක් මගෙ "කෙල්ලෝ ඇයි මෙහෙම කරන්නේ කොල්ලන්ට..??" කියන පොස්ට් එකේ කමෙන්ට් එකක් දාලා හෙන ආන්දොලනයක් කලා.. ඌ මගෙ FB Account එකේ යාලුවෙක් වෙලා ගොඩක් උපදෙස් දුන්නා.. උගේ නම "Y2K" කියලා තමයි බ්ලොග් කමෙන්ට් එකේ තිබ්බේ ඒක මෙහෙම්මම තියන්නම්.

තව මරු සිද්ඩියක් උනා.අපේ බ්ලොග් ලියන එකෙක් මා එක්ක ගොඩක් ‍ෆිට් උනා Google Talk හරහා.පොරට මම අන්තිමට Sign Out වෙන්න කලින් මගේ පෝන් නම්බර් එක දුන්නා.. බූට් එක කාලා දවස් දෙකකට විතර පස්සේ මෙන්න මගෙ පෝන් එකට දන්නෙ නැති අංකයකින් කෝල් එකක් එනවා.

මම "Hello කව්ද මේ...??"  කියලා ඇහුවා.මෙන්න යකෝ අනික් පැත්තෙන් අහනවා "මේ අපරාජිතයාද...?" කියලා. මම එක පාරටම ඇහුවා නෙමෙයි අහුනා "මොකා....??" කියලා.පස්සෙයි මට මතක් උනේ යකෝ මෙ මගෙ බොලොක්කෙ නමනෙ කියලා..

මං ඇහුවා "ඔව් මචං කව්ද මේ කියලා...?" "මම කුරුං බං" කියලා මෙන්න කියනවා. බලද්දි මෙ මම එදා Chat කල කෝපි කඩේ බ්ලොග් එකේ කුරුමා.. ඌත් පැය භාගයක් විතර කතා කලා. වෙලාවට මගෙ නම්බර් එක දුන්නේ.ගෙදර එක දීලා අපෙ අම්ම එහෙම ගත්තා නම් "කව්ද මෙ අපරාජිතයා...?? කියලා හෝන්තු මාන්තු වේවි...හික් හික්.....

එදා දාපු පොස්ට් එකේ මම දැම්ම කෙල්ලගෙ නම මනක්කල්පිත නමක්.මන් හිතන්නෙ Sameera අයියගේ ප්‍රශ්නේ දැන් විසදෙන්න ඇති..  සුරන්ගනා ලොකේ බ්ලොග් එක ලියන "යසියා" මට මෙහෙම කියලා තිබ්බා...

"තොගෙ සක්කිලි කමට තෝ වෙන කෙල්ලෝ පස්සේ ගිහිල්ලා ඇත්තම ආදරෙත් නැති කරගත්තට අපි මොනව කරන්නද???
ඉක්මනට ඒකිට කියාපන්,, ඒකි වෙන කෙනෙක්ගෙ වෙන්න කලින්....
මොනවද බූරුවෝ බලාගෙන ඉන්නේ පලයන්.... වැදලා සමාවගනින්....
මට නම් එහෙම කෙල්ලෙක් නැති වුනා....
උබ නැති කරගන්න එපා.
එක්කෙනට එක්කෙනයි මේ ලෝකෙ මවලා තියෙන්නෙ.....
ජය වේවා..."

නැහැ මචං.ඒකි මගෙ ජිවිතේට ආවට පස්සේ මම මේ වෙනකන් වෙන කිසිම කෙල්ලෙක් දිහා වල් විදිහට බලල නැහැ.මගෙ ඇස් දෙක පල්ලා.මම හැම තිස්සෙම හිතුවේ. මට නොපෙනෙන මානයේ එයාව තියලා එයාට වංචාවක් බොරුවක් ‍රැවටිමක් කරා එක මට හෙන ගහන අපරාදයක් කියලා...

අන්තිමට තව එකෙක් ඉන්නවා මතක් කරන්න.මගේ බ්ලොග් එකේ කලින් තිබ්බා බ්ලොග් තේමාව උනේ..
"බුට් වලින්,පෝරියල් වලින්,යන එන හැම තැනින්ම අසීමිතව ලැබූ පරාජයන්ගෙන් පමණක් අපරාජිත වූ යෞවනයෙකුගේ අජුතම අජුත බ්ලොග් සටහනක ආගමනය......" කියලයි.

"ලංකාප්‍රියගේ සිතිවිලි" කියන බ්ලොග් එක ලියන "සරත් ලංකාප්‍රිය අයියා" මට සර්ව සිංහලෙන් බැනලා ඌ කියන විදිහට තේමාව වෙනස් කරන්න කිව්වා..
" පුට්ටස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති ... අට ලෝ දහමින් නොසැලෙන මිනිසකු වීම මගේ අරමුනයි........" විදිහට.. ඔන්න වෙනස් කලා කියහන්කො.

ඔයාල දන්නවනම් ඒ කව්ද කියලා "අන්තිම පේලිය" කියන බ්ලොග් එකේ Jayyaa කියන නමින් කතා ලියන කෙනා තමයි ඒ.. මට වඩා සිය දහස් ගුණයකින් ලියන්න පුලුවන් කෙනෙක් කැමති නම් මෙන්න මෙතන කොටලා බ්ලොග් එකට ගිහින් බලන්න... දැන් ඕකට මු මට යටින් බනිවි පබ්ලිසිටියක් දැම්මා කියලා... ඒත් කමක් නැහැ....

අන්තිමට කියන්න තියෙන්න මෙච්චරයි."අපරාජිතයා ඊස් බැක්......" කියලා තමයි.මම මොනා උනත් ලියන්න පොරොන්දු උනා ගලා ගිය ආදර කතාවත් හෙට ඉදන් දාන්න පටන් ගන්නම්.....

මන් අන්තිමට පොඩි ප්‍රශ්නයක් අහන්නම් බූට් තියපු කෙල්ලෙක් ඊට දවස් දෙකකට විතර පස්සෙ ආයෙමත් මැසේජ් කරලා ආයෙම හොයන් ආවොත් මම මොනාද කරන්න ඕනෙ කියලා කියහල්ලා.... ඕකට "අම්මා, අක්කා, පබා, අයේෂ්,තරිඳු කියන ඔක්කොම කිව්වේ එකම උත්තරයක්.....

"Y2K" කිව්වේ ඇඟට ගන්නේ නැතුව කරන් යමන් කියලයි.... උඹලා කියන්නේ මොකක්ද කියලා කියහල්ලා.....

මොකද බූට් තියලා දවස් දෙකකට පස්සෙ කෙල්ලගෙ හොඳම යාලුවා ඒකිට මෙක නැවැත්තුවාට බැනලා මේකි ආයේමත් මැසේජ් කරන්න ගත්තා... මොකුත් නොවුනු ගානට.. දැන් ඒකි හෙනම ෂේප්.. ඒත් මට ආයෙමත් බැහැ කැඩුණු හිත හදාගන්න... උඹලා කියන එව්වවත් බලමු තීරනයක් ගන්න.....

හැමෝටම දහස් වාරයක් පිං මචංලා.....

Wednesday, May 25, 2011

එය එසේ සිදුවිය...



මහා ලොකු ගොඩක් නැහැ ජිවිතේ දෙවැනි වරටත් මට බූට් එකක් වැදුනි..... 


ඇත්තටම ආදරය කල අවංකව ආදරය කල මගේ ආදරය හැල්ලුවකට ලක්කර(මන කල්පිත නමක් විය හැක..) G .K.සචිනි මදුශානි අපරාජිතයා හැර ගොස් හමාරය.....

මම කොච්චර මැසේජ් යැව්වත් මිස්කෝල් ගැහුවත් කිසිදු ප්‍රතිචාරයක් නැත හෙට වන විට සිම් එකද සමහර විට වෙනස් වනු ඇත......


හිත හදපල්ලා දැන් මගේ.... ප්ලීස්... 

Saturday, May 21, 2011

ඔබ දුටු ඒ මුල් දිනේ....




අද ඉදන් සැරෙන් සැරේ මගේ ආදර කතාව මේ බ්ලොගයේ දිග හැරේවි.. මේ ආදර කතාව ලියන මොහොතේ පවා මන් දන්නේ නැහැ මේකේ අවසානය දුකක්ද සතුටක්ද කියලා.ඒකට හේතුව මම කලින් පොස්ට් එකකින් කිව්වා.ඒක කියවපු නැති කව්රු හරි ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක කියවල එන්න.


