Friday, March 18, 2011

ගුවන් බාලදක්ෂ මතක සටහන් 02 - දවසේ වැඩ සටහන I


මේ කතාව පටන් ගන්න හැදුවේ ගුවන් බාලදක්ෂ කරද්දී මට උනු අංජ බජල් සීන් එකක් කියන්න.එත් එකපාර පොල්ලෙන් ගැහුවා වගේ කිව්වම කියෝන කාට හරි නොතෙරේවි කියලා හිතුනු හින්දයි කෑලි වලට කඩලා විස්තර කරන්න ගත්තේ.

මෙන්න තියනවා පලවෙනි කෑල්ල.මේක කියවන්න කලින් එක කියෝලා එන්න කියෙව්වේ නැතිනම්.නැත්නම් මෙලෝ හසරක් තේරෙන්නේ නැති වේවි.... හරි කතාවට බහිමු..

කොහොම හරි බාල දක්ෂ පන්ති  තිබ්බේ සෙනසුරාද උදේ ඉදන් දවල් වෙනකන්. කණ්ඩායම් පහ මාරුවෙන් මාරුවට සතියෙන් සතිය මුළු කාණ්ඩ පහම මෙහෙය වන්න ඕන දවසේ වැඩ සටහනට අනුව.

ඒ කණ්ඩායමක් එදාට ඩියුටි කණ්ඩායම කියලා නම් කරනවා.එකේදී මුලින්ම කරන්න ඕනේ උදේ පාන්දර 7.30 ට විතර ප්‍රදාන මුර පොලෙන් ඇතුලට ගිහිල්ලා බාලදක්ෂ කුටියට එන්න ඕනා.

පාන්දර 7.30 වෙද්දීවත් ප්‍රදාන මුරපොල ගාවට එකතු වෙන්න ඕනේ.කටුනායක කැම්ප් එකට ඇතුල් වෙන තැන් මට මතක විදිහට ඒ කාලේ 3 ක් තිබ්බා. එකක් කටුනායකින්, අනික අක්කර පනහා පැත්තෙන්,අනික් තැන හරියට නිච්චි නැහැ.

මොකද මාත් බාල දක්ෂ වලට ටටා බායි කියලා දැනට අවුරුදු 7ක් විතර වෙන නිසා. අපි ඇතුලට ආවේ කටුනායක තිබ්බ ප්‍රධාන මුර පොලෙන්.තව සෙට් එකක් ආව අක්කර පනහා පැත්තෙන් තිබ්බ මුර පොලෙන්.

අපිට ඒ කාලේ ඕන වෙලාවක ඇතුලට යන්න පුළුවන් වෙන විදිහට හැදුනුම්පතකුත් තිබ්බා.පාන්දර 7.30 තමයි අන්තිම වෙලාව.කට්ටියම බලන් ඉදල එන එවුන්ව සෙට් කරගෙන ඇතුල් වෙනවා ප්‍රදාන මුර පොලෙන්.

ඇතුල් වෙලා කිලෝමීටර් 2 කක් විතර පයින් යන්න ඕනෑ බාලදක්ෂ කුටියට.බයිසිකල් වල ආපු එවුන් එක්ක අනික් උන් ඩබල් දාලා යනවා.මදි වෙන එවුන් ටික පයින් අදිනවා.පයින් යන්න වෙන්නේ අලුතෙන් එන පොඩි එවුන්ට තමයි.

එක අතකින් පයින් එන එක ටිකක් විතර සැපයි.මොකෝ ගිය ගමන් සුද්ද බුද්ද කරලා ගන්න වෙනවා.ඒ නිසා ඉක්මනට යන උන්ට ඉක්මනටම පෝරියල් එක ඇදෙනවා.

පයින් යන උන් යද්දී අරුන් ටික වැඩ කොටසක් කරලා ඉවරයි. ඒ නිසා මාත් හිටි ගමන් ඔය පයින් යන සෙට් එකට එකතු වෙනවා පොඩි එවුන්ව මෙහෙයවන් යන්න.

පොඩි උන් කිව්වේ මේ කිරි බොන උන් නෙමෙයි හොදේ නවකයෝ.අවම 6 වසරවත් වෙන්න ඕනේ.සමහර උන් අපිට වඩා වැඩිමල්.ඒත් උන් අපිට පොඩි උන් තමයි එතැනදී. හික් හික්.

කොහොම හරි පයින් කොටලා 7.50 වෙනකනුත් පයින් අදිනවා.ගිය ගමන් කරන්න තියෙන්නේ සුද්ද කරන එක කිව්වත් වගේ.මල් පැල වලට වතුර දාලා, කරුමක්කාර කොට්ටන් ගස් වලින් වැටෙන කොට්ටන් කොළ අතු ගාලා, බාල දක්ෂ කුටිය සුද්ද පවිත්‍ර කරලා ගන්නවා 8.30 වෙන්න කලින්.

