"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Monday, March 14, 2011
දැන් කාලේ හැදෙන උන්
අද කියන්න හිතුවේ අපරාජිතයට හිතෙන දෙයක් ගැන මට වෙච්ච පොඩි ඇබැද්දියක් සම්බන්ද කරලා.මෙන්න කිව්වා මේකට කිසිම කෙල්ලෙක් බූට් එකක් සම්බන්ධ නැහැ.
කලින් පොස්ට් එක ඊයේ හවස දැම්මා අර "රෝසා පොල්ල ගෙනෙන් බලල මරන්න 2 වෙනි" කොටස.ඒක මිස් උන කව්රු හරි ඉන්නවනම් කියවන්න කැමතිනම්.
නිකන් මේ අපරාජිතයට හිතෙන දෙයක් ගැන කියන්න කියලා හිතුවේ.බ්ලොග් එකක් උනාම හැම පැත්තටම කැර කෙන්න එපාය එකයි.
මේක මෙහෙම ලියන්න හේතුවත් අපේ කුප්පයා රත්ගමයාගේ බ්ලොග් එකේ වැටුණු "මොනවද ගෑනියේ බලන්නේ......" පොස්ට් එක දැකලා මතක් වෙච්ච සිද්දියක් එක්ක.
පොඩි කාලේනම් අපිට බත් කටක් කවා ගන්න ඔනෑ උනාම අම්මා කියනවා මතකයි
"ඔන්න පුතේ බයියන් කෑවේ නැත්නම් ගෝනි බිල්ලා ඇවිත් උස්සගෙන යාවි කියලා".
එතකොට ඉතින් අපිත් හාවා වෙලා බයියන් ඔක්කොම ටික කනවා නෙවැ ගෝනි බිල්ලට බයේ.ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉදන්ම බොහොම ලැජ්ජා බය ඇතිව ස්වභාව ධර්මයට ආදරේ ඇතිව හැදුනු කොල්ලෝ නිසයි.
ඒකට දැන් හැදෙන එවුන්.උන් මහා සංකීර්ණ චරිත වෙලා.මං හිතන්නේ උන්ව හම්බු වෙන්න ඉන්න කාලේ ගෙදර මෝඩ පෙට්ටියේ යන අර ගොන් ප්රවීනලාව,අමන්දලාව බලල අම්මලාගේ මොලේ විකාර වෙලයි උන් වගේ ඌරු පැටව් හම්බු වෙන්නේ.
මෙන්න මේකයි මට උන සිද්දිය දවසක් මම හොදට ඇදගෙන කරගෙන කැම්පස් ගිහින් සතියකට පස්සේ ගෙදර එනවා.ආවේ ටිකක් පිළිවෙලකට ඇද පැළදගෙන.
මොකද බාටා දෙක දාගෙන අවොත් තාත්තා ගෙදර හිටියොත් අම්බානෙකට බනිනවා. එදා ටිකක් විතර වැහැලා මඩ වලවල් වල වතුර පිරිලා තිබ්බේ.
කෝච්චියෙන් බැහැල ගෙදරට එන පාරේ මීටර් 500 ක් විතර ඇවිදගෙන එන්න වෙනවා. ඉතින් මාත් මඩ වලවල් වලින් පැන පැන බොහොම අමාරුවෙන් මඩ ඇගේ ඉහා ගන්නේ නැතිව එනකොට පාරේ පොඩි ඇච්චෝ දෙන්නෙක් මඩ තලනවා.
අවුරුදු 4-5 ක විතර වයසේ.මම උන් ලගින් යද්දීම කුපාඩි කමටද මන්දා එකෙක් පැන්නා නෙව මඩ වලකට මගේ කලිසමේ මඩ වලින් බතික් උනා.
ඉතින් මට මළ පැන්නා.ඒත් පොඩි උන්නේ කමක් නැහැ කියලා උන් දිහා බලල ඔරවලා යන කොට එකෙක් මගෙන් අහපි
"මොනාද ඔරවන්නේ ඇයි ගේමද කියලා".මාව නිකන් හොල්මන් උනා මට බයත් හිතුනා.අම්මි ගැහුවොත් බැට් එකෙන්.
මගෙත් කට එච්චර හොද නැහැ සමහර වෙලාවට.ඉතින් මං කිව්වා
"මේ දගලන්නෙ නැතිව ගෙවල් වලට ගිහින් ස්කුබි ඩු බලනවා.නැත්නම් මං ගෝනි බිල්ලා අන්කල්ට එන්න කියලා කෝල් එකක් දෙනවා" කියලා මම යන්න ඇද්දුවා.
