"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Saturday, March 12, 2011
බැංකු පාස් පොත
හැමදාම මම කියන්නේ එක්කෝ බූට් සීන් එකක් නැත්නම් තවත් මරාලයක් ගැනනේ.අද වෙනමම එකක් කියන්න හිතුනා මේ අද දවසට වැටෙන දෙවැනි පොස්ට් එක.මෙන්න පලවෙනි එක.
දැන් කියන්න යන්නේ මට මේල් එකකින් ආපු ටිකක් සංවේදි කතාවක්.කඩ්ඩෙන් තමයි අවේ මට පුළු පුළුවන් විදිහට මම ඒක සිංහලට පරිවර්තනය කරලා දාන්නම්.
මගේ මේ පොස්ට් එක කියෝන කවුරුම හරි මේකම කලින් කියෝලා තියෙනවනම් මුලින්ම ඔන්න සමාව ඉල්ලනවා.මෙන්න මේකයි කතාව.මම ඒ මේල් එකේ තිබ්බ චරිත වල නම් වලින්ම පොස්ට් එක දාන්නම්.
"මොනිකා" සහ "නික්" කියන්නේ ආදරවන්තයින් දෙන්නෙක්.ගොඩක් කාලයක් ආදරය කරලා එකිනෙකාව හොදින් තේරුම් අරන් මේ දෙන්න විවාහ දිවියට පැමිණියා.
විවාහ දිනය දවසේ වෙඩින් එකේ පාර්ටි එක ඉවර උනාම මොනිකගේ අම්මා මොනිකාට කතා කරලා අලුතෙන් අරඹපු බැංකු ගිනුමක බැංකු පොත ඩොලර් 1000ක තැම්පතුවක් සමග මොනිකා අත තැබුවා.
මව :- "මොනිකා,මෙන්නේ මේ බැංකු පොත ඔයා ලග තියා ගන්න.ඔයාගේ විවාහ ජිවිතයේ මතක සටහනක් හැටියට.කවද හරි මොනම විදියකින් හරි ඔයාගේ අලුත් ජිවිතයට සතුට දැනුනු අමතක නොවෙන දිනයක් ආවොත් එදාට කීයක් හරි බැංකු ගිණුමේ ඉතිරි කරන්න.එහෙම ඉතිරි කරන්න හේතුව එතැනට පහල තිරයෙන් ලියලා තියා ගන්න මතකයක් හැටියට.
අද ගොඩක් සතුටු දවසක් මං පළවෙනියෙන්ම පටන් ගත්තා.අද ඉදන් ඔයා නික් එක්ක එකතු වෙලා මේකේ මුදල් ඉතිරි කරන් යන්න.ඔයා කවද හරි ජිවිතයේ ආපස්සට හැරිලා බැලුවොත් මේකෙන් ඔයාට තේරුම් ගතහැකි ඔයා කොච්චරක් සතුටු වෙලා තියනවද කියලා".
මොනිකා:- "හරි අම්මා මං නික් එක්ක ඒක කරන්නම්".
ඔවුන් දෙදෙනා සිය අලුත් නිවසට ගිහින් අලුත් ජීවිතය ඇරඹුවා.අම්මගෙන් ලැබුණු අදහස ගොඩක් වටිනවා කියලා දෙන්නටම හිතුනා.ඒ වගේම දෙවැනි ඉතිරි කිරීම කරන්න ලැබෙන දිනය වෙනුවෙන් දෙන්නම ඇගිලි ගනිමින් හිටියා.
කාලයක් මුළුල්ලේ ඔවුන් දෙදෙනාගේ ඉතිරි කිරීම් පහත පරිදි උනා.
පෙබරවාරි 07 : ඩොලර් 100 යි - විවාහයෙන් පසු නික්ගේ ප්‍රථම උපන්දින සැමරුම.
මාර්තු 01 : ඩොලර් 300 යි - මොනිකාගේ මාසික වැටුප වැඩි වුනා.
මාර්තු 26 : ඩොලර් 200 යි - විනෝද ගමනක් ගියා.
අප්‍රේල් 15 : ඩොලර් 2000 යි -මොනිකා ගැබිනියක් බව දැන ගත්තා.
ජුනි 12 : ඩොලර් 1000 යි -නික්ට රස්සාවෙන් උසස්වීමක් ලැබුනා.
යනාදී ලෙසට.
කාලය ඔය විදිහට ගෙවී ගියා.අවුරුදු කීපයකට පසුව දෙදෙනා අතර අඩ දබර ඇති උනා.පොඩි දේවල් වලට පවා රණ්ඩු සරුවල් ඇති උනා.එකිනෙකාට එකිනෙකා පිලිකුල්ම චරිත බවට පත්උනා.
අවසානයේ මොනිකා එයාගේ අම්මට කතා කලා.
මොනිකා :- "අම්මා,අපිට තව දුරටත් එකට ජිවත් වෙන්න බැහැ.අපි දෙන්නම අන්තිමට තීරණයකට එළඹුනා දික්කසාද වෙන්න.මට හිතාගන්න බැහැ මන් මේ වගේ එකෙක් එක්කයි විවාහ උනේ කියලා".
මව :- "අනිවාර්යෙන්ම මගේ කෙල්ලේ.ඔයයි එයයි අතරේ ලොකු බැදීමක් නැහැ.ඔයාට කැමති දෙයක් කරන්න.එත් වෙන් වෙන්න කලින් පරණ මතකයන් එකක් වත් ඉතිරි කර ගන්න එපා.
ඔයාලගේ විවාහ දිනයේ මම දුන්නු බැංකු පොත මතක ඇතිනේ,එකේ ඔයා දෙන්න ඉතිරි කරපු සල්ලි ටිකත් වියදම් කරලා ඉවර වෙලාම දික්කසාද වෙන්න.ඒ වගේ වැඩකට නැති විවාහයක මතක සටහනක් වත් තියා ගන්න එපා".
මොනිකා හිතුවා අම්මා කියන ඒක ඇත්ත.ඒ ටික බැංකුවෙන් අරන් වියදම් කරලා ඉන්නවා කියලා හිතන් බැංකුවට ගිහින් මුදල් ලබාගන්න කවුන්ටරයේ පෝලිමේ හිටියා.
පෝලිමේ ඉන්න අතරතුරේ පොතේ පිටුව පිටුව ගානේ පෙරලා පෙරලා බැලුවා.ඔවුන්ගේ විවාහ ජීවිතය පුරාවට සතුට ගලපු හැටි,දෙන්නා ආදරයෙන් හිටපු හැටි පිටුවක් පිටුවක් ගානේ මොනිකගේ මතකයට ආවේ කදුළු වලින් ඇස් දෙකම බොද කරවලා.
අන්තිමට මුදල් නොගෙනම ගෙදර ගිහින් බැංකු පොත නික්ට දුන්නා.
මොනිකා:- "නික්,අපි දෙන්නගේ දික්කසාදෙට කලින් මේ බැංකු පොතේ ඉතිරි කරපු සල්ලි ටික වියදම් කරලා ඉන්න.මට එක සතයක්වත් එපා".
මොනිකා දුන්නා බැංකු පොත නික් අරගත්තා මුදල් ගන්න අදහසින්.ඊලග දවසේ නික් බැංකු පොත ආයේ මොනිකට ගෙනත් දුන්නා.මොනිකා ඒක පෙරලලා බලන කොට තිබ්බේ ඩොලර් 5000ක අලුත් ඉතුරුම් කිරීමක්.එයට යටින් මෙහෙම ලියල තිබුන.
"අද තමයි මම ජිවත් උන අවුරුදු ගානටම මං ඔයාට කොච්චරක් ආදරේ කලාද කියලා මට දැනුනු ඒ වගේම ඔයා කොච්චරක් සතුට මගේ ජිවිතයට ගෙනාවද කියලා මට දැනුනු එකම එක දවස"කියලා.
