"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Friday, July 29, 2011
රෝස පාටට චූ කරලා තියනවාද..??
මාතෘකාව කියවල වල් මොනා හරි වෙන්න ඇති කියලා මේ පැත්තට දුවන් ආපු එවුන්ටයි මේ කියන්නේ මේකේ කිසිම කුනු හරුපයක් නැතෝ.
ඒ නිසා කැමතිනම් විතරක් කියවහල්ලා පස්සේ අපේ අම්මාට කිමුහුම් යවවන්නේ නැතිව..
මේක කියවන බොලාට මතකද බොම්බයි මොටයි සහ නයිස්.සිලිං සිලිං ගගා පොඩි බෙල් එකකුත් එක අතක
තියන් වන වනා පාරක් පාරක් ගානේ පොඩි යකඩ තහඩු වලින් හදපු පෙට්ටියකුත් අතින් එල්ලගෙන යන බුවාලා හිටපු කාලයක් තිබ්බා.බොලාට මතකද.?
තහඩු පෙට්ටිය වටේට ලොකු ශොපින් බෑග් එකක පත්තර කොළයි,පොඩි සිලි මලුයි, තව එකක පපඩම් වගේ ලොකු රවුම් වගේකුයි විකුන විකුන යන උන්දලා හිටපු කාලයක් තිබ්බා..
බුවාලට තමයි අපි බොම්බයි මොටයි වෙළෙන්දෝ කියලා කිව්වේ.මම නම් මතක ඇති කාලෙකින් එහෙම බුවෙක්ව දැක්කේ නැහැ අපේ ගෙවල් පාරෙන් යනවා.
බුවාලා ලඟ තියන යකඩ තහඩු පෙට්ටිය ඇතුලේ තියනවා පුලුන් වගේ රෝස පාටට කෙඳි කෙඳි වගේ එව්වා වගයක්.
එව්වා පැණිම පැණි රසයි.ඒ කෙඳි කෙඳි අතරේ ටිකක් මහත කූරු කූරූ වගේ කෑලිත් තියනවා. මම නම් වැඩියෙන් ආසා කලේ බොම්බයි මොටයි වල ඔය කූරූ කන්න.
එව්වා ඉස්සර රුපියලට,දෙකටත් දුන්නා.පහට දහයට විස්සට වගේ ගනන් වලටත් දුන්නා.රුපියලට දෙකට දෙන කොට නම් දුන්නේ පොඩි පත්තර කෑල්ලක ඔතලා.
පහට දහයට විස්සට වගේ දෙනකොට නම් පොඩි සිලි උරේක දාලා දෙනවා.ඉතින් ගත්තු වෙලාවේ ඉඳන් අක්කයි මායි හෙන වලි බොම්බයි මොටයි බෙදාගන්න.
පස්ස කස කසා, හොටු හූර හූරා,කබ කඩ කඩා, පාරෙ තියන කුණු ඇහිඳ ඇහිඳ ආපු අතින්ම අල්ලලා බොම්බයි මොටයි දෙන නිසා වෙන්න ඇති එව්ව එච්චර රස කියලා මට ඒ කාලේ තේරුනේ නැහැ නොවෑ.
කොහොම හරි බුවාලා ගාව තව තියනවනේ රවුම් ලොකු කඩදාසි වගේ නිකන් පපඩම් ස්වරූපයේ ජාතියක්.
මෙලෝ රහක් නැති කඩදාසි කනව වගේ කටෙ තිබ්බ ගමන් දිය වෙලා යන ජාතියක්.එවා වලට තමයි නයිස් කිව්වේ.
ඉතින් බොම්බයි මොටයි විකුනන වෙළෙන්දෙක් ගහන බෙල් එක ඇහුනොත් තියන මල පෙරේත කමට අම්මටත් වද දීලා රුපියල් පහක් විතර අරන් එලියට බහිනවා.
