Thursday, March 17, 2011

ගුවන් බාලදක්ෂ මතක සටහන් 01 - හැදින්වීම


ඔන්න අද කියන්න යන්නෙත් මට උණු ඇබැද්දියක්ම තමයි.අපරාජිතයා කියෝන කට්ටිය දන්නේ නැහැනේ මේ අපරාජිතයත් කාලයක් බාල දක්ෂ කලයි කියලා.

බාල දක්ෂ කිව්වට ඒක නිකන් බාල දක්ෂ නෙමෙයි.මම කලේ ගුවන් බාල දක්ෂ.කළේ කටුනායක ගුවන් හමුදා කදවුරේ.ලංකාවේ ගුවන් බාලදක්ෂ මුලස්ථානය තිබ්බේ කටුනායක.

ඒ වගේම තවත් ඒකෙම කෑල්ලක් තිබ්බා ගුවන් පුර. ඒ කියන්නේ කොළඹ සිනමන් ලේක් හෝටලය ඉස්සරහ තියන ගුවන් හමුදා කදවුරේ.

බාලදක්ෂ සංගමයට බදවා ගත්තේ ඉස්කෝලෙන් උනාට එකේ වැඩ කටුතු කරගෙන ගියේ ඉස්කෝලෙන් පරිභාහිරවයි.බදවා ගැනීමේ සුදුසු කමක් විදියට ලග නෑයෙක් හරි  අදුරන කෙනෙක් හරි ගුවන් හමුදාවේ සේවය කලයුතුවත්  තිබුනා.

ඉතින් මටත් කොහොම හරි ඔය පිනා චාන්ස් එක ලැබුනා අපේ මාමා හිටපු හින්දා. අපේ සෙට් එක කණ්ඩායම් වලට බෙදලා තිබ්බේ.කණ්ඩායම් නම් කරලා තිබ්බේ ගුවන් යානා වල නම් වලින්.

කණ්ඩායම් 5 ක් තිබ්බා.ශාමාශෙට්ටි, මිග්, සෙස්නා, ඇව්රෝ, චිප්මන්ක්.ඔන්න කණ්ඩායම් වල නම් ටික. කොහොම හරි මම හිටියේ ශාමාශෙට්ටි වල.

මම බාල දක්ෂ කරන්න බැදුනේ 2000 මැද බාගයේ විතර.දැන් කියන්න යන සිද්දිය වෙන්නේ 2003 මුල බාගයේ විතර.

බාල දක්ෂ ප්‍රධාන නායක මහතාට කිව්වේ "ස්කවුට් ලීඩර්" කියන එක කෙටිකරලා SL කියලා.උප ප්‍රධාන නායක මහතලා හිටියා 3 න් දෙනෙක් ඒ අයට කිව්වේ ASL කියලා.ඒ "ඇසිස්ටන් ස්කවුට් ලීඩර්" කියන ඒක කෙටි කරලා.

අපේ ගෘප් එකේ කණ්ඩායමකට කිව්වේ "පෙට්‍රල්" එක කියලා.කණ්ඩායමේ නායකයාට කිව්වේ ඒ නිසා "පෙට්‍රල් ලීඩර්" කියලා.ඔය කෑල්ල කෙටි කරලා ලේසියට කිව්වේ PL කියලා.උප ප්‍රධානියාට කිව්වේ APLකියලා.ඒ "ඇසිස්ටන් පෙට්‍රල් ලීඩර්" කියන නම කෙටි කරලා.

මම කොහොම හරි මේ සිදිය වෙන කොට අපේ කණ්ඩායමේ APL.ඒ අපේ කණ්ඩායමේ හිටපු නිත්‍ය PL A/L විභාගය හින්දා බාලදක්ෂ වලට ටටා බායි කිව්ව හින්දා හිටපු APL එකා PL උනා.

මම තමයි ඊට පස්සේ හිටපු ජෙෂ්ටයා අපේ කණ්ඩායමේ.ඒක නිසා මට APL පෝරියල් එක ලැබුනා.පෝරියල් එක කිව්වේ ඔය පොස්ට් දෙක හෙනම කට්ටක්.

ගෘප් එකේ මොකෙක් හරි එකෙක් නියපොතු වවල හරි, බෙල්ට් එක හරියට දාලා නැත්නම් හරි, නැත්නම් විනය විරෝදී ලෙස හැසිරිලා හරි මාට්ටු උනොත් කණ්ඩායම් පරික්ෂාවේදී PL - APL ඩබලට අම්ම්බානෙකට කන්න වෙනවා අත පුරවලා කන හරහා ආයේ මදි නොකියන්න ඔව්ව කලින් බලලා තිබ්බේ නැහැයි කියලා.