මෙන්න යකෝ මුන්ගෙන් එකෙක් මට සු. සු. ගානවා.මං හැරිලා බලන කොට එකෙක් කියාපි
"මේ අයියේ මට කියලා *කේ අරගන්නේ නැතුව සද්ද වහලා ගෙදර යන්න" කියලා.
එතනින් එහාට මොනවා කියන්නද මාව ෆුල් හොල්මන්.මාත් ඉතින් ඊට පස්සේ කටයි *කයි වහගෙන ගෙදර ආවා.ඔන්න දැන් හැදෙන උන්ගේ හැටි.
ඔක්කොම ඔහොම නැතුව ඇති.ඒත් ගොඩක් උන් ඔහොම්මම තමයි.උන්ට
"ගෝනි බිල්ලා ඇවිත් උස්සන් යනවා කිව්වොත්" උන් අහවි "ගෝනි බිල්ලගෙ එක ලොකුද" කියලා.ඔහොමයි උන්ගේ හැටි.
අපි කොච්චර වැඩිහිටියන්ට බයේද හැදුනේ.ඒකට මුං.ඔව්වට ඉතින් වග කියන්න ඕනේ අම්මලා තාත්තලාම තමයි.
ඉපදිලා අවුරුදු 3-4 ක් යන්න කලින් එක්ක යනවා පන්ති වලට.මිනිස්සු ඉගෙනීමේ තරගයේ ගොදුරු වෙලා.ගහක් කොලක් අදුරන්නේ නැහැ සතෙක්ට ආදරය කරන්නේ නැහැ.
ඒත් අපිට තාම මතකයි වෙල් දෙවැටවල් වල දුවලා, කජු පුහුලම් කාලා, සරුංගල් යවලා ගෙවපු ළමා ජීවිතය.දැන් ඉන්න උන්ට කොහෙද එහෙම පිනක්.
පලයන් අම්මා ශිෂ්‍යත්ව පන්ති.උන් නිකන් හරක් පැටව් වගේ දක්කනවා උන්ගේ මහ මිනිස්සු.උන්ට ඕනේ ළමයට උගන්නන්න නෙමෙයිනේ.අනිත් උන්ට පේන්න බොරු පොයියට ළමයට උගන්නන්න.
ඔව්වට තමයි කියන්නේ සෝබන කියලා.මං ලදී දවසක දැක්ක යමින් එමින් ගමන් අම්මගේ ෆෝන් එක ඔබ ඔබා අවුරුදු 2-3 ක විතර පොඩි එකෙක් බස් එකේ යනවා.ඌ ඒකෙන් වැල් බලනවද කියලත් ෂුවර් නැහැ මේ යන යෑමට.
දැන් ඉන්න උන් අන්න එහෙමයි.තව ඉස්සරහට සමහර විට පොඩි එකා බඩේ ඉන්දැද්දී අම්මා යාවි පොඩි එකාට උගන්නන්න ශිෂ්‍යත්ව පන්ති.
ඔය රේස් එක හින්ද තමයි පොඩි උන්ට ඔහොම වෙලා තියෙන්නේ.අර කතාවක් තියෙන්නේ "හැඳි නොගා හදන හොද්දයි ගුටි නොදී හදන ලමයයි දෙකම එක වගේ ලොන්ත පෝල්" කියලා.
කව්ද වගකියන්න ඔනෑ.අම්මා තාත්තම තමයි.පොඩි එකාව මුලින් පන්ති දක්කන කොටයි ඌ මැට්ටෙක් වෙන්නේ ඌට නිකන් හිතන්න ඉඩ දීලා ට්‍රැක් ඒකෙන් පිට පනින්න නොදී හෙමිහිට ගෙනියනවානම් කදයි බඩයි එක්කම උගේ මොළෙත් හැදිලා.
මැටි ගිලිනවා වගේ ගිලල ගිලල කද බඩ මහත් උනාට ඇතුල හිස්.අම්මා තාත්තට මමී,පපා කියලා තමයි කතා කොරන්නේ. උන් කන්නේ පිට්සා,සොසේජස්,බර්ගර් වගේ හද්ද විස කෑම.තව මොන කතාද.
