Wednesday, February 16, 2011

හමුවීම සහ හැරයාම....

මම එච්චර කවි කාරයෙක් නම් නෙමෙයි.පොඩි කාලේ නම් මතක විදිහට එක එකාට මඩ කවි සම්පාදනය කරලා නම් තියනවා.එව්වා නිසා එක එක පෝරියල් කාලත් තියෙනවා.එව්වා වෙලාව ලැබෙන ලැබෙන විදිහට කොටන්න කියලයි හිතාගෙන ඉන්නේ.බලමුකෝ...

කලින් දවසක මම දාපු පෝස්ට් එකෙන් කිව්වනේ කෙල්ලෙක් කියල කෙනෙක්ට ආදරය ඇති වෙලා එයාව සෙට් කර ගන්න කලින්ම වෙන ගොබිලෙක් ඇවිත් එයාව ඩැහැගෙන ගියාය කියලා.කියෙව්ව නැති අය ඉන්නව නම් මෙන්න මෙතන කොටලා "හිමි නොවූ ආදරය" කියවන්නකෝ.

ඊට පස්සේ දවසක මං කිව්වනේ මගේ කාලකන්නි ආදරයෙන් ලැබුණු රාජකීය බූට් එක කාල හරියටම අවුරුද්දක් උන දවසේ ඒ ආදර සන්තාසියේ යට ගියාව. ඒක කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතන කොටලා "මා හැර දමා ඈ ගියා" පෝස්ට් ඒක කියවන්නකෝ.

ඔන්න ඉතින් මං වගේ ජිවිතේ පරාජයන්ගෙන් විතරක්ම  අපරාජිත වුනු අපරාජිතයා ප්‍රී බූට් කාල තියෙනවා, කෑලි දාගෙනත් තියෙනවා,උන්ගෙන් බූට් කාලත් තියෙනවා.ඔය විදිහට ජිවිතේ ගලාගෙන යද්දී ඉස්සෙල්ලම හිතට ආදරේ දැනුනම කෙල්ලෙක් ගැන හිතුනම ලියපු මඩ කවි රීප්ලේස්  උනා නොවැ ආදර බර කවි කොටන්න අර ගත්තු එකෙන්.

ජිවිතේ කියන්නේ වෙලාවකට සතුට දෙන දෙයක් ආදරේ දැනෙන කොට ලියනවා ආදර බර කවි.මම පහලින් ලියන්නේ මම කෙල්ලෙක්ට කියලා ඉස්සෙල්ලම ලියපු කවිය.ඒක ලිව්වේ හිමිනොවූ ආදරයේ එන මධුෂිකාට නෙමෙයි.මා හැර දමා ඈ ගිය පෝස්ට් එකේ එන ශෂිනිට.

සමහට විට මේක කියෝන උබලට මෙලෝ රහක් නැති වෙන්න ඉඩක් නැත්තෙත් නැහැ.මෙන්න මේකයි මම ඉස්සෙල්ලම ලියපු එක.



"දැකුමට ඔබේ රුව 
නලියයි නෙත සෑම දින...
ඇසුමට ඔබේ නද 
දඟලයි සවන සැමවිට...
ගෙවන පැය ඔබ අසල 
ගෙනදෙ  මිහිරක් සිත තුලට...
ඔබ මගේම කර ගන්න
ලැබේනම් මතු දිනෙක.....
නෙතද,සවනද සිතත් සමගින්
සැනසේවි  එම දිනයේ නිසැකවම..."


ඊට පස්සේ ඉතින් දිගටම ලිව්වා ලව් කවි.ඊට පස්සේ ඉතින් මට ලොකුම වංශෙන් වැදුනානේ රාජකීය බූට් එකක්.ඊට පස්සේ ආයේ මූඩ් මාරු උනා.

හිතේ ගලපු දුකට ලියන්න ගත්තා බූට් කවි.එව්වත් ඉතින් මෙලෝ රහක් නැද්ද කියන්න නම් මම දන්නේ නැහැ.පහලින් දාන්නේ මම සශිනිගෙන් කාපු බූට් එකේ දුකට ඉස්සෙල්ලම ලියපු විරහ කවිය.(කවියක් කිව්වට කවියක් වගේ එකක් කිව්වට කමක් නැහැ බොලව්)


දුක් වේවි ඔබ දිනෙක
මා අතැර ගිය පවට
වැලපේවි නිසැකවම
වියෝ ආදර නදට
කිසිවෙකුත් නැත මෙලොව
මා තරම් ඔබේ හදට
යලි ඒවි නිසැකවම
එය පසක් වූ කලෙක....
දහසකුත් කදුළු පොදි
වගුරුවා සයන මත
දැඩි කලෙමි දිරි අරන්
බිඳී ගිය මගේ හද
සැනසීම අත ලගය
මා තැනූ ඔබ නැතිව 
එපා යලි පැමිණෙන්න
සසර සරනා තුරුම.... 

මිනිහෙක්ගේ හිතට කොච්චර බලපෑමක් කරන්න ආදරයට පුලුවන්ද කියලා  ආදරය කරලා තියෙන කරන ඔයාලත් හොදට දන්නවා ඇති නේද... 

ලියපු කවිනම් ගොඩක් තියෙනවා මෙව්වා කියවන අයට මෙලෝ රහක් නැත්නම් ඉතින් ආයේ බ්ලොග් එකේ එකම කවියක් වත් දාන්නේ නැහැ කියලා හිතා ගත්තා.කතා ලියන එක විතරක් කරනවා දිගටම එහෙම උනොත්.....

