අනේ මන්දා බොලව් මේ කතාව ලියනවද කියල ගොඩාරියක් වෙලා කල්පනා කරලා කරලා අන්තිමට ලියන්න කියල හිතුනා.කාලයක් ජිවිතේ සුන්දරම දෙයක් වෙලා තිබ්බ මේක මට මතක් කරද්දීත් ලොකු හිසරදයක් දැනෙනවා දැන් නම්. මේක මතක් වෙන්න,මතක් කරන්නත් හේතුවක් තියෙනවා.මගේ පළමු ආදරය හරියටම මගේ හිත පාරලා හදවත දෙකට පලා දාලා මාව තනිකරලා එයා වෙන් වෙලා ගියා.ඒ දැනට හරියටම අවුරුද්දකට කලින්.
මට එයාව හම්බ උනේ 2009 ජුනි මාසෙක දවසක යාලුවෙකුගේ ගෙදර පොඩි පාර්ටියක් තිබුනා.මගේ යාලුවට නංගී කෙනෙක් හිටියා.එයාගේ 16 වෙනි උපන්දිනේට තමයි ඒක තිබුනේ ඒකට එයාගේ නංගිගේ යාලුවෝ වගයක් ඇවිත් තිබුනා.මගේ යාළුවා ඒ පාර්ටි එකට මටයි තව යාලුවෝ 4-5 දෙනෙකුටයිත් ආරාධනා කරලා තිබ්බා.
නංගිගේ හිටපු ඒ යාලුවෝ ගොඩේ දැක්කම ඇහැට ඒක පාර ගැටෙන ලස්සන රුපයක් තිබ්බා.ඒ එයා හරියටම අවුරුද්දකට කලින් මගේ වෙන් වෙලා ගිය,කාලයක් මගේ මුළු ජීවිතේම වෙලා හිටපු කෙනා.එයාට මම සශිනි කියන්නම්.ඒක ඇත්ත නම නොවුනට බොහෝදුරට ඇත්ත නම ලඟින්ම යනවා.
දිග කොන්ඩේ බුලක් දාලා ලස්සන සුදුයි රෝස පාටයි ටී ෂර්ට් එකක් ඇදගෙන කලුපාට ඩෙනිම් කලිසමක් ඇදගෙන තමයි හිටියේ.කොහොම හරි පාර්ටි එක වෙලාවේ එහෙන් මෙහෙන් එයත් එක්ක කතා කරලා යාන්තමට කොල්ලෙක් නැති බව හොයා ගත්තා.අන්තිමට යන්න කලින් බොහොම අමාරුවෙන් එයාගේ මොබයිල් ෆෝන් එකේ නම්බෙර් එකත් ඉල්ලා ගත්තා
.පස්සේ ඉතින් දහසක් සිහින ගොඩ ගහගෙන ගෙදර ගිහින් එයාට text කරන්න ගත්තා.මුලදී මුලදී text කලාට කිසිම රිප්ලයි එකක් තිබ්බෙත් නැහැ.එත් පහුවෙන කොට මාත් එක්ක හෙමින් හෙමින් රිප්ලයි කරන්න ගත්තා.ඔන්න ඔය විදිහට වැඩේ යද්දී මගේ යාළුවගේ නංගිගෙනුත් වැඩේට ටික ටික sub එකනම් ලැබුනා.
අන්තිමට ජුලි මාසේ එක්තරා දවසකදී මන් එයාගෙන් යාලු වෙන්න ඇහුවා.මේකී ගත් කටටම බෑ කිව්වා ප්‍රතිචාරයක් නැහැ.එත් මන් දිගටම text කරන එකනම් නැවැත්තුවේ නැහැ.ඔහොම ගිහින් අයෙමත් සති දෙකකට පස්සේ අයෙමත් ඇහුවා.ආයෙමත් ගත් කටටම බෑ කිව්වා.
මාත් ඉතින් අත ඇරියෙත් නැහැ.ඔහොම ගිහින් ආයෙමත් සතියකට පස්සේ කෙල්ලට හොද තෙලක් ගහලා හොදවයින් බොක්කට වදින්න මැසේජ් දෙක තුනක් දාලා ෆෝන් එක පැත්තකට තියෙන්න ඇරලා පාඩුවේ හිටියා.
