"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Sunday, June 26, 2011
අගය කිරීමේ වටිනාකම.
අනේ ඉතින් මම සෙනසුරාදා මහ රෑ අලුත් පෝස්ට් එක දාලා සදුදා උදේ පාන්දරම කැම්පස් යනවා. ආයේ එන්නේ සෙනසුරදා හවස් වෙලා.
සෙනසුරාදා මහ ලොකු වැඩක් නැති උනාට ඔය ප්‍රොජෙක්ට් හදන්න හරි නැත්නම් පොඩි රස්තියාදුවක් ගහලා ෆන් එකක් ගන්න හරි ගියහම ගෙදර එන්න මතක් වෙන්නේ හවස් වෙලා.
අද ඇවිත් බ්ලොග් එකට ලොග් වෙලා බැලුවම දැක්කේ කමෙන්ට් 7ක් තිබ්බා පහුගිය සදුදා, අඟහරුවාදා දවස් වල දාපු මොඩරේට් කරන්න.
ඉතින් අනේ එව්වා ඔක්කොමත් පබ්ලිෂ් කලේ අද තමයි.තරහා වෙන්න එපෝ.අනික බං බ්ලොගක් කියවන්න වෙන්නෙත් මේ දවස් දෙකේ තමයි.
ඒක නිසා අනික් එව්වා වලට කමෙන්ට් කරන්නත් වෙලා යනවා.ඒකටත් සමාවෙයල්ලා.කලින් දාපු පෝස්ට් එකට හොඳ ප්‍රතිචාර තිබ්බා.ඒක නිසා අදත් ඒ වගේ කතාවක් දාන්න දාන්න හිතුනා.
ඔන්න බං බනින්න එපා හැමදාම ඔව්ව දාන්නේ මට දාන්න වෙන දෙවල් නැති නිසාද කියලා.හැම දේකම මික්ස් එකක් තියෙන්න එපාය බ්ලොග් එකක් උනාම ඒකයි සීන් එක.
මෙන්න එහෙනම් කතාව.කියවලා ගන්න පුලුවන් දෙයක් තියෙනම් අරගනිල්ලා.
අධ්‍යයාපනික පැත්තෙන් විශිෂ්ඨ තරුණයෙක් රටේ ප්‍රසිද්ධ ලොකු ව්‍යාපාර ආයතනයක කළමණාකාර ධුරයට අයදුම් කලා.තමන්ගේ දක්ශකම නිසාම පලවෙනි සම්මුක පරික්ශණය සමත් වෙන්න එයාට පුලුවන් උනා.
අන්තිම සම්මුක පරික්ශණය කළේ එම ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයයි තම ආයතනයට නව කළමණාකරු විදිහට සුදුසුම පුද්ගලයාව තෝරා ගැනීමට.
කොහොම හරි මේ තරුණයාගේ අයදුම් පත්‍රය පරීක්ෂා කරද්දී මේ අධ්‍යක්ෂකවරයට තේරුනා මූ අධ්‍යයාපනික පැත්තෙන් උපාදිය ලබා ගන්නා තෙක්ම විශිෂ්ඨ සාමාර්ථ සහිතව සෑම විභාගයක්ම සමත් වෙලා තියෙන විත්තිය.
සම්මුක පරීක්ෂණයෙදී දෙන්නා අතර ගියේ මෙහෙම දෙබසක්;
අධ්‍යක්ෂකවරයා:-පාසලෙන් ඉහළට ඉගෙන ගන්න මොකක් හරි ශිෂ්‍යත්වයක් ලැබුනද ඔබට..?
තරුණයා:-නැහැ.
අධ්‍යක්ෂකවරයා:-ඔයාගේ තාත්තාද එහෙනම් හැම වියදමක්ම දැරුවේ පාසල් ගාස්තු පටන්.?
තරුණයා:-මගේ තාත්තා මට වයස අවුරුදු එකක් විතර වෙනකොටම මැරිලා.මගේ අම්මා තමයි මගේ හැම වියදමක්ම දැරුවේ.
අධ්‍යක්ෂකවරයා:-ඔයාගේ අම්මා කොහේද වැඩ කලේ.?
තරුණයා:-මගේ අම්මා රෙදි සෝදන්නියක්.
ඒ කතාව අහපු ගමන් අධ්‍යක්ෂකවරයා තරුණයාට එයාගේ අත්දෙක පෙන්නන්න කිව්වා.ඉතාමත් සුමුදු නිරෝගී අත්ල දෙකක් සහිත අතක් තරුණයා අධ්‍යක්ෂකවරයාට පෙන්නුවා.
