Thursday, April 14, 2011

සුබම සුබ මෙව්වා එකක් වේවා.......


ඔන්න ඉතින් සිංහල දෙමල ශ්‍රී ලාංකික  අපි හැමෝටම අලුත්ම අලුත් නව වසරක් උදා උනා කියහන්කෝ.... සුර්යය සංක්‍රාන්තිය මීන රාශියෙන් මේෂ රාශියට සිද්ද වෙනවත් එක්කම සිංහල හින්දු අපි හැමෝටම නවම නව වසරක් උදා වෙනවනේ..

ඉතින් ලංකාවේ හිටියා නැතා කියලා එව්වා අපි හැමෝටම ප්‍රශ්න නෙමෙයිනේ.මොන දිපන්කරයක හිටියත්, දුප්පත් පෝසත් කම් මොනවා මොක උනත් හැමෝම තමන්ට පුළුවන් උපරිමයෙන් අවුරුදු සමරන බව හැබෑව. ඔන්න එහෙනම් මගේ ප්‍රාර්ථනාව මෙහෙම ලියන්නම්..

ලැබුනා වූ මේ නව වසර සාමය, සතුට, සෞභාග්‍ය  සපිරුනාවූ ; කිරි පැණි ඉතිරෙන,  මල් පැණි බේරෙන, මල් පාත්ති  පවා පැළවෙන, ඇතිවූ මල් පරවී නොයන, තව තවත් මල් පිපෙන, පිපුණු මල් කැඩීමට හැකිවෙන (අම්මෝ මන් පොඩි එකා මන් ඔව්ව දන්නේ නැතෝ), ඇනුම් බැනුම් නොලැබෙන, බූට් නොකන, වෙන්න නැන්දම්මට හෝ මාමණ්ඩිට මාට්ටු නොවෙන, ටියුටෝරියල් අඩු වෙන, අයිස වැඩි වෙන, වාත නොවෙන, ස්ට්‍රෙස් අඩුවෙන, ෆන් වැඩි වෙන, කොකු නොවැටෙන, එක්සෑම් එහෙම ඇතොත් එව්වත් ගොඩ යන, කොටින්ම කෙටියෙන්ම කියනවනම් චාටර්,පජාත අප්පිරිය නොවූ ජොලි බර සොමි බර ෆන් ෆුල් මෙව්වා එකක් වේවා....

බැදපු කට්ටියට මෙව්වා අදාළ නොවේ නැත්නම් ආයේ පවුල් ආරවුල් කියවී. මෙන්න කිව්වා බැදපු අයට මෙතුවක් කල් කැඩූ මල් වලින් වැඩි වැඩියෙන් ඵලම බරවී රටේ ජන ග්‍රහණය වැඩි කිරීමට හැකි වන, වැඩක් කොරගෙන යද්දී පොඩි එවුන් පැමිණ කන් කුන් නොගාන, පවුල් ආරවුල් ඇති නොවන, යන යන තැන පිට කෙල්ලෙක් හෝ කොල්ලෙක් හැරිලාවත් නොබලන, හස්බන්ඩ හෝ වයිපරේ සමග සතුටින් සිටීමට හැකිවන, අඩුවෙන්න බොන්න ලැබෙන ආතල් පිරි මෙව්වා එකක් ම වේවා....

යකෝ මේපාර වැඩි වෙලාවක් පුණ්‍ය කාලේ තියනවනේ බඩගිනි බොලව් වතුරවත් බිව්වේ නැහැ මගුල තාම... මේ නැකත් හදන එව්වන්ට බැරි උනානේ පුණ්‍ය කාලය පැයකට දෙකකට සීමා කොරන්න.... එහෙනම් ඔන්න ආතල්  පිරි සුබ නව වසරක් වේවා....!!!

හෝව් හෝව් කියන්න අමතක උනා යකෝ මේ පාර අපේ පැත්තේ එච්චර රතිඤ්ඤා පිපුරුවේ නැහැනේ අප්පා... මං හිතන්නේ තිබ්බ ඔක්කොම ක්‍රිකට් මැච් එක වෙලේ පුපුරෝලා දාල අපේ ගොයියලා... මම නම් රතිඤ්ඤා, අහස්කුරු එක්ක ජන්මාන්තර වයිරයි එකට හේතුව මම ඊළඟ පොස්ට් එකෙන් අනිවා කියන්නම්..... හැමෝටම ජයෙන් ජයම වේවා....!!!

10 comments:

  1. ඔයාටත් එසේම වේවා!!!!

    ReplyDelete
  2. අපරාජිතයට . සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා.....

    ReplyDelete
  3. ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  4. @හිස් අහස:- ඔබටත් එසේම වේවා...තොටනම් බොන්නම නොලැබේවා..... ඒත් එළකිරි වගේ කෑල්ලක් සෙට්ම වේවා.....

    ..........................................................................................................................................................

    නදී...:- ඔබටත් එසේම වේවා...

    ReplyDelete
  5. @Kathandara :-
    සපැමිණ මගේ බ්ලොග් අඩවිය විය වෙත මෙලෙස
    කල ඒ පැතුම් පෙළ අමුණා ගෙන විරිය
    පිරිසිදු සිතින් ඉටුවෙන්නයි යලි එලෙස
    පතනෙමි මමද තව එක වරක් ඔබ සැමට

    ReplyDelete
  6. එහෙනම් ඒක තමයි මට කෙලවුනේ ! මුගේ සුබ පැතුම නිසා !

    ReplyDelete
  7. @:- හරි හරි බං සතුටු වෙයන් එකක් හරි ගියානේ අනිකත් එමම තමයි වැඩි කල් යන්න කලින් එල කිරි ටොයිස් වගේ කෙල්ලෙක් හම්බුවේවි බොල.

    ReplyDelete
  8. අපි ලංකාවේ අවුරුද්ද ගැන හිතල හුල්ලනවා.. හැබැයි මැයි මගේ හාමිනෙයි එකතු වෙලා කැවුම් වගේ ජාතියක් හැදුව.. වැලි තලප වගේ ජාතියකුත් හැදුව. කිරිබත් වෙලාවට කෑවා

    ReplyDelete
  9. @සරත් ලංකාප්‍රිය:- එහෙම හොඳයි අයියා ලෝකේ මොන දිපන්කරයක හිටියත් ඒක තමයි වටින්නේ.... ඇයි කැවුම් වගේ එව්වා හදන්නේ.හොඳ වෙලාවට හාමිනේ මේක දකින්නේ නැත්තේ නැත්නම් සතියක් විතර යනකන් කල්ල මරේ තමයි....

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........