කිරි කොස් හදලා,කරවල තෙල් දාලා,දෙහි ටිකක් වැඩිපුර දාපු පැෂන් දළු සම්බෝලයක් උණු උණු කැකුළු හාල් බත් එක්ක කනකොට දැනෙන රස උන් අදුරන්නේ නැහැ. අන්න අම්මිලා තාත්තිලා පොඩි උන්ව නරක කොරන හැටි.
අනික උන්ට සෙල්ලම් කොරන්න ගෙනත් දෙනවා පිස්තෝල.මු මොකද කරන්නේ තාත්තා ගෙනත් දුන්න පිස්තොලේ අරන් ඒකෙන් වෙඩි තියනවා උගේ තාත්තටම.
තාත්තා කියන ඒ ගොන් මෝඩ හරකත් මොකද කරන්නේ වෙඩි තිබ්බ ගමන් බොරුවට වෙඩි වැදුනා වගේ පපුව අල්ලන් වැටෙනවා.ඩිෂුම් බිෂුම්.
ඊට පස්සේ ඒ රට වස්සම පොඩි එකාව උස්සගෙන යනවා අම්මා ගාවට පොඩි එකාට අම්මව පෙන්නනවා.මු මොකද කරන්නේ අම්මටත් වෙඩි තියනවා.
ඒ රට වැස්සිත් පපුව අල්ලන් වැටෙනවා.පොඩි එකාට මාරම හැපී .ඌ තමයි පොර.ඊ ළඟ දවසේ ගහවි ග්‍රෙනේඩ් වලින් දඩින් බිඩින් දොඩම් කියලා.
පොඩි කාලෙදිම උන්ට හුරු කරන්නේ අම්මව තාත්තව මරන්න ඉතින් මුන්ගේ මනස විකුර්ති වෙන එක අහන්න දෙයක්ය.අම්මා තාත්තම තමයි ඔව්ව වලට වග කියන්න ඔනෑ.
වැරද්දක් කරපු ගමන් හම යන්න දුන්නනම්,නරක වචනයක් කිව්වා ගමන් කට රත් වෙන්න දුන්නනම් අම්මට තාත්තට ආදරය කරන මේ ගහට කොළට ආදරය කරන, ලින්කින් පාර්ක්ලගේ,එකොන්ලගේ වගේ පිස්සු බල්ලන්ගේ සින්දු අහන්නැතිව සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, ටී එම් ජයරත්න වගේ අති විශිෂ්ට ගණයේ ගායකයන්ගේ සින්දු අහන මනුස්සයෙක්ව බිහි වේවි වල් සතෙක් හැදෙනවට වඩා.
හැම පොඩි එකාවම දොස්තර කෙනෙක් හරි,ඉංජිනේරුවෙක් හරි කොරන්න බැහැනේ.යකෝ එතකොට ලංකාවේ ලෙඩ්ඩු නැති වේවිනෙ.
අහලා නැද්ද ඩොක්ටර් පෘතුවිරාජ් කියන මනුස්සයා ගැන.ගෙදර අයගේ ඕන කමට වෛද්‍ය විද්‍යාව හදාරලා ඩොක්ටර් කෙනෙක් උනාට පස්සේ ඒක අත ඇරලා ගියා චිත්‍ර අදින්න.
හදන්න ඕන අනිකට වෛර කරන කුහක තුච්ච මුග්දයෙක්ව නෙමෙයි මනුස්සයෙක්ව. එහෙම උනොත් අපිට මතුවටත් මේ ලෝකේ තියෙන ලස්සන එහෙම්මම දකින්න ලැබේවි.
එහෙම නැත්නම් මේ ස්වභාව දර්මයා ඒ ලස්සන හැමදාමත් තියා ගන්න එයාගේ විදියෙන් අපිට උත්තර දේවී එක්කෝ සුනාමියකින්, නැත්නම් ගංවතුරකින්, නැත්නම් ඉඩෝරයකින් වගේ මොකක් හරි එකකින්.
මං දන්නවා මේ පොස්ට් එක දාපු ගමන් මට අම්බ කුණු හරුපෙන් බනින්නත් කට්ටිය නොමනාව ඉදිරිපත් වේවි කියලා.
ඒත් පොඩ්ඩක් ඉන්න යතුරු පුවරුවෙන් මට බැනලා කොමෙන්ට කරන්න කොටන්න කලින් දකුණු අත හද ගැස්ම ඇහෙන තැනට තියල තද කරලා මම කියලා තියෙන දේ බොරුද කියලා හදවත්න්ම අහලා බලලා කොමෙන්ට එකක් දාන්න.
හැමෝටම ජය වේවා.....!!!
