"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Tuesday, March 15, 2011
බුට් කෑවට පසු නාපු බාල්දිය
මේ කතාව මගේ තිබ්බ ලව් ඉලව් හුටපටේට පොඩ්ඩක් සම්බන්ධයි.උඹලට මන් "මා හැර දමා ඈ ගියා" පොස්ට් එකේදී කිව්වනේ බොලව් 2010 පෙබරවාරි 12 වෙනිදා මට රාජකීය වංශෙන් ලොකුවයින් බූට් එකක් හම්බුනා කියලා.
ඔන්න ඉතින් මේක කියෝන මං වගේම ලොකු සපත්තු කාලා තියෙන අය දන්නවා ඇතිනේ ලව් එකක් තිබිල නැති උනාම ජිවිතේට දැනෙන තනිකම, පාළුව, කාන්සිය.
මටත් බූට් වැදුනේ සිකුරාදා දවසක එදා අපේ කැම්පස් එකේ එක්සෑම් එකකට ස්ටඩී ලිව් දුන්න දවස.මං එදා ඒ පොස්ට් එකේදී කියපු විදිහට මගේ උපන් ගමේදී බයිට් වෙලා දුක් සුසුම් මැද ගෙදර ආවනේ.
ඇවිත් ඉතින් දවස් දෙකක් විතර යනකන් කෑවෙත් නැහැ අම්ම කන්න කතා කලාම ශේප් එකේ බත් එක අන අනා ඉදලා විසික් කරනවා. උදේටයි හවසටයි හදල දෙන කිරි එක එහෙම්මම සින්ක් එක දිගේ ගලාගෙන යනවා.
මොනවා කරන්නද කෑම විසිකරන එක පව් එත් මට ඔක්කොම එපා වෙලා හිටියේ.පට්ටම පාලුයි.
මගේ ඉස්කෝලේ යාලුවෝ ගොඩක් එවුන් ජොබ් කරනවා.උන්ට කරදර කරන්නත් බැහැ.කැම්පස් එකේ උන් එක්සෑම් එකට පාඩම් කරනවා උන්ට කරදර කරන්නත් බැහැ.
බූට් එකක් කෑවා කියල කටක් ඇරලා අම්මට කියන්නය.අම්මි ගහයි බැට් එකෙන් එහෙම උනානම්.එත් බොලව් අම්මලට බොරු කරන්න බැහැනේ.අපිට කලින් ඒ මිනිස්සු මේ වයස පහු කොරල නෙවැ ගියේ.
මට මොකක් හරි ලොකු ප්රශ්නයක් කියලා අම්මට තේරුණා.එත් අහන්න ආවේ නැහැ.තේරෙන්න ඇති කෙල්ලෙක්ගෙ කේස් එකක් කියලා.මොන පාඩම්ද දවසම නිදියනවා.
බැරිම තැන තමයි කවි ලියන්න ගත්තේ දුකයි, කාන්සියයි, පාලුවයි, තනිකමයි යන්න මුළු දවසම ඒ කාලේ කාමරේට වෙලයි හිටියේ.මුහුණු පොතටවත් ලොග් වෙන්න තරම් හිතේ ආසාවක් තිබ්බෙත් නැහැ.
අනික බූට් කාපු අය මේක කියෝනවානම් දන්නවා ඇතිනේ දවස පුරා කෙල්ල එක්ක ෆෝන් එකෙන් මැසේජ් කොටලා කොටලා අන්තිමට එහෙම එකක් නැති උනාම ෆෝන් එක අල්ලද්දීත් නිකන් මොකක්ද වගේ මාර අවුල් වියවුල් වෙලා දෙගොඩ තලා යනවා කියලා .
කොහොම හරි ලව් කරන කාලේ මගේ ෆෝන් එකට දන්නේ නැති නම්බර් එකකින් මිස් කෝල් එකක් ඇවිත් තිබ්බා.
මගේ ෆෝන් නම්බර් එකට දන්නේ නැති එකකින් මොකෙක් හරි මිස් කෝල් එකක් ගැහුවොත් මම මගේ ලග තියෙන වෙන සිම් එකක් දාලා කතාකරන්නේ කව්ද කියලා චෙක් කොරනවා මගේ එකෙන් කෙලින්ම බලන්නේ නැතුව.