අනික බාල දක්ෂයන්ගේ එන්න යන්න කියලා සංඥා දෙන්නේ විසිල් භාවිතයෙන්.ඒ නිසා විසිල් එකක් ගහපු වෙලේක එකෙකුට ඇහුනේ නැතුව කැදවුම් ස්ථානෙට එන්න ඌ පරක්කු උනත් කන්න වෙන්නේ ඌටත් එක්කම ඌ අයිති පෙට්‍රල් එකේ PL-APL ඩබලට.

ඒක නිසා ඔය පට්ටම් දෙක ගුටි කන පට්ටම් දෙකක් කියලා නම් කරන්න පුළුවන්.සමහර වෙලාවට කණ්ඩායම් 5 හේම නායකයෝ ඒ කිව්වේ PL ලව විතරක් රැස් කරන විසිල් එකක් ගහනවා කෙටි නලා ශබ්ද 3 ක් එක්ක එන දිග නලා ශබ්දෙකින් බාල දක්ෂ නායක මහතෙක් හරි, එදාට කාණ්ඩ පහ මෙහෙයවන එකා හරි.

ඒ වෙලේට PL ඉන්නේ පාඩම් වැඩක හරි වෙන මොකකට හරි ඌ එලියට ගිහින්නම් හරි ඒ ගැන APL ඇලට් එකේ ඉදල PL වෙනුවට APL යන්න ඕනා නැත්නම් ඒ වෙලෙටත් අඬ ගහලා කන පුරා ලැබෙනවා.

ඒක නිසා APL කියන්නේ කට්ටෙත් කට්ටක්.ඒ තරමටම විනය අතින් නීති රීති මාරම තදයි.

මම මුලින් හිතුවේ නිකන් වෙච්ච සිද්දියක් විතරක් කියලා දාන්න කියලා.එත් එහෙම කියලා තේරුමක් නැහැ. මොකද නිකන් කිව්වම කියෝන ඔයාලට නිකන් මම අන්ධයට කිරි වල  හැටි කිව්වා වගේ වෙනවනේ.

එක නිසා මම පොස්ට් එක කෑලි කීයකට හරි කඩලා දාන්නම්.උපරිම කෙටි කරලා පස්සේ සිද්දිය කියන්නම්.එහෙම හොදයි කියලා මම හිතනවා.

හප්පා මේ ටික කියද්දීම මාරෙට දිග උනා.ඉතුරු ටික හැකි ඉක්මනින්ම ඊලග පොස්ට් එකෙන් දාන්නම්. මෙහෙම විස්තර කරන එක කියෝන ඔයාලට වැදගත් වේවි කියලත් හිතුණු නිසයි දැම්මේ.

අනික කතාව නිකන් කිව්වට තේරෙන්නේ නැති වේවි කියලා හිතුනු නිසයි.රැදී ඉන්න අපරාජිතයා සමගින්..... ජය වේවා....!!!

4 comments:

  1. ඔය නායක පට්ටම් නම් නැතුවට කමක් නැ... හොදි නැ ආයේ... ඉතුරු ටිකත් ඉක්මනට ගෙමුකෝ...

    ReplyDelete
  2. @නිම්ශා:- හහ් හහ් මට පෙන්නේ මෙයත් ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක් වෙලා අමර කට්ටක් කාලා තියෙන පාටයි............... හික් හික්........
    ලගදීම අනික් කොටස දානවා බොහෝ විට හෙට උදේටම දාවි....

    ReplyDelete
  3. අම්මේ මාත් ඕකට ආවා දවස් 2ක්. අද තමයි මචන් මේ බ්ලොග් එක දෑක්කේ. පොතේ හෑටියට මම අපරාජිතයව දන්නව ඈති. මොකද ඉතින් මාත් ඔය ඉස්කොලෙට නොවෑ ගියේ. හිහිහිහි........

    ReplyDelete
  4. @නම නොකී යාලුවා:- උඹ දවස් දෙකඩ අවේ මන් අවුරුදු 4ක් විතර ඇද්දා.මාව දන්නවා ඇති එත් අවුලක් නැහැ කියන්න එපා හොදේ.අහන්නත් එපා....

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........