Friday, March 25, 2011

කොටුවෙන් ගත් වැල සීඩී


අද කියන්න යන්නේ ටිකක් +18 කතාවක් ඔන්න පොඩි එවුන් ඉන්නවනම් දැන්ම පල.(මං ඉතින් පල කිව්වට උඹල නොකියව ඉදිවී.හික් හික්)

ඔන්න මේ සිද්දිය වෙන්නේ 2008 අවුරුද්දේ මැද විතර මගේ ගෙවල් පැත්තේ ඉන්න යාළුවො සෙට් එකක් එක්ක අපි පොඩි රස්තියාදුවක් ගහන්න කොළඹ ගියපු දවසක.

ඒ කාලේ අපේ සෙට් එකම සෙට් උනේ A/L කරලා ඉවර වෙලා.ඒ සෙට් එකේ ඉන්නවා 5 දෙනෙක්.මම, උදාර, සමිත්, මිරාජ්, ප්‍රශාන්.

ඔන්න අපි එදා උදේ ඉදන් හවස් වෙනකන් ලෙෂර් වර්ල්ඩ් එකේ පොඩි ෆන් එකක් අරගෙන කෝච්චියෙම ගෙදර යන්න කියල හිතන් සෙට් වෙලා ආවා කොටුවට.

කෝච්චියට තව වෙලා තියෙන නිසා අපේ උන් කතා උනා කොටුවේ පේමන්ට් එකේ කඩ පැත්තේ පොඩි රවුමක් ගහලා එන්න යමුයි කියලා.කට්ටියම ඒ යෝජනාවට එකඟ වෙලා ඔන්න යන්න සෙට් උනා පොඩි විසිට් එකක් දාන්න.

ඔන්න ඇවිදින කොට අපිට සෙට් උනා ෆිල්ම් කෑලි DVD විකුනනවා 100 ට.(2008 නේ ඒ.දැන්නම් ඔය රු 40 ටත් විකුනන්නේ).අපේ උන්ට ඕක දැක්කම මුළු ලෝකෙම අමතක උනා.

සෙට් එකම ඔය DVD ,CD විකුණන බුවාගේ ලෑලි කෑල්ල වට කොරන් DVD තෝරනවා.ඔය අපේ මිරාජ් කියන්නේ ටිකක් වැල පෙරේතයෙක්.

ඌට නම් වැලක් තියෙනවා නම් ආයේ කන්න ඕනෙත් නැහැ.ඕක බල බල යහමින් තව තව +18 එව්වත් කොර කොර ඉදිවී ඇදන් ඉන්න සරම වටේට ලෝක සිතියම් අඳින ගමන්.

අපි නම් ඉතින් අහිංසක කොල්ලොනේ.මමයි අනික් උනුයි ඉතින් තේරුවේ ළමා චිත්‍රපටි තමයි ඉතින් සූර පප්පා, ටිං ටිං වගේ. ඔන්න අපේ මිරාජයා පිට කවරේ කෙල්ලෙක් බාගෙට ඇදන් ඉන්න එකක් බලනවා; ඇගිල්ලේ නිය පොත්ත කටින් ලෑටි ගානවා  ආයේ ඒක දානවා තව එකක් තෝරනවා.

හරි හමන් එකක් මූට හම්බු වෙන්නෙම නැහැ අප්පා. බැරි තැන මම මුගෙන් ඇහුවා මෙහෙම;
මම    :-  මොනාද යකෝ තෝ පෙරලා පෙරලා හොයන්නේ වැලද..?
මිරාජ්:-  ඔව් බං ගොඩ කාලෙකින් හොද එකක් හම්බුනේම නැහැ බං.
මම    :-  යකෝ එහෙනම් වාත නොවී ශේප් එකේ මුගෙන්ම අහලා බලහන්කො.
මිරාජ්:-  තොට පිස්සුද යකෝ.
මම    :-  එහෙනම් තෝ හොයපන් හෙට වෙනකන්.
උදාර :- අනේ තොපිට කොහේ ගියත් පුරුද්ද අතර ගන්න බැහැ නේද..
මිරාජ්:- අනේ මේ උදාර උබ කටවහන් හිටපන් ***(මම) තමයි එළකිරි කොල්ලා.අඩේ *** උඹ අහපන්කෝ වස්තුවේ.
( මුගේ වැඩේ වෙනවනම් මු බටර් ගාන්න දෙයියෝ)
මම    :- තොපි ඉතින් ***යෝ වගේ ඇඹරෙනවනේ හිටහන්කෝ මම අහන්නම්.

ඔන්න ඉතින් මම අරූ ලඟට ගිහින් ශේප් එකේ ඇහුවා;
මම:- අයියේ වැල නැද්ද ගන්න.
බුවා:- අයියෝ  මල්ලි මෙච්චර වෙලා ඇඹරි ඇඹරි හෙව්වේ වැලද. කලින් කියන්න එපාය.
මිරාජ්:- අය්යේ සිරාවට තියනවද.? කෝ මෙතන නෑනේ.
බුවා:- මල්ලි මේ මගුලක් කියනවා. එළිපිට එව්වා විකුනන්න පුළුවන්ය.එළකිරි ටොයිස් බඩු තියනවා හැබැයි DVD එකක් 200 යි.පොඩ්ඩක් ඉන්න.
                                               කියලා මු මේසේ යට තිබ්බ කාඩ් බෝඩ් පෙට්ටියක් එලියට ඇද්දා. ඇදලා මු කිව්වා "මල්ලිලා ඔන්න තියනවා ඕන කෑල්ලක් 200 යි කැමති එකක් තෝරාගන්න" කියලා.

ඔන්න ඉතින් අපිවත් පෙරළන් තෝරලා තෝරලා මු ගත්තා DVD එකක්.අරන් ඉවර වෙලා වෙලාව බලන කොට කෝච්චියට වෙලාව හරි.

ඒක නිසා වෙන කොහෙවත් ඇවිදින්න යන්නේ නැතුව අපි කොටුවේ ස්ටේෂන් එකට ගිහින් කෝච්චියේ නැගලා ගෙදර ආවා.

අපි උදේ යන්න කලින් සෙට් උනේ උදාරයාගේ ගෙදරට.බයිසිකල් ගන්න යන්න ඕනා නිසා **** ස්ටේෂන් එකෙන් බැහැලා කට්ටියම උන්ගේ ගෙදරට ගියා.

අනික කට්ටියට දැන් බයිසිකල් වලට වඩා වෙන ලොකු දෙයක් තියනවනේ.ඇයි යකෝ අලුතෙන් ගත්තු වැල බලන්න.

මොකද අපේ ගෙදර සෙට් වෙන්න බැහැ.මිරාජයාට කම්පියුටර් එකක් නැහැ.සමියගේ ගෙදරට සෙට් වෙන්නත් බැහැ.ප්‍රශානය ඉන්නේ ටිකක් දුර.උදාරයාගේ ගෙදර තමයි වැඩේට හොදම කියාපු තැන.

උගේ කාමරේට බල්ලෙක් පුසේක්වත් රිංගන්නේ නැහැ.වැරදිලාවත් එහෙව් එකෙක් රින්ගුවොත් ඌ ගඳ ඉවසන්න බැරුව හුස්ම හිර වෙලා මැරෙනවා.

උගේ ඇදේ අපිටත් වාඩි වෙන්න අප්පිරියයි. බෙඩ් ෂීට් ඒක පුරාවට කහට පැල්ලම්. අනික බෙඩ් ෂීට් ඒක තැනින් තැන පට්ට ගනකම්.හේතුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

ඔන්න ඉතින් අපි ගිය ගමන් උගේ කාමරේට රිංගුවා.ටිකක් රෑ වෙලා නිසා බයිසිකලේ ගත්තු ගමන් ප්‍රශානයා "මචන් මං යනවා.උඹලා බලල ඉවර වෙලා අනික් දවසේ ක්ලාස් එද්දී මට ඕක අරන් වරෙන්" කියලා මු යන්න ගියා.

අන්තිමට සෙට් උනේ අපි 4 දෙනා විතරයි.ඔන්න දැන් අපි දත කට මැදන් කෙළ හලන් DVD ඒක රොම් එකට දාලා බලන් ඉන්නවා ප්ලේ වෙනකන්.

අම්මට මෙන්න ප්ලේ වෙන්න ගත්තා කියහන් කෝ වැල.මියා පණ එපා කියලා දුවනවා පුසා පස්සෙන් එලවනවා.අම්මට බෝල මෙන්න "ටොම් ඇන්ඩ් ජෙරී" කාටුන් එක.

ඕක දැක්ක විතරයි සියලු බලා පොරොත්තු පොදි බැදන් හිටපු අපේ උන් සෙට් එක එක එකාට බැන ගන්නවා අපිට කැරට් කවෝලා හාවා කොරලා DVD එක විකුනපු බුවාටත් උගේ හත්මුතු පරම් පරාවටත් බනින ගමන්;

උදාර :- නොදකින් තොපි වැඩක් කලොත් ඔහොම්මමයි. යන තැන හත් පලේ ගාගන්නවා.
මම   :- අනේ මේ උඹ කට පියන් ඉදහන්.යකෝ මමනේ අරූ ගාව බජිරි වේවි වැල ඉල්ලුවේ.තොපි ***යෝ වගේ බලන් ඉදල දැන් එනවද තප්පුලන්න.
මිරාජ්:-අඩෝ අපරාදේ බං රුපියල් 200 ය.නොදකින් වල් ***තා.යකෝ මු අපිවත් ඇන්දුවනේ.මුගේ හත් මුතු පරම්පරාවම වඳ වෙන්න ඕනේ.
සමියා:- තොපෙ මුණු දැක්කම ඌ හිතන්න ඇති හාවෝ ටිකක් දිග කන් එහෙමත් තියෙන කියලා.
මම   :- ඇයි යකෝ තෝත් හිටියනේ එතන.අඩේ මේ දැන් කොරන්න දෙයක් නැහැ.අපි මරු වැල කියලා මේක ප්‍රශානයට දෙමු.
උදාර:- අම්මට එල අපි කාපු ලනුව ඌත් කන්න එපාය එකට රස්තියාදු ගහන්න ගියා නම්.
මම:- දීපන් මට DVD එක මංම ශේපේ එකේ  ඌව ටිකක්ක් අවුස්සලම ඕක දෙන්නම්.දැන් ඉතින් ඉදල මක්කොරන්නද අපි කැපුන
                                                         කියලා සෙට් එකම විසිර ගියා.

ඊ ළඟ දවසේ ප්‍රශානයාව පොඩ්ඩක් අවුස්සලා කොරලා ඌටත් දුන්නා DVD එක බලහන් ටොම් ඇන්ඩ් ජෙරී කියලා.මුත් DVD එක බලල ඇවිත් සතියක් විතර යනකන් අපේ අම්ම මුත්තා සිහි කර කර හිටියා.

අදටත් මම නිතරම කොළඹ කොටුව පැත්තේ කැරකෙනවා.එත් කවදාවත් ඒ බුවාව මට ආයේ සෙට් වෙලා නැහැ.සෙට් උනත් ඉතින් මක් කොරන්නයැ.

මොකෝ කියන්නේ ඔයාලත් කාලා තියෙනවද මේ වගේ කැරට් සම්බෝලයක් හාවෝ වෙලා කාටුන් බලපු.මොකද කියන්නේ දාමුද බලන්න කොමෙන්ටුවක්.....

ජය වේවා......!!                    

Saturday, March 19, 2011

තේ පෙරන්නේ තේ ගොට්ටේන්ද....??


ඔන්න මට ගුවන් බාලදක්ෂ කරද්දී සිදු වෙච්ච රස බරම සිද්දිය.මේක කියන කොට පාවිච්චි කරන වචන තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා කෙලින්ම මේ පොස්ට් එක කියවන්න අවොත්.

ඒක නිසා කලින් පොස්ට් 3 න කියවලා එන්න කැමති නම් විතරක්. නැතත් කමක් නැහැ.මෙන්න "පලවෙනි කොටස". මෙන්න "දෙවැනි කොටස". මෙන්න "තුන්වෙනි කොටස".

මෙන්න කතාව.මේක වෙන්නේ 2003 අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ බාලදක්ෂ පන්ති තියපු පලවෙනි සතියේ.අලුත් අවුරුද්දට කලින් 2002 වසරේ අන්තිම සතියේ ඩියුටි කල කණ්ඩායම ඊ ලග දවසේ ඩියුටි කරන්න අපේ කණ්ඩායමට තමයි බාර දුන්නේ.

අපේ කණ්ඩායමේ ඒ වෙද්දී PL හිටියේ හිරෝෂන් කියල බුවෙක් මම APL හිටියේ.ඔන්න ඉතින් අවසන් රැලියේදී ගුවන් බාලදක්ෂ කොඩිය භාරගෙන අපේ හිරෝෂන් කාරයා ඊ ලග සතියට වැඩ භාර ගත්තා.ඒ කතාව එතනින් ඉවරයි.පෝරියල් ඒක හම්බු වෙන්නේ ඊලග සතියේ.

කොහොම හරි අලුත් අවුරුද්දේ ඉස්ස ඉස්සර වෙලාම දත කටත් මැදන් ඩියුටි කරන්න ලැස්ති වෙලා අපේ සෙට් ඒක ගියා.උදේ ප්‍රදාන මුර පොලෙන් ඇතුල් වෙලා අපිට ඩියුටි නිසා අපේ පෙට්‍රල් එකේ කට්ටිය බයික් වලින් ඉක්මනට ගියා.

බාලදක්ෂ කුටියට ගියහම තමයි මට චු බර හැදුනේ.හිරෝෂන් කාරයා කොටුවක් පැනලා.ඌ කොල්ලෙක් අතේ පණිවිඩයක් එවලා ඌට එන්න වෙන්නේ නැහැ කියලා.ඌ කොහොම හරි ඩියුටි දවසේ PL පට්ටම මට භාර දීලා ශේප් වෙලා.

නොදකින් ගස් කුට්ටා තෝවනම් දිවියම කන්න ඕනා මේ අහිංසක මට කරපු අපරාදෙට කියලා හිතිනුත් බැන බැන මම ඩියුටි බාර ගත්තා.(ඌට කොහොම හරි මට කරපු අපරාදෙට දිවිය නෙමෙයි ASL අයියලා ඩබල ලුණු ඇඹුල් ඇතිව ඌට හොද හෝටලයකින් ලොකුවයින් උණු උණුවෙම වැඩම්මේව්වා ඌ ඊලග සතියේ ක්ලාස් ආවම. හික් හික්.. ).

ඇයි යකෝ කුම්බලා මාළු කාවනම් විදවන්නත් එපාය.මමනේ අපේ එකේ APL කාරයා.ඉතින් මම එදා මුළු කණ්ඩායම් සෙට් එකම මෙහෙයවන විසිල් එකත් අතින් අරන් ඔක්කොම එවුන් ටිකව එකට එකතු කරලා වැඩ වලට බෙදලා දැම්මා.

මල් පැළ වලට වතුර දාන්න, බාලදක්ෂ කුටිය අතු ගාන්න, පෙට්‍රල් සුද්ද කරන්න, මිදුල අතු ගාන්න, වතුර පුරවන්න; ඔය වගේ එකී නොකී මෙකි බොහෝ දේවල් වලට.

PL කොහොම හරි දවසේ වැඩ සටහන කොළේක ලියලා දැන්වීම් පුවරුවේ එල්ලන්න ඕනේ.ඒක ගෙදරින් ලියන් එන්නේ.එත් එදා PL ආපු නැති නිසා මටම අලුතින් ලියන්න උනා.

ඒක නිසා මම ඒක ලියන්න යන අතරතුරේ අපේ මාමගේ පුතාටයි උගේ යාලුවටයි කිව්වා
"මම මේක ලියන්න යනකන් උඹලා දෙන්නා ගුවන් බාලදක්ෂ කොඩිය දාපන්" කියලා.කොඩිය නමන මැද්දට මල් පෙති ටිකක් කඩලා දැම්මම කොඩිය දිග අරිද්දි මල් පෙතිටික වැටෙනවා ආශික් එකේ.

ඒක නිසා මං කිව්වා "අඩෝ මේ මල් පෙති ටිකකුත් කඩලා දාපන්" කියලා.මුන් දෙන්නත් ලෙසටම වැඩේ කොරලා තිබ්බා.කොහොම හරි වැඩ ටික ගොඩින් මඩින් ගුටි නොකා බෙර ගත්තා.ඔන්න දැන් ආරම්භක රැලිය.

