"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Saturday, March 19, 2011
තේ පෙරන්නේ තේ ගොට්ටේන්ද....??
ඔන්න මට ගුවන් බාලදක්ෂ කරද්දී සිදු වෙච්ච රස බරම සිද්දිය.මේක කියන කොට පාවිච්චි කරන වචන තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා කෙලින්ම මේ පොස්ට් එක කියවන්න අවොත්.
ඒක නිසා කලින් පොස්ට් 3 න කියවලා එන්න කැමති නම් විතරක්. නැතත් කමක් නැහැ.මෙන්න "පලවෙනි කොටස". මෙන්න "දෙවැනි කොටස". මෙන්න "තුන්වෙනි කොටස".
මෙන්න කතාව.මේක වෙන්නේ 2003 අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ බාලදක්ෂ පන්ති තියපු පලවෙනි සතියේ.අලුත් අවුරුද්දට කලින් 2002 වසරේ අන්තිම සතියේ ඩියුටි කල කණ්ඩායම ඊ ලග දවසේ ඩියුටි කරන්න අපේ කණ්ඩායමට තමයි බාර දුන්නේ.
අපේ කණ්ඩායමේ ඒ වෙද්දී PL හිටියේ හිරෝෂන් කියල බුවෙක් මම APL හිටියේ.ඔන්න ඉතින් අවසන් රැලියේදී ගුවන් බාලදක්ෂ කොඩිය භාරගෙන අපේ හිරෝෂන් කාරයා ඊ ලග සතියට වැඩ භාර ගත්තා.ඒ කතාව එතනින් ඉවරයි.පෝරියල් ඒක හම්බු වෙන්නේ ඊලග සතියේ.
කොහොම හරි අලුත් අවුරුද්දේ ඉස්ස ඉස්සර වෙලාම දත කටත් මැදන් ඩියුටි කරන්න ලැස්ති වෙලා අපේ සෙට් ඒක ගියා.උදේ ප්‍රදාන මුර පොලෙන් ඇතුල් වෙලා අපිට ඩියුටි නිසා අපේ පෙට්‍රල් එකේ කට්ටිය බයික් වලින් ඉක්මනට ගියා.
බාලදක්ෂ කුටියට ගියහම තමයි මට චු බර හැදුනේ.හිරෝෂන් කාරයා කොටුවක් පැනලා.ඌ කොල්ලෙක් අතේ පණිවිඩයක් එවලා ඌට එන්න වෙන්නේ නැහැ කියලා.ඌ කොහොම හරි ඩියුටි දවසේ PL පට්ටම මට භාර දීලා ශේප් වෙලා.
නොදකින් ගස් කුට්ටා තෝවනම් දිවියම කන්න ඕනා මේ අහිංසක මට කරපු අපරාදෙට කියලා හිතිනුත් බැන බැන මම ඩියුටි බාර ගත්තා.(ඌට කොහොම හරි මට කරපු අපරාදෙට දිවිය නෙමෙයි ASL අයියලා ඩබල ලුණු ඇඹුල් ඇතිව ඌට හොද හෝටලයකින් ලොකුවයින් උණු උණුවෙම වැඩම්මේව්වා ඌ ඊලග සතියේ ක්ලාස් ආවම. හික් හික්.. ).
ඇයි යකෝ කුම්බලා මාළු කාවනම් විදවන්නත් එපාය.මමනේ අපේ එකේ APL කාරයා.ඉතින් මම එදා මුළු කණ්ඩායම් සෙට් එකම මෙහෙයවන විසිල් එකත් අතින් අරන් ඔක්කොම එවුන් ටිකව එකට එකතු කරලා වැඩ වලට බෙදලා දැම්මා.
මල් පැළ වලට වතුර දාන්න, බාලදක්ෂ කුටිය අතු ගාන්න, පෙට්‍රල් සුද්ද කරන්න, මිදුල අතු ගාන්න, වතුර පුරවන්න; ඔය වගේ එකී නොකී මෙකි බොහෝ දේවල් වලට.
