Sunday, June 05, 2011

ශානකයාගේ වීර වික්‍රමය


මෙච්චර කල් මගේ බ්ලොග් එකේ කලක ඉඳන් ඇඬියාවක්නේ බොලව් තිබ්බේ... ඒකටත් හරියන්න මම අද මගේ ලඟ යාලුවෙක්ට උන  පොඩි සිද්දියක් කියන්නම්....

මම මූට "ශානක" කියල කියන්නම්.මූ තමයි අද පොස්ට් එකේ කතා නායකයා... මූ ගැන කියනවා නම් මූ ඉගෙන ගන්නේ කොලඹ වෛද්‍යය පිඨයේ... (ඔව් බොලව් අපිත් ටිකක් වැදගත් කියන මිනිස්සුන්වත් ආශ්‍රය කරනවා තමයි)

මූව සෙට් උන විදිහ එහෙම උඹලට වැඩක් නැහැ... මු ගැන කියනවනම් හෙනම මීටර් එකක්.... පලවෙනි පාර 2007 A/L ඇනගෙන දෙවනි පාරට 2008 A/L කරලා කාටද බොල ලංකාවේ 21 වෙනියා වෙන්න පුලුවන්.....

ඒත් මම මේ කියපු ශානකයට කරන්න පුලුවන් උනා.... අපි වගේ පොඩි කැම්පස් වල ඉගෙන ගන්න එකෙක් නෙමෙයි ඌ.ඒක නිසා වචනයෙන් කියනවනම් ඌ වෙන්න ඩොකෙක්.... මටත් ඉතින් දන්න අදුනන යාලුකම නිසා ඌව නිතරම වගේ සෙට් වෙනවා.... අනික අසනීපයක් හැදුනු දවසක නොමිලේ හරි බෙත් ටිකක් ගන්න පුලුවන්නේ...

කොහොම හරි මම සචිනි (මට පහුගිය දවස්වල බූට් තිබ්බ කෙල්ල) එක්ක යාලු වෙන්න පස්සෙන් ගිය කාලේ ඉදන්ම මූත් ඔය සිද්ධිය දැනගෙනයි උන්නේ.... ඒ කාලේ මූ මට නිතරම දුන්නු උපදෙසක් තිබ්බා....

මූ කිව්වේ "ඔය කෙල්ලෝ පස්සේ යන එකනම් බං තෙරුමක් නැති දෙයක් බං... තනියම ඉන්න ජිවිතේ තරම් සැපක් වෙන කොහෙවත් නැහැ"යි කියලයි...

ඌ එව්වා වලට ඉදිරි පත්කල තර්ක මෙන්න මෙහෙමයි... "බලපන් මචං උඹෙ අම්මයි තාත්තයි.. උඹට කන්න බොන්න දෙන්න දුක් මහන්සි වෙනවා.... ඒ මිනිස්සුන්ට කිසිම නිදහසක් නැහැ.. හරියට කෑමක් බීමක් නැහැ... ජිවිතේ කිසිම විනොදයක් නැහැ.... ඒ වගේද බං තනියම ඉන්න කොට කං කෙඳිරි ගාන්න ගෑණියෙක් නැහැ.... ළමයි නැහැ.... කරදර කිසිම දෙයක් නැහැ ෆුල් ෆන් එකෙන් හැම දාම ඉන්න පුලුවන්නේ බං.... ඔය ගැණු ඔනනම් ඉස්පිරිතාලවල නර්ස් නෝනලා ඉන්නේ බං... බලපන් මට හිතෙනවා මට අද මේ හෝටලෙන් දවල්ට කන්න ඕනා කියලා.... මම ඉතින් ගිහින් කනවා.... ගැණියෙක් ගත්තම ඒ නිදහස නැහැනේ බං... ඔය මගුල නවත්තලා මං වගේ ආතල් එකේ ඉදහන්කො මචං....." 