දෙදෙනා අතරේ මද නිහැඩියාවක් පැවතුනා තත්පර කීපයකට එත් නිමේෂයකින් දෙනෙනාම එකිනෙකා වැළදගෙන අඩන්න ගත්තා.අර බැංකු පොත ආයෙමත් ආරක්ෂිතව තැබුවා.දෙන්නගෙම ජිවිත ඉවර වෙනකන් හැමදාම එකට හිටියා.
ඔයගොල්ලෝ හිතනවද අන්තිමට ඒ දෙන්න කොච්චරක් මුදල් ඉතුරු කරන්න ඇතිද කියලා.එත් මම විශ්වාස කරන දෙය තමයි මෙච්චර කාලයක් දෙන්න එකට සතුටින් හිටියනම් ඒ දෙන්නට ඒ ඉතිරි කල මුදලින් කිසි වැඩක් වෙන්න ඇතිය කියලා.
මම මේවගේ කතාවක් කිව්වම කට්ටිය තර්ක කරන්න බැරි නැහැ ඒ ඇමරිකාවෙනේ ලංකාවේ ඔහොම වෙන්නේ නැහැයි කියලා.
කාලයක් ලංකාවේ තිබ්බා ගෙදර බත් හැලිය තැම්බෙනකන් විතරයි දෙන්න දෙමහල්ලන්ගේ අඩ දබර කියලා.එත් අද ලංකාවේ දවසකට වෙන දික්කසාද ගැන කොච්චරක්ද කියලා හොයල බලන්න.එතකොට මේකේ ඇත්ත නැත්ත තේරේවි.
බ්ලොග් ලියන්නේ ගොඩක් වෙලාවට දැනටම බෙල්ලට තොන්ඩුව දාගත්තු අපේ අය්යල අක්කල විත්තිය මන් දන්නවා.ඔයාලට හිතෙන විදියට මේ පොස්ට් ඒක කොහොමද කියලා වචනයකින් හරි කියලා යන්න පුලුවන්නම් ගොඩක් පින්.
මොකද අපි වගේ තාම බෙල්ලට තොන්ඩුව දාගන්න බලා සිටින අයටත් වැදගත් වේවි.
පසුව ලියමි:- කියන්න අමතක උනා.මම ඉංග්‍රීසි වලට අතිශය දක්ෂ කොල්ලෙක් කියලා.ඒක හින්ද සමහර විට මට ආපු මේල් එකේ අදහස මම පරිවර්තනය කරපු අදහසින් 99.99%ක් ම වෙනස් වීමේ ඉඩකඩක් තියෙන්න පුළුවන් හොදේ... හික්ස්....!!!
Labels:
ජිවිතයට බිඳක්
Friday, March 11, 2011
කොලු හරඹය
ගොඩ කාලෙකින් කතාවක් ලියන්න බැරි උනා කැම්පස් එකේ එක්සෑම් සීරිස් එකක්ම තිබ්බ නිසා.දැන්නම් ටිකක් ලියන්න පුළුවන්.මං නැති දවස් වල බ්ලොග් එකට ඇවිත් කොමෙන්ට් එකක් දාලා මාව හොයල බලපු අපේ "හිස් අහස" සහෝදරයට ස්තුති කරලම අද පොස්ට් එක ලියන්න පටන් ගන්නම්.
සදරුවෝ වැඩිකල් යන්න කලින් උඹේ "හිස් අහස" "නිල් අහස" වේවා කියල මන් එක හිතින්ම ප්‍රර්ථනා කරනවා.ඔන්න එහෙනම් අද කතාව."කොලු හරඹය" කියලා දැම්මට මේ කියන්න යන්නේ "ගේ" කතාවක් එහෙම නෙමෙයි හොදේ.
මම සාමාන්‍යයන් කැම්පස් යන්නේ කෝච්චියේ.එත් ඉදල හිටලා කොච්චි නැති වෙලාවක් සෙට් උනොත් වෙලාව නාස්ති කරන්න බැරි වෙලවකනම් ඉක්මනට ගෙදර එනවා බස් එකේ.
පහුගිය එක්සෑම් තිබ්බ දවස්වල මම හොස්ටල් නවතින්නේ නැතුව හැමදාම ගෙදර ආවා.ආවේ බස් එකේ. කෝච්චියේ නම් හැමදාම දකින්නේ එකම කට්ටියක් විතරයිනේ.එත් බස් එකේ එක එක දවසට එක එක අය.
මේ සිද්දිය උනේ 07 වෙනිදා.මම කොළඹ ස්ටෑන්ඩ් එකට ගිහින් හලාවත බස් එකක නැග්ගා.සාමාන්යෙන් ඒ බස් කොටන එව්වට වඩා ටිකක් විතර හයියෙන් යන හින්දයි ඒකකට නැග්ගේ.
බස් එකට නගින වෙලාවේ අව්ව වැටෙන්නේ නැති පැත්තේ ෂිට් වල විදුරු අයිනේ ඔක්කොම වගේ කට්ටිය හිටපු නිසා මම ගිහින් තවත් කොල්ලෙක් ඉදන් හිටපු තැනක ගිහින් ඉදගත්තා.
ඒ බස් එකේ මැද හරියේ විතර. මම ඉදගත්තු තැනට හරියටම අනික් පැත්තේ ෂීට් එකත් තව ෂිට් 2-3 කුත් එහෙම්මම හිස් වෙලා තිබ්බේ.
වැඩි වෙලා වැඩි වෙලාවක් යන්න කලින් මට අනික් පැත්තේ තිබ්බ ෂිට් එකේ වාඩි උනා කපල් එකක් මගේ වයසටම වගේ ඉන්න.කෙල්ලනම් ඉතින් ටිකක් විතර ලස්සනයි.මාත් ඉතින් කුපාඩිකමට ටිකක් එහෙන් මෙහෙන් බැලුවා.
හැබැයි වාඩි උන වෙලාවේ ඉදන්ම කෙල්ල හිටියෙ වීදුරුවෙන් එලිය බලාගෙන කොල්ල කෙල්ල දිහා බලාගෙන මොනාද නන්-ස්ටොප් කියෝනවා.කොල්ලගේ අතේ "එංගලන්ත කවුන්සිලේ(British Council)" නම ගහපු පොතක් තිබ්බා.කෙල්ලගේ ගාව බෑග් එකක් තිබ්බේ.
ඉතින් අනු මානය හරි ඩබලම එක්කෝ කොහේ හරි කොටුවක් පැනලා නැත්නම් පන්ති ඇරිලා ගෙදර යන ගමන්.මොකද සමහර උන් තියෙන පඩත්තල කමට ටොයිලට් එකට ගියත් ඔය එංගලන්ත කවුන්සිලේ නම ගහපු ෆයිල් කවර උස්සගෙන යනවනේ අනිත් උන්ට ඇඩ් එක දාන්න.
ඔන්න ඉතින් බස් එක ඇද්දුවා.මාත් එක්ක ෂිට් එකේ ඉදන් හිටපු එකත් සැරෙන් සැරේ එබී එබී ඒ පැත්ත බැලුවා.උගේ ටී ෂර්ට් එක සුදුපාට එකක් කොලර් එකයි අතේ වටේ දාර වලයි දම්පාට තිරයක් ගිහින් තිබ්බා.හරියටම හරි පොර සයන්ස් එකේ බුවෙක් වෙන්න ඕන කියල මම අනුමාන කලා.