PL කොහොම හරි දවසේ වැඩ සටහන කොළේක ලියලා දැන්වීම් පුවරුවේ එල්ලන්න ඕනේ.ඒක ගෙදරින් ලියන් එන්නේ.එත් එදා PL ආපු නැති නිසා මටම අලුතින් ලියන්න උනා.
ඒක නිසා මම ඒක ලියන්න යන අතරතුරේ අපේ මාමගේ පුතාටයි උගේ යාලුවටයි කිව්වා
"මම මේක ලියන්න යනකන් උඹලා දෙන්නා ගුවන් බාලදක්ෂ කොඩිය දාපන්" කියලා.කොඩිය නමන මැද්දට මල් පෙති ටිකක් කඩලා දැම්මම කොඩිය දිග අරිද්දි මල් පෙතිටික වැටෙනවා ආශික් එකේ.
ඒක නිසා මං කිව්වා "අඩෝ මේ මල් පෙති ටිකකුත් කඩලා දාපන්" කියලා.මුන් දෙන්නත් ලෙසටම වැඩේ කොරලා තිබ්බා.කොහොම හරි වැඩ ටික ගොඩින් මඩින් ගුටි නොකා බෙර ගත්තා.ඔන්න දැන් ආරම්භක රැලිය.
ඔන්න බාලදක්ෂ SL මහතා ඇවිත් ගුවන් බාලදක්ෂ කොඩිය අදිනවා.අපිත් ඉතින් සීරුවෙන් හිටන් අත් පොලොසන් දෙනවා උඩ බලාගෙන.ෂා බඩුම තමයි ලස්සනට මල් පෙති වැටෙනවා. ආශික් 7 යි. මෙන්න කොඩිය හරියටම දිග ඇරුනයි කියහන්කෝ.
අම්මට බොල බඩුම තමයි.අරුන් දෙන්නා ලෙසටම වැඩේ කොරල මාව අනුභවම කොරලා.මෙන්න යකෝ උකුස්සා ඔලුවෙන් හිටන් තටු දෙකත් කණපිට ගහන් අහසේ කරනම් ගහනවා.මේ ගස් කුට්ටෝ දෙන්නා ෆ්ලෑග් ඒක අනික් පැත්ත හරෝලා දාලා තියෙන්නේ.
ASL අයියලා දෙන්නා මං දිහා බලන් හිනා වෙනවා කින්ඩියට ඔරවා ඔරවා.කොහොම හරි ආරම්බක රැලිය ඉවර වෙලා මං අරුන් දෙන්නට දෙසුව වැදි බණ සිහි වෙන්න.
කොහොම හරි අපේ මාමගේ පුතා නගින්න ලෑස්තිය කොඩිය අනික් පැත්ත හරවන්න.මම ඌට කිව්වා
"අනේ මේ තෝ හිටු එක පාරක් මාව කෑවා දැන් මං ම වැඩේ කොරන්නම්"
කියලා කනුව දිගේ බඩගාලා උකුස්සට සහනයක් ලබා දුන්නා කොඩිය අනික් පැත්ත හරවලා.
ඊට පස්සේ තමයි රසම සිද්දිය උනේ.කොහොම හරි ගුවන් බාලදක්ෂයින්ට බොන්න තේ ගන්න පුළුවන් තේ බෙදන වෙලාවට ගුවන් හමුදා කදවුරේ කෑම උයන,තේ හදන තැනට ගියොත්.එතනට කියන්නේ "මෙස් එක" කියලා.
කොහොම හරි ඒ අයියලා හරිම හොදයි.රට ජාතිය වෙනුවෙන් ජිවිතේ කැප කරපු පොලවට බරක් නැති ලොකු හදවතක් තියෙන මිනිස්සු නිසා වෙන්න ඇති.අපිට එදාට ඒ ගොල්ලෝ තේ බොද්දි කන්න තියෙන දේවල් පවා දෙනවා.බිස්කට්, මාළු පාන් ඔයවගේ එව්වා.