මෙන්න යකෝ පැයකට විතර පස්සේ කෝල් එකක් එනවා කෙල්ලගෙන්.හරි නැති නිසා මං කට් කරලා ආයේ ගත්තා.මෙන්න බොලේ මේකී එහා පැත්තෙන් ඉකි ගගහා අඬනවා.අඬන ගමන් කිව්වා
"මං කැමති කියලා".
ආදරේ කරලා තියෙන කරන කව්රු හරි මේක කියවනවානම් ඒ වෙලාවේ මට දැනුනු හැඟීම කොහොමද කියලා උඹලට අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැනේ බොලව්.එයා ගියේ ගම්පහ ප්‍රසිද්ද ගැහැණු ළමයි විතරක් හිටිය ඉස්කෝලෙකට. O/L කරන්න හිටියේ 2009 දෙසැම්බර් වල.මං එයට වඩා අවුරුදු 4 ක් වැඩිමල්.
ඉතින් අපි දෙන්නගේ ආදරේ ඔහොම ගලා ගියා.මම ඒකාලේ හැම සති අන්තයකම ගියා එයාව හම්බු වෙන්න.ක්ලාස් ඇරිලා එයා එක්ක එකට බස් එකේ අත්වැල් පටලාගෙන ගියා.ඒ කාලේ කොච්චර සුන්දර කාලයක් කියලා මට ඒ කාලේ හිතුනද ඒත්....
මම ඒ වෙන කොට කැම්පස් යන නිසා හම්බු වෙන්න පුළුවන් උනේ සති අන්තේ විතරයි.ටිකෙන් ටික අපේ ආදරේ ගලා ගියා.හරියටම නිසංසල ගඟක් ගලා යනවා වගේම.
දෙසැම්බර් මාසේ එයා එයාගේ O/L විභාගෙට මුණ දීලා ගෙදරට වෙලා හිටියේ.පන්ති යැවෙන්නේ නැති නිසා හම්බු වෙන්න තියෙන ඉඩ කඩත් ටිකෙන් ටික අඩු වෙලා ගියා.එත් මම හැමදාම මැසේජෙස් 40ක් -50ක් කෙටුවා.දවසකට අඩුම පැය භාගයක් වත් කතා කළා.
O/L ඉවර නිසා ගෙදර ඉන්න හරි කම්මැලි කියලා මෙයා මට ඒ කාලේ හැමදාකම කිව්වා.ඒ වෙන කොටත් කොළබ තිබිච්ච ප්‍රධාන ඉංග්‍රීසි පාඨමාලා වල බදවා ගැනීම් විභාග ඉවර වෙලා තියෙන්නේ කියලා ඒවලට යන්න වෙන්නේ නැහැ කියා කියා හිටියා.
ඒක නිසාත්,කම්මැලිකම නිසාත් මම A/L ඉවර වෙලා කඩ්ඩ හදාගත්ත අපේ ප්‍රදේශයේ තිබ්බ ඉංග්‍රීසි පන්තියක කෝස් එකකට යන්න කියලා බැරිම තැන මම එයාට කිව්වා.එතන තමයි මට වැරදුනු,මම විහින් වරද්ද ගත්තු තැන.
ඒ පන්තිය සතියට දවස් පහම උදේ 8.00 ඉදන් හවස 4.30 වෙනකන් මාස දෙකක් පුර පන්ති පැවැත්වුන තැනක්.මෙයා ගියේ ජනවාරි මාසයේ එත් පුරුදු විදිහටම මට හැමදාමත් මැසේජ් කලා,කතා කලා.එත් මම හීනෙන්වත් හිතුවේ නැහැ ඒ ටිකෙන් ටික ලං උනේ අපේ ආදරේ අන්තිම දවස් කීපය විත්තිය.