ඔන්න බාලදක්ෂ SL මහතා ඇවිත් ගුවන් බාලදක්ෂ කොඩිය අදිනවා.අපිත් ඉතින් සීරුවෙන් හිටන් අත් පොලොසන් දෙනවා උඩ බලාගෙන.ෂා බඩුම තමයි ලස්සනට මල් පෙති වැටෙනවා. ආශික් 7 යි. මෙන්න කොඩිය හරියටම දිග ඇරුනයි කියහන්කෝ.

අම්මට බොල බඩුම තමයි.අරුන් දෙන්නා ලෙසටම වැඩේ කොරල මාව අනුභවම කොරලා.මෙන්න යකෝ උකුස්සා ඔලුවෙන් හිටන් තටු දෙකත් කණපිට ගහන් අහසේ කරනම් ගහනවා.මේ ගස් කුට්ටෝ දෙන්නා ෆ්ලෑග් ඒක අනික් පැත්ත හරෝලා දාලා තියෙන්නේ.

ASL අයියලා දෙන්නා මං දිහා බලන් හිනා වෙනවා කින්ඩියට ඔරවා ඔරවා.කොහොම හරි ආරම්බක රැලිය ඉවර වෙලා මං අරුන් දෙන්නට දෙසුව වැදි බණ සිහි වෙන්න.

කොහොම හරි අපේ මාමගේ පුතා නගින්න ලෑස්තිය කොඩිය අනික් පැත්ත හරවන්න.මම ඌට කිව්වා
"අනේ මේ තෝ හිටු එක පාරක් මාව කෑවා දැන් මං ම වැඩේ කොරන්නම්" 
කියලා කනුව දිගේ බඩගාලා උකුස්සට සහනයක් ලබා දුන්නා කොඩිය අනික් පැත්ත හරවලා.

ඊට පස්සේ තමයි රසම සිද්දිය උනේ.කොහොම හරි ගුවන් බාලදක්ෂයින්ට බොන්න තේ ගන්න පුළුවන් තේ බෙදන වෙලාවට ගුවන් හමුදා කදවුරේ කෑම උයන,තේ හදන  තැනට ගියොත්.එතනට කියන්නේ "මෙස්‌ එක"  කියලා.

කොහොම හරි ඒ අයියලා හරිම හොදයි.රට ජාතිය වෙනුවෙන් ජිවිතේ කැප කරපු පොලවට බරක් නැති ලොකු හදවතක් තියෙන මිනිස්සු නිසා වෙන්න ඇති.අපිට එදාට ඒ ගොල්ලෝ තේ බොද්දි කන්න තියෙන දේවල් පවා දෙනවා.බිස්කට්, මාළු පාන් ඔයවගේ එව්වා.

අපිට තියෙන්නේ තේ ගද්දි දවසේ කවුන්ට් එක කියන්න විතරයි තේ ගන්න ඕන ඇලුමිනියම් කල්දේරම අරන් ගිහින්. එතකොට තේ එක්ක කන්න තියෙන එව්වත් දෙනවා. කොහොම හරි ඕකට යන්න ඕනේ 10.00 ට විතර තමයි එදාට ඩියුටි කරන්න තියෙන කණ්ඩායමේ උන් දෙන්නෙක්.

මං ඉතින් 9.15 ට විතර අරුන් දෙන්නටම කිව්වා "මේ උඹලා දෙන්නා 10.00 ට තේ ගෙන්න පලයල්ලා" කියලා.මුන් දෙන්නත් මැටි ගිලපු උගුඩුවො දෙන්නා වගේ ඔලුව දෙපැත්තට වැනුවා.

කියන්න අමතක උනා ඩියුටි දවසට තියෙන වැඩ නිසා පෙට්‍රල් එකේ ඉන්න ජෙෂ්ටයන්ට එදා පාඩම් වැඩනම් ඇත පසු වෙනවා. මොකෝ තේ ගේන්න, තේ කෝප්ප වලට දාලා අල්ලන්න... ඔය වගේ එක වැඩ කන්දරාවල් තියනවනේ.

කොහොම හරි මං 10.30 ට ඇවිත් මුන් දෙන්නා තේ ගෙනැද්ද කියලා බලද්දී ඔහේ නැහැ.මං ඊට පස්සේ මුන් දෙන්නව හොයද්දි මුන් ඉන්නවා මොකක්ද වැඩක් කොර කොර.මං ඇහුවා
"අඩෝ තොපි දෙන්නා තේ ගෙනාවද...??" මෙන්න එතකොට එකෙක්ට හුස්ම හිර වෙලා මුන් දෙන්නා මූණට මූණ බලා ගත්තා.

මං ඊට පස්සේ උන් දෙන්නට ලුණු ඇඹුල් ඇතිව කියලා "දැන්වත් පල" කියල කිව්වා තේ ගේන්න.මොකද තේ දෙන්න බැරි උනොත් ඒකටත් කන්න වෙනවා.

මුන් දෙන්නා බයිසිකලයක් අරන් කල්දෙරමත් අරන් ගියා. ඊට පස්සේ ටිකකින් මූන් දෙන්නා කල්දෙරමත් අරන් එනවා දැක්කා.ඇවිත් ඉවරවෙලා අපේ මලයා මට කියනවා මෙන්න මෙහෙම

මලයා :- අඩෝ මාර සීන් එක බන්
මම     :- මොකද තේ ඉවර වෙලාද.එහෙමනම් මම තොපි දෙන්නගේ ** දෙක මිරිකලා තමයි බොන්න දෙන්නේ.
මලයා :- නැහැ බං තේ හම්බුනා.
මම    :- එලනේ යකෝ.එහෙනම් මාර සීන් එක කිව්වේ.
අනික් එකා:- අඩේ බං තේ පොඩ්ඩයි හම්බුනේ බං.

මම කල්දෙරමට ගිහින් එබිලා බැලුවා.අම්මට මෙන්න තියනවා තේ පොඩ්ඩක් තේ මන්ඩිත් එක්ක පාවෙවී. හැබැයි ඒ ටික කොල්ලන්ට දෙන්න තරම් නැති උනත් SL ටයි ASL අයියල දෙන්නටයි දෙන්න ඇති.

SL නම් තේ බිව්වේ පොඩි කොප්පෙක අනික් ASL අයියලා දෙන්නනම් ඒකටත් හරියන්න පත මග් දෙකක් විතර අල්ලන කෝප්ප දෙකක තමයි බොන්නේ.වෙලාවට එදා අනික් ASL හිටියේ නැහැ.ඒ තුන්දෙනාගෙන් වැඩේ ශේප් කරගන්න පුළුවන්.

මං අරුන් දෙන්නට කිව්වා "දැන් කරන්න දෙයක් නැහැ බං අපි SL ටයි ASL ඩබලටයි දෙමු.කොල්ලෝ ටික ශේප්නේ බං" කියලා.මුනුත් එල එල කියලා කිව්වා.මං පස්සේ කිව්වා 
"මේ තේ ටික පෙරන්න තේ ගොට්ට අරන් වර එහෙනම්" කියලා.ඇයි තේ මන්ඩි පාවෙනවනේ.

අම්මට බොල මෙන්න අපේ මලයා හොයලා හොයලා තේ ගොට්ට අරන් එනවා.එකේ තඩි හිලක් ගස් බලු මීයෙක් දීලා පාර .දැන් මළම කෙලියයි.තේ ටිකේ මන්ඩි,අනික තේ පොඩ්ඩයි එයිට හපන් තේ පෙරන ගොට්ටත් මියෝ කාලා.ඊට පස්සේ ගියේ මෙහෙම දෙබසක්.හිරිකිතයි,

මම    :- අඩෝ දැන් මොකද බං කරන්නේ.
මලයා:- ඒක තමයි බං.
මම:- තොපි දෙන්නා තමයි වැඩේ කෑවේ කලින් ගියානම් මෙහෙම වෙන්නේ නැහැනේ.
මලයා :-හරි හරි බං අමතක උනා.
අනිකා(කළිදු):-සිරාවට මොකද කරන්නේ.අපිටනම් අවුලක් නැහැ තේ නැති වෙච්ච ගමන් අරුන් දෙන්නා කුලප්පු වෙලා තොට තමයි වඩම්මන්නේ.
මම:- මේ පොඩි අදහසක් ආවා.
මලයා:- මොකක්ද.ගුටි කන වැඩක් නෙමෙයි නම් කියහන්.
(මම පොඩි කාලේ ඉදන්ම කලිසමේ සාක්කු දෙකේ ලේන්සු දෙකක් දාගෙන යනවා.එකක් දාඩිය පිහන්න අනික හදිසි අවශ්‍යතාවේකට ගන්න)

මම    :- මං ලග ලේන්සු දෙකක් තියනවා හොද එක අරන් තේ ටික පෙරමු.
මලයා:- ඊයා යකෝ.
මම    :- තෝ ඉදන් මගුලක් කියනවා.තේ දුන්නේ නැත්නම් අරුන් දෙන්නගෙන්(ASL ඩබල) මට එපාය පෝරියල් කන්න.
අනික් එකා:- එහෙනම් මෙහෙම කරමු.මං අද ගෙනාවේ අලුත්ම ලේන්සුවක් අපි ඒකෙන් පෙරමු

ඔන්න කට්ටියම හා කියලා එකතු වෙලා කුස්සිය අස්සට රින්ගන් තේ ටික  පෙරනවා .මම කල්දේරම ඇල කරනවා. මලයා කෝප්ප අල්ලාගෙන,අනික් එකා ලේන්සුව මැද්දෙන් අල්ලාගෙන. අපේ එදා වෙලාවම තමයි මෙන්න කෝප්ප දෙකක් පිරෙව්වා.තුන් වෙනි එක පුරෝන කොටම චානකයා (එක ASL අයියා කෙනෙක්) මතු උනා කියහන්කෝ එතනින්.මූට තේ පරක්කු නිසා හොයන්න ඇවිත්.

හුටා ඌ මුළු සීන් එකම දැක්කා.දැකලා ඇහුවා "තමුසෙලා මොනාද ඔය කොරන්නේ" කියලා.අපි ගොත ගහන කොට මූම "හා හා කොරන් යනවලකෝ" කියලා ගියා. අම්මෝ ඇගට ලේ ඉනුවා.ඇයි මූ මුකුත් කිව්වේ නැහැනේ.

ඔන්න අපි වැඩේ ඉවර කොරලා තේක අරන් ගියා SL ට .මිනිහ ඔය සීන් එක දන්නේ නැහැනේ.ඉතින් SL තේක අරගෙන ඇහුවා "ලොකු උන්නැහේල මේ ළමයින්ට තේ දෙන්නේ නැද්ද" කියලා.

අපි කිව්වා සර් තියෙනවා පාඩම් ඉවර වෙලා එලියට ආවම දෙන්නම් කියල ශේප් උනා. ඊට පස්සේ අර තඩි මග් දෙකත් අරගෙන හොකි පිට්ටනියට ගියා.

ඒ වෙලේ අමල් අයියයි චානක අයියයි ASL ඩබලම පැවිලියන් එකට වෙලා පොඩි උන් සෙට් එකකට පාඩමක් උගන්නනවා .අපි තේ අරන් ගියා විතරයි මෙන්න දෙබස.

මම:- අමල් අයියේ මෙන්න තේ ගෙනාවා.
අමල් අයියා:- කෝ දියන්. මුන්ට තියනවා නේද
(කොච්චර වස උනත් තේ ඉවරයි කියල මුන් දෙන්නව ශේප් කරගන්න පුළුවන්. ඇයි උන් දෙන්නට  තේ තියනවනේ.)
මම:- අද තේ තිබිලා නැහැ අයියේ.SL ටයි ඔයාලා දෙන්නටයි විතරයි තිබ්බේ.
අමල් අයියා:- හා හා කමක් නෑ.
(මෙච්චර වෙලා ලගට වෙලා කට පියන් හිටපු චානකයත් කට ඇරියා.)

චානක අයියා:- ඒ අමල් මුං අපිට තේ ගෙනාවේ බං ලේන්සුවෙන් පෙරලා මං ඇස්දෙකෙන් දැක්කා බොල.
අමල් අයියා:- මොකක්.? ඊයා මූ මේ ඇත්තද යකෝ කියන්නේ.
මම:- ඔව් අමල් අයියේ තේ ගොට්ට මියෝ කාලා.කලිදුවගේ අලුත් ලේන්සුවෙන් පෙරුවේ හොදට හෝදලා (අම්මෝ බොරු.මොන හේදුවද)
අමල් අයියා:- අහ් බොල තොපි අපිට ජරාව පොවන්න.? ගනින් මේකත්.
(අම්මට මට අමල් අයියා ගත්තු කෝප්පෙත් දුන්නා.)
අමල් අයියා:- අපි බොන්නේ නැහැ අද තේ.තොපි තුන් දෙනාම මෙතනම බීලා පල ඕක අද.

(අම්මට බඩුම තමයි මෙන්න මූ අපි පෙරාපු තේ අපිටම බොන්න කියනවා.අපි ඉතින් ඒක දිහා බලන් පිළිකුල් භාවනාව කරනවා.)
අමල් අයියා:- මොනවද තොපි බලන් ඉන්නේ බීපියව්.

මොනා කරන්නද මංම වැඩ පටන් ගත්තා.මලයා අනිකෙන් බොන්න ගත්තා.කලිදුවත් බොනවා මාරුවෙන් මාරුවට.උගුරටත් එනවා.එකේ තේ මදිවට කෝපිත් තියනවා. අන්තිමට ඉවර වෙනකන්ම බීලා කෝප්ප පෙන්නුවම "දැන් පල" කියලා අපිව එලෙව්වා.

ගිය ගමන් මමයි අපේ මලයයි කලේ ඩබල් දාගෙන වමනේ දාන එක තමයි.කලිදුවට නම් අවුලක් නැහැ වගේ හිටියා.උගේ ලේන්සුවෙන්නේ තේ පෙරුවේ.කොහොම හරි එදා

අන්තිමට ගුටි නොකා ඩියුටිත් කොරලා ශේප් උනා.හැබැයි මම ජිවිතේටම බීලා තියෙන රසම රස තේක නම් බිව්වේ එදා තමයි හික් හික්......
මොකෝ කියන්නේ දාමුද බලන්න කමෙන්ට් එකක්.......              

Friday, March 18, 2011

ගුවන් බාලදක්ෂ මතක සටහන් 03 - දවසේ වැඩ සටහන II


වැඩි බයිලා ඕනේ නැහැ කලින් ලිපිය නවත්තපු තැනින් පටන් ගම්මු.කලින් කොටස් දෙක කියෙව්ව නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න පලවෙනි කොටස.මෙන්න දෙවෙනි කොටස ගිහින් කියවල එන්න නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වේවි.

ආරම්භක රැලිය පවත්වන්නේ 9.00 ට විතර.එතකොට ක්‍රීඩාවක් පවත්වන්නේ 9.15 ට විතර ඕක ඉවර වෙලා එද්දී 9.30 විතර වෙනවා.

ඊට පස්සේ 9.30 ඉදන් 10.00 වෙනකන් තියෙන්නේ එක්කෝ "සමත් කිරීම්" නැත්නම් "ලොග් පොත් පරික්ෂාව".

සමත් කිරීම් වලදී කොරන්නේ කලින් දවස් වල උගන්වපුවා පාඩම් දෙනවා තමුන්ගේ කණ්ඩායමේ PL ට සමහර එව්වා තියෙනවා ASL ට පාඩම් දෙන්න ඕන බාල දක්ෂ පාඩම්.

පාඩම් මතක නම් අන්තිමට පාඩම් ගත්තු ASL ට හරි PL ට හරි කියලා බාලදක්ෂ වාර්තා සටහන් කාඩ් පතේ ඒ පාඩම සම්පුර්ණයි කියලා අත්සන් කරගන්නවා.

සමහර දවස් වලට ඔය වෙලාවේ ASL අයියලා පෙට්‍රල් එකෙන් පෙට්‍රල් එකට ඇවිත් බාල දක්ෂයන්ගේ ලොග් පොත්(අර දින සටහන් වගේ එව්වා ලියන තඩි පොත) දිනපතා ලියලද, පාඩම් පිළිවෙලද, පොතේ හිස්තැන් නැද්ද වගේ එව්වා පරික්ෂා කොරල බලනවා.

හුගක් වෙලාවට අපිට කම්මැලි හිතිලා කලින් සතියේ වැඩසටහන ලියන්න අමතක වෙච්ච දවසකටම පෙර පිනක් පල දීලා ලොග් පොත් පරික්ෂා කලොත් බඩුම තමයි.

