Friday, March 11, 2011

කොලු හරඹය


ගොඩ කාලෙකින් කතාවක් ලියන්න බැරි උනා කැම්පස් එකේ එක්සෑම් සීරිස් එකක්ම තිබ්බ නිසා.දැන්නම් ටිකක් ලියන්න පුළුවන්.මං නැති දවස් වල බ්ලොග් එකට ඇවිත් කොමෙන්ට් එකක් දාලා මාව හොයල බලපු අපේ "හිස් අහස" සහෝදරයට ස්තුති කරලම අද පොස්ට් එක ලියන්න පටන් ගන්නම්.

සදරුවෝ වැඩිකල් යන්න කලින් උඹේ "හිස් අහස" "නිල් අහස" වේවා කියල මන් එක හිතින්ම ප්‍රර්ථනා කරනවා.ඔන්න එහෙනම් අද කතාව."කොලු හරඹය" කියලා දැම්මට මේ කියන්න යන්නේ "ගේ" කතාවක් එහෙම නෙමෙයි හොදේ.

මම සාමාන්‍යයන් කැම්පස් යන්නේ කෝච්චියේ.එත් ඉදල හිටලා කොච්චි නැති වෙලාවක් සෙට් උනොත් වෙලාව නාස්ති කරන්න බැරි වෙලවකනම් ඉක්මනට ගෙදර එනවා බස් එකේ.

පහුගිය එක්සෑම් තිබ්බ දවස්වල මම හොස්ටල් නවතින්නේ නැතුව හැමදාම ගෙදර ආවා.ආවේ බස් එකේ. කෝච්චියේ නම් හැමදාම දකින්නේ එකම කට්ටියක් විතරයිනේ.එත් බස් එකේ එක එක දවසට එක එක අය.

මේ සිද්දිය උනේ 07 වෙනිදා.මම කොළඹ ස්ටෑන්ඩ් එකට ගිහින් හලාවත බස් එකක නැග්ගා.සාමාන්යෙන් ඒ බස් කොටන එව්වට වඩා ටිකක් විතර හයියෙන් යන හින්දයි ඒකකට නැග්ගේ.

බස් එකට නගින වෙලාවේ අව්ව වැටෙන්නේ නැති පැත්තේ ෂිට් වල විදුරු අයිනේ ඔක්කොම වගේ කට්ටිය හිටපු නිසා මම ගිහින් තවත් කොල්ලෙක් ඉදන් හිටපු තැනක ගිහින් ඉදගත්තා.

ඒ බස් එකේ මැද හරියේ විතර. මම ඉදගත්තු තැනට හරියටම අනික් පැත්තේ ෂීට් එකත් තව ෂිට් 2-3 කුත් එහෙම්මම හිස් වෙලා තිබ්බේ.

වැඩි වෙලා වැඩි වෙලාවක් යන්න කලින් මට අනික් පැත්තේ තිබ්බ ෂිට් එකේ වාඩි උනා කපල් එකක් මගේ වයසටම වගේ ඉන්න.කෙල්ලනම් ඉතින් ටිකක් විතර ලස්සනයි.මාත්  ඉතින් කුපාඩිකමට ටිකක් එහෙන් මෙහෙන් බැලුවා.

හැබැයි වාඩි උන වෙලාවේ ඉදන්ම කෙල්ල හිටියෙ වීදුරුවෙන් එලිය බලාගෙන කොල්ල කෙල්ල දිහා බලාගෙන මොනාද නන්-ස්ටොප් කියෝනවා.කොල්ලගේ අතේ "එංගලන්ත කවුන්සිලේ(British Council)" නම ගහපු පොතක් තිබ්බා.කෙල්ලගේ ගාව බෑග් එකක් තිබ්බේ.

ඉතින් අනු මානය හරි ඩබලම එක්කෝ කොහේ හරි කොටුවක් පැනලා නැත්නම් පන්ති ඇරිලා ගෙදර යන ගමන්.මොකද සමහර උන් තියෙන පඩත්තල කමට ටොයිලට් එකට ගියත් ඔය එංගලන්ත කවුන්සිලේ නම ගහපු ෆයිල් කවර උස්සගෙන යනවනේ අනිත් උන්ට ඇඩ් එක දාන්න.

