"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Saturday, June 18, 2011
මෙහෙම දෙයක් උනොත් ඔබ...???
මොනවා කරන්නද මචංලා.සතියේ මැද පෝයක් තිබ්බට කැම්පස් එක එදාට නිවාඩු උනත් ගෙදර එන්න හම්බුනේ නැහැ.අපේ කැම්පස් එකේ යාලුවෙකුගේ ගෙදරින් පොසොන් එකට මහා බත් දන්සලක් දුන්නා කුරුණෑගල.කෙලින්ම ඉතින් උන්ගේ ගෙදර ගියා දන්සලටත් එක්ක උදව් කරන්න කියලා..
ඔන්න අද තමයි ගෙදර ආවේ හුස්මක් කටක් ගන්න.ගොඩ කාලෙකින් මගේ කෙහෙම්මල් බ්ලොග් එක කියෝන කාටවත් වැඩකට ඇති මගුලක් මම කිව්වේම නැහැනේ නේද.කිව්වෙම එක එක හුට පටනේ. ඔන්න ඉතින් මට ආයෙත් හිතුනා ජිවිතයට ගන්න පුලුවන් ආදර්ශයක් තියෙන සත්‍යය සිදුවීමක් කියන්න...
මේක මට ආපු E-mail එකක තිබ්බ ටිකක් විතර පරණ සිද්දියක්... කියවපු කට්ටියත් ඇති.ඒකට සමාව ඉල්ලනවා.කඩ්ඩෙන් තමයි තිබ්බේ..මට පුලු පුලුවන් විදිහට සිංහලට හරවලා තමයි දැම්මේ...ඔන්න එහෙනම් කතාව...
බොහෝම ආදරයෙන් ජීවත් උන එක විවාහක යුවලකට විවාහයෙන් පස්සේ ගොඩාක් කාලයක් යනකන් දරු සම්පතක් ලබන්න තරම් වාසනාවක් තිබ්බේ නැහැලු... එක එක තැන් වලින් දහසක් දේ කරලා අන්තිම ප්‍රතිපලය විදිහට අවුරුදු 11 කට පස්සේ පිරිමි දරුවෙක් ඉපදුනාලු...
(ලංකාවෙ නම් අවුරුදු 11 ක් බලන් ඉඳීවි යෑ.දෙන්නා දෙපැත්තට වරද පටවලා අතක් පයක් ගලව ගන්න තරම් වලියකුත් දාගෙන දික්කසාදේ කියන කොල කෑල්ලට කටු ගාවි "හිඟා කක කොළපතක් අරන් - ලුණුයි බතුයි කමුකො රත්තරං" කියපු කටවල් වලින්ම මුලත් අමතක කොරලා)
ඔන්න මෙහෙම ඉපදුනු ඒ කොලු පැටවා අවුරුදු දෙකක් වෙනකන් කිසිම අතුරු ආන්තරාවක් නැතිව හොඳට සැපසේ හැදුනලු.. දවසක් මේ කොලු පැටවගේ තාත්තට තමන් බෙහෙත් විදිහට ගන්න අධි රුධිර පීඩන පෙති (ප්‍රෙෂර් පෙති) බොතලයෙන් පෙති අරගෙන උදේ කෑමෙන් පස්සේ බෝතලේ පියන වහන්න අමතක උනාලු.
ඒත් වැඩට යන්න ලැහැස්ති වෙලා යන්න හදන කොට මේසේ උඩ තියලා තිබ්බ මූඩිය විවෘත බෙහෙත් බෝතලේ දැක්කලු.ඒත් ඒ වෙනකොට වැඩට යන්න දැනටමත් පරක්කු වෙලා තිබ්බ නිසා සිය ආදරනීය බිරිඳට කිව්වලු බෙහෙත් බෝතලේ මූඩිය වහලා කබඩ් එකෙන් තියන්න කියලා පොර වැඩට ගියාලු.
ඒත් අතිශය ගෙදර වැඩ වලට කාර්ය බහුල වෙලා හිටපු කාන්තාවට තම ස්වාමි පුරුෂයා කියපු දේ මුලුමනින්ම අමතක වෙලා ගියාලු. ගේ ඇතුලට වෙලා සෙල්ලම් කර කර හිටි පොඩි එකා මේ බෙහෙත් බෝතලේ දැකලා ඒකත් සෙල්ලම් කරන්න ගත්තලු.
