Saturday, April 02, 2011

ඒ දුක දන්නා අම්මා වරුමයි මතුයම් දිනයක බුදුවන්නේ.....


අද නිකන් හිතුනා මට හිතුනු දෙයක් කියන්න කියලා.කලින් සතියේ දාපු "කොටුවෙන් ගත් වැල සීඩී එක" කියන පොස්ට් එකට තමයි දැනට වැඩිම හිට්ස් වැදුනේ.වැඩිම කමෙන්ට් වැටුනෙත්.

අනේ මන්ද අපේ උන්ටත් මොකක් හරි කුණු හප්පයක් කිව්වොත් පැනන් ඇවිල්ල බලන්නේ.ෂික් මුන්ගේ වල් හිත් නම් හරි අසික්කිතයි.අද ඉතින් මට හිතුනු දෙයක් ලියල යන්න කියලයි හිතුනේ.කමෙන්ට් නම් අඩු වේවි.හිට්ස් ගානත් අඩු වේවි.අවුලක් නැහැ.

මව් පදවිය අහලා ඇති නේද..? .මව් පදවිය කියන්නේ මේ ලෝකේ තියන උතුම්ම පදවිය කියල හැමෝම දන්නවා.ඒකනේ ගෙදර බුදුන් අම්මා කියල කියන්නේ.

ළමයෙක් හම්බු වෙන්න ඉද්දි මාස 10 ක් දරු ගැබ බඩේ තියාගෙන ඉන්දැද්දී විදින දුක පිරිමියෙකුට තේරෙන්නේ නැහැ.

සමහරු කියාවි ඔව්වා නම් මොනාද මුලදී මහන්සි වෙන්න ඕනේ පිරිමියෙක්නේ කියලා.ඔව් එක ඇත්තක්.එත් ඒක එහෙමයි කියලා පිරිමියාට අත පිහදාගන්න කොහොමත්ම බැහැ.

දරු ගැබක් කුස දරාගෙන ඉන්දැද්දී විදින දුක, උස්සන් ඉන්න බර ප්‍රමානේ දන්නේ ගෑනු කෙනෙක් විතරයි.ඒ බර ප්‍රමනේ පිරිමියෙකුට දරා ගන්න බැරි නිසා තමයි ඒ උතුම් පදවිය ගෑනු කෙනෙක්ට බාර දීල තියෙන්නේ.

අනික ප්‍රසුතියකදී දැනෙන වේදනාව අපි වගේ  පිරිමියෙකුට උහුලන්න බැරි නිසා තමයි ගැහැණියෙකුට ඒක බාර දීල තියෙන්නේ.

සමහරු කියනවා පව් කල නිසාලු ගෑනු කෙනෙක් වෙලා උපදින්නේ.ඒක බුද්දාගමට අනුව නම් තරමක් දුරකට ඇත්තක් කියලා මම අහපු හාමුදුරුනමක් කිව්වා කියලා නම් මතකයි.

ඒ උනාට කවමදාකවත් තාත්තා කෙනෙකුට මතු බුදු වෙයන් කියලා කියන්නේ නැහැ නේද. ඒ මතු බුදු වෙන්න පුළුවන් තරමට දරුවෙක්ට මේ ලෝකේ උපතක් දීලා ඒ දරුවාව ආදරයෙන් බලාගන්න පුළුවන් අම්මා කෙනෙක්ටම විතරක් නිසා කියලයි මට හිතෙන්නේ.

අනික ටී.එම්. ජයරත්න මහත්තයා කියන විදිහට "අම්මා සදක් තාත්තලු ඒ ලෝකේ හිරු කිරණ".වෙන්න පුළුවන්.එත් එකේම කියනවා නේද "පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී" කියලා.ඒ මව් සෙනෙහසත් එක්ක බලද්දී පිය සෙනෙහසට තැනක් නැති නිසා නේද.

ඒ සින්දුවේ අන්තිමට අහනවා නේද "අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ" කියලත්.ඒ පියවරුන්ට බුදු වේවා කියලා කවුරුත් කියන්නේ නැති නිසා.

අර කියමනකුත් තියෙන්නේ "ලෝකයට ජිවය ලබා දෙන්නේ හිරු එළිය සහ අම්මාය" කියලා. ඒ මේ ලෝකේ සුවපත් කිරීමේ අසීමිත බලයක් අම්මට තියෙන නිසා නේද.

