Sunday, May 15, 2011

කෙල්ලෝ ඇයි මෙහෙම කරන්නේ කොල්ලන්ට..??


අනේ මන්දා බොලව් ගොඩ කාලෙකින් බ්ලොග් එක ලියන්නත් බැරි උනා..සාමාන්යෙන් මම බ්ලොග් එක ලියන්නෙ සතියකට සැරයක්.හේතුව මම සතියට දවස් 5 ක් ඉන්නේ කැම්පස් එකේ හොස්ටල් එකේ වීමයි.

වෙනදා සිකුරාදා හවස තමයි අලුත් කතාවක් ලියලා බ්ලොග් එක අප්ඩෙට් කරන්නේ.ඒත් එන සතියේ ඉඳන් ඒකටත් බඩු හම්බු වෙනවා.සෙනසුරාදාත් දවල් වෙනකන් තියනවා හැමදාටම යුනි එකෙන් අවුට් වෙනකන්ම.අපේ යුනි එකේ ක්‍රමය තමයි ඒක..දිගටම පුලු පුලුවන් විදිහට අනිවා ලියන් යන්නම්...

අනේ මන්දා ගොඩ දවසකින් ලියන්න බැරි උනා. ගිය සතියේ සිකුරාදා කලිනුත් ආවා.. ඒත් ලියන්න බැරි උනා.. ඒ මම ඒ දවස් වල හිටි මානසික මට්ටම එච්චර හොඳ නැති නිසා.. ඒ මම කවදාවත් මගෙ බ්ලොග් එකේ කියපු නැති කතාවක් මට තියෙන නිසා...

මාස ගානක් පස්සෙන් ගිහින් සෙට් කර ගත්තු ඒ මගෙ පුංචි කෙල්ල ගැන.. මගේ ඒ ආදර කතාව ගැන මම හෙමිහිට බ්ලොග් එකේ ලියන්නම්.ඒත් මම දුකින් ඉන්න හේතුව කියන්නම්.

මගෙ ආදර කතාව කෙටියෙන් කියනවනම් මට වයස අවුරුදු 21-22 අතර දොලනයක්. ඉගෙනගන්නේ කොළඹ කැම්පස් එකේ.මගෙ කෙල්ලට වයස අවුරුදු 17 යි.. බාල අපරාද කියන්න එපා.. එයා 1994 ජනවාරි වල.. ඒ නිසා 2012 A/L කරන්නේ.

එයා O/L කරනකන් හිටියේ අපේ ගෙවල් පැත්තේ.O/L ඉවර වෙලා ඉන්ග්‍රීසි පන්තියකට යන කාලෙයි මම පස්සෙන් ගියේ.ඉස්සර හිටියේ ගෙවල් ලඟ උනාට දැන් ඉන්නේ මම ඉන්න පැත්තෙ ඉඳන් කිලෝ මිටර් 60-70ක් දුරින්...

සෙට් කර ගත්තු විදිහ මම ටිකෙන් ටික කියන්නම් බ්ලොග් එකේ.. අද කියන්නම් මම අප්සට් එකෙන් ඉන්න වෙච්ච හේතුව.

ගිය සෙනසුරාදාට කලින් සෙනසුරාදා අපේ ගෙදරින් පොඩි ට්‍රිප් එකක් ගියා බදුල්ලේ.ඒකට මම ගියේ නැහැ. ඒ කට හෙතුව උනේ මම කලින්ම මගෙ කෙල්ලව බලන්න යන්න ඒ සෙනසුරාදා දවස ෆික්ස් කරගෙන තිබුන නිසා.

යන්නේ නැති එකට මම තාත්තගෙන් සිකුරාදා හවස බැනුම් අහලත් හිටියේ.ඒ පලවෙනි හේතුව.දෙවෙනි හේතුව තමයි මම ක්‍රිඩාවක් විදිහට කරාතේ ක්‍රිඩාව කරන කෙනෙක්.පන්තිය තියෙන්න සෙනසුරාදා හවස.කෙල්ලව බලන්න යන්න හිතාගෙන හිටපු නිසා කරතේ "සෙන්සෙ" ට කලින්  දා කෝල් කරල මට එන්න වෙන්නෙ නැහැයි කිව්වා.

මගේම කරුමෙට පන්තියෙ ඉන්න සීනියර්ම එකා මමයි.එන්න වෙන්නේ නැහැයි කියපු ගමන් "සෙන්සෙ" ත් මට දෙහි කපාගෙන කපාගෙන ගියා. ඒක නිසා ඔය ඔක්කොම මළත් දරාගෙන බොහොම අමාරුවෙන් කෙල්ලව බලන්න යන්න සැදී පැහැදී දතයි කටයිත් මැදගෙන මම බලන් හිටියා.

කොහොම හරි ඔන්න දැන් සෙනසුරාදා දවස උදා උනා ඒ අප්‍රියල් 30 වෙනිදා.ඔන්න මම උදේ පාන්දරම නැගිටලා මෙයාට මැසේජ් එකක් දාලා ඔන්න මම දැන් එනවා කියල මැසේජ් එකක් දැම්මම මෙන්න මේකී රිප්ලයි එකක් එවනවා
"අනේ අයියේ එන්න එපා අද රුවිනිගේ නංගිත් එනවා අපිත් එක්ක ක්ලාස් යන්න.එයා වෙනදට ක්ලාස් යන යාලුවා ආයේ ක්ලාස් යන්න එන්නේ නැහැයි" කියලා.

රුවිනිගේ කිව්වේ එයාගේ හොදම යාලුවා. ඊට පස්සේ මම කිව්වා කමක් නැහැ.මම ඇවිත් නංගි බස් එකෙන් බහිනකන් බස් එකේම ඈතට වෙලා ඉන්නම් කියලා.එයා ක්ලාස් යන මුලු ගමනාන්තයෙන් බාගයක් දුරදී යාළුවගේ නංගි බහිනවා.

ඊට පස්සේ මෙයා ආයේ එවනවා
"එපා අයියේ.රුවිනිගේ සම්බන්දයත් එයාලගේ අම්මට ටිකක් ආරංචි වෙලා අද රුවිනිගේ  අම්මත් අපිත් එක්ක එන්න පුළුවන්" කියලා.

