Saturday, March 12, 2011

රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න 1


ජපානෙට සුනාමියක් ඇවිත් ඒ මිනිස්සුන්ගේ හිත් වලට නිවනක් නැතුව ඇති.කොහොම උනත් මං පොස්ට් එක පටන් ගන්න කලින් ඒ මිනිස්සුන්ට ඉක්මනින් සැනසීමක් ලැබේවා කියල ප්‍රර්ථනා කරලා ඉන්නම්.

නිවාඩුව හින්දා තව කතාවක් දාන්න හිතුනා.කලින් එක කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න.මේ කියන්න යන්නේ සුනාමි වලට ටිකක් විතර අදාල කතාව එක්ක ඊට  පස්සේ වෙච්ච සිද්දියක් සමහර විට ඒ කතා දෙකම දාන්න දිග වැඩි වේවි.

ඒක හින්දා කතා දෙකකට දාන්නම්.මේක උනේ 2004.අපේ රටට සුනාමි ඇවිත් ලොකු විනාසයක් කලාට පස්සේ ඔය පාසල් වලින් ස්ව කැමැත්තෙන්ම ඔය ගාල්ල මාතර පැත්තට ගියානේ ඔය කැඩුණු බිදුණු තැන් සුද්ද කරන්න.

 විශේෂයෙන්ම ඉස්කෝලවලට ගියානේ.අපේ ඉස්කොලෙනුත් ඔන්න ගියා ගාල්ලේ පැත්තේ මොකක්දෝ මන්දා ඉස්කෝලෙකට දැන්නම් හරියට ඉස්කෝලේ නම මතක නැහැ.

කොහොම හරි අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෝ සෙට් එකයි තවත් 11 වසරේ -12 වසර කොල්ලෝ සෙට් එකකුයි තමයි ගියේ.ඒ 2005 මාර්තු මාසේ මැද දවසක.

අර මගේ බැජ් එක ගලෝල ආයේ දීලත් වැඩි දවසක් නැහැ.එතකොට අපිත් 11 වසර දිග කලිසම් කාරයෝ නිසා පොරලා වගේ ගමන යන්න සෙට් උනා.අපිත් එක්ක යන්න සෙට් උනේ ශිෂ්‍ය නායක සංගමේ භාර ඩබල තමයි.

අර මගේ බැජ් එක ගලොපු "විජේසුරිය" සර් එක්ක එයාගේ උප ප්‍රධානි සර් කාරයා. එයාගේ නම "රෝසා" කාලයක් හමුදාවේ ඉදපු කෙනෙක්.සර්ම තමයි ඉස්කෝලේ කැඩෙට් එකත් භාරව හිටියේ ඒ නිසා මිනිහා ටිකක් සැර පරුෂ විජේසුරියට අන්ත ඩයල් එකක් තමයි.

කොහොම හරි ඔය සර්ලට අපේ කොල්ලෝ නම් දෙකක් හදල තිබ්බේ.විජේසුරියට කිව්වේ "දොඩමා" කියලයි. රෝසාට කිව්වේ "රෝසාම" තමයි.ඔන්න ඉතින් අපේ එවුන් ටික ගමන ට්‍රිප් එකක් කොරන් අර සුරා මේරයත් එහෙම බෑග් වල දාගෙන හොරෙන් අරන් යන්න සෙට් උනා.

බස් එකේ තමයි ගියේ.පැය 3 ක විතර ගමනක්නේ. ඉතින් අපේ කට්ටිය බස් එකේ පස්සට සෙට් වෙලා සින්දු කියා කියා තමයි ගියේ.සර්ලා ඩබල බස් එකේ ඉස්සරහ ෂිට් එකේ වගේ තමයි ගියේ.

ඔහොම යන අතරතුරේ අපේ එවුන්ට කවි සිතිවිලි පහල වෙලා සර්ලා ඩබලව බයිට් කරන්නත් හොදම වෙලාව කියලා හිතලා බයිලා කියන්න ගත්තා.විශේෂයෙන්ම අපේ උන් ප්‍රදාන වශයෙන් කිව්වේ බයිලා 2 කයි .එකක් තමයි

"මේ ගසේ බොහෝ - පැණි දොඩම් තිබේ
පැහිල ඉදිලා            - බිමට නැමිලා බර වෙලා අතු
දොඩමටයි මටයි       - ගල් දෙකක් ඇතේ
වැඩිය කපන නරක ළමයි - හෙම නොවේ අපී".

ඔන්න ඕක ඔහොම කිව්වේ අපේ දොඩමට හින්ට් එකට පොරව අවුස්සන්න හිතන්. හරියටම හරි සින්දුව කිව්වා විතරයි මු පස්ස හැරිලා බලල දත් මිටි කකා  නියව නියව හිටියා.

මොකුත් කරන්නත් බැහැනේ.කියන එකාව හරියට හොයා ගන්නත් බැහැනේ කොල්ලෝ පස්සේ හරියට ගිහින් ඔක්කොම වැහෙන්න හිටගෙන.කොහොම හරි ඕකට බුවාට මල පැනලා මුණ රතු වෙලා තමයි හිටියේ.