අපිට තියෙන්නේ තේ ගද්දි දවසේ කවුන්ට් එක කියන්න විතරයි තේ ගන්න ඕන ඇලුමිනියම් කල්දේරම අරන් ගිහින්. එතකොට තේ එක්ක කන්න තියෙන එව්වත් දෙනවා. කොහොම හරි ඕකට යන්න ඕනේ 10.00 ට විතර තමයි එදාට ඩියුටි කරන්න තියෙන කණ්ඩායමේ උන් දෙන්නෙක්.
මං ඉතින් 9.15 ට විතර අරුන් දෙන්නටම කිව්වා "මේ උඹලා දෙන්නා 10.00 ට තේ ගෙන්න පලයල්ලා" කියලා.මුන් දෙන්නත් මැටි ගිලපු උගුඩුවො දෙන්නා වගේ ඔලුව දෙපැත්තට වැනුවා.
කියන්න අමතක උනා ඩියුටි දවසට තියෙන වැඩ නිසා පෙට්‍රල් එකේ ඉන්න ජෙෂ්ටයන්ට එදා පාඩම් වැඩනම් ඇත පසු වෙනවා. මොකෝ තේ ගේන්න, තේ කෝප්ප වලට දාලා අල්ලන්න... ඔය වගේ එක වැඩ කන්දරාවල් තියනවනේ.
කොහොම හරි මං 10.30 ට ඇවිත් මුන් දෙන්නා තේ ගෙනැද්ද කියලා බලද්දී ඔහේ නැහැ.මං ඊට පස්සේ මුන් දෙන්නව හොයද්දි මුන් ඉන්නවා මොකක්ද වැඩක් කොර කොර.මං ඇහුවා
"අඩෝ තොපි දෙන්නා තේ ගෙනාවද...??" මෙන්න එතකොට එකෙක්ට හුස්ම හිර වෙලා මුන් දෙන්නා මූණට මූණ බලා ගත්තා.
මං ඊට පස්සේ උන් දෙන්නට ලුණු ඇඹුල් ඇතිව කියලා "දැන්වත් පල" කියල කිව්වා තේ ගේන්න.මොකද තේ දෙන්න බැරි උනොත් ඒකටත් කන්න වෙනවා.
මුන් දෙන්නා බයිසිකලයක් අරන් කල්දෙරමත් අරන් ගියා. ඊට පස්සේ ටිකකින් මූන් දෙන්නා කල්දෙරමත් අරන් එනවා දැක්කා.ඇවිත් ඉවරවෙලා අපේ මලයා මට කියනවා මෙන්න මෙහෙම
මලයා :- අඩෝ මාර සීන් එක බන්
මම :- මොකද තේ ඉවර වෙලාද.එහෙමනම් මම තොපි දෙන්නගේ ** දෙක මිරිකලා තමයි බොන්න දෙන්නේ.
මලයා :- නැහැ බං තේ හම්බුනා.
මම :- එලනේ යකෝ.එහෙනම් මාර සීන් එක කිව්වේ.
අනික් එකා:- අඩේ බං තේ පොඩ්ඩයි හම්බුනේ බං.
මම කල්දෙරමට ගිහින් එබිලා බැලුවා.අම්මට මෙන්න තියනවා තේ පොඩ්ඩක් තේ මන්ඩිත් එක්ක පාවෙවී. හැබැයි ඒ ටික කොල්ලන්ට දෙන්න තරම් නැති උනත් SL ටයි ASL අයියල දෙන්නටයි දෙන්න ඇති.
SL නම් තේ බිව්වේ පොඩි කොප්පෙක අනික් ASL අයියලා දෙන්නනම් ඒකටත් හරියන්න පත මග් දෙකක් විතර අල්ලන කෝප්ප දෙකක තමයි බොන්නේ.වෙලාවට එදා අනික් ASL හිටියේ නැහැ.ඒ තුන්දෙනාගෙන් වැඩේ ශේප් කරගන්න පුළුවන්.
