Wednesday, March 16, 2011

කෝච්චි ලව් ඉලව්


මම අද කියන්න යන්නෙත් නිකන් මගේ හිතේ ඇති උන මට හිතෙන මගේ අදහසක් ගැන මේ රටේ ලෝකේ නිතර වෙන සිද්දියක් අල්ලලා.

මම සාමාන්‍යයෙන් කැම්පස් යන්නේ එන්නේ පොදු ප්‍රවාහන දුම්රිය රථයෙන්. ඇයි යකෝ අපි කියලා තාම හම්බු කරන මිනිස්සුය ඒකයි.

ඉතින් ඔය යන එන අතර තුරේ නිතරම දකින්නේ එකම මුහුණු ටික තමයි.උදේට ඔෆිස් යනකොට පිපිලා දිලිසෙන මුහුණුයි.හවසට එනකොට පර වෙලා මැලවෙලා යන මුහුණුයි තමයි ඉතින් හැමදාම.

ගැහැණු අය ගැනනම් ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනා.උදේට යනකොට පාන් පිටි උළල නිකන් හරියට එම්බාම් කොරලා වගේ එනකොටත් එමම තමයි.

තඩි හෑන්ඩ් බෑග් එකක් උස්සන් යන්නේ මං හිතන්නේ මේක්-අප් සෙට් එකත් ඇතුලට බස්සගෙන වෙන්ටැ යන්නේ.

පොඩ්ඩක් හරි කෝච්චිය සිග්නල් නැතුව නවත්තලා තිබ්බොත් දිය වෙලා වැක්කෙරෙනවා ඔක්කොම පාන් පිටි උලපුවා ටික දාඩියත් එක්කම. විලම්බීත ගොඩවල්.

එව්වා දකින කොට පිළිකුල් භාවනාව කරන්න වනගත වෙන්න යන්න හිතෙනවා. ඔය හැමදාම යන සෙට් එකේ ඉන්නවා බොහොම ලස්සන කපල් මැදි වයසේ කස්ටිය තමයි ඉතින්.

බිස්කට්, කේක් නානා ප්‍රකාර දේවල් අනුභව කරා පෙම් කෙල කෙල තමයි යන්නේ.මුල් කාලේ මං හිතුවේ අනේ වාසනාවන් මේ යන්නේ ශ්‍රී ලාංකීය ජන රජයේ එකට පවුල් කන අඹු සැමි යුවලවල් නේ කියලයි.

ඇයි යකෝ මිනිස්සු කියනවා එන්න එන්න පවුල් ආරවුල් වැඩි වෙනවලු.දික්කසාද වෙන ගණන වැඩි වෙනවලු. අනුන්ගේ කුරුළු කුඩු ඉහිරවන්න කට කතා හදන යක්කු.නොදෝමකින් මුන්ගේ කටේ හොරිම දාන්න ඕනේ කියලා මට නිතර හිතුනා.

එත් ඒ කපල් දිහා සියුම් විදියට බලන කොට තමයි තේරුනේ මෙන්න බොලේ ගෑනු කෙනා බහින්නේ එක දිහාවකින් පිරිමි එකා බහින්නේ තවත් දිහාවකින්.

පස්සේ තමයි තේරුනේ මේ යන්නේ කොච්චි ලව්නේ කියලා. මිනිස්සුන්ගේ ගෑනු ගෙදර; මිනිහා මෙහේ වෙන ගෑනියෙක් එක්ක උකුළු මුකුළු කරනවා.

ගෑනිගේ මිනිහා වෙන කොහෙහරි ජොබක් කරනවා ඇති.ඌත් ගෑනිව විශ්වාස කොරලා ජොබකට එවනවා. කී කෝච්චියේ වෙන මිනිහෙක් එක්ක හුරතල් වෙනවා.

හොදම දේ ඕක නෙමෙයි බොලව් දවසක් ඔහොම යන වෙලේක එහෙම නිතර යන කපල් එකක ගෑනු කෙනා මුලින් නැගලා එන්නේ.එදා එයා ඉදගෙන හිටියේ.