ඒ ගිය අවුරුද්දෙ මාර්තු වල විතර..... එහෙම කියපු එකා මෙන්න මේ අවුරුද්දෙ අප්‍රියල් විතර මට දවසක් සෙට් උන වෙලේක කියනවා මෙහෙම කතාවක්;

ශානකයා:-අඩේ පොඩි සීන් එකක් තියනවා බං උඹට කියන්න...
මම:- කියහන්... මොකක්ද..?
ශානක:- මචං මම හැමදාම බස් එකට නගින හොල්ට් එකට පට්ට කෑල්ලක් එනවා බං....
(මූ ඉන්නේ නුගේගොඩ පැත්තේ)
මම:-ඉතින් බං උඹ ලඟදිද බං දැක්කේ...??
ශානකයා:-ඔව් බං මම දවස් දෙක තුනක් ලෙක්චර්ස් කට් කරලා එන වෙලේක දැක්කේ බං... **** බැංකුවේ වැඩ කරන කෙල්ලෙක්..හරි අහින්සක පාටයි බං... මට නිකන්ම හිත ඇදිලා ගියා.....
මම:- එල එල එහෙනම් බැහැපන් ගේමට....
ශානකයා:- පොඩි ප්‍රශ්නයක් බං...
මම:- මොකක්ද....?
ශානකයා:-ඒකි මාව දන්නෙවත් නැහැ.... අනික බං මට වඩා වැඩිමල්ද දන්නෙත් නැහැ...
මම:-වස්සෝ වයස ප්‍රශ්නයක්ක් නැහැ.අවුරුද්දක් දෙකක් වැඩි උනත් උඹට අවුලක් නැතිනම් ශේප්නේ...

බලපියව් එදා එහෙම පොර ටෝක් දුන්න බුවාට අද වෙලා තියන විනාසේ...මූට නම් අනංගයා හීසරකින් නෙමෙයි පොරවකින් වගෙ එකකින් කොටලද මංදා.... චීත්තයක් සෙට් උනා විතරයි මූ දෙකට තුනට නැමිගෙන ලෙක්චර්ස් කට් කරගෙන පස්සෙන් යන්න ගත්තා....

මූ ඒ කාලේ හැමදාම මට අප්ඩේට්ස් දි දී එක එක උපදෙස් එහෙමත් ගත්තා... මොකෑ මගෙ ලව් ඉලව් හුට පට දෙකම ගැන ඌත් හොදටම දැනගෙන හිටියා....කොහොම හරි ඌ කියනවා කෙල්ල ඌත් එක්ක හිනා වෙනවලු.... බස් එකට මූ එක්ක නැගලා කෙල්ල ඉඳගත්තම මුගෙ බෑග් එක එහෙමත් ඉල්ල ගන්නවලු.

ඔහොම මුගේ ට්‍රයි ලව් සීන් එක ගලාගෙන ගියා..... දවසක් සෙට් උන වෙලේක මූ කියනවා;
ශානකයා:- අඩෝ ***** මම කෙල්ලගෙන් ඇහුවා බං....මාව අඳුරන්නේ නැහැයි කිව්වා බං මන් එකිට පොඩ්ඩක් කතා කරන්න ඕනයි කිව්වා කියලා..

මම:- යකෝ එහෙම එක පාරටම අහනවද බොල...?
ශානකයා:- කරන්න දෙයක් නැහැ බං..ක්ලිනිකල් පටන් ගන්නවා එන මාසේ මුල.... එතකොට මේ කට්ට කන්න බැහැනේ බං...
(ඇත්ත.. මගේ තව යාලුවෙක් කියලා තියනවා උදේ 7.30 විතර වෙද්දි හොස්පිටල් එකේ වෝර්ඩ් එකේ ඉන්න ඕනලු)
මම:- හ්ම්.... කෙල්ලො එහෙම තමයි බං....උඹ අත අරින්න එපා... මගේ එකත් මට මුලින් ඔය බයිලාවමනෙ බං ගැහුවේ... බලපන් දැන්
(දැන්නම් එවා ලෙසටම සිදුවී බූට් වැදී සියල්ල හමාරය)
ශානකයා:- ඔව් ඔව් අනිවා....

මෙහෙම කියපු බුවා දිගටම කෙල්ල නිසා ඔය කට්ට කාලා... කොහොම හරි උන්ව වෝඩ් දාන්න කලින් සති 3 නක "ඔරියන්ටේශන්" කියලා වෝඩ් වලට එක්ක ගිහින් පොඩි හැදින්වීමක් දුන්නලු.... ඒ කාලේ හැමොටම ක්ලිනිකල් කෝට් එක ඇඳගෙනලු වාට්‍ටුවට යන්න ඕනේ වෙද නලාවත් එක්ක...