ඕක ඇහුවම මට මළම පැන්නා.ඇයි යකෝ මම තනියම දවස් දෙකක් තිස්සේ දැන්ගෙදර ඉන්න ඕනේ.මේකී නිසා හත් අතේ බැනුම් අහලා දැන් මේකී කියනවා එන්න එපා කියලා.මට මල පැන්න පාර මම මේකිට බැනලා මැසේජ් එකක් දැම්මා.

ඒ බැනිල්ලට "තමුසේ" කියන වචනේ 5-6 පාරක්ම පාවිචිචි උනා.මම බනින කොට මෙයා "හ්ම්" ගගා රිප්ලයි එව්වා.ටිකකින් කියනවා "මං කැමති නැහැ බොරුවට බැනුම් අහන්න.ඔයාට මම කියන එක තේරෙන්නේ නැහැ අපි මේක නවත්තමු" කියලා..

යකෝ යාළුවෙලා මාස 7 කටත් වැඩියි මේකී නවත්තන්නම හදනවා මම බැන්න එකට අවුල් ගිහිල්ලා.. කොහොම හරි දන්නා කියන වැඩ කෑලි දාලා වැඩේ ශේප් කරගත්තා.මෙයා ක්ලාස් යනවා කිව්වා.යන මග දිගටත් එහෙන් මෙහෙම් ටිකක් විතර මැසේජ් කලා.

ඒත් ඕනෑවට එපාවට වගේ.හවසත් හරියට මැසේජ් එකක් නැහැ.මම බැරිම තැන හවස ගැහුවා මගේ දන්නා කියන වැඩ කෑලිත් දාල බොක්කට වදින්න මැසේජ් එකක්.ඒක යවලා ටික වෙලාවකින් මේකී රිප්ලයි එකක් එවනවා
"අනේ වෙච්ච වැරදි වලට මට සමාවෙන්න අයියේ.ඒත් හම්බු වෙන්න විදියක් නැති නිසානේ අද කිව්වේ තේරුම් ගන්නකො" කියලා.

කොහොමත් කෙල්ලන්ගේ වැරදිත් අපේම Account එකට දාගත්තේ නැතිනම් වැඩේ අංජබජල් නිසා මම කිව්වා "ඔයාගේ වරදක් නැහැ පැටියෝ මමයි වැරැද්ද කලේ සමාවෙන්න" කියලා.

කොහොම හරි වැඩේ එතනින් ශේප් උනා.කොහොම හරි ඉරිදා, සදුදා, අගහරුවාදා දවස් ටික ශේප් එකේ මා එක්ක මැසේජ් කර කර කතා කර කර හිටියා.ඒත් එකපාරට බදාදා ඉස්කෝලේ ගිහින් ආපු කෙනා මැසේජ් කලේ ඕනාවට එපාවට වගේ.

මං ඊට පස්සේ කිවා "ඇයි ඔයා අද අමුතුවෙන්" කියලා.මේකී කියනවා "මගේ හිතේ කාලෙක ඉදන් ලොකු ප්‍රශ්නයක්" කියලා.මං කිව්වා මට කියන්නකෝ අපි විසදුමක් හොයමු ඒකට කියලා.මෙයා කියනවා "බැහැ ඒක ඔයාට දුක හිතෙන දෙයක්" කියලා. මම කිව්වා "කමක් නැහැ කියන්න මට දරා ගන්න පුළුවන්" කියලා.

ඊට පස්සේ මේකී මැසේජ් එකක් එවනවා "එදා මම අපේ සම්බන්දෙ නවත්තන්න ගත්තු තිරණය.ඒක වෙනස් වෙලා නැහැ අයියේ" කියලා.මං ඇහුවා "ඇයි ඒ" කියලා.

මෙයා කියනවා "මම දන්නේ නැතිලු.හිත කියන්නෙම නවත්තන්න කියලලු.ඒක නිසා අපි හොදින් වෙන් වෙමුලු." මාව නිකන් කර කෝලා අත ඇරියා වගේ උනා.

ඇයි යකෝ.කෙල්ලෙකුගෙන් එකපාරකුත් බූට් එකක් කාලා......යාලු වෙන්න අවුරුදු ගානක් බලන් හිටිය කෙල්ලත් වෙන එකෙක් එක්ක සෙට් වෙලා මදිවට මෝඩ කමට සිරාවට තවත් එකියෙකුට ලව් කලා නිසාද මෙහෙම කෙල වෙන්නේ මටම කියලා.

අන්තිමට එයා අපේ ආදරයේ අන්තිම මැසේජ් එකත් එව්වා.ඕක ඔහොම උනේ දෙවැනි පාරට.පලවෙනි පාරත් ඔය නංගි නිසාම ඔහොම දෙයක් උනා.එදත් මම ශේප් කරගත්තා.ඒත් අද අතිශය දරුණු වෙලා තත්වය.ඒ කතාව හිමිහිට අදර කතාව මුල ඉදන්ම දාන කොට දාන්නම්.

අන්තිමට මම මැසේජ් 15 ක් විතර එක දිගට  එක එක එව්වා කියලා මැසේජ් දාලා යන්තම් වැඩේ ගොඩ දාගහ්තා... ඒක මගේ හැකියාවද නොහැකියාවද කියන්න මම දන්නේ නැහැ.ඒත් මට මාරම අවුල් උනා

සිද්දියට.කොහොම හරි ආයෙමත් ශේප්.ඒත් පොඩි කාලේ ඉදන්ම මොකක් හරි සිද්දියක් උනාම මට ඒ සිද්දිය වටේ ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා.මට හිතුනු එකම දේ
 "මෙයාට වෙන කොල්ලෙක්වත් සෙට් වෙලාද කියන එක" ඒත් මට කෙල්ලව විශ්වාසයි.ඒක නිසා කට පියන් හිටියා.