කොහොම හරි ටෙක්නිකල් හන්දියේ බස් එක නැවත්තුවම අනිත් පැත්තේ හිටපු කපල් එකේ කොල්ල බස් එකට වතුරයි කඩලයි විකුනන්න ආපු බුවෙකුගෙන් පැණි කජු පැකට් එකක් ගත්ත වතුර බෝතලයකුත් එක්ක.
කෙල්ල පැණි කජු එක ඒකිගේ බෑග් එකේ දාගන්නවා වගේ යන්තමට දැක්කා.වතුර බෝතලේනම් කඩලා බිව්වා.ටිකට් කඩන්න කොන්දා ලගට ආවම මම ****ට ටිකට් එකක් ගත්තා.මාත් එක්ක හිටපු බුවා වෙන්නප්පුවට ටිකට් එකක් ගත්තා.
අර කපල් එකේ කොල්ල තමයි ඉතින් කෙල්ලටත් එක්ක ටිකට් ගත්තේ ඌ කිව්වේ කදාන එකයි මාරවිල එකයි කියලා(මාරවිල තියෙන්නේ වෙන්නප්පුවට ටිකක් එහායින්).
පව් ඉතින් අහිංසක කොල්ල ලව් කරන කලේ ඉතින් කොල්ලෝ තණකොළ කන්නේ නැති ටික විතරනේ. මාත් ඉතින් කාලයක් රට තනකොළම කෑවනේ ලෝකල් එව්වා එපයි කියලා.ඌ ඉතින් කෙල්ලටත් එක්ක ටිකක් ගත්තා.
කොහොම හරි දිගටම කෙල්ල එලිය බලාගෙන කොල්ලා ඒකිගේ මුණ දිහා බලාගෙන කියෝනවා.කදාන ලංවෙද්දි කොල්ලා නැගිටලා ගියා.ඒවෙලේ බස් එකේ හිටන් හිටියේ ටික දෙනයි කොහොම හරි ඔය දෙන්න හිටපු ෂිට් එකට ටිකක් ඉස්සරහින් තව කෙල්ලෙක් හිටියා.
අරු නැගිටලා ගිය ගමන් මේකි තමයි පැනලා එතන ඉදගත්තේ.ටිකදුරක් යන කොට මාත් එක්ක එකට ඉගෙන හිටපු බුවා මට ඇගිල්ලෙන් අනිනවා.මන් ඒ වෙලේ හිටියේ අත් නිදහස (හෑන්ඩ් ෆ්‍රී) එක කනේ ගහන් ෆෝන් එකෙන් සින්දුවක් අහ අහ.
ඉතින් මම අරු අනින එක දිහා බලලා අත් නිදහසත් ගලෝල ඇයි කියලා ඇහුවා.එතකොට මු කියපි
"මචන් එහා පැත්තේ ෂිට් එකේ මගේ කෙල්ල ඉන්නවා.උබට පුලුවන්ද එයාගේ තැනට ගිහින් එයාට මෙතන දෙන්න" කියලා.
මාත් ඉතින් කාලයක් ලව් කලානේ එක හින්ද ඉතින් ආදරේ කරන එකෙක්ට කරන උදාවක් කියලා හිතන් "අයියෝ හරි මචන් කලින් කියන්න එපාය" කියලා නැගිට්ටා.
සිරාවට මන් හිතුවේ අර කොල්ලා නැගිටලා ගියාම එතන ඉදගත්ත කෙල්ල මුගේ කෑල්ල වෙන්න ඇති කියලා. මෙන්න යකෝ මම නැගිට්ටා විතරයි කොල්ලා මන් හිටපු තැනට ඇවිත් කෙල්ලට වාඩි වෙන්න වීදුරුව අයිනේ ඉඩ හදා ගත්තා.
එත් එක්කම අර වීදුරුව අයිනේ ඉදගෙන කදාන වෙනකන් අර කොල්ලත් එක්ක ආපු ආදරණිය කපල් එකේ කෙල්ල ෂිට් එකෙන් නැගිටලා මාවත් පෙරලගෙන ඇවිත් වාඩි උනේ නැතැයි අරුත් එක්ක එක ෂිට් එකේ.
මාව නිකන් අඤ්ඤ කොරොස් වෙලා ආයෙත් අඤ්ඤ කොරොස් උනා.මොකක්ද යකෝ මේ උන විලංබීතේ කියලා.කොහොම හරි වැඩි දුරක් යන්න කලින්ම කෙල්ලගේ පිටට කොල්ල උගේ අත දාගත්ත.
අතේ මූලේ කොහෙට බැස්සද කියන්නනම් මම දැක්කේ නැහැ.බලන්න ගියෙත් නැහැ ඉල්ලගෙන පෝරියල් කන්න ඕනේ නැති හින්ද.එත් යකෝ මෙහෙමත් වැඩ වෙනවද කියලා මන් කල්පනා කලා.
ඒ විතරක්නම් මදැයි අර ගස් මී හරකා අරන්දුන්න පැණි කජු පැකට් එක මෙන්න මේකි අරුත් එක්ක කඩාගෙන කනවා හොදට කයිය ගගහා.අනේ මන්ද මෙහෙම දේවලුත් වෙනවයි කියද්දී.
කෙල්ල හොද දත් දොස්තරලගේ පරම්පරාවකින් පැවත එන කෙල්ලෙක් කියලනම් තේරුණා අරූට කරපු වැඩෙන්.එක අතකින් නැගිටලා ෂිට් එක දුන්නු මටත් හෙන ගහවිද මන්දා.
වැස්ස වෙලවකනම් ආයේ වැරදිලාවත් එලියට බහින්නේ නැහැ.ඒ වගේ වෙලෙකට අයිඩින්ටි කාර්ඩ් එකවත් දන්නා ඕන එළියට.පව් අර කොල්ල.
ඌ හිතන්නේ උගේ කෙල්ල ඌට ලව් කියලනේ.ඌ දත ගලවන් කෙල්ලට ලව් කරනවා.කදානෙන් බැහැල ගියාට පස්සේ මේකි බස් එකේ නටන සමයම දන්නේ ඉතින් බස් එකේ ඇතුලේ ඉන්න උන් විතරයි.
අන්තිමට මං බහින තැන ලං උන හින්දා මං බහින්න ගියා.සමහර විට මේකි වෙන්නප්පුවෙන් අනික් කොල්ල බැස්සට පස්සේ මාරවිලට යනකන් තව එකෙක් එක්ක ලැගලා ගියාද කියලා ඉතින් දෙයියෝ තමයි දන්නේ.
අනේ ලංකාවට වාසනාවන් ඒ වගේ කෙල්ලෝ ඉන්නේ එක.කොහොම හරි මාත් හොයල ඒ වගේ එකක්ම ආයේ දාගන්න ඕනා එතකොට මටත් බැරිය පැණි කජු කන්න.
මේ වෙච්ච සිද්දිය ගැන ඔයාලට හිතෙන්නේ කොහොමද කියලා කැමතිනම් විතරක් පහලින් කොටලා යන්න.මං කැමති හැමෝම මං වගේම පැණි කජු කන්න කැමැත්තෙන් ඉන්න අයද ඉන්නේ කියලා දැනගන්න.
Labels:
ඕපාදූප
Wednesday, February 16, 2011
හමුවීම සහ හැරයාම....
මම එච්චර කවි කාරයෙක් නම් නෙමෙයි.පොඩි කාලේ නම් මතක විදිහට එක එකාට මඩ කවි සම්පාදනය කරලා නම් තියනවා.එව්වා නිසා එක එක පෝරියල් කාලත් තියෙනවා.එව්වා වෙලාව ලැබෙන ලැබෙන විදිහට කොටන්න කියලයි හිතාගෙන ඉන්නේ.බලමුකෝ...