මගේ ආදරයේ අලුත්ම විස්තර කියනවනම් කෙල්ල දැන්නම් ටිකක් ශේප්.එත් අනේ මන්දා.කාලයට ඉඩදිලම බලනවා වෙන දෙයක් වෙන්නේ නැතැයි. මෙන්න එහෙනම් මගේ අදර කතාව මේ විදිහට බ්ලොගයේ දිග හැරේවි....


උබලට මතක ඇති ජීවිතේම කියල හිතන් ආදරය කරපු කෙල්ල හේතුවක් නැතිව අපේ සම්බන්ධෙ නවත්තපු හැටිත්, මම ඒකිව හම්බු වෙන්න යනකොට අලුත් කොල්ල එක්ක නැලවී නැලවී අතින් අල්ලන් පන්තියෙන් එලියට බැහැපු හැටිත්.


ඒ 2010 පෙබරවාරි 12 වෙනිදා.. ඒක කියවපු නැති කවුරු හරි ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් එකත් කියවල බලහන් කැමතිනම්.

කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරලා බූට් එකක් කෑවාහම ඒ කෙල්ල මත්තෙම නැහි නැහි ඉන්න බව ඇත්ත.ඒත් මට සශිනි කල බලුම බලු වැඩේ නිසා මගේ සම්බන්ධෙ එදා නැවතුනේ එකී ගැන මහත් වූ කල කිරීමකින්.


මන් එදා මටම හිතා ගත්තු දෙයක් තිබ්බා.ඒ දුරින් ඉන්න කෙල්ලෙක්ට වඩා ලගින් ඉන්න කෙල්ලෙක් එක්ක යාලු වෙන ඒක කොච්චර සැපක්ද කියලා... 


මම නමින් අපරාජිතයා.ඉගෙන ගන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසර අන්තිම හරියේ ශිෂ්‍යයෙක් විදියට.වයස තාම අවුරුදු 21 හමාරයි.මම සතියකට සැරයක් සදුදා උදේ පාන්දර ගෙවල් ලග ස්ටේෂන් එකෙන් 5.55 ට එන කෝච්චියේ නැගලා තමයි කැම්පස් යන්නේ.හැම සතියකම සිකුරාදා හවස මරදානෙන් 4.35 හරි 5.00 හරි කෝච්චියේ තමයි ගෙදර එන්නේ.. 


කවදාවත් අපේ ස්ටේෂන් එකෙන් 6.40 ට එන "මුතු කුමාරි" කියන පානදුර දක්වා යන එකේවත් 7.05 ට එන "මෙන්ඩිස් කියන කොටුවට විතරක් යන කොච්චියෙවත් යන එකෙක් නෙමෙයි.ඒකට හේතුව මම ඒකාලේ ලෙක්චර්ස් කට් නොකරපු හොඳ ළමයෙක් නිසා හැමදාම 8.00 ලෙක්චර් ඒකට ඉන්න බලන් උදෙන්ම යනවා.


දැන්නම් ආගිය අතේ ලෙක්චර්ස් කට් කරනවා ඒක වෙනම කතාවක්.ඒකට හේතුව ලෙක්චර්ස් මෙලෝ රහක් නැති කැම්පස් එකේ කැන්ටිමේ කෑම වලටත් වඩා අන්තිම පිළිකුල්, ලොන්ත පෝල්  නිසයි.එයිට හොදයි ඒ වෙලාවේ හොස්ටල් ඒකට වෙලා බාන එක (පාඩම් කරන එක).


මෙන්න මේ සිද්දිය උනේ 2010 පෙබරවාරි 25 වෙනිදා.මම උබලට "බුට් කෑවාට පසු නාපු බාල්දිය" පොස්ට් එකෙන් කිව්වා මතකයි මට හරියටම බූට් එක වැදුණු පෙබරවාරි 12 වෙනිදා අපේ කැම්පස් එකේ එක්සෑම් එකකට පාඩම් කරන්න නිවාඩු දුන්න දවස කියලා.


ඒ එක්සෑම් ඒකට රෙජිස්ටෙර් වෙන්න දිනය නියමිත වෙලා තිබ්බේ 2010 පෙබරවාරි 25 වෙනිදා උදේ 9.00 සිට.ඉතින් 9.00 වෙද්දී ඉන්න ඕනේ නිසාත් කලින් ගිහින් වැඩක් නැති නිසාත් මන් එදා හිතුවා ගෙවල් ළඟ ස්ටේෂන් ඒකට 7.05 ට එන කෝච්චියේ නැගලා කැම්පස් යනවා කියලා.


කොහොම හරි පෙබරවාරි 21 ඉරිදා කරාතේ ටුනමන්ට් එකක් තිබිලා.ඕකෙන් මගේ උකුල් සන්දිය ගාව මාංශ පේශි වගයක් ඇදිලා බොහොම අමාරුවෙන් තමයි හිටියෙත්.ඒත් රෙජිස්ටෙර් වෙන්න යන්නම ඕනේ නිසා අමාරුවෙන් නොන්ඩි ගගහා ගියා.


ඔහොම නොන්ඩි ගගහා බොහොම අමාරුවෙන් මම ස්ටේෂන් එකට යන කොට කවදාවත් දැකපු නැති සුදුම සුදු හුරු බුහුටි කෙල්ලෙක් තවත් කෙල්ලෙක්,අක්ක කෙනෙක් හා තවත් මැදි වයසේ ඇන්ටි කෙනෙක් එක්ක එකට කල්ලි ගැහිලා ඉන්නවා.


මම නොන්ඩි ගගහ යනවා දැකලද මන්දා නැත්නම් කවදාවත් නොදැකපු අමුතු සතෙක් ස්ටේෂන් එකට ආව නිසාද මන්දා මේකි මං දිහා බොහොම අනුකම්පාවෙන් වගේ බලනවත් දැක්කා.අපේ කැම්පස් එකේ ඩෙනිම් ඇදන් යන්න බැහැ.ඇදන් යන්න ඕනේ කලිසම් ඇදලා ෂර්ට් යටකරලා සපත්තු දාගෙන.ඒ තමයි හැටි.හරියට නිකන් ඔෆිස් යනවා වගේ තමයි අපි කැම්පස් යන්නේ.


මම ඉතින් ටිකක් පිලිවලට ඇදලා හිටිනිසා ඩීසන්ට් එකේ හිටියා පච වේවි අර "ගෝල් ෆිෂ්" වගේ පැණි පාර දෙන්න යන්නේ නැතුව :) 


අනික මම ජිවිතේ කවදා හරි ඉස්සෙල්ලම කෙල්ලෙක් දැක්කොත් ඒකිව එච්චර තඹේකට  ගණන් ගන්න යන එකෙක් නෙමෙයි.පොර ටෝක් වත් මම අලි ලස්සන එකෙක්වත් නෙමෙයි.ඒත් ඒ මගේ පුංචි කාලේ ඉදන් හැටි.හැබැයි අක්කා කෙනෙක් හරි ඇන්ටි කෙනෙක් හරි නැත්නම් පිරිමි ඕනෑම වයසක කෙනෙක් දැක්කොත් දත් 32 ම පෙන්නලා හිනා වෙලා කතා කරන්න කැමතියි.


එහෙම උනත් අරම කෙල්ලෙක් දැක්කොත් ඒකිට නොපෙනෙන්න හොරෙන් බැල්ම නම් දානවා අනිවා ඩෙෆා. ඇයි යකෝ මං කියලා අමුතු සතෙක් යෑ.ඔන්න එක්සෑම් එකට නිවාඩු දුන්න මාසේ නිසා එච්චර කැම්පස් පැත්තේ යන්නේ නැති නිසාත් මම පෙබරවාරි මාසෙට කොච්චි සීසන් ගත්තෙත් නැහැ.


සීසන් එක රුපියල් 180 යි.මාසෙට යන්නේ එන්නේ දවස් 4 යි. සදුදා යනවා සිකුරාදා එනවා.එක ගමනකට ටිකට් එක රු 25 යි.යකෝ සීසන් ගත්තයි කියලත් මට ලාබයක් වෙන්නේ රුපියල් 20 ක් විතරයි. ඒ නිසා කොහොමටත් පෙබරවාරි මාසේ සීසන් ගත්තෙම නැහැ.