ඒක ඇතුලේ තිබ්බ පාට පෙති වලට වහ වැටිලා පොඩි එකා පෙති ටික ඔක්කොම ගිල්ලාලු... (පොඩි කාලේ මාත් ඔහොම හැකරැල්ලෙක්ව කටේ දාගෙන තියනවාලු.මටනම් මතක නැහැ මේ අපේ අම්ම තමයි කිය කියා අදටත් කින්ඩි දාන්නේ හැකරැල්ලො දැක්ක ගමන්.. කොහොමත් දුටුදේ කටේ දා ගැනීම පොඩි උන්ගේ පුරුදදනේ)
කොහොම හරි බෙහෙත් පොඩි එකාට විෂ වෙලා පොඩි එකා සිහි නැතිව ඇදගෙන වැටෙනවා අම්මා දැකලා පොඩි එකාව ඉක්මනටම ඉස්පිරිතාලෙට එක්කගෙන ගියාලු..ඒත් අවාසනාවකට පොඩි එකා ඒ වෙනකොටත් ජිවිතයෙන් සමු අරගෙන ගිහින් ඉවරලු...
තමන්ගේ දරුවගේ මරණයත් හිතින් දරාගෙන තමන්ගේ ස්වාමියාට මුහුණ දෙන්න ගොඩාක් බයෙන් ගැහි ගැහි ඒ ගැණු කෙනා කල්පනා කර කර හිටියලු..මේ සිද්දිය ආරංචි උන ගමන්ම පොඩි එකාගේ තාත්තාත් ඉස්පිරිතාලෙට ආවලු...
ආපු ගමන්ම තමන්ගේ පොඩි එකාගේ නිසල දේහය තමන්ගේ දෑස් ඉස්සරහයින් තියනවා දැක්කලු... තම දරුවගේ වියෝවත් දරාගෙන ඒ මනුස්සයා තමන්ගේ බිරිඳ දිහාට හැරිලා වචන කීපයක් කටින් මිමිනුවාලු...
උඹලට හිතා ගන්න පුලුවන්ද ඒ වචන ටික මොකක්ද කියලා... අපි පොඩි සෙල්ලමක් කරමු... මේකට උත්තරේ උඹලට කියන්න වෙනමම පොස්ට් එකක් දාන්න බැහැනේ..අනික භාගෙට දැම්මා කියලා මට කුනු හරුප අහගන්නත් බැහැනේ...
මෙතනින් පහලට යන්න කලින් මේ කතාවෙන් කියන්න හදනෙ මොකක්ද කියලයි, ඒ මනුස්සයා තමුන්ගෙ බිරිඳ දිහාට හැරිලා මිමිනුවේ මොකක්ද කියලයි හිතපියව්... හිතුවනම් මෙතනින් යටට පොස්ට් එකේ පේජ් එක මවුස් එකෙන් කොනක ඉදන් ක්ලික් කරගෙන පහලට ඇදගෙන ගිහින් Highlight කරලා බලහල්ලා. Font Colour එක Dark Blue වලින් ඉතිරි හරිය දාලා තියෙන්නේ..
පිරිමි කෙනා සිය බිරිඳට කිව්වේ
"මම ඔයත් එක්කයි මගේ කෙල්ලේ" කියලයි... මේක කියවපු කිසිම කෙනෙකුට හිතුනද පිරිමි කෙනා ඒ විදිහට තමුන්ගේ බිරිඳට කතා කරාවි කියලා............
පොඩි එකා මැරිලා ඉවරයි..ආයේ කවදාවත්ම ගේන්නවත් පණ දෙන්නවත් බැහැ.පොඩි එකා මැරුණ එකට තමුන්ගේ බිරිඳව කාලා වැඩක් නැහැනේ.. වෙන්න තියන දේ උනා..ඒකට වරද ගැණූ කෙනා පිට පටවන්න බැහැ..
එයාට පුලුවන් උනානම් මතක් කරලා බෙහෙත් බෝතලේ මූඩිය වහලා රස්සාවට යන්න එහෙම දෙයක් නොවෙන්න ඉඩ තිබ්බා.මැරුනේ පිරිමි කෙනාගේ වගේම ගැහැණු කෙනාගෙත් දරුවා...
පිරිමි හිත් වලට වඩා ගොඩාක් දුර්වල වෙන ගැහැණු හිතක් තමන්ගේ දරුවගෙත් වියෝ වේදනාවත් දරාගෙන තවත් මනුස්සයගෙනුත් කුණු වෙන්න බැණුම් ඇහුවා නම් මොකක් වෙන්න තිබ්බද..?තමන්ගේ බිරිඳට තමුන්ව ඕනම වෙලාවට ඒ මනුස්සයා ඒක ලබා දුන්නා...