වැඩ කරන්න ඕනේ කට්ටියව අදාළ  වැඩ වලට බෙදලා දාන්නේ එදාට කණ්ඩායම් පහම මෙහෙයවන PL කෙනා තමයි.ඌ තමයි එදාට ගුටි කෑමේ වැඩිම සම්බාවිතාවයෙන් ඉන්න එකා.

ඒ අතරතුරේ PL එදාට ආරම්භක රැස්වීම පවත්වන්න තියෙන තැන කොඩි කණුවට ගුවන් බාල දක්ෂ කොඩිය ගැට ගහලා ඒක සකසල තියනවා.

අපේ කොඩිය බිම ඉදන් ඉහලට ඔසවන්නේ නැහැ.කොඩිය නමන විදියක් තියනවා පුංචි වෙන්න.එහෙම කුඩාවට නමලා කොඩි කුඹ ගසේ ඉහලට වෙන්න ඔසවලා ගැට ගහලා තියනවා.

එතකොට ගුවන් බාලදක්ෂ කොඩිය ඔසවන්න ඕනා උනාම ලනුව ඇදපු ගමන් කොඩිය ගුවනේදීම දිග හැරිලා ලෙල දෙන්න ගන්නවා.ඕක ගුටි කන්න පුළුවන් තවත් හොද පොයින්ට් එකක් තමයි.

කොඩිය නමලා ගැට ගහද්දි උඩ යට මාරු උනොත් බඩුම තමයි.අම්මි ගහනවා බැට් එකෙන්.එතකොට ගුවන්  බාලදක්ෂ කොඩිය ගුවනේ ලෙලදෙනවා උකුස්සා ඔලුවෙන් හිටන්.හික් හික්.

ඒකට දඩුවම තමයි ආරම්භක රැස්වීම ඉවර උනහම කොඩිය දාලා තියෙන කනුව දිගේ උඩට බඩ ගාලා ගුවනේ ඉදන්ම කොඩියේ ගැට ලිහලා උඩ යට මාරු කොරලා උකුස්සව කකුල් දෙකෙන් හිටවන එක.

ඒක නිසා ගොඩක් වෙලාවට PL කාරයාම තනියම කොඩිය ගැට ගහන ඒක කරනවා වෙන මොනවා නොකලත්.සුද්ද කරලා ඉවර උණු ගමන්ම මුහුණ කට හෝදගෙන ලෑස්ති  වෙනවා ඊළගට තියෙන "කාණ්ඩ පරීක්ෂණයට".

ඕකෙදි ASL කෙනෙක් එනවා පෙට්‍රල් එකෙන් පෙට්‍රල් ඒකට ළමයින්ගේ කොණ්ඩා, නියපොතු, පිළිවෙලද; ඇදුම් පිළිවෙලට ඇඳලා කරලා, ස්කාෆ්(අර බෙල්ල වටේ ඔතන් ඉන්න ලේන්සුව වගේ එක) එක හරියට දාලා, බෙල්ට් එක තද වෙන්න දාලා තියෙනවද; පෙට්‍රල් එකක් තව එකකින් වෙන් වෙන තීරයට හිටවලා තියෙන ලුමිනෙස් ගස් වලට වතුර දාලද; බාල දක්ෂයන්ගේ ලොග් පොත් පිළිවෙලට පොත් තියන්න උණ බට වලින් හදපු අට්ටාල වගේ එව්වා වල තියලද වගේ එකී නොකී බොහෝ දේවල් බලනවා.

පොඩි හරි වැරද්දක් තිබ්බොත් ඉතින් PL සහ APL ඩබලට බඩුම තමයි. කාණ්ඩ පරීක්ෂණය ඉවර උන ගමන්ම පටන් ගන්නවා "ආරම්භක රැලිය".

එකේදී බාලදක්ෂ කණ්ඩායම් 5 හම කරත්ත රෝදෙක හැඩේට PL ඉස්සරහින් සහ APL පිටු පසින් ඉදලා කොඩි ගහ වටේට එක්රැස් වෙලා ඉන්නේ.

එදාට ඩියුටි තියෙන කණ්ඩායම තමයි දක්ෂිණාවර්තව ගත්තම මුලින්ම ඉන්නේ. ඊලග දවසේ වැඩ බාර ගන්න කණ්ඩායම තමයි  දක්ෂිණාවර්තව ගත්තම අන්තිමටම ඉන්නේ.

කොහොම හරි එතැනදී SL ගේ ASL ලගේ කතා එක්ක අර කිව්වා බාල දක්ෂ කොඩියත් ඔසවලා බාල දක්ෂ ගීතය කියලා.රැස්වීම ඉවර කරලා දානවා.

එකේදිත්  විසිර යන්නේ කණ්ඩායම් 5 හේම PL ලා අඩියක් ඉස්සරහට ඇවිත් සැලියුට් එක ගහලා ආපසු හැරිලා දක්ෂිණාවර්තව එක කණ්ඩායමකට පස්සේ අනික් කණ්ඩායම විදිහට දකුණට හැරිලා විසිරි යනවා PL ලගේ විදානේ අනුව.