කන්න වෙනවා උණ පතුරකින් හරි එහෙමත් නැත්නම් බටයකින් හරි පස්ස පැත්ත රතු වෙන්න. ඕක ඉවර වෙද්දී 10.00 විතර වෙනවා.

10.00 ට තියෙන්නේ ඉගැන්වීම් කටයුතු.ඒ වෙලාවට SL හරි ASL කෙනෙක් හරි අපිට අලුත් බාලදක්ෂ පාඩමක් කියලා දීලා සටහන් දෙනවා.

ගැට වර්ග(කපන එව්වා නෙමෙයි හොදේ ගහන එව්වා) තියෙනව නම් එව්වා ලනුවක් අරන්ම කියලා කරවනවා.කොහොම හරි ඕක ඉවර වෙද්දී 11.00 විතර වෙනවා.

ඊට පස්සේ තියෙන්නේ "විවෘත සැසිය" කියලා එකක්.ඒක මෙහෙයවන්නේ බොහෝ වෙලාවට SL තමයි එකේදී ඔක්කොම බාලදක්ෂයෝ ටික බාලදක්ෂ කුටියේ හරි එළිමහන් තැනක් හරි එකතු වෙලා ළමයිගේ ප්‍රශ්න වගේ එව්වා සාකච්චා කරනවා.

පස්සේ අලුත් බාලදක්ෂ ගීතයක් එහෙම ඉගෙනගෙන ඒකත් 3 න් 4 පාරක් කියවලා 11.15 ට විතර පටන් ගත්තු එක 11.45 විතර වෙද්දී ඉවර කරනවා.

පස්සේ තියෙන්නේ "අවසාන රැලිය" ප.ව. 12.00 ට විතර තමයි.එකේදිත් අර ආරම්භක රැලියේදී කිව්වා වගේ කරත්ත රෝදෙක විදිහට කාණ්ඩ පහම ප්‍රදාන කුඹ ගහ වටේ එකතු වෙනවා.

පස්සේ අවසන් නිවේදන එහෙම කියලා ඉවර උනාට පස්සේ ඒ දවසේ ඩියුටි භාරව හිටපු කණ්ඩායම් නායකයා ගිහින් උදේ ඔසවපු ගුවන් බාලදක්ෂ කොඩිය හකුලනවා.

එතැනදී හැමෝම අයෙත් පාරක් ගුවන් බාලදක්ෂ ගීතය කියනවා.අවසානයේ පහත හෙලපු කොඩිය ඒ කණ්ඩායමේ PLවිසින්ම පොඩියට නමලා ආපසු හැරෙනවා කුඹ ගහට පිටු පාලා.

එතකොටම ඊලග දවසේ ඩියුටි බාර ගන්න තියෙන කණ්ඩායමේ නායකයා PL ඇවිත් ආචාර කරලා කොඩිය භාරගන්නවා. භාරගත්තු කොඩිය ඌ ගිහින් ASL මහතෙකුට භාර දෙනවා.

අන්තිමට ආරම්භක රැලියේදී කිව්වා වගේම කණ්ඩායම් පහ විසිරිලා යනවා.ඊට පස්සේ තියෙන්නේ පිහිනුම් පුහුණුව.කැමති උන්ට ගෙදර යන්න පුළුවන් කැමති එවුන්ට පිහිනන හැටි ඉගෙනගන්න යන්න පුළුවන්.

පීනන්න තියෙන්නේ ගුවන් හමුදා කදවුරේ පිහිනුම් තටාකේ තමයි.සමහර දවස් වලට පිහිනන්න යන ඒක නවත්තලා අපි හොකි ගහන ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහලා පිස්සු නටලා තමයි ගෙදර යන්නේ.

කොහොමත් කෑම්ප් එකෙන් එලියට එද්දී 2.30 විතර වෙනවා.ඔන්න ඕක තමයි හැමදාම වෙන වැඩසටහන ගුවන් බාලදක්ෂ කදවුර ඇතුලේ.

හප්පා යන්තම පොස්ට් 3 කින් වැඩේ ගොඩ දාගත්තා.ඊලගට කියන්න පුළුවන් මම මුලින් කියන්න තටමපු කතාව.ඒක මෙලෝ රහක් නැති කතාවක් වේවිද දන්නෙත් නැහැ.

හැබැයි අපේ රත්ගමයාගේ බාශාවෙන්ම කියනවනම් ටිකක් ඉකේයියා කතාවක් තමයි මට වෙච්ච.හැකි ඉක්මනින් ඒ කතාවත් අනිවා දාන්නම් එතකන් රැදී සිටින්න අපරාජිතයා සමගින්.

ජය වේවා....!!!  

ගුවන් බාලදක්ෂ මතක සටහන් 02 - දවසේ වැඩ සටහන I


මේ කතාව පටන් ගන්න හැදුවේ ගුවන් බාලදක්ෂ කරද්දී මට උනු අංජ බජල් සීන් එකක් කියන්න.එත් එකපාර පොල්ලෙන් ගැහුවා වගේ කිව්වම කියෝන කාට හරි නොතෙරේවි කියලා හිතුනු හින්දයි කෑලි වලට කඩලා විස්තර කරන්න ගත්තේ.

මෙන්න තියනවා පලවෙනි කෑල්ල.මේක කියවන්න කලින් එක කියෝලා එන්න කියෙව්වේ නැතිනම්.නැත්නම් මෙලෝ හසරක් තේරෙන්නේ නැති වේවි.... හරි කතාවට බහිමු..

කොහොම හරි බාල දක්ෂ පන්ති  තිබ්බේ සෙනසුරාද උදේ ඉදන් දවල් වෙනකන්. කණ්ඩායම් පහ මාරුවෙන් මාරුවට සතියෙන් සතිය මුළු කාණ්ඩ පහම මෙහෙය වන්න ඕන දවසේ වැඩ සටහනට අනුව.

ඒ කණ්ඩායමක් එදාට ඩියුටි කණ්ඩායම කියලා නම් කරනවා.එකේදී මුලින්ම කරන්න ඕනේ උදේ පාන්දර 7.30 ට විතර ප්‍රදාන මුර පොලෙන් ඇතුලට ගිහිල්ලා බාලදක්ෂ කුටියට එන්න ඕනා.

පාන්දර 7.30 වෙද්දීවත් ප්‍රදාන මුරපොල ගාවට එකතු වෙන්න ඕනේ.කටුනායක කැම්ප් එකට ඇතුල් වෙන තැන් මට මතක විදිහට ඒ කාලේ 3 ක් තිබ්බා. එකක් කටුනායකින්, අනික අක්කර පනහා පැත්තෙන්,අනික් තැන හරියට නිච්චි නැහැ.

මොකද මාත් බාල දක්ෂ වලට ටටා බායි කියලා දැනට අවුරුදු 7ක් විතර වෙන නිසා. අපි ඇතුලට ආවේ කටුනායක තිබ්බ ප්‍රධාන මුර පොලෙන්.තව සෙට් එකක් ආව අක්කර පනහා පැත්තෙන් තිබ්බ මුර පොලෙන්.

අපිට ඒ කාලේ ඕන වෙලාවක ඇතුලට යන්න පුළුවන් වෙන විදිහට හැදුනුම්පතකුත් තිබ්බා.පාන්දර 7.30 තමයි අන්තිම වෙලාව.කට්ටියම බලන් ඉදල එන එවුන්ව සෙට් කරගෙන ඇතුල් වෙනවා ප්‍රදාන මුර පොලෙන්.

ඇතුල් වෙලා කිලෝමීටර් 2 කක් විතර පයින් යන්න ඕනෑ බාලදක්ෂ කුටියට.බයිසිකල් වල ආපු එවුන් එක්ක අනික් උන් ඩබල් දාලා යනවා.මදි වෙන එවුන් ටික පයින් අදිනවා.පයින් යන්න වෙන්නේ අලුතෙන් එන පොඩි එවුන්ට තමයි.

එක අතකින් පයින් එන එක ටිකක් විතර සැපයි.මොකෝ ගිය ගමන් සුද්ද බුද්ද කරලා ගන්න වෙනවා.ඒ නිසා ඉක්මනට යන උන්ට ඉක්මනටම පෝරියල් එක ඇදෙනවා.

පයින් යන උන් යද්දී අරුන් ටික වැඩ කොටසක් කරලා ඉවරයි. ඒ නිසා මාත් හිටි ගමන් ඔය පයින් යන සෙට් එකට එකතු වෙනවා පොඩි එවුන්ව මෙහෙයවන් යන්න.

පොඩි උන් කිව්වේ මේ කිරි බොන උන් නෙමෙයි හොදේ නවකයෝ.අවම 6 වසරවත් වෙන්න ඕනේ.සමහර උන් අපිට වඩා වැඩිමල්.ඒත් උන් අපිට පොඩි උන් තමයි එතැනදී. හික් හික්.

කොහොම හරි පයින් කොටලා 7.50 වෙනකනුත් පයින් අදිනවා.ගිය ගමන් කරන්න තියෙන්නේ සුද්ද කරන එක කිව්වත් වගේ.මල් පැල වලට වතුර දාලා, කරුමක්කාර කොට්ටන් ගස් වලින් වැටෙන කොට්ටන් කොළ අතු ගාලා, බාල දක්ෂ කුටිය සුද්ද පවිත්‍ර කරලා ගන්නවා 8.30 වෙන්න කලින්.

වැඩ කරන්න ඕනේ කට්ටියව අදාළ  වැඩ වලට බෙදලා දාන්නේ එදාට කණ්ඩායම් පහම මෙහෙයවන PL කෙනා තමයි.ඌ තමයි එදාට ගුටි කෑමේ වැඩිම සම්බාවිතාවයෙන් ඉන්න එකා.

ඒ අතරතුරේ PL එදාට ආරම්භක රැස්වීම පවත්වන්න තියෙන තැන කොඩි කණුවට ගුවන් බාල දක්ෂ කොඩිය ගැට ගහලා ඒක සකසල තියනවා.

අපේ කොඩිය බිම ඉදන් ඉහලට ඔසවන්නේ නැහැ.කොඩිය නමන විදියක් තියනවා පුංචි වෙන්න.එහෙම කුඩාවට නමලා කොඩි කුඹ ගසේ ඉහලට වෙන්න ඔසවලා ගැට ගහලා තියනවා.

එතකොට ගුවන් බාලදක්ෂ කොඩිය ඔසවන්න ඕනා උනාම ලනුව ඇදපු ගමන් කොඩිය ගුවනේදීම දිග හැරිලා ලෙල දෙන්න ගන්නවා.ඕක ගුටි කන්න පුළුවන් තවත් හොද පොයින්ට් එකක් තමයි.

කොඩිය නමලා ගැට ගහද්දි උඩ යට මාරු උනොත් බඩුම තමයි.අම්මි ගහනවා බැට් එකෙන්.එතකොට ගුවන්  බාලදක්ෂ කොඩිය ගුවනේ ලෙලදෙනවා උකුස්සා ඔලුවෙන් හිටන්.හික් හික්.

ඒකට දඩුවම තමයි ආරම්භක රැස්වීම ඉවර උනහම කොඩිය දාලා තියෙන කනුව දිගේ උඩට බඩ ගාලා ගුවනේ ඉදන්ම කොඩියේ ගැට ලිහලා උඩ යට මාරු කොරලා උකුස්සව කකුල් දෙකෙන් හිටවන එක.

ඒක නිසා ගොඩක් වෙලාවට PL කාරයාම තනියම කොඩිය ගැට ගහන ඒක කරනවා වෙන මොනවා නොකලත්.සුද්ද කරලා ඉවර උණු ගමන්ම මුහුණ කට හෝදගෙන ලෑස්ති  වෙනවා ඊළගට තියෙන "කාණ්ඩ පරීක්ෂණයට".

ඕකෙදි ASL කෙනෙක් එනවා පෙට්‍රල් එකෙන් පෙට්‍රල් ඒකට ළමයින්ගේ කොණ්ඩා, නියපොතු, පිළිවෙලද; ඇදුම් පිළිවෙලට ඇඳලා කරලා, ස්කාෆ්(අර බෙල්ල වටේ ඔතන් ඉන්න ලේන්සුව වගේ එක) එක හරියට දාලා, බෙල්ට් එක තද වෙන්න දාලා තියෙනවද; පෙට්‍රල් එකක් තව එකකින් වෙන් වෙන තීරයට හිටවලා තියෙන ලුමිනෙස් ගස් වලට වතුර දාලද; බාල දක්ෂයන්ගේ ලොග් පොත් පිළිවෙලට පොත් තියන්න උණ බට වලින් හදපු අට්ටාල වගේ එව්වා වල තියලද වගේ එකී නොකී බොහෝ දේවල් බලනවා.

පොඩි හරි වැරද්දක් තිබ්බොත් ඉතින් PL සහ APL ඩබලට බඩුම තමයි. කාණ්ඩ පරීක්ෂණය ඉවර උන ගමන්ම පටන් ගන්නවා "ආරම්භක රැලිය".

එකේදී බාලදක්ෂ කණ්ඩායම් 5 හම කරත්ත රෝදෙක හැඩේට PL ඉස්සරහින් සහ APL පිටු පසින් ඉදලා කොඩි ගහ වටේට එක්රැස් වෙලා ඉන්නේ.

එදාට ඩියුටි තියෙන කණ්ඩායම තමයි දක්ෂිණාවර්තව ගත්තම මුලින්ම ඉන්නේ. ඊලග දවසේ වැඩ බාර ගන්න කණ්ඩායම තමයි  දක්ෂිණාවර්තව ගත්තම අන්තිමටම ඉන්නේ.

කොහොම හරි එතැනදී SL ගේ ASL ලගේ කතා එක්ක අර කිව්වා බාල දක්ෂ කොඩියත් ඔසවලා බාල දක්ෂ ගීතය කියලා.රැස්වීම ඉවර කරලා දානවා.

එකේදිත්  විසිර යන්නේ කණ්ඩායම් 5 හේම PL ලා අඩියක් ඉස්සරහට ඇවිත් සැලියුට් එක ගහලා ආපසු හැරිලා දක්ෂිණාවර්තව එක කණ්ඩායමකට පස්සේ අනික් කණ්ඩායම විදිහට දකුණට හැරිලා විසිරි යනවා PL ලගේ විදානේ අනුව.

ඊට පස්සේ තියෙන්නේ "ක්‍රීඩාවක් කිරීම".ඔය වෙලේට එක එක ෆන් ක්‍රීඩාවක් කරලා බාලදක්ෂ ක්‍රීඩා ජය ගෝෂා ගීතයකුත් කියලා  කොඩි අනික් පැත්තට හරොලා තිබ්බනම් ගුටි එහෙමත් කාලා  තවත් වැරදි තියනවනම් තවත්  කාලා හෙන වැඩ ගොඩක් වෙනවා.

මොකද SL ළමයින්ට එහෙම ගහන කෙනෙක් නෙමෙයි ASL ලට ඉන්න දෙන්නෙක්ම තරුණ කොල්ලෝ.උන් තමයි ඉතින් නෙලන්නේ වැරදි වලට හැබැයි SL ට හොරෙන්.

එක්කෙනෙක් නමින් අමල්,අනිකා චානක.කාගෙන් බේරුනත් මුන් දෙන්නගෙන්නම් බේරිලි බොරු.වැරද්දක් කලොත් විනාසයි.ක්‍රීඩාව කරන්නේ ගුවන් හමුදා කදවුරේ හොකී ගහන ග්‍රවුන්ඩ් එකේ.අපේ බාලදක්ෂ කුටිය ගාවම තමයි තියෙන්නේ.

ඔතනට SL එන්නේ නැති නිසා වැරදි වලට ඔක්කොටම අල්ලගන්නේ ඔතනදි තමයි.  හප්පා දවසේ වැඩ සටහන විස්තර කරලම පොස්ට් 4 ක් විතර ලියන්න වේවිද මන්දා.බලමු 3 කින් ඉවර කරගන්න උපරිම ගේමක් දෙන්නම්.

බැරි උනොත් නම් 4 කට යන්න වෙනවා.බලමු............ එතකන් රැදී ඉන්න අපරාජිතයා සමගින්.............
ජය වේවා......!!!

Thursday, March 17, 2011

ගුවන් බාලදක්ෂ මතක සටහන් 01 - හැදින්වීම


ඔන්න අද කියන්න යන්නෙත් මට උණු ඇබැද්දියක්ම තමයි.අපරාජිතයා කියෝන කට්ටිය දන්නේ නැහැනේ මේ අපරාජිතයත් කාලයක් බාල දක්ෂ කලයි කියලා.