කොහොම හරි මිස් කෝල් එක දීපු නම්බර් එකට මං ඒ දවස් වල ඩයල් කලාම අනික් පැත්තෙන් කතා කලේ කෙල්ලෙක්. මං කතා කරන්න ගියේ නැහැ එත් ෆෝන් එකේ කන්ටැක්ට්ස් වල "A" කියල සේව් කරලා තිබ්බා.
මොකද මගේ යාළුවොයි කොල්ලොයි බල්ලොයි හැම එකාම මගුලකදී හරි මළගෙදරකදී හරි ඒ කාලේ මාව සෙට් උනොතින් අපේ කැම්පස් එකේ කෙල්ලෙක්ගෙ නම්බර් එකක් නැද්ද කියල අහනවා සෙට් කරගන්න.
යකෝ දැන දැන දන්න කෙල්ලෙක්ව අමාරුවේ දාන්න පුළුවන්ය.එහෙම වෙලාවල් වලදී මං "මචං මේ නම් පට්ටම කෑල්ලක්" කියලා ඌව අන්දලා දෙන්නේ ඔය වගේ නම්බර් එකක් තමයි.
ඉතින් දැන් මට සසර කළකිරිලා පිළිකුල් භාවනාව කර කර ඉද්දි මට ඔය සේව් කරලා තිබ්බා නම්බර් එක මතක් උනා.මටත් දැන් නිකන් මෝල් වෙලා වගේනේ.
මම හීනියට ගැහුවා මිස් කෝල් එකක්. ආයේ ගැහුවා එකක් ඔහොම ටිකක් මිස් කෝල් ගහලා වැඩේ දුන්නම "කව්ද මේ කරදර කරන්නේ" කියලා මෙන්න බොලේ රිප්ලයි එකක් එනවා.ඊට පස්සේ මම පටන් ගත්තා මගේ සුපුරුදු මැසේජ් කෙටිල්ල.
(මේ කයි දෙනවා නම් නෙමෙයි එත් මට ෆෝන් වලින් මැසේජ් කොටලා කෙල්ලෙක්ව අල්ලන්න ලොකු ප්රැක්ටිස් එකක් තියනවා.යාළුවො පුලුවන්නම් අල්ලපන් කියලා දීල තියෙන හැම නම්බර් එකක්ම වගේ මම කෝල් කරලා මැසේජ් කොටලා අල්ලලා තියනවා.
හැබැයි ඉතින් ඔහොම මැසේජ් කොටන්න අල්ලගන්න අය පස්සේ හෙන වාත කේස් වෙලා තියනවා.එතකොට තමයි එපා වෙන්නේ.ඇයි යකෝ මම එවුන්ට කිසි බලාපොරොත්තුවක් දීලත් නැතුව උන් මං ගැන හෙනට ඇදගත්තට මං මක්ක කොරන්ටය.)
කොහොම හරි ඉතින් කතා කරන කෙල්ලව මැසේජ් 3-4 කින් යාලුවෙක් මට්ටමට අල්ල ගන්න මට පුළුවන් උනා.ඊට පස්සේ මෙයා රිප්ලයි එකක් එවනවා "මට දැන්වත් ඔයාගේ ඇත්ත නම කියන්න මම කැමති නැහැ බොරු කරන අයට" කියලා.
ඉතින් මම එදා මොකක් හරි එහෙකට මගේ මුළු නමම කිව්වා.මෙන්න බොලේ නම ගහලා මැසේජ් කළා විතරයි මේකිගෙන් කෝල් එකක් එනවා.
දන්නා කෙනෙක් නෙමෙයිනේ මම එහෙම්මම ආන්සර් කළා.මෙන්න මෙහෙමයි දෙබස ගියේ.
මම:- හෙලෝ
එයා:- හෙලෝ මේ මම ඔයාව දන්නවා.
මම:- මොකක්...? මාව දන්නවා වෙන්න බැහැ.මං ඔයාව දන්නේ නැහැනේ.
එයා:-නැහැ නැහැ ඔයා **** නේ.මං ඔයාව දන්නවා.
(ඒ කාලේ මොකක්ද එකකට මම පොඩ්ඩක් විතර අපේ පැත්තේ හිට් වෙලා හිටපු චරිතයක්.මොකක්ද,මොකටද කියලනම් කියන්න බැහැ මෙතන.ඒක හින්ද මං හිතුවේ මෙකි මගේ නම අහලා ඇති කියලා)
මම:- ඔයාට මොකක් හරි වැරදීමක් වෙලා ඇති අනේ.