මේ කිව්වේ රුපියල් පහටත් ලන්කාවේ තැනක් තිබ්බ කාලේ ගැනයි.දැන් ඉන්න එව්වෝ රුපියල් පහක් කියන එක පඩේකට ගනන් ගන්නේ නැහැනේ.
හිඟන්නෙකුටත් රුපියල් පහක් දුන්නෝත් ඌත් ඔරවලා පහ වෙනුවට අපිට රුපියල් දහයක් අපේ අතට දීලා මහත්තයා මේකත් අරන් ටිපිටිප් එකක් කන්න කියාවි.
ඔන්න ඔහොමයි පුල්මුඩේ තත්වේ.කොහොම හරි මේ කියන්න යන සිද්දිය උනේ අපරාජිතය පොඩි එකා කාලේ.
ඔන්න දවසක් ඔහොම බොම්බයි මොටයි විකුනන මනුස්සයෙක් එනවා.බෙල් එකේ සද්දේ බොම්බයි මොටයි පෙරේත අපරාජිතයට හීනෙන් වගේ ඇහුනා.
දැන් ඉතින් මාව නලියනවා.කරුමෙට අම්මා ගෙදර නැහැ සල්ලි ඉල්ලගන්න.එදා මම විතරයි ගෙදර.අක්කත් පන්ති ගිහිල්ලද කොහෙද හරියට මතක නැහැ කොහොම හරි මං විතරයි ගෙදර.
දැන් සල්ලි ඉල්ලගන්නවත් කවුරුවත් ගෙදර නැහැ.මොනවා කරන්නද.ඔය අතරේ තමයි මට මගේ කැටේ මතක් උනේ.
මම පොඩිකාලේ ඉදන්ම තිබ්බ මගේ ප්ලාස්ටික් සල්ලි කැටේ සල්ලි දාන කට ටිකක් රත්කරපු යකඩෙකින් පුච්චලා තියාගෙන හිටියේ.
මොකෑ මට පොඩි කාලේ ඉඳන්ම පීනස තිබ්බ නිසා ගෙදරින් අයිස් පැකට් කන්න වගේ වැඩ කරන්න ප්‍රතිපාදන ලැබුනේ නැහැ.
එච්චරට මාව පරිස්සම් කොරන්නමයි ට්‍රයි කොලේ.එව්වා කොහෙද මාත් එක්ක.ඉතින් ඕනා ප්‍රතිපාදන සකස් කරලා අයිස් කන්න වගේ ගෙදරින් අනුමැතිය නොලැබුනු හොරාට කරන වැඩ කොරන්න සල්ලි සකස් කර ගත්තේ කැටේ කටින්ම ආයේ සල්ලි අරන්.
ඇත්ත කියන්න එපාය.මොකෑ මම ජිවිතේ මේ වෙනකන් කවදාවත් අපේ අම්මගේ වත් තාත්තගේ වත් පර්ස් වලින් හොරෙන් සල්ලි අරගෙන නැහැ මගේ ඇස් දෙක පල්ලා ඇත්ත.
තාත්තම සමහර දවස් වලට මට ඕනා සල්ලි පර්ස් එකෙන් ගන්න කියල තියනවා.අම්මත් එහෙමයි.එහෙම කිව්වම මට ඕනෑ ගානට වඩා සතයක් වැඩිපුර අරන් නැහැ.
හැබැයි ඉස්කොලේ යන කාලේ තාත්තට හොරෙන් සීසන් එක අරගෙන හැමදාම බස් එකේ යන්න එන්න සල්ලි නම් ඉල්ලගෙන තියනවා.
පැය ගනන් තැප තැප C.T.B බස් එකක් එනකන් ඉඳලා එහෙම කලේ හැම දාම යන්නයි එන්නයි රුපියල් 20 ක් ඉතුරු කරගන්න.
ඒකත් මට වැදගත් දෙයක් ගන්න ඕනෑ තාත්තට කරදර කරන්න බැරි එව්ව වලට සල්ලි හොයා ගන්න.දැන්නම් ඒ රුපියල් 10 යේ දුර රුපියල් 20ක් වෙලා.
