Saturday, June 11, 2011

අසේලයාගේ ඒක පාර්ශික ලව් එක


අනේ මංදා මම කලින් දාපු පොස්ට් එක ගොඩ දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන හැඩයි.. කොලඹ වෛද්‍ය විද්‍යාලයේ කියන වෙන බ්ලොග් ලිපිනයකින් ආපු කවුරු හරි සහෝදරයෙක් මට බැනලා කමෙන්ට් දෙකක් දාලා තිබ්බා.... එකක් මෙන්න මෙහෙමයි තිබ්බේ...

"යකෝ මේක ලියන එකෙක් හරියට නම දාපන් . ෆැකල්ටියෙ එවුන් මගෙන් අහනවා මේක ලියන්නෙ මමද කියලා . මේ අනුන්ගෙ ඉලව් ලව් වලින් අහිංසක අපිට නෙ කෙලවෙන්නෙ ශික්"

තවත් මොකක්ද මන්දා එකකුත් එවලා තිබ්බා...ඇනෝනිමස් කෙනෙක් විදිහට නපුන්සක පාට් එකකින් බනින්නෙ නැතුව මෙහෙම බැන්න එකට මම සතු‍ටු වෙනවා මචං...ඒත් උඹට උඹේ වලිගේ කොනක් පෑගිලාද කොහෙද...පොඩ්ඩක් කකුල උස්සලා ඒක අයින් කර ගනින්.නැත්නම් පැටලිලා උඹව වැටේවි...

ආහ් තව මොකෙක්ද එකෙකුගෙ නමකුත් දාලා තිබ්බා මචං මේ උඹද කියලා..... මචෝ උඹට කියන්න වැඩි දෙයක් මං ලඟ නැහැ.. ඒත් ටිකක් කියන්නම්.. මම මෙඩිසින් යන්න තරම් දක්ශ එකෙක් නෙමෙයි මචෝ... එච්චර හැකියාවක් තිබ්බත් මම ඔය මෙඩිසින් කියන එක කරන්න යන්නෙ නැහැ...

ඒ මගේ තාත්තා අසනීපයකට කොලඹ මහ රෝහලේ නවත්තල හිටපු වෙලාවක ඩොක්ටර්ලයි කියා ගන්න සමහරක් ලෙඩ්ඩුන්ට සලකපු විදිහ මම මගේ මේ ඇස් දෙකෙන් දැක්ක නිසයි...මචෝ මමත් කැම්පස් එකේ කොල්ලෙක් තමයි ඒත් අපේ කැම්පස් එක තියෙන්නේ තුම්මුල්ලේ....

උඹලගේ වගේ වෙනම නෙමෙයි... අනික ශානකයා මගේ හොඳ යාලුවෙක්.. මම ඌට මොකුත් කියලා නැහැ.... ඌව ටිකක් උඩින් උස්සල තියපු එක විතරයි මචෝ...

අනික මේ එක එක නම් ගහල මේ උඹද කියල අහන එව්ව වලට උත්තර දෙන්න මගේ බ්ලොග් එක ලෑස්ති නැහැ... මම කවුරුත් නාදුනන තනි පුද්ගලයෙක් මචෝ බොහෝම සරලව ජිවත් වෙන්න උත්සහ කරන පුලුවන් හැම වෙලාවකම කාටම හරි මට පුලුවන් උපරිමයෙන් වචනයකින් හරි උදව් කරන්න බලාගෙන ඉන්න...

මට මගේ ලඟ හැමදාටමත් මගේම කියලා යාලුවො ගොඩාක් ඉන්නේ ඒ නිසයි.එව්වා ඔක්කොම මට ලැබුනේ මම මේ ස්වභාවධර්මයට අනුව සරලව ජිවත් වෙන්න උත්සහ කරන නිසයි...

අනික බං මම ඉගෙන ගන්නේ කොලඹ මෙඩිකල් ෆැකල්ටි එකේ නම් මම මොකටද ඒක හංගන්නේ.. යකෝ ඒක අඬ බෙරයක් ගහල කියන්න වටින දෙයක්නෙ...

මගේ බ්ලොග් එකට ගොඩවැදුනට ගොඩාක් ස්තුති කියල තමයි උඹට අන්තිමට මට කියන්න තියෙන්නේ... උඹත් මෙඩ්ඩෙක්නේ පුලුවන්නම් මෙ රටේ දුප්පත් මිනිස්සුන්ට හදවතින් සලකන හොඳ වෛද්‍යවරයෙක් වෙයන් තවත් කලු කඩ කාරයෙක් නොවි ඩොක්ටර් කියලා කියා ගන්න..

