Saturday, March 12, 2011

බැංකු පාස් පොත

 
හැමදාම මම කියන්නේ එක්කෝ බූට් සීන් එකක්  නැත්නම් තවත් මරාලයක් ගැනනේ.අද වෙනමම එකක් කියන්න හිතුනා මේ අද දවසට වැටෙන දෙවැනි පොස්ට් එක.මෙන්න පලවෙනි එක.

දැන් කියන්න යන්නේ මට මේල් එකකින් ආපු ටිකක් සංවේදි කතාවක්.කඩ්ඩෙන් තමයි අවේ මට පුළු පුළුවන් විදිහට මම ඒක සිංහලට පරිවර්තනය කරලා දාන්නම්.

මගේ මේ පොස්ට් එක කියෝන කවුරුම හරි මේකම කලින් කියෝලා තියෙනවනම් මුලින්ම ඔන්න සමාව ඉල්ලනවා.මෙන්න මේකයි කතාව.මම ඒ මේල් එකේ තිබ්බ චරිත වල නම් වලින්ම පොස්ට් එක දාන්නම්.

"මොනිකා" සහ "නික්" කියන්නේ ආදරවන්තයින් දෙන්නෙක්.ගොඩක් කාලයක් ආදරය කරලා එකිනෙකාව හොදින් තේරුම් අරන් මේ දෙන්න විවාහ දිවියට පැමිණියා.

විවාහ දිනය දවසේ වෙඩින් එකේ පාර්ටි එක ඉවර උනාම මොනිකගේ අම්මා මොනිකාට කතා කරලා අලුතෙන් අරඹපු බැංකු ගිනුමක බැංකු පොත ඩොලර් 1000ක තැම්පතුවක් සමග මොනිකා අත තැබුවා.

මව :- "මොනිකා,මෙන්නේ මේ බැංකු පොත ඔයා ලග තියා ගන්න.ඔයාගේ විවාහ ජිවිතයේ මතක සටහනක් හැටියට.කවද හරි මොනම විදියකින් හරි ඔයාගේ අලුත් ජිවිතයට සතුට දැනුනු අමතක නොවෙන දිනයක් ආවොත් එදාට කීයක් හරි බැංකු ගිණුමේ ඉතිරි කරන්න.එහෙම ඉතිරි කරන්න හේතුව එතැනට පහල තිරයෙන් ලියලා තියා ගන්න මතකයක් හැටියට.

අද ගොඩක් සතුටු දවසක් මං පළවෙනියෙන්ම පටන් ගත්තා.අද ඉදන් ඔයා නික් එක්ක එකතු වෙලා මේකේ මුදල් ඉතිරි කරන් යන්න.ඔයා කවද හරි ජිවිතයේ ආපස්සට හැරිලා බැලුවොත් මේකෙන් ඔයාට තේරුම් ගතහැකි ඔයා කොච්චරක් සතුටු වෙලා තියනවද කියලා".

මොනිකා:- "හරි අම්මා මං නික් එක්ක ඒක කරන්නම්".

ඔවුන් දෙදෙනා සිය අලුත් නිවසට ගිහින් අලුත් ජීවිතය ඇරඹුවා.අම්මගෙන් ලැබුණු අදහස ගොඩක් වටිනවා කියලා දෙන්නටම හිතුනා.ඒ වගේම දෙවැනි ඉතිරි කිරීම කරන්න ලැබෙන දිනය වෙනුවෙන් දෙන්නම ඇගිලි ගනිමින් හිටියා.

කාලයක් මුළුල්ලේ ඔවුන් දෙදෙනාගේ ඉතිරි කිරීම් පහත පරිදි උනා.
පෙබරවාරි 07 : ඩොලර් 100 යි  - විවාහයෙන් පසු නික්ගේ ප්‍රථම උපන්දින සැමරුම.
මාර්තු 01        : ඩොලර් 300 යි  - මොනිකාගේ මාසික වැටුප වැඩි වුනා.
මාර්තු 26        : ඩොලර් 200 යි  - විනෝද ගමනක් ගියා.
අප්‍රේල් 15      : ඩොලර් 2000 යි -මොනිකා ගැබිනියක් බව දැන ගත්තා.
ජුනි 12           : ඩොලර් 1000 යි -නික්ට රස්සාවෙන් උසස්වීමක් ලැබුනා.
යනාදී ලෙසට.

කාලය ඔය විදිහට ගෙවී ගියා.අවුරුදු කීපයකට පසුව දෙදෙනා අතර අඩ දබර ඇති උනා.පොඩි දේවල් වලට පවා රණ්ඩු සරුවල් ඇති උනා.එකිනෙකාට එකිනෙකා පිලිකුල්ම චරිත බවට පත්උනා.