කොහොම හරි මම රුපියල් පහේ කාසි 2කක්ම අරගත්තා රුපියල් 10කම අද ඇති වෙන්න තනියම කනවා කියලා.
කොහොම හරි ගිහින් මම බුවාට සල්ලි දිලා ගත්තා බොම්බයි මොටයි.පස්සෙ මල්ල අරන් ඇවිත් කන්න ගත්ත හෙමිහිට.
කන ගමන් ඉස්සෙල්ල කලේ තිබ්බ කූරු කූරූ කෑලි තෝරපු එක.අම්මට බොල සිලි උරේ අස්සෙ මෙන්න හෙන පත පැන්සලක් තරම් මහත මොටයි කූරක් තියනවා මෙන්න.
රතුම රතු පාටයි.මටත් හෙන මැජික් ඇයි කන්න ආසාම කූරුනේ.දැක්ක ගමන් පැනලා අරන් කූර කෙලවරක ඉදන් කන්න ගත්තා.
ඒක දිගත් සෙන්ටිමීටර් 10 විතර තිබ්බා.. කාපු ගමන් ආවෙ මහ එපාම කරපු ලුණු රසයක්.ඒත් මගේ තිබ්බ පෙරේත කමටම ඒක ඉවසන් කෑවා.
මොකෑ ඉතින් රෝස පාට පූසෝ වඩා ගත්තමත් කට සෝස පාට උනත් දත් බුරුසුව අතට දෙන්න දැන් කාලේ වගේම අම්මිලා හිටියනේ(ලන්කාවේ මේ දවස් වල යන දත් බෙහෙත් ඇඩ් එකක් ගැන කිව්වේ).
ඒක එතනින් ඉවරයි හොඳම සෙල්ලම පටන් ගත්තේ පහුවෙනිදා උදේ ඉඳන්.හුටා මම ඉතින් පුරුදු විදිහට ගියා චූ කරන්න.
ගිහින් ඔන්න අල්ලන් ඉන්නවා මෙන්න යකෝ ටිකකින් යන්න ගත්තා කියහන්කෝ තද රෝස පාටට.
මාව දැක්ක ගමන් අම්බානෙකට බය උනා.ඇයි බොලේ වෙනදට එක්කො සුදු පාටට,නැත්නම් කහ පාටට යන එක අඩ තද රෝස පාටට යනකොට කොහොමද ආතල් එක.
බය උන පාරට මම ගිහින් අම්මටයි තාත්තටයි කිව්වා.එයාලත් අම්බානෙකට බය වෙලා එසැනින් මාව ගෙවල් ලඟ ඩොකී නෝනා ගාවට එක්ක ගියේ නැතැයි.
අම්මට බොල එයත් බය වෙලා මට මොනාදෝ මන්දා බෙහෙත් වගයක් දුන්න බීපන් කියලා.කොහොම හරි මමත් ගිහින් බිව්වා.
අඩුවක් නැහැ යන යන සැරයක් ඇත්නම් යන්නෙම තද රෝස පාටට.කොහොම හරි ඒ ඉස්කොලේ වාර නිවාඩු කාලයක් මතක හැටියට.
බැරිම තැන අම්මලා ****වේ විශේෂඥවෛද්යය වරයෙක්ව අල්ලලා එක්ක ගියා.පොර විස්තර අහලා කිව්වා මුත්‍රා සාම්පලයක් අරගෙන රිපෝර්ට් එක අරගෙන එන්න කියලා.
කිව්ව වගේම හෙන පොඩි කුප්පියක් දුන්න මේකට චූ කරන්න කියලා.කටත් පොඩී.චූ කරන ගිහින් අස්සේ හිර උනානම් මගේ අනාගතෙත් අඳුරුයිනේ.
අනික ඒ පොඩි එකා කාලේනේ :පී. ඉතින් බොහොම අමාරුවෙන් චූ කරලා දුන්න.පස්සේ ආපු රිපෝර්ට් එකත් අරන් ගියා ඩොකා ගාවට.