කොහොම හරි මැයි 5 බ්‍රහස්පතින්දා මෙයාට ඉස්කෝලේ සීල ව්‍යාපාරයක් තිබ්බා.මෙයා ගිහින් ඇවිත් හවස සාමන්‍යය විදිහටම මැසේජ් කළා.ඒත් සිකුරාදා ඉස්කෝලේ ගිහින් ආව ගමන් කියනවා මැසේජ් එකකින් "අයියේ මට ලොකු ප්‍රශ්නයක්" කියලා.මං "මොකක්ද පැටියෝ" කියලා ඇහුවා.

මේකී කියනවා "අයියේ සීල ව්‍යාපාරයට ඊයේ අම්ම ආව-තේව වලට ගිය වෙලේ (එයා මට කලින් දවසේ කිව්වා එයාලගේ පන්තියේ ආවතේව වැඩවලට අම්මයි එයාගේ හොදම යාලුවෝ දෙන්නගේ අම්මලටයි ටීචර් එන්න කියලා තිබ්බේ කියලා) ටීචර් අම්මලට කියලා පන්තියේ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ එක්ක යාලුයි.ඉගෙනීමත් කඩා කප්පල් කරගන්නවා කියලා.

අම්ම ඊයේ රෑ මම ඔයාට මැසේජ්  කරනවා දැකල ඕක කියලා මට බැන්නා.බැනලා කිව්වා ඔයත් එහෙම කෙනෙක් එක්ක යාලුනම් ඒක නවත්තන්න A /L කරාට පස්සේ ඕන එකක් කර ගන්න" කියලා. මං ඇහුවා "දැන් ඔයා කියන්නේ මේක නවත්තමුයි කියලද" කියලා.

මේකී කියනවා "ඔව් අයියේ මට අම්මට බොරු කරන්න බැහැ අම්මව රවට්ටන්න බැහැ" කියලා.මං කිව්වා "එහෙනම් මම ඇවිත් අම්මට කතා කරන්නද" කියලා.(මොකද ඔය සිද්දිය ගැන අපේ අම්මයි අක්කයි දන්නවා.තාත්තනම් දන්නේ නැහැ.අපේ අම්මනම් මට මොකුත් කිව්වේ නැහැ.අනික කෙල්ලගේ අම්මටත් මට අකමැති වෙන්න තරම් හේතුවක් නැහැ).

මෙයා කියනවා "එපා අයියේ.අම්ම කැමති උනත් මම තාම A /L කරලා නැති නිසා කැමති වෙන්නේ නැහැ කියලා.ඔයා මං වෙනුවෙන් තව අවුරුදු එකහමාරක් ඉවසන්න" කියලා. "මට දැන් ෆෝන් ඒක ක්ලාස් ගෙනියන්න දෙන්නෙත් නැහැ.ආයේ හම්බුවෙන්න වෙන්නෙත් නැහැ අයියේ" කියලා.

අවුරුදු එකහමාරකින් ආයේ පටන් ගනීවිද බොලව් දැන් නවත්තලා.මං කිව්වා "එහෙනම් මෙහෙම කරමු කතා කරන්නත් ඕනේ නැහැ, හම්බු වෙන්නත් ඕනේ නැහැ,වෙනද වගේ දවසට මැසේජ් 80 ක් විතර එවන්න ඕනෙත් නැහැ ඒත් දවසකට මට මැසේජ් 10 ක් වත් එවන්න" කියලා."ඕක පස්සේ හරියාවි එතකන් ඉවසල ඉන්න" කියලා..

යන්තන් නවත්තන්න හදපු කෙල්ල ඒකට කැමති උනා..මම සිද්දිය අපේ අම්මට කිව්වම අම්මා කිව්වේ පොඩ්ඩක් ඉවසල ඉන්න.ට්කක් ගණන් උස්සල ඉන්න එතකොට හොයන් ඒවි කියලයි.ඒත් මට ඉන්න බැහැ බොලව් එහෙම..

ඒත් මට තිබ්බා පොඩි ප්‍රශ්නයක් තිබ්බා ඇයි මෙයා එකපාරට ඔහොම ඔහොම වෙනස් වෙන්නේ කියලා.මම කලේ එයාගේ හොදම යාලුවා රුවිනිගේ කොල්ලට කෝල් කරපු එක.මම ඌට කෝල් කරලා ඇහුවා ***** ට කොල්ලෙක්වත් සෙට් වෙලාද මල්ලි මෙහෙම මේකී පාට මාරු කරන්නේ" කියලා.

ඌ කියනවා "ඉස්සරනම් අයියේ ගොඩක් කොල්ලෝ යාලු වෙන්න ඇහුවා.ඒත් දැන් ඔක්කොම දන්නවා කොල්ලෙක් ඉන්නවා කියලා ඒක නිසා කවුරුත් යාලුවෙන්න අහන්නේ නැහැ.මං දැනුවත්වනම් එහෙම කෙනෙක් නැහැ ඉන්නවනම් ඉසුරිකාට වත් කියනවනේ" කියලා.

කොහොම හරි නංගි එයාල එක්ක ගිය කතාවයි, ටීචර් අරම බැන්නා කතාවයි ඇත්ත කියලා ඌත් අනුමත කළා.කොහොම හරි ඒ සිකුරාදා මැසේජ් එව්වේ 10 ක් විතර,සෙනසුරාදත් එහෙමයි.ඉරිදා ඉදන් දැන් ටික ටික චරි චුරුව අඩු වෙලා දැන් වෙද්දී දවසට මැසේජ් 50-60 ක් එවන තත්වෙට හරි ගිහිල්ලා.ඒත් හම්බු වෙන්න සහ කතා කරන්න තහනම්.

කලාතුරකින් තමයි කතා කරන්නෙත්.ඒත් මම හිතනවා ඒකත් තව ටික දවසකින් හරියාවි කියලා.. ඒත් මට නම් දැන් ඕන එකක් මම මෙයත් සශිනි කල වැඩේම මට කරාවි කියලා හිතුනා .ඒත් දැන් එහෙම දෙයක් උනත් කමක් නැහැ කියලා හිත හදා ගත්තා.