හැම කෙනෙකුටම ජීවිතය දිහා මේ විදිහට බලන්න පුලුවන් උනා නම් මේ ලොකේ තියෙන ප්‍රශ්න ගොඩාරියක් අඩු වෙන්න තිබ්බා නේද...???
"සැතපුම් දහස් ගානක් දුර ගමනක් ආරම්භ වෙනේ අද දවසෙ ඔබ තබන එක පියවරකින්" අද දවසෙ ඉඳලවත් තමුන්ගෙ තියන ඊර්ශ්යාකම්,වෛර කිරීම්,පලි ගැනීමේ චේතනා,බිය වගේ දෙවල් සියල්ල ගලා යන වතුරකට විසික් කරලා ජීවිතය දිහා බලන්න.
එදාට ඔබට වැටහේවි මේ ලෝකයේ තමුන්ට සිදුවන දේවල් ඇත්තටම තමුන් සිතනා තරම් අපහසු නැති විත්තිය..ජීවිතයේ අපි ගොඩාක් වෙලාවට කාලය නිකරුනේ කාලය නාස්ති කරනවා කව්ද මේකට වග කියන්න ඕනෑ, කාටද මේකට බනින්න ඕනෑ කියලා රට බයිලා හොය හොයා...
ඒත් අපි නොදැනුවත්වම ඒ කරන ලද දෙයින් අපි දන්නේත් නැතුවම මනුස්සකම කියන උතුම් බැඳීම සදහටම අපෙන් ටික ටික ඈත් වෙලා යාවි නේද...??
මෙහෙම දෙයක් මට උනා නම් සමහරවිට මමත් වලිගේ හපාගෙන මගේ කෙනාට බණින්න පුලුවන් මතුදාක.. ඔයාලට මෙහෙම දෙයක් උනොත් කොහොම හැසිරේවිද....???ටිකක් හිතලා බලන්න...
ඔයිට කලින් එකම පාරක් මේ වගේ පොස්ට් එකක් දැම්මා... කැමතිනම් මෙතනින් ගිහින් ඒකත් කියවන්න..... හැමෝටම ජය වේවා....!!!
Labels:
ජිවිතයට බිඳක්
Subscribe to:
Post Comments (Atom)
අදමයි කියවන්න ආවෙ සහෝදරයා.ඔව් ආදර්ශවත් කතාවක්.අපේ මූලග්ගාට තියෙන,හැම වැරැද්දම ගැණු මත පටවන මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්.
ReplyDeleteඔන්න සුනකයා කියන ගෙනාම පලමු කොමන්ටුව දෑන්ම.
ReplyDeleteඅපි ගොඩක් වෙලාවට හැගීම් බර වෙලා හදිසි තීරණ ගන්නව. නමුත් කරන්න ඕනෙ මොලයෙන් කල්පනා කරන එක.
ReplyDelete'පිරිමි හිත් වලට වඩා ගොඩාක් දුර්වල වෙන ගැහැණු හිතක්' - මේක නං එහෙම නෙවෙයි නේද? ගැහැණු පොඩි දේටත් අඬනව තමයි. හැබැයි මම දන්න විදිහට නං පිරිමින්ට වඩා සෑහෙන්ඩ දරා ගැනීමේ හැකියාවක් තියෙනව ගැහැණු හිත් වලට.
හොඳ තීරණයක් අරන් තියෙන්නෙ ........
ReplyDeleteවෙන මොන දේ කලත් මැරුණ දරුවට පණ එන්නෙ නැහැනෙ ....
ඔව් ඒවෙලේ සැමියා කරපු දේ හරි.. හිතේ කොයිතරම් දුකක් තිබුනා උනත් කේන්ති නොගෙන එහෙම කරපු එක ලොකු දෙයක්.. මොකද එතන දෙන්නගෙම අතපසුවීම් තියෙන නිසා...
ReplyDelete@beleka:- පිලිගන්නවා යාලුවා සාදරයෙන් මගේ බ්ලොග් එකට..... ඔව් බන් ගොඩක් වැරදි ගැහැණිය පිට පටවන පිරිමින්ට මේක හොඳම හොඳ ආදර්ශයක් තමයි....
ReplyDelete...................................................................................................................................................................