මූ කෙල්ල බැහැ කිව්වට පස්සේ හදලා තියෙන්නේ කෙල්ලට මූ මේඩ්ඩෙක් කියලා ඒත්තු ගන්වන්න...මූ ඉතින් පස්සෙ දවසක මුගේ ක්ලිනිකල් කෝට් එකත් දෙකට තුනට නවාගෙන මෙඩිසින් වල තියනවාලු පොතක් "Macleod's Clinical Examination" කියලා.

මූ ඔය පොතත් පේන්න අතේ තියාගෙන එදත් අර ඔරියන්ටෙශන්ද මොකක්ද මගුලත් කට් පාරක් දාලා කෙල්ලට ෆලෝ අප් පාර දැම්මලු... එදත් කෙල්ල මුගෙන් අතේ තිබ්බ කෝට් එකයි පොතයි ඉල්ල ගත්තලු....

ඒත් කෙල්ලට හරියටම මූ මෙඩ්ඩෙක්ද කියලා මීටර් උනාද කියලා මූට ශුවර් නැති නිසා මූ ඊ ළඟ දවසෙ මරුම වැඩක් කරලා පජාත වෙලා ඇවිත් මා එක්ක මෙහෙම කිව්වා... පහලින් දාන්නේ ඌම කියපු විදිහට...

"මචං එන සතියෙ ඉදන් ක්ලිනිකල් පටන් ගන්නවනේ.මේ මගුල හැමදාම කරන්නත් බැහැනේ.. මම අද ගහන්න පුලුවන් අන්තිම තුරුම්පුවත් ගහන්නම් කියලා හිතාගෙන ගත්තා ස්තෙත් එක (වෙද නලාවට මෙඩ්ඩො කියන්නේ එහෙමලු..ඌ තමයි කිව්වේ) පොතට උඩින් ඒක පේන්න අල්ලගෙන මම බස් හෝල්ට් එකට ඇවිදගෙන එනවා... 


අඩෝ කෙල්ල ඉන්නව දැක්කා ඈතින්.. අඩේ මට පේන මානයේදි කෙල්ල නැග්ගනේ බං බස් එකට.. මාත් දුවගෙන ගියා..ඒත් බං නගින්න ඔන්න මෙන්න තියලා බස් එක ඇද්දුවනේ බං... 


මචං මොනවා කරන්නද... මම සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ බං ගත්තා ත්‍රී විල් එකක් ෆලෝ කරා බස් එක පස්සෙන්... අඩෝ බස් එක කලර් ලයිට් එක ගාව නවත්තලා තිබ්බා.. ත්‍රී වීල් එක බස් එක පස්සෙන් ගහපු ගමන් මම සල්ලිත් දීලා බස් එකට නගින්න ගියා විතරයි බං බස් එක ආයෙමත් ඇද්දුවනේ බං... බලහන් කෙල්ලව මිස් උනානේ බං ශික්....." 

ඕක මූ කියපු විදිහට මට බඩ අල්ලගෙන හිනා....හරියට නිකන් රස කතාවක් වගේ....අන්තිමට මූ ආයේමත් දවස් දෙක තුනක් අර කියපු ඔරියන්ටෙශන්ද මොකක්ද එකත් කට් කරගෙන කෙල්ලට පොඩි ෆලෝ පාරක් දිලා.එදයින් පස්සේ අර ස්තෙත් එක අරගෙන ගිහින් නැහැ....

කොහොම හරි දැන් මූ කියන විදිහට කෙල්ල තවමත් මුගෙන් පොත් ටික ඉල්ලගන්නවලු .ඒත් මූ හෙන රෙස්පට් දාලා ඉන්නවලු... මම කිව්වා ඔය කෙල්ලන්ගේ හැටි බං කියලා.... මූ කියනවා ඇයි යකෝ මේකි මට හෙන ගණන් ඉස්සුවා වගේ මං දැං ගණන් උස්සනවා බං... කියලා.