කලින් දවසක මම දාපු පෝස්ට් එකෙන් කිව්වනේ කෙල්ලෙක් කියල කෙනෙක්ට ආදරය ඇති වෙලා එයාව සෙට් කර ගන්න කලින්ම වෙන ගොබිලෙක් ඇවිත් එයාව ඩැහැගෙන ගියාය කියලා.කියෙව්ව නැති අය ඉන්නව නම් මෙන්න මෙතන කොටලා "හිමි නොවූ ආදරය" කියවන්නකෝ.
ඊට පස්සේ දවසක මං කිව්වනේ මගේ කාලකන්නි ආදරයෙන් ලැබුණු රාජකීය බූට් එක කාල හරියටම අවුරුද්දක් උන දවසේ ඒ ආදර සන්තාසියේ යට ගියාව. ඒක කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතන කොටලා "මා හැර දමා ඈ ගියා" පෝස්ට් ඒක කියවන්නකෝ.
ඔන්න ඉතින් මං වගේ ජිවිතේ පරාජයන්ගෙන් විතරක්ම අපරාජිත වුනු අපරාජිතයා ප්‍රී බූට් කාල තියෙනවා, කෑලි දාගෙනත් තියෙනවා,උන්ගෙන් බූට් කාලත් තියෙනවා.ඔය විදිහට ජිවිතේ ගලාගෙන යද්දී ඉස්සෙල්ලම හිතට ආදරේ දැනුනම කෙල්ලෙක් ගැන හිතුනම ලියපු මඩ කවි රීප්ලේස් උනා නොවැ ආදර බර කවි කොටන්න අර ගත්තු එකෙන්.
ජිවිතේ කියන්නේ වෙලාවකට සතුට දෙන දෙයක් ආදරේ දැනෙන කොට ලියනවා ආදර බර කවි.මම පහලින් ලියන්නේ මම කෙල්ලෙක්ට කියලා ඉස්සෙල්ලම ලියපු කවිය.ඒක ලිව්වේ හිමිනොවූ ආදරයේ එන මධුෂිකාට නෙමෙයි.මා හැර දමා ඈ ගිය පෝස්ට් එකේ එන ශෂිනිට.
සමහට විට මේක කියෝන උබලට මෙලෝ රහක් නැති වෙන්න ඉඩක් නැත්තෙත් නැහැ.මෙන්න මේකයි මම ඉස්සෙල්ලම ලියපු එක.
කලින් දවසක මම දාපු පෝස්ට් එකෙන් කිව්වනේ කෙල්ලෙක් කියල කෙනෙක්ට ආදරය ඇති වෙලා එයාව සෙට් කර ගන්න කලින්ම වෙන ගොබිලෙක් ඇවිත් එයාව ඩැහැගෙන ගියාය කියලා.කියෙව්ව නැති අය ඉන්නව නම් මෙන්න මෙතන කොටලා "හිමි නොවූ ආදරය" කියවන්නකෝ.
ඊට පස්සේ දවසක මං කිව්වනේ මගේ කාලකන්නි ආදරයෙන් ලැබුණු රාජකීය බූට් එක කාල හරියටම අවුරුද්දක් උන දවසේ ඒ ආදර සන්තාසියේ යට ගියාව. ඒක කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතන කොටලා "මා හැර දමා ඈ ගියා" පෝස්ට් ඒක කියවන්නකෝ.
ඔන්න ඉතින් මං වගේ ජිවිතේ පරාජයන්ගෙන් විතරක්ම අපරාජිත වුනු අපරාජිතයා ප්‍රී බූට් කාල තියෙනවා, කෑලි දාගෙනත් තියෙනවා,උන්ගෙන් බූට් කාලත් තියෙනවා.ඔය විදිහට ජිවිතේ ගලාගෙන යද්දී ඉස්සෙල්ලම හිතට ආදරේ දැනුනම කෙල්ලෙක් ගැන හිතුනම ලියපු මඩ කවි රීප්ලේස් උනා නොවැ ආදර බර කවි කොටන්න අර ගත්තු එකෙන්.
ජිවිතේ කියන්නේ වෙලාවකට සතුට දෙන දෙයක් ආදරේ දැනෙන කොට ලියනවා ආදර බර කවි.මම පහලින් ලියන්නේ මම කෙල්ලෙක්ට කියලා ඉස්සෙල්ලම ලියපු කවිය.ඒක ලිව්වේ හිමිනොවූ ආදරයේ එන මධුෂිකාට නෙමෙයි.මා හැර දමා ඈ ගිය පෝස්ට් එකේ එන ශෂිනිට.
සමහට විට මේක කියෝන උබලට මෙලෝ රහක් නැති වෙන්න ඉඩක් නැත්තෙත් නැහැ.මෙන්න මේකයි මම ඉස්සෙල්ලම ලියපු එක.
"දැකුමට ඔබේ රුව
නලියයි නෙත සෑම දින...
ඇසුමට ඔබේ නද
දඟලයි සවන සැමවිට...
ගෙවන පැය ඔබ අසල
ගෙනදෙ මිහිරක් සිත තුලට...
ඔබ මගේම කර ගන්න
ලැබේනම් මතු දිනෙක.....
නෙතද,සවනද සිතත් සමගින්
සැනසේවි එම දිනයේ නිසැකවම..."
ඊට පස්සේ ඉතින් දිගටම ලිව්වා ලව් කවි.ඊට පස්සේ ඉතින් මට ලොකුම වංශෙන් වැදුනානේ රාජකීය බූට් එකක්.ඊට පස්සේ ආයේ මූඩ් මාරු උනා.
හිතේ ගලපු දුකට ලියන්න ගත්තා බූට් කවි.එව්වත් ඉතින් මෙලෝ රහක් නැද්ද කියන්න නම් මම දන්නේ නැහැ.පහලින් දාන්නේ මම සශිනිගෙන් කාපු බූට් එකේ දුකට ඉස්සෙල්ලම ලියපු විරහ කවිය.(කවියක් කිව්වට කවියක් වගේ එකක් කිව්වට කමක් නැහැ බොලව්)
දුක් වේවි ඔබ දිනෙක
මා අතැර ගිය පවට
වැලපේවි නිසැකවම
වියෝ ආදර නදට
කිසිවෙකුත් නැත මෙලොව
මා තරම් ඔබේ හදට
යලි ඒවි නිසැකවම
එය පසක් වූ කලෙක....
දහසකුත් කදුළු පොදි
වගුරුවා සයන මත
දැඩි කලෙමි දිරි අරන්
බිඳී ගිය මගේ හද
සැනසීම අත ලගය
මා තැනූ ඔබ නැතිව
එපා යලි පැමිණෙන්න
සසර සරනා තුරුම....
මිනිහෙක්ගේ හිතට කොච්චර බලපෑමක් කරන්න ආදරයට පුලුවන්ද කියලා ආදරය කරලා තියෙන කරන ඔයාලත් හොදට දන්නවා ඇති නේද...
ලියපු කවිනම් ගොඩක් තියෙනවා මෙව්වා කියවන අයට මෙලෝ රහක් නැත්නම් ඉතින් ආයේ බ්ලොග් එකේ එකම කවියක් වත් දාන්නේ නැහැ කියලා හිතා ගත්තා.කතා ලියන එක විතරක් කරනවා දිගටම එහෙම උනොත්.....
පසුව ලියමි :- ඒ කාලේ මම දුකට මේ කවිය ඇතුළුව තව කවි ගොඩාක් immages විදිහට හදලා මගේ මුහුණු පොතේ අප්ලෝඩ් කලා.එක නිසා මේක මම ලියපු එකක්ම තමයි.නැත්නම් ආයේ හෙන ගේමක් දීලා රිංගපු
සින්ඩියෙන්ම මාව පන්නල දාන්නත් ඉඩ නැත්තේ නැහැනේ.... හික්ස්....