@ගිනි අව් සහ ගිනි කෙලි:- නැහැ මිත්‍රයා ඔබ දෙවනියා.. :))
......................................................................................................................................................................
@මුහුදු කොල්ලකාරයා:- අනිවාර්යයෙන්ම මචෝ උඹත් එක්ක 100% ක් එකඟයි.. සමහර වෙලේකට පොඩි එවුන් වගේ ඇඬුවට සමහර වෙලාවකට පිරිමි අපිට වඩා දුකක් දරා ගන්න හැකියාවක් ගැහැණියකට තියනවා අනිවා.....
@පන්සල් හංදිය:- සහතික ඇත්ත අයියා.... උන දේ මත්තේ නැහිලා තියන දේවල් නැති කරගන්න එක ලොකු අපරාදයක්.....
ReplyDelete...........................................................................................................................................................................
@Dinesh:- ඔව්.... වැරැද්දට ගැහැණු කෙනාටම බැනලා වැඩක් නැහැ.... දෙන්නගේම අතපසු වීම් නිසා තමයි එහෙම දෙයක් උනේ.....
:) අර්ථවත් කතාවක්!
ReplyDeleteගොඩක් අය හිතන්නේ අනිත් අය කරන හැම දේම වැරදියි කියල. තමන් අතින් වරදක් වුනත් චූටි කොනක හරි හොයල තමන් නිර්දෝශීවෙලා ඒක එහෙමපිටින්ම අනිත් කෙනාට පටෝනවා..
ReplyDeleteගොඩක් ආදර්ශවත් කතාවක්
පිස්සු හැදෙනවා මචෝ එහෙම කියන්න මනුස්සයෙක්ට හිතෙනව කියල හිතෙද්දිත්~
ReplyDelete~ඔන්න මිනිස්සු. ඉගෙන ගන්නවනම් ඔන්න කතාව~
ReplyDelete@malee_msg:- ඔව් මචෝ මම ඒ වගේ එකක් ලිව්වමද කොහෙද.. :)
ReplyDelete........................................................................................................................................................................
@තාරක Dilsh@n:- ඔව් බං අර කියමනක් තියෙන්නේ තමුන්ගේ ඇහේ තියන පොල් පරාලේ පේන්නේ නැහැ අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද පේනවයි කියලා...
................................................................................................................................................................
@Sabith:- අනිවා ඕක කියවද්දි මාවත් කොර උනා බං.....
................................................................................................................................................................
@සිහින ඉසව්ව:- ඔව් බං... ඉක්මනින් මද කිපෙන අයට කියවලා හැදෙන්නයි බං දැම්මේ.....
බොහොම ආදර්ශමත් කතාවක්.. අපිටත් පාඩමක්.. මුලික වරද මනුස්සයාගේ හින්ද එයාට කොහොමත් අයිතියක් තිබුනේ නැහැ බිරිඳට බනින්න.. බිරිඳ එහෙම කලා නම් වෙන දෙයක්.. කොහොමත් මේ කතාවේ දෙපොඅත්හ්ක් තියෙනවා. පුංචි උන් ඉන්න තැන වල බෙහෙත් ඔහොම තිනන්න එපා කියල හැම බෙහෙත් පැකට් එකකම බෝතලෙකම ගහල තිබුනට කවුද පරිස්සම් වෙන්නේ ? මේ වගේ සිද්දි මම ගොඩක් අහල තියෙනවා.. අනිත් එක දුකක් දරා ගැනීමේදී දෙන්න එකට දරා ගන්නවා මිස එක්කෙනෙක් පිට වරද පැටවීම හරි නැහැ කියන එක.
ReplyDelete@සරත් ලංකාප්‍රිය:- ඔව් අයියා...ඒ උනාට ලන්කාවේ තත්වේ ඕක නෙමෙයි... ගොඩක් අය බලන්නේ දුක සැප එකට බෙදා ගන්න නෙමෙයි... අනිකා පිටා කොහොම හරි වරද පටවලා තමුන්ගේ අත පිහදා ගන්නයි..... මේකනේ සිද්දිය... තෝව මට එපා පල යන්න කියලා රටිනුත් තමුන්ගේ තාත්තා පිටුවහල් කරපු එකෙකුගෙන් (විජය) පැවත එන ජාතියක්නේ බං මේ සින්හල කියන්නේ ඒක නිසා වෙන්න ඇති....
ReplyDeleteනියම ආදර්ශයක් මචං...