පසුව ලියමි :- ඒ කාලේ මම දුකට මේ කවිය ඇතුළුව තව කවි ගොඩාක් immages විදිහට හදලා  මගේ මුහුණු පොතේ අප්ලෝඩ් කලා.එක නිසා මේක මම ලියපු එකක්ම තමයි.නැත්නම් ආයේ හෙන ගේමක් දීලා රිංගපු 
සින්ඩියෙන්ම මාව පන්නල දාන්නත් ඉඩ නැත්තේ නැහැනේ.... හික්ස්....

7 comments:

  1. ලස්සනයි කවිය..හරි සරලයි..එත් ගැඹුරු තෙරුමක් තියෙනවා කියලා හිතෙනවා..

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි කිසිම වරදක් නෑ අනිතෙකතමයි කවුරුහරි කීවොත් මේව කැතයි කියලා ඌ එහෙම කියන්නේ ඉරිසියාවට . ඒක නිසා තමන්ට ලස්සනයි නම් ඒ මදෑ . මේ බ්ලොග් එකේ නිතරම කවි එහෙමත් දාන්න එතකොට තමයි වෙනසක් තියෙන්නේ .

    දිගටම ලියපං කොල්ලෝ එතකොට තමයි කස්ටියට උඹව මතක හිටින්නේ...

    බූට් පිට බූට් කෑවත් උඹ අපරාජිතයෙක් නේද ..? හි හි ..එල එල

    ReplyDelete
  3. @නිම්ශා :- සාදරයෙන් පිලිගන්නවා "හිතුවක්කාර සිත ,,," අපරාජිතයාගේ බ්ලොග් එකට.කවිය ලිව්වේ නම් මට දැනුනු දුක වේදනාව දරා ගන්නයි.පෙන්නන්න උත්සහ කලේ ආදරයකට මිනිහෙක්ව වෙනස් කරන්න පුළුවන් විදිහ ගැනයි සහෝදරි. ගොඩවැදිලා ගියාට ගොඩක් ස්තුතියි.ජය වේවා...!!!

    .................................................
    .................................................
    .................................................

    @හිස් අහස :- හ්ම් අනිවා ඩෙෆා.මෙව්වා ලිව්වේ හිතේ තිබුනේ දුක තුනී කරගන්න මචං.ඒ වගේම මිනිහෙක් ආදරය නිසා කොහොම වෙනස් වෙනවද කියලා කට්ටියට කියලා දෙන්න.ජිවිතේ කෙලින් කියන්න බැරි කතා ගොඩක් තියනවා බං.කොහොම හරි කවදාවත් කවි ලියන්න බැරුව හිටපු මට කවි ලියන්න පුරුදු කලේ කෙල්ලෙක්.ඒ ආදරයක් මගේ හිතට දනවලා.ඉතින් බං ආයේ කෙල්ලෙකුට ලයින් පාරක් දානකොට මේ හැකියාවම කරකොල දෙන්න බැරිය.හි :D හි :D.අම්මි ගහයි බැට් එකෙන්.

    ඔව් බං කෙල්ලෝ කොච්චර බූට් තිබ්බත් ඒ බූට් එකට පස්සේ යාලුවෙන කෙල්ලට අනිත් උන් ඔක්කමට කලාට වැඩි ආදරයක් අනිවා දෙනවා.කෙල්ලෙක්ට පුළුවන්ය බං මිනිහෙකව බල්ලෙක් කරලා කාලකන්නි කරන්න.... ඒ නිසා පරාජිත උනත් අපරාජිතයි නේද මචං.... හික්ස්....

    ReplyDelete
  4. කෝබං ? ලියලා නෑ දවස් ගානකින්

    ReplyDelete
  5. කැම්පස් එකේ එක්සෑම් බන් 7-8 දවස් දෙකෙයි 10 යි 15 යි. 15 නම් ප්‍රැක්ටිකල් එකෙක්.න් පස්සෙම දිගටම ලියන්න ඉන්නේ එක්සෑම් එකත් කරගන්න එපාය බං.එල තැන්කු වේවා හොයල බැලුවට ජය වේවා....!!!

    ReplyDelete
  6. දැක්ක නේද බූට් එකේ හොඳ පැත්ත!

    මං නං කිසිම බූට් එකක් තියා කෙල්ලෙක් ගේ අතක් අල්ලන්නත් කලින් කවි ලිව්වා හිටු කියලා.

    ඒ සේරම මනෝ ලෝකයේ කවි.

    යුනිවර්සිටි යන කොට කවි පොත් පහක් ලියලා ඉවරයි...

    ReplyDelete
  7. @Kathandara:- ෂා මරුනේ කවි බ්ලොග් එක ඇතුලේ මං දැකල නැහැනේ....??? එල එල.. මටත් කොහොම හරි කවි ලියන්න පුළුවන් උනේ මෙයාගේ ආදරේ ඔලුවට දිෂ්ටි උනාට පස්සේ තමයි.

    දැන් මගේ යාළුවන්ට කෙල්ලන්ට කවි දෙන්න ඕන උනහමත් අමතන්නේ මාව තමයි. වෙච්ච දේ හොද දෙයක් කියලා කියන්න පුළුවන් සහෝ ඒක හින්දා.නැත්නම් මම තවමත් මඩ කවි කොට කොට ඉන්නවා එක එකාට මඩ ගගහා....

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........