Labels:
අමිහිරි මතක
Friday, February 11, 2011
මා හැර දමා ඈ ගියා....
අනේ මන්දා බොලව් මේ කතාව ලියනවද කියල ගොඩාරියක් වෙලා කල්පනා කරලා කරලා අන්තිමට ලියන්න කියල හිතුනා.කාලයක් ජිවිතේ සුන්දරම දෙයක් වෙලා තිබ්බ මේක මට මතක් කරද්දීත් ලොකු හිසරදයක් දැනෙනවා දැන් නම්. මේක මතක් වෙන්න,මතක් කරන්නත් හේතුවක් තියෙනවා.මගේ පළමු ආදරය හරියටම මගේ හිත පාරලා හදවත දෙකට පලා දාලා මාව තනිකරලා එයා වෙන් වෙලා ගියා.ඒ දැනට හරියටම අවුරුද්දකට කලින්.
මට එයාව හම්බ උනේ 2009 ජුනි මාසෙක දවසක යාලුවෙකුගේ ගෙදර පොඩි පාර්ටියක් තිබුනා.මගේ යාලුවට නංගී කෙනෙක් හිටියා.එයාගේ 16 වෙනි උපන්දිනේට තමයි ඒක තිබුනේ ඒකට එයාගේ නංගිගේ යාලුවෝ වගයක් ඇවිත් තිබුනා.මගේ යාළුවා ඒ පාර්ටි එකට මටයි තව යාලුවෝ 4-5 දෙනෙකුටයිත් ආරාධනා කරලා තිබ්බා.
නංගිගේ හිටපු ඒ යාලුවෝ ගොඩේ දැක්කම ඇහැට ඒක පාර ගැටෙන ලස්සන රුපයක් තිබ්බා.ඒ එයා හරියටම අවුරුද්දකට කලින් මගේ වෙන් වෙලා ගිය,කාලයක් මගේ මුළු ජීවිතේම වෙලා හිටපු කෙනා.එයාට මම සශිනි කියන්නම්.ඒක ඇත්ත නම නොවුනට බොහෝදුරට ඇත්ත නම ලඟින්ම යනවා.
දිග කොන්ඩේ බුලක් දාලා ලස්සන සුදුයි රෝස පාටයි ටී ෂර්ට් එකක් ඇදගෙන කලුපාට ඩෙනිම් කලිසමක් ඇදගෙන තමයි හිටියේ.කොහොම හරි පාර්ටි එක වෙලාවේ එහෙන් මෙහෙන් එයත් එක්ක කතා කරලා යාන්තමට කොල්ලෙක් නැති බව හොයා ගත්තා.අන්තිමට යන්න කලින් බොහොම අමාරුවෙන් එයාගේ මොබයිල් ෆෝන් එකේ නම්බෙර් එකත් ඉල්ලා ගත්තා
.පස්සේ ඉතින් දහසක් සිහින ගොඩ ගහගෙන ගෙදර ගිහින් එයාට text කරන්න ගත්තා.මුලදී මුලදී text කලාට කිසිම රිප්ලයි එකක් තිබ්බෙත් නැහැ.එත් පහුවෙන කොට මාත් එක්ක හෙමින් හෙමින් රිප්ලයි කරන්න ගත්තා.ඔන්න ඔය විදිහට වැඩේ යද්දී මගේ යාළුවගේ නංගිගෙනුත් වැඩේට ටික ටික sub එකනම් ලැබුනා.
අන්තිමට ජුලි මාසේ එක්තරා දවසකදී මන් එයාගෙන් යාලු වෙන්න ඇහුවා.මේකී ගත් කටටම බෑ කිව්වා ප්‍රතිචාරයක් නැහැ.එත් මන් දිගටම text කරන එකනම් නැවැත්තුවේ නැහැ.ඔහොම ගිහින් අයෙමත් සති දෙකකට පස්සේ අයෙමත් ඇහුවා.ආයෙමත් ගත් කටටම බෑ කිව්වා.
මාත් ඉතින් අත ඇරියෙත් නැහැ.ඔහොම ගිහින් ආයෙමත් සතියකට පස්සේ කෙල්ලට හොද තෙලක් ගහලා හොදවයින් බොක්කට වදින්න මැසේජ් දෙක තුනක් දාලා ෆෝන් එක පැත්තකට තියෙන්න ඇරලා පාඩුවේ හිටියා.
මෙන්න යකෝ පැයකට විතර පස්සේ කෝල් එකක් එනවා කෙල්ලගෙන්.හරි නැති නිසා මං කට් කරලා ආයේ ගත්තා.මෙන්න බොලේ මේකී එහා පැත්තෙන් ඉකි ගගහා අඬනවා.අඬන ගමන් කිව්වා
"මං කැමති කියලා".
ආදරේ කරලා තියෙන කරන කව්රු හරි මේක කියවනවානම් ඒ වෙලාවේ මට දැනුනු හැඟීම කොහොමද කියලා උඹලට අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැනේ බොලව්.එයා ගියේ ගම්පහ ප්‍රසිද්ද ගැහැණු ළමයි විතරක් හිටිය ඉස්කෝලෙකට. O/L කරන්න හිටියේ 2009 දෙසැම්බර් වල.මං එයට වඩා අවුරුදු 4 ක් වැඩිමල්.
ඉතින් අපි දෙන්නගේ ආදරේ ඔහොම ගලා ගියා.මම ඒකාලේ හැම සති අන්තයකම ගියා එයාව හම්බු වෙන්න.ක්ලාස් ඇරිලා එයා එක්ක එකට බස් එකේ අත්වැල් පටලාගෙන ගියා.ඒ කාලේ කොච්චර සුන්දර කාලයක් කියලා මට ඒ කාලේ හිතුනද ඒත්....
මම ඒ වෙන කොට කැම්පස් යන නිසා හම්බු වෙන්න පුළුවන් උනේ සති අන්තේ විතරයි.ටිකෙන් ටික අපේ ආදරේ ගලා ගියා.හරියටම නිසංසල ගඟක් ගලා යනවා වගේම.
දෙසැම්බර් මාසේ එයා එයාගේ O/L විභාගෙට මුණ දීලා ගෙදරට වෙලා හිටියේ.පන්ති යැවෙන්නේ නැති නිසා හම්බු වෙන්න තියෙන ඉඩ කඩත් ටිකෙන් ටික අඩු වෙලා ගියා.එත් මම හැමදාම මැසේජෙස් 40ක් -50ක් කෙටුවා.දවසකට අඩුම පැය භාගයක් වත් කතා කළා.
O/L ඉවර නිසා ගෙදර ඉන්න හරි කම්මැලි කියලා මෙයා මට ඒ කාලේ හැමදාකම කිව්වා.ඒ වෙන කොටත් කොළබ තිබිච්ච ප්‍රධාන ඉංග්‍රීසි පාඨමාලා වල බදවා ගැනීම් විභාග ඉවර වෙලා තියෙන්නේ කියලා ඒවලට යන්න වෙන්නේ නැහැ කියා කියා හිටියා.
ඒක නිසාත්,කම්මැලිකම නිසාත් මම A/L ඉවර වෙලා කඩ්ඩ හදාගත්ත අපේ ප්‍රදේශයේ තිබ්බ ඉංග්‍රීසි පන්තියක කෝස් එකකට යන්න කියලා බැරිම තැන මම එයාට කිව්වා.එතන තමයි මට වැරදුනු,මම විහින් වරද්ද ගත්තු තැන.
