"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Saturday, May 21, 2011
ඔබ දුටු ඒ මුල් දිනේ....
අද ඉදන් සැරෙන් සැරේ මගේ ආදර කතාව මේ බ්ලොගයේ දිග හැරේවි.. මේ ආදර කතාව ලියන මොහොතේ පවා මන් දන්නේ නැහැ මේකේ අවසානය දුකක්ද සතුටක්ද කියලා.ඒකට හේතුව මම කලින් පොස්ට් එකකින් කිව්වා.ඒක කියවපු නැති කව්රු හරි ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක කියවල එන්න.
මගේ ආදරයේ අලුත්ම විස්තර කියනවනම් කෙල්ල දැන්නම් ටිකක් ශේප්.එත් අනේ මන්දා.කාලයට ඉඩදිලම බලනවා වෙන දෙයක් වෙන්නේ නැතැයි. මෙන්න එහෙනම් මගේ අදර කතාව මේ විදිහට බ්ලොගයේ දිග හැරේවි....
උබලට මතක ඇති ජීවිතේම කියල හිතන් ආදරය කරපු කෙල්ල හේතුවක් නැතිව අපේ සම්බන්ධෙ නවත්තපු හැටිත්, මම ඒකිව හම්බු වෙන්න යනකොට අලුත් කොල්ල එක්ක නැලවී නැලවී අතින් අල්ලන් පන්තියෙන් එලියට බැහැපු හැටිත්.
ඒ 2010 පෙබරවාරි 12 වෙනිදා.. ඒක කියවපු නැති කවුරු හරි ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් එකත් කියවල බලහන් කැමතිනම්.
කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරලා බූට් එකක් කෑවාහම ඒ කෙල්ල මත්තෙම නැහි නැහි ඉන්න බව ඇත්ත.ඒත් මට සශිනි කල බලුම බලු වැඩේ නිසා මගේ සම්බන්ධෙ එදා නැවතුනේ එකී ගැන මහත් වූ කල කිරීමකින්.
මන් එදා මටම හිතා ගත්තු දෙයක් තිබ්බා.ඒ දුරින් ඉන්න කෙල්ලෙක්ට වඩා ලගින් ඉන්න කෙල්ලෙක් එක්ක යාලු වෙන ඒක කොච්චර සැපක්ද කියලා...
මම නමින් අපරාජිතයා.ඉගෙන ගන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසර අන්තිම හරියේ ශිෂ්‍යයෙක් විදියට.වයස තාම අවුරුදු 21 හමාරයි.මම සතියකට සැරයක් සදුදා උදේ පාන්දර ගෙවල් ලග ස්ටේෂන් එකෙන් 5.55 ට එන කෝච්චියේ නැගලා තමයි කැම්පස් යන්නේ.හැම සතියකම සිකුරාදා හවස මරදානෙන් 4.35 හරි 5.00 හරි කෝච්චියේ තමයි ගෙදර එන්නේ..
කවදාවත් අපේ ස්ටේෂන් එකෙන් 6.40 ට එන "මුතු කුමාරි" කියන පානදුර දක්වා යන එකේවත් 7.05 ට එන "මෙන්ඩිස් කියන කොටුවට විතරක් යන කොච්චියෙවත් යන එකෙක් නෙමෙයි.ඒකට හේතුව මම ඒකාලේ ලෙක්චර්ස් කට් නොකරපු හොඳ ළමයෙක් නිසා හැමදාම 8.00 ලෙක්චර් ඒකට ඉන්න බලන් උදෙන්ම යනවා.
දැන්නම් ආගිය අතේ ලෙක්චර්ස් කට් කරනවා ඒක වෙනම කතාවක්.ඒකට හේතුව ලෙක්චර්ස් මෙලෝ රහක් නැති කැම්පස් එකේ කැන්ටිමේ කෑම වලටත් වඩා අන්තිම පිළිකුල්, ලොන්ත පෝල් නිසයි.එයිට හොදයි ඒ වෙලාවේ හොස්ටල් ඒකට වෙලා බාන එක (පාඩම් කරන එක).
මෙන්න මේ සිද්දිය උනේ 2010 පෙබරවාරි 25 වෙනිදා.මම උබලට "බුට් කෑවාට පසු නාපු බාල්දිය" පොස්ට් එකෙන් කිව්වා මතකයි මට හරියටම බූට් එක වැදුණු පෙබරවාරි 12 වෙනිදා අපේ කැම්පස් එකේ එක්සෑම් එකකට පාඩම් කරන්න නිවාඩු දුන්න දවස කියලා.