එයා:- නැහැ නැහැ ඔයා **** ව දන්නවනේ.
(අම්මට බෝල මෙකි දන්නවද කියලා ඇහුවේ මට බූට් එක තිබ්බ.කාලයක් මගේ කෑල්ල වෙලා හිටපු කෙල්ලගේ නම.මම පොඩ්ඩක් ඉන්න මම ගන්නම් කියලා ෆෝන් එක කට් කරලා මේකිට ගත්තා)
මම:-හෙලෝ ඔයා කොහොමද එයාව දන්නේ.
එයා:- හලෝ මම **** ගේ නැන්දගේ දුව.....
ඔන්න දෙබස ඕක ඇහුන ගමන් මට චූ ගියේ නැති ටික විතරයි.යකෝ වෙනවයින් වෙනවද මෙහෙමත් වැඩක්.නව නින්ගිරාවයිනේ.
කොහොම හරි මට බූට් එකක් වැදුනයි කියලා මේකි දන්නේ නැහැ.මේකි අහනවා "කෙල්ලෙක් ඉන්න කොට අනික් කෙල්ලන්ට කතා කරන්න ඔයාට ලැජ්ජා නැද්ද අනේ.? ඔයා එයාට බොරුවට නේද ආදරය කරන්නේ.?" කියලා.
මං ඊට පස්සේ වෙච්ච මුළු සීන් කොන් එකම එයාට කිව්වා.කොහොම හරි ඒකිටත් වෙච්ච දේ අහලා මාර අප්සෙට්. මං තියන්නම් කියලා කට් කරලා වෙච්ච මරාලේ කල්පනා කළා.ඇයි යකෝ චා 7 යි නේ.
මගේ මතකේ අතීතෙට ගලා ගියා.එත් ගොඩක් ප්රශ්න එක්ක.කොහොමද මේ නම්බර් එක මගේ ෆෝන් එකට ආවේ..? දැන් මේකි අරකිගෙන් ඇහුවොත් මම තවත් චා වේවිද..? ඔය වගේ එව්වා.
කොහොම හරි මම කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න කාලේ සමහර දවස් වල රෑට එයාට කතා කරද්දී ඒ පැත්තෙන් තවත් කෙල්ලෙක් කැකිරි පලනවා ඇහුන දවස් කීපයක්ම.
මම කව්ද කියලා ඇහුවම කිව්වා අපේ නැන්දගේ දුව අද අපේ ගෙදර ඇවිත් එයා මා එක්ක දැන් ඇදේ නිදියන් ඉන්නේ කියලා.
කොහොම හරි ඒ හිටපු කෙල්ල තමයි ඉදුනිල්.ඉදුනිල් කියන්නේ මගේ කෙල්ලගේ නැන්දගේ දුව.පස්සේ හිතුන මගේ ෆෝන් එකට ඒ නම්බර් එක එන්න ඇත්තේ කෙල්ලම ඒ ෆෝන් එකෙන් මගේ එකට මිස් කෝල් එක දෙන්න ඇතිය කියලා.
කොහොම හරි කාලයත් එක්ක ඉදුනිල් මගේ හොද යාලුවෙක් උනා.එයා **** වඩා මට සමීප උනා.මට එම්.එම්.එස්. වලින් එයාගෙත් ෆොටෝ පවා එව්වා.
එයත් මගේ හිටපු කෙල්ලට දෙවෙනි නැහැ.එත් දැන්නම් මං එයාට කතා කරන්නේ නැති තරම් මොකද එයත් පස්සේ මට හෙන ඇනයක් වෙන තරමට ආවා.එයා එක්ක කොල්ලෙක් යාලු වෙන්න අහනවය.ඔයා මගේ කොල්ල විදියට කතා කොරන්නය අනම් මනම් කියලා.
එත් ඒ වෙන කොට මං ඉගෙන ගත්තු එක දෙයක් තිබ්බා. ඒ කෙල්ලෙක්ට ලස්සන විතරක් තිබ්බට මෙලෝ රහක් නැතිය කියන එක.ලස්සන තිබ්බත් හිතින් කුහක නම් ඒ වගේ එවුන් එක්ක එකට වසන්න බැරිය කියන එක.
අනික මං කවදාවත් හිතේ එක කෙල්ලෙක් හිටියත් ඉදල ගියත් ඊට පස්සේ කොච්චර ලස්සන කෙල්ලෝ මම දැක්කත් මම සත පහකට ගණන් ගන්නේ නැති කොල්ලෙක්.එකත් එක හේතුවක්.