මං අරුන් දෙන්නට කිව්වා "දැන් කරන්න දෙයක් නැහැ බං අපි SL ටයි ASL ඩබලටයි දෙමු.කොල්ලෝ ටික ශේප්නේ බං" කියලා.මුනුත් එල එල කියලා කිව්වා.මං පස්සේ කිව්වා
"මේ තේ ටික පෙරන්න තේ ගොට්ට අරන් වර එහෙනම්" කියලා.ඇයි තේ මන්ඩි පාවෙනවනේ.
අම්මට බොල මෙන්න අපේ මලයා හොයලා හොයලා තේ ගොට්ට අරන් එනවා.එකේ තඩි හිලක් ගස් බලු මීයෙක් දීලා පාර .දැන් මළම කෙලියයි.තේ ටිකේ මන්ඩි,අනික තේ පොඩ්ඩයි එයිට හපන් තේ පෙරන ගොට්ටත් මියෝ කාලා.ඊට පස්සේ ගියේ මෙහෙම දෙබසක්.හිරිකිතයි,
මම :- අඩෝ දැන් මොකද බං කරන්නේ.
මලයා:- ඒක තමයි බං.
මම:- තොපි දෙන්නා තමයි වැඩේ කෑවේ කලින් ගියානම් මෙහෙම වෙන්නේ නැහැනේ.
මලයා :-හරි හරි බං අමතක උනා.
අනිකා(කළිදු):-සිරාවට මොකද කරන්නේ.අපිටනම් අවුලක් නැහැ තේ නැති වෙච්ච ගමන් අරුන් දෙන්නා කුලප්පු වෙලා තොට තමයි වඩම්මන්නේ.
මම:- මේ පොඩි අදහසක් ආවා.
මලයා:- මොකක්ද.ගුටි කන වැඩක් නෙමෙයි නම් කියහන්.
(මම පොඩි කාලේ ඉදන්ම කලිසමේ සාක්කු දෙකේ ලේන්සු දෙකක් දාගෙන යනවා.එකක් දාඩිය පිහන්න අනික හදිසි අවශ්‍යතාවේකට ගන්න)
මම :- මං ලග ලේන්සු දෙකක් තියනවා හොද එක අරන් තේ ටික පෙරමු.
මලයා:- ඊයා යකෝ.
මම :- තෝ ඉදන් මගුලක් කියනවා.තේ දුන්නේ නැත්නම් අරුන් දෙන්නගෙන්(ASL ඩබල) මට එපාය පෝරියල් කන්න.
අනික් එකා:- එහෙනම් මෙහෙම කරමු.මං අද ගෙනාවේ අලුත්ම ලේන්සුවක් අපි ඒකෙන් පෙරමු
ඔන්න කට්ටියම හා කියලා එකතු වෙලා කුස්සිය අස්සට රින්ගන් තේ ටික පෙරනවා .මම කල්දේරම ඇල කරනවා. මලයා කෝප්ප අල්ලාගෙන,අනික් එකා ලේන්සුව මැද්දෙන් අල්ලාගෙන. අපේ එදා වෙලාවම තමයි මෙන්න කෝප්ප දෙකක් පිරෙව්වා.තුන් වෙනි එක පුරෝන කොටම චානකයා (එක ASL අයියා කෙනෙක්) මතු උනා කියහන්කෝ එතනින්.මූට තේ පරක්කු නිසා හොයන්න ඇවිත්.
හුටා ඌ මුළු සීන් එකම දැක්කා.දැකලා ඇහුවා "තමුසෙලා මොනාද ඔය කොරන්නේ" කියලා.අපි ගොත ගහන කොට මූම "හා හා කොරන් යනවලකෝ" කියලා ගියා. අම්මෝ ඇගට ලේ ඉනුවා.ඇයි මූ මුකුත් කිව්වේ නැහැනේ.