ඒ එක්සෑම් ඒකට රෙජිස්ටෙර් වෙන්න දිනය නියමිත වෙලා තිබ්බේ 2010 පෙබරවාරි 25 වෙනිදා උදේ 9.00 සිට.ඉතින් 9.00 වෙද්දී ඉන්න ඕනේ නිසාත් කලින් ගිහින් වැඩක් නැති නිසාත් මන් එදා හිතුවා ගෙවල් ළඟ ස්ටේෂන් ඒකට 7.05 ට එන කෝච්චියේ නැගලා කැම්පස් යනවා කියලා.
කොහොම හරි පෙබරවාරි 21 ඉරිදා කරාතේ ටුනමන්ට් එකක් තිබිලා.ඕකෙන් මගේ උකුල් සන්දිය ගාව මාංශ පේශි වගයක් ඇදිලා බොහොම අමාරුවෙන් තමයි හිටියෙත්.ඒත් රෙජිස්ටෙර් වෙන්න යන්නම ඕනේ නිසා අමාරුවෙන් නොන්ඩි ගගහා ගියා.
ඔහොම නොන්ඩි ගගහා බොහොම අමාරුවෙන් මම ස්ටේෂන් එකට යන කොට කවදාවත් දැකපු නැති සුදුම සුදු හුරු බුහුටි කෙල්ලෙක් තවත් කෙල්ලෙක්,අක්ක කෙනෙක් හා තවත් මැදි වයසේ ඇන්ටි කෙනෙක් එක්ක එකට කල්ලි ගැහිලා ඉන්නවා.
මම නොන්ඩි ගගහ යනවා දැකලද මන්දා නැත්නම් කවදාවත් නොදැකපු අමුතු සතෙක් ස්ටේෂන් එකට ආව නිසාද මන්දා මේකි මං දිහා බොහොම අනුකම්පාවෙන් වගේ බලනවත් දැක්කා.අපේ කැම්පස් එකේ ඩෙනිම් ඇදන් යන්න බැහැ.ඇදන් යන්න ඕනේ කලිසම් ඇදලා ෂර්ට් යටකරලා සපත්තු දාගෙන.ඒ තමයි හැටි.හරියට නිකන් ඔෆිස් යනවා වගේ තමයි අපි කැම්පස් යන්නේ.
මම ඉතින් ටිකක් පිලිවලට ඇදලා හිටිනිසා ඩීසන්ට් එකේ හිටියා පච වේවි අර "ගෝල් ෆිෂ්" වගේ පැණි පාර දෙන්න යන්නේ නැතුව :)
අනික මම ජිවිතේ කවදා හරි ඉස්සෙල්ලම කෙල්ලෙක් දැක්කොත් ඒකිව එච්චර තඹේකට ගණන් ගන්න යන එකෙක් නෙමෙයි.පොර ටෝක් වත් මම අලි ලස්සන එකෙක්වත් නෙමෙයි.ඒත් ඒ මගේ පුංචි කාලේ ඉදන් හැටි.හැබැයි අක්කා කෙනෙක් හරි ඇන්ටි කෙනෙක් හරි නැත්නම් පිරිමි ඕනෑම වයසක කෙනෙක් දැක්කොත් දත් 32 ම පෙන්නලා හිනා වෙලා කතා කරන්න කැමතියි.
එහෙම උනත් අරම කෙල්ලෙක් දැක්කොත් ඒකිට නොපෙනෙන්න හොරෙන් බැල්ම නම් දානවා අනිවා ඩෙෆා. ඇයි යකෝ මං කියලා අමුතු සතෙක් යෑ.ඔන්න එක්සෑම් එකට නිවාඩු දුන්න මාසේ නිසා එච්චර කැම්පස් පැත්තේ යන්නේ නැති නිසාත් මම පෙබරවාරි මාසෙට කොච්චි සීසන් ගත්තෙත් නැහැ.
සීසන් එක රුපියල් 180 යි.මාසෙට යන්නේ එන්නේ දවස් 4 යි. සදුදා යනවා සිකුරාදා එනවා.එක ගමනකට ටිකට් එක රු 25 යි.යකෝ සීසන් ගත්තයි කියලත් මට ලාබයක් වෙන්නේ රුපියල් 20 ක් විතරයි. ඒ නිසා කොහොමටත් පෙබරවාරි මාසේ සීසන් ගත්තෙම නැහැ.