අධ්‍යක්ෂකවරයා:-ඔබ කවදා හරි දවසක රෙදි සෝදන්න ඔබගේ අම්මාට උදව් කරල තියනවාද.?
තරුණයා:-කවදාවත් නැහැ.මගේ අම්මාට හැම තිස්සේම ඕනෑ උනේ මම වැඩිපුර පාඩම් කරන එකයි පොත්පත් වැඩිපුර කියවන එකයි.අනිත් එක තමයි මට වඩා අම්මාට ගොඩක් ඉක්මනට රෙදි සෝදන්න පුලුවන්.
අධ්‍යක්ෂකවරයා:-මම ඔබගෙන් පොඩි ඉල්ලීමක් කරනවා.ඔයා අද ගෙදර ගියාම ගිහින් අම්මගේ අත් දෙක පොඩ්ඩක් අරගෙන පිරිසිඳු කරලා හෙට උදේට ඇවිත් මාව ආයෙමත් හම්බු වෙන්න.
එම ප්‍රකාශයෙන් තමන්ට මෙම රස්සාව ලැබෙන්න පුලුවන් හැකියාව වැඩි බව තෙරුම් ගත්තු තරුණයා සතුටින්
ගෙදර ගිහින් සිනා මුසු මුහුණින්ම තම මවගේ අත්ල දෙක පිරිසිඳු කරන්න ඉල්ලුවා.
ඔහුගේ අම්මා අමුතුවෙන් වගේ, ඒ වගේම ප්‍රීතිමත්ව තම පුතා දිහා බලලා තම දෑත දිගුකලා.තරුණයා තම මවගේ දෑත් ඉතාමත් සෙමින් සෙමින් සේදුවා.අම්මගේ දෑත් පිරිමදින වාරයක් වාරයක් පාසා නෙතට හොරා කඩුලු බිඳු එක දෙක රූරා වැටෙන ගමන්ම.
එය තමයි පළමු අවස්තාව උනේ ඔහු තම මවගේ අත් දෙක රැලි වැටිලා,ඒ වගේම කර ගැට වලින් පිරිලා තියෙන වග දැක්ක.සමහර කරගැට අල්ලන කොටත් රිදෙන වග ඔහුට තේරුනේ වතුර සමහ අත්ල දෙක පිරිමදිද්දි අම්මා දක්වපු ප්‍රතිචාරයෙන්.
ඒ තමයි පලමු අවස්තාව තරුණයාට තේරුනා කර ගැට වලින් පිරුණු මේ අත්ල දෙක තමයි කියලා දවස ගානේ රෙදි සෝදලා හම්බු කරන සොච්චමෙන් තමුන්ගේ පාසල් ගාස්තු ගෙවපු.
කර ගැට වලින් පිරුණු අම්මගේ අත්ල තමයි අවසානයේ ඔහුගේ උපාදියට,ඒ වගේම ඔහුගේ අධ්‍යාපනයේ විශිෂ්ඨත්වයට, ඒ වගේම ඔහුගේ අනාගතයට මුල් පාදක උන ගෙවීම කියලා.
අනිතිමට සිය මවගේ අත්ල දෙක සෝදලා ඉවර වෙලා ඔහු කලේ ඉතුරු වෙලා තිබ්බ ඇදුම් ඔක්කෝම හෝදලා දාපු එක තමුන්ගේ අම්මා වෙනුවෙන්.
ඒ රාත්‍රියේ තරුණයා අම්මා එක්ක කවදාවත් නොකරපු තරමට ගොඩක් වෙලා කතා කරලා පහුවදා උදෙන්ම නැවත අධ්‍යක්ෂකවරයාව හමු වෙන්න ආයතනයට ගියා.පස්සේ දෙන්නා අතර ගියේ මෙහෙම දෙබසක්;
අධ්‍යක්ෂකවරයා:- ඔයාට මට දැන් කියන්න පුලුවන්ද ඊයෙ ගෙදර ගියාට පස්සේ කල දෙවල් සහ ඒකෙන් ඉගෙන ගත්තු පාඩම මොකක්ද කියලා.?
තරුණයා:-මම මගේ අම්මාගේ අත් දෙක හොඳට හෝදලා ඉතුරු වෙලා තිබ්බ රෙදි ටිකත් ඔක්කෝම හෝදලා දැම්මා.
අධ්‍යක්ෂකවරයා:-කරුණාකරලා ඔයාට කියන්න පුලුවන්ද දැනුනු හැඟීම.?