ඒ පන්තිය සතියට දවස් පහම උදේ 8.00 ඉදන් හවස 4.30 වෙනකන් මාස දෙකක් පුර පන්ති පැවැත්වුන තැනක්.මෙයා ගියේ ජනවාරි මාසයේ එත් පුරුදු විදිහටම මට හැමදාමත් මැසේජ් කලා,කතා කලා.එත් මම හීනෙන්වත් හිතුවේ නැහැ ඒ ටිකෙන් ටික ලං උනේ අපේ ආදරේ අන්තිම දවස් කීපය විත්තිය.
මතක හැටියට පෙබරවාරි මාසේ 8,9,10 එයාගෙන් ලැබුනු මැසේජස් ගැන 10 කටත් වඩා අඩු උනා.කතා කරන්න බෑ තාත්ත ගෙදර කිව්වා.අන්තිමට 10 වෙනිදා මැසේජ වලට රිප්ලයි නැත්තේ ඇයි කියලා ඇහුවම එයා පාර්ටි එකක ඉන්නේ කිව්වා.පෙබරවාරි 11 මම මැසේජ් 10-15ක් යැව්වත් රිප්ලයි එකක් ආවේ නැහැ.
මතක විදියට එදා පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා රෑ 8.30 විතර ඇති.සශිනිගෙන් මැසේජ් එකක් අවා ඒකේ තිබ්බේ මෙහෙම දෙයක්
"අයියේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් එත් මම එච්චර හොඳ කෙල්ලෙක් නෙමෙයි.එක නිසා මාව අමතක කරන්න අපි මේක මෙතනින් නවත්තමු.අදින් පස්සේ මට ආයේ කවදාවත් text කරන්න එපා" කියලයි.
ඕක කියෙව්වම මගේ බොක්ක කූල් උනා.අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ බොලව් දැනුනු හැඟීම; බූට් එකක් කාපු එකෙක්ට තේරෙනවා ඇතිනේ.මන් ඊට පස්සේ එයාට කොච්චර මැසේජ් යැව්වත් රිප්ලයි අවේනම් නැහැ.
මගේ මුළු ලෝකෙම කැරකිලා ගියා වගේ දැනුනා.හරියටම කියනවනම් ගිනියම් වෙනකන් රත්කරපු යකඩයක් ඔලුවේ ඉදන් දෙපතුල දක්කවාම ඇඟ හරහා යන විදියට පසාරු කරලා ඇතුලට බස්සල තියෙනවා වාගේ දැනුනා.මුළු ඇගෙන්ම සැර පිටවෙන්නම් වගේ දැනුනා.
මම හිටියේ එදා බෝඩිමේ.බැරිම තැන නිදාගන්න කියල ඇදට ගියත් මුළු රෑ පහන් වෙනකන්ම නින්ද ගියේ නැහැ.පහුවෙනිදා මම උදේ කැම්පස් ගියෙත් මුණ බේරී කරගෙන .එක දැකලා හුගක් කට්ටිය ඇහුවා වෙනදා තියෙන හිනා මූණ නැහැ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා.එත් සිද්දිය දැනගෙන හිටියේ මගේ බෝඩිමේ හිටපු අනිත් රූමලා 3න් දෙනා විතරයි.
ලෙක්චර්ස් ගියත් අහගෙන ඉන්නවත් හිතක් නැහැ.හොදට හිටපු එකීට මොකද උනේ කියලා කල්පනා කලා ඇරෙන්න.බැරිම තැන මම එදා කලින් ගෙදර ආවා.ඇවිත් ගෙදරටත් බොරුවක් කියලා එයා කෝස් එක කරපු පන්තිය ගාවට ගියා හවස එයාව හම්බු වෙන්න.මම ඒ ගමන නොගියානම් කොච්චර හොඳද කියලා හිතෙන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ.
පන්ති ඇරුන ගමන් සශිනි පන්තියෙන් එලියට බැස්සා තවත් කොල්ලෙකුගේ අත්වැල් පටලෝගෙන.එයා පස්සේ තව ගැහැණු ළමයි 3න් දෙනෙක්.මට ඉතින් මොනවද හිතුනේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.ඒ වෙන කොට මගේ පුංචි කෙල්ලගේ හිතට හොරෙන් වෙන ගොබිලෙක් රිංගලා.ඌ මට පයින් ගහල කෙළවලා ඌ මගේ කෙල්ලව දාගෙන.
මුණ පොඩි කරන්න කියලා හිතුනත් මන් එහෙම කරන්න ගියේ නැහැ ඉවසනවා ඇරෙන්න.එත් මගේ තිබුණු පණ්ඩිතකමට මම ගියා එයත් එක්ක කතා කරන්න.එකී මොකද දන්නවද කලේ මගෙන් ඇහුවා
"ඔයා කව්ද...???" "මං ඔයාව අදමයි දැක්කේ" "ඔයාට වැරදීමක් වෙන්න ඇති" කියලා අර කොල්ලා ඉස්සරහ බබෙක් වගේ හැසිරුනා.
අර කෙල්ලෝ ටික ඉස්සරහ මම ඉපදුන නගරයේ...;මම අවුරුදු 11 ක් ඉස්කෝලේ ගිය නගරයේ....;අවුරුදු 20 ක් නිතර ආව ගිය නගරයේදී බල්ලෙකුට වගේ සලකන්න තරම් දරුණු වෙන්න එයාට පුළුවන් උනා.
උඹලටත් එහෙම උනානම් ඒ වෙලේ මොකක් කරාවිද..?? මං මොකක් කරන්න ඇතිද..??
මුළු ජීවිතේම කියලා හිතන් ආදරේ කරපු කෙල්ලට කනට ගහපන් කියලා උඹලා කිව්වත් එහෙම කරන්න තරම් දරුණු වෙන්න මට බැරි උනා බොලව්.මම බිම බලන් නොන්ඩි වෙලා ගෙදර ආවා.වේල් 3 ක් විතර අප්සෙට් එකට කෑවේ නැහැ.ගිහින් එයාට මැසේජ් එකක් දාලා ෆෝන් එක පැත්තකට කරලා තිබ්බා.එයා ගියේ මගේ හිතේ එයාට තිබ්බ හැඟීම පිළිකුලක් බවට හරෝලයි බොලව්.
කොහොම හරි පහුවෙනිදා ෆෝන් එක ඕන් කරන කොට එයාගෙන් මැසේජ් එකක් තිබ්බා
"අයියේ ඊයේ මගේ අතින් වෙච්ච දේට සොරි මාව අමතක කරන්න ඔයාට වරදින්නේ නැහැ කියලා" මම රිප්ලයි කරන්නවත් මොනවත් කරන්න ගියේ නැහැ.එත් එයා වෙනුවෙන් තව දුරටත් අඬන්න ගියෙත් නැහැ.
සති දෙකක් විතර විරහ ගීත ලිය ලියා ඉඳලා අමාරුවෙන් හිත හදා ගත්තා.හරියටම එයා මාව දාලා ගිහින් අදට අවුරුද්දක් වෙනවා.එත් අදටත් මන් එයා වෙනුවෙන් අඩන්නේ නැහැ.එයාට වෛර කරන්නෙත් නැහැ.එයාව මට අදටත් පිළිකුල් හැමදාටම පිළිකුල්.උඹලට හිතෙන විදිහට මන් සමහර විට වැරදි ඇති.......
පසුව ලියමි :- හිමි නොවූ ආදරය පොස්ට් එකේ අන්තිමට මම කිව්වනේ "කෙල්ලෙක්ට වද දිදී කොච්චර පස්සෙන් ගියත් ලැබෙන්න නියමයක් නැත්නම් ලැබෙන්නේ නැහැම තමයි" කියලා.ඒ වගේම මොන ගේමක් දීල කෙල්ලෙක් දාගත්තත් හිමිකමක් නැත්නම් ඉක්මනින්ම අපෙන් ඈත් වෙලා දුර ඈතකට යනවා.