වෙන දෙයක් වේවි.මේක කියෝපු කව්රු හරි මගේ හිත හැදෙන්න මොනා හරි කියලා පලයල්ලා ඒක මට ලොකු ශක්තියක් වේවි.හිතේ අප්සට් එකටමයි මොකුත් ලිව්වේ නැත්තෙත්.කිසිම බ්ලොග් එකකට කමෙන්ට්
කරන්න තියා කියවන්නවත් හිතුනේ නැහැ බොලව්.ඒකට සමාවෙයල්ලා.

දැන් හිතට ටිකක් ෆිට් ඒත් හිත හැදෙන්න මොනා හරි කියපල්ලා කෙල්ල සිරාවට බූට් ඒක තිබ්බොත් එදාට ඒ වචනත් මට උපකාරයක් වේවි කියලා හිතනවානම් විතරක්.

මේ ලංකාවේ මට කෙල්ලෙක් හොයාගන්න බැරි කමක් නැහැ පොර ටෝක් නෙමෙයි .ඒත් මම කැමති නැහැ කෙල්ලෝ මාරු කරන්න ඒකෙන් පේන්නේ අසාර්ථකත්වයක්....

ප.ලි:- මට හෙන ගහල ගියත් කමක් නැහැ.අද උදේ පාන්දර දැන ගත්තා අපේ "ඉලන්දාරියා" නුවර ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ කියලා.මොලයේ කරපු සැත්කමකින් සිහිසුන්ව දැන් කියලා.මේක කියෝන එකේ හරි ඉන්නවනම් හදවතින්ම ප්‍රර්ථනා කරපන් ඌට ඉක්මන් සුවය ලැබෙන්න කියලා... 


අපිට මේ වෙලේ කිසි දෙයක් කරන්න බැරි උනත් අපේ ප්‍රාර්ථනාවෙන් වත් අපේ සහුර්දයාට ඉක්මන් සුව ලැබේවි.වචනෙකට කරන්න පුළුවන් බලපෑම ගොඩක් ලොකුයි බොලව්...          

46 comments:

  1. නියමයි
    අමුවෙන්ම ලියල තියෙනව..........මරු

    ReplyDelete
  2. හ්ම්ම්.. අනේ මන්ද කියල තමයි මචං කියන්න වෙන්නෙ. මට උඹ කියන දේ දැනිල තියනව. ඔය වයසෙදි කෙල්ලන්ගෙ හිත් හරියට වෙනස් වෙනව. ඒ කියන්නෙ වෙන කොල්ලො සෙට් කරගන්නව කියල නෙමේ. ඒත් සීරියස් නෑ. උන් දන්නව එක කොල්ලෙක් නැති උනොත් තව එකෙක් දා ගන්න කල් තියනව කියල. 23 - 25 විතර වෙනකොට ඔය ගතිය වෙනස් වෙලා එක අරමුණකට එනව. මේ ඉතිං මට හිතෙන දේ. කෙල්ලත් එක්ක කතා කරනකොට මචං පුලුවන් තරම් අනාගතය ගැන ප්ලෑන්ස් හදපං. උඹෙන් තොර අනාගතේකට වඩා උඹත් එක්ක අනාගතේ කොහොමද කියල පෙන්නපන්. වැඩේ ගොඩ යනව ස්ථිරවම.

    ReplyDelete
  3. කෙල්ලො ඔහොම තමයි මල්ලී. ඉවසල ඉඳපන්. දුරින් ඉන්න තරමට ආදරේ වැඩිවෙනවා. බලපන්කෝ.. :)

    ReplyDelete
  4. පුතා උඹ වැට උඩ ඉන්නේ... පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරපං.

    ඉලන්දාරියට සුව වෙන්න කියලා අමුතුවෙන් පතන්න දෙයක් නැහැ බං... අපි හැම වෙලේම හිතන්නේ දැන් ඌට කොහොමද? ඉක්මනට සනීප වුනොත් හොඳයි කියලා...

    ReplyDelete
  5. Hi malli. Sorry for commenting as "Anonymous" (I commented on a previous post also).

    I know what I'm going to say won't make you feel any better, But I feel she is not stable enough to carry on an affair. I’m not telling you to stop this but make your mind strong enough to handle the situation if it breaks.

    It’s hard to understand girls & why they behave in such a way. But remember “if trust is broken once, it can’t be mended again”.

    I hope & wish everything will be OK. Good luck.

    ReplyDelete
  6. "නැහැ කෙල්ලෝ මාරු කරන්න ඒකෙන් පේන්නේ අසාර්ථකත්වයක්...."

    කොහෙද බන් මචන් අසාර්ථකත්වයක් තියෙන්නේ...

    සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගැහැනියෙක් ඉන්නවලු..නමුත් සෑම අති සාර්ථක මිනිහෙක් පිටුපස ගැහැනු හත් ‍අට දෙනෙක් ඉන්නවලු...

    ReplyDelete
  7. oya love1ta sex gavila tibbanam ohoma wenne na .............

    ReplyDelete
  8. onawata wada kawruwath dana wiswasayak thiyanna epa..eyata oyawa epawela kiyala hithenawanam kelinma eka eyagen ahanna..hithe thiyan upset eke innawata wada eka hodai..hebei ethanadi eya dena ona uththarayak baraganna lasthi wela inna...kello maru karana eka hari na thama,,eth ithin oyage jiwitheta galapenama kena hoyaganna...

    ReplyDelete
  9. බොරුවට නෙ අප්සට් ගහලා ඉන්නේ!
    බූට් එකක් කන්න වෙයි කියලා බය වෙවි ඉන්න තරම් දෙයක් වෙල නෑ නේ.

    පොඩ්ඩක් ඉවසන්න. කල්පනාවෙන් වෑඩ කරන්න. කාලයට ඉඩ දෙන්න.
    හෑම දේම හොදින් සිද්ද වෙවි.

    (හදවතින් නොව මොලයෙන් සිතන්න)

    ReplyDelete
  10. මමනම් හිතන්නේ මචං උඹ ඉවසීමෙන් කටයුතු කලොත් වැඩේ ගොඩ දාගන්න හැකිවේවි අර අම්මා කීවා වගේ චූට්ටක් ගනං උස්සලා ඉන්න .