මොකද උඹගෙ පෙර පිනකට ලැබුනු ඒ දායාදය ස්වභාවදර්මයා උඹෙන් උදුර ගනිවි ඊළඟ ආත්මෙදි උඹත් එහෙම ජරා විදිහට මිනිස්සුන්ට සැලකුවොත්....... අර කියමනක් තියනවනේ "හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී" කියලා...ඒකයි මචෝ.....

මම ගැන කියනවනම් මම අපරාජිතයා.... ඉගෙන ගන්නේ කොළඹ කැම්පස් එකේ සයන්ස් ෆැක්ල්ටි එකේ. කැම්පස් එක තියෙන්නේ තුම්මුල්ලේ... පුලුවන්නම් මම කව්ද කියලා හොයා ගනින් මචෝ.... හැබැයි මිරිගුවක් පස්සේ දුවනවට වඩා තමන්ගේ පාඩම් වැඩක් කර ගත්තොතින් කවදා හරි දවසක උඹෙ අතින් මැරෙන අහින්සක මනුස්සයෙක්ට මැරෙන්න නොදී බේරගන්න උඹට පුලුවන් වේවි....

මෙන්න අද කතාව.. අද කියන්න යන්නේත් මගේ ලඟම අදුරන අයියා නෙකුට වෙච්ච දෙයක් මම මූට අසේල කියන්නම්.මූ ඉගෙන ගන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ  මැනේජ්මන්ට් වල..

අවුරුද්ද ප්‍රකාශ නොකර ඉන්නම් මොකද ආයෙමත් මේක ජ'පුරේ එකෙක් කියවලා කලින් එකා වගේ මට අනම් මනම් කියලා බනින්න ගත්තොතින් මම ජප්පෙක්ද (ජපුරෙ එකෙක්ද කියලා) කියලා මගේ පටි රෝල්නෙ බොලව්... හික් හික්...

මේ කියන්න යන්නෙත් කෝච්චි ඒකපාර්ශික ලව් එකක් ගැන මූ යන්නේ එන්නේ කොච්චියෙන්.ඔහොම ටික කලක් යන කොට මෙන්න බොලේ මූට හැමදාම නිතර දකින හුරු බුහුට් කෙල්ලෙක් නෙත ගැ‍ටුනා කියහන්කෝ..

ඉතින් කෙල්ලව දැක්ක සැනින් මූ කෙල්ලට හිතින් ලව් කරන්න ගත්තා... මූ හැමදාම ජපුර කැම්පස් එන්න ගෙදර ඉඳලා කොච්චියට නගින කොට මූට කෙල්ලව සෙට් වෙනවලු.කෙල්ල නගිනවලු හැමදාම **** ස්ටේශන් එකෙන් කොච්චියේ අන්තිම පෙට්ටියට...

ඉතින් මූ හෙමි හෙමිහිට පැණි පාරත් දාගෙනම කෙල්ලට කෙළ හල හලා හිනා වෙනවලු, ලඟට ගිහින් ලං වෙලා ඉන්නවලු එක සීන් එකයිලු...

මූ දවසක් කොහොම හරි කෙල්ල එක්ක කතාවට වැටිලා දැනගෙන කෙල්ල කොලඹ සයන්ස් ෆැකල්ටි එකේය කියලා.. කෙල්ල සයන්ස් කියලා දැන්ගත්තු ගමන් මූට ඉහේ මලක් පිපුනා වගේ දෙයක් උනාලු..ඇයි යකෝ මමත් සයන්ස් එකේ එකෙක් කියලා මූ දන්න නිසා මට කියලා සබ් එක ගන්න පුලුවන්නේ කියලා..ඒත් මූට බැජ් එක අහගන්න අමතක උනාලු...

මේ අවුරුද්දෙ මුල මෙන්න යකෝ මට එක පාරටම එනවා කෝල් එකක් මුගෙන්.. මූ කෝල් කරලා මෙහෙම කියනවා..