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.මම පහේ පන්තියේ සිසුවෙකු තරම් හපනෙකු නොවෙමි.
Labels:
මට හිතෙන දේවල්
Subscribe to:
Post Comments (Atom)
උඹේ කතාවට මම 100%ක් එකඟයි මචං. ඒ වගේම දැන් හැදෙන හැම පොඩි එකාම ඔය වගේ නෙමේ මචං. පොඩි එකා හැදෙන හැටි තීරනය වෙන්නේ උගේ ගෙදර තත්ත්වය මත...
ReplyDeleteඒක හරියට තියාගන්න දෙමවුපියෝ දැනගන්න ඕනෙ මචං. දෙන්නම වැඩට ගියාම පොඩි එවුන් වල් වෙනවා. රැකියා නොකරත් බෑකරලත් බෑ. ඒත් පොඩි එකාව ඊට වැඩිය වටිනවනම් අඩුගානේ ආරක්ෂාව තියෙන තැනක හරි තියලා යන්න ඕනේ...
@prasanna86k:- ඔව් මචං.ජොබක් කොරලත් බැහැ නොකරත් බැහැ.උඹ කියන කතාව ඇත්ත.
ReplyDeleteපොඩි එකාව ආරක්ෂිත තැනකින් හරි තියන්න ඕන තමයි.දැන් ඉන්න ගොඩක් උන් හැදිලා තියෙන්නේ රුයිතෙටමයි.
එකඟ වෙන්න පුලුවන් ,බැරි දෙකම ඔය සිද්දියෙදි තියනව . උදාහරණයක් විදිහට ගෝනි බිල්ලට බයේ දුවනවට වඩා ගෝනි බිල්ලගෙ _ _ ලොකුද කියල අහන එකේ නම් එක පැත්තක හොඳක් තියනව මම අදහස් කරන්නෙ කුනුහරුප කියන එක නෙවෙයි බිල්ලට බය නොවෙන එක ,
ReplyDeleteහැබැයි ඔබ ලියල තියන තුවක්කු පිස්තෝල කතන්දරෙ වගේ ඒව නම් සහතික ඇත්ත , අනික අපේ රටේ රූපවාහිනි ආයතනවත් දෙමව්පියන්වත් 13+/12+ කියන සිමාව දන්නෙ නැහැ , යොවුන් වියේ අයට හදපු කාටූනුත් පොඩි එවුන්ට පෙන්නනවා හැබැයි යොවුන් වියේ අයට බලන්න ගැලපෙන හැමදේම උන්ට බලන්න දෙන්නෙත් නැ , ඒක තමයි ගොඩක් මානසික විකෘත්තීන් වලට හේතුව
උබ එක්ක එකගයි මචන්. ප්‍රසන්න ත් හරි. මේ තරගෙට දුවන සමාජෙයි වැරැද්ද තියෙන්නෙ.
ReplyDeleteඅන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.මම පහේ පන්තියේ සිසුවෙකු තරම් හපනෙකු නොවෙමි. maxaaaaaaaaaa!
ReplyDelete@buwa:- අලුත් යාලුවෙක් ඔන්න අපරාජිතායාගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගත්තා එහෙනම්...
ReplyDeleteඔව් මචං උබත් එක්ක එකග වෙන්න පුළුවන්.පොඩි කාලෙදිම දැන් ඉන්න පොඩි එවුන්ගේ මනස විකුර්ති වෙලා ඉවරයි ඔක්කොටම මුල අර මෝඩ ටෙලි නාට්‍යය ටිකයි මෙන්න මේ දුවන්නන් වාලේ දුවන තරගයයි තමා.
@Gayan Rupasinghe:- ඔව් බං පොඩි එකාට වද දෙන තරමටම රේස් එකක් දුවන්න ඌට මහන්සි වැඩි වෙනවා.අන්තිමට හති වැටිලා මං මුලා වෙනවා........
ReplyDeleteඒක හරියට ලයිෆ් ටයිම් දුවන්න තියෙන මහා මැරතන් තරගය මීටර් 100 දුවනවා වගේ මුලින් හයියෙන් දුවලා මැද හරියේදී තරගයෙන් ඉවත් වෙනවා වගේ තමයි....
@prabathw7:- ඔව් බං හපනෙක් නම් මට ඔහොම මැන්ටල් අදහසක් හිතේ පහල වෙන්නේ නැහැනේ බං.අනික අපේ අම්ම මාව ඔය වගේ ඔහොම ක්ලාස් ඇදගෙන ගියෙත් නැහැ සුප්පුව කටේ ගස්සවාගෙන ඌරු පැටියා මසට ගෙනියනවා වගේ....