තරුණයා:-(කඳුලු පිරුණු මුහුණක් සමග)අංක එක: මම දන්නවා දැන් මොකක්ද අගය කිරීම කියන්නේ කියලා.මගේ අම්මා නැතිව අද දවසේ මම ලබාගෙන තියන සාර්තකත්වය කිසි සේත්ම මට කවදාවත් ලබා ගන්න වෙන්නේ නැහැ.
අංක දෙක: මගේ අම්මත් එක්ක ඊයෙ එකට වැඩ කිරීමෙන් ඒ වගේම උදව් කිරීමෙන් මම දැන ගත්තා යම් දෙයක් කරන්න කොච්චරක් නම් අමාරුද ඒ වගේම කටුකද කියලා.
අංක තුන: ඒ වගේ මේ ලෝකේ මට තියන වැදගත්ම දෙය මගේ පවුල තමයි කියලා මම දැන් දන්නවා.
අධ්‍යක්ෂකවරයා:-මෙච්චර කාලයක් මම මගේ කළමණාකරුවෙකුගෙන් හොයපු එකම දෙයත් ඕක තමයි.මට ඕනා උනේ අනික් අයගේ සහයෝගය අගය කරන්න පුලුවන්,අනික් මිනිස්සුන්ගේ වේදනා දුක් කරදර තේරෙන,තමුන්ගේ ජිවිතේ මූලික අරමුණ සල්ලි කර නොගත්තු මනුස්සයෙක්ව.
ඔබ මේ රස්සාවට සුදුසුතම කෙනා වෙලා ඉවරයි.
අවසානයේ මේ තරුණයා මහන්සියෙන් වැඩ කරලා එම ආයතනයේ අනික් ප්‍රධානීන්ගේ පැසසුමට පවා ලක් උනා.
ඔහු යටතේ වැඩ කල සෑම කෙනෙක්ම කණ්ඩායමක් විදිහට මහන්සියෙන්, උද්යෝගිමත්ව වැඩ කරලා එම ආයතනයේ ක්‍රියාකාරිත්වය සීඝ්‍ර ලෙස වර්ධනය කලා.
ඔහුට රස්සාව ලැබුණු දවස තමයි ඔහුගේ අම්මාත් දුක් විදපු අවසාන දවස උනේ... කතාව ඉවරයි මෙන්න බණ ටික.
දැඩි පරිස්සමක් ඇතිව, ඉල්ලන ඉල්ලන දේ ඕනෑ වෙලාවට අරන් දීලා ලොකු මහත් කරන පොඩි එකෙකුගේ හිතේ "පොරත්වය" කියලා මානසික මට්ටමක් ඇති වෙනවා.
ඒ වගේම හැම තිස්සේම ඔහු ඔහුව පලමු තැනින් තියා ගන්නවා.තම දෙමව්පියන්ගේ අධික මහන්සිය,කැප කිරීම් තඹේකට වත් මායිම් කරන්නේ නැහැ.
ඔහු කවදා හරි දවසක වැඩ කරන්න පටන් ගත්තාම ඔහු හිතන්නේ හැම කෙනාම ඔහුට ඇහුම්කන් දිය යුතුයි කියලයි.ඒ වගේම ඒ වගේ කෙනෙක් කළමණාකරන තණතුරකට පත් උනොත්; කවදාවත් තමුන්ගේ සේවකයන්ගේ දුක ඔහුට දැනෙන්නේ නැහැ.ඒවගේම හැම තිස්සේම ඔවුන්ට බනිනවා.
ඒ නිසා ඒ වගේ අය අධ්‍යාපනික පැත්තෙන් කොච්චර දක්ශ උනත් සාර්තකත්වය පවතින්නේ බොහොම ටික කාලයයි.ඔවුන් නිතරම රණ්ඩු සරුවල් ඇතිකර ගන්නවා.වෛරය පිරුනු අසාර්තක පිරිසක් බවට පත්වෙනවා.
මේ ලිපිය කියවපු ඔබත් මේ වගේ ආරක්ශක දෙමව්පියෙක් නම් නැති නම් වෙන්න හිතන් ඉන්නවා නම් ඇත්තටම ඔබ තමුන්ගේ දරුවාව ආරක්ශා කරනවාද,නැත්නම් විනාශ කරනවාද කියල පොඩ්ඩක් හිතලා බලන්න.
ඔබට පුලුවන් ඇති නැති කම් අනුව පොඩි එකාට ලොකු ගෙදරක ජිවත් වෙන්න,හොඳ කෑම වේලක් රස විඳින්න,පුලුල් තිරයක් සහිත රූපවාහිනියකින් TV බලන්න දෙන්න,පියානෝ වගේ පොෂ් සංගීත භාණ්ඩ වයන්න ඉගෙනගන්න සලස්වන්න.