 ඊට පස්සේ පටන් ගත්තා අනිත් එක්කෙනාට මඩ ගහන්න.මෙන්න මෙහෙමයි පටන් ගත්තේ

"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න
රෝස බල්ලා ගෙනෙන් පොල්ල හපන්න"

ඔන්න ඕක කිව්වා විතරයි මෙච්චර වෙලා සාමකාමිව හිටපු රෝසටත් මල පැන්න.මිනිහත් කරන්න දෙයක් නැති නිසා තොපිට පස්සේ දෙන්නම් කියා කියා නියව නියව තමයි හිටියේ.

කොහොම හරි යන මුළු ට්‍රිප් එක පුරාවට ඔය දෙක නිතරම කිව්වා අරුන් ඩබලව අවුස්සන්න කියලා හිතන්.එක එක තාලෙට එක එක විදිහට.කොහොම හරි යන්තම් අපේ සෙට් එක අර කියපු ඉස්කෝලෙට ආවා.

පස්සේ ඉතින් කට්ටියම ඇදුම් එහෙම මාරු කරගෙන වැඩට බැස්සා.ගඩොල් අතින් අතට යනවයි,විල්බැරක්කි වලින් පස් අදිනවයි එක කෙලියයි කට්ටියම සහ ලෝලේට වැඩ කරලා එදා හවස වැඩ නවත්තලා ඇග පත එහෙම හෝදලා රෑටත් එහෙම කාල කොරලා ඉස්කෝලෙම පන්ති කාමර 2-3 ක සකසලා දීලා තිබ්බ තැන් වල නිදා ගන්න ගියා.

අපිත් ඉතින් ඇගේ මහන්සියට නිදාගන්න ගියා කවදා කාපු ටකරමක්ද මේ කැවේ කියලා හිතන්.අපේ සමහරු ඉතින් නිදා ගන්න ගිහින් ලයිට් එහෙම නිවලා ටික කින් නැගිටලා එකා දෙන්නා පන්තියේ කොනකට එකතු වෙනවා අදුරු ඡායාවන් ගෙන් පෙනුනා.

ඊට හපන් මෙන්න යකෝ අනික් පන්ති වලට නිදා ගන්න ගිය උනුත් එකා දෙන්නා  බිම බඩ ගාගෙන එකා දෙන්න එනවා අපී හිටපු පන්තියට.පස්සෙයි මීටර් උනේ කට්ටිය සුරා මේරය මද පමණින් ගන්න තමයි ගියේ කියලා ආපු සුවදින් එහෙම.

කොහොම හරි ඔය අතරේ කස්ටිය වැඩ අල්ලලා ඉවර වෙලා අපේ පන්තියයෙන් උන් නිදාගෙන හිටපු තැනට යන්න ගිහිල්ලා වෙරි මර ගාතේ වැනි වැනි.

ඔහොම යන්න හදන කොට එකෙක් දොර ලග නිදාගෙන හිටපු බුවාගේ බෙල්ලටම හරියට කකුල තියලා. නිදාගෙන  හිටපු එකා "බුදු අම්මෝ" ගාගෙන මර ලතෝනි දීලා කෑ ගැහුවේ නැතැයි පන්ති 2-3 නෙම කට්ටියවත් ඇහැරවාගෙන.

මලා පන්ති ටිකේ ලයිට් වැටුනා.උදේ බයිලා කියලා කර ගන්න දෙයක් නැතුව නියව නියව හිටි අපේ දොඩමටත් මෙන්න බොලේ ඇහැරිලා.මු එනවා කෑගහගෙන

දොඩමා :- "කව්ද යක්කුනේ මේ මහ රෑ බෙරිහන් දෙන්නේ.ගෙරි බල්ලෝ තොපිත් එක්ක නිදා ගන්නවත් නැහැ සැනසීමෙන් ".

ඔන්න ඔය යකාට අර බෙල්ල පාගපු එකාව මාට්ටු.බෙල්ල පෑගිච්ච එකා කැහැ කැහැ සර් කාරයට කියනවා
"සර් මුන් මිනි මරන්න හදනවනේ මගේ බෙල්ලට කකුල තිබ්බ" කියලා.

සර් එතකොට අරුගෙන් ඇහුව මේ මහ රෑ මොනාද තෝ නැගිටගෙන කරන්නේ කියලා. අරු කියනවා
"සර් මට මේ හුජ්ජ බරක් හැදිලා හුජ්ජ කරන්නයි එලියට බැස්සේ" කියලා.

සර්ට තේරුණා කතා කරද්දී මු වචන පටලවන විත්තිය.මොකද වචන පැටලෙන්නේ තොපි බීලා නේද කියලා බලන කොට පන්තියේ සමහර උන් තාමත් නිදි හොදටම පොරවාගෙන.

උන් තමයි බොන්න ගිය සෙට් එක.මොකුත් නොවුණු ගානට උන් තැන් තැන් වල තාමත් නිදියන් බොරුවට. කොහොම හරි සර්ට වැඩේ මාට්ටු.ඔක්කොම එක දිගට පෝලිම් ගස්සලා කට ඉඹ ඉඹ ගියේ නැතැයි.