දරුවෙක් මේ ලෝකෙට ඉපදුනාට පස්සේ ඉදන් ඒ දරුවව හදන්න මහන්සි වෙන්නෙත් අම්මල තාත්තලා. තාත්තලා දරුවන්ට ආදරෙයි එත් ඒක පිටතට පෙන්නන්නේ නැහැයි කියලා මං අහලා තියෙනවා.

ඒත් අම්මා තමයි හැමතිස්සෙම දරුවෝ වෙනුවෙන් මැරෙන්න හදන්නේ, අපමණ දුක් වෙහෙසක් දරන්නේ.ළමයාගේ කර දඩු උස මහත් උනත් අම්මලට ඌ "මයේ පොඩි එකා" ම තමයි.

අහලා තියෙනවා නේද ලෝකේ ඉන්න අවලස්සනම සත්තු ජාතිය තමයි උණ හපුලුවා කියන්නේ.තඩි ඇස් දෙකක්,තඩි ඔලුවක් එක්ක පුංචිම පුංචි ඇඟක්.කොච්චර අවලස්සන උනත් උණ හපුලු අම්මාට උගේ පැටියා නිල් මැණිකකටත් වඩා වටිනවාලු.

අම්මලටත් දරුවෝ එහෙම තමයි. ඒ වගේම ළමයෙක් මොකක් හරි වැරද්දක් කලොත් එකට පලු යනකන් බැනුම් අහන්නෙත් අම්මලමයි.හිතලා බලන්න කව්රුත් මොකෙක්ට හරි බනින්නේ "උගේ අම්මට" කියලා මිසක් "උගේ අප්පට" හරි "උගේ තාත්තට" හරි කියලයැ.

ඒත් අද වෙලා තියෙන්නේ අමුතුම දෙයක්.මිනිස්සු භෞතික දේවල් වලට වහල් වෙලා අමුතුම රේස් එකක දුවනවා.ළමයින්ව හදනවා හදන්න ඕනාවට.පොඩි එකා ඉපදිලා ටික දවසක් යනකොට ගහනවා ගොන් කිරි කවලම් කරපු සුප්පුවක් කටේ.ඌත් ඉතින් උරාගෙන බොනවා.

අහලා තියෙනව නම් කව්රු හරි සිග්මන් ප්‍රොයිඩ්ගේ "ඊඩිපස් සංකල්පය" අම්මගේ තණ පුඩුවට තොල් තියලා කිරි උරන කොට (පොඩි එකා ගැන කිව්වේ හොදේ... හික්.) දරුවට අම්මා ගැනත් අම්මට දරුවා ගැනත් ආදරයක් සෙනෙහසක් දැනෙනවලු.

අපේ අම්මා කියනවා මට අවුරුදු දෙකහමාරක් යනකන් කිරි පෙව්වලු. අන්තිමට කිරි පොවන එක නවත්ත ගත්තේ තණ පුඩුවට කොහොඹ කොළ කොටලා කිරි බොන්න දිලාලු.

දැන් කාලේ තියෙන වැඩත් එක්ක රස්සාවත් එක්ක අම්මා කෙනෙක්ට එච්චර කල් කිරි පොවන්න බැරි වෙන්න පුළුවන්.එත් අඩුම තරමින් මාස 6 ක් වත් පොවන්න පුලුවන් නම්.

මම අදටත් අපේ අම්මට කීකරුව ඉන්නවා.බැන්නොත් පාඩුවේ කට පියන් ඉන්නවා එකට එක කියන්න යන්නේ නැතුව.ඒ මම පොර කියලා කියන්න නෙමෙයි එහෙම කිව්වේ.

එත් දැන් හැදෙන උන් හරි අප්පිරියයි.අම්මා එක්ක කට ගහගෙන උනත් යනවා.මං දකින විදිහට ඒකට හේතුව පොඩි කාලේ ඉදන්ම දරුවව ආදරයෙන් හදල නැති එක තමයි.දරුවට සෙනෙහසක් ආදරයක් ලබා දීලා නැති කමයි.හොදම උදාහරනේ තමයි ඇමරිකාව,එංගලන්තය වගේ රටවල්.

දරුවට කිරි පොවන කොට,දරුවාගේ ආදරයෙන් ඔලුව අත ගාන කොට, දරුවාගේ දුකක් දරුවා එක්ක බෙදා ගන්න කොට තමයි අම්මා කෙනෙක්ට දරුවෙක් ගැනත් දරුවෙක්ට අම්මා කෙනෙක් ගැනත් තියෙන ආදරය බැඳීම තවත් සවිමත් වෙන්නේ.