ඔන්න දැන් මේ කෙල්ල හිටි තැනත් පහු කරලා කකුල ඇද ඇද ගිහින් කොච්චි ටිකක් එක ගත්තා.අරන් ඇවිත් කෙල්ල හිටි තැනට ටිකක් ලඟින් මමත් පැත්තට වෙලා ඉන්න කොට මුන් ටික සැරෙන් සැරේ මං දිහා බලනවා හොරෙන් හොරෙන් දැක්කා නිකන් අනුරාධපුරේ ඉදන් රිලවෙක් මෙහෙට බැහැලා වගේ.(දැන්නම් කියනවා මෙයා එදා බැලුවේ මං දිහා නෙමෙයිලු.එක මං දන්නේ නැහැ) 


සුපුරුදු පරිදි කෝච්චිය ආවා.ඒකට එන අදුරන අපේ ගෙවල් එහා පැත්තේ ඉදන් එන අයිය කෙනෙකුත් සෙට් උනා කොළඹ ජොබ් එකක් කරන.ඌත් එක්ක කයිය ගගහා තමයි එදා කැම්පස් ගියේ.එදා සිද්දිය ඔය විදිහට ඉවර උනා.


තාමත් ඒ කෙල්ල මට ජිවිතේ එදිනෙදා දැක්කා කෙනෙක් විතරයි.මම ඒක ගැන එච්චර හිතන්න ගියෙත් නැහැ එකියක් මට බූට් එකක් ලග නමලා තිබ්බ නිසා.ඒක තමයි එයාව දැක්කා ප්‍රථම දවස අදටත් නිකන් අද ඊයේ වගේ මතකයි.2010 පෙබරවාරි 25...


අදට පොස්ට් ඒක මේ ඇති. මම කැමති නැහැ කාටවත් කුතුහලයක් ඇති වෙන විදිහට ඇද ඇද කතා දාන්න. ඒකයි පහුගිය කොටස් වශයෙන් දාපු කතා ලග ලග දවස් දෙක තුනේම දාල ඉවර කලේ.ඒත් මේකට එහෙම කරන්න බැහැ ටිකක් බබල් ගම් කරන්න වේවි.


එකක් මට කැම්පස් එකේ අදික වැඩ.අනික ටයිප් කරද්දී පිස්සු හැදෙනවා.මගේ ආදරේ ඊලග පොස්ට් එකෙන් හමු වෙනකන් රැදී සිටින්න අපරාජිතයා සමගින්..... 
ඔබ සැමට ජය වේවා.....!!!   

Friday, May 20, 2011

උඹ එනවා නේද එදාට.....?

ඉලන්දාරියා

නැතිමුත් නුඹව දැක මා මේ නෙතු සඟලින්....
නැතිමුත් නුඹව දන්නේ මා ලඟ ඇසුරින්....
හැරදා අපිව හඬවා මෙහි සෝ කඳුලින්....
ඇයි නුඹ ගියේ සබඳේ අප තනි කරමින්...

නැතිමුත් පිනක් ඔබ හා යලි හිනැහෙන්න...
නොපතමි නිවන් සුව ඔබ හට අත් වෙන්න...
සොයුරෙකු ලෙසින් මතු භවයෙදි හමු වෙන්න...
පතනෙමි ඔබට දුක් නැති දිවියක් එන්න...

උඹ නෙමෙයි මචන් අපියි පව් කරලා තියෙන්නේ.උබ වගේ එකෙක්ගේ ලිපියක් කියවන්න, උඹත් එක්ක ටිකක් හිනා වෙන්න අපිටයි පින නැත්තේ මචං. කිව්වත් වගේ උබට නිවන් ලැබෙන්න කියල මම පතන්නේ නැහැ මචං....

ඒ උඹ ආයෙම වරක් අපි අතරේම සහෝදරයෙක් වෙලා උපදින්න ඕන නිසයි... උඹ නැති දුකට අඩන අපි හැමෝම එදාට එකට හිනා වෙමු මචං.....

මෙච්චර දුකක් විදපු උඹ ඒ දුක විඳින ගමන් සතුටින් හිනාවෙලා ජීවත්වෙන්න ඕනේ විදිහ ගැන අපිට කියලත් දෙන්න තරම් ශක්තියක් උඹට තිබ්බා මචං..නිවන් දක්නා තුරාවට මතු උපදින හැම භවයකදීම උඹට උඹ මේ වින්දා වගේ දුකක් පිඩාවක් කවදාවත් හිමි නොවේවා... ඒක මේ අපරාජිතයගේ අන්තිම පැතුමයි.....

ආයේ දවසක අපි එකට හිනා වෙමු මචන්... උඹ එනවා නේද එදාට.....?  මතු උපදින හැම භවයකදීම උඹට
තුනුරුවන්ගේම සරණයි....!!

Sunday, May 15, 2011

කෙල්ලෝ ඇයි මෙහෙම කරන්නේ කොල්ලන්ට..??


අනේ මන්දා බොලව් ගොඩ කාලෙකින් බ්ලොග් එක ලියන්නත් බැරි උනා..සාමාන්යෙන් මම බ්ලොග් එක ලියන්නෙ සතියකට සැරයක්.හේතුව මම සතියට දවස් 5 ක් ඉන්නේ කැම්පස් එකේ හොස්ටල් එකේ වීමයි.

වෙනදා සිකුරාදා හවස තමයි අලුත් කතාවක් ලියලා බ්ලොග් එක අප්ඩෙට් කරන්නේ.ඒත් එන සතියේ ඉඳන් ඒකටත් බඩු හම්බු වෙනවා.සෙනසුරාදාත් දවල් වෙනකන් තියනවා හැමදාටම යුනි එකෙන් අවුට් වෙනකන්ම.අපේ යුනි එකේ ක්‍රමය තමයි ඒක..දිගටම පුලු පුලුවන් විදිහට අනිවා ලියන් යන්නම්...

අනේ මන්දා ගොඩ දවසකින් ලියන්න බැරි උනා. ගිය සතියේ සිකුරාදා කලිනුත් ආවා.. ඒත් ලියන්න බැරි උනා.. ඒ මම ඒ දවස් වල හිටි මානසික මට්ටම එච්චර හොඳ නැති නිසා.. ඒ මම කවදාවත් මගෙ බ්ලොග් එකේ කියපු නැති කතාවක් මට තියෙන නිසා...

මාස ගානක් පස්සෙන් ගිහින් සෙට් කර ගත්තු ඒ මගෙ පුංචි කෙල්ල ගැන.. මගේ ඒ ආදර කතාව ගැන මම හෙමිහිට බ්ලොග් එකේ ලියන්නම්.ඒත් මම දුකින් ඉන්න හේතුව කියන්නම්.

මගෙ ආදර කතාව කෙටියෙන් කියනවනම් මට වයස අවුරුදු 21-22 අතර දොලනයක්. ඉගෙනගන්නේ කොළඹ කැම්පස් එකේ.මගෙ කෙල්ලට වයස අවුරුදු 17 යි.. බාල අපරාද කියන්න එපා.. එයා 1994 ජනවාරි වල.. ඒ නිසා 2012 A/L කරන්නේ.

එයා O/L කරනකන් හිටියේ අපේ ගෙවල් පැත්තේ.O/L ඉවර වෙලා ඉන්ග්‍රීසි පන්තියකට යන කාලෙයි මම පස්සෙන් ගියේ.ඉස්සර හිටියේ ගෙවල් ලඟ උනාට දැන් ඉන්නේ මම ඉන්න පැත්තෙ ඉඳන් කිලෝ මිටර් 60-70ක් දුරින්...

සෙට් කර ගත්තු විදිහ මම ටිකෙන් ටික කියන්නම් බ්ලොග් එකේ.. අද කියන්නම් මම අප්සට් එකෙන් ඉන්න වෙච්ච හේතුව.

ගිය සෙනසුරාදාට කලින් සෙනසුරාදා අපේ ගෙදරින් පොඩි ට්‍රිප් එකක් ගියා බදුල්ලේ.ඒකට මම ගියේ නැහැ. ඒ කට හෙතුව උනේ මම කලින්ම මගෙ කෙල්ලව බලන්න යන්න ඒ සෙනසුරාදා දවස ෆික්ස් කරගෙන තිබුන නිසා.