එතනින් එහාට වෙච්ච දේ නම් සෝචනීයයි.චටස් පටස් ඩෝන් පටෝන්  තමයි ඉතින්.කොහොම හරි අපේ උන් බාගෙට ගහපුවා ටික සර් එකතු කරන් ගියා.එව්වට මොනාද උනේ කියලනම් අදටත් දන්නේ නැහැ.

බස් එකේ තිබ්බ මල පොරට පිට කර ගන්නත් හම්බුනානේ.කොහොම හරි සර් කාරය අපේ ලගට ඇවිත් සුවද බලන කොට පොර ගාවිනුත් සුරා මේරය සුවදනම් ආවා.මම බිල නොහිටි නිසා හොදටම එක නම් තේරුණා.

ඔය ට්‍රිප් එකත් එක්ක ඊලග සදුදා ඉස්කෝලේ වෙනවා මරුම සීන් එකක් අපේ කොල්ලෙක්ට එක ඊලග පොස්ට් එකෙන් කියන්නම්.මේකට වඩා  ඒක තමයි වෙච්ච පට්ටම සීන් එක.

8 comments:

  1. ela machan digatama liyapan greate job :D

    ReplyDelete
  2. නම නොකී යාළුවා :- ගොඩ වැදිලා නමක් නොදැ හරි කොමෙන්ටුවක් දාල ගියාට ගොඩක් පින් සහෝ......... ජය වේවා.....!!!

    ReplyDelete
  3. හෙහ් හෙහ් පට්ටයි අහ්හ්.. පාසල මම හිතන්නේ අග නුවර පාසැලක්.. අපිත් ඔය කාලෙ ගියා ඔහොම සීන් එකකට. මම පලමු දර්ම දෙශනාව පවත්වපු පාසලේ..

    ReplyDelete
  4. @Gayan Rupasinghe:- හහ් හහ්.............. වෙන්ට පුළුවන්.අපි කල කුපාඩි වැඩ වල හැටියට ඉස්කෝලේ නම කියල ඉස්කෝලේ නොන්ඩි කොරන එක හරි නැහැනේ සහෝ....

    එක නිසා මම මගේ පතිවත හෝ හෝ වැරදුනා මං මගේ මුනිවත රකින්නම්............... හොක් හොක්......

    ReplyDelete
  5. එල එල පට්ට . ඇයි මචං උඹ බිවුවේ නැත්තේ ?.. මම කොහේ බිවුවත් කවම කවදාකවත් ඉස්කෝලෙදී බීල නෑ . මගේ මූන බලල කියන්නත් බෑ මම බොනවා කියලා සර්ලා හැමෝම කියන්නේ බලපල්ල උඹලත් සඳරු වගේ හැදියවු කියලා . අන්තිමට උන් සේරමලා මම වගේ උනා !

    උඹගේ පාසල් කතා සෙට් එක ගති වගේ දැනටම හිටතට වැදුනා .. ලීයාපංකෝ එහෙනම් දීගටම ..


    ජය ....

    ReplyDelete
  6. @හිස් අහස:- බිව්වේ නැත්තේ මචන් මම ශිෂ්‍ය නායකයෙක් වගේ එකෙක් වෙලා හිටපු හින්දත් බීලා මට්ටු උනොත් බඩු ලැබෙන නිසාත්.අනික කෙලවන්න බලාගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවනේ චිත්ත රෙදි පටලන් අනිත් උන්ට ඉරිසියා කර කර ඉන්න උන්.

    උබේ මොන යාළුවා මොන වගේ උනත් උබ තරම් දක්ෂ බ්ලොග් නිර්මාණ ශිල්පියෙක්නම් නෙවෙයි කියලා මට හොදටම ෂුවර් බං. උබටත් ජයෙන් ජය....!!!

    ReplyDelete
  7. ඉස්කෝලේ මතක් වෙනවා.මමත් සදරු වගේ ඉස්කෝලෙදි බොන්න නති එකෙක් හබැයි තැබිලි කෙසෙල් එහෙම හොදට කනවා අපි කාලයක් ගහ කපන්නේ නැතුව කෙසෙල් කැන විතරක් කැපුවා.ඒ කාලේ කරපු දේවල් මතක් වෙනකොට

    ReplyDelete
  8. @sihinadanawwa:- සිරාවටම මචං.ඒ කාලේ තමයි ජිවිතේ ගෙවපු සුන්දරම කාලේ අයෙමත් ඒ කාලෙට යන්න ඇත්නම් කියලා අනන්තවත් හිතෙනවා බං.

    ගහ කපන්න ඕනේ නැහැනේ බං කෙසේ කැන කැපුවාම ඇතිනේ හැබෑවට

    .හැබැයි ඉතින් හොස්ටල් එකක නම් ඉන්නේ කැනේ කෙහෙල් මුවට කලින්ම විදින එක හොදයි නැත්නම් ඒ කාලෙට හැමදාම කෑමට කෙහෙල් මුවනේ.

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........