ඒක බලලා ඩොකා කියනවා රිපෝර්ට් එකේ නම් කිසි අවුල නැහැ පුතා මොන හරි කලරින් දාපු දෙයක් ඊයේ පෙරේදා දවසක කෑවද කියලා.
අම්මට බොල මට එතකොටයි මීටර් උනේ මම ගෙදරට හොරා බොම්බයි මොටයි කෑවනේ කියලා.අනික අර කාපු පට්ට ලුනු රසයක් තිබ්බ කෝටුව වගේ ලොකු කූර.
මට ඒක ඒ වෙනකන් මතක් උනේ නැහැ.කව්ද යකෝ ඕවා හිතන්නේ පොඩි කාලෙ ඉදන්ම ගිය එව්ව වල පාට එක පාරටම මාරු වෙලා තද රෝස පාටට යන කොට.
පස්සේ මම එතනදි සිද්දිය කිව්වා.කිව්වම ඩොකා හිනා වෙලා ආහ් පොඩි කමට කොරන එව්වනේ.මේ එහෙනම් ඒක නිසා තමයි හොඳට වතුර බොන්න දවසකින් විතර අඩු වේවි කිව්වා.
කොහොම හරි ඒ දෙවනි දවස.පස්සෙ ඉතින් ගෙදර ආවා.මම චූ කරනවා එක්කො අම්ම නැත්නම් තාත්තා
බලන් ඉන්නවා පාට මොකක්ද කියලා.
බොම්බයි මොටයි කැවනම් විඳෝපන් බළලෝ කියල හිතන් මාත් විලි ලැජ්ජාවේ චූ කරනවා.අන්තිමට තුවෙනි දවසේ හවස් වෙද්දී ටිකක් පාට අඩු වෙලා ලා රෝස පාටට ගියා.
පහුවෙනිදා වෙන කොට ඒ කිව්වේ හතර වෙනි දවසෙ හවස් වෙන කොට නැවත පුරුදු පාටට හැරුනා.අන්න ඒ වෙලාවේ තමයි මට සැනසිල්ලක් ආවේ.
ඇයි යකෝ මොකක් හරි වෙන අසනීපයක් කියලා ඕක කැපුවොත් එහෙම මං විනාසයිනේ ඒකයි.
අන්තිමට කාලයක් යනකන් බොම්බයි මොටයි වෙලෙන්දෙක් ගියත් ඒ පැත්තවත් බලාගේන බත් කෑවෙ නැහැ මම.
හැබැයි අපේ අක්ක මට පට්ට කින්ඩි දදා පෙන්න පෙන්න කැවනේ බොලව්.මතක ඇති කාලෙකින් බොම්බයි මොටයි කෑවෙ නැහැ නොවෑ.හොයාගෙන කන්න ඕනා.
හම්බුනේ නැත්නම් Candy Floss එකක් වත් කන්න ඕනා.පිටරට ඉන්න අයියලට අක්කලට බොම්බයි මොටයි
මතක් කලාය කියලා මට බනින්න එපා.
Candy Floss එකක් අර කන්න ආසා හිතුනනම්.ඒත් කන්න නැත්නම් මම පහලින් දාලා තියන පින්තුර දිහා බලලා කෙල ටිකක් ගිලලා යන්න :ඩී.
ඔන්න ඔහොමයි අපරාජිතයා රෝස පාටට චූ කලේ.ඔයාලට මෙහෙම සීන් එහෙම වෙලා නැද්ද..තියෙනම් කියමුකො බලන්න පහලින් පොඩි කමෙන්ටු පාරක් දාලා.
Labels:
මගේ පිස්සු වැඩ
Subscribe to:
Post Comments (Atom)
candy floss එක බොම්බයි මොටයි තරං පැණි රහ නෑ. බොම්බයි මොටයි තමයි මරු.
ReplyDeleteසිරා කැම.
