දිලිදු කමට සරණ සොයා
කසාවතක් පොරවාගෙන
වෙන්ව ගියා අමතක කර
උණුහුම ලද මව් සෙනෙහස
අසරණ කර පිය මරණය
ගියා පවුල දෙදරාගෙන
නමුදු මවුනි වාවනු බෑ
අහිමිව ගිය ඔබෙ උණුහුම
තුරුලු වෙලා ආදරෙ විඳි
ඉගිලී ගිය ඒ කාලය
බණ පොත් ගෙන පෙරලන විට
ගමන් ගනී ඉබි තාලය
ලොකු හිමියන් අනිනා කළ
හිල් වෙන්නට මුඩු ගෑ හිස
දහස් වරක් සිහියට එයි
පිරිමැදි හැටි ඔබ ඒ හිස
ගිහි මිතුරන් සද්ද නගා
කෙළිලොල් දඟ කරනා විට
නෙතට හොරා උණු කඳුලක්
තෙමා වටෙයි මහ පොළවට
පෙර භවයක කළ කරුමය
ගෙවා දමා මේ විදිහට
අනේ අම්මේ ඔබෙ සෙනෙහස
ලබා දෙන්න මතු භවයට
කමෙන්ට් අඩුවෙන බව නම් අනිවාර්යෙන්ම දන්නවා.ඒත් කමක් නැහැ.මොනව හරි යටින් කොටලා යන්න පුලුවන්නම් ගොඩක් ස්තුතියි.නැතත් ඉතින් කමක් නැහැ.මං නිසා ඔයාලගෙ වටිනා කාලය නාස්ති වෙනවා නම්...
ජය වේවා....!!!
දුක හිතෙන කවියක්............
ReplyDeleteසමාජෙන් වහං වෙච්ච ඇත්ත තත්වයක්....
ReplyDeleteනියමයි බං... ලෙසටම ලියලා තියෙනවා...
ReplyDeleteඅපරජිතයා කවි ලියන්නත් දන්නව එහෙනම්.... boot කවි වලට අමතරව මේ වගේ සමාජය විනිවිද දකින දේවලුත් කවියට නගන එක සතුටට කාරණයක්
ReplyDeleteඑල එල උඹ කවි ලියන්නත් ගත්තද??.....විමසුමට ලක් විය යුතු කරුනක් මචන්,ලස්සනට පදවලට ගලපලා තියනවා.වෙනම පොස්ට් එකකින් කතා කරන්න වටිනවා.බුදු දහමට නිගා කිරිමකට නෙමෙයි නමුත් පොඩි එකෙක් මොකක් හරි හේතුවක් නිසා මහන කිරිමෙන් ඇත්තටම බුදුදහමින් බලාපොරොත්තු වෙන නිවනට යන්න ඒ ලමයට මග සලසෙනවද කියන එක,දෑනුම් තෙරුම් තියන වයසෙදි තම කෑමෑත්තෙන් මහන විම නම් වරදක් නෑ,මොකද ගෑබුරු අභිධර්ම කරුනු හා ධර්ම කරුනු තෙරුම් ගෑනීමට මනස මෝරා ඇති බෑවින්
ReplyDelete@හරී:- ඔව් බං ගොඩ දෙනෙක්ට නොපෙනෙන යතාර්ථයක් මේ..... ගොඩ වැදිලා ගියාට පින්....
ReplyDeleteකුරුං ගුරුං:- ඔව් බං මලේ ගොඩ දෙනෙක්ට නොපෙනෙන දැක්කත් අනේ පොඩි හාමුදුරු නමක් කියලා සතුටු ඇහැකින් බලන යතාර්තයක් මේ.. මව් සෙනෙහස පොඩි එකෙකුගෙන් වෙන් කරනවා කියන්නෙ ලොකු පාපයක්.....
ReplyDelete@prasanna86k:- ස්තුතියි මචං මම කියන්න හදපු දේ තේරුම් ගත්තට...........
ReplyDelete@හපා :- ඔව් බං හපා..... ගොඩක් වෙලාවට ලියන්නෙ ලව් කවි නැත්නම් බූට් කවි... ඒත් මෙහෙම එකක් ලියන්න ඔනේ කියල නිකමට හිතුනා ඒකයි ලිව්වෙ.....
ReplyDelete@අසoක:- ඔව් බං වෙනසකටත් එක්ක ලියන්න කියලා හිතුනා.... ස්තුතියි මචං මම කියන්න හදපු දේ තක්කෙටම තේරුම් ගත්තට...
ReplyDeleteහිතුවෙ නැහැ මෙච්චර කමෙන්ට් වැටෙවි කියලා..... උබ කියපු දෙ හරියටම හරි.කවියෙන් මම කියන්න හැදුවෙත් ඒකම තමයි...
පොඩි උන්ව 6-4 නොතේරෙන වයසෙදිම මහන කරහම වෙන්නෙ නිර්මල බුදුදහමින් යුතු අපේ ශාසනේ පිරිහෙන එක විතරයි මචං. ඒ ඒ පොඩි හාමුදුරුවන්ට නොතෙරෙන වයසෙදි කසාවත පොරවගෙන කරපු වැරද්ද නිසයි.හිතුවෙ මේ කවිය දැක්කම මට කට්ටිය අල්ලගෙන බනිවි කියලා.ඒත් බං එ පොඩි හාමුදුරුවන්ට දැනෙන්නෙ ඒ වගෙ හැගීමක් නේද...??
ඔය ගැම්මටම පුලුවන්නම් පුණ්‍යකාන්ති විජේනායක මහත්මියගේ මන්කීස් කියන කෙටි කතාව කියවල බලපන්....සාපෙට නිර්දේශිත ඉංග්‍රිසි සාහිත්‍ය පොතේ තියෙනව...
