Sunday, March 13, 2011

රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න 2


මේ කියන්න යන්නේ ඊයේ දාපු කතාවේ ඉතිරි කොටස.ගාල්ලේ ගිහින් ආවට පස්සේ වෙච්ච දෙයක් අපේ සෙට් එකේ කොල්ලෙක්ට. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙන්න පලවෙනි කොටස.කියවල එන්න නැත්නම් මේක මෙලෝ රහක් නැති වේවි.

කොහොම හරි පහුවෙනිදත් කට්ටිය සුද්ද බුද්ද කරලා ගම රට බලා එන්න පිටත් උනා.කලින් දවසේ රෑ වෙච්ච සීන් එක හින්දා කොල්ලෝ හිටියේ දොඩමයි රෝසයි එක්ක මළේ මළ පැනලා.

කොහොම හරි දෙන්නම් පෝරියල් එක කියලා එමින් ගමන් දිගටම කිව්වේ මම කලින් පොස්ට් එකේ කියපු බයිලා 2 කම තමයි.ඒකට සර්ලා දෙන්නට තවත් මළේ මළම පැනලා තමයි හිටියේ.

අපිටත් ගානක් නැහැ ඔහේ කියවනවා.ඔය කතාව ඔතනින් ඉවර උනා අපි ඉස්කෝලෙට ආව හින්දා රෑ වෙද්දී. කොහොම හරි ඔය ගමන ගියේ සෙනසුරාද,ඉරිදා දවස් දෙකේ.පහුවෙනිදට සදුදත් නිසා ඉස්කෝලේ ආයේ අදින්න ඕනි කියලා හිතින් බැන බැන තමයි මහන්සි පිට ගෙදරත් ගියේ.

ඔන්න පහුවෙනිදා ඒ සෝචනීය දවස උදා උනා.අපිත් එක්ක ඔය ගමන යන්න සෙට් උනා අපේ පන්තියේම තව එළකිරි බුවාලා දෙන්නෙක් එකෙක් "තනුජ" අනිකා "ලසිත්".

අපේ පන්තියට ෆ්‍රී පීරියඩ් එකක් වෙලේ මුන් දෙන්න මුරුක්කුවක් හප හපා එළියේ රස්තියාදුවක් ගහද්දි රෝසා සර්ව මුං ඩබල දැකලා.

කොහොම හරි කලින් දවසේ බයිලා කියපු කික් ඒකට අපේ රෝසා සර් කාරයව පොඩ්ඩක් අවුස්සන්න කියලා හිතලා මුං සර්ව ෆලෝ කරලා ගිහින් සර් එහෙ මෙහෙ යන තැනකින් බලලා කොරිඩෝවක් දිගේ යන කොට එතන තිබ්බ A/L පන්තියක් අස්සට රිංගලා දැල් ගහල තිබ්බ ජනෙලෙකින් සර් කාරයට ඇහෙන්න;

"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න - රෝස බල්ලා ගෙනෙන් පොල්ල හපන්න"  කියලා කෑගහලා දුවලා.

වැඩේ කියන්නේ පන්තියේ දොර තිබ්බේ ජනේලේ තියන පැත්තට විරුද්ද දිහාවට.මුන් කෑගහපු එක ඇහුනු ගමන් සර්ට කලින් දවසේ තිබ්බ මළත් බැක් අප් වෙලා.

වෙලාවට වගේ සර් මුං දෙන්නගෙ මුණු දැකලා නැහැ.සර් දැන් පස්සෙන් එලවනවලු  ඈතින්.මුං ඩොටේ තියලා දුවනවලු.කොහොම හරි මුං දෙන්නා දුවලා ඇවිත් රිංගුවා 11 වසර A පන්තියට.

මතක ඇතිනේ මම අර මගේ බැජ් එක ගලොපු කතාවේදී කිව්වා අපේ පන්ති සෙට් එක තිබ්බේ එකටය.ඒ 11 වසර පන්ති සෙට් එකේ ස්ටේජ් එක වගේ උස; පැත්තේ පඩි පෙලකින් නැගල ඇතුල් වෙන්න තිබ්බ කොටසේ තිබ්බේ 11- A පන්තියය කියලා.

අපේ පන්තිය11- B නේ.කොහොම හරි ඒ වෙලාවේ අපේ පන්තියට වගේම A එකටත් ෆ්‍රී තිබ්බා.අපිත් ඉතින් හිටියේ A එක අස්සට රිංගලා සින්දු කියා කියා තමයි.

මුං දෙන්නා හති දදා ඇවිත් එකපාර පන්තියට රිංගලා පස්සේ පෝලිම් වලට සෙට් වෙලා මුකුත් උනේ  නැහැ වගේ පාඩුවේ හිටියා.

හැබැයි මුං 11 - A පන්තියට ඇතුල්  වෙනවත් එක්කම ඇතුලට ආවෙත්;
"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න" කියලා හයියෙන් බෙරිහන් දීගෙන.