    කෙල්ලෝනම් මෙහෙම්මයි බං මටත් උනේ මෙන්න මේ වැඩේ ..මමනම් මෝඩයා වගේ අත ඇරලා දැම්මා .. දැන්නම් අපරාදේ හිතෙනවා ..ඒක නිසා මේ දවස් වල වලං හෝදල හරි කමක්නෑ කෙල්ලව ෂේප් එකේ තියාගනිං මචෝ ..එතකොට තව ටික දවසකින් කෙල්ලට උඹව නැතුව බැරිවේවි .

    දිගටම අපිට කියපන් මච මොකද උඹට උනේ කියලා ..බොක්කෙන්ම ලියලා තියනවා ..

    ReplyDelete
  11. මචන් කෙනෙකුට ඔබෙ ජිවිතේ මුල් තැන දෙන්න එපා ඔබ එයාගෙ ජිවිතේ option එකක් විතරනම්.

    ReplyDelete
  12. අම්මා කිව්වා හරි. ටිකක් ගණන් උස්සන්න. එතකොට පස්සෙන් එයි. අත්දුටුවයි. සත්‍යයි.

    ReplyDelete
  13. ඕනම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්න එපා බන්...

    ReplyDelete
  14. @Dee:- ඔව් බං සත්‍ය ජිවිත කතාව කිව්වේ... මේ දවස්වල ෆුල් අවුලෙන් ඉන්නේ එකයි..

    .................................................................................................................................................................

    @NeonBlack:- දුන්නු උපදෙස ගොඩාරියක් වටිනවා මචං..... ගොඩ වැදිලා හිත හදල ගියාට ගොඩාක් පින්.......

    ................................................................................................................................................................

    @..ChAnDiKa.. :- එයත් ඔය කතාව ඔහොම්මම කියල තියනවා අයියා... දුරින් ඉන්න කොටයි ආදරේ වැඩි කියලා.... බලමු එන දෙකට මුහුණ දෙනවා.....

    ReplyDelete
  15. @prasanna86k:- ඔව් බං මොනවා කරන්නද වැට උඩ කිව්වට එලියට වැටෙන්න ඔන්න මෙන්න වගේ..... බලමු වෙන්න තියෙන දෙයක් කාටවත් වලක්වන්න බැහැනේ මචං......

    .....................................................................................................................................................................

    නම නොකී යාලුවා 01:- අයියෝ අයියා ඉංග්‍රීසියෙන් හරි කමෙන්ට් කරලා ගිය එක කොච්චර වටිනවද..... අයියා කිව්වත් වගේ මෙයා මගේ හිත රිදවපු වාරයක් වාරයක් ගානේ තැලිලා තැලිලා මං දැන් හිත හදාගෙන අයියේ ඉන්නේ... අයියා කියපු දේ 100% ක් හරි මම දැන් වෙන දෙයක් වෙච්ච දෙන කියල බලන් ඉන්නේ බලමු.......

    ...............................................................................................................................................................

    නම නොකී යාලුවා 02:- උබ කියන එකෙත් ඇත්තක් තියනවා මචං.. සමහර මිනිස්සු 7-8 කරගෙන ආතල් එකේ ඉන්නවා.. පාඩුවේ එක කෙල්ලෙක්ට ලව් කරන්න ගිය නිසාද බං මෙහෙම වෙලා තියෙන්නේ මට.....??

    ReplyDelete
  16. නම නොකී යාලුවා 03:- උබ කියපු එකත් එක්ක ටිකක් දුරට එකඟ වෙන්න පුළුවන්.එත් බං මම එහෙන් මෙහෙන් වල් කතා 2 ක 3 නක් කියන්න ගිහින් මට මෙයා හොදටම බැන්නා මං ඒවගේ ජරා කතා කියනවට කැමති නැහැයි කියලා.. තාම පොඩි නිසා අවුල් බං ඔව්වා ඕනා එත් පසුවට බලමු දිගටම තිබ්බොත්...

    ................................................................................................................................................................

    නම නොකී යාලුවා 04:- ඔව් මචං මම කෙලින්ම ඇහුවා මාව එපා වෙලාද මට මෙහෙම කරන්නේ ඔයා කියලා.මෙයා කියනවා "අනේ නැහැ අයියේ විකාර හිතන්න එපා අම්මා නිසයි එහෙම කිව්වේ තේරුම් ගන්නකො" කියලා.ඉතින් මං ඉවසන් ඉන්න තිරණය කළා හම්බුවෙන්නෙත් කතාකරන්නෙත් නැතුව...

    .................................................................................................................................................................

    නම නොකී යාලුවා 05:- ඔව් බං බොරුවට තමයි බය වෙලා ඉන්නේ මොකුත් නොවී.ඒ මම 2 පාරක් බූට් කාලත් 3 න් වෙනි පාරටත් ආයේම සැරයක් සිරාවට ලව් කරන්න ගිය නිසයි... අර කතාවක් තියෙන්නේ මොකෙන්ද එකකින් ගුටි කෑ එකා මොකක්ද එකකටත් බයයි කියල මටත් ඒ වගේ මචං... බලමු ......... උපදෙසට ගොඩාක් පින් මචං....

    ReplyDelete
  17. @හිස් අහස:- ඔව් බං බලමු ටිකක් විතර ගණන් උස්සන්න ඕනා..... කෙල්ලෙක් ගියාම දැනෙන පාළුව මම අත්විදලා තියෙනවා මචන්.. එක නිසා මම පුළුවන් උපරිමයෙන් මෙයාව නවත්ත ගන්න බලනවා.... ඔව් බං ගොඩක් කෙල්ලෝ මෙහෙම්මමයි.... දන්නේ කොල්ලන්ව සෙල්ලම් බඩු වගේ නටවන්න විතරයි.. උබේ උපදෙසට ගොඩාක් පින් මචන්......

    .................................................................................................................................................................

    නම නොකී යාලුවා 06:- නැහැ බං එයා මගේ ජිවිතේ වැදගත් කොටසක් කියලයි මම හිතන් ඉන්නේ..එත් එයාට කොහොමද කියන්න මම දන්නේ නැහැ... බලමු වෙන දෙයක් වේවි මචං.........