ඒත් ඔබට පුලුවන්නම් වත්තේ තණකොළ සුද්ද කරනකොට ඒකට දරුවාව හුරුකරන්න,කෑමේන් පස්සේ ඔවුන්ගේ කන පිඟාන ඔවුන්ටම හෝදගන්න කියන්න,ඉඳුල් භාජන තම සහොදර සහොදරියන් එක්ක එකට එකතු වෙලා හෝදලා පිරිසිඳු කරන්න කියන්න ඒක තමයි විදිහ නේද.?
ඒ ඔබට වැඩකාරියෙක්ව ගන්න සල්ලි මදි කම නිසා නෙමෙයි.දරුවට ආදරය කරන්න ඕනෑ හරි විදිහ නිසා.ඔබ ඔවුනට තෙරුම් ගන්න සලස්වන එක තමයි වටින්නේ කොච්චර සල්ලි තිබ්බත් අපි හැමෝම දවසක කෙස් පැහිලා වයසට යන විත්තිය හරියට උඩ කතාවේ තරුණයාගේ මව වගේම.
වැදගත්ම දෙය තමයි ඔවුන්ට උගන්වන්න කෙනෙකුගේ උත්සාහයක් අගය කරන හැටි, ඒ වගේම අසීරුකම් වලට මුහුණදෙන හැටි,ඒ වගේම වැඩක් කරද්දි අනික් කෙනෙක් එක්ක එකට ඉන්න ඕනා කොහොමද කියලා..
පණ්ඩිත කතා කියන්න ගිහින් මට බැණුම් අහගන්න වේවිද දන්නෙත් නැහැ නාස් ලණුව බැදන් කරත්තේ දක්වන අපේ අයියලාගෙන්.
කමක් නැහැ තමුන්ට හිතෙන දේත් කියල යන්න පුලුවන්නම් පහලින් ගොඩාක් හොඳයි.නැති උනත් මම කා එක්ක වත් තරහක් නැහැ.
හැමෝටම ජය වේවා.....!!!
Labels:
ජිවිතයට බිඳක්
Subscribe to:
Post Comments (Atom)
ඒ කතාවනම් සම්පුර්න ඇත්ත යාළුවා.. ඇත්ත දරුවන්ට දෙන්න ඕන හොද අද්යාපනයක් විතරක්ම නෙමෙයි.. සිටිත් විරිත්, සාරධර්ම, මේ හැම දෙයක්මත් කියලා දෙන්න ඕන.. නැත්නම් ජීවිතයක් සාරථක වෙන්නේනෑ..
ReplyDeleteආදර්ශමත් කතාවක්
ReplyDeleteනියම කතාව අපටත් පාඩමක් :-bd
ReplyDeleteමමත් ජීවිතයට යමක් එකතු කරගත්තාය කිය්ල කියන්න පුලුවන් .. එල ලිපිය
ReplyDeleteකතාව කියවගෙන යද්දි සිරාවටම හිතට හුගක් දැනෙන කතව. ඇත්ත. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව හදන කොට ඒ දුක ටිකක් තමන්ගේ දරුවන්ටත් දැනෙන්න දෙන්න ඕනේ. නැත්නම් කවදාවත් ඒ ළමයෙක් හදෙන්නේ නෑ. නිකන් සල්ලි නාස්ති කරන එකෙක් තමා හැදෙන්නේ.
ReplyDeleteඅපරාජිතයා කිව්වත් වගේ සමහර ගෙවල් වල ළමයා කාපු පිගාන හෝදන්නෙත් අම්මා. ඒ වැඩේවත් කරන්න දෙන්නේ නෑ. එහෙම උනාම ඒ ළමයා බැන්ද කාලෙක ගෑනිට කියයි තමන්ගේ පිගාන හෝදන්න කියලා.
ප.ලි. - එක වතාවක් මේ අඩවියට ආවා වගේ මතකයි. දිගටම එන්න කියලා මම මේ අඩවිය මගේ රීඩර් එකටත් දාගත්තා. සෙනසුරාදාට විතරක් ලියන්න උනාට කමක් නෑ. එදාට පෝස්ට් දෙක තුනක් ලියලා දිනය වෙනස් කරලා (schedule කරලා ) පබ්ලිශ් කරන්න. එතකොට අදාල දිනයට පබ්ලිශ් වෙයි. පුලුවන් වෙලාවට ඇවිත් කමෙන්ට් ටික මොඩරේට් කරන්න බැරුවයෑ. :)
විස්තර කරන්න වචන නෑ... ස්තූතියි කියල කියන්නම්
ReplyDeleteකතාව නම් ඇත්ත තමයි... :-bd
ReplyDeleteහැම කෙනෙක් ම කියවන්න ඕනෙ කතාවක්..අම්ම ගෙ අත් හෝදන හැටි කියවද්දි මගෙ ඇස් වලටත් කඳුලු ආව අයියෙ,අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් අපි වෙනුවෙන් මොන තරම් නම් මහන්සි වෙනවද
ReplyDelete@Dinesh:- අනිවා මචං.....