යන්නේ නැති එකට මම තාත්තගෙන් සිකුරාදා හවස බැනුම් අහලත් හිටියේ.ඒ පලවෙනි හේතුව.දෙවෙනි හේතුව තමයි මම ක්‍රිඩාවක් විදිහට කරාතේ ක්‍රිඩාව කරන කෙනෙක්.පන්තිය තියෙන්න සෙනසුරාදා හවස.කෙල්ලව බලන්න යන්න හිතාගෙන හිටපු නිසා කරතේ "සෙන්සෙ" ට කලින්  දා කෝල් කරල මට එන්න වෙන්නෙ නැහැයි කිව්වා.

මගේම කරුමෙට පන්තියෙ ඉන්න සීනියර්ම එකා මමයි.එන්න වෙන්නේ නැහැයි කියපු ගමන් "සෙන්සෙ" ත් මට දෙහි කපාගෙන කපාගෙන ගියා. ඒක නිසා ඔය ඔක්කොම මළත් දරාගෙන බොහොම අමාරුවෙන් කෙල්ලව බලන්න යන්න සැදී පැහැදී දතයි කටයිත් මැදගෙන මම බලන් හිටියා.

කොහොම හරි ඔන්න දැන් සෙනසුරාදා දවස උදා උනා ඒ අප්‍රියල් 30 වෙනිදා.ඔන්න මම උදේ පාන්දරම නැගිටලා මෙයාට මැසේජ් එකක් දාලා ඔන්න මම දැන් එනවා කියල මැසේජ් එකක් දැම්මම මෙන්න මේකී රිප්ලයි එකක් එවනවා
"අනේ අයියේ එන්න එපා අද රුවිනිගේ නංගිත් එනවා අපිත් එක්ක ක්ලාස් යන්න.එයා වෙනදට ක්ලාස් යන යාලුවා ආයේ ක්ලාස් යන්න එන්නේ නැහැයි" කියලා.

රුවිනිගේ කිව්වේ එයාගේ හොදම යාලුවා. ඊට පස්සේ මම කිව්වා කමක් නැහැ.මම ඇවිත් නංගි බස් එකෙන් බහිනකන් බස් එකේම ඈතට වෙලා ඉන්නම් කියලා.එයා ක්ලාස් යන මුලු ගමනාන්තයෙන් බාගයක් දුරදී යාළුවගේ නංගි බහිනවා.

ඊට පස්සේ මෙයා ආයේ එවනවා
"එපා අයියේ.රුවිනිගේ සම්බන්දයත් එයාලගේ අම්මට ටිකක් ආරංචි වෙලා අද රුවිනිගේ  අම්මත් අපිත් එක්ක එන්න පුළුවන්" කියලා.

ඕක ඇහුවම මට මළම පැන්නා.ඇයි යකෝ මම තනියම දවස් දෙකක් තිස්සේ දැන්ගෙදර ඉන්න ඕනේ.මේකී නිසා හත් අතේ බැනුම් අහලා දැන් මේකී කියනවා එන්න එපා කියලා.මට මල පැන්න පාර මම මේකිට බැනලා මැසේජ් එකක් දැම්මා.

ඒ බැනිල්ලට "තමුසේ" කියන වචනේ 5-6 පාරක්ම පාවිචිචි උනා.මම බනින කොට මෙයා "හ්ම්" ගගා රිප්ලයි එව්වා.ටිකකින් කියනවා "මං කැමති නැහැ බොරුවට බැනුම් අහන්න.ඔයාට මම කියන එක තේරෙන්නේ නැහැ අපි මේක නවත්තමු" කියලා..

යකෝ යාළුවෙලා මාස 7 කටත් වැඩියි මේකී නවත්තන්නම හදනවා මම බැන්න එකට අවුල් ගිහිල්ලා.. කොහොම හරි දන්නා කියන වැඩ කෑලි දාලා වැඩේ ශේප් කරගත්තා.මෙයා ක්ලාස් යනවා කිව්වා.යන මග දිගටත් එහෙන් මෙහෙම් ටිකක් විතර මැසේජ් කලා.

ඒත් ඕනෑවට එපාවට වගේ.හවසත් හරියට මැසේජ් එකක් නැහැ.මම බැරිම තැන හවස ගැහුවා මගේ දන්නා කියන වැඩ කෑලිත් දාල බොක්කට වදින්න මැසේජ් එකක්.ඒක යවලා ටික වෙලාවකින් මේකී රිප්ලයි එකක් එවනවා
"අනේ වෙච්ච වැරදි වලට මට සමාවෙන්න අයියේ.ඒත් හම්බු වෙන්න විදියක් නැති නිසානේ අද කිව්වේ තේරුම් ගන්නකො" කියලා.

කොහොමත් කෙල්ලන්ගේ වැරදිත් අපේම Account එකට දාගත්තේ නැතිනම් වැඩේ අංජබජල් නිසා මම කිව්වා "ඔයාගේ වරදක් නැහැ පැටියෝ මමයි වැරැද්ද කලේ සමාවෙන්න" කියලා.

කොහොම හරි වැඩේ එතනින් ශේප් උනා.කොහොම හරි ඉරිදා, සදුදා, අගහරුවාදා දවස් ටික ශේප් එකේ මා එක්ක මැසේජ් කර කර කතා කර කර හිටියා.ඒත් එකපාරට බදාදා ඉස්කෝලේ ගිහින් ආපු කෙනා මැසේජ් කලේ ඕනාවට එපාවට වගේ.

මං ඊට පස්සේ කිවා "ඇයි ඔයා අද අමුතුවෙන්" කියලා.මේකී කියනවා "මගේ හිතේ කාලෙක ඉදන් ලොකු ප්‍රශ්නයක්" කියලා.මං කිව්වා මට කියන්නකෝ අපි විසදුමක් හොයමු ඒකට කියලා.මෙයා කියනවා "බැහැ ඒක ඔයාට දුක හිතෙන දෙයක්" කියලා. මම කිව්වා "කමක් නැහැ කියන්න මට දරා ගන්න පුළුවන්" කියලා.

ඊට පස්සේ මේකී මැසේජ් එකක් එවනවා "එදා මම අපේ සම්බන්දෙ නවත්තන්න ගත්තු තිරණය.ඒක වෙනස් වෙලා නැහැ අයියේ" කියලා.මං ඇහුවා "ඇයි ඒ" කියලා.

මෙයා කියනවා "මම දන්නේ නැතිලු.හිත කියන්නෙම නවත්තන්න කියලලු.ඒක නිසා අපි හොදින් වෙන් වෙමුලු." මාව නිකන් කර කෝලා අත ඇරියා වගේ උනා.

ඇයි යකෝ.කෙල්ලෙකුගෙන් එකපාරකුත් බූට් එකක් කාලා......යාලු වෙන්න අවුරුදු ගානක් බලන් හිටිය කෙල්ලත් වෙන එකෙක් එක්ක සෙට් වෙලා මදිවට මෝඩ කමට සිරාවට තවත් එකියෙකුට ලව් කලා නිසාද මෙහෙම කෙල වෙන්නේ මටම කියලා.

අන්තිමට එයා අපේ ආදරයේ අන්තිම මැසේජ් එකත් එව්වා.ඕක ඔහොම උනේ දෙවැනි පාරට.පලවෙනි පාරත් ඔය නංගි නිසාම ඔහොම දෙයක් උනා.එදත් මම ශේප් කරගත්තා.ඒත් අද අතිශය දරුණු වෙලා තත්වය.ඒ කතාව හිමිහිට අදර කතාව මුල ඉදන්ම දාන කොට දාන්නම්.

අන්තිමට මම මැසේජ් 15 ක් විතර එක දිගට  එක එක එව්වා කියලා මැසේජ් දාලා යන්තම් වැඩේ ගොඩ දාගහ්තා... ඒක මගේ හැකියාවද නොහැකියාවද කියන්න මම දන්නේ නැහැ.ඒත් මට මාරම අවුල් උනා

සිද්දියට.කොහොම හරි ආයෙමත් ශේප්.ඒත් පොඩි කාලේ ඉදන්ම මොකක් හරි සිද්දියක් උනාම මට ඒ සිද්දිය වටේ ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා.මට හිතුනු එකම දේ
 "මෙයාට වෙන කොල්ලෙක්වත් සෙට් වෙලාද කියන එක" ඒත් මට කෙල්ලව විශ්වාසයි.ඒක නිසා කට පියන් හිටියා.