    .................................................................................................................................................................

    @චරිත:- ගණන් ඉස්සුවා වගේ නෙමෙයි මචන් ගියොත් එහෙම... අම්මි ගහයි බැට් එකෙන්.එතකොට දැනෙන පාළුව තනිකම........

    ...............................................................................................................................................................

    @තාරක Dilsh@n:- මට ඕක ගොඩ දෙනෙක් කියනවා මචං එත් මොනා කරන්නද පොඩි කාලේ ඉදන්ම මම ඔහොම්මමයි.මොකක් හරි ගැන ඕනාවට වඩා හිතල හැම තිස්සෙම බොරුවට හිත අවුල් කර ගන්නවා.... බලමු................

    ReplyDelete
  18. මේ ලෝකයේ පරිපූර්ණව ගැලපෙන ගැහැණු පිරිමි නැති වෙන්නට පුළුවන්. ඒත් ඕනෑම කෙනෙකුට හොඳට එකවාගේ ගැලපෙන අය දහස් ගාණක් ඉන්නවා.

    පලපුරුදු කෙනෙක් කියන මේ කතාව අහලා මෝඩ කම් (ලව් කරනවා කියන්නේ සොඳුරු මෝඩකමක්) ටිකක් අඩු කර ගන්න.

    යතාර්ථය රළුයි, කළුයි, සැරයි, තිත්තයි.

    ReplyDelete
  19. den ochchara hithata amaru unata passe hithei ai man passen giye kiyala... ganan ganna epa ...meda mawathe gaman karanna........ kalaya siyalla wisandai...........

    ReplyDelete
  20. @Kathandara:- ඔව් කතන්දර අයියා ඔයාගේ අවවාදේ ගොඩාරියක් වටිනවා... මෙයා ගියත් කමක් නැහැ මම දැන් හිත හදාගෙන ඉන්නේ.... කෝකත් හොදටම වේවිනෙ.ඒත් මේක මෙතනින් ඉවර උනොත් මම ඔයා කියපු ඒ සොදුරු මෝඩකම ආයේ නොකර ඉදිවී ගෙදරින් හොයල දෙනකන් බකන් නිලන් ඉන්නවා........

    ReplyDelete
  21. නම නොකී යාලුවා 07:- ඔව් බන් බලමු කාලයට ඉඩදීලා හිත දැඩි කරන දැන් මම ඉන්නේ.වෙන දෙයක් වෙච්ච දෙන්... ස්තුතියි මචං අදහසට....

    ReplyDelete
  22. මාර සීන් එකනෙ වෙලා තියෙන්නෙ .......... තියන තත්වයේ හැටියට නම් පෙනෙන්නෙ කෙල්ලට ඔයා ගැන ඒ තරම් කැක්කුමක් නැති බවයි .......

    අවංකවම ආදරේ කරනවා නම් කෙල්ලෙක්ව එක්ටැම් ගේකවත් දාලා තියන්න බැහැ ..... ඒකයි ඇත්ත ........ අනිත් එක හරියට ආදරේ කියන එක හිතට වැදිලා නම් ඔය විදියට ඉන්න බැහැ කෙල්ලට .....

    මට හිතෙන හැටියට ලබුනා හෝ නැතා ඔයා ඒ කෙල්ලගේ ආදරේ දිහා උපේක්ෂාවෙන් බැලුවොත් තමා හොඳ ...... ඒ කියන්නෙ ඇති වුනත් නැති වුනත් එකයි කියන තැන ඉන්න එක .....

    ReplyDelete
  23. @කල්හාර දිසානායක:- ඔව් අයියා ආදරේ කරනවානම් ඇත්තටම ඇයි එයාට මෙහෙම ඉන්න පුළුවන් කියන එක මට ලොකු ප්‍රශ්නයක්... බලමු ඔයාගෙන් ලැබුණු උපදෙස මට ගොඩාක් වටිනවා.... ස්තුතියි...........

    ReplyDelete
  24. machan it's better to wait and see what will happen.i broke up my affair but now i think that's my fault.the problems that arised between us were small.But at that time i took these problem seriously.because i didn't expect these kind of things from her.i really worry about her.I read the whole blog.i think u have similar qualities as me.when i broke up i felt from a damn loneliness.it's so weird how when you go through a breakup and at the time it feels like the end of the world, but as time goes on things get better all because life keeps moving forward.I never thought i'd say i'm fine without her.

    bro u don't take these problems as serious let the time to solve these everything.....Don't make ur story as mine......

    ReplyDelete
  25. @Gayan:- mmmmmmmm........ What to say ban.So sad about your story also.I'm also a person taking even a small problem as much more seriously... So it's the problem for all these things.I've already felt the loneliness that the coz I've faced the same problem one and half years ago.. what to do banz as we love a Girl from the bottom of our heart, the know to play it them........

    ReplyDelete
  26. ;( owa ohoma wenne ai kiyala man danne ne bn.mata wuna seen eka oita samanai.eth man boot eka kewa.eki awrudu 16ye kellak.mata kiyala thibba gewal maru karana kathawak eyage thaththa,anthima kaale magen midenna ona kiwwa.sms ewana ekath nawaththuwa 4n ekath off.man search paarak daddi un gewaluth maru karala gihin,kisima thorathurak ne.

    ReplyDelete
  27. @nishan:- අනේ මන්දා බන් මේ ගෑනු සත්තු කියන ජාතිය විශ්වාස කරන්න ගොඩක් අමාරුයි... ඔය වගේ සිද්දියක් මට උනා ඒ මගේ පලවෙනි ආදරේ උඩ ලින්ක් එකෙන් දැම්මේ ඒ කතාව..... උබට වෙච්ච දේ ගැනත් දුකයි බන් මොනවා කරන්නද කෙල්ලන්ගේ හැටි බන්....