ReplyDelete........................................................................................................................................................................
@All in one:- ස්තුතියි මචං........
........................................................................................................................................................................
@කිඩෝ:- ස්තුතියි මචං........
@buwa:- ලිපිය සාර්ථකනම් මගේ උත්සාහය සාර්තකයි මචෝ...
ReplyDelete...........................................................................................................................................................................
@මධුරංග:- ඔව් බං... මේ රටේ සමහර ගෙවල් තියනවා කාපු පිඟාන තේ බීපු කෝප්පයවත් හෝදන්න දෙන්නේ නැතිව මල් වගේ හැදෙන එවුන්.එව්වා වල අන්තිම ප්‍රතිපලේ ලොකු විනාසයක් විතරයි මචෝ...
උඹ කිව්ව එක ගැන පොඩ්ඩක් සලකලා බලන්න ඕනා.ඒත් බං මම Date Reshedule කරල පොස්ට් කරන්න තවම හරියට දන්නේ නැහැ...අනිවා ට්‍රයි කරලා ක්‍රියාත්මක කරන්න ඕනා..දැනුවත් කලාට ස්තුතියි මචෝ.....
@චතූ:- ස්තූතියි මචං..........
ReplyDelete.....................................................................................................................................................................................................................
@Luckey:- අනිවා මචං........... මගේ මතට පිලිගත්තට ස්තුතියි මචං......
...................................................................................................................................................................
@කඩේ හාමිනේ:- අනිවා නංගියෝ... වරද තියෙන්නේ ඒ මහන්සිය ගොඩ දෙනෙකුට නොතේරෙන එක තමයි......
ela post eka machn.nice ah
ReplyDelete;)
හොඳ පෝස්ට් එකක්, දරුවෙකුට දෙන්න ඕන අධ්‍යාපනේ විතරක් නෙමේ පොලොවෙ පය ගහල ඉන්න හැටිත් දරුවට කියලා දෙන්න ඕන, එතකොට තමා ඒ ලමයා සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙන්නෙ ...
ReplyDeleteමගේ හිතට බොහොම තදින් වැදුන කතාවක්. මම නම් ගෙදර ඉන්න හැම මොහොතකම අම්මටත් තාත්තටත් උදවු කළා. එකේ ප්‍රතිපලය තමයි ඒ දෙන්න කල බොහොමයක් දේ මටත් කරන්න හැකි වීම. අද ඒ දෙන්න ජීවතුන් අතර නැතත් මම වැඩක් කරලා ප්‍රතිපල ලබන හැම වෙලාවේම මට ඒ දෙන්න මතක් වෙනවා.හැබැයි අපි ඒ විදිහට අපේ ළමයින්ට අවස්ථාවක් දෙනවා නම් අඩුයි තමයි..
ReplyDeleteසහතික ඇත්ත...දෑන් ඉන්න එව්වො හුඟ දෙනෙක් දන්නෙ පොතේ පතේ වැඩ කරන්නයි... කොම්පීතරෙන් සෙල්ලම් කරන්නයි චැට් කොරන්නයි විතරයි.... සල්ලි හම්බෙන්නෙ කොමද.. මේ දේවල් වෙන්නෙ කෝමද එව්ව වැඩක් නැ
ReplyDelete@beleka:- තැන්කූ මචං...
ReplyDelete...........................................................................................................................................................................
@පන්සල් හංදිය:- අනිවා අයියා අධ්‍යාපනය විතරක් ලැබුනොත් මැටි වෙන එක විතරයි වෙන්නේ....
......................................................................................................................................................................
@සරත් ලංකාප්‍රිය :- සහතික ඇත්ත අයියා කතාව.....
.........................................................................................................................................................................
@පිස්සා පලාමල්ල:- ඔව් බං සල්ලි හම්බ කරන්න අම්ම තාත්තා ගන්න මහන්සිය තෙරෙන එකෙක් නිකරුනේ සල්ලි නාස්ති කරන්නේ නැහැ....
හුගක් පමාවෙලා දැක්කත් මම කියවපු බ්ලොග් අතරින් හොදම බ්ලොග් එකක්.දිගටම මේ විදියට ලියන්න සහෝදරයාගමගේ සුභපැතුම්!
ReplyDelete