බාල දක්ෂ කිව්වට ඒක නිකන් බාල දක්ෂ නෙමෙයි.මම කලේ ගුවන් බාල දක්ෂ.කළේ කටුනායක ගුවන් හමුදා කදවුරේ.ලංකාවේ ගුවන් බාලදක්ෂ මුලස්ථානය තිබ්බේ කටුනායක.

ඒ වගේම තවත් ඒකෙම කෑල්ලක් තිබ්බා ගුවන් පුර. ඒ කියන්නේ කොළඹ සිනමන් ලේක් හෝටලය ඉස්සරහ තියන ගුවන් හමුදා කදවුරේ.

බාලදක්ෂ සංගමයට බදවා ගත්තේ ඉස්කෝලෙන් උනාට එකේ වැඩ කටුතු කරගෙන ගියේ ඉස්කෝලෙන් පරිභාහිරවයි.බදවා ගැනීමේ සුදුසු කමක් විදියට ලග නෑයෙක් හරි  අදුරන කෙනෙක් හරි ගුවන් හමුදාවේ සේවය කලයුතුවත්  තිබුනා.

ඉතින් මටත් කොහොම හරි ඔය පිනා චාන්ස් එක ලැබුනා අපේ මාමා හිටපු හින්දා. අපේ සෙට් එක කණ්ඩායම් වලට බෙදලා තිබ්බේ.කණ්ඩායම් නම් කරලා තිබ්බේ ගුවන් යානා වල නම් වලින්.

කණ්ඩායම් 5 ක් තිබ්බා.ශාමාශෙට්ටි, මිග්, සෙස්නා, ඇව්රෝ, චිප්මන්ක්.ඔන්න කණ්ඩායම් වල නම් ටික. කොහොම හරි මම හිටියේ ශාමාශෙට්ටි වල.

මම බාල දක්ෂ කරන්න බැදුනේ 2000 මැද බාගයේ විතර.දැන් කියන්න යන සිද්දිය වෙන්නේ 2003 මුල බාගයේ විතර.

බාල දක්ෂ ප්‍රධාන නායක මහතාට කිව්වේ "ස්කවුට් ලීඩර්" කියන එක කෙටිකරලා SL කියලා.උප ප්‍රධාන නායක මහතලා හිටියා 3 න් දෙනෙක් ඒ අයට කිව්වේ ASL කියලා.ඒ "ඇසිස්ටන් ස්කවුට් ලීඩර්" කියන ඒක කෙටි කරලා.

අපේ ගෘප් එකේ කණ්ඩායමකට කිව්වේ "පෙට්‍රල්" එක කියලා.කණ්ඩායමේ නායකයාට කිව්වේ ඒ නිසා "පෙට්‍රල් ලීඩර්" කියලා.ඔය කෑල්ල කෙටි කරලා ලේසියට කිව්වේ PL කියලා.උප ප්‍රධානියාට කිව්වේ APLකියලා.ඒ "ඇසිස්ටන් පෙට්‍රල් ලීඩර්" කියන නම කෙටි කරලා.

මම කොහොම හරි මේ සිදිය වෙන කොට අපේ කණ්ඩායමේ APL.ඒ අපේ කණ්ඩායමේ හිටපු නිත්‍ය PL A/L විභාගය හින්දා බාලදක්ෂ වලට ටටා බායි කිව්ව හින්දා හිටපු APL එකා PL උනා.

මම තමයි ඊට පස්සේ හිටපු ජෙෂ්ටයා අපේ කණ්ඩායමේ.ඒක නිසා මට APL පෝරියල් එක ලැබුනා.පෝරියල් එක කිව්වේ ඔය පොස්ට් දෙක හෙනම කට්ටක්.

ගෘප් එකේ මොකෙක් හරි එකෙක් නියපොතු වවල හරි, බෙල්ට් එක හරියට දාලා නැත්නම් හරි, නැත්නම් විනය විරෝදී ලෙස හැසිරිලා හරි මාට්ටු උනොත් කණ්ඩායම් පරික්ෂාවේදී PL - APL ඩබලට අම්ම්බානෙකට කන්න වෙනවා අත පුරවලා කන හරහා ආයේ මදි නොකියන්න ඔව්ව කලින් බලලා තිබ්බේ නැහැයි කියලා.

අනික බාල දක්ෂයන්ගේ එන්න යන්න කියලා සංඥා දෙන්නේ විසිල් භාවිතයෙන්.ඒ නිසා විසිල් එකක් ගහපු වෙලේක එකෙකුට ඇහුනේ නැතුව කැදවුම් ස්ථානෙට එන්න ඌ පරක්කු උනත් කන්න වෙන්නේ ඌටත් එක්කම ඌ අයිති පෙට්‍රල් එකේ PL-APL ඩබලට.

ඒක නිසා ඔය පට්ටම් දෙක ගුටි කන පට්ටම් දෙකක් කියලා නම් කරන්න පුළුවන්.සමහර වෙලාවට කණ්ඩායම් 5 හේම නායකයෝ ඒ කිව්වේ PL ලව විතරක් රැස් කරන විසිල් එකක් ගහනවා කෙටි නලා ශබ්ද 3 ක් එක්ක එන දිග නලා ශබ්දෙකින් බාල දක්ෂ නායක මහතෙක් හරි, එදාට කාණ්ඩ පහ මෙහෙයවන එකා හරි.

ඒ වෙලේට PL ඉන්නේ පාඩම් වැඩක හරි වෙන මොකකට හරි ඌ එලියට ගිහින්නම් හරි ඒ ගැන APL ඇලට් එකේ ඉදල PL වෙනුවට APL යන්න ඕනා නැත්නම් ඒ වෙලෙටත් අඬ ගහලා කන පුරා ලැබෙනවා.

ඒක නිසා APL කියන්නේ කට්ටෙත් කට්ටක්.ඒ තරමටම විනය අතින් නීති රීති මාරම තදයි.

මම මුලින් හිතුවේ නිකන් වෙච්ච සිද්දියක් විතරක් කියලා දාන්න කියලා.එත් එහෙම කියලා තේරුමක් නැහැ. මොකද නිකන් කිව්වම කියෝන ඔයාලට නිකන් මම අන්ධයට කිරි වල  හැටි කිව්වා වගේ වෙනවනේ.

එක නිසා මම පොස්ට් එක කෑලි කීයකට හරි කඩලා දාන්නම්.උපරිම කෙටි කරලා පස්සේ සිද්දිය කියන්නම්.එහෙම හොදයි කියලා මම හිතනවා.

හප්පා මේ ටික කියද්දීම මාරෙට දිග උනා.ඉතුරු ටික හැකි ඉක්මනින්ම ඊලග පොස්ට් එකෙන් දාන්නම්. මෙහෙම විස්තර කරන එක කියෝන ඔයාලට වැදගත් වේවි කියලත් හිතුණු නිසයි දැම්මේ.

අනික කතාව නිකන් කිව්වට තේරෙන්නේ නැති වේවි කියලා හිතුනු නිසයි.රැදී ඉන්න අපරාජිතයා සමගින්..... ජය වේවා....!!!

Wednesday, March 16, 2011

කෝච්චි ලව් ඉලව්


මම අද කියන්න යන්නෙත් නිකන් මගේ හිතේ ඇති උන මට හිතෙන මගේ අදහසක් ගැන මේ රටේ ලෝකේ නිතර වෙන සිද්දියක් අල්ලලා.

මම සාමාන්‍යයෙන් කැම්පස් යන්නේ එන්නේ පොදු ප්‍රවාහන දුම්රිය රථයෙන්. ඇයි යකෝ අපි කියලා තාම හම්බු කරන මිනිස්සුය ඒකයි.

ඉතින් ඔය යන එන අතර තුරේ නිතරම දකින්නේ එකම මුහුණු ටික තමයි.උදේට ඔෆිස් යනකොට පිපිලා දිලිසෙන මුහුණුයි.හවසට එනකොට පර වෙලා මැලවෙලා යන මුහුණුයි තමයි ඉතින් හැමදාම.

ගැහැණු අය ගැනනම් ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනා.උදේට යනකොට පාන් පිටි උළල නිකන් හරියට එම්බාම් කොරලා වගේ එනකොටත් එමම තමයි.

තඩි හෑන්ඩ් බෑග් එකක් උස්සන් යන්නේ මං හිතන්නේ මේක්-අප් සෙට් එකත් ඇතුලට බස්සගෙන වෙන්ටැ යන්නේ.

පොඩ්ඩක් හරි කෝච්චිය සිග්නල් නැතුව නවත්තලා තිබ්බොත් දිය වෙලා වැක්කෙරෙනවා ඔක්කොම පාන් පිටි උලපුවා ටික දාඩියත් එක්කම. විලම්බීත ගොඩවල්.

එව්වා දකින කොට පිළිකුල් භාවනාව කරන්න වනගත වෙන්න යන්න හිතෙනවා. ඔය හැමදාම යන සෙට් එකේ ඉන්නවා බොහොම ලස්සන කපල් මැදි වයසේ කස්ටිය තමයි ඉතින්.

බිස්කට්, කේක් නානා ප්‍රකාර දේවල් අනුභව කරා පෙම් කෙල කෙල තමයි යන්නේ.මුල් කාලේ මං හිතුවේ අනේ වාසනාවන් මේ යන්නේ ශ්‍රී ලාංකීය ජන රජයේ එකට පවුල් කන අඹු සැමි යුවලවල් නේ කියලයි.

ඇයි යකෝ මිනිස්සු කියනවා එන්න එන්න පවුල් ආරවුල් වැඩි වෙනවලු.දික්කසාද වෙන ගණන වැඩි වෙනවලු. අනුන්ගේ කුරුළු කුඩු ඉහිරවන්න කට කතා හදන යක්කු.නොදෝමකින් මුන්ගේ කටේ හොරිම දාන්න ඕනේ කියලා මට නිතර හිතුනා.

එත් ඒ කපල් දිහා සියුම් විදියට බලන කොට තමයි තේරුනේ මෙන්න බොලේ ගෑනු කෙනා බහින්නේ එක දිහාවකින් පිරිමි එකා බහින්නේ තවත් දිහාවකින්.

පස්සේ තමයි තේරුනේ මේ යන්නේ කොච්චි ලව්නේ කියලා. මිනිස්සුන්ගේ ගෑනු ගෙදර; මිනිහා මෙහේ වෙන ගෑනියෙක් එක්ක උකුළු මුකුළු කරනවා.

ගෑනිගේ මිනිහා වෙන කොහෙහරි ජොබක් කරනවා ඇති.ඌත් ගෑනිව විශ්වාස කොරලා ජොබකට එවනවා. කී කෝච්චියේ වෙන මිනිහෙක් එක්ක හුරතල් වෙනවා.

හොදම දේ ඕක නෙමෙයි බොලව් දවසක් ඔහොම යන වෙලේක එහෙම නිතර යන කපල් එකක ගෑනු කෙනා මුලින් නැගලා එන්නේ.එදා එයා ඉදගෙන හිටියේ.

කී එක්ක උකුළු මුකුළු කරන මිනිහත් නැග්ග පස්සේ ස්ටේෂන් එකකින් හැබැයි එදා මිනිහා නැග්ගේ තවත් ගෑනු කෙනෙක් එක්ක.මං හිතන්නේ ඒ මුගේ විවාහක (නො)ආදරණිය බිරින්දෑ.ගෑනු කෙනා මොකක් හරි එකකට කොළඹ යන්න.

මුත් එක්ක ආවා පොරගේ වයිෆ්ව අර වෙනද යන සෙට් එකටම.මෙන්න බොලේ අර හැමදාම අරුත් එක්ක උකුළු මුකුළු කර කර යන ගෑණිම ලැජ්ජා නැතුව ෂිට් එකෙන් නැගිටලා අරකිට ෂිට් එක දුන්නේ නැතැයි
"අහ් එන්න අක්කේ ඇවිත් වාඩි වෙන්න" කියලා.

අනේ මන්දා මුං ඉන්නේ රෙද්දක් ඇදන්ද කියලත් වෙලාවකට හිතෙනවා.සමහර පෙට්ටි වල රෑට එහෙම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිත් විකාශය වෙනවා.

අනේ මන්දා කව්රු ඔව්වට වග කියන්න ඕනද කියලා. මේක කියෝන නිතර පාහේ කොච්චි වල යන ඔයාලත් දන්නවා ඇතිනේ මම කිව්වා එකේ සත්‍ය අසත්‍යතාවය.

සංවාදෙට විවෘතයි ඕන කෙනෙක්ට. මල් මාලා, ටොපි, චොකලට් වලින් බැරිනම් මඩ, ගල් මුල්, බාල්දි වලින් හරි.

අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් තමුන්ගේ මිනිහා හරි ගෑනි හරි තමුන් ගැන විශ්වාසයක් තියල ඉන්න කොට ඒ විශ්වාසෙ කඩන මොකෙක් හරි පරයෙක් ඉන්නවනම් ඌට හරි ඒකිට හරි හොදක් වෙන්නේ නැහැයි කියන එක....
පෝරියල් එක හම්බු වෙන්න ගත්තම ගෙඩි පිටින්ම ලැබෙනවාය කියන එක....

ජය වේවා....!!

Tuesday, March 15, 2011

බුට් කෑවට පසු නාපු බාල්දිය


මේ කතාව මගේ තිබ්බ ලව් ඉලව් හුටපටේට පොඩ්ඩක් සම්බන්ධයි.උඹලට මන් "මා හැර දමා ඈ ගියා" පොස්ට් එකේදී කිව්වනේ බොලව් 2010 පෙබරවාරි 12 වෙනිදා මට රාජකීය වංශෙන් ලොකුවයින් බූට් එකක් හම්බුනා කියලා.

ඔන්න ඉතින් මේක කියෝන මං වගේම ලොකු සපත්තු කාලා තියෙන අය දන්නවා ඇතිනේ ලව් එකක් තිබිල නැති උනාම ජිවිතේට දැනෙන තනිකම, පාළුව, කාන්සිය.

මටත් බූට් වැදුනේ සිකුරාදා දවසක එදා අපේ කැම්පස් එකේ එක්සෑම් එකකට ස්ටඩී ලිව් දුන්න දවස.මං එදා ඒ පොස්ට් එකේදී කියපු විදිහට මගේ උපන් ගමේදී බයිට් වෙලා දුක් සුසුම් මැද ගෙදර ආවනේ.

ඇවිත් ඉතින් දවස් දෙකක් විතර යනකන් කෑවෙත් නැහැ අම්ම කන්න කතා කලාම ශේප් එකේ බත් එක අන අනා ඉදලා විසික් කරනවා. උදේටයි හවසටයි හදල දෙන කිරි එක එහෙම්මම සින්ක් එක දිගේ ගලාගෙන යනවා.

මොනවා කරන්නද කෑම විසිකරන එක පව් එත් මට ඔක්කොම එපා වෙලා හිටියේ.පට්ටම පාලුයි.

මගේ ඉස්කෝලේ යාලුවෝ ගොඩක් එවුන් ජොබ් කරනවා.උන්ට කරදර කරන්නත් බැහැ.කැම්පස් එකේ උන් එක්සෑම් එකට පාඩම් කරනවා උන්ට කරදර කරන්නත් බැහැ.

බූට් එකක් කෑවා කියල කටක් ඇරලා අම්මට කියන්නය.අම්මි ගහයි බැට් එකෙන් එහෙම උනානම්.එත් බොලව් අම්මලට බොරු කරන්න බැහැනේ.අපිට කලින් ඒ මිනිස්සු මේ වයස පහු කොරල නෙවැ ගියේ.

මට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කියලා අම්මට තේරුණා.එත් අහන්න ආවේ නැහැ.තේරෙන්න ඇති කෙල්ලෙක්ගෙ කේස් එකක් කියලා.මොන පාඩම්ද දවසම නිදියනවා.

බැරිම තැන තමයි කවි ලියන්න ගත්තේ දුකයි, කාන්සියයි, පාලුවයි, තනිකමයි යන්න මුළු දවසම ඒ කාලේ කාමරේට වෙලයි හිටියේ.මුහුණු පොතටවත් ලොග් වෙන්න තරම් හිතේ ආසාවක් තිබ්බෙත් නැහැ.

අනික බූට් කාපු අය මේක කියෝනවානම් දන්නවා ඇතිනේ දවස පුරා කෙල්ල එක්ක ෆෝන් එකෙන් මැසේජ් කොටලා කොටලා අන්තිමට එහෙම එකක් නැති උනාම ෆෝන් එක අල්ලද්දීත් නිකන් මොකක්ද වගේ මාර අවුල් වියවුල් වෙලා දෙගොඩ තලා යනවා කියලා .

