කිව්වත් වගේ අපේ උන්ට වැදගත් දෙයක් කිව්වම පැත්ත පළාතේ එන්නේ නැහැ.කලින් පොස්ට් එකට හිට්ස් උපරිම අඩු වෙලා ගියා.හික් හික්...
අනේ මන්ද හැටිද කියලා.මොකක් හරි කුනුහප්පයක් තියනවා කිව්වනම් පැනන් ඇවිත් බලාවි.නොදෝමකින් මේ බ්ලොග් කියෝන එවුන්ගේ තියෙන කැත වල් හිත ශික්.
මේ බෝ පැල වගේ ඉන්න අපි වගේ අහිංසක ළමයින්ටත් පුරුදු කරන්නේ හිට්ස් ගන්න කැත කතා ලියන්නමයි. ඔව්වට අපි අහුවේවි මොකටද නිකන් ඔව්ව ලියන්න ගිහින් සින්ඩියෙන් එලියට විසික් වෙන්නේ හික් හික්....
අද ලියන්න හිතුනේ 2005 වසරදී වෙච්ච පොඩි සීන් එකක්.මේක වෙන කොට අපරාජිතයා ඉස්කෝලේ 11 වසර පොඩි එකා. ඔන්න ඉතින් මම ඒ කාලේ ඔය ශිෂ්‍ය නායකද මොකක්ද කියන පට්ටමක් කොරානේ.
ඔන්න ඔය කාලෙම තමයි ඉස්කෝල වලට කොල්ලෝ හෑන්ඩ් ෆෝන් එහෙම ගෙන එකත් සෙල්ලමක් වෙලා තිබුනේ.පොඩි ඇච්චො බැච්චෝ වගේ උන්නම් ඔව්ව ගෙනාවේ නැහැ ඒ කාලේ.2005 දිනේ ඒ.
ඒකට දැන්නම් එක වසර පොඩි එකත් බෑග් එක අස්සේ හෑන්ඩ් ෆොනේ එකක් ගහගෙන හොරෙන් හොරෙන් කෑල්ලට එස්.එම්.එස්. කොට කොටා ඉන්න බැරිකමක් නැහැ. ඒ කාලේ වැඩිපුරම හෑන්ඩ් ෆෝන් ගෙනාවේ 10 වසරට උඩ පන්ති වල උන් තමයි.
ඔන්න ඔය කාලේ වෙද්දී තමයි අපරාජිතයගේ බැජ් එකත් ගලෝලා ආයේ දීලා තිබ්බෙත්.මගේ බ්ලොග් එක මුල ඉදන්ම කියෝපු කෙනෙක් ට ඒ සිද්දිය අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැනේ.හැබැයි කියෝපු නැති කෙනෙක් ඉන්නවානම් මෙන්න "
මෙතන කොටලා" ඒකත් කියවන්න කැමතිනම්...
ඉතින් මගේ බැජ් එක ගලෝලා අපහු දුන්නට පස්සේ අපේ විජේසුරිය කාරයා මන් ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන්මයි හිටියේ මට කෙළවන්නම බලන්.මොකද ඒකට තවත් හේතුවක් තිබ්බා.
ශිෂ්‍යනායකයෙක් උනහම ටිකක් සංවරව ඉන්න ඕනි කියලා අපේ විජේසුරියකාරයා නිතරම කියෝනවා.ඒත් අපේ 11 වසර ශිෂ්‍ය නායකයෝ සෙට් එකෙන් මටයි මගේ ලග යාලුවෙක් වෙන ගයානයටයි ටිකක් විතර පොඩි දැඟලිල්ලක් තිබ්බා.
ගයානයා මට අන්තයි ඌ ඉන්ටෙර්වල් එකට කොල්ලෝ එක්ක ක්‍රිකට් ගහන්න හැමදාම යනවා.මාත් සමහර වෙලේට යනවා.ඒ වගේම මට ඔය නිතරම දුවල පැනලා ඉන්න පුරුද්දක් තිබ්බා.සංවරකමක් ඇඟේ ගෑවිලාවත් නැතිව.දැනුත් නම් ටිකක් විතර එහෙම තමයි හික් හික්...
ඔන්න ඕකට විජේසුරියකාරයට මා එක්ක එහෙම මළේ මළ පැනලා තමයි හිටියේ දෙන්නම් තොට කොයිල් වෙන්නම කොයි වෙලේක හරි කියලා.