මතක හැටියට පෙබරවාරි මාසේ 8,9,10 එයාගෙන් ලැබුනු මැසේජස් ගැන 10 කටත් වඩා අඩු උනා.කතා කරන්න බෑ තාත්ත ගෙදර කිව්වා.අන්තිමට 10 වෙනිදා මැසේජ වලට රිප්ලයි නැත්තේ ඇයි කියලා ඇහුවම එයා පාර්ටි එකක ඉන්නේ කිව්වා.පෙබරවාරි 11 මම මැසේජ් 10-15ක් යැව්වත් රිප්ලයි එකක් ආවේ නැහැ.
මතක විදියට එදා පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා රෑ 8.30 විතර ඇති.සශිනිගෙන් මැසේජ් එකක් අවා ඒකේ තිබ්බේ මෙහෙම දෙයක්
"අයියේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් එත් මම එච්චර හොඳ කෙල්ලෙක් නෙමෙයි.එක නිසා මාව අමතක කරන්න අපි මේක මෙතනින් නවත්තමු.අදින් පස්සේ මට ආයේ කවදාවත් text කරන්න එපා" කියලයි.
ඕක කියෙව්වම මගේ බොක්ක කූල් උනා.අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ බොලව් දැනුනු හැඟීම; බූට් එකක් කාපු එකෙක්ට තේරෙනවා ඇතිනේ.මන් ඊට පස්සේ එයාට කොච්චර මැසේජ් යැව්වත් රිප්ලයි අවේනම් නැහැ.
මගේ මුළු ලෝකෙම කැරකිලා ගියා වගේ දැනුනා.හරියටම කියනවනම් ගිනියම් වෙනකන් රත්කරපු යකඩයක් ඔලුවේ ඉදන් දෙපතුල දක්කවාම ඇඟ හරහා යන විදියට පසාරු කරලා ඇතුලට බස්සල තියෙනවා වාගේ දැනුනා.මුළු ඇගෙන්ම සැර පිටවෙන්නම් වගේ දැනුනා.
මම හිටියේ එදා බෝඩිමේ.බැරිම තැන නිදාගන්න කියල ඇදට ගියත් මුළු රෑ පහන් වෙනකන්ම නින්ද ගියේ නැහැ.පහුවෙනිදා මම උදේ කැම්පස් ගියෙත් මුණ බේරී කරගෙන .එක දැකලා හුගක් කට්ටිය ඇහුවා වෙනදා තියෙන හිනා මූණ නැහැ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා.එත් සිද්දිය දැනගෙන හිටියේ මගේ බෝඩිමේ හිටපු අනිත් රූමලා 3න් දෙනා විතරයි.
ලෙක්චර්ස් ගියත් අහගෙන ඉන්නවත් හිතක් නැහැ.හොදට හිටපු එකීට මොකද උනේ කියලා කල්පනා කලා ඇරෙන්න.බැරිම තැන මම එදා කලින් ගෙදර ආවා.ඇවිත් ගෙදරටත් බොරුවක් කියලා එයා කෝස් එක කරපු පන්තිය ගාවට ගියා හවස එයාව හම්බු වෙන්න.මම ඒ ගමන නොගියානම් කොච්චර හොඳද කියලා හිතෙන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ.
පන්ති ඇරුන ගමන් සශිනි පන්තියෙන් එලියට බැස්සා තවත් කොල්ලෙකුගේ අත්වැල් පටලෝගෙන.එයා පස්සේ තව ගැහැණු ළමයි 3න් දෙනෙක්.මට ඉතින් මොනවද හිතුනේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.ඒ වෙන කොට මගේ පුංචි කෙල්ලගේ හිතට හොරෙන් වෙන ගොබිලෙක් රිංගලා.ඌ මට පයින් ගහල කෙළවලා ඌ මගේ කෙල්ලව දාගෙන.
මුණ පොඩි කරන්න කියලා හිතුනත් මන් එහෙම කරන්න ගියේ නැහැ ඉවසනවා ඇරෙන්න.එත් මගේ තිබුණු පණ්ඩිතකමට මම ගියා එයත් එක්ක කතා කරන්න.එකී මොකද දන්නවද කලේ මගෙන් ඇහුවා
"ඔයා කව්ද...???" "මං ඔයාව අදමයි දැක්කේ" "ඔයාට වැරදීමක් වෙන්න ඇති" කියලා අර කොල්ලා ඉස්සරහ බබෙක් වගේ හැසිරුනා.