කොහොම හරි ලව් කරන කාලේ මගේ ෆෝන් එකට දන්නේ නැති නම්බර් එකකින් මිස් කෝල් එකක් ඇවිත් තිබ්බා.

මගේ ෆෝන් නම්බර් එකට දන්නේ නැති එකකින් මොකෙක් හරි මිස් කෝල් එකක් ගැහුවොත් මම මගේ ලග තියෙන වෙන සිම් එකක් දාලා කතාකරන්නේ කව්ද කියලා චෙක් කොරනවා මගේ එකෙන් කෙලින්ම බලන්නේ නැතුව.

කොහොම හරි මිස් කෝල් එක දීපු නම්බර් එකට මං ඒ දවස් වල ඩයල් කලාම අනික් පැත්තෙන් කතා කලේ කෙල්ලෙක්. මං කතා කරන්න ගියේ නැහැ එත් ෆෝන් එකේ කන්ටැක්ට්ස්  වල "A" කියල සේව් කරලා තිබ්බා.

මොකද මගේ යාළුවොයි කොල්ලොයි බල්ලොයි හැම එකාම මගුලකදී හරි මළගෙදරකදී හරි ඒ කාලේ මාව සෙට් උනොතින් අපේ කැම්පස් එකේ කෙල්ලෙක්ගෙ නම්බර් එකක් නැද්ද කියල අහනවා සෙට් කරගන්න.

යකෝ දැන දැන දන්න කෙල්ලෙක්ව අමාරුවේ දාන්න පුළුවන්ය.එහෙම වෙලාවල් වලදී මං "මචං මේ නම්  පට්ටම කෑල්ලක්" කියලා ඌව අන්දලා දෙන්නේ ඔය වගේ නම්බර් එකක් තමයි.

ඉතින් දැන් මට සසර කළකිරිලා පිළිකුල් භාවනාව කර කර ඉද්දි මට ඔය සේව් කරලා තිබ්බා නම්බර් එක මතක් උනා.මටත් දැන් නිකන් මෝල් වෙලා වගේනේ.

මම හීනියට ගැහුවා මිස් කෝල් එකක්. ආයේ ගැහුවා එකක් ඔහොම ටිකක් මිස් කෝල් ගහලා වැඩේ දුන්නම "කව්ද මේ කරදර කරන්නේ" කියලා මෙන්න බොලේ රිප්ලයි එකක් එනවා.ඊට පස්සේ මම පටන් ගත්තා මගේ සුපුරුදු මැසේජ් කෙටිල්ල.

(මේ කයි දෙනවා නම් නෙමෙයි එත් මට ෆෝන් වලින් මැසේජ් කොටලා කෙල්ලෙක්ව අල්ලන්න ලොකු ප්‍රැක්ටිස් එකක් තියනවා.යාළුවො පුලුවන්නම් අල්ලපන් කියලා දීල තියෙන හැම නම්බර් එකක්ම වගේ මම කෝල් කරලා මැසේජ් කොටලා අල්ලලා තියනවා.

හැබැයි ඉතින් ඔහොම මැසේජ් කොටන්න අල්ලගන්න අය පස්සේ හෙන වාත කේස් වෙලා තියනවා.එතකොට තමයි එපා වෙන්නේ.ඇයි යකෝ මම එවුන්ට කිසි බලාපොරොත්තුවක් දීලත් නැතුව උන් මං ගැන හෙනට ඇදගත්තට මං මක්ක කොරන්ටය.)

කොහොම හරි ඉතින් කතා කරන කෙල්ලව  මැසේජ් 3-4 කින් යාලුවෙක් මට්ටමට අල්ල ගන්න මට පුළුවන් උනා.ඊට පස්සේ මෙයා රිප්ලයි එකක් එවනවා "මට දැන්වත් ඔයාගේ ඇත්ත නම කියන්න මම කැමති නැහැ බොරු කරන අයට" කියලා.

ඉතින් මම එදා මොකක් හරි එහෙකට මගේ මුළු නමම කිව්වා.මෙන්න බොලේ නම ගහලා මැසේජ් කළා විතරයි මේකිගෙන් කෝල් එකක් එනවා.

දන්නා කෙනෙක් නෙමෙයිනේ මම එහෙම්මම ආන්සර් කළා.මෙන්න මෙහෙමයි දෙබස ගියේ.

මම:- හෙලෝ
එයා:- හෙලෝ මේ මම ඔයාව දන්නවා.
මම:- මොකක්...? මාව දන්නවා වෙන්න බැහැ.මං ඔයාව දන්නේ නැහැනේ.
එයා:-නැහැ නැහැ ඔයා **** නේ.මං ඔයාව දන්නවා.
(ඒ කාලේ මොකක්ද එකකට මම පොඩ්ඩක් විතර අපේ පැත්තේ හිට් වෙලා හිටපු චරිතයක්.මොකක්ද,මොකටද කියලනම් කියන්න බැහැ මෙතන.ඒක හින්ද මං හිතුවේ මෙකි මගේ නම අහලා ඇති කියලා)

මම:- ඔයාට මොකක් හරි වැරදීමක් වෙලා ඇති අනේ.
එයා:- නැහැ නැහැ ඔයා **** ව දන්නවනේ.
(අම්මට බෝල මෙකි දන්නවද කියලා ඇහුවේ මට බූට් එක තිබ්බ.කාලයක් මගේ කෑල්ල වෙලා හිටපු කෙල්ලගේ නම.මම පොඩ්ඩක් ඉන්න මම ගන්නම් කියලා ෆෝන් එක කට් කරලා මේකිට ගත්තා)

මම:-හෙලෝ ඔයා කොහොමද එයාව දන්නේ.
එයා:- හලෝ මම **** ගේ නැන්දගේ දුව.....

ඔන්න දෙබස ඕක ඇහුන ගමන් මට චූ ගියේ නැති ටික විතරයි.යකෝ වෙනවයින් වෙනවද මෙහෙමත් වැඩක්.නව නින්ගිරාවයිනේ.

කොහොම හරි මට බූට් එකක් වැදුනයි කියලා මේකි දන්නේ නැහැ.මේකි අහනවා "කෙල්ලෙක් ඉන්න කොට අනික් කෙල්ලන්ට කතා කරන්න ඔයාට ලැජ්ජා නැද්ද අනේ.? ඔයා එයාට බොරුවට නේද ආදරය කරන්නේ.?" කියලා.

මං ඊට පස්සේ වෙච්ච මුළු සීන් කොන් එකම එයාට කිව්වා.කොහොම හරි ඒකිටත් වෙච්ච දේ අහලා මාර අප්සෙට්. මං තියන්නම් කියලා කට් කරලා වෙච්ච මරාලේ කල්පනා කළා.ඇයි යකෝ චා 7 යි නේ.

මගේ මතකේ අතීතෙට ගලා ගියා.එත් ගොඩක් ප්‍රශ්න එක්ක.කොහොමද මේ නම්බර් එක මගේ ෆෝන් එකට ආවේ..? දැන් මේකි අරකිගෙන් ඇහුවොත් මම තවත් චා වේවිද..? ඔය වගේ එව්වා.

කොහොම හරි මම කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න කාලේ සමහර දවස් වල රෑට එයාට කතා කරද්දී ඒ පැත්තෙන් තවත් කෙල්ලෙක් කැකිරි පලනවා ඇහුන දවස් කීපයක්ම.

මම කව්ද කියලා ඇහුවම කිව්වා අපේ නැන්දගේ දුව අද අපේ ගෙදර ඇවිත් එයා මා එක්ක දැන් ඇදේ නිදියන් ඉන්නේ කියලා.

කොහොම හරි ඒ හිටපු කෙල්ල තමයි ඉදුනිල්.ඉදුනිල් කියන්නේ මගේ කෙල්ලගේ නැන්දගේ දුව.පස්සේ හිතුන මගේ ෆෝන් එකට ඒ නම්බර් එක එන්න ඇත්තේ කෙල්ලම ඒ ෆෝන් එකෙන් මගේ එකට මිස් කෝල් එක දෙන්න ඇතිය කියලා.

කොහොම හරි කාලයත් එක්ක ඉදුනිල් මගේ හොද යාලුවෙක් උනා.එයා **** වඩා මට සමීප උනා.මට එම්.එම්.එස්. වලින් එයාගෙත් ෆොටෝ පවා එව්වා.

එයත් මගේ හිටපු කෙල්ලට දෙවෙනි නැහැ.එත් දැන්නම් මං එයාට කතා කරන්නේ නැති තරම් මොකද එයත් පස්සේ මට හෙන ඇනයක් වෙන තරමට ආවා.එයා එක්ක කොල්ලෙක් යාලු වෙන්න අහනවය.ඔයා මගේ කොල්ල විදියට කතා කොරන්නය අනම් මනම් කියලා.

එත් ඒ වෙන කොට මං ඉගෙන ගත්තු එක දෙයක් තිබ්බා. ඒ කෙල්ලෙක්ට ලස්සන විතරක් තිබ්බට මෙලෝ රහක් නැතිය කියන එක.ලස්සන තිබ්බත් හිතින් කුහක නම් ඒ වගේ එවුන් එක්ක එකට වසන්න බැරිය කියන එක.

අනික මං කවදාවත් හිතේ එක කෙල්ලෙක් හිටියත් ඉදල ගියත් ඊට පස්සේ කොච්චර ලස්සන කෙල්ලෝ මම දැක්කත් මම සත පහකට ගණන් ගන්නේ නැති කොල්ලෙක්.එකත් එක හේතුවක්.

අදටත් ෆෝන් එකේ ඉදුනිල්ගේ ෆෝන් නම්බර් එක සේව් කරලා තියනවා.එයා මැසේජ් එකක් දැම්මොත් අහන්නේ ****(හිටපු කෙල්ල) කතා කලේ නැද්ද කියලා තමයි...

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි කෙල්ලෙක්ට ලස්සන කියලා තිබ්බට මෙලෝම මෙලෝ රහක් නැතිය.හිතින් කුහකනම් ආත්මාර්ථකාමිනම් කවදාවත් ඒ වගේ එකියක් එක්ක එකට වැසිය නොහැක කියා පමණි...

ජය වේවා.....!!!  

Monday, March 14, 2011

දැන් කාලේ හැදෙන උන්


අද කියන්න හිතුවේ අපරාජිතයට හිතෙන දෙයක් ගැන මට වෙච්ච පොඩි ඇබැද්දියක් සම්බන්ද කරලා.මෙන්න කිව්වා මේකට කිසිම කෙල්ලෙක් බූට් එකක් සම්බන්ධ නැහැ.

කලින් පොස්ට් එක ඊයේ හවස දැම්මා අර "රෝසා පොල්ල ගෙනෙන් බලල මරන්න 2 වෙනි" කොටස.ඒක මිස් උන කව්රු හරි ඉන්නවනම් කියවන්න කැමතිනම්.

නිකන් මේ අපරාජිතයට හිතෙන දෙයක් ගැන කියන්න කියලා හිතුවේ.බ්ලොග් එකක් උනාම හැම පැත්තටම කැර කෙන්න එපාය එකයි.

මේක මෙහෙම ලියන්න හේතුවත් අපේ කුප්පයා රත්ගමයාගේ බ්ලොග් එකේ වැටුණු "මොනවද ගෑනියේ බලන්නේ......" පොස්ට් එක දැකලා මතක් වෙච්ච සිද්දියක් එක්ක.

පොඩි කාලේනම් අපිට බත් කටක් කවා ගන්න ඔනෑ උනාම අම්මා කියනවා මතකයි
"ඔන්න පුතේ බයියන් කෑවේ නැත්නම් ගෝනි බිල්ලා ඇවිත් උස්සගෙන යාවි කියලා".

එතකොට ඉතින් අපිත් හාවා වෙලා බයියන් ඔක්කොම ටික කනවා නෙවැ ගෝනි බිල්ලට බයේ.ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉදන්ම බොහොම ලැජ්ජා බය ඇතිව ස්වභාව ධර්මයට ආදරේ ඇතිව හැදුනු කොල්ලෝ නිසයි.

ඒකට දැන් හැදෙන එවුන්.උන් මහා සංකීර්ණ චරිත වෙලා.මං හිතන්නේ උන්ව හම්බු වෙන්න ඉන්න කාලේ ගෙදර මෝඩ පෙට්ටියේ යන අර ගොන් ප්‍රවීනලාව,අමන්දලාව බලල අම්මලාගේ මොලේ විකාර වෙලයි උන් වගේ ඌරු පැටව් හම්බු වෙන්නේ.

මෙන්න මේකයි මට උන සිද්දිය දවසක් මම හොදට ඇදගෙන කරගෙන කැම්පස් ගිහින් සතියකට පස්සේ ගෙදර එනවා.ආවේ ටිකක් පිළිවෙලකට ඇද පැළදගෙන.

මොකද බාටා දෙක දාගෙන අවොත් තාත්තා ගෙදර හිටියොත් අම්බානෙකට බනිනවා. එදා ටිකක් විතර වැහැලා මඩ වලවල් වල වතුර පිරිලා තිබ්බේ.

කෝච්චියෙන් බැහැල ගෙදරට එන පාරේ මීටර් 500 ක් විතර ඇවිදගෙන එන්න වෙනවා. ඉතින් මාත් මඩ වලවල් වලින් පැන පැන බොහොම අමාරුවෙන් මඩ ඇගේ ඉහා ගන්නේ නැතිව එනකොට පාරේ පොඩි ඇච්චෝ  දෙන්නෙක් මඩ තලනවා.

අවුරුදු 4-5 ක විතර වයසේ.මම උන් ලගින් යද්දීම කුපාඩි කමටද මන්දා එකෙක් පැන්නා නෙව මඩ වලකට මගේ කලිසමේ මඩ වලින් බතික් උනා.

ඉතින් මට මළ පැන්නා.ඒත් පොඩි උන්නේ කමක් නැහැ කියලා උන් දිහා බලල ඔරවලා යන කොට එකෙක් මගෙන් අහපි
"මොනාද ඔරවන්නේ ඇයි ගේමද කියලා".මාව නිකන් හොල්මන් උනා මට බයත් හිතුනා.අම්මි ගැහුවොත් බැට් එකෙන්.

මගෙත් කට එච්චර හොද නැහැ සමහර වෙලාවට.ඉතින් මං කිව්වා
"මේ දගලන්නෙ නැතිව ගෙවල් වලට ගිහින් ස්කුබි ඩු බලනවා.නැත්නම් මං ගෝනි බිල්ලා අන්කල්ට එන්න කියලා කෝල් එකක් දෙනවා" කියලා මම යන්න ඇද්දුවා.

මෙන්න යකෝ මුන්ගෙන් එකෙක් මට සු. සු. ගානවා.මං හැරිලා බලන කොට එකෙක් කියාපි
"මේ අයියේ මට කියලා *කේ අරගන්නේ නැතුව සද්ද වහලා ගෙදර යන්න" කියලා.

එතනින් එහාට මොනවා කියන්නද මාව ෆුල් හොල්මන්.මාත් ඉතින් ඊට පස්සේ කටයි *කයි වහගෙන ගෙදර ආවා.ඔන්න දැන් හැදෙන උන්ගේ හැටි.

ඔක්කොම ඔහොම නැතුව ඇති.ඒත් ගොඩක් උන් ඔහොම්මම තමයි.උන්ට
"ගෝනි බිල්ලා ඇවිත් උස්සන් යනවා කිව්වොත්" උන් අහවි "ගෝනි බිල්ලගෙ එක ලොකුද" කියලා.ඔහොමයි උන්ගේ හැටි.

අපි කොච්චර වැඩිහිටියන්ට බයේද හැදුනේ.ඒකට මුං.ඔව්වට ඉතින් වග කියන්න ඕනේ අම්මලා තාත්තලාම තමයි.

ඉපදිලා අවුරුදු 3-4 ක් යන්න කලින් එක්ක යනවා පන්ති වලට.මිනිස්සු ඉගෙනීමේ තරගයේ ගොදුරු වෙලා.ගහක් කොලක් අදුරන්නේ නැහැ සතෙක්ට ආදරය කරන්නේ නැහැ.

ඒත් අපිට තාම මතකයි වෙල් දෙවැටවල් වල දුවලා, කජු පුහුලම් කාලා, සරුංගල් යවලා ගෙවපු ළමා ජීවිතය.දැන් ඉන්න උන්ට කොහෙද එහෙම පිනක්.