මම:- හෙලෝ...
ඌ:-අඩේ මලේ පොඩි උදව්වක් ඕනා බං...
මම:- මොකෑ බං තොපිට අපිව මතක් උනේ..?
ඌ:- අඩේ මේ මට කොච්චියෙ කෙල්ලෙක් සෙට් උනා බං..ඒකිගෙන් විස්තර ටිකක් දැනගත්තා කෙල්ල උඹලගේ ෆැකල්ටි එකේ මචං.. මට පොඩ්ඩක් ඒකි ගැන විස්තර ටිකක් හොයලා දීහන්කො....

මම:- හරි බලමු.මොකක්ද නම..??
ඌ:-යකෝ නම දන්නවනම් මම තොට කිය කියා ඉන්නවද බොල..
මම:-හරි හරි..එහෙනම් කියහන් බැජ් එක මොකක්ද.?අපේ එකේද..?
ඌ:-බලපන් මචං.මට ඒක එකිගෙන් අහන්න අමතක උනානේ බං..සුදු,උස, කෙට්‍ටු කෙල්ලෙක් බං.. කට වට කර වැටක් වගේ කම්බි වැටක් දත් සෙට් එකට දාගෙනත් ඉන්නවා...කොන්ඩෙට පොඩි බූලක් දාලා කඩා හැලෙනවා මචං හරියට නිකන් අස්සයෙකුගේ නැට්ට වගේ..

මම:ඈ.. කොහොමද බං එහෙම හොයන්නේ හෙන තොගයක් ඉන්නවනෙ බං..
ඌ:-මොකක් හරි කරලා හොයලා දියන්කෝ බං...
මම:-බලමු...

ඔන්න ඉතින් මම පහුවෙනිදාම ඉඳන් අපේ මුලු කැම්පස් එකම පීර පීරකට වට කර ගහපු කම්බි වැට වලුයි, අස්ප නැටියි දාපු කෙල්ලන්ව හොයනවා...මොන කොහොමද බොලව් එහෙම හොයන්නේ...?

කොහොම හරි මූ ෆේස් බුකියේ පිරල පිරලා කෙල්ලව හොයාගෙන දවසක් මම ගෙදර හිටි වෙලේක මට මුගේ සිහින කුමාරිගේ ලින්කුවක් එව්වා... මම ඒක දැක්කම තමයි මීටර් උනේ යකෝ මේ අපේ උඩ බැජ් එකේ අක්ක කෙනෙක්නෙ කියලා...

කොහොම හරි මෙයාට කොල්ලෙක් ඉන්නවද කියලා මම දැනගෙන හිටියෙ නම් නැහැ.ඒක නිසා මම මූට හොයල බලලා කියන්නම් කියලා කිව්වා...කොහොම හරි ඔය අතරේ මූ ඒ අක්කට ෆේස් බුකියේ රික්වෙස්ට් එකක් දාලා..

මම ඊ ළඟ සදුදා ගිය ගමන් කලේ ශේප් එකේ එයාට කොල්ලෙක් ඉන්නවද කියලා හොයලා බලපු එක.බලද්දි ඉන්නවා.. හැබැයි කොල්ලා අපේ එකේ එකෙක් නෙමෙයි පිට ජොබ් එකක් කරන කොල්ලෙක්...

කොහොම හරි මම මූට ඕක කිව්වහම මූ හෙන පඬි ටෝක් එකක් දුන්නා."එව්වා මොනාද බං මල්ලි අපිට.සිම්පල් වැඩනේ... බලහන්කෝ මම දාපු ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකත් දැන් ඇක්සෙප්ට් වෙලා... මම දෙන්නම්කෝ වැඩේ" කියලා...

මම මූට කිව්වා පව් වැඩ කරලා පව් පුරව ගන්නේ නැතුව පාඩුවේ වෙන එකකට බැහැපන් කියලා..ඒත් මූ ඇහුවෙම නැහැ..කොහොම හරි ෆේස් බුකියෙන් මූ කෙල්ලට හෙනට පැණි පාර දාලා ජ'පුර මැනේජ්මන්ට් ෆැකල්ටිය මුලට දාලා....

කොහොම හරි මුගේ පෙරෙත්තය නිසාම කෙල්ල අකමැත්තෙන් මූව හම්බු වෙන්න එන්නම් කිව්වලු... තැන වෙලා තියෙන්නේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයට.... ඕක අනුමත උන ගමන්ම මූ පැනලා මට කෝල් එකකුත් දාලා හෙන පම්පොරියකුත් ගහලා කෙල්ලව හම්බු වෙන්න යන්න දත කට මැදන්ගෙන බලාගෙන ඉඳලා...