අපි හිතුවේ මුං නිකන් කලින් දවසේ ආතල් එක මතක් වෙලයි කියන්න ඇත්තේ කියලා ඒක ගැන එච්චර  හිතන්න ගියේ නැහැ.

මුං ඒ වෙලේ පන්තිය ඇතුලට ඇතුල් වෙද්දී ඇතුලට එන්න නගින පොඩි පඩි පෙළ ගාවම එතනට වෙලා හිටගෙන ගෑනු ළමයි හිටි ඩෙස් පැත්තට මුනත් දාගෙන අපේ සෙට් එකේ තව කොල්ලෙක් කෙල්ලන්ට පැණි හල හලා හිටියා.

මුට කියමුකෝ අපි "රුස්දී" කියලා.මුත් ඔය අපි ගිය චාරිකාවම යන්න ආවා.ඉතින් අරුන් කියාගෙන ආපු ඒක මුට ඇහිලා කලින් දවසේ චුන් ඔලුවට ඇවිත් මු එතන තිබ්බ කෙල්ලෙක්ගෙ ඩෙස් එකකට හයියෙන් දඩන් බඩන් ගගා ගහා ගහා;
"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න" කියා කියා කෑගහන්න ගත්තා.

ඔය අතර තුරේ මළ පැනලා අරුන් පස්සේ ආපු සර් ඈතින්ම මුං 11 A ඒක ඇතුලට රිංගනවා දකින්න ඇති.ඒක නිසාද කොහෙද මෙන්න බොලේ පඩි පෙළ ගාවින් ඒක පාරටම සර් මතු උනා කියහන්කෝ.

හරියටම හරි බඩුම තමයි.ඒ වෙලාවෙත් අරු ඕක කියා කියා කෑ ගගහා තමයි හිටියේ.මෙන්න බොලේ පැනලා තිබ්බ මළ චාජ් වෙලා හිටපු සර් කාරයා මෙහෙම කියාපි.

රෝසා:- "වල් පරයා, තෝ හැදුවේ දුවලා බේරෙන්නද යකෝ...??? කෝ තොගේ අනිත් එකා.රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න.ඔව් මං ඉන්නේ තොපි වගේ බල්ලෝ මරන්න තමයි"

කියලා මුව ඇදල අරන් නෙලන්න ගත්තා නෙලිල්ලක් මගේ අම්මෝ මං ජීවිතේටම එහෙම ගැහිල්ලක් නම් දැකලා නැහැ.

කොහොම හරි 50 ක් විතර ඒක දිගටම ගැහුවා සර් කාරයට ගැහිල්ල එපා වෙනකල්ම. ගහල ඉවර උනාම අරූ නිකන් තෝන්තු මාන්තු වෙලා උඩ බිම බලනවා මොකක්ද යකෝ මේ ආපු සුනාමිය කියලා.

කොහොමින් කොහොම හරි ගහලා ගහලා බැරි තැන සර් කාරයා මුට පයිනුත් ගැහුවයි  කියලනම් මතකයි ට්‍රිප් ඒක පුරාවටම පැනලා තිබ්බ තරහා නැති වෙනකන්.අපිටත් නිකන් ඇඩෙන්න වගේ.

කොහොම හරි සර් කාරයා ගියහම තමයි අරුන් දෙන්නා වෙච්ච සීන් ඒක අපිට කිව්වේ සද්ද නැතුව ඉදලා.

කොහොමින් කොහොම හරි අන්තිමට කට්ටියම එකතු වෙලා අරුව පුටුවක එහෙම ඉන්දෝලා බොන්න වතුර එහෙම දීලා,කෙල්ලෙක්ගෙන් ඉල්ලා ගත්තු සිද්ධාලේප බාම් එකත් පතුල හිදෙනකන්ම අරන් මුට ගාලා තමයි මූව පියවි සිහියට ගත්තේ.

කම්මුල නිකන් ජම්බක් වේගේ ඉදිමිලා තිබ්බ දවස් දෙකක් විතර යනකන්.කට තියාගෙන ඉන්න බැරුවට තමයි අහක යන ටින් කිරි ගොඩක්  අරන් ඇගේ ගා ගත්තේ.

කොහොමත් කොල්ලෝ පාවල දෙන්නේ නැති නිසා මුත් අරුන් දෙන්නව මාට්ටු කරලා දෙන්න ගියේ නම් නැහැ. අපි හිතුව මු එදාවත් කට තියන් පාඩුවේ ඉන්න පාඩමක් ඉගෙන ගත්තයි කියලා.

එත් මු ඊට පස්සෙත් කට නිසා කීප දොහක්ම ඉල්ලන්ම කෑවා.එව්වත් ලැබෙන විදිහට කොටන්නම්.

ඔයාලටත් මේ වගේ සිද්දි වෙලා තියෙනවද...??? දාමුද බලන්න කොමෙන්ටුවක් යටින්..............