පලයන් අම්මා ශිෂ්‍යත්ව පන්ති.උන් නිකන් හරක් පැටව් වගේ දක්කනවා උන්ගේ මහ මිනිස්සු.උන්ට ඕනේ ළමයට උගන්නන්න නෙමෙයිනේ.අනිත් උන්ට පේන්න බොරු පොයියට ළමයට උගන්නන්න.

ඔව්වට තමයි කියන්නේ සෝබන කියලා.මං ලදී දවසක දැක්ක යමින් එමින් ගමන් අම්මගේ ෆෝන් එක ඔබ ඔබා අවුරුදු 2-3 ක විතර පොඩි එකෙක් බස් එකේ යනවා.ඌ ඒකෙන් වැල් බලනවද කියලත් ෂුවර් නැහැ මේ යන යෑමට.

දැන් ඉන්න උන් අන්න එහෙමයි.තව ඉස්සරහට සමහර විට පොඩි එකා බඩේ ඉන්දැද්දී අම්මා යාවි පොඩි එකාට උගන්නන්න ශිෂ්‍යත්ව පන්ති.

ඔය රේස් එක හින්ද තමයි පොඩි උන්ට ඔහොම වෙලා තියෙන්නේ.අර කතාවක් තියෙන්නේ "හැඳි නොගා හදන හොද්දයි ගුටි නොදී හදන ලමයයි දෙකම එක වගේ ලොන්ත පෝල්" කියලා.

කව්ද වගකියන්න ඔනෑ.අම්මා තාත්තම තමයි.පොඩි එකාව මුලින් පන්ති දක්කන කොටයි ඌ මැට්ටෙක් වෙන්නේ ඌට නිකන් හිතන්න ඉඩ දීලා ට්‍රැක් ඒකෙන් පිට පනින්න නොදී හෙමිහිට ගෙනියනවානම් කදයි බඩයි එක්කම උගේ මොළෙත් හැදිලා.

මැටි ගිලිනවා වගේ ගිලල ගිලල කද බඩ මහත් උනාට ඇතුල හිස්.අම්මා තාත්තට මමී,පපා කියලා තමයි කතා කොරන්නේ. උන් කන්නේ පිට්සා,සොසේජස්,බර්ගර් වගේ හද්ද විස කෑම.තව මොන කතාද.

කිරි කොස් හදලා,කරවල තෙල් දාලා,දෙහි ටිකක් වැඩිපුර දාපු පැෂන් දළු සම්බෝලයක් උණු උණු කැකුළු හාල් බත් එක්ක කනකොට දැනෙන රස උන් අදුරන්නේ නැහැ. අන්න අම්මිලා තාත්තිලා පොඩි උන්ව නරක කොරන හැටි.

අනික උන්ට සෙල්ලම් කොරන්න ගෙනත් දෙනවා පිස්තෝල.මු මොකද කරන්නේ තාත්තා ගෙනත් දුන්න පිස්තොලේ අරන් ඒකෙන් වෙඩි තියනවා උගේ තාත්තටම.

තාත්තා කියන ඒ ගොන් මෝඩ හරකත් මොකද කරන්නේ වෙඩි තිබ්බ ගමන් බොරුවට වෙඩි වැදුනා වගේ පපුව අල්ලන් වැටෙනවා.ඩිෂුම් බිෂුම්.

ඊට පස්සේ ඒ රට වස්සම පොඩි එකාව උස්සගෙන යනවා අම්මා ගාවට පොඩි එකාට අම්මව පෙන්නනවා.මු මොකද කරන්නේ අම්මටත් වෙඩි තියනවා.

ඒ රට වැස්සිත් පපුව අල්ලන් වැටෙනවා.පොඩි එකාට මාරම හැපී .ඌ තමයි පොර.ඊ ළඟ දවසේ ගහවි ග්‍රෙනේඩ් වලින් දඩින් බිඩින් දොඩම් කියලා.

පොඩි කාලෙදිම උන්ට හුරු කරන්නේ අම්මව තාත්තව මරන්න ඉතින් මුන්ගේ මනස විකුර්ති වෙන එක අහන්න දෙයක්ය.අම්මා තාත්තම තමයි ඔව්ව වලට වග කියන්න ඔනෑ.

වැරද්දක් කරපු ගමන් හම යන්න දුන්නනම්,නරක වචනයක් කිව්වා ගමන් කට රත් වෙන්න දුන්නනම් අම්මට තාත්තට ආදරය කරන මේ ගහට කොළට ආදරය කරන, ලින්කින් පාර්ක්ලගේ,එකොන්ලගේ වගේ පිස්සු බල්ලන්ගේ සින්දු අහන්නැතිව සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, ටී එම් ජයරත්න වගේ අති විශිෂ්ට ගණයේ ගායකයන්ගේ සින්දු අහන මනුස්සයෙක්ව බිහි වේවි වල් සතෙක් හැදෙනවට වඩා.

හැම පොඩි එකාවම දොස්තර කෙනෙක් හරි,ඉංජිනේරුවෙක් හරි කොරන්න බැහැනේ.යකෝ එතකොට ලංකාවේ ලෙඩ්ඩු නැති වේවිනෙ.

අහලා නැද්ද ඩොක්ටර් පෘතුවිරාජ් කියන මනුස්සයා ගැන.ගෙදර අයගේ ඕන කමට වෛද්‍ය විද්‍යාව හදාරලා ඩොක්ටර් කෙනෙක් උනාට පස්සේ ඒක අත ඇරලා ගියා චිත්‍ර අදින්න.

හදන්න ඕන අනිකට වෛර කරන කුහක තුච්ච මුග්දයෙක්ව නෙමෙයි මනුස්සයෙක්ව. එහෙම උනොත් අපිට මතුවටත් මේ ලෝකේ තියෙන ලස්සන එහෙම්මම දකින්න ලැබේවි.

එහෙම නැත්නම් මේ ස්වභාව දර්මයා ඒ ලස්සන හැමදාමත් තියා ගන්න එයාගේ විදියෙන් අපිට උත්තර දේවී එක්කෝ සුනාමියකින්, නැත්නම් ගංවතුරකින්, නැත්නම් ඉඩෝරයකින් වගේ මොකක් හරි එකකින්.

මං දන්නවා මේ පොස්ට් එක දාපු ගමන් මට අම්බ කුණු හරුපෙන් බනින්නත් කට්ටිය නොමනාව ඉදිරිපත් වේවි කියලා.

ඒත් පොඩ්ඩක් ඉන්න යතුරු පුවරුවෙන් මට බැනලා කොමෙන්ට කරන්න කොටන්න කලින් දකුණු අත හද ගැස්ම ඇහෙන තැනට තියල තද කරලා මම කියලා තියෙන දේ බොරුද කියලා හදවත්න්ම අහලා බලලා කොමෙන්ට එකක් දාන්න.

 හැමෝටම ජය වේවා.....!!!      

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.මම පහේ පන්තියේ සිසුවෙකු තරම් හපනෙකු නොවෙමි.

Sunday, March 13, 2011

රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න 2


මේ කියන්න යන්නේ ඊයේ දාපු කතාවේ ඉතිරි කොටස.ගාල්ලේ ගිහින් ආවට පස්සේ වෙච්ච දෙයක් අපේ සෙට් එකේ කොල්ලෙක්ට. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙන්න පලවෙනි කොටස.කියවල එන්න නැත්නම් මේක මෙලෝ රහක් නැති වේවි.

කොහොම හරි පහුවෙනිදත් කට්ටිය සුද්ද බුද්ද කරලා ගම රට බලා එන්න පිටත් උනා.කලින් දවසේ රෑ වෙච්ච සීන් එක හින්දා කොල්ලෝ හිටියේ දොඩමයි රෝසයි එක්ක මළේ මළ පැනලා.

කොහොම හරි දෙන්නම් පෝරියල් එක කියලා එමින් ගමන් දිගටම කිව්වේ මම කලින් පොස්ට් එකේ කියපු බයිලා 2 කම තමයි.ඒකට සර්ලා දෙන්නට තවත් මළේ මළම පැනලා තමයි හිටියේ.

අපිටත් ගානක් නැහැ ඔහේ කියවනවා.ඔය කතාව ඔතනින් ඉවර උනා අපි ඉස්කෝලෙට ආව හින්දා රෑ වෙද්දී. කොහොම හරි ඔය ගමන ගියේ සෙනසුරාද,ඉරිදා දවස් දෙකේ.පහුවෙනිදට සදුදත් නිසා ඉස්කෝලේ ආයේ අදින්න ඕනි කියලා හිතින් බැන බැන තමයි මහන්සි පිට ගෙදරත් ගියේ.

ඔන්න පහුවෙනිදා ඒ සෝචනීය දවස උදා උනා.අපිත් එක්ක ඔය ගමන යන්න සෙට් උනා අපේ පන්තියේම තව එළකිරි බුවාලා දෙන්නෙක් එකෙක් "තනුජ" අනිකා "ලසිත්".

අපේ පන්තියට ෆ්‍රී පීරියඩ් එකක් වෙලේ මුන් දෙන්න මුරුක්කුවක් හප හපා එළියේ රස්තියාදුවක් ගහද්දි රෝසා සර්ව මුං ඩබල දැකලා.

කොහොම හරි කලින් දවසේ බයිලා කියපු කික් ඒකට අපේ රෝසා සර් කාරයව පොඩ්ඩක් අවුස්සන්න කියලා හිතලා මුං සර්ව ෆලෝ කරලා ගිහින් සර් එහෙ මෙහෙ යන තැනකින් බලලා කොරිඩෝවක් දිගේ යන කොට එතන තිබ්බ A/L පන්තියක් අස්සට රිංගලා දැල් ගහල තිබ්බ ජනෙලෙකින් සර් කාරයට ඇහෙන්න;

"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න - රෝස බල්ලා ගෙනෙන් පොල්ල හපන්න"  කියලා කෑගහලා දුවලා.

වැඩේ කියන්නේ පන්තියේ දොර තිබ්බේ ජනේලේ තියන පැත්තට විරුද්ද දිහාවට.මුන් කෑගහපු එක ඇහුනු ගමන් සර්ට කලින් දවසේ තිබ්බ මළත් බැක් අප් වෙලා.

වෙලාවට වගේ සර් මුං දෙන්නගෙ මුණු දැකලා නැහැ.සර් දැන් පස්සෙන් එලවනවලු  ඈතින්.මුං ඩොටේ තියලා දුවනවලු.කොහොම හරි මුං දෙන්නා දුවලා ඇවිත් රිංගුවා 11 වසර A පන්තියට.

මතක ඇතිනේ මම අර මගේ බැජ් එක ගලොපු කතාවේදී කිව්වා අපේ පන්ති සෙට් එක තිබ්බේ එකටය.ඒ 11 වසර පන්ති සෙට් එකේ ස්ටේජ් එක වගේ උස; පැත්තේ පඩි පෙලකින් නැගල ඇතුල් වෙන්න තිබ්බ කොටසේ තිබ්බේ 11- A පන්තියය කියලා.

අපේ පන්තිය11- B නේ.කොහොම හරි ඒ වෙලාවේ අපේ පන්තියට වගේම A එකටත් ෆ්‍රී තිබ්බා.අපිත් ඉතින් හිටියේ A එක අස්සට රිංගලා සින්දු කියා කියා තමයි.

මුං දෙන්නා හති දදා ඇවිත් එකපාර පන්තියට රිංගලා පස්සේ පෝලිම් වලට සෙට් වෙලා මුකුත් උනේ  නැහැ වගේ පාඩුවේ හිටියා.

හැබැයි මුං 11 - A පන්තියට ඇතුල්  වෙනවත් එක්කම ඇතුලට ආවෙත්;
"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න" කියලා හයියෙන් බෙරිහන් දීගෙන.

අපි හිතුවේ මුං නිකන් කලින් දවසේ ආතල් එක මතක් වෙලයි කියන්න ඇත්තේ කියලා ඒක ගැන එච්චර  හිතන්න ගියේ නැහැ.

මුං ඒ වෙලේ පන්තිය ඇතුලට ඇතුල් වෙද්දී ඇතුලට එන්න නගින පොඩි පඩි පෙළ ගාවම එතනට වෙලා හිටගෙන ගෑනු ළමයි හිටි ඩෙස් පැත්තට මුනත් දාගෙන අපේ සෙට් එකේ තව කොල්ලෙක් කෙල්ලන්ට පැණි හල හලා හිටියා.

මුට කියමුකෝ අපි "රුස්දී" කියලා.මුත් ඔය අපි ගිය චාරිකාවම යන්න ආවා.ඉතින් අරුන් කියාගෙන ආපු ඒක මුට ඇහිලා කලින් දවසේ චුන් ඔලුවට ඇවිත් මු එතන තිබ්බ කෙල්ලෙක්ගෙ ඩෙස් එකකට හයියෙන් දඩන් බඩන් ගගා ගහා ගහා;
"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න" කියා කියා කෑගහන්න ගත්තා.

ඔය අතර තුරේ මළ පැනලා අරුන් පස්සේ ආපු සර් ඈතින්ම මුං 11 A ඒක ඇතුලට රිංගනවා දකින්න ඇති.ඒක නිසාද කොහෙද මෙන්න බොලේ පඩි පෙළ ගාවින් ඒක පාරටම සර් මතු උනා කියහන්කෝ.

හරියටම හරි බඩුම තමයි.ඒ වෙලාවෙත් අරු ඕක කියා කියා කෑ ගගහා තමයි හිටියේ.මෙන්න බොලේ පැනලා තිබ්බ මළ චාජ් වෙලා හිටපු සර් කාරයා මෙහෙම කියාපි.

රෝසා:- "වල් පරයා, තෝ හැදුවේ දුවලා බේරෙන්නද යකෝ...??? කෝ තොගේ අනිත් එකා.රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න.ඔව් මං ඉන්නේ තොපි වගේ බල්ලෝ මරන්න තමයි"

කියලා මුව ඇදල අරන් නෙලන්න ගත්තා නෙලිල්ලක් මගේ අම්මෝ මං ජීවිතේටම එහෙම ගැහිල්ලක් නම් දැකලා නැහැ.

කොහොම හරි 50 ක් විතර ඒක දිගටම ගැහුවා සර් කාරයට ගැහිල්ල එපා වෙනකල්ම. ගහල ඉවර උනාම අරූ නිකන් තෝන්තු මාන්තු වෙලා උඩ බිම බලනවා මොකක්ද යකෝ මේ ආපු සුනාමිය කියලා.

කොහොමින් කොහොම හරි ගහලා ගහලා බැරි තැන සර් කාරයා මුට පයිනුත් ගැහුවයි  කියලනම් මතකයි ට්‍රිප් ඒක පුරාවටම පැනලා තිබ්බ තරහා නැති වෙනකන්.අපිටත් නිකන් ඇඩෙන්න වගේ.

කොහොම හරි සර් කාරයා ගියහම තමයි අරුන් දෙන්නා වෙච්ච සීන් ඒක අපිට කිව්වේ සද්ද නැතුව ඉදලා.

කොහොමින් කොහොම හරි අන්තිමට කට්ටියම එකතු වෙලා අරුව පුටුවක එහෙම ඉන්දෝලා බොන්න වතුර එහෙම දීලා,කෙල්ලෙක්ගෙන් ඉල්ලා ගත්තු සිද්ධාලේප බාම් එකත් පතුල හිදෙනකන්ම අරන් මුට ගාලා තමයි මූව පියවි සිහියට ගත්තේ.

කම්මුල නිකන් ජම්බක් වේගේ ඉදිමිලා තිබ්බ දවස් දෙකක් විතර යනකන්.කට තියාගෙන ඉන්න බැරුවට තමයි අහක යන ටින් කිරි ගොඩක්  අරන් ඇගේ ගා ගත්තේ.

කොහොමත් කොල්ලෝ පාවල දෙන්නේ නැති නිසා මුත් අරුන් දෙන්නව මාට්ටු කරලා දෙන්න ගියේ නම් නැහැ. අපි හිතුව මු එදාවත් කට තියන් පාඩුවේ ඉන්න පාඩමක් ඉගෙන ගත්තයි කියලා.

එත් මු ඊට පස්සෙත් කට නිසා කීප දොහක්ම ඉල්ලන්ම කෑවා.එව්වත් ලැබෙන විදිහට කොටන්නම්.

ඔයාලටත් මේ වගේ සිද්දි වෙලා තියෙනවද...??? දාමුද බලන්න කොමෙන්ටුවක් යටින්..............