කොහොම හරි මූ කියන විදිහට කෙල්ලගේ දැන් මූට දක්වන ප්‍රතිචාර අණුව මට පැහැදිලි උනේ කෙල්ල මූට කැමතියි..හැබැයි ආසයි බයයි සීන් එකක් තමයි තියෙන්නේ කියලා... දැන් මුගේ ට්‍රයි එක කෙල්ල වැඩ කරන ***** බැංකුවේ ඉන්නවලු මුගෙ යාලුවෙකුගේ අක්කා කෙනෙක්... මූ හදන්නේ ඒ අක්කා මාර්ගයෙන් කෙල්ලව ටකල් කරගන්න....

මම මේ කතාව කිව්වේ කියවලා හිතන්න... මම ඉස්සර සචිනි පස්සෙන් යන කොට මට එක එක කතා කිව්ව එකා දැන් කෙල්ලෙක් නිසා කන ක‍ටු.....

එව්වා දැන් මූට මතක් කරන කොට මූ කියනවා "අනේ මංදා මචං නිකන්ම හිත ගියා බං" කියලා.... මූ බ්ලොග් එකක් කියවන එකෙක් නෙමෙයි.ඒකයි මේ සිද්ධිය උණු උණුවෙම සයිබර් අවකාශයට දැම්මේ.... මුගේ ලව් එක අති සාර්ථක වෙලා මට වගේ බූට් එකක් නොලැබේවා කියලා හදවතින්ම පතනවා....

හැබැයි මූ හිතන දෙයක පොඩි අඩුවක් තියනවා... මූ කියන විදිහට කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහපු ගමන් ඒකී පැනපු ගමන් හා කියන්න ඕනා...

ඒත් මම හිතන විදිහටනම් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහපු ගමන් සත පහකටවත් කොල්ලව ගනන් ගන්න නරකයි... ඌව පුලුවන් තරම් බාල්දු කරලා කරලා.... අඬ අඬ පස්සෙන් එන්නත් සලස්වලා තමයි කැමැත්ත දෙන්න ඕනා... එතකොට තමයි ඒ ආදරේ තියෙන වටිනාකම සෙනෙහස වැඩි වෙන්නේ....

උඹලා හිතන්නේ කොහොමද....?? ජය වේවා......!!!

29 comments:

  1. කාට කාටත් ඊතල පාර වදිනකම් ඔය ටොක් තමයි. වැදුනහම බලන්න ඕන. It's da circle of life man...that's it

    ReplyDelete
  2. ඇත්ත..ඇත්ත..අන්ත චාටර් එකක් දිලා පොඩි චාටර් එකක් දිලා තමයි බලන්න ඔනේ... අපෝ...එක සැරේ හා කිව්වම ඔකේ අගයක් නැ...

    ReplyDelete
  3. ela kathaawa.... thawa liyanna

    ReplyDelete
  4. @රොබින්:- අනේද කියන්නේ මචං...... මූට නම් හීසරක් නෙමෙයි පොරෝ පාරක් ගහල වෙන්ටැ....

    ................................................................................................................................................................

    @නිම්ශා :- අනේද කියන්නේ නේ... ඊට පස්සේ මුලු ජිවිත කාලෙම බාල්දු වෙන්න වෙන එකේ මුලදි ලොකු ලයින් එකක් දැම්මේ නැත්නම් කිසි ගතියක් නැහැනේ නේ....?? :P

    ................................................................................................................................................................

    @දුෂාන්:- ආයේත් අහලා මචං........... ලව් ඉලව් තමයි.....

    ...............................................................................................................................................................

    @නම නොකී යාලුවා:- ගොඩ වැදිලා දක්වපු සහයෝගයට ස්තුතියි ඔයාට ගොඩාක්.....