ඔන්න අදාළ දවසේ මූ හෙන ෆැන්සි පොරක් වගේ ගියාලු... කොහොම හරි එදායින් පස්සේ මුගේ කිසි සද්දයක් නැතුව ගියා.. වෙනදා කෙල්ල ගැන අහලා මට වාත උන එකා එක පාර හැල හොල්මනක් නැහැ... රින් කලාට පෝන් එක ගන්නෙ නැහැ...මැසේජ් එකකට රිප්ලයි එකක් නැහැ....

අන්තිමට සිද්දිය වෙලා දවස් 4 කට පස්සේ මෙන්න මූ මට කෝල් එකක් දුන්නා....

මම:-හෙලෝ... පරුෂ අසමත්ජාතියා... තොපිට හරි යනකන් විතරයි නේද අපිව මතක තියෙන්නේ...? දැන් ලව්
කරපිය කෙල්ල එක්ක..අපිව මතක නැහැ.

ඌ:-අඩේ මල්ලි නැහැ බං.
මම:-පල යන්න.තොපි ඔහොම්මමයි...
ඌ:-පොඩ්ඩක් හිටපන්කො බං කියනකන්.
මම:-අනේ මේ තව මොනා කියන්නද බොල...?
ඌ:-අඩේ අහපන්කො ****යෝ.උඹ මේ ගැන කාටවත් කියන්න එපා මචං..අඩේ එදා ආපු කෙල්ලෙක් නැහැ බං.එදා මා එක්ක ෆේස් බුක් එකේ චැට් කරලා තියෙන්නෙ කෙල්ලගේ කොල්ල එක්කලු බං.

මම:-හුටා.
ඌ:-ඔව් බං..අඩේ මම එදා රුපියල් 250ක පොඩි චොකලට් එකකුත් අරගෙන පාක් එකට වෙලා බලන් ඉන්න කොට මෙන්න බං හෙන පත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් මං ලඟට.මම අසේලද කියලා ඇහුවා.මම ඔව් කිව්වා විතරයි බං එකෙක් මගේ බෙලෙන් අල්ලලා උස්සලා කිව්වා බං මගේ කෙල්ල දිහා ආයේ බලලා හරි අහු උනොත් මරනවා කියලා...අඩේ බලපන් බං...

මම:-තොට හොඳ වැඩේ.මම කිව්වනේ කලින්ම කොල්ලෙක් ඉන්නවයි කියලා...
ඌ:-උඹ කාටවත් කියන්න එපා මචං..මාර නෝන්ඩියක් බං උනේ...

බලද්දි එදා ෆේස් බුකියේ මූ එක්ක චැට් කරලා තියෙන්නේ ලොග් වෙලා ඒ අක්කගේ කොල්ලා.... මූට අන්තිමට පච චාටර් සීන් එකක් වෙලා හො‍ටු පෙර පෙර හිටියා... හික් හික්.

ඔන්න වෙච්ච සිද්දිය... දැන් මේක කියවලා ජ'පුර මැනේජ්මන්ට් ෆැකල්ටියේ අයියල සෙට් එකක් රෙද්ද උස්සන් එන්න එපා උඹ මූද..?? අරූද..?? හුටා මේ උඹනේ කිය කියා...

මම කවදාවත් මම ඉගෙන ගන්න ෆැකල්ටි එක කියන්න නෙමෙයි හිටියේ..ඒත් අර කලින් පෝස්ට් එකට මෙඩිකල් ෆැකල්ටි එකේ ගොයියෙක් ඇවිත් නටපු නාඩගම නිසා ඒක කියන්න උනා..නැත්නම් වෙන අහින්සකයෙක් ඉවර නිසා....

කතාව ගැන මොකද හිතෙන්නේ...කෙල්ලෙකුට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැන ඒකිටම ලයින් දාන එක ගැන උඹලා දකින විදිහත් දැන්ගන්න කැමතියි....
හැමෝටම ජය වේවා.....!!!

21 comments:

  1. සහෝදරයා භය නැතුව ලියාපන් ඔය බල්ලෙක්(මෙඩ්ඩෙක්) බිරුවට කදු පාත් වෙන්නේ නැහැ නේ. ඔබට ජය.

    ReplyDelete
  2. කෑමති ද වෙනසකට එකතුවෙන්න.................

