Friday, March 18, 2011

ගුවන් බාලදක්ෂ මතක සටහන් 03 - දවසේ වැඩ සටහන II


වැඩි බයිලා ඕනේ නැහැ කලින් ලිපිය නවත්තපු තැනින් පටන් ගම්මු.කලින් කොටස් දෙක කියෙව්ව නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න පලවෙනි කොටස.මෙන්න දෙවෙනි කොටස ගිහින් කියවල එන්න නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වේවි.

ආරම්භක රැලිය පවත්වන්නේ 9.00 ට විතර.එතකොට ක්‍රීඩාවක් පවත්වන්නේ 9.15 ට විතර ඕක ඉවර වෙලා එද්දී 9.30 විතර වෙනවා.

ඊට පස්සේ 9.30 ඉදන් 10.00 වෙනකන් තියෙන්නේ එක්කෝ "සමත් කිරීම්" නැත්නම් "ලොග් පොත් පරික්ෂාව".

සමත් කිරීම් වලදී කොරන්නේ කලින් දවස් වල උගන්වපුවා පාඩම් දෙනවා තමුන්ගේ කණ්ඩායමේ PL ට සමහර එව්වා තියෙනවා ASL ට පාඩම් දෙන්න ඕන බාල දක්ෂ පාඩම්.

පාඩම් මතක නම් අන්තිමට පාඩම් ගත්තු ASL ට හරි PL ට හරි කියලා බාලදක්ෂ වාර්තා සටහන් කාඩ් පතේ ඒ පාඩම සම්පුර්ණයි කියලා අත්සන් කරගන්නවා.

සමහර දවස් වලට ඔය වෙලාවේ ASL අයියලා පෙට්‍රල් එකෙන් පෙට්‍රල් එකට ඇවිත් බාල දක්ෂයන්ගේ ලොග් පොත්(අර දින සටහන් වගේ එව්වා ලියන තඩි පොත) දිනපතා ලියලද, පාඩම් පිළිවෙලද, පොතේ හිස්තැන් නැද්ද වගේ එව්වා පරික්ෂා කොරල බලනවා.

හුගක් වෙලාවට අපිට කම්මැලි හිතිලා කලින් සතියේ වැඩසටහන ලියන්න අමතක වෙච්ච දවසකටම පෙර පිනක් පල දීලා ලොග් පොත් පරික්ෂා කලොත් බඩුම තමයි.

කන්න වෙනවා උණ පතුරකින් හරි එහෙමත් නැත්නම් බටයකින් හරි පස්ස පැත්ත රතු වෙන්න. ඕක ඉවර වෙද්දී 10.00 විතර වෙනවා.

10.00 ට තියෙන්නේ ඉගැන්වීම් කටයුතු.ඒ වෙලාවට SL හරි ASL කෙනෙක් හරි අපිට අලුත් බාලදක්ෂ පාඩමක් කියලා දීලා සටහන් දෙනවා.

ගැට වර්ග(කපන එව්වා නෙමෙයි හොදේ ගහන එව්වා) තියෙනව නම් එව්වා ලනුවක් අරන්ම කියලා කරවනවා.කොහොම හරි ඕක ඉවර වෙද්දී 11.00 විතර වෙනවා.

ඊට පස්සේ තියෙන්නේ "විවෘත සැසිය" කියලා එකක්.ඒක මෙහෙයවන්නේ බොහෝ වෙලාවට SL තමයි එකේදී ඔක්කොම බාලදක්ෂයෝ ටික බාලදක්ෂ කුටියේ හරි එළිමහන් තැනක් හරි එකතු වෙලා ළමයිගේ ප්‍රශ්න වගේ එව්වා සාකච්චා කරනවා.

පස්සේ අලුත් බාලදක්ෂ ගීතයක් එහෙම ඉගෙනගෙන ඒකත් 3 න් 4 පාරක් කියවලා 11.15 ට විතර පටන් ගත්තු එක 11.45 විතර වෙද්දී ඉවර කරනවා.