ඔන්න අපි වැඩේ ඉවර කොරලා තේක අරන් ගියා SL ට .මිනිහ ඔය සීන් එක දන්නේ නැහැනේ.ඉතින් SL තේක අරගෙන ඇහුවා "ලොකු උන්නැහේල මේ ළමයින්ට තේ දෙන්නේ නැද්ද" කියලා.
අපි කිව්වා සර් තියෙනවා පාඩම් ඉවර වෙලා එලියට ආවම දෙන්නම් කියල ශේප් උනා. ඊට පස්සේ අර තඩි මග් දෙකත් අරගෙන හොකි පිට්ටනියට ගියා.
ඒ වෙලේ අමල් අයියයි චානක අයියයි ASL ඩබලම පැවිලියන් එකට වෙලා පොඩි උන් සෙට් එකකට පාඩමක් උගන්නනවා .අපි තේ අරන් ගියා විතරයි මෙන්න දෙබස.
මම:- අමල් අයියේ මෙන්න තේ ගෙනාවා.
අමල් අයියා:- කෝ දියන්. මුන්ට තියනවා නේද
(කොච්චර වස උනත් තේ ඉවරයි කියල මුන් දෙන්නව ශේප් කරගන්න පුළුවන්. ඇයි උන් දෙන්නට තේ තියනවනේ.)
මම:- අද තේ තිබිලා නැහැ අයියේ.SL ටයි ඔයාලා දෙන්නටයි විතරයි තිබ්බේ.
අමල් අයියා:- හා හා කමක් නෑ.
(මෙච්චර වෙලා ලගට වෙලා කට පියන් හිටපු චානකයත් කට ඇරියා.)
චානක අයියා:- ඒ අමල් මුං අපිට තේ ගෙනාවේ බං ලේන්සුවෙන් පෙරලා මං ඇස්දෙකෙන් දැක්කා බොල.
අමල් අයියා:- මොකක්.? ඊයා මූ මේ ඇත්තද යකෝ කියන්නේ.
මම:- ඔව් අමල් අයියේ තේ ගොට්ට මියෝ කාලා.කලිදුවගේ අලුත් ලේන්සුවෙන් පෙරුවේ හොදට හෝදලා (අම්මෝ බොරු.මොන හේදුවද)
අමල් අයියා:- අහ් බොල තොපි අපිට ජරාව පොවන්න.? ගනින් මේකත්.
(අම්මට මට අමල් අයියා ගත්තු කෝප්පෙත් දුන්නා.)
අමල් අයියා:- අපි බොන්නේ නැහැ අද තේ.තොපි තුන් දෙනාම මෙතනම බීලා පල ඕක අද.
(අම්මට බඩුම තමයි මෙන්න මූ අපි පෙරාපු තේ අපිටම බොන්න කියනවා.අපි ඉතින් ඒක දිහා බලන් පිළිකුල් භාවනාව කරනවා.)
අමල් අයියා:- මොනවද තොපි බලන් ඉන්නේ බීපියව්.
මොනා කරන්නද මංම වැඩ පටන් ගත්තා.මලයා අනිකෙන් බොන්න ගත්තා.කලිදුවත් බොනවා මාරුවෙන් මාරුවට.උගුරටත් එනවා.එකේ තේ මදිවට කෝපිත් තියනවා. අන්තිමට ඉවර වෙනකන්ම බීලා කෝප්ප පෙන්නුවම "දැන් පල" කියලා අපිව එලෙව්වා.
ගිය ගමන් මමයි අපේ මලයයි කලේ ඩබල් දාගෙන වමනේ දාන එක තමයි.කලිදුවට නම් අවුලක් නැහැ වගේ හිටියා.උගේ ලේන්සුවෙන්නේ තේ පෙරුවේ.කොහොම හරි එදා
අන්තිමට ගුටි නොකා ඩියුටිත් කොරලා ශේප් උනා.හැබැයි මම ජිවිතේටම බීලා තියෙන රසම රස තේක නම් බිව්වේ එදා තමයි හික් හික්......