ඔන්න ඉතින් බස් එක ඇද්දුවා.මාත් එක්ක ෂිට් එකේ ඉදන් හිටපු එකත් සැරෙන් සැරේ එබී එබී ඒ පැත්ත බැලුවා.උගේ ටී ෂර්ට් එක සුදුපාට එකක් කොලර් එකයි අතේ වටේ දාර වලයි දම්පාට තිරයක් ගිහින් තිබ්බා.හරියටම හරි පොර සයන්ස් එකේ බුවෙක් වෙන්න ඕන කියල මම අනුමාන කලා.

කොහොම හරි ටෙක්නිකල් හන්දියේ බස් එක නැවත්තුවම අනිත් පැත්තේ හිටපු කපල් එකේ කොල්ල බස් එකට වතුරයි කඩලයි විකුනන්න ආපු බුවෙකුගෙන් පැණි කජු පැකට් එකක් ගත්ත වතුර බෝතලයකුත් එක්ක.

කෙල්ල පැණි කජු එක ඒකිගේ බෑග් එකේ දාගන්නවා වගේ යන්තමට දැක්කා.වතුර බෝතලේනම් කඩලා බිව්වා.ටිකට් කඩන්න කොන්දා ලගට ආවම මම ****ට ටිකට් එකක් ගත්තා.මාත් එක්ක හිටපු බුවා වෙන්නප්පුවට ටිකට් එකක් ගත්තා.

අර කපල් එකේ කොල්ල තමයි ඉතින් කෙල්ලටත් එක්ක ටිකට් ගත්තේ ඌ කිව්වේ කදාන එකයි මාරවිල එකයි කියලා(මාරවිල තියෙන්නේ වෙන්නප්පුවට ටිකක් එහායින්).

පව් ඉතින් අහිංසක කොල්ල ලව් කරන කලේ ඉතින් කොල්ලෝ තණකොළ කන්නේ නැති ටික විතරනේ. මාත් ඉතින් කාලයක් රට තනකොළම කෑවනේ ලෝකල් එව්වා එපයි කියලා.ඌ ඉතින් කෙල්ලටත් එක්ක ටිකක් ගත්තා.

කොහොම හරි දිගටම කෙල්ල එලිය බලාගෙන කොල්ලා ඒකිගේ මුණ දිහා බලාගෙන කියෝනවා.කදාන ලංවෙද්දි කොල්ලා නැගිටලා ගියා.ඒවෙලේ බස් එකේ හිටන් හිටියේ ටික දෙනයි කොහොම හරි ඔය දෙන්න හිටපු ෂිට් එකට ටිකක් ඉස්සරහින් තව කෙල්ලෙක් හිටියා.

අරු නැගිටලා ගිය ගමන් මේකි තමයි පැනලා එතන ඉදගත්තේ.ටිකදුරක් යන කොට මාත් එක්ක එකට ඉගෙන හිටපු බුවා මට ඇගිල්ලෙන් අනිනවා.මන් ඒ වෙලේ හිටියේ අත් නිදහස (හෑන්ඩ් ෆ්‍රී) එක කනේ ගහන් ෆෝන් එකෙන් සින්දුවක් අහ අහ.

ඉතින් මම අරු අනින එක දිහා බලලා අත් නිදහසත් ගලෝල ඇයි කියලා ඇහුවා.එතකොට මු කියපි

"මචන් එහා පැත්තේ ෂිට් එකේ මගේ කෙල්ල ඉන්නවා.උබට පුලුවන්ද එයාගේ තැනට ගිහින් එයාට මෙතන දෙන්න" කියලා.

මාත් ඉතින් කාලයක් ලව් කලානේ එක හින්ද ඉතින් ආදරේ කරන එකෙක්ට කරන උදාවක් කියලා හිතන් "අයියෝ හරි මචන් කලින් කියන්න එපාය" කියලා නැගිට්ටා.

සිරාවට මන් හිතුවේ අර කොල්ලා නැගිටලා ගියාම එතන ඉදගත්ත කෙල්ල මුගේ කෑල්ල වෙන්න ඇති කියලා. මෙන්න යකෝ මම නැගිට්ටා විතරයි කොල්ලා මන් හිටපු තැනට ඇවිත් කෙල්ලට වාඩි වෙන්න වීදුරුව අයිනේ ඉඩ හදා ගත්තා.