කොහොම හරි මැයි 5 බ්‍රහස්පතින්දා මෙයාට ඉස්කෝලේ සීල ව්‍යාපාරයක් තිබ්බා.මෙයා ගිහින් ඇවිත් හවස සාමන්‍යය විදිහටම මැසේජ් කළා.ඒත් සිකුරාදා ඉස්කෝලේ ගිහින් ආව ගමන් කියනවා මැසේජ් එකකින් "අයියේ මට ලොකු ප්‍රශ්නයක්" කියලා.මං "මොකක්ද පැටියෝ" කියලා ඇහුවා.

මේකී කියනවා "අයියේ සීල ව්‍යාපාරයට ඊයේ අම්ම ආව-තේව වලට ගිය වෙලේ (එයා මට කලින් දවසේ කිව්වා එයාලගේ පන්තියේ ආවතේව වැඩවලට අම්මයි එයාගේ හොදම යාලුවෝ දෙන්නගේ අම්මලටයි ටීචර් එන්න කියලා තිබ්බේ කියලා) ටීචර් අම්මලට කියලා පන්තියේ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ එක්ක යාලුයි.ඉගෙනීමත් කඩා කප්පල් කරගන්නවා කියලා.

අම්ම ඊයේ රෑ මම ඔයාට මැසේජ්  කරනවා දැකල ඕක කියලා මට බැන්නා.බැනලා කිව්වා ඔයත් එහෙම කෙනෙක් එක්ක යාලුනම් ඒක නවත්තන්න A /L කරාට පස්සේ ඕන එකක් කර ගන්න" කියලා. මං ඇහුවා "දැන් ඔයා කියන්නේ මේක නවත්තමුයි කියලද" කියලා.

මේකී කියනවා "ඔව් අයියේ මට අම්මට බොරු කරන්න බැහැ අම්මව රවට්ටන්න බැහැ" කියලා.මං කිව්වා "එහෙනම් මම ඇවිත් අම්මට කතා කරන්නද" කියලා.(මොකද ඔය සිද්දිය ගැන අපේ අම්මයි අක්කයි දන්නවා.තාත්තනම් දන්නේ නැහැ.අපේ අම්මනම් මට මොකුත් කිව්වේ නැහැ.අනික කෙල්ලගේ අම්මටත් මට අකමැති වෙන්න තරම් හේතුවක් නැහැ).

මෙයා කියනවා "එපා අයියේ.අම්ම කැමති උනත් මම තාම A /L කරලා නැති නිසා කැමති වෙන්නේ නැහැ කියලා.ඔයා මං වෙනුවෙන් තව අවුරුදු එකහමාරක් ඉවසන්න" කියලා. "මට දැන් ෆෝන් ඒක ක්ලාස් ගෙනියන්න දෙන්නෙත් නැහැ.ආයේ හම්බුවෙන්න වෙන්නෙත් නැහැ අයියේ" කියලා.

අවුරුදු එකහමාරකින් ආයේ පටන් ගනීවිද බොලව් දැන් නවත්තලා.මං කිව්වා "එහෙනම් මෙහෙම කරමු කතා කරන්නත් ඕනේ නැහැ, හම්බු වෙන්නත් ඕනේ නැහැ,වෙනද වගේ දවසට මැසේජ් 80 ක් විතර එවන්න ඕනෙත් නැහැ ඒත් දවසකට මට මැසේජ් 10 ක් වත් එවන්න" කියලා."ඕක පස්සේ හරියාවි එතකන් ඉවසල ඉන්න" කියලා..

යන්තන් නවත්තන්න හදපු කෙල්ල ඒකට කැමති උනා..මම සිද්දිය අපේ අම්මට කිව්වම අම්මා කිව්වේ පොඩ්ඩක් ඉවසල ඉන්න.ට්කක් ගණන් උස්සල ඉන්න එතකොට හොයන් ඒවි කියලයි.ඒත් මට ඉන්න බැහැ බොලව් එහෙම..

ඒත් මට තිබ්බා පොඩි ප්‍රශ්නයක් තිබ්බා ඇයි මෙයා එකපාරට ඔහොම ඔහොම වෙනස් වෙන්නේ කියලා.මම කලේ එයාගේ හොදම යාලුවා රුවිනිගේ කොල්ලට කෝල් කරපු එක.මම ඌට කෝල් කරලා ඇහුවා ***** ට කොල්ලෙක්වත් සෙට් වෙලාද මල්ලි මෙහෙම මේකී පාට මාරු කරන්නේ" කියලා.

ඌ කියනවා "ඉස්සරනම් අයියේ ගොඩක් කොල්ලෝ යාලු වෙන්න ඇහුවා.ඒත් දැන් ඔක්කොම දන්නවා කොල්ලෙක් ඉන්නවා කියලා ඒක නිසා කවුරුත් යාලුවෙන්න අහන්නේ නැහැ.මං දැනුවත්වනම් එහෙම කෙනෙක් නැහැ ඉන්නවනම් ඉසුරිකාට වත් කියනවනේ" කියලා.

කොහොම හරි නංගි එයාල එක්ක ගිය කතාවයි, ටීචර් අරම බැන්නා කතාවයි ඇත්ත කියලා ඌත් අනුමත කළා.කොහොම හරි ඒ සිකුරාදා මැසේජ් එව්වේ 10 ක් විතර,සෙනසුරාදත් එහෙමයි.ඉරිදා ඉදන් දැන් ටික ටික චරි චුරුව අඩු වෙලා දැන් වෙද්දී දවසට මැසේජ් 50-60 ක් එවන තත්වෙට හරි ගිහිල්ලා.ඒත් හම්බු වෙන්න සහ කතා කරන්න තහනම්.

කලාතුරකින් තමයි කතා කරන්නෙත්.ඒත් මම හිතනවා ඒකත් තව ටික දවසකින් හරියාවි කියලා.. ඒත් මට නම් දැන් ඕන එකක් මම මෙයත් සශිනි කල වැඩේම මට කරාවි කියලා හිතුනා .ඒත් දැන් එහෙම දෙයක් උනත් කමක් නැහැ කියලා හිත හදා ගත්තා.

වෙන දෙයක් වේවි.මේක කියෝපු කව්රු හරි මගේ හිත හැදෙන්න මොනා හරි කියලා පලයල්ලා ඒක මට ලොකු ශක්තියක් වේවි.හිතේ අප්සට් එකටමයි මොකුත් ලිව්වේ නැත්තෙත්.කිසිම බ්ලොග් එකකට කමෙන්ට්
කරන්න තියා කියවන්නවත් හිතුනේ නැහැ බොලව්.ඒකට සමාවෙයල්ලා.

දැන් හිතට ටිකක් ෆිට් ඒත් හිත හැදෙන්න මොනා හරි කියපල්ලා කෙල්ල සිරාවට බූට් ඒක තිබ්බොත් එදාට ඒ වචනත් මට උපකාරයක් වේවි කියලා හිතනවානම් විතරක්.

මේ ලංකාවේ මට කෙල්ලෙක් හොයාගන්න බැරි කමක් නැහැ පොර ටෝක් නෙමෙයි .ඒත් මම කැමති නැහැ කෙල්ලෝ මාරු කරන්න ඒකෙන් පේන්නේ අසාර්ථකත්වයක්....

ප.ලි:- මට හෙන ගහල ගියත් කමක් නැහැ.අද උදේ පාන්දර දැන ගත්තා අපේ "ඉලන්දාරියා" නුවර ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ කියලා.මොලයේ කරපු සැත්කමකින් සිහිසුන්ව දැන් කියලා.මේක කියෝන එකේ හරි ඉන්නවනම් හදවතින්ම ප්‍රර්ථනා කරපන් ඌට ඉක්මන් සුවය ලැබෙන්න කියලා... 