ඊට පස්සේ තියෙන්නේ "ක්‍රීඩාවක් කිරීම".ඔය වෙලේට එක එක ෆන් ක්‍රීඩාවක් කරලා බාලදක්ෂ ක්‍රීඩා ජය ගෝෂා ගීතයකුත් කියලා  කොඩි අනික් පැත්තට හරොලා තිබ්බනම් ගුටි එහෙමත් කාලා  තවත් වැරදි තියනවනම් තවත්  කාලා හෙන වැඩ ගොඩක් වෙනවා.

මොකද SL ළමයින්ට එහෙම ගහන කෙනෙක් නෙමෙයි ASL ලට ඉන්න දෙන්නෙක්ම තරුණ කොල්ලෝ.උන් තමයි ඉතින් නෙලන්නේ වැරදි වලට හැබැයි SL ට හොරෙන්.

එක්කෙනෙක් නමින් අමල්,අනිකා චානක.කාගෙන් බේරුනත් මුන් දෙන්නගෙන්නම් බේරිලි බොරු.වැරද්දක් කලොත් විනාසයි.ක්‍රීඩාව කරන්නේ ගුවන් හමුදා කදවුරේ හොකී ගහන ග්‍රවුන්ඩ් එකේ.අපේ බාලදක්ෂ කුටිය ගාවම තමයි තියෙන්නේ.

ඔතනට SL එන්නේ නැති නිසා වැරදි වලට ඔක්කොටම අල්ලගන්නේ ඔතනදි තමයි.  හප්පා දවසේ වැඩ සටහන විස්තර කරලම පොස්ට් 4 ක් විතර ලියන්න වේවිද මන්දා.බලමු 3 කින් ඉවර කරගන්න උපරිම ගේමක් දෙන්නම්.

බැරි උනොත් නම් 4 කට යන්න වෙනවා.බලමු............ එතකන් රැදී ඉන්න අපරාජිතයා සමගින්.............
ජය වේවා......!!!

8 comments:

  1. අර කොඩිය නවන විදිය නම් මමත් ටිකක් දන්නවා... අපේ ඉස්කොලේ කවර නමන්න දෙන්නේ එහෙමයි පිලිවෙලට..මම එක ඉගෙන ගත්තේ ත් නම් මෙහෙන්.. ඔය කොඩිය වැරදුනාම අරක දිගේ නගින්න කියන්නේ පිස්සු හැදෙනවා නේ... ග්‍රිස් ගහේ නගිනවා වගේ ඇති නේ... බාල දක්ශ කිව්වට ගුටිම නේ කන්නේ...

    ReplyDelete
  2. දිගටම ලියන්නකෝ.. ආයෙ එන්නම්... :)

    ReplyDelete
  3. digatama liyanna saho

    ReplyDelete
  4. හප්පොයි. මමත් ඉස්කොලෙ යන කාලේ කැඩෙට් බෑන්ඩ් එකේ උනා. හප්පොයි ඔය වගේම තමයි හොදි ඕන්නෑ.. ඒත් කෙල්ලො නම් වැටුන පට්ට වෙන්න ඔය බෑන්ඩ් ශෝස් වලට ගියාම.. හෙහ් හෙහ්

    ජය..

    ReplyDelete
  5. @නිම්ශා:- කවර නමනවා කිව්වේ කොට්ට කවරද...??? හික් හික්....
    ඒ කනුව එච්චර උස නැහැ මීටර් 6 ක් ඇති.නගින එකා ඉතින් කකුල් දෙක දෙපැත්තෙන් කනුව තද කරගෙන තමයි නගින්නේ ලිස්ස ලිස්සා.

    ඔච්චර නීති රීති වැඩි විනය අතින් අපේ ගෘප් එක ලංකාවෙන්ම සෑහෙන්න ඉස්සරහින් මුල් කණ්ඩායම් 5 හ අතර හිටපු හින්දයි නංගියෝ.

    ReplyDelete
  6. @..ChAnDiKa..:- අහ් අලුත් යාලුවෙක් ඔන්න හිස නමා පිළිගත්තා අපරාජිතයගේ බ්ලොග් එකට එහෙනම්... එල එල මචන් ජය වේවා...!!

    ReplyDelete
  7. නම නොකී යාලුවා:- එල එල මචන් ගොඩ වැදිලා නම නොදා හරි කමෙන්ට් එකක් දැම්මට ගොඩක් ස්තුති......

    ReplyDelete
  8. @Gayan Rupasinghe:- අපි නොදන්නා සිංහයනේ මේ හික් හික්.අපිටත් ඉතින් කැම්පෝරි ගියහම,ජම්බෝරි ගියහම කෙල්ලොනම් සෙට් උනා එත් ඒකාලේ අපි හිටියේ කෙල්ලෝ හිරි කීත වයසෙනේ.අපේ අය්යලනම් ගොඩක් වැඩ කොරගත්තා.

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........