ඔන්න ඔය කාලෙදිම තමයි අපේ 11 වසර පන්තියේම හිටපු සෙනාල් කියලා ද ඩයල් එකක් හෑන්ඩ් ෆෝන් එකක් පන්තියට ගෙනාවේ.ඒක ඉතින් පන්තියට ගෙනාවම පන්තියේ කොල්ලෝ එව්වා මෙව්වා බලනවයි, අතින් අතට යවනවයි එකම විකාරයයි හෙන මැජික් වගේ.
අපේම පන්ති වල කොල්ලෙක් නිසා ශිෂ්‍යනායකයෝ උනාට අපිත් උන්ට කොකු අදින්න ගියේ නැහැ.එකක් පාවා දීම හොද නැති නිසාත්, අපේම උන් වෙච්ච නිසාත්, පාවා දුන්නොතින් අම්බානෙකට කන්න වෙන නිසාත් තමයි.
ඒත් අපේ පන්තියේ හිටියා ඕකට ෆුල් අවුල් ඇදපු පොරකකුත් අපේ සෙට් එකේම. කොහොම හරි ඔය සිද්දි ඔහොම ගලාගෙන ගියා.
ඒත් එක දවසක් එකපාරටම විජේසුරියකාරයා 12-13 වසර ශිෂ්‍ය නායකයෝ ටිකක් එක්කගෙන ඇවිත් අපේ පන්තිය චෙක් කොලා කියහන්කෝ ඔක්කොම උන්ව එලියට දම්මෝලා.අපි ෆුල් හොල්මන් අරුන් ටික බෑග් ඇදලා ඇදලා අන්තිමටම තුස්නීම් භූත වෙලා එලියට ආවා "
මොකුත් නැහැ විජේසුරිය සර්" කියාගෙන.
බලද්දී මූ ගෝල බාලයෝ ටිකක් හොයාගෙන ඇවිත් අපේ පන්තියේ ෆෝන් චෙක් කොරලා.කව්රු හරි ගස් බල්ලෙක් ඔත්තුවක් දීලා තමයි කියලා අපේ උන්ට මීටර් උනා.
කොහොම හරි ටික වෙලෙකට පස්සේ සද්දේ දාල එහෙම කරබාගෙන විජේසුරියකාරයා ගියා.ඇයි පොරට වස ලැජ්ජාවක්නේ උනේ.කොහොමින් කොහොම හරි ටික වෙලාවකින් විජේසුරියකාරයා ආයේ පන්තියට ආවා.ඇවිත් කථා කළා මට.
විජේසුරිය:- **** මෙහෙ එනවා පොඩ්ඩකට
මම:- ඇයි සර්...?
විජේසුරිය:-කාටද ඕයි දිනේෂ් **** කියන්නේ .
(මොකද අපේ පන්තියේ දිනේශ්ලා දෙන්නෙක් හිටියා **** වලින් දැම්මේ දෙවැනි නම.ඔක්කොම දාන ඒක හරි නැති නිසා)
මම:- ඒයි දිනේෂ්.මෙහෙ වරෙන්.
මම ඉතින් ඒ කොල්ලට කතාකරල සර්ට පෙන්නුවා.
විජේසුරිය:-අහ් තමුසෙද දිනේෂ් මෙහෙ එනවා පොඩි ගමනක් යන්න.මේ **** තමුසෙත් එනවා මූත් එක්ක.
කියලා මටත් එන්න කියලා මූ ගියා.ඔන්න මූ අපි දෙන්නම එක්කගෙන මුගේ රූම් එකට ගියා.දැන් මම පස්සෙන් ඉන්නවා මූ සර් ගාව.
විජේසුරිය:- දිනේෂ්.. කාගේද ගෙනාපු ෆෝන් එක.
දිනේෂ්:- මොන ෆෝන් එකක්ද සර්.
විජේසුරිය:- තමුසේ දන්නේ නැහැ...? මට ඔත්තුවක් ලැබුනා තමුසේ ෆෝන් එක අතේ තියාගෙන හිටිය කියලා.
දිනේෂ්:-මේ මේ ම... ම... මම.
විජේසුරිය:- ඔව් ඔව් තමුසේ තමයි.කියපන් කාගේද ෆෝන් එක..
දිනේෂ්:- මං එහෙම එකක් දන්නේ නැහැ සර්..
ඕක කියලා මුට හැරෙන්නවත් උනේ නැහැ "චටාස්" ගෑවා. බලද්දී විජේසුරිය කාරයා අරුට අත පුරවලා කණ හරහාම එකක් දුන්නා.හප්පට සිරි මූට පාර වැදුනා විතරයි.
දිනේෂ්:- සර් ෆෝන් එක සෙනාල්ගේ.