ඉපදුනු ගමන්ම දරුවව කුණු බක්කියකට ඔබලා යන අම්මලත් නැතුව නෙමෙයි.ඒ වගේ ගෑනුන්ට "අම්මලා" කියන වචනයත් පාවිච්චි කරන එක පව් වැඩක්.

ඒ වගේම ළමයා බඩට ආපු වෙලාවට ගබ්සාවකින් දරු ගැබ මරා දාන පව්කාර ගෑනුත් ඉන්නවනේ.ගබ්සාවල් ගැන වෙනමම පොස්ට් එකක් දාන්න හිතන් ඉන්නේ බලමු.

එහෙම එකේ බලද්දී උඩ කියපු විදියට හරි ළමයව හදන අම්මල ටිකක් හරි හොදයි.. ළමයින්ව බලාගන්නත් අමාරුයි තමයි දැන් යන ආර්ථික අපහසුතාවයන් මැද..... එත් හරියට හදන්න බැරිනම් ළමයෙක් නොහදා ඉන්න එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ.

"අපි ළමයෙක් හැදුවම තොට තියෙන අමාරුව මොකක්ද..? තෝ දෙන්නැතුව කටවහගෙන හිටු" කියලත් කට්ටිය පහලින් කමෙන්ට් කරන්න බැරි නැහැ.කමක් නැහැ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තේරුම් ගන්න.බැරි කෙනෙක් බැනල හරි යන්න.

සංවාදයට විවෘතයි ටොපි චොක්ලට් වලින් බැරිනම් ගල් මුල් වලින් හරි....

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි "අම්මා කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම වචනය.ඒ අම්මා හරියටම අම්මා කෙනෙක් විතරක් නම් විතරයි...."

21 comments:

  1. උඹත් එක්ක එකඟයි. ඒත් අම්මා​ කෙනෙක්ගෙන් ආදරය හරිහැටි නොලැබෙද්දී, අම්ම කෙනෙකුගේ වගේ ආදරය ලැබෙන කෙනෙකුට අම්මා කියන එක වැරදිද?

    අනිත් එක මචං ගැහැණු කියන්නේ පව් කරපු නිසා ම උපදින කොටසක් නෙවේ. යශෝධරා දේවිය, සිදුහත් කුමාරයාගේ බිරිඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු නිසයි... එයා ගැහැණු කෙනෙක් වුනේ. මොකද එයාට පිං නැතුව ගැහැණු කෙනෙක් වුනා නෙමේනේ...

    ReplyDelete
  2. @prasanna86k:- අනිවා අම්ම කෙනෙක් ගේ ආදරය දෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට අම්මා කියලා කිව්වට වරදක් නැහැ....

    ඒ වගේම මන් පව් කරපු කෙනෙක් එහෙම ඉපදෙනවා කියල කෙලින්ම කිව්වේ නැහැ මචං.හාමුදුරු කෙනෙක්ගෙන් අහල දැන ගත්තු එකක්.එත් යශෝදරා දෙවි ගැන උඹ කියපු එකත් එක්ක 100% ක් එකගයි මචං.....

    ReplyDelete
  3. ඔය සින්දුව ලිව්වේ- ධර්මසිරි ගමගේ
    ගායනා කරන්නේ නන්දා මාලිනී

    ReplyDelete
  4. @Kathandara:- ඔව් මම ටොපික් එකට දැම්ම එක ලිව්වේ එයා තමයි සහෝ.එත් මම ලිව්වා කෙනාව දැනගෙන හිටියේ නැහැ ගොඩක් ස්තුති ඒකට. එත් අම්මා සදකි ගීතය ලියලා තියෙන්නේ ටී.එම්. ජයරත්න මහත්තයා නේද....? ගොඩ වැදුනට ගොඩාරියක් ස්තුති...........

    බලන් යද්දී කතන්දර සහෝ සින්දු පට්ට ගහල තියනවා නොවැ

    ReplyDelete
  5. අම්මා,, සංවේදී, හැඟුම්බර සමහර විට මලත් පනින, දුක් උහුලන තවත් ගොඩාක්...

    ReplyDelete
  6. අභීත:- අනිවා අභීත අයියා............ මුළු ලොවම වෙනස් වුනත් නොවෙනස් වන එකම කෙනා අම්මා විතරයි...............