Saturday, March 12, 2011

රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න 1


ජපානෙට සුනාමියක් ඇවිත් ඒ මිනිස්සුන්ගේ හිත් වලට නිවනක් නැතුව ඇති.කොහොම උනත් මං පොස්ට් එක පටන් ගන්න කලින් ඒ මිනිස්සුන්ට ඉක්මනින් සැනසීමක් ලැබේවා කියල ප්‍රර්ථනා කරලා ඉන්නම්.

නිවාඩුව හින්දා තව කතාවක් දාන්න හිතුනා.කලින් එක කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න.මේ කියන්න යන්නේ සුනාමි වලට ටිකක් විතර අදාල කතාව එක්ක ඊට  පස්සේ වෙච්ච සිද්දියක් සමහර විට ඒ කතා දෙකම දාන්න දිග වැඩි වේවි.

ඒක හින්දා කතා දෙකකට දාන්නම්.මේක උනේ 2004.අපේ රටට සුනාමි ඇවිත් ලොකු විනාසයක් කලාට පස්සේ ඔය පාසල් වලින් ස්ව කැමැත්තෙන්ම ඔය ගාල්ල මාතර පැත්තට ගියානේ ඔය කැඩුණු බිදුණු තැන් සුද්ද කරන්න.

 විශේෂයෙන්ම ඉස්කෝලවලට ගියානේ.අපේ ඉස්කොලෙනුත් ඔන්න ගියා ගාල්ලේ පැත්තේ මොකක්දෝ මන්දා ඉස්කෝලෙකට දැන්නම් හරියට ඉස්කෝලේ නම මතක නැහැ.

කොහොම හරි අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෝ සෙට් එකයි තවත් 11 වසරේ -12 වසර කොල්ලෝ සෙට් එකකුයි තමයි ගියේ.ඒ 2005 මාර්තු මාසේ මැද දවසක.

අර මගේ බැජ් එක ගලෝල ආයේ දීලත් වැඩි දවසක් නැහැ.එතකොට අපිත් 11 වසර දිග කලිසම් කාරයෝ නිසා පොරලා වගේ ගමන යන්න සෙට් උනා.අපිත් එක්ක යන්න සෙට් උනේ ශිෂ්‍ය නායක සංගමේ භාර ඩබල තමයි.

අර මගේ බැජ් එක ගලොපු "විජේසුරිය" සර් එක්ක එයාගේ උප ප්‍රධානි සර් කාරයා. එයාගේ නම "රෝසා" කාලයක් හමුදාවේ ඉදපු කෙනෙක්.සර්ම තමයි ඉස්කෝලේ කැඩෙට් එකත් භාරව හිටියේ ඒ නිසා මිනිහා ටිකක් සැර පරුෂ විජේසුරියට අන්ත ඩයල් එකක් තමයි.

කොහොම හරි ඔය සර්ලට අපේ කොල්ලෝ නම් දෙකක් හදල තිබ්බේ.විජේසුරියට කිව්වේ "දොඩමා" කියලයි. රෝසාට කිව්වේ "රෝසාම" තමයි.ඔන්න ඉතින් අපේ එවුන් ටික ගමන ට්‍රිප් එකක් කොරන් අර සුරා මේරයත් එහෙම බෑග් වල දාගෙන හොරෙන් අරන් යන්න සෙට් උනා.

බස් එකේ තමයි ගියේ.පැය 3 ක විතර ගමනක්නේ. ඉතින් අපේ කට්ටිය බස් එකේ පස්සට සෙට් වෙලා සින්දු කියා කියා තමයි ගියේ.සර්ලා ඩබල බස් එකේ ඉස්සරහ ෂිට් එකේ වගේ තමයි ගියේ.

ඔහොම යන අතරතුරේ අපේ එවුන්ට කවි සිතිවිලි පහල වෙලා සර්ලා ඩබලව බයිට් කරන්නත් හොදම වෙලාව කියලා හිතලා බයිලා කියන්න ගත්තා.විශේෂයෙන්ම අපේ උන් ප්‍රදාන වශයෙන් කිව්වේ බයිලා 2 කයි .එකක් තමයි

"මේ ගසේ බොහෝ - පැණි දොඩම් තිබේ
පැහිල ඉදිලා            - බිමට නැමිලා බර වෙලා අතු
දොඩමටයි මටයි       - ගල් දෙකක් ඇතේ
වැඩිය කපන නරක ළමයි - හෙම නොවේ අපී".

ඔන්න ඕක ඔහොම කිව්වේ අපේ දොඩමට හින්ට් එකට පොරව අවුස්සන්න හිතන්. හරියටම හරි සින්දුව කිව්වා විතරයි මු පස්ස හැරිලා බලල දත් මිටි කකා  නියව නියව හිටියා.

මොකුත් කරන්නත් බැහැනේ.කියන එකාව හරියට හොයා ගන්නත් බැහැනේ කොල්ලෝ පස්සේ හරියට ගිහින් ඔක්කොම වැහෙන්න හිටගෙන.කොහොම හරි ඕකට බුවාට මල පැනලා මුණ රතු වෙලා තමයි හිටියේ.

 ඊට පස්සේ පටන් ගත්තා අනිත් එක්කෙනාට මඩ ගහන්න.මෙන්න මෙහෙමයි පටන් ගත්තේ

"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න
රෝස බල්ලා ගෙනෙන් පොල්ල හපන්න"

ඔන්න ඕක කිව්වා විතරයි මෙච්චර වෙලා සාමකාමිව හිටපු රෝසටත් මල පැන්න.මිනිහත් කරන්න දෙයක් නැති නිසා තොපිට පස්සේ දෙන්නම් කියා කියා නියව නියව තමයි හිටියේ.

කොහොම හරි යන මුළු ට්‍රිප් එක පුරාවට ඔය දෙක නිතරම කිව්වා අරුන් ඩබලව අවුස්සන්න කියලා හිතන්.එක එක තාලෙට එක එක විදිහට.කොහොම හරි යන්තම් අපේ සෙට් එක අර කියපු ඉස්කෝලෙට ආවා.

පස්සේ ඉතින් කට්ටියම ඇදුම් එහෙම මාරු කරගෙන වැඩට බැස්සා.ගඩොල් අතින් අතට යනවයි,විල්බැරක්කි වලින් පස් අදිනවයි එක කෙලියයි කට්ටියම සහ ලෝලේට වැඩ කරලා එදා හවස වැඩ නවත්තලා ඇග පත එහෙම හෝදලා රෑටත් එහෙම කාල කොරලා ඉස්කෝලෙම පන්ති කාමර 2-3 ක සකසලා දීලා තිබ්බ තැන් වල නිදා ගන්න ගියා.

අපිත් ඉතින් ඇගේ මහන්සියට නිදාගන්න ගියා කවදා කාපු ටකරමක්ද මේ කැවේ කියලා හිතන්.අපේ සමහරු ඉතින් නිදා ගන්න ගිහින් ලයිට් එහෙම නිවලා ටික කින් නැගිටලා එකා දෙන්නා පන්තියේ කොනකට එකතු වෙනවා අදුරු ඡායාවන් ගෙන් පෙනුනා.

ඊට හපන් මෙන්න යකෝ අනික් පන්ති වලට නිදා ගන්න ගිය උනුත් එකා දෙන්නා  බිම බඩ ගාගෙන එකා දෙන්න එනවා අපී හිටපු පන්තියට.පස්සෙයි මීටර් උනේ කට්ටිය සුරා මේරය මද පමණින් ගන්න තමයි ගියේ කියලා ආපු සුවදින් එහෙම.

කොහොම හරි ඔය අතරේ කස්ටිය වැඩ අල්ලලා ඉවර වෙලා අපේ පන්තියයෙන් උන් නිදාගෙන හිටපු තැනට යන්න ගිහිල්ලා වෙරි මර ගාතේ වැනි වැනි.

ඔහොම යන්න හදන කොට එකෙක් දොර ලග නිදාගෙන හිටපු බුවාගේ බෙල්ලටම හරියට කකුල තියලා. නිදාගෙන  හිටපු එකා "බුදු අම්මෝ" ගාගෙන මර ලතෝනි දීලා කෑ ගැහුවේ නැතැයි පන්ති 2-3 නෙම කට්ටියවත් ඇහැරවාගෙන.

මලා පන්ති ටිකේ ලයිට් වැටුනා.උදේ බයිලා කියලා කර ගන්න දෙයක් නැතුව නියව නියව හිටි අපේ දොඩමටත් මෙන්න බොලේ ඇහැරිලා.මු එනවා කෑගහගෙන

දොඩමා :- "කව්ද යක්කුනේ මේ මහ රෑ බෙරිහන් දෙන්නේ.ගෙරි බල්ලෝ තොපිත් එක්ක නිදා ගන්නවත් නැහැ සැනසීමෙන් ".

ඔන්න ඔය යකාට අර බෙල්ල පාගපු එකාව මාට්ටු.බෙල්ල පෑගිච්ච එකා කැහැ කැහැ සර් කාරයට කියනවා
"සර් මුන් මිනි මරන්න හදනවනේ මගේ බෙල්ලට කකුල තිබ්බ" කියලා.

සර් එතකොට අරුගෙන් ඇහුව මේ මහ රෑ මොනාද තෝ නැගිටගෙන කරන්නේ කියලා. අරු කියනවා
"සර් මට මේ හුජ්ජ බරක් හැදිලා හුජ්ජ කරන්නයි එලියට බැස්සේ" කියලා.

සර්ට තේරුණා කතා කරද්දී මු වචන පටලවන විත්තිය.මොකද වචන පැටලෙන්නේ තොපි බීලා නේද කියලා බලන කොට පන්තියේ සමහර උන් තාමත් නිදි හොදටම පොරවාගෙන.

උන් තමයි බොන්න ගිය සෙට් එක.මොකුත් නොවුණු ගානට උන් තැන් තැන් වල තාමත් නිදියන් බොරුවට. කොහොම හරි සර්ට වැඩේ මාට්ටු.ඔක්කොම එක දිගට පෝලිම් ගස්සලා කට ඉඹ ඉඹ ගියේ නැතැයි.

එතනින් එහාට වෙච්ච දේ නම් සෝචනීයයි.චටස් පටස් ඩෝන් පටෝන්  තමයි ඉතින්.කොහොම හරි අපේ උන් බාගෙට ගහපුවා ටික සර් එකතු කරන් ගියා.එව්වට මොනාද උනේ කියලනම් අදටත් දන්නේ නැහැ.

බස් එකේ තිබ්බ මල පොරට පිට කර ගන්නත් හම්බුනානේ.කොහොම හරි සර් කාරය අපේ ලගට ඇවිත් සුවද බලන කොට පොර ගාවිනුත් සුරා මේරය සුවදනම් ආවා.මම බිල නොහිටි නිසා හොදටම එක නම් තේරුණා.

ඔය ට්‍රිප් එකත් එක්ක ඊලග සදුදා ඉස්කෝලේ වෙනවා මරුම සීන් එකක් අපේ කොල්ලෙක්ට එක ඊලග පොස්ට් එකෙන් කියන්නම්.මේකට වඩා  ඒක තමයි වෙච්ච පට්ටම සීන් එක.

බැංකු පාස් පොත

 
හැමදාම මම කියන්නේ එක්කෝ බූට් සීන් එකක්  නැත්නම් තවත් මරාලයක් ගැනනේ.අද වෙනමම එකක් කියන්න හිතුනා මේ අද දවසට වැටෙන දෙවැනි පොස්ට් එක.මෙන්න පලවෙනි එක.

දැන් කියන්න යන්නේ මට මේල් එකකින් ආපු ටිකක් සංවේදි කතාවක්.කඩ්ඩෙන් තමයි අවේ මට පුළු පුළුවන් විදිහට මම ඒක සිංහලට පරිවර්තනය කරලා දාන්නම්.

මගේ මේ පොස්ට් එක කියෝන කවුරුම හරි මේකම කලින් කියෝලා තියෙනවනම් මුලින්ම ඔන්න සමාව ඉල්ලනවා.මෙන්න මේකයි කතාව.මම ඒ මේල් එකේ තිබ්බ චරිත වල නම් වලින්ම පොස්ට් එක දාන්නම්.

"මොනිකා" සහ "නික්" කියන්නේ ආදරවන්තයින් දෙන්නෙක්.ගොඩක් කාලයක් ආදරය කරලා එකිනෙකාව හොදින් තේරුම් අරන් මේ දෙන්න විවාහ දිවියට පැමිණියා.

විවාහ දිනය දවසේ වෙඩින් එකේ පාර්ටි එක ඉවර උනාම මොනිකගේ අම්මා මොනිකාට කතා කරලා අලුතෙන් අරඹපු බැංකු ගිනුමක බැංකු පොත ඩොලර් 1000ක තැම්පතුවක් සමග මොනිකා අත තැබුවා.

මව :- "මොනිකා,මෙන්නේ මේ බැංකු පොත ඔයා ලග තියා ගන්න.ඔයාගේ විවාහ ජිවිතයේ මතක සටහනක් හැටියට.කවද හරි මොනම විදියකින් හරි ඔයාගේ අලුත් ජිවිතයට සතුට දැනුනු අමතක නොවෙන දිනයක් ආවොත් එදාට කීයක් හරි බැංකු ගිණුමේ ඉතිරි කරන්න.එහෙම ඉතිරි කරන්න හේතුව එතැනට පහල තිරයෙන් ලියලා තියා ගන්න මතකයක් හැටියට.

අද ගොඩක් සතුටු දවසක් මං පළවෙනියෙන්ම පටන් ගත්තා.අද ඉදන් ඔයා නික් එක්ක එකතු වෙලා මේකේ මුදල් ඉතිරි කරන් යන්න.ඔයා කවද හරි ජිවිතයේ ආපස්සට හැරිලා බැලුවොත් මේකෙන් ඔයාට තේරුම් ගතහැකි ඔයා කොච්චරක් සතුටු වෙලා තියනවද කියලා".

මොනිකා:- "හරි අම්මා මං නික් එක්ක ඒක කරන්නම්".

ඔවුන් දෙදෙනා සිය අලුත් නිවසට ගිහින් අලුත් ජීවිතය ඇරඹුවා.අම්මගෙන් ලැබුණු අදහස ගොඩක් වටිනවා කියලා දෙන්නටම හිතුනා.ඒ වගේම දෙවැනි ඉතිරි කිරීම කරන්න ලැබෙන දිනය වෙනුවෙන් දෙන්නම ඇගිලි ගනිමින් හිටියා.

කාලයක් මුළුල්ලේ ඔවුන් දෙදෙනාගේ ඉතිරි කිරීම් පහත පරිදි උනා.
පෙබරවාරි 07 : ඩොලර් 100 යි  - විවාහයෙන් පසු නික්ගේ ප්‍රථම උපන්දින සැමරුම.
මාර්තු 01        : ඩොලර් 300 යි  - මොනිකාගේ මාසික වැටුප වැඩි වුනා.
මාර්තු 26        : ඩොලර් 200 යි  - විනෝද ගමනක් ගියා.
අප්‍රේල් 15      : ඩොලර් 2000 යි -මොනිකා ගැබිනියක් බව දැන ගත්තා.
ජුනි 12           : ඩොලර් 1000 යි -නික්ට රස්සාවෙන් උසස්වීමක් ලැබුනා.
යනාදී ලෙසට.

කාලය ඔය විදිහට ගෙවී ගියා.අවුරුදු කීපයකට පසුව දෙදෙනා අතර අඩ දබර ඇති උනා.පොඩි දේවල් වලට පවා රණ්ඩු සරුවල් ඇති උනා.එකිනෙකාට එකිනෙකා පිලිකුල්ම චරිත බවට පත්උනා.

අවසානයේ  මොනිකා එයාගේ අම්මට කතා කලා.
මොනිකා :- "අම්මා,අපිට තව දුරටත් එකට ජිවත් වෙන්න බැහැ.අපි දෙන්නම අන්තිමට තීරණයකට එළඹුනා දික්කසාද වෙන්න.මට හිතාගන්න බැහැ මන් මේ වගේ එකෙක් එක්කයි විවාහ උනේ කියලා".

මව      :-  "අනිවාර්යෙන්ම මගේ කෙල්ලේ.ඔයයි එයයි අතරේ ලොකු බැදීමක් නැහැ.ඔයාට කැමති දෙයක් කරන්න.එත් වෙන් වෙන්න කලින් පරණ මතකයන් එකක් වත් ඉතිරි කර ගන්න එපා.