එත් එක්කම අර වීදුරුව අයිනේ ඉදගෙන කදාන වෙනකන් අර කොල්ලත් එක්ක ආපු ආදරණිය කපල් එකේ කෙල්ල ෂිට් එකෙන් නැගිටලා මාවත් පෙරලගෙන ඇවිත් වාඩි උනේ නැතැයි අරුත් එක්ක එක ෂිට් එකේ.

මාව නිකන් අඤ්ඤ කොරොස් වෙලා ආයෙත් අඤ්ඤ කොරොස් උනා.මොකක්ද යකෝ මේ උන විලංබීතේ කියලා.කොහොම හරි වැඩි දුරක් යන්න කලින්ම කෙල්ලගේ පිටට කොල්ල උගේ  අත දාගත්ත.

අතේ මූලේ කොහෙට බැස්සද කියන්නනම් මම දැක්කේ නැහැ.බලන්න ගියෙත් නැහැ ඉල්ලගෙන පෝරියල් කන්න ඕනේ නැති හින්ද.එත් යකෝ මෙහෙමත් වැඩ වෙනවද කියලා මන් කල්පනා කලා.

ඒ විතරක්නම් මදැයි අර ගස් මී  හරකා අරන්දුන්න පැණි කජු පැකට් එක මෙන්න මේකි අරුත් එක්ක කඩාගෙන කනවා හොදට කයිය ගගහා.අනේ මන්ද මෙහෙම දේවලුත් වෙනවයි කියද්දී.

කෙල්ල හොද දත් දොස්තරලගේ පරම්පරාවකින් පැවත එන කෙල්ලෙක් කියලනම් තේරුණා අරූට කරපු වැඩෙන්.එක අතකින් නැගිටලා ෂිට් එක දුන්නු මටත් හෙන ගහවිද මන්දා.

වැස්ස වෙලවකනම් ආයේ වැරදිලාවත් එලියට බහින්නේ නැහැ.ඒ වගේ වෙලෙකට අයිඩින්ටි කාර්ඩ් එකවත් දන්නා ඕන එළියට.පව් අර කොල්ල.

ඌ හිතන්නේ උගේ කෙල්ල ඌට ලව් කියලනේ.ඌ දත ගලවන් කෙල්ලට ලව් කරනවා.කදානෙන් බැහැල ගියාට පස්සේ මේකි බස් එකේ නටන සමයම දන්නේ ඉතින් බස් එකේ ඇතුලේ ඉන්න උන් විතරයි.

අන්තිමට මං  බහින තැන ලං උන  හින්දා මං බහින්න ගියා.සමහර විට මේකි වෙන්නප්පුවෙන් අනික් කොල්ල බැස්සට පස්සේ මාරවිලට යනකන් තව එකෙක් එක්ක ලැගලා ගියාද කියලා ඉතින් දෙයියෝ තමයි දන්නේ.

අනේ ලංකාවට වාසනාවන් ඒ වගේ කෙල්ලෝ ඉන්නේ එක.කොහොම හරි මාත් හොයල ඒ වගේ එකක්ම ආයේ දාගන්න ඕනා එතකොට මටත් බැරිය පැණි කජු කන්න.

මේ වෙච්ච සිද්දිය ගැන ඔයාලට හිතෙන්නේ කොහොමද කියලා කැමතිනම් විතරක් පහලින් කොටලා යන්න.මං  කැමති හැමෝම මං  වගේම පැණි කජු කන්න කැමැත්තෙන් ඉන්න අයද ඉන්නේ කියලා දැනගන්න. 

11 comments:

  1. පැණි කජු කන්න වෙයිද අරන් දෙයිද වෙයිද දන්නේ නැ.
    ඔහොම තමයි කෙල්ලෝ වගේම කොල්ලොත් ඔහොමයි(සමහර ) සිරා ලව් කරන එකෙක් බෙහෙතෙකට හොයා ගන්න බැ.

    ReplyDelete
  2. @sihinadanawwa :- කිව්වත් වගේ කන එක කෙසේ වෙතත් අරන් දෙන්න වෙයිද දන්නේ නැහැ තමයි.එත් මට තියෙන ප්‍රශ්නේ බං කෙල්ල අරු එක්ක එකට ඉදන් ඉන්නවා දැක දැක අනික් හෝතඹුවා එබී එබී බල බල හිටපු එකනේ.සමහර විට ඌත් කරන්නේ බොරුවක් වෙන්න ඇති.