ReplyDeleteරෙස්ලින්. lk නිහඩ ව් නැත තවමත් ..............
ReplyDeleteඔය පාරේ බෙල් එකක් ගගහා විකුණන මිනිස්සුන්ගේ බොම්බයි මොටයි විතරයි අර. අර මැෂින් එකෙන් දලා බෑග් වල දාලා තියෙන ඒවා කනකොට කිසි ගතියක් නෑ.
ReplyDeleteනිකන් හිනයක් දකිනවා වගේ මෙලෝ රහක් නෑ. කටේදිම දියවෙලා යනවා. අරවා හපන්න ඕනා දියවෙන්න. ඒවා මරු.
නයිසුත් අවුලක් නෑ.දැන් නම් අපේ පැත්තේ එච්චරම ඔය විදිහේ බොම්බයි මොටයි කාරයෝ නෑ.
අපරාජිතයාත් කරන්නේ මාරම වැඩ තමයි. හික්ස් :)
අපිත් බොබයි මොටයි කාල තියේ..ඒත් රෝසපාටට චූ නම් ගිහිල්ල නෑ.... :) :) :)
ReplyDeleteකැපුවනම් තමා වැඩේ... එහෙනම් කොල්ලා සිකුරාදාට පල්ලිත් යනවා.
ReplyDeleteබොමබයි මොටයි මතක් කරලා මගේ දවසම කැවා. කටට කෙල උනනවා.. මම කැමතිම දෙයක් ඕක ඇරුනම වඩේ .. එතකොට බුල්ටෝ.. දැන් බුල්ටෝ නැද්ද ? ගියපාර මන් ලංකාවේ ගියාම කඩේකින් ඇහුවම ඌ මන් දිහා බැලුවේ හරියට මන් ග්‍රීක් කතා කලා වගේ !
ReplyDeleteමේ මාතෘකාව දැක්ක ගමන් හිතුණා බොම්බයි මොටයි සම්බන්ධ කතාවක් තමයි කියලා. ඒකයි මේ පැත්තෙ ආවේ. මායි අපේ මල්ලියි ත් ඕවා කන්න රුසියෝ. අපි ගිය සතියෙත් කෑවා. බොම්බයි මොටයි කාරයගේ ටක ටක සද්දෙ ඇහිලා මම දුවගෙන එනකොට මල්ලි 50 ඒවාදෙකක් අරගෙනත් ඉවරයි.
ReplyDeleteඅඩේ පට්ට කතාව. අයේ එහෙම ඔය මල ජරාව කන්න එපා බොල පෙරේත කම තිබ්බට. හෙහ් හෙහ්.. අපේ පැත්තෙනම් තාම බයිසිකලේක එකෙක් යනව බෙල් ගගහ..
ReplyDeleteජය....
තාමත් ඔය බොම්බයි මොටයි කාරයෝ කොළොඹ ඉන්නවා ... :) අපේ office එක තියෙන්නේ කොළඹ 5. සතියකට සැරයක් වත් office ඒක ඉස්සරහින් යනවා bell එක ගහගෙන කෙනෙක්. අපිත් ඉතින් එයාගෙන් අරන් කනවා :D අර පපඩම වගේ එකත් තියෙනවා.. ඒකත් එක්ක තමයි දෙන්නේ :)
ReplyDeleteආයෙත් බොම්බයි මොටයි කන්න ආසා හිතුනා.. මමත් ඉස්සර කොහෙ හරි තියෙන කාසි ටිකක් උස්සගෙන දුවනවා ඕවා ගන්න... හැබැයි ඔහොම ඇබැද්දියක් නම් වුණෙ නෑ ඕං!
ReplyDeleteහි හි මාර වැඩ තමයි අපරාජිතයටත් වෙන්නෙ.
ReplyDeleteමටත් මතකයි පොඩි කාලේ බොම්බයි මොටයි කනවා, ඇත්තටම කිසිම පිරිසිදු කමක් නැහැ, ඒත් අපි අරින්නෙ නැහැ කනවා, හැබැයි මට නම් ඔහොම සීන් එකක් වෙලා නැහැ කවදාවත් ..........