මොකෝ කියන්නේ දාමුද බලන්න කමෙන්ට් එකක්.......
Labels:
බාල දක්‍ෂ මතක සටහන්,
මගේ පිස්සු වැඩ
Subscribe to:
Post Comments (Atom)
ඔතනින් බේරුනා ඇති...
ReplyDeleteඊයා..............
ReplyDeleteකතා හතරම කියෙවුවා. රසවත්. දිගටම ලියන්න.
ReplyDeleteඅපොයි... ඕක කමක් නෑ බං. ඔන්න ඒශියන් ගේම්ස් වලට මතක හැටියට 2001 අවුරුද්දෙ. ඔන්න අපේ බෑන්ඩ් එක ෆුල් ඩේ ප්‍රැක්ටිස්. ඔන්න එකෙක් ඔය අස්සේ ගිහින් තනියම ක්‍රීම් සෝඩා එකක් ගහල මාට්ටු. බොන අතරෙම තමා මාටු උනේ සාජන් ට. ඔන්න සාජනුයි හොරෙන් බීම බීව පොඩි එකයි එනවා, සාජන් ගේ අතෙ තියෙනව අරු ඉතුරු කරපු භාගේ. සාජන් දැම්මා ඒක තඩි කෝප්පෙකට. බීපිය බොලා සේරම කියල අපි 45 කට අර බීම ජුන්ඩ බොන්න දුන්න පෝලින් කරල. අන්තිමට උන්නු එකා වමනේ දැම්මා. දාල පොරට හොදටම ආමාරුත් උනා
ReplyDeleteජය..
හිකිස්......පට්ට සීන් එක........
ReplyDeleteකතා සෙට් එකම බැලුවා මචං සිග්නල් කෙලියක් නිසා උඹගේ කමෙන්ට් බොක්ස් එක මට ලෝඩ් කරගන්න පුලුවන් උනේ අදයි . මමනම් කවදාකවත් බාල දක්‍ෂ කරලා නෑ . අපේ පලාත් වල ඔවුව වැඩිය නැගලා ගියේ නෑ බං . අපේ කොල්ලෝ බැහැලම කරේ කැඩෙට් තමා .
ReplyDeleteඋඹගේ කතා ටික සේරම නියමයි මචං . දැං කොල්ලා හිටු කියලා ලියනවා . අන්න එහෙමයි ඉන්න ඕන .
@කුරුං ගුරුං:- ඔව් බං අපි හිතුවේ අම්මා මුත්තා සිහිවෙන්න කන්න වේවි කියලයි........
ReplyDelete..ChAnDiKa..:- හිරිකිතයි තමයි බං ඒ උනාට මොනවා කරන්නද.....
ReplyDeletePraසන්ன:- අලුත් යාලුවෙක් ඔන්න අපරාජිතයාගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගත්තා.... එල මචන් ජය වේවා...........!!
ReplyDelete@Gayan Rupasinghe:- හප්පට පට්ට සීන් එකනේ බොටත් වෙලා තියෙන්නේ.අන්තිමට බිලා වමනේ දැම්මේ හැබෑටම උබ නේද මචෝ......???
ReplyDelete@අසoක:- සිරා බං.........
ReplyDelete@හිස් අහස:- අඩෝ අවුලක් නැහැ බං.මගේ එකේ නිතරම ඇවිත් කමෙන්ට් කලේ උඹනේ බං.එක්සෑම් කාලේ බ්ලොග් එකේ මොනවත් නොදා තියෙද්දිත් හොයල බැලුවෙත් උඹනේ බං.