පස්සේ තියෙන්නේ "අවසාන රැලිය" ප.ව. 12.00 ට විතර තමයි.එකේදිත් අර ආරම්භක රැලියේදී කිව්වා වගේ කරත්ත රෝදෙක විදිහට කාණ්ඩ පහම ප්‍රදාන කුඹ ගහ වටේ එකතු වෙනවා.

පස්සේ අවසන් නිවේදන එහෙම කියලා ඉවර උනාට පස්සේ ඒ දවසේ ඩියුටි භාරව හිටපු කණ්ඩායම් නායකයා ගිහින් උදේ ඔසවපු ගුවන් බාලදක්ෂ කොඩිය හකුලනවා.

එතැනදී හැමෝම අයෙත් පාරක් ගුවන් බාලදක්ෂ ගීතය කියනවා.අවසානයේ පහත හෙලපු කොඩිය ඒ කණ්ඩායමේ PLවිසින්ම පොඩියට නමලා ආපසු හැරෙනවා කුඹ ගහට පිටු පාලා.

එතකොටම ඊලග දවසේ ඩියුටි බාර ගන්න තියෙන කණ්ඩායමේ නායකයා PL ඇවිත් ආචාර කරලා කොඩිය භාරගන්නවා. භාරගත්තු කොඩිය ඌ ගිහින් ASL මහතෙකුට භාර දෙනවා.

අන්තිමට ආරම්භක රැලියේදී කිව්වා වගේම කණ්ඩායම් පහ විසිරිලා යනවා.ඊට පස්සේ තියෙන්නේ පිහිනුම් පුහුණුව.කැමති උන්ට ගෙදර යන්න පුළුවන් කැමති එවුන්ට පිහිනන හැටි ඉගෙනගන්න යන්න පුළුවන්.

පීනන්න තියෙන්නේ ගුවන් හමුදා කදවුරේ පිහිනුම් තටාකේ තමයි.සමහර දවස් වලට පිහිනන්න යන ඒක නවත්තලා අපි හොකි ගහන ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහලා පිස්සු නටලා තමයි ගෙදර යන්නේ.

කොහොමත් කෑම්ප් එකෙන් එලියට එද්දී 2.30 විතර වෙනවා.ඔන්න ඕක තමයි හැමදාම වෙන වැඩසටහන ගුවන් බාලදක්ෂ කදවුර ඇතුලේ.

හප්පා යන්තම පොස්ට් 3 කින් වැඩේ ගොඩ දාගත්තා.ඊලගට කියන්න පුළුවන් මම මුලින් කියන්න තටමපු කතාව.ඒක මෙලෝ රහක් නැති කතාවක් වේවිද දන්නෙත් නැහැ.

හැබැයි අපේ රත්ගමයාගේ බාශාවෙන්ම කියනවනම් ටිකක් ඉකේයියා කතාවක් තමයි මට වෙච්ච.හැකි ඉක්මනින් ඒ කතාවත් අනිවා දාන්නම් එතකන් රැදී සිටින්න අපරාජිතයා සමගින්.

ජය වේවා....!!!  

2 comments:

  1. ආහ් ඉවරද..අප්පේ මම ආසාවෙන් කියෙව්වේ..මරු..ඇත්තට... මම හුගාක් ආස තැනක් ගුවන් හමුදාව..මොකද නම් අනේ මන්දා..

    ReplyDelete
  2. @නිම්ශා:- මුල් කතාව ඉවරයි ඕක කිව්වේ බාලදක්ෂ කතා කියද්දී කට්ටියට තේරෙන්නේ නැති වේවි කියලයි.ඇතුලේ එදිනෙදා වෙච්ච මරු මරු සීන් තියෙනවා.. එව්වත් පුළු පුළුවන් විදිහට කොටන්නම්.
    මොකද දන්නෑ නේ ගුවන් හමුදාවට ඔච්චර කැමති....? හික් හික්.

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........