අපිට මේ වෙලේ කිසි දෙයක් කරන්න බැරි උනත් අපේ ප්‍රාර්ථනාවෙන් වත් අපේ සහුර්දයාට ඉක්මන් සුව ලැබේවි.වචනෙකට කරන්න පුළුවන් බලපෑම ගොඩක් ලොකුයි බොලව්...          

Thursday, April 28, 2011

පොඩි හාමුදුරුවෝ.....


දිලිදු කමට සරණ සොයා
කසාවතක් පොරවාගෙන
වෙන්ව ගියා අමතක කර
උණුහුම ලද මව් සෙනෙහස
අසරණ කර පිය මරණය
ගියා පවුල දෙදරාගෙන
නමුදු මවුනි වාවනු බෑ
අහිමිව ගිය ඔබෙ උණුහුම 

තුරුලු වෙලා ආදරෙ විඳි 
ඉගිලී ගිය ඒ කාලය 
බණ පොත් ගෙන පෙරලන විට
ගමන් ගනී ඉබි තාලය 
ලොකු හිමියන් අනිනා කළ
හිල් වෙන්නට මුඩු ගෑ හිස
දහස් වරක් සිහියට එයි 
පිරිමැදි හැටි ඔබ ඒ හිස

ගිහි මිතුරන් සද්ද නගා
කෙළිලොල් දඟ කරනා විට
නෙතට හොරා උණු කඳුලක්
තෙමා වටෙයි මහ පොළවට
පෙර භවයක කළ කරුමය
ගෙවා දමා මේ විදිහට
අනේ අම්මේ ඔබෙ සෙනෙහස
ලබා දෙන්න මතු භවයට


හෙට යුනි එකේ මෙලෝ රහක් නැති වැඩ ටිකක් නිසා අද ගෙදර පැන්නා.විවිධත්වයක් එන්න කියලා කවියක් ලියන්න හිතුනා. කවියක් වගේ එකක් ලිව්වට මම කවි කාරයෙක් නම් නෙමෙයි.

කමෙන්ට් අඩුවෙන බව නම් අනිවාර්යෙන්ම දන්නවා.ඒත් කමක් නැහැ.මොනව හරි යටින් කොටලා යන්න පුලුවන්නම් ගොඩක් ස්තුතියි.නැතත් ඉතින් කමක් නැහැ.මං නිසා ඔයාලගෙ වටිනා කාලය නාස්ති වෙනවා නම්...

ජය වේවා....!!!

Friday, April 22, 2011

අවුරුද්දට අහස්‌ කූරු යවපු හැටියක්


ඔන්න පොරොන්දු උන විදිහටම කලින් පොස්ට් එකෙන් කිව්වා වගේ මම රතිඤ්ඤා, අහස්කුරු එව්වා එක්ක තියනවයි කියපු ජන්මාන්තර වෛරෙට හේතු පාදක වෙච්ච සිද්දියයි අද කියන්න යන්නේ.

මුලින්ම මෙහෙම කියන්නම්.ගිනි කෙලි ගත්තම ඕක ඇතුලේ තියනවා රතිඤ්ඤා, බට්ටා, අහස්කූරු, බඹර චක්‍ර, නිලා, චීන පටස්, වෙඩි මල් ... ඔන්න ඔච්චරයි මම දන්න එව්වට තියෙන්නේ.මට මොකක් හරි මග ඇරුනනම් දාමු බලන්න යටින්.

පොඩි කාලේ අවුරුදු වලදී අපේ ගෙදරත් රතිඤ්ඤා පත්තු කෙරෙනවා. ඒ කාලේ  අපරාජිතයා පොඩි කොල්ලනේ (තොපි මං ලොකු එකා කියල හිතන් හිටියට මං තාමත් පොඩි කොල්ලෙක් තමයි බොලව්).ඉතින් අපේ තාත්තා තමයි රතිඤ්ඤා පත්තු කරන්නේ.

එක්කෝ ගහක අත්තක බැඳලා හුළු අත්තක් පත්තු කරලා රතිඤ්ඤා වැලේ කෙලවරට ගිනි තියල දුවන් එනවා.ගහට බඳින වෙලේට මාව වැඩේට හවුල් කරගත්තට පත්තු කරන කොට මට අහලකටවත් එන්න තහනම්.නැත්නම් එක්කෝ ලාම්පු තෙල් දාල පත්තු කරපු කුප්පි ලම්පුවකට රතිඤ්ඤා එක ගානේ අල්ලලා පත්තු කරලා ඈතට විසික් කරනවා.

ඒ කාලේ මට ඔය වැඩේ කරන්න දෙන්නෙම නැහැ.ඒ මටම තිබ්බ ආදරේට තමයි.ඒ උනාට නිලා නම් ගෙනත් දෙනවා.එව්වා පත්තු කරලා කරකොන කොට පට්ටම ආතල්.ඒ උනාට අපේ ගෙදරට අහස කුරු ගෙනල්ල පත්තු කරලා තියෙන්නේ එකම එක පාරක් විතරයි.

මෙන්න මේ කියන්න යන සිද්දිය වෙන්නේ 2002 අවුරුද්දේ එතකොට අපරාජිතයා ඉස්කෝලේ 8 වසර සුට්ටි කොල්ලා.අපේ තාත්තාගේ ගම මාතර, අම්මගේ ගම *****. අපි ඉන්නෙත් ***** ට ආසන්න නිසා හැම අලුත් අවුරුදු දවසකම අනිවා අම්මලාගේ මහ ගෙදරට කට්ටියම එකතු වෙනවා.

එහෙ ඉන්නේ අම්මගේ ලොකු අයියා.අපේ ලොකු මාමා (එයා දැන් ජිවතුන් අතර නැහැ). එයිට අමතරව එදාට අම්මගේ පොඩි අයියයි, මල්ලී; දෙන්නත් පවුල් එක්කම එනවා.ලොකු මාමගේ පුතයි, දෙවැනි මාමගේ පුත්තු දෙන්නයි, පොඩි මාමගේ පුතයි එදාට සෙට් වෙලා එකට පිස්සු කෙලින නිසා අපිට නම් ඒ කාලේ  පට්ටම ආතල්.

කාලය කොහොම වෙනස් වෙලාද කියල දැන් හිතෙනවා.දැනුත් සිරිතට අනුව අලුත් අවුරුදු දවසේ කට්ටියම මහ ගෙදරට එකතු උනාට දැන් එක එකා එක එකාගේ වැඩ ෆෝන් වලින් කොට කොටා.මං මගේ ලෝකේ(රංග අයියගේ බ්ලොග් එක ගැන නෙමෙයි කිව්වේ හොදේ) උන් උන්ගේ ලෝක වල.ඔක්කොටම මුල
කොහෙවත් යන ගෑණු පරාන.

ආයේ කතාවට එමු පිට පනිනවා වැඩිද මන්දා.ඔය අලුත් අවුරුදු දවසේ රෑට අපේ කොල්ලෝ සෙට් එකට පත්තු කරන්න අපේ ලොකු මාමා හැමදාම නිලා කුරුයි, අහස්කූරුයි ගෙනල්ල තියනවා.අහස්‌කූරු නම් තනියම පත්තු කරන්න බැහැ ඒකට දෙවැනි මාමාත් සෙට් වෙනවා.නැත්නම් ලොකු මාමාගෙන්ම  කන්න පුළුවන් හැමෝටම.

කොහොම හරි කට්ටිය දවල්ට කාලා, හවස ***** බීච් එකට ගිහින් පොඩි ජොලියක් දාලා, හවස ඇවිත් සෙට් එකම ඇඟ හෝදලා රෑට කන්න කලින් දුවන්නේ නිලා කූරුයි, අහස්කූරුයි පත්තු කරන්න තමයි.

ඔන්න මේ සිද්දිය වෙච්ච 2002 අප්‍රේල් 14 වෙනිදත් ඔය කියපු දේවල් ඒ විදිහටම උනා.එදා එකාට දෙක ගානේ අහස්කුරු පත්තු කරන්න හම්බුනා.හැබැයි පත්තු කරන්නේ දෙවැනි මාමා අපිට තියෙන්නේ අතේ තියාගෙන පත්තු කරන්න දෙන එක තමයි.