    ReplyDelete
  7. අම්මා... මට මුකුත් කියන්න තෙරෙන්නේ නැහැ අයියේ..ලෝකේම දුක තිබ්බත් අපිව හිනාවෙන් සතුටෙන් තියන්න ඕනෙම දෙයක් කරයි..අනික ප්‍රසන්න අයියා කිව්වා වගේ අම්මා කියලා කියන්න පුලුවන් අම්මගේ ආදරේ දෙන බලාගන්න එ කෙනාට ..බඩේ තියන් මාස නමයක් එලියට දාලා අත පිහිදගන්නේ අම්මලා නෙමේ... අම්මගේ ආදරේ දිලා කරදඩු උස්මහත් වෙනකම්මත් හැමදාමත් හදාගන්න එක්කෙනායි අම්මා...අයියේ පොස්ට් එක හොදයි..හුගාක් හොදයි.. :)

    ReplyDelete
  8. නිම්ශා:- මම උඩ කිව්වත් වගේම පොස්ට් එකට වැදුණු හිට්ස් ගාන ගොඩාක් අඩුයි. අපේ උන්ට හොද දෙයක් කිව්වට පැත්ත පළාතේ බලන්නේ නැහැ.හික් හික්..... මන් ඒ නිසා හිතුවේ පොස්ට් එක අජූතයි කියලා.... පොස්ට් එක හොදයි කියලා අහන්න ලැබුණු එක ලොකු සතුටක්.මම මේ පොස්ට් එක දැම්මෙත් බැනුම් අහන්න බලාගෙන....

    ReplyDelete
  9. උබේ මේ පෝස්ට් එකට කොමෙන්ටු අඩු වෙන්නෙත් නේ හිට්z අඩු වෙන්නෙත් නෑ. කොල්ලෝ අම්මා ගැන මෙහෙම කතා කරල ඉවර කරන්න බෑ.....

    ReplyDelete
  10. මම කලින් කමෙන්ටුවක් දැම්ම. මොකක් හරි හේතුවක් නිස පල වෙලා නෑ. අව්ලක් නෑ. මේකනෙ බං. අපේ මිනිස්සු හොද හරවත් දෙයක් බලන්නෑ. කියවන්නෙ නෑ. නිකන් සංකර යමක් දැක්කොත් ඒ මත්තෙ නැහෙන්න යනව. අම්මා ගැන උබටයි මටයි මෙහෙම කතා කරන්න් බෑ බං. කතා කරල ඉවරයක් දකින්න බෑ.

    ජය...

    ReplyDelete
  11. @Gayan Rupasinghe:- අයියෝ බං සිංහයා ඔය තියෙන්නේ දෙකම උඹගේ කමෙන්ට්ස්.මේකනේ සීන් එක බං මම කැම්පස් එකේ හොස්ටල් එකේ තමයි වාසය කරන්නේ සදුදා උදේම ගෙදරින් ගියහම ආයේ එන්නේ සිකුරාදා, නැත්නම් සෙනසුරාදා.ඉතින් බං කමෙන්ට් අප්ඩේට් කරන්න වෙන්නෙත් එදවස් වලට තමයි බං.... එල එල ජය වේවා.......!!

    ReplyDelete
  12. මගේ අම්මා මම නිසා විඳපු දුක් කරපු කැප කිරීම් වලට වන්දි ගෙවන්න මටනම් තව ආත්ම 1000 ගෙව්වත් ගෙවල ඉවර කරන්න බැරි වේවි... අම්මා කෙනෙක් ළමයෙක් වෙනුවෙන් කරන කැපකිරීම් මේ ලෝකේ වෙන කාටවත් කරන්න බෑ... එල කිරි මචන් පෝස්ට් 1 නම්..

    ReplyDelete
  13. @Apollo:- අනිවා බං අම්මා කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම වචනය කියලා කිව්වොත් මං වැරදි නැහැ නේද...?

    ReplyDelete
  14. මට මවු පදවිය ලැබුණු දිනේ ... ඔබේ අගේ මට දැනුනේ අම්මේ... ඔබේ .. අගේ මට දැනුනේ..
    මගේ පොඩි දුව ලැබෙනකොට මන් හිටියේ පිට රට එත් පුතා ලැබෙනකොට මම හිටියේ එයාගේ ඇඳ ළඟ අතින් අල්ලාගෙන.. මම ඒ හැම දුකක්ම දැක්ක.. ඒ වගේ දුකක් තාත්ත හැටියට අපි කවදාවත් විඳින්නේ නැහැ.. එත් ඒ නිසා තාත්තට අඩුවෙන් ආදරේ කරන්න එපා.. මම තාත්ත නිසයි කියන්නේ. මගේ හිතේ දැවෙන දරු කැක්කුම මට තේරෙනකොට අපේ තාත්ත ගැන මගේ කඳුළු තවත් ගලනවා..අම්මගේ ආදරේ උල්පත ගලනවා වගේ .. සද්දය් පෙනෙනවා.. දැනෙනවා.. තාත්ත හුස්ම ගන්න සුළඟ වගේ අපි වටේට ඉන්නවා, අපට දැනෙන්නේ නැහැ.. හුස්ම ගන්න සුළඟ නැතිඋන දාට තමයි තේරෙන්නේ..