10 comments:

  1. කතාව නම් මරු... ඔය වගේ සින්දු කැලි කියනවා නම් තමයි...
    එ උනාට ඔය ගහපු ගැහිල්ලට අර ලමයාට පොලිසිත් යන්න පුලුවන්..අපේ එහෙම වෙලා පොලිසි ගිහින් හොද විකාරයක් උනා...

    ReplyDelete
  2. @නිම්ශා:- ඔව් ගැහුවා කියන්නේ මං මගේ ජීවිතේටම එහෙම ගැහිල්ලක් දැකලා නැහැ..

    ඒ උනාට අපේ උන් කොච්චර ගුටි කවත් සද්ද වහල ඉන්නවනේ. මුත් ඉතින් දෙන දේ කාල වෙන දේ බලන් සතා වගේ හිටියා...

    හප්පට සිරි පොලිසිත් ගියාද....??? දාමුකෝ බලන්න ඒ කතාව බ්ලොග් එකේ සහෝදරි...

    ReplyDelete
  3. ඔහොම සීන් නම් අපෙත් වෙලා තියෙනව.තව ටික දවසකින් දාන්නම්කෝ මමත්...

    ReplyDelete
  4. @කුරුං ගුරුං:- ආ තව අලුත් යාලුවෙක් මගේ බ්ලොග් එකට ඇවිත්.එහෙනම් ඔන්න කුරුං ගුරුං අපරාජිතයාගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගත්තා.

    ඔය තියෙන්නේ තියෙන්නේ යාලුවා දාමුකෝ ඉක්මනටම කතා ටික.. ජය වේවා....!!!

    ReplyDelete
  5. ආයුබෝං ආයුබෝං.දවස් 5-6 ක ඉඳලා කතා ටික කියෙව්වා.කොමෙනෙ කලේ අද තමා ඕං.දාන්න පුලුවන්.පරහකට තියෙන්නේ තවත් ඉස්කෝලේ යන්න කල් තියෙනවනෙ....බලමුකෝ...

    ReplyDelete
  6. @කුරුං ගුරුං:- අහ් එහෙමද එහෙනම් අවුලක් නැහැ.මොකෝ ඉස්කෝලෙත් වසන්න එපාය නේ.නැත්නම් ගහල පැන්නුවොත් එහෙම.හොක් හොක්.......

    ReplyDelete
  7. අනේ පවු බං උඹලගේ අසරණ යාළුවා . කෙල්ලට පොඩි ආතල් එකක් දෙන්න හිතාගෙන පොර වගේ කියන්න ඇති රෝසා පොල්ල ගෙනෙං බල්ල මරන්න කියලා . අන්තිමට කෙල්ල ඉස්සරහම මෑන් හාල් උණා !

    උඹගේ මේ රෝසා කතා මාලාව මාර ආසාවෙන් කියවන්නේ සිග්නල් මදි නිසා උඹගේ කමෙන්ට් බොක්ස් එක මට ලෝඩ් කරගන්න ටිකක් අමාරුයි . අන්න ඒකයි මට වෙලාවට අදහස් දෙන්න බැරි

    ReplyDelete
  8. @හිස් අහස:- ඌට කෙල්ලෙක් කියලා එකෙක් හිටියේ නැහැ බං හිටපු හැමෝටම ඌ පෙර පෙරා තමයි හිටියේ.ඒ ඒවගේ වෙලාවකට උගේ ළගින් ගියොත් පැණි බෝතලයකට වඩා අනිවා එකතු කර ගන්න පුළුවන්....

    මූ ඔයිට හොද වැඩ කරලා නාලා තියෙනවා අම්බානට මතක් වෙන විදියට දාන්නම් මචං.

    අවුලක් නැහැ මචං පුළු පුළුවන් වෙලේට කමෙන්ටුවක් කොටහන් මොකෝ දැන් උබේ නිල අහසේ වැඩේ.හෙට නේද අහන්නේ.එලටම වැඩේ සාර්ථක වෙන්න කියලා ජය පතනවා මචං.........
    ජය වේවා......!!!!

    ReplyDelete
  9. සර්ලා ඔහොම ගහන එකනම් නරකයි.මොනවා වුණත් කොල්ලෝ ටිකත් උපාසක් ඩයල් නෙවෙන කට්ටියනේ.මමත් කොල්ලෝ පවා නොදි ඇති වෙනකම් ගුටි කාලනම් තියෙනවා.ඒත් ඒ කොල්ලෝ හින්දාම මගේ අනාගතය විනාශ වෙන්න ගියා.හැබැයි ඔය වගේ වරදකට නෙමේ.

    ReplyDelete
  10. @sihinadanawwa:- ඔහොම තමයි බං හොද එවුන් අස්සේ ගුණ මකු එවුනුත් ඉන්නවනේ.......... ඔහොමතමයි බං පාසල් කාලේ.........

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........