ඔන්න දැන් මේ කෙල්ල හිටි තැනත් පහු කරලා කකුල ඇද ඇද ගිහින් කොච්චි ටිකක් එක ගත්තා.අරන් ඇවිත් කෙල්ල හිටි තැනට ටිකක් ලඟින් මමත් පැත්තට වෙලා ඉන්න කොට මුන් ටික සැරෙන් සැරේ මං දිහා බලනවා හොරෙන් හොරෙන් දැක්කා නිකන් අනුරාධපුරේ ඉදන් රිලවෙක් මෙහෙට බැහැලා වගේ.(දැන්නම් කියනවා මෙයා එදා බැලුවේ මං දිහා නෙමෙයිලු.එක මං දන්නේ නැහැ)
සුපුරුදු පරිදි කෝච්චිය ආවා.ඒකට එන අදුරන අපේ ගෙවල් එහා පැත්තේ ඉදන් එන අයිය කෙනෙකුත් සෙට් උනා කොළඹ ජොබ් එකක් කරන.ඌත් එක්ක කයිය ගගහා තමයි එදා කැම්පස් ගියේ.එදා සිද්දිය ඔය විදිහට ඉවර උනා.
තාමත් ඒ කෙල්ල මට ජිවිතේ එදිනෙදා දැක්කා කෙනෙක් විතරයි.මම ඒක ගැන එච්චර හිතන්න ගියෙත් නැහැ එකියක් මට බූට් එකක් ලග නමලා තිබ්බ නිසා.ඒක තමයි එයාව දැක්කා ප්‍රථම දවස අදටත් නිකන් අද ඊයේ වගේ මතකයි.2010 පෙබරවාරි 25...
අදට පොස්ට් ඒක මේ ඇති. මම කැමති නැහැ කාටවත් කුතුහලයක් ඇති වෙන විදිහට ඇද ඇද කතා දාන්න. ඒකයි පහුගිය කොටස් වශයෙන් දාපු කතා ලග ලග දවස් දෙක තුනේම දාල ඉවර කලේ.ඒත් මේකට එහෙම කරන්න බැහැ ටිකක් බබල් ගම් කරන්න වේවි.
එකක් මට කැම්පස් එකේ අදික වැඩ.අනික ටයිප් කරද්දී පිස්සු හැදෙනවා.මගේ ආදරේ ඊලග පොස්ට් එකෙන් හමු වෙනකන් රැදී සිටින්න අපරාජිතයා සමගින්.....
ඔබ සැමට ජය වේවා.....!!!
Labels:
ගලා යන ආදරය
Subscribe to:
Post Comments (Atom)
කිසිම දේකට සැලෙන්න එපා ........ අපි ඉන්නවා උඹත් එක්ක මල්ලි .........
ReplyDeleteමචෝ අයියේ,උඹේ ඉස්සෙල්ල පෝස්ට් එකට මම මෙතෙක් කාලෙකට දාපු දිගම කමෙන්ට් එක ලිව්වා.මොකක්ද කරුමෙකට ඒක පබිලිස් කරද්දි නාඩගමක් වෙලා කෙළ උනා...දුක තමා.ආ අයියේ තව එකක්......
ReplyDeleteඋඹේ හිතේ ඔය සීන් නිසා පොඩි හරි දුකක් තියෙනම් ලියපං අපටත් කියවන්න....එහෙම ලියන එකෙන් උඹේ හිත නිදහස් වෙනවා.අනික අපිත් උඹ එක්ක ඉන්නකොට අපටත් ඒ සිද්ධි වලින් ගන්න දේවල් බොහොමයි......උඹ ඔය ලියන ඒවට එක එකා බැන්නොත් ගණන් ගන්න එපා.මොකද කට්ට කාපු එකා තමා ඔය රහ දන්නෙ.මමත් ඕකේ රහ විඳලා තියෙනව...කොහොම උනත් උඹ උඹේ අධ්‍යාපනේට අංක 1 දීපං.ඊට පස්සෙ දෙමාපියන් ගැන හිතපං...පස්සෙ කෙල්ලො ගැන හිතපං....
කෙල්ලොනම් මට සතේකට විස්වාසත් නෑ ,තඹේකට ගන්න ගන්නෙත් නෑ,ගොඩක් කෙල්ලොන්ට මහ සක්කිලි ගති තියෙන්නේ,
ReplyDeleteකතාවනම් නියමේට යනවා වගේ දිගටම ඔය කතාව දාපන්,අනික කල්හාර කිවා වගේ ඔන අව්ලකට අපි ඉන්නවා බන්,...