අනිත් එක තමයි කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් ඒ කෙල්ලම පස්සෙන් යනවනම් ඒක මහා අමන වැඩක්.එහෙම අමන වැඩක් කරපු ගොබිලෙක් නිසා තමයි මටත් කෙළ උනේ.මොකද ඌත් දැනගෙන ඉඳලා තිබිල තියෙනවා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා.ඌ තමයි ඔලුවට විෂබීජ දාලා මාව ඈත් කරවලා ඌ ලකුණු දාගෙන තියෙන්නේ.කොහොම උනත් ඒ වගේ පහර වැඩක් කලොත් උබලටත් සහගහවි බොලව්.ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ වැඩ නොකර හිටියොත් ගොඩක් කල් සතුටින් ඉන්න ලැබේවි.
මොනවා කිව්වත් උඹලට හිතෙන විදිහට මන් සමහර විට වැරදි ඇති.......
Labels:
අමිහිරි මතක
Thursday, February 03, 2011
අනේ මෙහෙමත් නෝන්ඩියක්...
අද කියන්න යන්නෙත් මගේ ජිවිතේ අමිහිරි වූ මතකයක්.ඒත් ඒකත් ජිවිතේට ලැබුණු අමුතු අත්දැකීමක්.මම කලින් දාපු හිමි නොවූ ආදරය පොස්ට් එකෙන් කිව්වනේ මම O/L වෙනකන් ගියේ මිශ්‍ර පාසලකට කියලා. ඒකේ ඉද්දි මම 11 වසරදී වෙච්ච දෙයක් තමයි අද මතක් කරන්න යන්නේ.
අපේ 11 වසර පන්ති 6 ක් තිබ්බා.ඔය පන්ති සෙට් එකම තිබ්බේ එකට එකම හෝල් එකක.ඒක නිසා පන්ති ටික තිබ්බේ එක ගොඩේ.අනික ඒ හෝල් එක වෙනත් ලොකු ලොකු විභාග වලටත් ගන්න එකක් නිසා පන්ති එකින් ඒක වෙන් වෙලා තිබ්බෙත් නැහැ බිත්තියකින් තියා බෝඩ් එකකින්වත්.
ඒක නිසා A පන්තියේ ඉදන් F වෙනකන් දිගට පෙනුනා.අනික තමයි A පන්තිය තිබ්බේ ඒ හෝල් එකේ stage එක වගේ කෑල්ලේ උඩ.ඒ නිසා A පන්තිය තිබ්බේ අනික් පන්ති සෙට් එකට උඩින්.මම හිටියේ B පන්තියේ.
අපේ පන්තියේ පන්ති බාර හිටියේ මම ජිවිතේ වැඩියෙන්ම ආදරය කරන,ගරු කරන ගුරුවරිය නමින් "පද්මා අභයවර්ධන" මැඩම්.10 -11 පන්ති දෙකේම අපේ පෙර පිනකට මැඩම් තමයි පන්ති බාර උනේ.අනික අද මම ඉන්නේ කොතනද එතන ඉන්න මගේ ජිවිතේට ලොකුම බලපෑමක් කල කෙනෙක් තමයි මැඩම්.මැඩම් නැත්නම් මම ඉවරෙටම ඉවරයි.අපේ පන්තියේ හිටපු හැම කෙනෙක්ම වගේ මැඩම්ට අම්මා කෙනෙක්ට වගේ ආදරේ කලා.
ඒ කලේ පොඩි හැදින්වීමක්.අපේ පන්තියේ හිටියා කෙල්ලෙක් නම "දමිතා" කියල කියමුකෝ මේ කෙල්ලට තිබ්බා පොඩි සම්බන්ධයක් එහා පන්තියේ; ඒකියන්නේ C එකේ හිටපු කොල්ලෙක් එක්ක.අපි ඌට "තිළිණ"කියලා කියමුකෝ.
ඒ කාලේ හැටි ඔහොම තමයි ලව් කරන ඒක සාමාන්‍ය දෙයක්.ඒත් මුන් ප්‍රසිද්දියේ තැන තැන බොහොම නොසන්ඩාලා විදිහට හැසිරුනා හුගක් වෙලාවට.ඒ නිසාම මමයි අපේ පන්තියේ හිටපු අනික් වගකීමක් තියෙන ශිෂ්‍ය නායකයෙක් හැටියට හිටපු ඉසුරුයි දෙන්න ඔය සිද්දිය ගැන මැඩම් එක්ක කතා කරලා තිබ්බේ මේකි නිසා අපේ පන්තියට වෙන කැලැල්ල ගැන.ඉසුරු ගැන වතුර නැතිව පොස්ට් එකෙන් කිව්වා මතක ඇතිනේ අන්න ඌ තමයි.
මැඩම් නිකන් අම්මා කෙනෙක් වගේ නිසා තරහා නොගෙන කෙල්ලටයි කොල්ලටයි සිද්දිය තේරුම් කරලා දුන්නා ඒත් මුන් තේරුම් ගත්තේ නැහැ.පස්සේ මැඩම් අපි දෙන්නත් එක්ක කිව්වා සද්ද නැතුව ඉන්න "විජේසුරිය" සර්ට අහුවෙලා පාඩමක් ඉගෙන ගනීවි කියලා.විජේසුරිය කියන්නේ අපේ 11 වසර පන්ති සෙට් එකේ අංශබාර ඒ වගේම අපේ ශිෂ්‍යනායක සංගමේ බාර ඒ වගේම සහකාර විදුහල්පති කෙනෙක්.පොර මාර සැර ඩයල් එකක් තමයි.
දැන් තමයි වෙච්ච කතාව කියන්න යන්නේ.දවස 2005-03-04 වෙනිදා.දවස මතක එදා මට අමතක කරන්න බැරි තරම් අමිහිරි නිසයි.අපි මේ Love එක ගැන දැනගෙන හිටියට මේකි දැනගෙන ඉඳල නැහැ අපි දන්නවා කියලා.
එකී දැනගෙන තියෙන්නේ අපි දන්නවයි කියලා මේ සිද්දිය වෙච්ච දවසෙම තමයි.දැනගත්ත ගමන් මේකි බය වෙලා අපි විජේසුරිය සර්ට කියාවි කියලා ෂනික කොල්ලට ලියුමක් ලියලා.ඒ ලියුමේ කොහොම හරි තිබිල තියනවා මගේ නමත් දාලා අපි ඔය සිද්දිය ගැන දන්නවා පරිස්සම් වෙන්න කියලා.මේකි මේ ලියුම ලියලා තියෙන්නේ සෞන්දර්ය විෂය තිබ්බා වෙලාවේ.
මම කලේ සංගීත ඒ නිසා A එකයි B එකයි ඒ වෙලේ සංගීත කාමරේට ගිහින් සරිගම වළදා වළදා තමයි හිටියේ.මේකි කලේ චිත්‍ර A එකයි B එකයි පන්ති දෙක එකට දාලා උගන්නන නිසා A පන්තියට ගිහින්තමයි කට්ටිය ඉගෙන ගන්නේ.ඒ කියන්නේ ස්ටේජ් ඒක උඩ තිබ්බ පන්තියේ.
මේකි ලියුම ලියලා කොල්ලට කතා කරලා C පන්තියේ හිටපු.A පන්තියේ පිටිපස්සේ හිටපු කෙලෙක්ට කියලා කොල්ල පහලින් ආවම හිමීට ලියුම දෙන්න කියලා.මේකිත් පස්සවත් හැරෙන්නේ නැතිව ලියුම B එකේ පැත්තට දික් කරලා කොල්ල ගනීවි කියලා හිතන්.