    ReplyDelete
  3. බොද ම්දුම් = සමා වන්න මාගේ සහොදරයාට සුලු මොලයෙ ආබාධයක් ඇති අයෙකි ඔබට සිඳු වු අපහසුවට මාගේ කනගාටුව ප්‍රකාශ කරම් සමාවන්න

    ReplyDelete
  4. පවු වැඩේ බං අසේලයා. ඌ තාමත් තනිකඩද බං?

    ReplyDelete
  5. @Rawana:- එල මචං එල.උඹලගෙ වචනෙත් මට ලොකු හයියක් බං........

    ............................................................................................................................................................................

    @බොද ම්දුම්:- කියන්න ඕනා ටික මම උඹෙ බ්ලොග් එකේ කියලා ඇති... :-q

    ......................................................................................................................................................................

    @sohan:-ඕකට කියන්නේ මචං හිට්ස් මානසික අසහනය කියලා..... මචෝ මල්ලිව පරිස්සමින් බලාගනිවි.නැත්නම් උඹෙ මල්ලිව වැඩිකල් යන්න කලින් අර විශේෂ අය ඉන්න තැන පදිංචි කරන්න වේවි.... :-a

    ......................................................................................................................................................................

    @prasanna86k:- ඔව් බං ඌ තාමත් තනිකඩයි..... තාමත් කෙල්ලෙක් හොයනවා... හොයන්නෙම එක්කො කණ්ණාඩි දාපු උන්... නැත්නම් කම්බි වැටවල් ගහපු උන්..... :))

    ReplyDelete
  6. aiyagta inna yaluwo nam niyamai....ekkenek kellonta ganan pennanawa....anith kena akkalage kollo ekka chat karnawa....hikiz... =))

    ReplyDelete
  7. ඔන්න ඔහොම ඕන ඉටිගෙඩියක් ලියපන් හිනාවෙන්න පුළුවන්.. .. උඹ ඩොකෙක් නොවෙච්ච එක නම් හොඳයි.. ඉන්ජෙක් ඩොකෙක් නොව මිනිහෙක් හදාපිය කියල කලකට ඉහතදී කැම්පස් කොල්ලේ ලිවූ කවියක තිබුන.. ඒ හින්දා මිනිහෙක් වෙයන් මලය..ඩොකෙක් නොවීමට උඹ දෙන හේතුව හොඳ නැහැ.. එක ඩොකෙක් නරක උනාට ඔක්කොම එහෙමයි කියල හිතන්නෙපා .. දෙවිවරු වගේ ඩොක්කු මම දැකල තියෙනවා..

    ReplyDelete
  8. @නම නොකී යාලුවා:- මේ අර නංගියා වෙන්න ඕනා.... ඔව් ඔව් මමත් ඔය වගේම මැන්ටල් අප්සට් ඩයල් එකක් තමයි.... :))

    ...........................................................................................................................................................................

    @සරත් ලංකාප්‍රිය:- අනිවා අයියා දෙවිවරු වගේ ඩොක්කු ඉන්නවා...ඒත් මට අප්පිරියයි අරම උන්ව..... මමත් ඔක්කෝටම ඉස්සෙල්ල උත්සහ කරන්නේ මනුස්සයෙක් වෙන්න තමයි බං.........

    ReplyDelete
  9. තව පොඩ්ඩෙං උඹ මෙඩ්ඩෙක්ව නස්තාර් කරන්න ගියේ නේද?

    ReplyDelete
  10. සමා වන්න සමා වන්න හිත රිදෙන වචන වලට කියන්න මොනවාද කරන්න පුලුවන් මා ඔබට කරා වු අපහාසයට

    ReplyDelete
  11. මොකටද කොල්ලෙක් ඉන්නවා නම් පස්සෙන් යන්නෙ .....
    වෙන කෙල්ලො නැතුවද ........

    ReplyDelete
  12. Badge = බැජ් = පදක්කම
    Batch = බැච් = කණ්ඩායම

    ReplyDelete
  13. තවත් ලියන්න ගිනි අව් සහ ගිනි කෙලි..................................

    ReplyDelete
  14. @කුරුං ගුරුං:- නැහැ බං මේ වෙන මගේ යාලුවට නැති ඇම්මක් මෙ කොහෙවත් යන උන්ට තියනවනෙ බං....

    ........................................................................................................................

    @බොද ම්දුම්:- කිරි කළයට ගොම බෙට්ටක් දැමූ කල මුලු කිරි කළයම විනාශවී යයි....