අදටත් ෆෝන් එකේ ඉදුනිල්ගේ ෆෝන් නම්බර් එක සේව් කරලා තියනවා.එයා මැසේජ් එකක් දැම්මොත් අහන්නේ ****(හිටපු කෙල්ල) කතා කලේ නැද්ද කියලා තමයි...
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි කෙල්ලෙක්ට ලස්සන කියලා තිබ්බට මෙලෝම මෙලෝ රහක් නැතිය.හිතින් කුහකනම් ආත්මාර්ථකාමිනම් කවදාවත් ඒ වගේ එකියක් එක්ක එකට වැසිය නොහැක කියා පමණි...
ජය වේවා.....!!!
Labels:
මගේ පිස්සු වැඩ
Subscribe to:
Post Comments (Atom)
කතාවනම් හරියට හරි මචෝ,ඔකුන්ට අපි කරන්වා වඩි බන්,උඹ අහල ඇති මේ කවිය..
ReplyDeleteගෑනු ජතිය,
ජරා ජතිය,
ගලේ ගහලා,
මරදාපිය...
සමහර කෙල්ලොනම් ඉන්නවා ඇත්තටම හුගක් හොද අය එත් දෑන්නම් ඉනේ,ලෑජ්ජාව වියතකින් වහගත්තු පත්තිනි අම්මලා උන් එක්ක සෙට් වුනොත් අපිට බඩුම තමා....හොද පොස්ට් එකක් මචෝ.........
මොනවා කරන්නද බං මටනම් කෙල්ලෙක්ගේ ලස්සන මූනු ඩිංග දැක්ක හැටියේ ආයේ කතා දෙකක් නෑ මාව ඒ පැත්තට පාවෙන්න ගන්නවා . මමත් කෙල්ලගේ ලස්සනට අහුවෙලා දැන් මේදවස්වල පාං කියාගන්න බැරිවයි ඉන්නේ .
ReplyDeleteඋඹටනම් පට්ට සීන් එක වෙලා තියෙන්නේ කෑල්ලගේ නැන්දගේ දුව එක්ක මැසේජ් කොරගත්ත හැටි .. අප්පේ බූට් ගැන්නම් කතා නොකර ඉමු . මටනම් බූට් කෑවම දවස් හතරක් යනකම්ම හොඳටම බොන්න ඕන .
මේ මචං උඹද වැඩිමල් මමද වැඩිමල් ? මම 1989
කෙනෙක්ගේ ලස්සනට කරන්න පුලුවන් හරි පොඩි දෙයක් අයියේ..ඊට වඩා හිත වටිනවා මහා හුගාක් එච්චරයි මම දන්නේ...
ReplyDeleteඅඩේ චා 7යි නේන්නම්.....පට්ට සීන් එක උඹටත් වෙලා තියෙන්නෙ.ලස්සන තිබුනට හිතින් කුහක එවුන්නම් වැඩක් නෑ තමා.අනික ඔය වාගෙ මොංගල් ඩයල්.
ReplyDeleteඅසoක:- අහ් අලුත් යාලුවෙක්.සාදරයෙන් පිළිගත්තා එහෙනම් අපරාජිතයාගේ බ්ලොග් එකට ඔන්න...
ReplyDeleteඇයි බං උඹ මේ ටික අහලා නැද්ද.
පිරිමි ජාතිය
උතුම් ජාතිය
කරේ තියාගෙන
වටේ දුවාපිය... හික් හික්....
එත් මචං ලොන්ත පොල් කෙල්ලොත් ඉන්නවා කොල්ලොත් ඉන්නවා.... එල එල ජය වේවා.....!!!
@හිස් අහස:-මචං මාත් 1989 හැබැයි සැප්තැම්බර් උබට බාරයි කව්ද වැඩිමල් කියලා හොයන එක........
ReplyDeleteමාත් ඒ කාලේ ලස්සන මුණක් දැක්කම පාවෙන්න ගන්නවා තමයි ඉස්සර. එත් බං කෙල්ලෝ හින්ද කාපු කටුත් එක්ක තේරුම් ගත්තා "රුවැති ළදලා ගොඩක් අය ලග ගුණ නැත්තටම නැත" කියලා. හික් හික්.
එල එල ජය වේවා....!!!