ReplyDeleteජය වේවා....!!!
වැඩිහිටියන්ට ගරු නොකිරීම වගේ අගය කරන්න පුළුවන් ගති ගුණ වගේම නරක දේවලුත් තියනවා තමා. හැබැයි එක නියැදැයක් අරගෙන ඒක මත සමාජයම මෙහෙම කියල නාහෙං අඬන එකත් මෝඩ වැඩක්. ෆෝන් එක අතේ තියං ගිය පොඩි එකා ඌට වැල බලන්න ඕන නං වැල බැලුවම අපිට ඇති රුදාවක් නෑ. එහෙම නැතුව එකපාර නිදහස ලැබුනම මෝ* වෙලා රය වටේ අහවල් වැඩේ කර කර යන්නෙ නැතුව.
ReplyDeleteඑක මාතෘකාවක් කරා සරලව කෙටියෙං ගෙනියන්න තිබුනු ලිපිය "මැටි ගිලිනවා වගේ..., කිරි කොස් හදලා..." වගේ අනවශය කොටස් දාන්න ගිහිං එහාටත් මෙහායත් නැති කරගෙන.
@budhajeewa:- අහ් අවුලක් නැහැ සහෝදරයා ගල් මුලුත් මං බාරගන්නවා.ගොඩවැදිලා බැනලා හරි කමෙන්ට් එකක් දැම්ම එක කොච්චරවත් දෙයක්ද.
ReplyDeleteඅතේ ඇගිලි 5ම එක වගේ නැහැනේ.මම එව්වා ඔක්කොම ටික එකපාර දැම්මේ අයෙමත් මේ පොඩි උන්ගැන මං කතා කරන්න බලාපොරොත්තුවක් නැති නිසයි.ඒකයි ටිකක් දිගට ලියලා එහාටවත් මෙහෙටවත් නැති වෙන විදිහට දැම්මේ ටිකක් කවර් කරලා.......
කමක් නැහැ සහෝ ඒ ඔබගේ මතය ජය වේවා.....!!!!
@අපරාජිතයා: කවුද බැන්නේ? :P පෝස්ට් එකකට එකඟ වෙලාම කමෙන්ට් දාන්න ඕන කියල එකක් නෑ නෙ. :D
ReplyDeleteහැබැයි ඉතිං ඔක්කොම එකපාර දාන්නෙ නැතුව පැහැදිළි කාරණා එක බැගින් ගත්තා නං අපිට හොඳ සංවාදයක් ගොඩ නගාගන්න තිබ්බා. මෙතන එක කරන්න ගියොත් අච්චාරුවක් වෙනවා.
පස්සෙ දවසක ගැඹුරට ගිහිල්ල සාකච්ඡා කරන්න හිතුනොත් පෝස්ට් එකක් දාන්න. මේ බ්ලොග් එක මගේ RSS රීඩරේට දාගත්තා. :)
@budhajeewa :- නැහැ බං මං හිතුවේ උඹට මල පැනලා කියලා. ඒකයි කිව්වේ. එක එක අරන් විස්ටර කරන්න ගියොත් කියෝන උන්ට බෝරින්ග් වේවි කියලයි මචං ඔක්කොම එකට දැම්මේ.
ReplyDeleteඔය බලපන් අවුරුදු 2 ක කට කලින් කොල්ලොක් ශිෂ්‍යත්වේ පාස් උනා ලකුණු 200 ම අරගෙන.ඒ කොල්ලගේ ලිපියක් අහවල් පත්තරේ යනවා කියලා ඒ පත්තරේ ගහල දවල් වෙන්න කලින් පත්තරේ ලොවෙත් නැහැ
.ඇයි බං ඒ..??මුන්ට ඕනේ ළමයිව කුහක සත්තු වගේ කරන්න...... බ්ලොග් එක RSS Reader එකට දාගත්තට ගොඩක් ස්තුති.බලමු හිතුනොත් කෑලි වලට කඩලා දාමුකෝ....
ජය වේවා....!!!