    ReplyDelete
  5. අනේ අපොයි මට මැවිලා පේනව අර ත්‍රීවීල් එකෙන් බැහැල බස් එකට නගින්න හදද්දි බස් එක අද්දන හැටි,හික්...කට්ටක් කෑවට මොකෝ ගොඩ ගියොත් කාටද ආඩම්බර :ඩී

    ReplyDelete
  6. "ඒත් මම හිතන විදිහටනම් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහපු ගමන් සත පහකටවත් කොල්ලව ගනන් ගන්න නරකයි... ඌව පුලුවන් තරම් බාල්දු කරලා කරලා.... අඬ අඬ පස්සෙන් එන්නත් සලස්වලා තමයි කැමැත්ත දෙන්න ඕනා... එතකොට තමයි ඒ ආදරේ තියෙන වටිනාකම සෙනෙහස වැඩි වෙන්නේ...."

    එහෙනම් ඒක තමා මේ ටිකේ මටත් වෙන්නෙ.. ;)

    ReplyDelete
  7. @නදී:- ආයෙත් අහල අක්කා... ඔක මූ රස කරලා කිව්වේ නිකන් හින්දි චිත්‍රපටියක් වගේ.... කිව්වත් වගේ ගොඩ ගියාම කාපු කට්ටටත් ආදරේ හිතෙනවා නේද...?

    .........................................................................................................................................................................

    @$චාටර් කොල්ලා$:- ඔව් මචෝ...... අත්දැකීමේන් ඒ ටික දැම්මේ......... පස්සේ කාලෙක ඒ ගැන මතක් වෙද්දිත් මාරම කික් එකක් එනවා මචං........... උඹටත් එහෙම ලයින් එකක් නම් අත අරින්න එපා එල්ලිලම යමන්...... වැඩේ ගොඩයනවා සිකුරුයි.......

    ReplyDelete
  8. අඩෝ **යා උබ එහෙනම් ආයෙත් නෝමල් එල එල
    (මොන බොරුද බන් මම නම් දන්න ව්දියට උබ ඔය කරන්නෙ රංගනයක්)
    එල එල හිනා වෙලා ෆන් එකේ හිටපන්..
    මචන් අරූ කුප්පය නරිය මිදි වැලට කිව්ව දේ වගේ ඇඩක් කරලා තියෙන්නේ..

    ඌට කියපන් අරකිව අන්දන්න එපා කියලා..
    මොකද මූ ඩොකා නිසා අරකි යාලුවේවි.. ඒත් මූට ඒකිව බදින්න වේවිද?
    මම නම් හිතන්නෙ නෑ... පව් බන්.. මෙච්චර ඩිග්‍රී තියෙන රටෙ සල්ලි තියෙනවන්ම් බැංකුවක ක්ලාක් කමට යාවිද ලස්සන කෙල්ලෙක්???

    :හිතන්න මොහොතක් නෙම්යි:

    තෑන්ක්ස් මට තාම හිනා යකෝ
    මම හිතාගෙන හිටියෙ ඩොකෙක්ට කෙල්ලෙක් දාගන්න එක නෝමල් කියල..
    ඒත් මූ කන කට්ටක්...
    ජය වේවා...

    මම "සුරන්ගනා ලෝකය" ලියන යසියා

    ReplyDelete
  9. @යසියා:- මෙහෙමයි මචං නෝමල් කිව්වට නෝමල් මත් නැහැ.... ජිවිතේ මාරම තනිකමක් පාලුවක් දැනෙනවා.... පුලුවන් තරම් හිනා වෙලා ඉන්නයි බලන්නේ බං....

    සල්ලි තියෙද නැද්ද කියන්නත් දන්නෙ නැහැ බං.... ඌ බඳිවිද කියන්නත් දන්නේ නැහැ මචං.... හැබැයි අනංගයා ඌට පොරවෙන්ම කෙලල තමයි තියෙන්නේ.... ඌ දැන් කෙල්ලට හෙන රෙස්පට් පාර දානවා කියල තමයි කිව්වේ... මාත් මෙච්චර කල් හිතන් හිටියේ බං ඩොකෙක්ට කෙල්ලෙක් දාගන්න එක නොර්මල් කියලා තමයි.... ඒත් මූ ගැන බලද්දි ඒක නිකන් අවුල් වෙලා යනවා බොල....

    උඹටත් ජය...........!!!

    ReplyDelete
  10. උඹ කියන එක හරි මල්ලි. කෙල්ලෝ ඉන්න ඕනේ ආඩම්බර කමට. මාත් ඔය ඉස්සරහට පැනගෙන හා කියන්න බලා ගෙන කෙල්ලොන්ට ආසාම නෑ බං...