නිම්ශා :- ඔව් අනිවා නංගා.එත් සමහර කෙල්ලෝ ඉන්නවනේ ලස්සනයි කියලා හෙනට අස්සයෝ පදින අය(ආඩම්බරෙන් පාවෙන අය). යකෝ හරියට නිකන් ආශ්චර්යා රායි කියන් හිතන් ඇත්තේ..
ReplyDeleteජය වේවා නංගා....!!!
@dinesh:- අහ් අලුත් යාලුවෙක්.සාදරයෙන් පිළිගත්තා එහෙනම් අපරාජිතයාගේ බ්ලොග් එකට ඔන්න...
ReplyDeleteචා 7යි කියන්නේ හතේ හතයි බං.විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුවයි හිටියේ ඔය සීන් එක වෙච්ච ගමන්...!! එලටම ජය වේවා ....!!!
kata erapan wasthuwe... aluth 5000 kolayak obanna. Umbe kathawa hariyata hari machan.
ReplyDelete@prasanna86k:- ආ ආ...... කෝ දාපන්කෝ ඇරගෙන ඉදල කට රිදෙනවා...........
ReplyDeleteචීයා කට්ටිය වැරදියට හිතාවිද මන්දා.... හික් හික්.
මේක අදනෙ බොලේ අහු උනේ... දිගටම කියවන්න ඕන..
ReplyDelete@අභීත:- හප්පට බෝල අභීත අයියා මෙන්න ඇවිත් මගේ බ්ලොග් එක පැත්තේ.ඔබ තුමත් ඒවි කියලනම් හිතුවේ නැහැ මේ පැත්තේ.
ReplyDeleteඑල එල ජය වේවා......!!!
අඩේ මේක කොහොමද මෙච්චර කාලයක් හැන්ගිලා තිබ්බෙ. ..බූට් ගැනනම් කතා කරන්න එපා. හොදට ඒ වේදනාව විදල බඩු පොලවෙ ගහල ගේ දෙක කරපු කොල්ලෙක් තම මේ සිංහයා.. සදරු එහෙම කතාව දන්නව ඇතිනේ... දිගටම කියවන්න ඕනෙ...
ReplyDeleteජය,,,
තව දෙයක් කියන්න අමතක උනා.... මේ කතාවට නම් උබේ කටේ මසුරන් දාන්න වටිනවා. තව දෙයක් උබේ බ්ලොගය හැන්ගිලා තිබ්බ එකක් නෙවෙ බං, කියවන්න අමතක උනු, අතපසු උනු බ්ලොගයක්. දැන් කියවන්න ඕනේ මුල්ලක ඉදන්...
ReplyDelete@Gayan Rupasinghe:- එල එල මචං......ජය වේවා......!!!
ReplyDeleteඅයියන්ඩි මට ලින්ක් එකක් දුන්නට ස්තිතියි හොඳේ....අටත් ඔය ගැජමැටික් එක දාන්න ඕන.ටෙම්ප්ලේට් එකේ අවුලක් තියෙනව.ඒකයි සීන් කෝන්.මොකක් හරි සෙල්ලමක් දාලා ඒක හදන්න ඕන...
ReplyDeleteඅහ් පස්ට කතාව හොඳේ.සිරාවටම කෙල්ල නැති උනහම මාර පාලුවක්,තනිකමක් දැනෙනවනම් තමා.එල කතාව සහෝ....
@කුරුං ගුරුං:- අහ එව්වනම් පස්සේ කන්න බැරිය බං හික් හික්......
ReplyDeleteඅන්න හරි පාළුවක් කියන්නේ මාරම පාළුවක් බොල නැත්නම් මේ හොදට හිටපු මම මගේ සිලේ කඩා ගනිවිද බං..
ඔය බෝ පැලේ වගේ ඉන්න කෙල්ලන්ට වඩා තියෙන දේ මුණට කියන උන් දාහෙන් සම්පතයි.අරුන් එකෙකුට එක මුණක් අනිත් අයට එක මුණක්.
ReplyDeleteකොල්ලා කෙල්ලන්ගෙන් හොදට මට්ටු වෙලා තියෙන පාටයි.හොදය් හොදයි ඔහොම යමු
@sihinadanawwa:- මට්ටු වෙලා කියන්නේ ඇඩ්රස් නැති වෙන්නම මට්ටු වෙලා ඉන්නේ බං.කාපු කටු අනන්තයි කෙල්ලෝ නිසා.
ReplyDelete