විජේසුරිය:- ඔය තමුසේ කලින් ඕක කිව්වනම් ගුටි කන්නේ නැහැනේ ඕයි.දැන් කොහෙද ඔය ෆෝන් එක. දිනේෂ්:- දන්නේ නැහැ සර් සෙනාල් කාට හරි දෙන්න ඇති.සේනාල්ගෙන් ඇහුවනම් හරි සර්.
ලස්සන ජවනිකාවක් ගියා මම කලේ පස්සට වෙලා බලන් හිටපු එක තමයි.
විජේසුරිය කාරයා මාව අරන් ඇවිත් තියෙන්නේ සපෝටර් වැඩේට.ඇයි ඕකට අහු උනහම කොල්ලෝ එක්ක මගේ තියන හොඳ හිත නැති කරන්න පුළුවන්නේ.
විජේසුරිය:- ***** සෙනාල් කොහෙද ඉන්නේ.
මම:- දන්නේ නැහැ සර් මං ටක්ගාල හොයල කියන්නම්.
දැන් යනවා මම සෙනාලයව හොයන්න.විජේසුරියකාරයට කොහොම හරි මාවනම් ශුවර් නැහැ.මම යනකොට මූ මගේ පස්සෙන් වලිගෙ වගේ පන්නනවා සෙනාලයව හොයන්න.මං ඉතින් ඕකව දැක්ක නිසා මං අපේ එකෙක්ගෙන් ඇහුවා සෙනාලය කෝ බන් කියලා.මූත් සර් කාරයව මගේ පස්සෙන් දැක්ක නිසා කිව්වා "
කැඩෙට් රූම් එකේ ඇති" කියලා.
කොහොම හරි විජේසුරිය කාරයා මාවත් එක්කන් කැඩෙට් රූම් එකට ගිහින් සෙනාලයාගේ බෙල්ලෙන් අල්ල ගත්තා.අල්ලන් ඇහුවා "
කෝ තොගේ ෆොනේ එක කියලා."මූ කිව්වා "
සර් විදුෂ ළඟ"කියලා.
විදුෂ කිව්වේ 11 වසර D එකේ හිටපු කොල්ලෙක් මූත් ෆෝන් නිතරම ඉස්කෝලෙට අරන් ආපු එකෙක් තමයි. කොහොම හරි මෙන්න මූ සෙනාලයව දමල ගහලා කෙලින්ම ගියා D එකට.
ඔය විදුෂලගේ සෙනාල්ලගේ සියලු තොරතුරු අපේ විජේසුරිය කාරයා දැනන් හිටියා. මොකද මුං ඔක්කොම ටිකක් බ්ලැක් ලිස්ට් වෙලා හිටපු උන් තමයි ඒ කාලේ ඉස්කෝලේ.
ඔන්න ඉතින් මූ D එකට ගියෙත් මාවත් එක්කගෙන.ගිය ගමන් විදුෂයට කෑ ගහලා උගේ බෑග් එක ඉල්ලගෙන ඒක දුන්නා මගේ අතට චෙක් කොරහන් කියලා.හප්පට සිරි ඔන්න මට ටිකෙන් ටික දාඩිය දාගෙන ආවා.ඇයි යකෝ බැරි වෙලාවත් ඕක ඇතුලේ ෆෝන් එක තිබිල අහු උනොත් මම සදා අනාතයිනේ.
මාත් ඉතින් අරගෙන ශේප් එකේ ලොකුම ෂිප් එක ඇරියා.එහෙම කලේ ෆෝන් එකක් දානවනම් දාන්නේ පොඩි පොකට් වල හරි රහස්‍ය පොකට් වල හරි නිසා.අම්මට බොල අම්මි ගහයි බැට් එකෙන් කිව්වලු.
හරියටම හරිනේ මෙන්න පලවෙනි පොකට් එකම ඇරපු ගමන් පොත් සෙට් එකටත් උඩින්ම ෆෝන් එක තියනවා.ඕක දැක්කම මට චු බර හැදුනා,දාඩියත් වැක් කෙරෙන්න ගත්තා.
ඔය අතරේ කොල්ලෝ සර් වටේ රොක් වෙලා.සර් විදුෂයාගේ කලිසම් සාක්කු චෙක් කොරනවා.මම ශේප් එකේ එකපාරටම ඒ ෂිප් එක ආයේ වැහුව සර් ඒ වෙලේ මං දිහා බලන් හිටපු නැති නිසා.
හැබැයි කොල්ලෝ 2-3 න් දෙනෙක් ඕක දැක්කා.දැකල පොඩි කුපාඩි හිනාවකුත් දැම්මා.මාත් දැන් ඕක වහලා පොඩි පොඩි පොකට් බොරුවට චෙක් කොරනවා සර් කාරයට පේන්න.