අර කෙල්ලෝ ටික ඉස්සරහ මම ඉපදුන නගරයේ...;මම අවුරුදු 11 ක් ඉස්කෝලේ ගිය නගරයේ....;අවුරුදු 20 ක් නිතර ආව ගිය නගරයේදී බල්ලෙකුට වගේ
සලකන්න තරම් දරුණු වෙන්න එයාට පුළුවන් උනා.
උඹලටත් එහෙම උනානම් ඒ වෙලේ මොකක් කරාවිද..?? මං මොකක් කරන්න ඇතිද..??
මුළු ජීවිතේම කියලා හිතන් ආදරේ කරපු කෙල්ලට කනට ගහපන් කියලා උඹලා කිව්වත් එහෙම කරන්න තරම් දරුණු වෙන්න මට බැරි උනා බොලව්.මම බිම බලන් නොන්ඩි වෙලා ගෙදර ආවා.වේල් 3 ක් විතර අප්සෙට් එකට කෑවේ නැහැ.ගිහින් එයාට මැසේජ් එකක් දාලා ෆෝන් එක පැත්තකට කරලා තිබ්බා.එයා ගියේ මගේ හිතේ එයාට තිබ්බ හැඟීම පිළිකුලක් බවට හරෝලයි බොලව්.
කොහොම හරි පහුවෙනිදා ෆෝන් එක ඕන් කරන කොට එයාගෙන් මැසේජ් එකක් තිබ්බා
"අයියේ ඊයේ මගේ අතින් වෙච්ච දේට සොරි මාව අමතක කරන්න ඔයාට වරදින්නේ නැහැ කියලා" මම රිප්ලයි කරන්නවත් මොනවත් කරන්න ගියේ නැහැ.එත් එයා වෙනුවෙන් තව දුරටත් අඬන්න ගියෙත් නැහැ.
සති දෙකක් විතර විරහ ගීත ලිය ලියා ඉඳලා අමාරුවෙන් හිත හදා ගත්තා.හරියටම එයා මාව දාලා ගිහින් අදට අවුරුද්දක් වෙනවා.එත් අදටත් මන් එයා වෙනුවෙන් අඩන්නේ නැහැ.එයාට වෛර කරන්නෙත් නැහැ.එයාව මට අදටත් පිළිකුල් හැමදාටම පිළිකුල්.උඹලට හිතෙන විදිහට මන් සමහර විට වැරදි ඇති.......
පසුව ලියමි :-
හිමි නොවූ ආදරය පොස්ට් එකේ අන්තිමට මම කිව්වනේ "කෙල්ලෙක්ට වද දිදී කොච්චර පස්සෙන් ගියත් ලැබෙන්න නියමයක් නැත්නම් ලැබෙන්නේ නැහැම තමයි" කියලා.ඒ වගේම මොන ගේමක් දීල කෙල්ලෙක් දාගත්තත් හිමිකමක් නැත්නම් ඉක්මනින්ම අපෙන් ඈත් වෙලා දුර ඈතකට යනවා.
අනිත් එක තමයි කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් ඒ කෙල්ලම පස්සෙන් යනවනම් ඒක මහා අමන වැඩක්.එහෙම අමන වැඩක් කරපු ගොබිලෙක් නිසා තමයි මටත් කෙළ උනේ.මොකද ඌත් දැනගෙන ඉඳලා තිබිල තියෙනවා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා.ඌ තමයි ඔලුවට විෂබීජ දාලා මාව ඈත් කරවලා ඌ ලකුණු දාගෙන තියෙන්නේ.කොහොම උනත් ඒ වගේ පහර වැඩක් කලොත් උබලටත් සහගහවි බොලව්.ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ වැඩ නොකර හිටියොත් ගොඩක් කල් සතුටින් ඉන්න ලැබේවි.
මොනවා කිව්වත් උඹලට හිතෙන විදිහට මන් සමහර විට වැරදි ඇති.......