Friday, May 20, 2011

උඹ එනවා නේද එදාට.....?

ඉලන්දාරියා

නැතිමුත් නුඹව දැක මා මේ නෙතු සඟලින්....
නැතිමුත් නුඹව දන්නේ මා ලඟ ඇසුරින්....
හැරදා අපිව හඬවා මෙහි සෝ කඳුලින්....
ඇයි නුඹ ගියේ සබඳේ අප තනි කරමින්...

නැතිමුත් පිනක් ඔබ හා යලි හිනැහෙන්න...
නොපතමි නිවන් සුව ඔබ හට අත් වෙන්න...
සොයුරෙකු ලෙසින් මතු භවයෙදි හමු වෙන්න...
පතනෙමි ඔබට දුක් නැති දිවියක් එන්න...

උඹ නෙමෙයි මචන් අපියි පව් කරලා තියෙන්නේ.උබ වගේ එකෙක්ගේ ලිපියක් කියවන්න, උඹත් එක්ක ටිකක් හිනා වෙන්න අපිටයි පින නැත්තේ මචං. කිව්වත් වගේ උබට නිවන් ලැබෙන්න කියල මම පතන්නේ නැහැ මචං....

ඒ උඹ ආයෙම වරක් අපි අතරේම සහෝදරයෙක් වෙලා උපදින්න ඕන නිසයි... උඹ නැති දුකට අඩන අපි හැමෝම එදාට එකට හිනා වෙමු මචං.....

මෙච්චර දුකක් විදපු උඹ ඒ දුක විඳින ගමන් සතුටින් හිනාවෙලා ජීවත්වෙන්න ඕනේ විදිහ ගැන අපිට කියලත් දෙන්න තරම් ශක්තියක් උඹට තිබ්බා මචං..නිවන් දක්නා තුරාවට මතු උපදින හැම භවයකදීම උඹට උඹ මේ වින්දා වගේ දුකක් පිඩාවක් කවදාවත් හිමි නොවේවා... ඒක මේ අපරාජිතයගේ අන්තිම පැතුමයි.....

ආයේ දවසක අපි එකට හිනා වෙමු මචන්... උඹ එනවා නේද එදාට.....?  මතු උපදින හැම භවයකදීම උඹට
තුනුරුවන්ගේම සරණයි....!!

5 comments:

  1. හැම භවයකදීම උඹට
    තුනුරුවන්ගේම සරණයි....!!

    ReplyDelete
  2. ඉලන්දාරියෝ ඉතින් අපි සමු ගනිමු , ඔබට නිවන් සුව............!

    ReplyDelete
  3. දයාබර දිලුම් මල්ලියෝ.....

    ඉතින් අවසරයි.....සමුගන්න......

    ඔබට නිවන් සුවය අත් වේවා....!

    ReplyDelete
  4. මට මතකයි
    ලොකු හා හූවක් ගියා
    මාස කීපයකට ඉස්සර
    දුකා එහෙම සල්ලි එකතු කළා මොනවටද
    උඹට
    දුන්නෙ නෑ කීයක්වත් මං
    උඹ කවුරු වගේද
    උඹ කොහෙද ඉන්නෙ
    උඹට මොකද වෙලා තියෙන්නෙ
    කියල දැන ගන්න
    උඹේ බ්ලොගය අරින හැම වෙලාවෙම
    මගෙ කොම්පියුටරේ හිර වෙනව
    ඇරගන්න බැරි උනා උඹෙ බ්ලොගය
    මෙහෙම වෙන්න ඇති
    අඩු ගානෙ දහ දොළොස් වතාවක්
    ඒ නිසා ඒක එහෙම පිටින්ම යට ගියා
    උඹ හොඳ එකෙක් වෙන්න ඇති
    ඒකනේ හැමෝගෙම උනු වුනේ
    හොඳ තැනක ඉපදියං
    නිවන් දකින්න එපා දැම්ම
    මං එන තුරා හිටපං
    මං උඹට ණයයි

    ReplyDelete
  5. ඉලංදාරියා අයියට නිවන් සුව අත්වේවායි පතන්නෙමු.

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........