    ....................................................................................................................................................................

    @කල්හාර දිසානායක:- අර සමහර අයට තියනවනේ කල්හාර අයියා ලෙඩක් හිත ගිය තැන මාලිගාව කියලා..ඒක නිසා වෙන්න ඇති....

    ReplyDelete
  15. @කතන්දර Kathandara:- වැ‍රැද්ද නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඔබට සියක් වාරයක් ස්තුතිවන්ත වෙමි.....

    .......................................................................................................................................................................

    @ගිනි අව් සහ ගිනි කෙලි:- උඹට ආයේමත් කියන්න තියෙන්නේ උඩ කිව්ව කතාවමයි... ඔබ බ්ලොග් කරණයට ඇතුල් වූයේ හොඳ විදිහකට නොවේ.......

    ReplyDelete
  16. කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැන ලවු කරන කොල්ලොත් ඕන තරම් ඉන්නවා බං . උදා හරණයකට මේ මාවම ගනිංකෝ මමත් කාලයක් ඔය වගේ වැඩක් කලා . ඒ ඉතින් ආදරේ කරන කාලේ මෝඩ ගතියක් ඉබේටම එන හින්දා !

    මොකද බං මේ ගහ බැන ගන්නේ ? . ඔන්න ඔය කමෙන්ට් මොඩරේට් කරදාලා පාඩුවේ අත්දෙක බැඳගෙන හිටපං මචං .

    කැම්පස් කොල්ලන්ගේ ලෝකය අරුමයි ! අපි වගේ කොල්ලෝ ඒ ලෝකය දිහා බලාගෙන සුසුම් හෙලයි .

    ReplyDelete
  17. @හිස් අහස :- ඔව් මචං මම නැවැත්තුවා... ඒත් මේ එක ගොයියෙක් නිතර අනම් මනම් කියනවා මචං.... බ්ලොග් අවකාශයේ මම ගරුකරන පුද්ගලයින් අතරින් උඹ තමයි අංක දෙක.එක පිස්සා අයියා....

    උඹ කියන එක මම අහනවා අනිවා... ඒ සුනඛයා කියන කියුම් මින් මතුවට කෙලින්ම ඩිලීට් කර දමනවා....

    මචං හොඳ යාලුවෙක් විදිහට මම දෙයක් කියන්නම් අහනවද උඹ....??

    මචෝ මේ ලෝකේ හොඳට ජීවත් වෙන අවංක මිනිස්සුන්ට කවදාවත් අහිතක් කරන්නේ නැහැ... මචෝ කෝක් වෙන්නෙත් හොඳටයි ඒක නිසා කැම්පස් යන්න බැරි උනා කියලා දුක් වෙන්න එපා මචෝ....

    කැම්පස් එක කියන්නේ මහ ලොකු තැනක් නෙමෙයි මචං.... මිනිස්සුම ඉන්න ඉතාමත්ම සාමාන්‍යය තැනක්..... උඹට ජය වේවා...!!

    ReplyDelete
  18. aiya khmada danne ano kenekgen cmments danne man mai kiyala??

    ReplyDelete
  19. නම නොකී යාලුවා:- මන් හිතුවෙ නම් ඔයාගේ භාෂා හැසිරවීමෙන් නංගියෝ.....

    ReplyDelete
  20. ලොවෙත් නැති සීන් එකක් නෙ බන් ඌට වෙලා තියෙන්නේ... ඌට නිකන් පොලව පල්න් යන්න හිතෙන්න ඇති... හික් හික්

    ReplyDelete
  21. අපරාජිතයා මෙඩ්ඩෙක් උනත් සයනෙක් උනත් කමක් නෑ. ලස්සනට කියවන්න දෙයක් බ්ලොග් එකේ ලියනවනම් එච්චරයි ඕනේ. අපට වැඩක් නෑ පුද්ගලික දේවල්. තමන්ම කියනවනම් විතරක් අහනවා. නැත්නම් එපා.

    ඔය වගේ සීන් එකක් අපේ කොල්ලෙක්ටත් උනා. හැබැයි ඌ නම් යන්තම් ෂේප් උනා. නැත්නම් එකම කැම්පස් එකේ හින්දා පැණෛ හැලෙන්න කන්න තිබ්බා.

    අපරාජිතයා සයන්ස් ෆැකල්ටියේ කිව්වනේ. මම හන්තාන අඩවියේ !!!

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........