    ReplyDelete
  11. @prasanna86k:- මේ උඹ මොකටෙයි වෙන එවුන්ගෙන් යාලු වෙන්න අහන්නේ.... මේ කියනවා ඒන්ජල්ට හොඳේ..... :-O

    ReplyDelete
  12. kathawa nam aththa..kellek unama adambara wennath epai ithin....habai aiyage yaluwata kiyanna wena kenek mala nelaganna kalin ikman wenna kiyala......

    ReplyDelete
  13. @නම නොකී යාලුවා:- ආහ් මේ අර ඇනෝ නංගියා වෙන්ටැ.... අනිවා ගනන් උස්සන්න ඕනා නේන්නම්.... පැන්න ගමන් අහන එවුන්ට මමත් කැමති නැහැ..... මමත් ඕකට ඕක කිව්වා....... නැත්නම් ඌට අන්තිමට කියන්න වෙන්නේ "මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි- හිත හදා ගන්න බැරි නුඹ මට නොලැබුන හන්දයි" කියලා තමයි....

    ReplyDelete
  14. අපි නොදන්න මෙඩ්ඩෝ
    උන්ට නයා ගේ පෙනේ එලියට පේන්න සාක්කුවේ දාගෙන යන්න තියෙනව නං ඊට වැඩි දෙයක් නෑ!

    ReplyDelete
  15. @කතන්දර Kathandara :- හික් හික්..... කතන්දර අයියට ගොඩක් ලොකු අත්දැකීම් තියන පාටයි වගේ...........

    ReplyDelete
  16. මාත් ඔහොම දේසනේ දුන්න බං අපේ උන්ට..අන්තිමට බැරි තැන තාම අරූ උඹට කළින් දුන්න දේසනේ තාම දිදී හොලාට ලව් කොලනො....
    දැක්කනේ මගේ අර නිසඳැසත්....

    ReplyDelete
  17. අනේ මේ කෙල්ලෝ මට නම් වැඩිය චාටර් කරන්න ආවාම වෙන්නේ ආදරේ වැඩි වෙන එක කෙසේ වෙතත් වැඩේ එපා වෙන එක.. ඇයි දන්නෙ නෑ.. :)) හැබැයි ඉතින් කෙල්ලෝ ආඩම්බර නොවී බෑ තමා.. :x

    ReplyDelete
  18. @කුරුං ගුරුං:- හොරාටම කොර කොර ඉදින්.... නිසදැස නම් කියෙව්වා...... ලස්සනයි ඒත් මට මේ ඩවස් වල එව්ව වලට ප්‍රතිචාර දක්වන්න බැහැ බං... ඒක මම එතනත් දාල ඇති....

    ...........................................................................................................................................................................

    @චතුවා (ළමයා):- අනේ මංදා බන් චතුවෝ.... එපාත් වෙන අවස්තා තියනවා... ඒත් ගනං උසාන්න ඕනා බං... එතකොටයි වටිනා කම වැඩි.....

    ReplyDelete
  19. මම තාම නිල්පාට ඇස් තියන කෙල්ල පස්සේ යනවා . ඒකි මට තවම උත්තරක් දුන්නේ නෑ .මටනම් දැන් පස්සෙන් ගිහින් ගිහින් එපා වෙලා . අනේ බං ඇයි උඹ කෙල්ලන්ව ඔය කතා කියලා අවුස්සන්න හදන්නේ ?.බලපං මම දැන් මාස ගානක් තැම්බි තැම්බි විඳින දුක .

    එක්කෝ බෑ කියන්නයි එක්කෝ හා කියන්නයි . මුං එකක්වත් කියන්නේ නෑ නේ . අපරාදේ කෙල්ලෝ කියලා ජාතියක් මේ ලෝකේ උන්නේ

    ReplyDelete
  20. @හිස් අහස:- එහෙම තමයි බලහන්කො වැඩි කල් යන්න කලින් නිල් පාට ඇස් උඹේම වෙනවා සදහටම....... එතකොට එදාට උඹටම ඒක දැනේවි බං.....