කී එක්ක උකුළු මුකුළු කරන මිනිහත් නැග්ග පස්සේ ස්ටේෂන් එකකින් හැබැයි එදා මිනිහා නැග්ගේ තවත් ගෑනු කෙනෙක් එක්ක.මං හිතන්නේ ඒ මුගේ විවාහක (නො)ආදරණිය බිරින්දෑ.ගෑනු කෙනා මොකක් හරි එකකට කොළඹ යන්න.

මුත් එක්ක ආවා පොරගේ වයිෆ්ව අර වෙනද යන සෙට් එකටම.මෙන්න බොලේ අර හැමදාම අරුත් එක්ක උකුළු මුකුළු කර කර යන ගෑණිම ලැජ්ජා නැතුව ෂිට් එකෙන් නැගිටලා අරකිට ෂිට් එක දුන්නේ නැතැයි
"අහ් එන්න අක්කේ ඇවිත් වාඩි වෙන්න" කියලා.

අනේ මන්දා මුං ඉන්නේ රෙද්දක් ඇදන්ද කියලත් වෙලාවකට හිතෙනවා.සමහර පෙට්ටි වල රෑට එහෙම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිත් විකාශය වෙනවා.

අනේ මන්දා කව්රු ඔව්වට වග කියන්න ඕනද කියලා. මේක කියෝන නිතර පාහේ කොච්චි වල යන ඔයාලත් දන්නවා ඇතිනේ මම කිව්වා එකේ සත්‍ය අසත්‍යතාවය.

සංවාදෙට විවෘතයි ඕන කෙනෙක්ට. මල් මාලා, ටොපි, චොකලට් වලින් බැරිනම් මඩ, ගල් මුල්, බාල්දි වලින් හරි.

අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් තමුන්ගේ මිනිහා හරි ගෑනි හරි තමුන් ගැන විශ්වාසයක් තියල ඉන්න කොට ඒ විශ්වාසෙ කඩන මොකෙක් හරි පරයෙක් ඉන්නවනම් ඌට හරි ඒකිට හරි හොදක් වෙන්නේ නැහැයි කියන එක....
පෝරියල් එක හම්බු වෙන්න ගත්තම ගෙඩි පිටින්ම ලැබෙනවාය කියන එක....

ජය වේවා....!!

24 comments:

  1. කතාවනම් හරියට හරි මචෝ.අපි ඉතින් ගාල්ලේ නොවෑ.උදේ සාගරිකා හරි සමුද්ද්‍රෙ හරි ආවොත් ලස්සනට ලයිව් බලා ගන්න පුලුවන්.පුදුමේ කියන්නේ වෑඩිපුර යන ඔය හොර කපල් 40 පෑනපු උදවිය.උන් යන විදිය දෑක්කාම අපිට ලෑජ්ජයි බන්.වෑඩක් නෑ කියලා සමහර විට උන්ට අපේ වයසේ ලමයිනුත් ඈති.ඔවා දෑක්කාම අනේ අපොයි කියලා හිතෙනවා....

    ReplyDelete
  2. ඉතා හොඳ ලිපියක්. මමත් එකඟයි.

    හැබැ‍යි ෂීට් එක නෙමේ. සීට් එක . මොකද ඉන්ගිරිසියෙන් ලියන්නෙ Seat කියලනෙ.

    ReplyDelete
  3. අනික් දවසට අර පොරත් 'අහ් වරෙන් මචන් වාඩි වෙයන්' කියල අර ගෑනු කෙනාගේ මනුස්සයට ඉඩ දෙනව ඇති. කළගුණ සලකන්ට නෙ අයියෝ එහෙම කොරන්ට ඇත්තෙ :)

    ReplyDelete
  4. @අසoක:- අයෙත් අහලා කියලම වැඩක් නැහැ බං.40 පැනපු මිනිස්සු තමයි ඔහොම මගුල් විසේ නටන්නේ.. අර තියෙන්නේ බං නාකි විසේ හෙටත් විසේ කියලා..