අහස්කූර කියන්නේ නිකන් රතිඤ්ඤා වගේ එක තැන පුපුරන එකක් නෙමෙයිනේ ඕක යවන්නේ අහසට; ගොහින් පුපුරන්න.ඉතින් මුලින්ම මම දුන්න මගේ අහස්කූරු දෙක පත්තු කරන්න කියලා.මාමා දෙකම මහගෙදර ගේට්ටුවේ යන්තම් හිර කොරලා පත්තු කළා.

අපි පත්තු කල සැනින් උඩ බලන් ඉන්නවා (ෆෝන් එකේ සල්ලි නැති වෙලා නෙමෙයි අහස්‌ කුර උඩ යනකන්) කෝ නැහැ.එත් එක පාර ඩෝන් ගෑවා බලද්දී උඩ යන්න බැහැ අනේ මෙහෙම හොදයි කියලා අහස්කුරු දෙක ඔන්ද ස්පොට් කලුරිය කොරලා.

ඊට පස්සේ අපේ එක මලයෙකුගේ එකක් අරගෙන එකක් විතරක් ගේට්ටුවේ හිර කළා.හිර කොරලා පත්තු කළා.ඔය ගේට්ටුව ගාවම තියනවා තඩි පොල් අඹ ගහක්.පත්තු වෙලා උඩ ගිය අහස්කූර අඹ අත්තක වැදිලා බිමට හැරුනා හරියටම ආවේ අපි හිටපු හරියට සෙට් එකම දිව්වා කාටවත් ආබාදයක් නැහැ.

වෙලාවටද මන්දා පිපිරුවෙත් නැහැ.ඒක පුස් එකක්.පිපිරුවනම් බඩු බනිස් තමයි.ඊට පස්සේ තමයි හොදම සිද්දිය වෙන්නේ.ඔය වැඩේ වෙච්ච වෙලාවේම අපේ දෙවැනි මාමාට ගේ ඇතුලෙන් කව්රු හරි කතා කරනවා.ඒක නිසා මාමා යනවා.

ඊට පස්සේ අපේ ලොකු මාමගේ පුතයි ( ඌ ඒකාලේ 6 වසර) දෙවැනි මාමගේ ලොකු පුතයි( ඌ ඒකාලේ 11 වසර) යන්නේ මෙහෙම දෙබසක්.ලේසියට මම ගයානුයි ඉසුරුයි කියන්නම්.

ගයාන්:- අඩෝ ඉසුරු අයියේ.මේ ගේට්ටුවේ හිරකරලා යවලා හරියනේ නැහැ බන්.දැක්කනේ දැන් වෙච්ච වැඩේ.
ඉසුරු:- ඔව් බං.මේ අපේ තාත්තට පිස්සු.වෙන තැනක් නැද්ද බං.?
ගයාන්:-අඩෝ අර අතන තියන කනේරු ගහේ අත්තේ එල්ලලා යවමුද.කෙලින්ම උඩ යනවා.ගසුත් නැහැනේ එතන.
ඉසුරු:-එල එල.අඩෝ මේ තොපි ඔතන හිටු මායි මූයි ගිහින් පත්තු කරන්නම්.
මම:- යකෝ මාමා නැතුව පත්තු කරලා තොපි අපිටත් කෙලවන්නද හදන්නේ.
ඉසුරු:-හරි හරි බං අවුලක් නැහැ.

ඔන්න මුන් දෙන්න ගිහින් අහස්‌ කුරක් පොඩි කනේරු පදුරක පොඩි අත්තක එල්ලනවා. අත්ත තියෙන්නේ කෙලින් නිසා ඉසුරු අයියා අත්ත නමලා අල්ලන් ඉන්නවා.ඒ  අතරේ ගයාන්කාරයට තියෙන්නේ ගිනිකූර වෙඩි නූලට අල්ලන එක.

අපි සෙට් එකම ඒ කියන්නේ අපේ අක්ක කාරයා පොඩි මාමගේ පොඩි එකීව අතේ වඩාගෙන මට ඉස්සරහින්, අක්ක ඉන්න තැනම පැත්තෙන් පොඩි මාමගේ පුතා, අපේ අක්කට හරියටම පිටි පස්සෙන් වගේ මම, මටත් පිටි පස්සෙන් අපේ දෙවැනි මාමගේ පුතා ඉන්නවා(ඌට අපි කසුන් කියමු)  අරුන්ගේ මල් අතු අහස්කුරු වික්‍රමය බලාගෙන එයිට මීටර් 8 ක් විතර එහායින්.

ඔන්න දැන් ජවනිකාව මවා ගනිල්ලා ගයානයා අහස්‌ කුරේ වෙඩි නූලට ගිනිතියනවා ඉසුරු අයියා මල් ගගේ අත්ත නමාගෙන.අරූ ගිනි තියලා හරි කියපු ගමන් ඉසුරු අයියා මල් ගහේ අත්ත අත අරිනවා.අහස්‌ කුර ඒත් තවම අත්තේ.හැබැයි අතහැරිය නිසා අත්ත පැද්දෙනවා.

එකපාර උඩ යන්න හදපු අහස්‌ කුර මොකක හරි වැදිලා හරියටම අපේ පැත්තට හැරුනා.හරියටම පොලවට සමාන්තරව කැරකි කැරකි අපේ පැත්තට එනවා.අපේ අක්කා කාරයා කෑගහගෙන  පැත්තට පනිනවා පොඩි ඒකිව බෙර ගන්නත් එක්ක වඩාගෙන ඉන්න. හුටා මෙන්න අහස්‌කුර හරියටම මගේ ඇස් මට්ටමට කෙලින් කැරකි කැරකි එනවා.

මට හිතා ගන්න බැරි උනා කරන්නේ මොකක්ද කියලා.මගේ වෙලවටමද මන්දා මට මීටර් එකක් විතර ළඟ ළඟ තියෙද්දී මම ඔලුව අත්දෙකෙන් බදාගෙන කඳ නමනවා පහතට.මට උඩින් අහස්‌ කුර ගෑවී නොගෑවී යනවා කියලා තේරුනා.

ඒත් කරුමෙටම මට පිටිපස්සෙන් හිටපු කසුන් මලයා(ඌ මට වඩා අවුරුද්දයි බාල.ඒ නිසා අපි දෙන්නගේ උසවල් ඒ කාලේ  සමානයි).ඕකට මොකුත් රිඇක්ෂන් එකක් දක්වන්න කලින්ම අහස්කුර ගිහින් උගේ මුණේ වදිනවා.

උඹලා දන්නවද කොතනද වදින්නේ කියලා.. කලබලේට ඌ මුණ හරවන්න යන හින්දා අහස්කූර උගේ නහයයි, දකුණු ඇසයි අතර තියෙන සියුම් තැන වදිනවා.ඕක අපි දන්නේ අහස්‌කූර බිම වැටිලා අපි සැනසුම් සුසුම් හෙලුවටත් පස්සේ ඌ අඬපු ඇඩිල්ල නිසා.

අපේ වෙලාවටමද මන්දා බොලව් ඒකත් පුස් අහස්‌ කුරක්.පිපිරුවේ නැතුව අරුගේ ඇහේ වැදුණු ගමන්ම බිම වැටෙනවා විතරයි.

කොහොම හරි මම කලින් කිව්වනේ අහස්කූර මොකක හරි වැදිලයි අපේ පැත්තට හැරුනේ කියලා.ඒක වැදිලා තියෙන්නේ අපේ ඉසුරු අයියගේ දකුණු ඇහි බෑමේ නහය පැත්තට වෙන්න කොටසේ.ඌ ඕක මාත් එක්ක කිව්වේ අරුගේ ඇහේ වැදිලා කියලා දෙවැනි මාමා දැනගෙන හොදවයින් කනේ පාරකුත් කෑවාට පස්සෙයි.

කසුන් කාරයව කට්ටිය එකතුවෙලා ලොකු මාමගේ වාහනේ දොස්තර කෙනෙක් ගාවට එක්ක යනවා. කොහොම හරි උගෙත් වාසනාව අහස්කුරෙන් ඇසට කිසිම හානියක් නැහැ ඒත් ඇහි පිහාටු වල තියෙන බැම ටිකක් පිච්චිලා විතරයි තිබුනේ.

ඉසුරු අයියගේ වම් ඇහි බෑමේ ඇතුල් බාගෙම නැහැ පිච්චිලා.අනික එතනින් ලේත් ගලනවා.අන්තිමට උගේ තුවාලෙටත් අපේ අම්මලා නැන්දලා එකතුවෙලා බේත් දානවා අරුව එක්ක ගිය අතරතුරේ.