ReplyDelete@කුරුං ගුරුං:- අප්පටසිරි එහෙමද එල එල... අපේ කාලේ (2005 O/L) තිබ්බේ ඔය විශය නිර්දෙශය නෙමෙයිනෙ.. වෙන වෙන කෙටි කතා වගයක් තිබ්බෙ... එලටම පුලුවන් ඉක්මනට හොයාගෙන කියවන්නම් අනිවා.. කිව්වට පින් මලේ....
ReplyDeleteඑ වෙනස ලස්සනයි..ලස්සන පද පෙලි ටික ... එ වගේම ඇත්තක්... එ පොඩි සාදු ලාට ත් ලෝකයක් තියෙනවනෙ...ම්ම්..
ReplyDeleteමේ බ්ලොග් එකේ මම මීට කලින් කවි දැක්කේ නෑ නේ . අපරාජිතයා කියන්නේ ලේසි පාසු පොරක් නෙවේ කියලා මම අදයි දන්නේ . මාරම හිතට වදින කවියක් මචං . පුදුම ලස්සනට පද ගලපලා තියනවා . මෙන්න මේ වගේ ඉඳලා හිටලා කෛයක් දෙකකුත් ලියපං මචං .
ReplyDeleteමම් දන්න පිරිවනක පොඩි නමක් ඉන්නව නම රාහුල කියල,අවුරුදු 7ක් විතර ඒකාලෙ.අර කොටි ගහන දවස් වල අම්ම,අප්පච්චි කපල මරල,මේ හාමුදුරුවො හැංගිලා බලන් ඉදල,පස්සෙ මාමා ද කොහෙද පිරිවෙනට බාර දීල තියෙන්නෙ,පව්.
ReplyDeleteසුපුරුදු උනුහුමකට හිත ඈදී ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ...
ReplyDeleteපට්ටායි බන්
@නිම්ශා:- හ්ම්ම්ම්....... තේරුම් ගත්තට ගොඩාක් ස්තුතියි නංගා......
ReplyDelete@හිස් අහස :- ඔව් බං කලින් කවමදාකවත් කවියක් දාලා නැහැ.... (අත් දෙකෙන් මුහුණ වසා ගනිමින්) අඩෝ මට ලැජ්ජයි ලැජ්ජයි වගේ බං උබ ඔහොම කියද්දි..... අනිවා කට්ටියගෙ ප්‍රතිචාර හොඳයි වගේ වෙනසක් කරන්න මරේ මරු.....
ReplyDelete@නදී... :- පව්.... මොනවා කරන්නද අක්කා අපි ගෙවන මේ ජිවිත බොහොම අනිත්‍යයි..... ඇත්තටම ඒ පුංචි හිත අම්මා තාත්තා නරා දාපු දුකත් හිතේ තදකරන් කොහොම හිටියද දන්නේ නැහැ නේද....?
ReplyDelete@යසියා :- ඔව් මචං කෙලිලොල් වයසෙ ඉන්න පොඩි එකෙකුගෙ ලපටි හිතක් මයිනේ පුංචි හාමුදුරුනමකටත් තියෙන්නේ ස්තුතියි...... සාදරයෙන් පිලිගත්තා එහෙනම් උබව මගෙ බ්ලොග් එකට..........
ReplyDeleteඑල මචං දුක හිතෙන්න ලියලා තියනවා........... තව කවි ලියපන්...... උඹට පුලුවන්..........
ReplyDelete@කල්හාර දිසානායක:- එල කල්හාර අයියා........ බලමු දිගටම ලියමු.............
ReplyDeleteමේ නොදරුවන් අඩුම ගනනේ කල බීල අද්යාපනයක් ලබනවා මලය.. මේක අපේ දුප්පත් දෙමාපියන්ට තියෙන එක මාර්ගයක් දරුවන්ගේ ඇස පන්න.. මන් හිතන්නේ තව තව පන්සල් වලින් මේ විදිහට දරුවෝ මහන කරන්න ඕන. අපේ මිනිස්සු අසරණ යට නොදුන්නට පන්සල් වලට දෙනවනේ. ඉතින් අහුඉන්සක ජීවිත කීයකට එලිය වැටෙනවද ? සිවුරු අරිනවා කියල සමහරු බනීවි. ඉතින් මොකද ? සිවුරේ ඉඳන් බිස්නස් කර කර පවුල රැක රැක සියලු වැරදි වැඩ කරමින් ඉන්න ලොකු හාමුදුරුවරුන්ට වැඩ සිවුර ඇරලා යන හාමුදුරුවරු එහෙම කරන්නේ හොඳ නිසයි.. හොඳ ඇහැකින් බලල ලියපු කවි කොල්ලෝ.. මෙන්න මෙතැන් මම උඹව හරි විදිහට දකිනවා. අහිමි වෙන ආදරේට අඬන්නේ උඹ නෙවෙයි.. මෙන්න නියම උඹ..
ReplyDelete@සරත් ලංකාප්‍රිය:- නැහැ බන් සමහර වෙලාවට හිත මාරම හයියයි එත් සමහර වෙලාවට අම්බානෙට මානසිකව වැටෙනවා බන්......
ReplyDeleteකමෙන්ට් නම් අඩු වෙන්නේ නෑ. ඒ උනාට කවිය නම් කියවගෙන යද්දි මාරම දුක තියෙන්නේ.
ReplyDelete@මධුරංග :- හිතුවෙනම් කවියට ප්‍රතිචාර අඩුවේවි කියලයි... ඒත් ගොඩාක් සාර්තකයි වැඩේ....!!! සමාජයෙන් වහන් උන යථාර්තයක් නේද මචෝ ඔය..........
ReplyDelete