ReplyDeleteටිකක් අඩුයි.නයිස්කාරයාගෙ පාටපාට සිකුයින්ස් අල්ලලා තියන ඇඳුම ගැන කියලා නැහැ.
ReplyDeleteකොච්චර කාලෙකින්ද බොම්බයි මොටයි මතක් උනේ... එළ එළ. හැබැයි මම ඉන්න රටේ මේවා හොයන්න නෑ.. ලංකාවට ආපු දවසක තමයි ඉතිං....
ReplyDeleteකිරි අප්පොච්චියේ ..මම මේ ඇහුවාමයි කලරින් චු ගැන..
ReplyDeleteහෙහේ...
ඈ එහෙම වෙනවද???? :-O
ReplyDeleteඑහෙනම් ෆැන්ටා බිව්වම තැඹිලිපාටට යනවා ඇති නේ? =))
ඒ බං මලේ උඹ මහ පෙරේතයෙක්නේ බං. මාත් ඔහොම තමා... කැන්ඩි ප්ලොස් වලට මාර කෑදරයි බං. තාමත් එහෙම්ම තමා.
ReplyDeleteනියම ස්ටෝරිය... මට හිතාගත්තහැකි මුත්තරා ටිකේ පාට වෙනස් වුනාම උඹ බය වෙච්ච තරම...!!!
ReplyDeleteබඩජාරි කමට කනවට හොඳ වැඩේ...
අපි ඔවුවට කියන්නේ සීයගේ රැවුල කියලා . අඩේ කන්න හොඳනෑ බං ඔවුවා එච්චර . ඔවුවගේ සීනි සාන්ද්‍රනය පට්ටම වැඩියි . සූ ගාලා චූ යනවා . චූ කරලා බැලින්නං එතනට කලු කූඹි වට වෙලා .. බොරුනම් තව එකපාරක් කාලා බලහං .. රෝස පාටට බයනම් සුදු පාට එවුව කාලා බලහං ..
ReplyDeleteවිලි ලැජ්ජයි සන්තෝසයි......
ReplyDeleteඅඩෙ එහෙම කතාවක් ඔය ඇහුවමයි. මාත් පුංචි කාලෙ ඔව්වා කෑව ඒත් මට ගානක් නෑ පාට ගැන.... හැබැයි පුතේ අයිsපැකැට් නම් ගෝනි ගනං කන්න ඇති (කනවට වඩා බොන එකන කරන්නෙ) ඒ චූටි කාලෙ මතක් කලාට තෑංක්ස් කොල්ලෝ....
හැක් හැක් පට්ට වැඩේ... මමත් ඇත්තට හෙන කාලෙකින් බොම්බයිමොටයි කෑවේ නෑ නේ... කන්න ඕනේ දවසක... :D
ReplyDeleteඅඩෝ බොම්බයි මොටයි අංකල් කෙනෙක්ව ඇහැට දැක්ක කාලයක් මතක නෑ.. ඒ තියා අයිස් පැකට් එකක් කෑවෙත් හෙන කාලෙකට පස්සෙ....
ReplyDeleteනම නොකී යාලුවා 01:- අනිවා මචං ලංකාවේ බොම්බයි මොටයි වලට ගහන්න Candy Floss වලට බැහැ.... එව්ව නිකන් පුලුන් වගේ දිය වෙනවා විතරයි....
ReplyDelete........................................................................................................................................................................
කුරුං ගුරුං:- අනිවා මතක් කොරද්දිත් කටට කෙල උනනවා නේද...?
.......................................................................................................................................................................
@රෙස්ලින්.lk:- හා හොඳමයි මචෝ... ගොන් පාර්ට් දාන්න මගේ බ්ලොග් එක පාවිච්චි කරන්න එපා බං...