    ReplyDelete
  5. නම නොකී යාලුවා :- ස්තුති මචන් නිර්නාමිකව උනත් ගොඩ වැදිලා කමෙන්ට් කරලා වැරද්දත් පෙන්නලා ගියාට.දැන් පොස්ට් එකේ හදන්න ගියොත් ජෑම් වෙන්න ඉඩ තියනවා.අනිවා ආයේ බ්ලොග් එකේ "සීට්" ලියන එක කවදාවත් වරද්දන්නෙ නැහැමයි.

    ReplyDelete
  6. @මුහුදු කොල්ලකාරයා :- හැබැයි මචන් මිනිහට කලින් ගෑනි නගිනවා කෝච්චියට.සමහර විට කොටුවෙන් නැග්ගම එහෙම නැගිටලා දෙනවා ඇති ඒක තමයි.
    කාලගුණ සැලකීම උතුම් කියලා කව්ද මන්ද කියලා තියනවනේ........

    ReplyDelete
  7. ooke raha dannati ewun tamai uhullanne.....ubalatath loku unahama terei...bath kaala ikmanata loku weyalla...etakota ubalatath anti tadiyek set wei....hik....

    ReplyDelete
  8. එල බං . එලම තමා.

    (මේක ජෝක් එකට) උඹත් ඉතිං ඔය කෝච්චියෙමනේ යන්නේ... නේද බං..

    ReplyDelete
  9. @නම නොකී යාලුවා:- හා මචං කියනකන්ම තමයි හිටියේ. ඔය වගේ පහත් වැඩක් කරන්න තරම් මගේ මනස විකුර්ති වෙලා නැහැ බං. කමෙන්ට් කරලා ගියාට ස්තුති මචං.... ජය වේවා......!!!

    ReplyDelete
  10. @prasanna86k:- මොකටද බං "එල බං. එලම තමා" කිව්වේ මේ යක්කු කරන වැඩේටද....???
    අපි නොදන්නා චෙස් නැද්ද මාළුවෝ..... මාත් යන්නේ ඔව්ව වලනම් තමයි ඉතින් ඔං.රෑකට එහෙම ගියොත් ටිකට් නැතුව +18 ෆිල්ම් එකක් බලා ගත්තැකි .

    ReplyDelete
  11. කතාව ඇත්ත. හවස රුහුනු කුමාරි එහෙම ඔහොමම තමා. උබ කියන්නා වගේ අනුන්ගෙ ගෑනුන්ට සහ අනුන්ගෙ පිරිමින්ට පැනි හලන ගැහැනුන්ට සහ පිරිමින්ට හරියන්නෙ නම් නෑ. ඇත්තටම ඒක මහ කැත වැඩක්. තමනගෙ ගැනි හෝ පිරිමියා මෙහෙම දෙයක් කලොත් තමන්ට ඇතිවෙන හගීමම තමයි අනෙක් අයටත් ඇතිවෙන්නෙ කියල මිනිස්සු හිතන්නෙ නෑ. මම නම් ඕකට සම්පූර්ණ එකගයි. උබ හරි..

    ජය//

    ReplyDelete
  12. dunnoth nogaha idiy...ane nikan hitin...........

    ReplyDelete
  13. තමන්ගේ හිත ට දැනෙන් නැද්ද මේ කරන වැඩේ ජහ ජරා කම... ඔවාවලට කවදා හරි විදවයි... හැමදාම නටන්න බැනේ..කොයි වෙලේ හරි කකුල පැටලේවි නේ..

    ReplyDelete
  14. thu nodakin mehemath pahara pawul karayo.matath pennannama ba thamange gani hari miniha hari rawattana ewun.kawada hari polith ekka labei.boruwata wadi ayusa nane.

    ReplyDelete
  15. @Gayan Rupasinghe:- රුහුණු කුමරිය විතරක් නෙමෙයි බං හැම තැනම ඔහොමම තමයි.වැඩේ කියන්නේමෙකනේ කරන්න පුළුවන් බලු වැඩ කර කර අනිත් තමන්ගේ ගෑනි හරි මිනිහා හරි හොදට ඉන්න ඕනි කියලත් හිතනවනේ මුන්.. එල එල ජය වේවා.......!!!