අවසානයේ  මොනිකා එයාගේ අම්මට කතා කලා.
මොනිකා :- "අම්මා,අපිට තව දුරටත් එකට ජිවත් වෙන්න බැහැ.අපි දෙන්නම අන්තිමට තීරණයකට එළඹුනා දික්කසාද වෙන්න.මට හිතාගන්න බැහැ මන් මේ වගේ එකෙක් එක්කයි විවාහ උනේ කියලා".

මව      :-  "අනිවාර්යෙන්ම මගේ කෙල්ලේ.ඔයයි එයයි අතරේ ලොකු බැදීමක් නැහැ.ඔයාට කැමති දෙයක් කරන්න.එත් වෙන් වෙන්න කලින් පරණ මතකයන් එකක් වත් ඉතිරි කර ගන්න එපා.

ඔයාලගේ විවාහ දිනයේ මම දුන්නු බැංකු පොත මතක ඇතිනේ,එකේ ඔයා දෙන්න ඉතිරි කරපු සල්ලි ටිකත් වියදම් කරලා ඉවර වෙලාම දික්කසාද වෙන්න.ඒ වගේ වැඩකට නැති විවාහයක මතක සටහනක් වත් තියා ගන්න එපා".

මොනිකා හිතුවා අම්මා කියන ඒක ඇත්ත.ඒ ටික බැංකුවෙන් අරන් වියදම් කරලා ඉන්නවා කියලා හිතන් බැංකුවට ගිහින් මුදල් ලබාගන්න කවුන්ටරයේ පෝලිමේ හිටියා.

පෝලිමේ ඉන්න අතරතුරේ පොතේ පිටුව පිටුව ගානේ පෙරලා පෙරලා බැලුවා.ඔවුන්ගේ විවාහ ජීවිතය පුරාවට සතුට ගලපු හැටි,දෙන්නා ආදරයෙන් හිටපු හැටි පිටුවක් පිටුවක් ගානේ මොනිකගේ මතකයට ආවේ කදුළු වලින් ඇස් දෙකම බොද කරවලා.

අන්තිමට මුදල් නොගෙනම ගෙදර ගිහින් බැංකු පොත නික්ට දුන්නා.
මොනිකා:- "නික්,අපි දෙන්නගේ දික්කසාදෙට  කලින් මේ බැංකු පොතේ ඉතිරි කරපු සල්ලි ටික වියදම් කරලා ඉන්න.මට එක සතයක්වත් එපා".

මොනිකා දුන්නා බැංකු පොත නික් අරගත්තා මුදල් ගන්න අදහසින්.ඊලග දවසේ නික් බැංකු පොත ආයේ මොනිකට ගෙනත් දුන්නා.මොනිකා ඒක පෙරලලා බලන කොට තිබ්බේ ඩොලර් 5000ක  අලුත් ඉතුරුම් කිරීමක්.එයට යටින් මෙහෙම ලියල තිබුන.

"අද තමයි මම ජිවත් උන අවුරුදු ගානටම මං ඔයාට කොච්චරක් ආදරේ කලාද කියලා මට දැනුනු ඒ වගේම ඔයා කොච්චරක් සතුට මගේ ජිවිතයට ගෙනාවද කියලා මට දැනුනු එකම එක දවස"කියලා.

දෙදෙනා අතරේ මද නිහැඩියාවක් පැවතුනා තත්පර කීපයකට එත් නිමේෂයකින් දෙනෙනාම එකිනෙකා වැළදගෙන අඩන්න ගත්තා.අර බැංකු පොත ආයෙමත් ආරක්ෂිතව තැබුවා.දෙන්නගෙම ජිවිත ඉවර වෙනකන් හැමදාම එකට හිටියා.

ඔයගොල්ලෝ හිතනවද අන්තිමට ඒ දෙන්න කොච්චරක් මුදල් ඉතුරු කරන්න ඇතිද කියලා.එත් මම විශ්වාස කරන දෙය තමයි මෙච්චර කාලයක් දෙන්න එකට සතුටින් හිටියනම් ඒ දෙන්නට ඒ ඉතිරි කල මුදලින් කිසි වැඩක් වෙන්න ඇතිය කියලා.

මම මේවගේ කතාවක් කිව්වම කට්ටිය තර්ක කරන්න බැරි නැහැ ඒ ඇමරිකාවෙනේ ලංකාවේ ඔහොම වෙන්නේ නැහැයි කියලා.