    ReplyDelete
  3. මෙහෙමත් කෙල්ලෝ . පවු බං අර අසරනයා . ඌ කෙල්ලට බොක්කෙන්ම ලවු කරනවද දන්නේ නෑ . එහෙමනම් ඌ ඉවරයි .තහනම් ගහේ ගෙඩි කෑව දවසේ ඉඳලා කෙල්ලෝ විශ්වාස කරන්න බෑ මචං .

    ඔයවගේ දෙයක් දැක්ක්ම උඹ හිටිය වගේ අහක බලාගෙන ඉන්න එක තමයි මමත් කරන්නේ අපි වෙන මොනවා කරන්නද ? ඕවට පෑහෙන්න ගියොත් අතින් සල්ලි දීලා කොහේදෝ තැනක පැනිකජු උලාගත්ත වගේ වෙයි .

    ReplyDelete
  4. @හිස් අහස :- අනේද කියන්නේ මචං..... එත් බං අනික් කොල්ලටත් කිසි ගානක් නැති හැටි බං. ඌට කමක් නැත්නම් කිව්වත් වගේ අපි මැද්දට පැනල දෙන්න ගිහින් මොකටද බං ටින් කිරි ගාගන්නේ..........

    ReplyDelete
  5. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. යකෝ මේවා හින්දි චිත්තරපටිත් පරාදයි නේ!!!

    ReplyDelete
  6. මට ආපු ප්‍රශ්ණේ, කොහොමද කපල් එක කෙල්ලගේ දෙවෙනි පොර ඉන්න බස් එකටම හරියටම නැග්ගේ කියලයි.

    එස්එම්එස් වලින් සින්ක්‍රොනයිස් කරන්න ඇති ටයිමින්.

    ReplyDelete
  7. @මුහුදු කොල්ලකාරයා:- කියල වැඩක් නැහැ මචං. ලංකාව දැන් ඇමරිකාවටත් අබියෝගයක් වෙලා නොවැ.අඩේ ඉතින් එතන ඒ වෙලේ හිටි මට කලන්තේ දාපු නැති ටික විතරයි බන් කෑගැස්සුනා ඒක දැකලා.

    ReplyDelete
  8. @Kathandara:- ඒක තමයි සහෝ මටත් ප්‍රශ්නයක් ඒක, අනික අර අනිත් බුවාට ගානක් නැති හැටි.. ගොඩක් වෙලේට SMS කොටන්න ඇති යන බස් එක හරියටම සෙට් කර ගන්න.කොල්ලත් කැම්පස්නේ මුත් කෙල්ලට ඇරෙන වෙලාව බලලා පනින්න ඇති.

    ReplyDelete
  9. අපරාජිතයා :::: Aparajithaya

    අර මුලින් නැග්ග කොල්ලෝ අනිවාර්‍යෙන්ම සල්ලි තියෙන ඩයල් එකක් වෙන්න ඇති,ඌව අන්දනවා ඇති අර කොල්ලයි කෙල්ලයි එකතු වෙලා.පව් බන්ග් සමහර විට අරූ සැහෙන්න ලව් කරනවා ඇති.නැත්නම් ඌත් ජොලියට කරන්වා ඇති.හැබැයි ඉතින් ඕවා කාට කාටත් පඩිසන් දෙනකොට ඇටි හැලෙන්න හම්බවෙයි.

    ReplyDelete
  10. @sihinadanawwa:- සිරාවටම....... හම්බෙන කොට ඩබල් බොනසුත් එක්කම හම්බු වේවි කෙළ වෙලා යන්නම........

    එත් ලංකාව මෙච්චරටම පිරිහිලාද කියලා හිතාගන්නත් අමාරුයි බං.කොල්ලට නම් ගොඩක් සල්ලි ඇති කියලා හිතුනා.සමහර විට ඌත් ප්ලේ බෝයි චරිතයක්ද කියලා කව්ද බං දන්නේ..

    ReplyDelete
  11. ඇත්තට ලංකාවේ ඉන්න ගොඩක් කෙල්ලෝ හිතාගෙන ඉන්නේ උන් අහිංසකයි රටක් වටියි කියලනෙ. උන් කරන වැඩ දන්නේ ඉතින් අපි තමයි. ඔය වගේ කරන එවුන් තමයි සුද්ධවන්තියෝ වගේ පෙන්නගෙන ඉන්නෙ...

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........