ඔයාලගේ විවාහ දිනයේ මම දුන්නු බැංකු පොත මතක ඇතිනේ,එකේ ඔයා දෙන්න ඉතිරි කරපු සල්ලි ටිකත් වියදම් කරලා ඉවර වෙලාම දික්කසාද වෙන්න.ඒ වගේ වැඩකට නැති විවාහයක මතක සටහනක් වත් තියා ගන්න එපා".

මොනිකා හිතුවා අම්මා කියන ඒක ඇත්ත.ඒ ටික බැංකුවෙන් අරන් වියදම් කරලා ඉන්නවා කියලා හිතන් බැංකුවට ගිහින් මුදල් ලබාගන්න කවුන්ටරයේ පෝලිමේ හිටියා.

පෝලිමේ ඉන්න අතරතුරේ පොතේ පිටුව පිටුව ගානේ පෙරලා පෙරලා බැලුවා.ඔවුන්ගේ විවාහ ජීවිතය පුරාවට සතුට ගලපු හැටි,දෙන්නා ආදරයෙන් හිටපු හැටි පිටුවක් පිටුවක් ගානේ මොනිකගේ මතකයට ආවේ කදුළු වලින් ඇස් දෙකම බොද කරවලා.

අන්තිමට මුදල් නොගෙනම ගෙදර ගිහින් බැංකු පොත නික්ට දුන්නා.
මොනිකා:- "නික්,අපි දෙන්නගේ දික්කසාදෙට  කලින් මේ බැංකු පොතේ ඉතිරි කරපු සල්ලි ටික වියදම් කරලා ඉන්න.මට එක සතයක්වත් එපා".

මොනිකා දුන්නා බැංකු පොත නික් අරගත්තා මුදල් ගන්න අදහසින්.ඊලග දවසේ නික් බැංකු පොත ආයේ මොනිකට ගෙනත් දුන්නා.මොනිකා ඒක පෙරලලා බලන කොට තිබ්බේ ඩොලර් 5000ක  අලුත් ඉතුරුම් කිරීමක්.එයට යටින් මෙහෙම ලියල තිබුන.

"අද තමයි මම ජිවත් උන අවුරුදු ගානටම මං ඔයාට කොච්චරක් ආදරේ කලාද කියලා මට දැනුනු ඒ වගේම ඔයා කොච්චරක් සතුට මගේ ජිවිතයට ගෙනාවද කියලා මට දැනුනු එකම එක දවස"කියලා.

දෙදෙනා අතරේ මද නිහැඩියාවක් පැවතුනා තත්පර කීපයකට එත් නිමේෂයකින් දෙනෙනාම එකිනෙකා වැළදගෙන අඩන්න ගත්තා.අර බැංකු පොත ආයෙමත් ආරක්ෂිතව තැබුවා.දෙන්නගෙම ජිවිත ඉවර වෙනකන් හැමදාම එකට හිටියා.

ඔයගොල්ලෝ හිතනවද අන්තිමට ඒ දෙන්න කොච්චරක් මුදල් ඉතුරු කරන්න ඇතිද කියලා.එත් මම විශ්වාස කරන දෙය තමයි මෙච්චර කාලයක් දෙන්න එකට සතුටින් හිටියනම් ඒ දෙන්නට ඒ ඉතිරි කල මුදලින් කිසි වැඩක් වෙන්න ඇතිය කියලා.

මම මේවගේ කතාවක් කිව්වම කට්ටිය තර්ක කරන්න බැරි නැහැ ඒ ඇමරිකාවෙනේ ලංකාවේ ඔහොම වෙන්නේ නැහැයි කියලා.

කාලයක් ලංකාවේ තිබ්බා ගෙදර බත් හැලිය තැම්බෙනකන් විතරයි දෙන්න දෙමහල්ලන්ගේ අඩ දබර කියලා.එත් අද ලංකාවේ දවසකට වෙන දික්කසාද ගැන කොච්චරක්ද කියලා හොයල බලන්න.එතකොට මේකේ ඇත්ත නැත්ත තේරේවි.

බ්ලොග් ලියන්නේ ගොඩක් වෙලාවට දැනටම බෙල්ලට තොන්ඩුව දාගත්තු අපේ අය්යල අක්කල විත්තිය මන් දන්නවා.ඔයාලට හිතෙන විදියට මේ පොස්ට් ඒක කොහොමද කියලා වචනයකින් හරි කියලා යන්න පුලුවන්නම් ගොඩක් පින්.

මොකද අපි වගේ තාම බෙල්ලට තොන්ඩුව දාගන්න බලා සිටින අයටත් වැදගත් වේවි.

පසුව ලියමි:- කියන්න අමතක උනා.මම ඉංග්‍රීසි වලට අතිශය දක්ෂ කොල්ලෙක් කියලා.ඒක හින්ද සමහර විට මට ආපු මේල් එකේ අදහස මම පරිවර්තනය කරපු අදහසින් 99.99%ක් ම වෙනස් වීමේ ඉඩකඩක් තියෙන්න පුළුවන් හොදේ... හික්ස්....!!!

Friday, March 11, 2011

කොලු හරඹය


ගොඩ කාලෙකින් කතාවක් ලියන්න බැරි උනා කැම්පස් එකේ එක්සෑම් සීරිස් එකක්ම තිබ්බ නිසා.දැන්නම් ටිකක් ලියන්න පුළුවන්.මං නැති දවස් වල බ්ලොග් එකට ඇවිත් කොමෙන්ට් එකක් දාලා මාව හොයල බලපු අපේ "හිස් අහස" සහෝදරයට ස්තුති කරලම අද පොස්ට් එක ලියන්න පටන් ගන්නම්.

සදරුවෝ වැඩිකල් යන්න කලින් උඹේ "හිස් අහස" "නිල් අහස" වේවා කියල මන් එක හිතින්ම ප්‍රර්ථනා කරනවා.ඔන්න එහෙනම් අද කතාව."කොලු හරඹය" කියලා දැම්මට මේ කියන්න යන්නේ "ගේ" කතාවක් එහෙම නෙමෙයි හොදේ.

මම සාමාන්‍යයන් කැම්පස් යන්නේ කෝච්චියේ.එත් ඉදල හිටලා කොච්චි නැති වෙලාවක් සෙට් උනොත් වෙලාව නාස්ති කරන්න බැරි වෙලවකනම් ඉක්මනට ගෙදර එනවා බස් එකේ.

පහුගිය එක්සෑම් තිබ්බ දවස්වල මම හොස්ටල් නවතින්නේ නැතුව හැමදාම ගෙදර ආවා.ආවේ බස් එකේ. කෝච්චියේ නම් හැමදාම දකින්නේ එකම කට්ටියක් විතරයිනේ.එත් බස් එකේ එක එක දවසට එක එක අය.

මේ සිද්දිය උනේ 07 වෙනිදා.මම කොළඹ ස්ටෑන්ඩ් එකට ගිහින් හලාවත බස් එකක නැග්ගා.සාමාන්යෙන් ඒ බස් කොටන එව්වට වඩා ටිකක් විතර හයියෙන් යන හින්දයි ඒකකට නැග්ගේ.

බස් එකට නගින වෙලාවේ අව්ව වැටෙන්නේ නැති පැත්තේ ෂිට් වල විදුරු අයිනේ ඔක්කොම වගේ කට්ටිය හිටපු නිසා මම ගිහින් තවත් කොල්ලෙක් ඉදන් හිටපු තැනක ගිහින් ඉදගත්තා.

ඒ බස් එකේ මැද හරියේ විතර. මම ඉදගත්තු තැනට හරියටම අනික් පැත්තේ ෂීට් එකත් තව ෂිට් 2-3 කුත් එහෙම්මම හිස් වෙලා තිබ්බේ.

වැඩි වෙලා වැඩි වෙලාවක් යන්න කලින් මට අනික් පැත්තේ තිබ්බ ෂිට් එකේ වාඩි උනා කපල් එකක් මගේ වයසටම වගේ ඉන්න.කෙල්ලනම් ඉතින් ටිකක් විතර ලස්සනයි.මාත්  ඉතින් කුපාඩිකමට ටිකක් එහෙන් මෙහෙන් බැලුවා.

හැබැයි වාඩි උන වෙලාවේ ඉදන්ම කෙල්ල හිටියෙ වීදුරුවෙන් එලිය බලාගෙන කොල්ල කෙල්ල දිහා බලාගෙන මොනාද නන්-ස්ටොප් කියෝනවා.කොල්ලගේ අතේ "එංගලන්ත කවුන්සිලේ(British Council)" නම ගහපු පොතක් තිබ්බා.කෙල්ලගේ ගාව බෑග් එකක් තිබ්බේ.

ඉතින් අනු මානය හරි ඩබලම එක්කෝ කොහේ හරි කොටුවක් පැනලා නැත්නම් පන්ති ඇරිලා ගෙදර යන ගමන්.මොකද සමහර උන් තියෙන පඩත්තල කමට ටොයිලට් එකට ගියත් ඔය එංගලන්ත කවුන්සිලේ නම ගහපු ෆයිල් කවර උස්සගෙන යනවනේ අනිත් උන්ට ඇඩ් එක දාන්න.

ඔන්න ඉතින් බස් එක ඇද්දුවා.මාත් එක්ක ෂිට් එකේ ඉදන් හිටපු එකත් සැරෙන් සැරේ එබී එබී ඒ පැත්ත බැලුවා.උගේ ටී ෂර්ට් එක සුදුපාට එකක් කොලර් එකයි අතේ වටේ දාර වලයි දම්පාට තිරයක් ගිහින් තිබ්බා.හරියටම හරි පොර සයන්ස් එකේ බුවෙක් වෙන්න ඕන කියල මම අනුමාන කලා.

කොහොම හරි ටෙක්නිකල් හන්දියේ බස් එක නැවත්තුවම අනිත් පැත්තේ හිටපු කපල් එකේ කොල්ල බස් එකට වතුරයි කඩලයි විකුනන්න ආපු බුවෙකුගෙන් පැණි කජු පැකට් එකක් ගත්ත වතුර බෝතලයකුත් එක්ක.

කෙල්ල පැණි කජු එක ඒකිගේ බෑග් එකේ දාගන්නවා වගේ යන්තමට දැක්කා.වතුර බෝතලේනම් කඩලා බිව්වා.ටිකට් කඩන්න කොන්දා ලගට ආවම මම ****ට ටිකට් එකක් ගත්තා.මාත් එක්ක හිටපු බුවා වෙන්නප්පුවට ටිකට් එකක් ගත්තා.

අර කපල් එකේ කොල්ල තමයි ඉතින් කෙල්ලටත් එක්ක ටිකට් ගත්තේ ඌ කිව්වේ කදාන එකයි මාරවිල එකයි කියලා(මාරවිල තියෙන්නේ වෙන්නප්පුවට ටිකක් එහායින්).

පව් ඉතින් අහිංසක කොල්ල ලව් කරන කලේ ඉතින් කොල්ලෝ තණකොළ කන්නේ නැති ටික විතරනේ. මාත් ඉතින් කාලයක් රට තනකොළම කෑවනේ ලෝකල් එව්වා එපයි කියලා.ඌ ඉතින් කෙල්ලටත් එක්ක ටිකක් ගත්තා.

කොහොම හරි දිගටම කෙල්ල එලිය බලාගෙන කොල්ලා ඒකිගේ මුණ දිහා බලාගෙන කියෝනවා.කදාන ලංවෙද්දි කොල්ලා නැගිටලා ගියා.ඒවෙලේ බස් එකේ හිටන් හිටියේ ටික දෙනයි කොහොම හරි ඔය දෙන්න හිටපු ෂිට් එකට ටිකක් ඉස්සරහින් තව කෙල්ලෙක් හිටියා.

අරු නැගිටලා ගිය ගමන් මේකි තමයි පැනලා එතන ඉදගත්තේ.ටිකදුරක් යන කොට මාත් එක්ක එකට ඉගෙන හිටපු බුවා මට ඇගිල්ලෙන් අනිනවා.මන් ඒ වෙලේ හිටියේ අත් නිදහස (හෑන්ඩ් ෆ්‍රී) එක කනේ ගහන් ෆෝන් එකෙන් සින්දුවක් අහ අහ.

ඉතින් මම අරු අනින එක දිහා බලලා අත් නිදහසත් ගලෝල ඇයි කියලා ඇහුවා.එතකොට මු කියපි

"මචන් එහා පැත්තේ ෂිට් එකේ මගේ කෙල්ල ඉන්නවා.උබට පුලුවන්ද එයාගේ තැනට ගිහින් එයාට මෙතන දෙන්න" කියලා.

මාත් ඉතින් කාලයක් ලව් කලානේ එක හින්ද ඉතින් ආදරේ කරන එකෙක්ට කරන උදාවක් කියලා හිතන් "අයියෝ හරි මචන් කලින් කියන්න එපාය" කියලා නැගිට්ටා.

සිරාවට මන් හිතුවේ අර කොල්ලා නැගිටලා ගියාම එතන ඉදගත්ත කෙල්ල මුගේ කෑල්ල වෙන්න ඇති කියලා. මෙන්න යකෝ මම නැගිට්ටා විතරයි කොල්ලා මන් හිටපු තැනට ඇවිත් කෙල්ලට වාඩි වෙන්න වීදුරුව අයිනේ ඉඩ හදා ගත්තා.

එත් එක්කම අර වීදුරුව අයිනේ ඉදගෙන කදාන වෙනකන් අර කොල්ලත් එක්ක ආපු ආදරණිය කපල් එකේ කෙල්ල ෂිට් එකෙන් නැගිටලා මාවත් පෙරලගෙන ඇවිත් වාඩි උනේ නැතැයි අරුත් එක්ක එක ෂිට් එකේ.

මාව නිකන් අඤ්ඤ කොරොස් වෙලා ආයෙත් අඤ්ඤ කොරොස් උනා.මොකක්ද යකෝ මේ උන විලංබීතේ කියලා.කොහොම හරි වැඩි දුරක් යන්න කලින්ම කෙල්ලගේ පිටට කොල්ල උගේ  අත දාගත්ත.

අතේ මූලේ කොහෙට බැස්සද කියන්නනම් මම දැක්කේ නැහැ.බලන්න ගියෙත් නැහැ ඉල්ලගෙන පෝරියල් කන්න ඕනේ නැති හින්ද.එත් යකෝ මෙහෙමත් වැඩ වෙනවද කියලා මන් කල්පනා කලා.

ඒ විතරක්නම් මදැයි අර ගස් මී  හරකා අරන්දුන්න පැණි කජු පැකට් එක මෙන්න මේකි අරුත් එක්ක කඩාගෙන කනවා හොදට කයිය ගගහා.අනේ මන්ද මෙහෙම දේවලුත් වෙනවයි කියද්දී.

කෙල්ල හොද දත් දොස්තරලගේ පරම්පරාවකින් පැවත එන කෙල්ලෙක් කියලනම් තේරුණා අරූට කරපු වැඩෙන්.එක අතකින් නැගිටලා ෂිට් එක දුන්නු මටත් හෙන ගහවිද මන්දා.

වැස්ස වෙලවකනම් ආයේ වැරදිලාවත් එලියට බහින්නේ නැහැ.ඒ වගේ වෙලෙකට අයිඩින්ටි කාර්ඩ් එකවත් දන්නා ඕන එළියට.පව් අර කොල්ල.

ඌ හිතන්නේ උගේ කෙල්ල ඌට ලව් කියලනේ.ඌ දත ගලවන් කෙල්ලට ලව් කරනවා.කදානෙන් බැහැල ගියාට පස්සේ මේකි බස් එකේ නටන සමයම දන්නේ ඉතින් බස් එකේ ඇතුලේ ඉන්න උන් විතරයි.

අන්තිමට මං  බහින තැන ලං උන  හින්දා මං බහින්න ගියා.සමහර විට මේකි වෙන්නප්පුවෙන් අනික් කොල්ල බැස්සට පස්සේ මාරවිලට යනකන් තව එකෙක් එක්ක ලැගලා ගියාද කියලා ඉතින් දෙයියෝ තමයි දන්නේ.

අනේ ලංකාවට වාසනාවන් ඒ වගේ කෙල්ලෝ ඉන්නේ එක.කොහොම හරි මාත් හොයල ඒ වගේ එකක්ම ආයේ දාගන්න ඕනා එතකොට මටත් බැරිය පැණි කජු කන්න.

මේ වෙච්ච සිද්දිය ගැන ඔයාලට හිතෙන්නේ කොහොමද කියලා කැමතිනම් විතරක් පහලින් කොටලා යන්න.මං  කැමති හැමෝම මං  වගේම පැණි කජු කන්න කැමැත්තෙන් ඉන්න අයද ඉන්නේ කියලා දැනගන්න.