කාලයක් ලංකාවේ තිබ්බා ගෙදර බත් හැලිය තැම්බෙනකන් විතරයි දෙන්න දෙමහල්ලන්ගේ අඩ දබර කියලා.එත් අද ලංකාවේ දවසකට වෙන දික්කසාද ගැන කොච්චරක්ද කියලා හොයල බලන්න.එතකොට මේකේ ඇත්ත නැත්ත තේරේවි.

බ්ලොග් ලියන්නේ ගොඩක් වෙලාවට දැනටම බෙල්ලට තොන්ඩුව දාගත්තු අපේ අය්යල අක්කල විත්තිය මන් දන්නවා.ඔයාලට හිතෙන විදියට මේ පොස්ට් ඒක කොහොමද කියලා වචනයකින් හරි කියලා යන්න පුලුවන්නම් ගොඩක් පින්.

මොකද අපි වගේ තාම බෙල්ලට තොන්ඩුව දාගන්න බලා සිටින අයටත් වැදගත් වේවි.

පසුව ලියමි:- කියන්න අමතක උනා.මම ඉංග්‍රීසි වලට අතිශය දක්ෂ කොල්ලෙක් කියලා.ඒක හින්ද සමහර විට මට ආපු මේල් එකේ අදහස මම පරිවර්තනය කරපු අදහසින් 99.99%ක් ම වෙනස් වීමේ ඉඩකඩක් තියෙන්න පුළුවන් හොදේ... හික්ස්....!!!

18 comments:

  1. අප ඉංගිරිසියෙන් කියවා ඇති මේ කතා සිංහලෙන් පල කිරීමේත් සෑහෙන්න වැදගත්කමක් තියෙනවා.

    ඔබේ අදහසුත් එකතු කර තිබීම ඉතා අගේයි.

    යුග දිවියක් ගෙන යෑමට ඉතාම අවශ්‍ය කරුණක් තමයි අනෝන්‍ය විශ්වාසය. බැඳපු මිනිහෙක් වශයෙන් මං දන්නවා ඒකේ වැදගත්කම.

    ස්තුතියි.

    ReplyDelete
  2. @Kathandara :- බොහොම ස්තුති සහෝ ගොඩ වැදිලා ඔයාගේ අදහසත් කියල ගියාට.මම හීනෙන්වත් හිතුවේ නැහැ ඔබ තුමා වැරදිලාවත් මේ පැත්තට ගොඩ වදීවි කියලා.. ජය වේවා.....!!!

    ReplyDelete
  3. බොහොම වැදගත් ලිපියක් සහෝ.සැහෙන්න ප්‍රයෝජනවත් වෙයි අනාගතයට

    ReplyDelete
  4. @sihinadanawwa:- අනිවා සහෝ මටත් මේල් එක මුලින් කියවද්දී කොර උනා.අනාගතයට මාත් හිතන් ඉන්නේ ඔහොම වැඩක් කලොත් හොදයි කියලා...

    ReplyDelete
  5. බං ලංකාවෙ බැංකු පොත් වල කොමෙන්ට් දමන්න තැනක් නෑ නෙ...

    ReplyDelete
  6. @indi:- එකනම් ඇත්ත තමයි බං.එත් බැංකු පොතේ "හර" "බැර" තීර දෙකම එක සැරේකදී ෆිල් වෙන්නේ නැහැනේ.ඒ නිසා ඒ හිඩැසේ පොඩියට ලියන්න පුළුවන් උනොත් කේස් එකක් ඒවිද දන්නේ නැහැ නේද බං.....

    මාත් ඔය වැඩේ කලොත් කරන්න හිතන් ඉන්නේ අන්න ඒ පොඩි කොටසේ තමයි......!!!

    ReplyDelete
  7. "බ්ලොග් ලියන්නේ ගොඩක් වෙලාවට දැනටම බෙල්ලට තොන්ඩුව දාගත්තු අපේ අය්යල අක්කල විත්තිය මන් දන්නවා"

    සහතික ඇත්ත මචෝ.

    ReplyDelete
  8. අනේද කියන්නේ මචං.. එකනේ බං.ඔයිට වැඩිය එව්වා කියන්න ගියොත් මට හොදවයින්ම අහගන්න පුළුවන් ඒක නිසා නිකන් ඉන්න එක හොදයි....හික්ස්......!!!

    ReplyDelete
  9. මොනිකා හොද වෙලාවත ATM එකකථ නොගියේ නේද...??

    ReplyDelete
  10. මචං අව්ලක් නෑ... අදහස ගැන නම් කියන්න දෙයක් නෑ, නියමයි මචං.