@අපරාජිතයා: හික්.. මොකටද එහෙම මල පනින්නේ.. :P
ReplyDeleteඅන්න ඒකයි නියම කතාව, ඒ ඒ අම්ම තාත්තගෙ ක්‍රියා කලාපෙ අනුව තමා පොඩි එවුනුත් මේ පීඩනේට ලක් වෙන්නේ. ඒත් ඒකෙ කෙළවර එතන නෙවෙයි, අම්ම තාත්ත එතනට යොමු වෙන්නේ බහුතරේ යන රටාව අනුව. මොකක්ද බහුතරේ? ඒත් අම්මල තාත්තල රොත්තක් තමා. අගක් මුලක් නෑ.
@budhajeewa:- ඔව් මචං අනිවා.. මං අර කිරි කොස් කතාවක් එහෙම දැම්මෙත් මේක කියෝන අපේ රට ඉන්න ඔව්ව කන්න හම්බු වෙන්නේ නැති අය්යල අක්කලව තව ටිකක් අවුස්සන්න:p.
ReplyDeleteමොකෝ මල පැනලා පොස්ට් එක කියෝන කොට කෑම මතක් කලාම තවත් මල පනිනවනේ මචං:D.
සමාවෙන්ඩ ඕනා ඒ වැඩෙන් පොස්ට් එක ජෑම් උනානම්. එල එල ජය වේවා.....!!!
@අපරාජිතයා: හික්, ටිකක් එහෙම උනා වගේ. :D ජය වේවා, දිගටම ලියමු! :)
ReplyDelete@budhajeewa :- එල මචං වැරැද්ද පෙන්නලා දීපු එකට ගොඩක් පින්....... උබටත් ජයෙන් ජය........!!!
ReplyDeleteඅපරාජිතයට කියන්න මම මුලින්ම කුනුහරපයක් ඉගන ගත්තේ 6 වසරේදී . ඒත් උඹට කියන්න අපේ ඉන්ස්ටිටියුට් එකට එන විතර පොඩි බච්චොත් . කුණුහරප කියාගන්න හැටි ඇහෙනවා . එකෙක්ගේ හැගේ තව පොඩි එකෙක් හැප්පුණත් එතන කුණුහරප විමාණයයි . අනේ මන්දා මුංගේ අම්ලා තාත්තලාවත් එව්වගේ තේරුම දන්නවද දන්නේ නෑ ...
ReplyDeleteඋඹගේ ලිපිය ගැන කියන්න දෙයක් තියනවා ......
ලිපිය සුපර් !!!
@හිස් අහස:- සිරාවටම මචං.ඔහොම නැතිව හොදට හැදිච්ච උනුත් ඉන්නවා බං.ඒත් ගොඩක් උන් දැන් ඔහොම්මමයි බැරි වෙලාවත් අපිත් අගේ හැප්පුනොත් අපෙනුත් ගේම ඉල්ලන සයිස්.මාත් කුනුහප්පයක් කියලා ඉගෙන ගත්තේ 7 වසරේදී.
ReplyDeleteඑක පාරක් මම 7 දි කෙල වෙනවා කිව්වයි කියලා අපේ හිටපු චිත්තයක් අද ගත්තු එකෙක් මාව පන්ති භාර මිස්ටත් අල්ලලා දුන්නා. ඒ ඒ කාලේ.එකට දැන් එකෙක් කුණු හප්පයක් කිව්වොත් අනිකා ඒකට 10 ක් කියාවි.
ලිපිය අගයුවට ගොඩක් ස්තුතියි.ජය වේවා.....!!!
මොනව කියන්නද බන්... කියන්න දෙයක් නැහ වෙන ඉතින්.. දැන් ඉතින් සමාජෙ එක්ක අම්මල තාත්තල දුවන්නේ රේස්... පොඩි උන්ත් ඒ රේස් එකටම වැටිලා.. සල්ලි තත්වය ඔව්ව තමා...
ReplyDeleteඅඩෝ අර කෑම වේල මම රට ඉන්න දවස් වල දාල තිබ්බනම් හොඳ කුනුහරුප අහගන්න තිබ්බා හික් හික්...
@පිස්සා පලාමල්ල:- අනිවා පිස්සයියේ.. පොඩි උන්ට නිදහසක් නැහැ.උන් නිකන් සත්තු වගේ වෙලා.....
ReplyDeleteකෑම මතක් කොලේ හිතාමතාමයි පිටරට ඉන්න අයට ඔව්ව කියවද්දී කුණුහරුප මතක් වෙන්න තමයි.
ඔන්න ලංකාවට ආපු එකේ ඇති වෙනකන් ඔය කෑම කාල යන්නකෝ එහෙනම් හික් හික්..... ජය වේවා.....!!!
අමූලික ඇත්ත මචෝ!
ReplyDelete