ReplyDeleteඑහෙව් එකේ ඒක අවුලක් නැහැ මචන්. උඹ කැඩෙට් කලාය කියලා මං දැක්ක අභීත අයියගේ පොස්ට් එකක දාල තියෙනවා.එලටම මචන් ජය වේවා.
මේ ටිකේ නිවාඩු නිසයි බං දිගටම ලිව්වේ.එත් සදුදා හොස්ටල් යනවා එන්නේ සිකුරාදා,හරි සෙනසුරාදා හරි.එතකොටනම් සතියකට එකක් වගේ තමයි දාන්න වෙන්නේ මචං.
ලැපක් ගනිං කොල්ලෝ . ඊටපස්සේ ඩොංගල් එකක් අරං එල කැඩෙන්න ලියපං ... උඹව කියවන්න දැං හෙන සෙට් එකක් ඉන්නවා
ReplyDelete@හිස් අහස:- බලමු බලමු මචන්......... එල එල ජය වේවා.........!!!
ReplyDeleteඋඹට හොඳටම ෂුවර් නේද ඒක අළුත්ම ලේන්සුවක් කියලා...
ReplyDelete@prasanna86k:- අලුත් පාටට නම් තිබ්බ එත් කව්ද බන් දන්නේ මොන ජහ ජරාවක් තිබ්බද කියලා ලේන්සුවේ.......... හික් හික්......
ReplyDeleteඅහ් මට තේ කතාව කියනකොට මටක් වෙන්නේ අපේ කැඩෙට් කැම්ප් එක දවසක් තේ එකේ සිනි වෙනුවට ලුණු දාල මුලු පැල්ටූන් එකෙම උන් ඩබල් කෑවා.අන්තිමට හැබැයි යහමින් සීනී තියෙන තේ එකක් නම් හම්බ වුණා.
ReplyDeleteවැඩිය ඔය ගැන කියන්න නරකයි එතකොට රස නැතුව යනවා දවසක් මම වෙනම සටහනක් මගේ අත්දැකීම් ගැන ලියන්නම්.
අහ් මට තේ කතාව කියනකොට මටක් වෙන්නේ අපේ කැඩෙට් කැම්ප් එක දවසක් තේ එකේ සිනි වෙනුවට ලුණු දාල මුලු පැල්ටූන් එකෙම උන් ඩබල් කෑවා.අන්තිමට හැබැයි යහමින් සීනී තියෙන තේ එකක් නම් හම්බ වුණා.
වැඩිය ඔය ගැන කියන්න නරකයි එතකොට රස නැතුව යනවා දවසක් මම වෙනම සටහනක් මගේ අත්දැකීම් ගැන ලියන්නම්.
අපරාජිත දිගටම ලියහන් මමත් බොඩිමේ ඉදන් ගෙදර ආවම තමයි ලියන්නේ , බොඩිමේ ඩොන්ගල් තිබ්බාට ඉතින් ගෙදර වගේ නැනේ.නිවි සැනහිල්ලේ කොමෙන්ටුවක්වත් දාන්න බැනේ.
අඩේ මම නෙවෙයි බං. මම උන්නේ 5ට වගේ, මම ට්‍රොම්බෝන් ප්ලේ කලේ ඒ නිසා මම උන්නෙ 5 ට.
ReplyDelete@sihinadanawwa:- හම්මට බොල දාපන් දාපන් කතාව අපිටත් කියවලා බලන්න...........
ReplyDeleteඅනිවා මචං දැන්නම් නොකෑවත් බ්ලොග නම් ලියනවා.එත් සතියකට සැරයක් තමයි ලියන්න වෙන්නේ බං.අවුලක් නැහැ බලමු.
Gayan Rupasinghe:- හප්පට බොල උබ ප්ලේ කලේ ට්‍රොම්බෝන් ද.පට්ට amaarui නේද පිඹින්න.එල එල කොහොමත් උබ උනත් වමනේ දැම්මේ උඹ මෙතන කියාවිය. හික් හික්....
ReplyDeleteඊයා......!
ReplyDelete