@මධුරංග:- අනිවා Candy Floss නම් චා... බොම්බයි මොටයි තමයි දැන් හොයන්න අමාරු... පැණිම පැණි රසයි... හපන්නම ඕනා දියවෙන්න..
ReplyDeleteඔය බං පොඩි කාලේ පොඩිකමට කොරපු වැඩනේ..... හික් හික්...
....................................................................................................................................................................
@චාටර් කොල්ලා:- මම කෑවා වගේ හොඳ කූරක් හපලා කාහන් චූ යන හැටි බලන්න... :-/
...................................................................................................................................................................
@Prasanna:- හික් හික්.... අනේ මෙන්න මූ මගේ පතිවත කෙලෙසනවෝ.....
@සරත් ලංකාප්‍රිය:- හික් හික් ඒක තමයි මම හොයල හොයලා රූපයක් දැම්මේ කෙල ඩින්ගක් ගිලලා හරි සැනසෙන්න.... හික් හික්...
ReplyDeleteබුල්ටොනම් දැන් ලොවෙත් නැහැ.... අපරාදේ කටේ දාගත්තම පැය ගානක් හප හප ඉන්න තිබ්බ ටොපිය......
බොම්බයි මොටයි නැත්නම් ඉතින් Candy Floss එකක් හොයන් කෑවනම්.....
..................................................................................................................................................................
@සොබනි:- ආහ් මතෘකාව දැක්ක ගමන් මෙහෙම සීන් එකක් කියලා මීටර් වෙන්න මෙයාටත් බඩු සිද්ද වෙලා වගේ... මෙන්නෝ තවත් සාක්කිකරියක් ඉන්නවෝ.....
ඒකට අපේ පැත්තේ ලොවෙත් බොම්බයි මොටයි කාරයෙක් නැහැ නොවෑ...
.................................................................................................................................................................
@Gayan Rupasinghe:- අඩෝ කොහොමෙයි බං නොකා ඉන්නේ බොම්බයි මොටයි... අපේ පැත්තේ දැන් නැහැ බං ශික් විතරක්....
@දිනූෂා:- පපඩම් කියන්නේ නයිස් වලට වෙන්ටෑ.හැබෑටම බැරිද ඔය ඔපිස් එක ඉස්සරහින් යන වෙලේක ටිකක් අරන් මටත් තැපැල් කරලා එව්වා නම්....
ReplyDeleteමම මතක ඇති කාලෙකින් මගේ ඇහැට දැක්කේ නැහැ නොවෑ..
...................................................................................................................................................................
@විසිතුරු:- හික් හික්... හොයාගෙන කමු යාලුවා.... බොම්බයි මොටයි වලට හැමෝම ආසයි.....
....................................................................................................................................................................
@rmpmcreation:- කොලු කමට කරපුවනේ මචෝ......... හික් හික්......
@පන්සල් හංදිය :- පිරිසිඳු කම් මොකටෙයි අයියා...ඒ වගේද රස....
ReplyDelete............................................................................................................................................................................
@නම නොකී යාලුවා 02:- ආහ් එව්වා ටික අමතක උනා මචෝ... මතක් කලාට ගොඩාක් ස්තුතියි......
...................................................................................................................................................................
@නම නොකී යාලුවා 03:- එල එල දැනට Candy Floss පිහිට තමයි එහෙනම්... අවම අනිවා හොයන් කමු.. එදාට බොට මාවවත් මතක් වේවි... හික් හික්....
...................................................................................................................................................................
@නිම්ශා:- හෝව් හෝව් අන්න උඩත් එක්කෙනෙක් සාක්කි.... කලරින් චූ වලට... හික් හික්....
@පූසා:- ඇත්තක් බොල කිව්වේ.ෆැන්ටා වල බං කලරින් සාන්ද්‍රනය අඩුයිනේ.අර මම එදා කෑවේ තනිකර බොම්බයි මොටයි වලට රෝස පාට ගන්න කලරින් දාලා තිබ්බ එකට එකතු උන ගුලියක් ඒක වෙන්න ඇති හේතුව....