    ReplyDelete
  28. අඩේ අප්පා බලන් ගියාම මන් විතරක් නෙමෙයිනෙ බාල අපරාධ කරන්නේ. මටත් ඔය වගේම සීන් 1ක් තමයි තියෙන්නෙ. මට 21යි කෙල්ලට යාන්තම් ගිය මාසෙට 18යි. 2012 උබ හදිස්සි වෙනවා වෑඩියි මචන්. ඕවට කලබල වෙන්න එපා. පුලුවන් තරම් කෙල්ලව ශේප් එකේ තියාගනින්.(දෑන් මේ පොර වගේ කිව්වට මොකද මාත් ඉස්සර ඔවට කලබල වෙලා, හදිස්සි වෙලා ඇදගෙන නාපු අවස්ථා නම් අනන්තයි ).එ වගේම ටිකක් ගනන් උස්සල හිටපන්. උබෙ හිතට ෆිට් 1ක් ගන්න මන් මගේ කථාව කියන්නම්කො.මේ වගේ ලව් 1ක් කරද්දි ටිකක් කට්ට කන්න වෙනවා. මොකද මචන් අපේ සමවයසෙ හරි අවුරුද්දක් විතර බාල කෙල්ලෙක් නම් එච්චර අවුලක් නෙ. අපි හිතන විදියට ගොඩාක් සමානව උන් හිතනවනෙ.එත් අවුරුදු 3-4ක් බාල කෙල්ලෙක් එක්ක ගණුදෙනු කරන්න ඕන විදියක් තියෙනවා. මගේ අත්දෑකීම ගෑන කියනව නම් මන් මාස 6ක් පස්සෙන් ගිහිල්ලයි යාලු උනෙ.ඊට පස්සෙත් තව අවුරුද්දක් විතර යනකම් හංබුනෙ වත් නෑ.එයාගෙ ගෙදර කව් රුත් නෑති උන වෙලාවකට කථා කරනවා එච්චර තමයි.එකත් මාසෙකට 3-4 පාරක් තමයි. මගෙ යාලුවො උන්ගෙ කෙල්ලො එක්ක රවුම් ගහනවා දකිනකොට මටත් හිතුන මන් මේ මොන මගුලක්ද කරන්නෙ කියලා. ඒ උනාට එදා මන් කාපු කට්ට ගෑන මට අද සන්තොසයි. මොකද අපෙ සම්බන්දෙට දෑන් අවුරුදු 4ක් වෙනවා.මගෙ කෙල්ලත් මුලින් උබෙ එක වගේ තමයි හිටියෙ.එත් දෑන් නම් මට මටත් වෑඩිය එයාව විස්වාසයි. උබෙ මගුලත් සාර්තක වෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා. එ වගෙම තමයි මචන් උබට සෑටිස් වෙනකන් ඔවා ගෑන ලොකූ බලාපොරොත්තු තියාගන්නත් එපා. ගෑණුනෙ බන්. (ලොකු කමකට කියනව නෙමෙයි, වෑඩි විස්තර ඕනෙ නම් කියපන්, අපි එක පලාතෙ එක ඉස්කොලෙ ගිය මිනිස්සුනෙ )

    ReplyDelete
  29. මචං, මට අදයි උඹගෙ බ්ලොග් එක දකින්න පුලුවන් උනේ.
    මොනව උනත්, උඹ හොඳට කර ගෙන යනවා. යකෝ. ඔය වෙච්ච හැම දේ ගැනම අවුරුදු පහකට විතර පස්සෙ හිතල බලපන් කොහොමද ආතල් එක කියලා. අතීතෙට යන්න පුලුවන් නම් සමහරවිට උඹ උඹටම ගහ ගනීවි. කොල්ලෙකුට සම්පූර්ණ වෙන්න නම් බූට් එකක් කන්නම වෙනවා. මොනව උනත් ජය වේවා.

    ReplyDelete
  30. @Y2K:- අඩෝ සිරාවට උබේ කතාව කියෙව්වහම හිතට ලොකු ෆිට් එකක් ආවා.ගොඩක් පින් මල්ලියා.මාත් මාස ගානක් මේකිව හෙව්වා කතාව පසුවට බ්ලොගයේ දිග හැරේවි මචං.

    දැන් මන් ටිකක් ගණන් උස්සල ඉන්නේ... දැන්නම් ගොඩක් දුරට ප්‍රශ්න අඩුයි එත් බලමු නේද මචං.... උබේ ලව් එකත් සාර්ථකවම කරන යමන්...

    අඩෝ මේ උබ අන්තිමටම කියපු එක මොකක්ද බන්...? මේ බ්ලොග් එකේ කොතනකවත් මම මගේ ඉස්කෝලේ නම කියල නැහැනේ බොල...?? මට එක ලොකු ප්‍රශ්නයක්...??

    ReplyDelete
  31. @චන්දික ගුණතිලක:- අඩේ සාදරයෙන් පිළිගත්තා උඹව එහෙනම්..... අඩේ මචං එක බූට් එකක්නම් මදැයි බන්.මට දැන් බූට් කාල එපා වෙලා බන් ඒකයි.කොහොමත් මේක නැති වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ බලමු ඒත් නේද මචං... ගොඩවැදිලා ගියාට ගොඩක් පින් මචන්..........

    හැබැයි සිරා අදටත් ජිවිතයේ සමහර සිද්දි සම්බන්ධව අතීතෙට යන්න පුලුවන්නන්ම් මන් මටම ගහගෙන තමයි බන්.... :)

    ReplyDelete
  32. ඉක්කෝලේ නම කියන්නේ මොකටෙයි රෝසයි, වයිටයි ගෑන දෑම්මම දන්නෝ දනිතිනෙ :D :D අනික ඉතින් අර ගුවන් බාලදක්ෂ සීන් 1ත් මාත් 1ම 1ක දවසක් අත්හදා බලලා තියෙනවා නොවෑ :)) කොහොම උනත් මට හරි සන්තොසයි අපේ එකෙක්ගෙ බොලොක්කෙකුත් මේකේ තියෙනවා දෑක්කම :) අපරාජිතයට තවත් හොඳට සාර්ථකව මේ බ්ලොග් 1ක කරගෙන යන්න පුලුවන් වෙන්න කියල මන් ප්‍රර්ථනා කොරනවා ඕන් :x

    ReplyDelete
  33. @Y2K:- හරි මං දන්නවා උඹ කව්ද කියලා හමුදා පුහුණුවට ගිහින් වරෙන් පහල ගම.උබ මං කව්ද කියලත් දන්නවා ඇති අනිවා මොකද මගේ බැජ් ඒක ගලවන කොට උබත්අපිට බාල පන්තිවල ශිෂ්‍ය නායකයෙක්නේ නේ...?