    ReplyDelete
  15. @සරත් ලංකාප්‍රිය:- ගොඩක් කට්ටිය කියපු දේකට වඩා වෙනස් දෙයක් ඔබ කියල තියෙන්නේ.... ඔබ නිවැරදි ඇති අපිට වඩා ජිවිතේ ගොඩක් අත්දැකීම් තියෙන පුද්ගලයෙක් කියපු දෙයක් අනිවාර්යෙන් විශ්වාස කරන්න පුළුවන්...........

    ReplyDelete
  16. මේ කියපු දේවල් නම් මොක්කටම වැදුනා. ඇත්තටම මේ ලෝකේ මිනිහෙකුට විඳින්න පුලුවන් ලොකුම වේදනාව විඳින්නේ ගෑනු කෙනෙක්. අපට එහෙම වේදනාවක් තිබ්බා නම් අපි මැරිච්ච තැන්වල ගසුත් පැළ වෙලා.

    අම්මා කෙනෙක් දරුවෙක්ව මේලෝකෙට බිහි කරන්න කොච්චරක් නම් මහන්සි වෙනවද ? එහෙම මහන්සියක් වේදනාවක් විඳින අම්මලාට සිද්ධ වෙන කරදරයක් ගැන මම් එකපාරක් බ්ලොග් සටහනකත් ලිව්වා.

    කැමති නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

    ඇත්තටම අම්මලා මතු බුදු වෙන්න ඕනේ !!!!

    ReplyDelete
  17. @මධුරංග:- ඔව් බං මේ මුලු ලෝකෙම වෙනස් උනත් කිසිදාක වෙනස් නොවෙන එකම කෙනා අපේ අම්මා විතරයි..............

    ReplyDelete
  18. ඉතාම හොඳ පෝස්ට් එකක්. ස්තුතියි.
    "අම්මා සඳකි" ගීතය ලියල තියෙන්නේ t.m. ජයරත්න ගේ බිරිඳ. ලියන්න හේතු උන සිද්දියත් පත්තරේක තිබුනා...

    ReplyDelete
  19. @නම නොකී යාලුවා:- ගොඩ වැඩිලා නම නොකියා හරි කමෙන්‍ටුවක් දැම්මට ස්තුතියි සහෝදරයා... අයියෝ ඉතින් ඒ කතාව අපි දන්නේ නැහැනේ... කිව්වනම් තමයි වටින්නේ අපිටත් දැනගන්න.... :-B

    ReplyDelete
  20. :) log welama comment eka dannam ehenam...

    මට මතක විදියටනම් T.M. ගේ බිරිඳ ලෙඩ වෙලා ස්පිරිතාලේ නවත්තලා ඉඳලා. ඒ දවස් ටිකේම T.M තමයි ගෙදර වැඩයි නෝනගේ වැඩයි ඔක්කොම කරලා තියෙන්නේ. දවසක් T.M නෝනාව බලන්න ආවම එයාට පෙනුනලු T.M මහන්සි වෙලා තියන තරම. දුකත් හිතුනලු. ඉතින් T.M ගියාට පස්සේ එතන තිබුන බෙහෙත් කවරෙක ලිවුවලු ඔය සින්දුව.

    p.s - mama me oyage blog eka aga idan mulata kiyawanawa :)

    ReplyDelete
  21. @kalani Ruwanpathirana :- ෂා.... අපිටත් දැනගන්න කිව්ව එකට ගොඩාක් පින් සහෝදරී...... මම ජිවිතේ ආසාකරන සින්දු වලින් ගොඩාක් ම කැමති එකක් තමයි ඔය සින්දුවත්..... ගොඩාක් ස්තුතියි මගේ බ්ලොග් එකට ගොඩ වැඩුනට.... ඔබට හැමදාම ජය වේවා.....!! :)

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........