    ReplyDelete
  16. නම නොකී යාලුවා:- ගොඩ වැදිලා කමෙන්ට් එකක් දාලා ගියාට ස්තුති සහෝ.ඒ උඹ හිතන හැටි.අවුලක් නැහැ.එත් මචං මම නම් ඔය වගේ වැඩ කරන්න හිතන්නේ නැහැ.නිකන් දුන්නත් ගන්නේ නැහැ... හික් හික්....

    ReplyDelete
  17. නිම්ශා:- අනේද නංගි කියන්නේ මුන් මොක්කුද මන්ද.කිව්වත් වගේ කකුල පැටලිලා වැටුණු දවසට ආයේ නැගිටින්නම බැරි වෙන්න තමයි මුන් වැටෙන්නේ....

    ReplyDelete
  18. දෙවෙනි නම නොකී යාලුවා:- සිරා කතාව මචං.අර කියමනක් තියෙන්නේ "දිය සැලියේ වතුර රත්වෙනකන් විතරක් කකුළුවා දිය බුං ගසයි" කියලා.මුනුත් ඉතින් බොහොම කෙටි කාලයක් යනකන් ඔය සෙල්ලමම නටාවි.එතනින් එහාට අම්මි ගහවි බැට් එකෙන් තමයි.ජය වේවා....!!!

    ReplyDelete
  19. සහෝ....ඔයාගේ කථාව නම් සහතික ඇත්ත..
    සමහර වෙලාවට අපේ වයසේ අයට තරම් වත් ලැජ්ජාවක් මේ අයට නැහැ.
    කව්ද දන්නේ අපේ වයසෙදී කරන්න බැරි වෙච්ච දේවල් මෙයාලා දැන් කරනවද කියලා

    ReplyDelete
  20. @asa:- අනේද කියන්නේ බං. ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ.කිව්වත් වගේ මුං අපේ කාලේ කොරන්න ඕන එව්වා කොරල නැතුව ඇති..

    ReplyDelete
  21. ජීවිතේටම එක සැරයයි මම කෝච්චියේ ගිහිල්ලා තියෙන්නේ . ඒක නිසා මමනම් ඔව දැකලා නෑ . ලවු කරන කොල්ලෝ කෙල්ලෝ වගේ නෙවෙයි බං කසාද බැඳපු අයට සෑහෙන වගකීම් තියනවා . පුදුමයි උං මෙහෙම හැසිරෙනවා කිවුවාම .

    අපේ පලාත්වල නම් ඔහොම දෙයක් දැක්කොත් අනිවා හවසට පාරේ යන එකෙක් හැංගිලා ඉඳලා හූ කියනවා . ඒත් දියුනු පලාත්වල ඕව සාමාන්‍ය දේවල් මම හිතන්නේ ....

    ඉස්සර වෙලාම කරන්න තියන දේවල් පස්සේ කරන්න ගියාම ..චේන් පයිනවා .

    ReplyDelete
  22. @හිස් අහස:- ආයෙත් අහල බං.මේ පැති වල හැටිද මන්ද.උන්ට හැංගිලා හු කිව්වත් ඊලග දවසේ එයිට වඩා වැඩියෙන් හුරතල් වේවි.මුන්ට නම් ගහන්න ඕනේ මඩු වල්ගෙන් බං.
    ආයෙත් අහලා ඉස්සරහ පස්ස පටල ගන්න හොද නැහැ නොවැ.හික් හික්...ජය වේවා....!!!

    ReplyDelete
  23. මම මේ එකට අලුත්. හැබැයි සහෝ ඔබ තුමාගේ කථාව සහතික ඇත්ත. මමත් දැකලා තියෙනවා. ජය වේවා....!!!

    ReplyDelete
  24. @Muditha:- අලුත් යාළුවාව අපරාජිතයාගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගත්තා එහෙනම්................ ඔව් මචං එත් කරුමේ කියන්නේ මුන්ට එකේ තියෙන බරපතල කම නොතේරෙන එකයි මචං.........

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........