ඒ වෙලේම මගේම පිනකටද කොහෙද; කොහේද ඉඳන් කඩා පාත් වෙලා තිබ්බා ධර්මසේන"සර්.ධර්මසේන කියන්නේ කලින් ශිෂ්‍ය නායකයෝ භාරව හිටපු අපිට සමාජ අධයයනය කරපු තවත් සහකාර විදුහල්පතිවරයෙක්.පොර විජේසුරිය සර් එක්ක පොඩි අවුලකින් හිටියේ අපේ ඉසුරුයි තව එකෙකුයි ආතල් එකට කරපු වැඩක් නිසා.ඒක පස්සේ දවසක කියන්නම්.
පොර ලියුම අතට අරගෙන කියෝලා වැඩේ ඔක්කොම ලීක් වෙලා.මූත් අනිත් සර් එක්ක වලි නිසාත් එකේ මගේ නම තිබ්බ නිසාත් මිනිහට වැඩක් දෙන්න පුළුවන් නිසා කේළම ගිහින් සද්දේ දාලා විජේසුරිය සර්ට කියලා.
අනේ ඔය කිසි දෙයක් දන්නැතුව සංගීතය ඉවර වෙලා මම පන්තියට එනකොට පොඩි කොල්ලෙක් දුවල ඇවිත් මට කිව්වා "අයියේ අන්න විජයසුරිය සර් ඔයාට කතා කලා කියලා office එකට"කියලා.ඉතින් මම එහෙම්මම ගියා.
මම office එකට ඇතුල් වෙන කොටම තිළිණයා ඉන්නවා කම්මුලත් ඉදිමෝගෙන බිම බලාගෙන.මට මීටර් උනා වැඩේ හරියටම හරි තමයි කියලා.ඒත් කව්ද යකෝ දන්නේ මේකි මටත් කෙලෝලයි කියලා.එතකොටම සර් මගෙන් අහපි තිළිණයා යාලු කාත් එක්කද කියලා.
දැන් වැඩේ ලීක් වෙලානේ ඉතින් මමත් කිව්වා "දමිතා එක්ක සර්" කියලා.ඒ වෙලේම වැඩේට පෝර දාන්න ධර්මසේන කාරයත් එතැනට සෙට් උනා."තමුසෙලා දැන්ද ඕක කියන්නේ ශිෂ්‍ය නායකයෝ වෙලා" කියලා මු මට දෙක තුනක් නෙළුව අරුටත් වැඩ පෙන්නන්න වගේ.
එහෙම කියලා මු මට ලියුම පෙන්නුවා.අම්මට සිරි මේකේ මේකි මගේ නමත් ලියලා මේකිව දිවියම කාපියව් කියලා මට ලොකු තරහකුත් අවා.ඒත් පරක්කු වැඩිනේ."තමුසෙලට ශිෂ්‍ය නායක කම ගැලපෙන්නේ නැහැ" කියලා මු අර ධර්මසේන සර්ට පෙන්න වැඩර් වගේ මගේ ශිෂ්‍ය නායක බැජ් ඒකත් ගැලෙව්වා.
ගලෝල අපි දෙන්නට සර්ගේ office එකට වෙලා ඉන්න කියලා මු ඒ වෙලේම ගියා 11 වසරට ළමයිව එලියට දාලා රැස්වීමක් කැදෙව්වා.මුගේ රූම් එකේ ඉඳන් බැලුවම 11 වසර ඉස්සරහා රැස්වීම් ගන්න තැන හොදට පේනවා.
මු රැස්වීම අරන් අරකිටයි මූටයි පලු යන්න බැනලා බැනලා මගේ ගලෝපු බැජ් ඒකත් පෙන්න පෙන්න මගෙත් පලු යවනවා මට ඈතින් පෙනුනා. නවනින්ගිරාවයි මොනවා කරන්නද.තිළිණයා ඒ දිහා බලන් මට සොරිත් කියනවා මට මල පැනල හිටියෙත් එවෙලේ.
කොහොම හරි මගේ බැජ් ඒක ගලෝපු සීන් එක අපේ මැඩම්ට ආරංචි වෙලා මැඩම් ඇවිල්ල විජේසුරිය සර්ට කියලා අපි ඔයගැන මැඩම්ට කලින් කියලා තිබ්බේ කියලා වැඩේ ශේපේ කරලා.කොහොම හරි රැස්වීමත් ඉවර වෙලා සර් ආයේ මුගේ රූම් එකට ඇවිත් අරුට දෙමව්පියෝ එක්කන් එන්න කියලා යවෝලා මට කතා කලා.
කතා කරලා මු කියනවා "ඔයා වැරද්දක් කරලා නැහැ.මැඩම් එක්ක කියලනේ.ඒ නිසා මන් බැජ් ඒක දෙනවා.ඒත් මම බැජ් එක ගැලෙව්වේ අර මිනිහ ඉස්සරහනේ.ඒ නිසා බැජ් ඒක තියාගන්න මම සතියකින් විතර බැජ් ඒක ගහන්නම්"කියලා.
නොදකින් කියලා මට හිතුනා.ඇයි යකෝ මුළු 11 වසරම ඉස්සරහා මාව නොන්ඩි කරලා බැජ් ඒක සතියකින් ගහන්නම් කිව්වම.තව මු කියනවා බැජ් ඒක නැතුව ඩියුටිත් යන්න කියලා පෙරේතයා.මාත් ඉතින් කට වහගෙන බැජ් ඒක අරගෙන පන්තියට ගියා මොකද ඒ කාලේ ගැලෙව්වනම් තියාගනින් මට එපා කියල කියන්න තරම් කටට පනක් තිබ්බ නැති නිසා.
හොදම වැඩේ උනේ පහු වෙනිදා.අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයන්ගේ ටයි එකේ Prefect කියලා ගහල තියනවා.මන් ටයි එකත් දාගෙන බෑග් එකත් එල්ලගෙන 7.25 ට විතර 11 වසර හෝල් එක ඉස්සරහා මිදුල දිගේ පන්තියට යනකොට පන්ති වල හිටපු කොල්ලොයි බල්ලොයි කෙල්ලොයි ඔක්කොම එලියට බැහැගෙන මං දිහායි ටයි එක දිහායි බලනවා.
මොකෝ office එක ඇතුලේ සර් මට කියපු ඒක උන් දන්නේ නැහැනේ.තවත් සමහර උන් මට කින්ඩිත් දානවා.මට මල පැනල පන්තියෙන් බෑග් එක තියලා සමුපකාරෙට ගිහින් normal ටයි එකක් අරගෙන දාගත්තා.මොකද ඉස්කෝලේ කොල්ලෝ ඔක්කොම ටයි දාන එක අනිවාර්ය කරලා තිබ්බ නිසා.
පස්සේ සර් උදේ 11 වසරට ආපු වෙලේක මම normal ටයි එකකුත් දාගෙන පන්තිය ඇතුලේ ඉන්නවා දැකලා මට බැනලා පන්ති සෙට් එකටම ඇහෙන්න මට අනන් මනං කියලා අහු වෙන්න එපායි කියලා සද්දෙත් දාලා මාව ඩියුටිත් එලෙව්වා prefect ටයි එක දම්මවලා.
සතියකට විතර පස්සේ කට්ටිය ඉස්සරහා මට බැජ් ඒක ගැහුවා.ඒත් මට උනු නෝන්ඩිය එදා අද වගේ මතකයි.ඒ වගේම අපරාදේ normal ටයි එකට ගිය රුපියල් 110 ය.කතාව ලියන්න ගිහින් දිග වැඩි උනා.කියෝන කව්රුම හරි එක්කෙනෙක් ඉන්නවනම් සමාව ඉල්ලනවා ඒකට.
Labels:
අමිහිරි මතක
Subscribe to:
Posts (Atom)