ReplyDelete...................................................................................................................................................................
@prasanna86k:- අනේ උඹ පෙරේත නැති එකා.. එව්ව ගැන මොට කතාද..? ඒ උනාට බොම්බයි මොටයි වල තියෙන ගතිය Candy Floss වල නැහැ බං...
....................................................................................................................................................................
@චතුරංග පෙරේරා | chathuranga Perera:- බය උනා බොල අම්බානෙට අනේ ඉතින් ඔය ඒ කාලේ කොලු කමට කල වැඩනේ බං....
@හිස් අහස:- අනිවා බං මතක ඇති කාලෙකින් කෑවේ නැහැ.අනික අපේ පැත්තේ හොයාගන්නවත් නැහැනේ බං...
ReplyDeleteසීනී සාන්ද්රනයනම් අනිවා ගොඩාක් වැඩියි..හික් හික් ඒත් බං කොලුකමට කරන එව්වනේ බං.....
.....................................................................................................................................................................
@සහන් :- මගේ පෙරේත වැඩ නිසා කාපු පෝරියල් එකක් බං ඔය... අයිස් පැකටුත් මරේ මරු... චොක්ලට් එක, කිරි එක වගේ තමයි මගේ ෆේවරිට් එව්වා...
චූටි කාලේ මතක් වෙලා හිතට සතුටක් ලබුනා නේද....
.....................................................................................................................................................................
@කිඩෝ :- හොයන් කාහන් කොලුවෝ......
.....................................................................................................................................................................
@හපා:- අයිස් පැකට් මාත් ගොඩ කාලේකින් කෑවෙ නැහැ නොවෑ.... එල එල හොයන් කපන් රස....
ඇත්තමයි මචෝ.... මේ දවස්වල මගෙ හිත ටිකක් යකාගෙ කම්මවල වගේ වෙලා තිබ්බෙ...... පොඩ්ඩක් ප්‍රශ්න අමතක වෙන්න (සියගානක් වැඩ පැත්තක දාල) බ්ලොග් එකක් කියවන්න ආව වෙලේ තමා මේ රෝස පාට චූ දැක්කේ ;)
ReplyDelete@සහන්:- හි හි.... එහෙම තමයි බං අපිත්.ජිවිතේ එපාවෙලා එකට පොඩි සැනසුමක් ගන්නයි මේ බ්ලොග් කෙරුවාව කොරන්නේ.....
ReplyDeleteමේකෙන් ලැබෙන මානසික සතුට උපරිමයි..... කමෙන්ට් එකක් දැක්කම දැනෙන සතුටත් කියලා නිම කරන්න බැහැ.
ඒ වගේමයි මට හිට්ස් නැතත් මම දාපු පොස්ට් එකක් කියවලා එක්කෙනෙකුට හරි සතුටක්, සැනසීමක් දැනුනම් ඒක තමයි මචෝ මගෙත් සතුට...
එල කිරි ජය වේවා......!!!
මෙච්චර ලියන්න එපා වෙන්නේ නෙද්ද ?
ReplyDeleteපුලුවනුනොත් මගේ බ්ලොග් එකත් ගිහින් බලන්න ..
http://globallk.blogspot.com/
http://webloglk.blogspot.com/
අඩේ මටත් ඉස්සර බොම්බයි මොටයි කන්න මාරම ආසාවක් තිබ්බේ...
ReplyDeleteදැනුත් ඉතිං ඒක නැතිවෙලානම් නෑ. මෙහෙ නැති එකෙනේ අවුල..
This comment has been removed by a blog administrator.
ReplyDeleteprimaryයේ ඉන්න කාලෙ ඉස්කෝලෙ කම්බි වැටෙන් අත දාලා කෑව කෑව මයි ඊට පස්සෙ හම්බඋනේ නෑනෙ කන්න!!!!!!!!1!!212!
ReplyDeleteබොම්බයි මොටයි කන්න කවුද අප්පා ආස නැත්තේ?
ReplyDelete