ගෑනු ජතිය ,
ජරා ජාතිය,
ගලේ ගහලා ,
මරාදාපිය...............
මං දිහා බලනවා හොරෙන් හොරෙන් දැක්කා නිකන් අනුරාධපුරේ ඉදන් රිලවෙක් මෙහෙට බැහැලා වගේ.(දැන්නම් කියනවා මෙයා එදා බැලුවේ මං දිහා නෙමෙයිලු.එක මං දන්නේ නැහැ) :-
ReplyDeletestation එකේ ඉන්නකොට කෝච්චියක් එනවද කියල බලන්න හැමෝම නිතරම කොච්චිය එන පැත්ත බලනවා. අපි ඒ පැත්තට වෙලා හිටියොත් පේන්නෙ නිකන් අපි දිහා බලනව වගේ. මම ඕක try කරල තියනව n වාරයක්.( n පට්ට විශාල අගයක්) ඒත් උඹ වගේ වැඩේ continue කරන්න හම්බවෙලා නෑ එක පාරක් වත්. ඒ අතින් උඹ වාසනාවන්තයි.
උඹේ කතාව මැදින් පටන් අරන් ආයෙ මුලට ගිහින් අග දක්වා යන film එකක් වගේ. උඹ බය වෙන්න එපා. ඕන දේකට අපි ඉන්නවා.......
කැමති දෙයක් ලියන්න අයියා...හිතේ තියෙන දේ එ විදියෙන්ම ලියන්න ...බ්ලොග් එක අපිට එකට ලොකු ශක්තියක් දෙනවා..
ReplyDeleteමරු මචන් ,ඉතුරුටික කවදද?
ReplyDeleteමලේ ඇයි බං මටම අපහස කරන්නේ... උඹ ඔය අක්කලා ඈන්ටිලා එක්ක හිනාවෙන හරියි කියලද හිතාගෙන ඉන්නේ...? ඒක තමා බං භයානකම....
ReplyDeleteඅනේ මන්දා කතාව ලියපංකෝ...
මකතාව ලියාගෙන යන්ඩ අපරාජිතයෝ ... අපි කියවනවා දිගටම . ආදරේටමොනවා හරි ගැටළුවක් ආවොත් මෙතන අදහස් දෙන අයගෙන් උපදෙසක් ගන්න බැරි වෙන එකක් නෑ නේ ..
ReplyDeleteකෙල්ලොන්ව මුලින්ම ගනං ගන්න යන එකනම් කරන්න ඕනෑම නෑ..ටිකෙන් ටිකයි අපි පස්සෙන් යන්න ඕන
@කල්හාර දිසානායක :- උබලගේ ඒ වචනෙත් ඇති අයියේ මට.............
ReplyDelete.........................................................................................................................................................................
@කුරුං ගුරුං:- ඔව් බන් මට ෆලොවර්සලා ඕනෙත් නැහැ, හිට්ස් ඕනෙත් නැහැ එත් දුක මේ බ්ලොගයේ දිග හැරෙන කොට මේ සිද්දිය සම්බන්ධව තියෙන අවුල් ගතිය මග හැරිලා යාවි......
.................................................................................................................................................................
@අසoක :- උඹත් ලොකු බෝට්ටුවක් කා ඇති බව පෙනී යයි... උඹලගේ ඒ වචනෙත් ලොකු හයියක් බන් මට...........
@හපා :- නැහැ බන් එත් මම හිටියේ කෝච්චිය එන පැත්තට විරුද්ද පැත්තෙනේ බන්..... අනේ මන්දා.... ෆිල්ම් එකක් වෙන්න පුළුවන් එත් බන් මේකේ අවසානය දුකද සතුටද කියන්න මම වත් හරියකට දන්නේ නැහැ......
ReplyDelete................................................................................................................................................................
@නිම්ශා :- ලව් සිද්දිය සම්බන්ධව නම් දුක තමයි කියන්න තියෙන්නේ නංගියෝ... ඔයාලගෙන් එහෙම වචනයට්ක් ඇහෙන එකත් සතුටක්......
...............................................................................................................................................................
@Dee:- ඉතුරු ටික ඉතින් ලබන සතියේ තමයි බන්..... සතියේ මැද මම ගෙදර නැහැනේ බන්...........