    ReplyDelete
  11. මමත් මගේ බ්ලොග් එකේ ඔය කතාව දැම්මා යාලුවා.
    http://maldevata.blogspot.com/2010/04/blog-post_17.html

    ReplyDelete
  12. නම නොකී යාළුවා :- මචං බැංකු ගිණුම ක්ලෝස් කරන්නම හිතන් වෙන්න ඇති බං යන්න ඇත්තේ.අනික කව්ද දාන්නේ ATM එකෙන් ගන්න පුළුවන් ප්‍රමානෙට වඩා වැඩි මුදලක් එකතු වෙලා තිබ්බද කියලා. එල උඹට ජය මචං.....!!!

    ReplyDelete
  13. @prasanna86k:- සිරාවටම බං කොර වෙන කතාවක්.බැන්දට පස්සේ පුලුවන්නම් කරන්න ඕනා.....

    ReplyDelete
  14. @Golden Dragon:- අඩේ සොරි මචං.මම කලින් මේක දැක්කනම් කවදාවත් මගේ බ්ලොග් එකේ දාන්නේ නැහැ.මම උබෙන් කතාව කොපය් කලේ නැහැ බං.ඕක ගොඩක් පරණ මට ආපු මේල් එකක්.අදටත් මම සේව් කරලා තියන් ඉන්නේ.මම එකයි ට්‍රාන්ස්ලටේ කලේ.උඹට ඕනනම් මම පොස්ට් එක අයින් කරන්නම් මගේ එකෙන් ජය වේවා.....!

    ReplyDelete
  15. මම දැන්න්නේ දැක්කේ . මටනම් කවදාකවත් ඉතිරි කරලා පුරුද්දක් නෑ මම මගේ බැංකු පොත දැකලවත් නෑ . ඒක අම්ම හංගලා තමයි තියෙන්නේ . මට සල්ලි හදිස්සියක් වෙච්ච වෙලාවට මම ගේ පුරාම හොයනවා ඒත් මට බැංකු පොත හොයාගන්න බැරි වෙනවා .මම නම් සතුටක් දැනුනම බැංකුවට නෙවෙයි වෙන තැනකටයි යන්නේ

    අපරාජිත කොල්ල දැන පට්ටෙට ලියනවා ...

    ReplyDelete
  16. @හිස් අහස:- අහ් ඒ උනාට බං ඉතිරි කරහන් උබේ හීනෙ සැබෑ කරගන්න අනික බං කරදර එන්නේ අපිට කියා කියා නෙමෙයිනේ බං.

    මං කිව්වේ මේ කෙල්ලෙක් සෙට් වෙන එක ගැන.එදා ඉදන් දිගටම දත් ඇන්දවල්නේ ගැල වෙන්නේ.ඒ වගේ වෙලාවකට වියදම් කරන්න තියෙන්නත් එපාය.....

    මේ උඹට සතුට දැනුනු වෙලාවට උඹ යන්නේ ඇදට නේද ටෙන්ට් එක උස්සලා ජොලී අක්කව මතක් කරන්න කියහන් ඇත්ත...???

    ReplyDelete
  17. අපරාජිත අය්යේ මම ඔයා බ්ලොග් එකක කොමෙන්ට් කරපු ලින්ක් එකකින් තමයි මෙතනට ආවේ. බ්ලොග් එකේ පෝස්ට් 2-3ක් කියෙව්වා. ඒවගේ තියෙන සාරවත් කම කියන්න වචන නැහැ. දාර්ශනික කම සහ ආතල් එක මුසු වෙච්ච අමුතුම වින්දනයක් ලැබුවා ඔයාගේ ලිපි කියවල. අයියව මුරුංගා අත්තේ තියනවා කියල හිතන්න එපා. එත් අර දොරමඩලාවේ ඉන්න පකීර් ලගේ පොර ටෝක්ස් අහනවට වඩා දාහකින් වටිනවා මේ බ්ලොග් එක කියවන එක. දැනටත් අයියගේ බ්ලොග් එකේ ෂෝර්ට් කට් එකක් මගේ ඩෙස්ක්ටොප් එකට වැටිලා ඉවරයි. අපරාජිතයා සදා දිනේවා!!!

    ReplyDelete
  18. @Rajith Wijayawardana:- අඩෝ මචං සිරාවටම සතු‍ටුයි... උඹලගේ වටිනා කියන කාලේ නාස්ති නොකර මගේ බ්ලොග් එකෙන් උඹලට ෆන් එකක්,අදර්ශයක් දෙන්න පුලුවන්නම් මගේ අහින්සක උත්සහය සාර්තකයි බං....

    ඒකෙන් මට ලැබෙන මානසික සතුට කියල නිමකරන්න බැහැ බං මලේ......... උඹටත් සදා ජය..........!!!

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........