    ReplyDelete
  21. මේඩ්ඩෙක් කියල නයා ඇරලා කෙල්ලක් යාලු කරගෙන ඇති වැඩක් තියෙනවද ? එකී වැටෙන්නේ මේඩ්ඩට මිකක් ඌට නෙවෙයිනේ ? තමුන්ට ආදරේ කරන්න හොයාගන්න කියපන් කෙල්ලක් ඔය රස්සාව පස්සේ නොයන ඌට කැමතිවෙන එකියක්. මට නම් පෙනෙන්නේ කෙල්ල මුව අන්දගෙන කරකවනවා.. මු මේඩ්ඩෙක් වෙලා උගෙන් බෙහෙත් ගන්න එන උන්ට දෙවි පිහිටයි.. කොහොම උනත් මන් උඹේ මේ කතාවට කැමතියි.. එකේ ජොලි එකක්.. ඔන්න ඔහොම වරෙන්...

    ReplyDelete
  22. හිහ් .. හිහ් ... ඌට කෙල්ල නියම ෆන් එකක්නෙ දීලා තියෙන්නෙ ......

    ReplyDelete
  23. මචන් ඈ වැම්පයර් කෙල්ලක්ද දන්නේ නෑ...

    ReplyDelete
  24. .අනේ මන්ද .. ඕකට තියරියක් නැහැනේ.. සමහරුන්ට දුටුවනම ලව්.. සමහරු පස්සේ ගිහින් දගෙන බුට් කනවා.. සමහරු පස්සේ ගිහින් දාගෙන ජෝලියේත් ඉන්නවා. ..කෙල්ලෝ සාමාන්‍යයෙන් ගණන් උස්සල කැමතිවෙන්න දක්ෂයි.. එතකොට කියන්න පුලුවනිනේ ඔයයි මගේ පස්සෙන් ආවේ කියල.. ඒ අතින් කොල්ලෝ පරාදයි..
    කොහොම උනත් ඩොකා කියල නයා පෙන්නලා දාගන්න කෙල්ලන්ගෙන් වැඩක් නැහැ.. උඹේ යාළුවව ගොනාට අන්දනවා ඔය කෙල්ල..

    ReplyDelete
  25. මෙඩ්ඩෙක් , ඉන්ජෙක් කියල නෑ.. ලව් කරන්න උනාම ඕනෑම එකෙක් නාට්ටාමි සයිස් එකට වැටෙනව. ලව් එකේ රඟ සොබා ඔහොම තමා. ඔය කාලෙට ඔය වගේ දේවල් නොකරන්නෙ ලෙඩ්ඩු.

    ReplyDelete
  26. ඒක නම් හරි තමා. කෙල්ලෙක් එකපාර කැමැත්ත දෙනවනම් ඒකේ පොඩි කොස්සක් තියෙනවා. ඒ නිසා කෙල්ල ටිකක් රෙස්පට් පිට ඉන්න ඕනේ.

    ඇත්තටම ඌ නම් පට්ටම මීටර් එකක් නේ. පළවෙනි පාර ඇනගෙන ඊලඟ පාර පට්ට රෑන්ක් එකක් දාලා මෙඩිසින් යනවා කියන්නේ ඌ හෙනම ඩයල්ස් එකක් නේ. අදහන්න වටින කොල්ලෙක්.

    ReplyDelete
  27. @සරත් ලංකාප්‍රිය:- මාත් විශ්වාස කරන දේ තමයි තමුන්ගේ හැකියාවන්,මිල මුදල්,යාන වාහන පෙන්නලා කෙල්ලන්ව දා ගැනීම මෝඩ කමක්...

    ...........................................................................................................................................................................

    @කල්හාර දිසානායක:- කෙල්ල ඌව නටවනවා..... ඌත් අඳිනවා.....

    ...................................................................................................................................................................

    @යසියා:- වැම්පයර් ඈහ් ඒ මොකද බං.......

    ReplyDelete
  28. @nihal:- අනිවා නිහල් අයියා ආදරය අන්ධයි කියන්නේ ඒ නිසා වෙන්න ඇති නේද....??

    .......................................................................................................................................................................

    @මධුරංග:- සිරාවටම මචෝ ඌව නම් අදහන්න වටින බුලට් එකක්...........

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........