ඔන්න චෙක් කොරන කොට විජේසුරිය කාරයා විදුෂයගෙන් අහපි "
කෝ යකෝ ෆෝන් එක" කියලා.බඩුම තමයි මූත් ගත් කටටම කියාපි "
සර් බෑග් එකේ කියලා"ඇයි යකෝ මං හැදුවේ ශේප් එකේ වැඩේ ශේප් කරන්න
මූ එහෙම කිව්වා ගමන් ඉතින් කොරන්න දෙයක් නැහැනේ.ඕක කිව්වා ගමන් හැබැයි මට තිබ්බා චු බර ටිකක් විතර අඩු උනා.ඇයි ඌම කිව්වා එකේ දැන් මට ආබාධයක් නැහැනේ.
අරු ෆෝන් එක බෑග් එකේ කිව්වා විතරයි විජේසුරිය කාරයා මං දිගා බලලා මට බනිනවා "
තමුසෙට තාම ඕක හොයාගන්න බැරි උනාද ඕයි" කියලා.
ඊට පස්සේ මං කිව්වා "
පොඩ්ඩක් ඉන්න සර් මම මේ පොඩි එව්වා වල බැලුවේ තාම ඇතුල බැලුවේ නැහැ ඇතුලේ ඇති එහෙනම්" කියලා ටක් ගාල ලොකු ෂිප් එක ඇරලා ෆොනේ එක සර්ට අරන් දුන්නා.
හම්මෝ එදා නම් කන්න ඔයින් මෙයින් ගොහින් බේරුනේ අපේ කොල්ලෝ සෙට් එකෙන්.පස්සේ ෆෝන් ඒකත් අරගෙන සර් කාරයා ඔෆිස් එකට ගියා අරුන්ටික දාලා.
සර් ගියා විතරයි මම ඉස්සෙල්ලම කලේ අරු එක්ක සාම ගිවිසුමක් ගහපු ඒක "
අඩෝ සොරි මචන් මට කොරන්න දෙයක් නැහැ බං" කියලා.ඇයි නැත්නම් අම්බානෙකට කන්න වෙනවනේ අපේම කොල්ලෝ තරහ උනොත්.
කොහොම හරි උන් ටිකව ශේප් කරගෙන ගොහින් වැඩේ ඇනලයිස් කොරල බැලුවා වැඩේ කොහොමද විජේසුරියට ලීක් උනේ කියලා.
ඔය මුළු සිද්දි දාමයම වෙන අතර තුරේ අපේ පන්තියේ ඒක කොල්ලෙක් හිටියේ නැහැ පන්තිය ඇතුලේ එදා ඉස්කෝලේ ඇවිත් හිටපු උන්ගෙන්.
ඔක්කොම වෙලා ඉවර උනාට පස්සේ ඌ පන්තියට එනවා බබා වගේ "
අඩෝ පුෂ්පලතා මැඩම් මට පට්ට රැග් එකක් දුන්නා බං. මුළු ඉස්කෝලේ පුරාම දුවල දුවල දැනුයි නිවනක් ලැබුනේ" කියලා.
ඌ මොකුත් නොදන්නා බබාලන්තේ බබලටත් අන්ත තොත්ත බබෙක්.මුම තමයි කොල්ලෝ පන්තියට ෆෝන් අරන් එනවට ලෙඩේ ඇදපු එකා. මූ තමයි දැකල තියෙන්නේ දිනේෂ් අතේ ෆෝන් එකක් තියනවා.
මූ ඒක ගිහින් සර් ට කියලා.සැරෙන් සැරේ ඔෆිස් එක ඇතුලේ හැංගිලා ඉඳන් සර්ට එක එක කේලාම් කියලා.ඔය සිද්දිය පස්සේ කොල්ලෝ දැනගත්තත් ඌට මොකුත් කියන්න ගියේ නැහැ.
කොහොමත් පස්සේ දවසක මූම මාත් එක්ක එදා මූ කරපු වීර වික්‍රමය කිව්වා.ඒ ඌට මාව හොදටම ශුවර් එකෙක් නිසා.ඒත් මට ඒක ඇහුවට පස්සේ ඌත් එක්ක හිටියේ ගොඩාක් පරිස්සමින්,අදටත් එමම තමයි.
මොකද එහෙම පාට මාරු කරන එකට කෑවත් බොක්ක වෙනස් මිනිස්සු නිසා අපිටත් කෙල වෙන්න තියන සම්භාවිතාවය වැඩි නිසා......... මොකද හිතන්නේ කතාව ගැන..?
ඔය වගේ සිද්දි වලට ඔයාලත් මුහුණ දීලා තියනවද.... දාමුද බලන්න කමෙන්ට් එකක්.....