@prasanna86k:- යකඩෝ උඹට අපහස කලාය බෝල.අමුලික ඇත්තක්නේ කිව්වේ .අනික උඹේ බ්ලොග් එකට පොඩි ප්‍රමෝෂන් පාරක්නෙ බන් මෙතන දීලා තියෙන්නේ.....
ReplyDelete.......................................................................................................................................................................
@හිස් අහස:- ඔව් බං....මට වඩා මෙතන ගොඩක් ය වැඩිමල් අත්දැකීම් තියෙන අය...ඒක නිසා මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වේවි බං. මන් හිතන්නේ මේ පාරත් මට ජිවිතේ වරදින්න බැරි නැහැ.....
ලියපන් මචං අපි කියවනවා...
ReplyDelete@තාරක Dilsh@n :- අනිවා මචං උඹලගේ ඒ වචන ටික ඇති බං................
ReplyDeleteI am new comer. and a physically disabled person. I would like to join with this blog.
ReplyDelete@Nelum:- Wormly wellcome U dear..... If U want to join my blog just Sing Up as a follower in my blog or put Like on FB Like Box.....
ReplyDeleteI don't know what is wrong with U.... But don't just think U are Physically disabled till I am hear...... Ok my dear You are wormly welcome again...........
ලියපං මචෝ.. අපි එනවා කියවන්න අනිවා..!!
ReplyDelete@චතුවා (ළමයා):- එල මචන් උබව අදයි අදුන ගත්තෙත්... ගොඩ වැදුනට ගොඩක් පින් මචෝ....
ReplyDeleteමං ආයි ආවා.මං දැන් අවුරුද්දක් වගේ වෙනවා සිංහල බ්ලොග් කියවන්වා එත් කොමෙන්ට්ස් දන්නේ නෑ.කම්මැලී.එත් මේකට නොදාත් බෑ.
ReplyDeleteKabhi Haan Kabhi Naa (1993) කියලා ෆිල්ම් එකක් තියෙනවා isohunt ටොරන්ට් සෙව්මක් දාලා බාලා බලන්න.
දිගටම ලියමු. අපි බලනවා
ReplyDeleteගෑනුne ban gananganna epa.......................
ReplyDeleteමේකට අදහස් ලියන්න මන් ප්‍රමාද වැඩියි.. පාලම යටින් බොහොම ප්‍රමාණයක් ජලය ගලාගෙන ගිහින් ..
ReplyDelete@නම නොකී යාලුවා:- අයෙත් අවට ගොඩක් පින් මචං.එල එල බාගෙනම බලන්නම්...
ReplyDelete............................................................................................................................................................................
@රොබින් :- දැන් කතාවේ අවසානය තීරණය වෙලා ඉවරයි මචං ඒත් කතාව ලියන්නම් අතීතෙට විතරක් එකතු වෙන්නන නොදී.......
......................................................................................................................................................................
@nuwan :- ඔව් මචං.
....................................................................................................................................................................
@සරත් ලංකාප්‍රිය:- ඔව් බං දැන් සියල්ල සිදුවී හමාරයි.....
ඕනම දේකට මාත් ඉන්නවා. සැලෙන්න එපා මල්ලි.
ReplyDeleteපොඩි දෙයක්. මරදානේ ඉදලා රුපියල්ල් 25ක දුරක් කියලා කියනවා. ඒ වගේම මුතුකුමාරියේ යන්න පුලුවන් කියලාත් කියනවා. කොටුවේ ඉදලා රාගමට රුපියල් 20යි. ඒ කියන්නේ මල්ලි ඉන්නේ ජා- ඇළ සයිඩ් එකේ වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ. ගම්පහ නම් වෙන්නම බෑ.
@මධුරංග:- හුටා උඹ මේ පැත්තත් හොඳට දන්නවනේ බොලේ....උඹේ ගෙස් එක හරි මචෝ ඒ හරියේ තමයි බං ඉන්නේ.....
ReplyDeleteමචෝ අපරාජිතයා.. මේක මගේ කතාව වගේමයි,.. මට පෙන්නේ උබ මගේ කතාවම ලියලා... එල එල.. උබට ජය...(මටත් ජය ..හිකිස්)
ReplyDeleteඅනිත් එක මාත් ඔය නිල්පාට මුතු කුමාරිව දන්නවා.. කාලයක් හැමදාම හවසට ගියේ එයා එක්ක. එත් මන් දැන් යන වෙලාවට එයා අනිත් පැත්තට යනවා
ReplyDelete