ReplyDeleteඅපේ සමාජයත් මේ විදිහටම හිතනවා නම් කොයි තරම් සුන්දරද අයියෙ?ඒත් අපේ ලංකාවෙ මිනිස්සු අනිත් එකාගෙ පිට වරද පටවන්නමයි බලන්නෙ.ගහ මරා ගන්න එක විතරයි
ReplyDeleteනයිස් පෝස්ට්!
ReplyDeleteමචං ඒ විදිහට හිතන්න පුලුවන්නම් අපි ආඩම්බර වෙන්න ඕනේ. ඒත් අපි නිතරම හිතන්න පුරුදුවෙලා තියෙන්නේ කාට හරි වරද පටවන්න නේ. ඇත්තටම මේ විදිහට හිතන්න පුලුවන්නම් ලෝකේ ලස්සන තැනක් වේවි...
ReplyDeleteජය...
@prasanna86k :- ආයෙත් අහලා මචං.........
ReplyDelete...........................................................................................................................................................................
@කඩේ හාමිනේ:- ඔව් නංගියෝ..... මොනවා කරන්නද සිංහල කියන අකුරු හතරේ හැටි තමයි....
..................................................................................................................................................................
@චතුවා (ළමයා):- තෑන්ක්ස් මචෝ.............
..................................................................................................................................................................
@Gayan Rupasinghe:- ඔව් මචෝ ඒ ලස්සන අපිට දකින්න පුලුවන් වෙන්නේ අපේ ආකල්ප හදා ගත්තොත් විතරයි බං............ ජය වෙවා...!!
ඇත්තටම මම මේ වගේ කතාවක් කවදාකවත් අහලා තිබ්බේ නෑ . ඇත්තමයි ඒක වටින කතාවක් . ඔයවගේ දෙයක් මට වුනානම් මම කොහොම හැසිරේවිද මන්දා ?
ReplyDeleteමම හිතුවේ හිතාගන්න බැරි තරම් අමු කුනු හරප වලෛන් අර මනුස්සයා ගෑනිට බයින්න ඇති කියලයි ... එල කිරි පෝස්ට් එකක් මචං .. මේවගේ ඒවා ආසාවෙන් කියවනවා
ස්තූතියි මේක දැම්මට ..
මමත් අදමයි මේ බ්ලොග් එක කියවන්න එන්නේ. ලස්සන කතාවක් මේක ගොඩක් අයට ලොකු ආදර්ශයක්. දෙයක් උනාට පස්සේ ඒකට කෑගහලා වැඩක් නෑ.
ReplyDeleteයකෝ අන්න නියම "මිනිහෙක්".....
ReplyDeleteඅපි හැමෝටම ගන්න දෙයක් තියෙන කතාවක්.. බෙදාගත්තට ස්තූතියි!
ReplyDeleteහොඳ පෝස්ට් එකක්....
ReplyDeleteඅපි හුඟක් වෙලාවට හැඟෙම් බර වෙලා වැඩ කරනවා... අර කතාවක් තියෙන්නේ...
ReplyDeleteසතුටින් ඉන්න වෙලාවට පොරොන්දු වෙන්න වත්... තරහින් ඉන්න වෙලාවට තීරන ගන්නයි එපා කියල.
@හිස් අහස:- එල මචං උඹලට මගේ පෝස්ට් එකක් කියවද්දී ආසා හිතෙනවා නම් ඒක තමයි බං මගේ සතුට......
ReplyDelete..........................................................................................................................................................................
@මධුරංග:- සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා.... ඔව් ගිය හකුරට අඬ අඬ තියෙන හකුරත් නැති කර ගන්නවාට වඩා ඒ දේ රැක ගන්න පුලුවන්නම් ලොකු දෙයක් නේද.....
...................................................................................................................................................................
@කිඩෝ:- සිරා මචෝ නියම මනුස්සයේ මනුස්ස වෙසින් ඉන්න......
@චතූ:- අනිවා මචෝ උඹලට දෙයක් ගන්න පුලුවන්නම් එකයි මගේ සතුට.....
ReplyDelete.........................................................................................................................................................................
@Observer:- හුටා මෙන්න ඔබා අයියත් මේ පැත්තේ කරක් ගහලා..... ගොඩක් ස්තුතියි.....
......................................................................................................................................................................
@පිස්සා පලාමල්ල:- සිරාම කියමනක් පිස්සා අයියා.... ගොඩ වැඩුනට ගොඩාක් ස්තුතියි.... මගේ බ්ලොග් ගුරා නොවැ.... හික් හික්.....