හිතපන් ඒක වෙලාවට පුස් උනේ.අරුගේ ඇහේ වැදුණු ගමන් පිපිරුවනම් උගේ ඇස් දෙකම ඉවරයි අද.සමහර විට මට නැමෙන්න බැරි උනානම් කම්පියුටරේ දිහා බලන් දැන් ටයිප් කොරන මගේ දුප්පත් ඇස්දෙක අද නැහැ සමහර විට.

නැත්නම් මගේ උඩින් යනවෙලේ පිපිරුවනම් මේ ටයිප් කරන අතේ ඇගිලි නැහැ.ඉසුරු අයියගේ ඇහි බෑමේ වදින්නේ නැතුව උගේ ඇහේ වැදුනානම් අද උගේ ඇහැත් නැහැ.

අනේ මන්දා අපි ඔක්කොම මොනා නැතත් ලොකුම ලොකු පිනක් කරලා තියනවා ඒ වගේ දරුණුම සිද්දියකින් ජිවිත කාලෙටම ඉතුරුවෙන ආබාදිත තත්වෙකින් බේරෙන්න තරම්.සමහර ගොබිලෝ අහස්‌ කුරු පාරේ   බිම දිගේ යවනවා මං දැකල තියනවා.ඔව්වා කරුමෙට ඇවිත් පාරේ යන එකෙකුගේ ඇහේ වැදුනානම් පොඩ්ඩක් හිතපියව්.ලේසි නැහැ වැඩේ.

මම දැන් කියන ටික කියන්නේ කිසිම ලැජ්ජාවක් නැතිව.හිනා වෙනවනම් හිනවෙයව්.ඒ සිද්දිය වෙන්නේ මම 8 වසරේදී ඒ කියන්නේ 2002 දී.එදා ඉදන් මම අහස්‌ කූරක් අතින්වත් අල්ලලා නැහැ, නිලා කුරක් කරකවලා නැහැ, කොටින්ම අපේ ගෙදරට රතිඤ්ඤාවක් ගෙනල්ලත් නැහැ.

අපේ අනික් ගෙවල් වලත් එහෙමයි.අදටත් මේ අපරාජිතයා රතිඤ්ඤාවක් ගිනි කූරකට අල්ලලා පත්තු කරලා විසික් කරලා නැහැ.පොඩි කාලේදී එපා උන රතිඤ්ඤා වලට දැන් මගේ කිසිම ආසාවක් නැහැ.එව්වා වලට තියෙන්නේ දැන්නම් ජන්මාන්තර වෛරයක් විතරයි.

මම දන්නා තරමින් මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙක්ම මේ ලෝකෙට වටිනවා. පියාගෙන් පිටවුනු ශුක්‍ර ධාතුවල තියන මිලියන 100 ක ශුක්‍රානු වලින් වේගවත්ම එක ගිහිල්ලා සංසේචනය වෙලයි අපි මේ ලෝකෙට එලිය දකින්න වාසනාවක් ඇති කරගන්නේ.ඒ  999,999,999 ක ශුක්‍රානු ප්‍රමාණයක් පරද්දලා.එහෙව් තරගෙකින් ජය අරන් උපදින අපි හැමෝම වටිනවා මේ ලොකෙට අසීමිතව.

ඒක නිසා මොනා ඉලව්වකටද අපේ තියෙන කෑලි බෑලි කෙම්මල් මගුල් නිසා නැති කොරගන්නේ.අන්න එහෙම හිතෙන වාරයක් ගානේ මට ඔය ගිනි කෙලි එක්ක පුදුම වෛරයක් තමයි ඇති වෙන්නේ...

ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියෙනවද..... අපිත් දැනගන්නවට කැමති නැද්ද... කැමති නම් විතරක් විනාඩියක් අරන් පහලින් කොටලා යමුද...??

හැමෝටම ජය.....!!!
    

Thursday, April 14, 2011

සුබම සුබ මෙව්වා එකක් වේවා.......


ඔන්න ඉතින් සිංහල දෙමල ශ්‍රී ලාංකික  අපි හැමෝටම අලුත්ම අලුත් නව වසරක් උදා උනා කියහන්කෝ.... සුර්යය සංක්‍රාන්තිය මීන රාශියෙන් මේෂ රාශියට සිද්ද වෙනවත් එක්කම සිංහල හින්දු අපි හැමෝටම නවම නව වසරක් උදා වෙනවනේ..

ඉතින් ලංකාවේ හිටියා නැතා කියලා එව්වා අපි හැමෝටම ප්‍රශ්න නෙමෙයිනේ.මොන දිපන්කරයක හිටියත්, දුප්පත් පෝසත් කම් මොනවා මොක උනත් හැමෝම තමන්ට පුළුවන් උපරිමයෙන් අවුරුදු සමරන බව හැබෑව. ඔන්න එහෙනම් මගේ ප්‍රාර්ථනාව මෙහෙම ලියන්නම්..

ලැබුනා වූ මේ නව වසර සාමය, සතුට, සෞභාග්‍ය  සපිරුනාවූ ; කිරි පැණි ඉතිරෙන,  මල් පැණි බේරෙන, මල් පාත්ති  පවා පැළවෙන, ඇතිවූ මල් පරවී නොයන, තව තවත් මල් පිපෙන, පිපුණු මල් කැඩීමට හැකිවෙන (අම්මෝ මන් පොඩි එකා මන් ඔව්ව දන්නේ නැතෝ), ඇනුම් බැනුම් නොලැබෙන, බූට් නොකන, වෙන්න නැන්දම්මට හෝ මාමණ්ඩිට මාට්ටු නොවෙන, ටියුටෝරියල් අඩු වෙන, අයිස වැඩි වෙන, වාත නොවෙන, ස්ට්‍රෙස් අඩුවෙන, ෆන් වැඩි වෙන, කොකු නොවැටෙන, එක්සෑම් එහෙම ඇතොත් එව්වත් ගොඩ යන, කොටින්ම කෙටියෙන්ම කියනවනම් චාටර්,පජාත අප්පිරිය නොවූ ජොලි බර සොමි බර ෆන් ෆුල් මෙව්වා එකක් වේවා....

බැදපු කට්ටියට මෙව්වා අදාළ නොවේ නැත්නම් ආයේ පවුල් ආරවුල් කියවී. මෙන්න කිව්වා බැදපු අයට මෙතුවක් කල් කැඩූ මල් වලින් වැඩි වැඩියෙන් ඵලම බරවී රටේ ජන ග්‍රහණය වැඩි කිරීමට හැකි වන, වැඩක් කොරගෙන යද්දී පොඩි එවුන් පැමිණ කන් කුන් නොගාන, පවුල් ආරවුල් ඇති නොවන, යන යන තැන පිට කෙල්ලෙක් හෝ කොල්ලෙක් හැරිලාවත් නොබලන, හස්බන්ඩ හෝ වයිපරේ සමග සතුටින් සිටීමට හැකිවන, අඩුවෙන්න බොන්න ලැබෙන ආතල් පිරි මෙව්වා එකක් ම වේවා....

යකෝ මේපාර වැඩි වෙලාවක් පුණ්‍ය කාලේ තියනවනේ බඩගිනි බොලව් වතුරවත් බිව්වේ නැහැ මගුල තාම... මේ නැකත් හදන එව්වන්ට බැරි උනානේ පුණ්‍ය කාලය පැයකට දෙකකට සීමා කොරන්න.... එහෙනම් ඔන්න ආතල්  පිරි සුබ නව වසරක් වේවා....!!!

හෝව් හෝව් කියන්න අමතක උනා යකෝ මේ පාර අපේ පැත්තේ එච්චර රතිඤ්ඤා පිපුරුවේ නැහැනේ අප්පා... මං හිතන්නේ තිබ්බ ඔක්කොම ක්‍රිකට් මැච් එක වෙලේ පුපුරෝලා දාල අපේ ගොයියලා... මම නම් රතිඤ්ඤා, අහස්කුරු එක්ක ජන්මාන්තර වයිරයි එකට හේතුව මම ඊළඟ පොස්ට් එකෙන් අනිවා කියන්නම්..... හැමෝටම ජයෙන් ජයම වේවා....!!!