    උබව අදුනනව කියන්නයි ඒ ඉඟියත් දුන්නේ මාව දන්නවනම් කට පියන් හිටපන් හරිද බ්ලොග් ඒක ගැන පත්තරේ දාන්නේ නැතුව.......... X_X

    ReplyDelete
  34. අප්පා ඒ ගෑන බයවෙන්න එපා බන්, මන් කටේ කෙල බින්දුවක් වත් හලන්නෙ නෑ ඕන්, හෑබෑයි පොඩී අවුලක් තියෙනවා

    ReplyDelete
  35. @Y2K:- මොකක්ද බන් අවුල කියපන් බලන්න...??? X(

    ReplyDelete
  36. මම උබේ කතාව මුල ඉදලම කියෙව්වා. මම නම් කියන්නේ උබලගේ අම්ම කිව්ව දේම තමයි, ඔය ඉන්න විදිහට ටිකක් ගණන් උස්සල ඉන්න, එතකොට හොයගෙනම එයි,උබට ජයවේවා

    ReplyDelete
  37. meke oya hithapu dema neda dan wela thyenne..oyata mn meketh post ekak dala tyenawa eya dena onama uththarayak baraganna lasthi wela inna kiyala..dn hitha hadagnna aiye..eyata oyawa nathiwune eyage awasanawata..

    ReplyDelete
  38. මං දන්නේ නැහැ .. මට නම් මුල ඉන්දලම් මේ කතාව පෙනෙන්න්නේ එක්කෙනෙකුගේ උවමනාවට ගිය ගමනක් වගෙයි.. කෙල්ල මුලදී වැඩිය සිරාවට නොගෙන ඇවිත් දැන් දැන් පස්ස ගහන බවයි .. පෙනෙන්නේ.. තරහ වෙන්න එපා .. මට නම් හිතෙන්නේ මෙතෙනදී උඹ ගොඩක් බොළඳයි කියල.. අර පොඩි සදු ගැන උඹ ලියල තියෙන වචන ටික ලියන්න පුළුවන් හොඳ බුද්ධියක් තියෙන ගොබිලෙකුට විතරයි.. එහෙවු උඹ මෙහෙම දුරුවල වෙනකොට මටතරහක් තමයි එන්නේ.

    ReplyDelete
  39. @Dhanushka Gunasinghe's Hard Code:- දැන් ඔක්කොම සිදුවී හමාරයි මචං......

    ...........................................................................................................................................................................

    නම නොකී යාලුවා:- ඔව් බන් සියල්ල හමාරයි.කෙල්ලෝ ගැන කතාකරල වැඩක් නැහැ තව දුරටත්.... බලාපොරොත්තු උන අවසානය....

    ....................................................................................................................................................................

    @සරත් ලංකාප්‍රිය:- මොනවා කරන්නද මචං මම මගේ යාළුවො මානසිකව වැටුනම හේනට බණ කියල උන්ගේ හිත හදනවා... ඒ වෙලාවට මගේ හිත ගොඩාරියක් හයියයි... කව්රු හරි මට මොකක් හරි බැහැයි කිව්වොත් මම කොහොම හරි කරලා පෙන්නනවා.ඒත් හැගීම් සම්බන්ධවදී මම මහා බොළඳ චරිතයක් බං... හිත ගොඩාක් දුර්වලයි ඒ වෙලාවට...

    ReplyDelete
  40. Malli,I know that you are genuine but show that to her.I know that its hard to tolerate but dont show it to her.Time will heal all the pains...

    ReplyDelete
  41. නම නොකී යාලුවා:- දැනටමත් කාලය වෙන්න ඕනා දේ තිරනය කරලා ඉවරයි අයියා.... මගේ අවංක අව්‍යාජ ආදරය එයාට සෙල්ලමක් උනා විතරයි අන්තිමට.... ඒ මගේ ලැබීම වෙන්න ඇති........

    ReplyDelete
  42. adai mama me blog 1 dakke.. kello gana wadiya hithana 1ke therumak naha kiyalai mama hithanne. ewagema kalabala wennath epa.. tikak iwasimen wada karanna.. oyage adare attha nam 1 aniwaryayen oyata labei! :)

    ReplyDelete
  43. matath prashnayak tiyenawa.. upadesak ganna puluwan nam loku deyak..

    ReplyDelete
  44. නම නොකි යාලුවා 01:- අනේ මංදා බං..... එව්වා සිදුවී හමාරයි දැන්..

    ...........................................................................................................................................................................

    නම නොකි යාලුවා 02 :- මොකක්ද මචං වෙන්න ඕනා.... කියහන් පුලුවන්න්නම් අනිවා උදව්ව කරන්නම්..........

    ReplyDelete
  45. මාරම සීන් එකක් නේ මල්ලි. උබට කියන්න ඉස්සර නම් මම මාරම ආසයි කෙල්ලත් එක්ක වලියක් දාගන්න. හැමදාම නෙමෙයි. මාසෙකට වතාවක් විතර. කොහොමහරි වලිය ඉවර වෙලා දෙන්නා ෂේප් වෙනකොට තිබ්බ ආදරේ තව ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසයි මම නම් වලි වලට ආස. දැන් නම් කෙල්ලෙකුත් නෑ. :(

    ඒ උනාට මේක වෙනම කේස් එකක්. මල්ලිට තියෙන්නේ පොඩ්ඩක් ඉවසගෙන ඉන්න එකයි. ඔක්කොම කාලයත් එක්ක හරි යයි.

    ReplyDelete
  46. ඔක්කොම ටික දැන්නම් වෙලා ඉවරයි මචෝ... හැබැයි උඹ කියපු එකනම් ඇත්ත... වලියක් දාගෙන ආයේ ශේප් උනාම ආදරේ සෑහෙන්න වැඩි වෙනවා....

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........