Friday, February 11, 2011

මා හැර දමා ඈ ගියා....


අනේ මන්දා බොලව් මේ කතාව ලියනවද කියල ගොඩාරියක් වෙලා කල්පනා කරලා කරලා අන්තිමට ලියන්න කියල හිතුනා.කාලයක් ජිවිතේ සුන්දරම දෙයක් වෙලා තිබ්බ මේක මට මතක් කරද්දීත් ලොකු හිසරදයක් දැනෙනවා දැන් නම්. මේක මතක් වෙන්න,මතක් කරන්නත් හේතුවක් තියෙනවා.මගේ පළමු ආදරය හරියටම මගේ හිත පාරලා හදවත දෙකට පලා දාලා මාව තනිකරලා එයා වෙන් වෙලා ගියා.ඒ දැනට හරියටම අවුරුද්දකට කලින්.

මට එයාව හම්බ උනේ 2009 ජුනි මාසෙක දවසක යාලුවෙකුගේ ගෙදර පොඩි පාර්ටියක් තිබුනා.මගේ යාලුවට නංගී කෙනෙක් හිටියා.එයාගේ 16 වෙනි  උපන්දිනේට තමයි ඒක තිබුනේ ඒකට එයාගේ නංගිගේ යාලුවෝ වගයක් ඇවිත් තිබුනා.මගේ යාළුවා ඒ පාර්ටි එකට මටයි තව යාලුවෝ 4-5 දෙනෙකුටයිත් ආරාධනා කරලා තිබ්බා.

නංගිගේ හිටපු ඒ යාලුවෝ ගොඩේ දැක්කම ඇහැට ඒක පාර ගැටෙන ලස්සන රුපයක් තිබ්බා.ඒ එයා හරියටම අවුරුද්දකට කලින් මගේ වෙන් වෙලා ගිය,කාලයක් මගේ මුළු ජීවිතේම වෙලා හිටපු කෙනා.එයාට මම සශිනි කියන්නම්.ඒක ඇත්ත නම නොවුනට බොහෝදුරට ඇත්ත නම ලඟින්ම යනවා.

දිග කොන්ඩේ බුලක් දාලා ලස්සන සුදුයි රෝස පාටයි ටී ෂර්ට් එකක් ඇදගෙන කලුපාට ඩෙනිම් කලිසමක් ඇදගෙන තමයි හිටියේ.කොහොම හරි පාර්ටි එක වෙලාවේ එහෙන් මෙහෙන් එයත් එක්ක කතා කරලා යාන්තමට කොල්ලෙක් නැති බව හොයා ගත්තා.අන්තිමට යන්න කලින් බොහොම අමාරුවෙන් එයාගේ මොබයිල් ෆෝන් එකේ නම්බෙර් එකත් ඉල්ලා ගත්තා

.පස්සේ ඉතින් දහසක් සිහින ගොඩ ගහගෙන ගෙදර ගිහින් එයාට text කරන්න ගත්තා.මුලදී මුලදී text කලාට කිසිම රිප්ලයි එකක් තිබ්බෙත් නැහැ.එත් පහුවෙන කොට මාත් එක්ක හෙමින් හෙමින් රිප්ලයි කරන්න ගත්තා.ඔන්න ඔය විදිහට වැඩේ යද්දී මගේ යාළුවගේ නංගිගෙනුත් වැඩේට ටික ටික sub එකනම් ලැබුනා.

අන්තිමට ජුලි මාසේ එක්තරා දවසකදී මන් එයාගෙන් යාලු වෙන්න ඇහුවා.මේකී ගත් කටටම බෑ කිව්වා ප්‍රතිචාරයක් නැහැ.එත් මන් දිගටම text කරන එකනම් නැවැත්තුවේ නැහැ.ඔහොම ගිහින් අයෙමත් සති දෙකකට පස්සේ අයෙමත් ඇහුවා.ආයෙමත් ගත් කටටම බෑ කිව්වා.

මාත් ඉතින් අත ඇරියෙත් නැහැ.ඔහොම ගිහින් ආයෙමත් සතියකට පස්සේ කෙල්ලට හොද තෙලක් ගහලා හොදවයින් බොක්කට වදින්න මැසේජ් දෙක තුනක් දාලා ෆෝන් එක පැත්තකට තියෙන්න ඇරලා පාඩුවේ හිටියා.

මෙන්න යකෝ පැයකට විතර පස්සේ කෝල් එකක් එනවා කෙල්ලගෙන්.හරි නැති නිසා මං කට්  කරලා ආයේ ගත්තා.මෙන්න බොලේ මේකී එහා පැත්තෙන් ඉකි ගගහා අඬනවා.අඬන ගමන් කිව්වා
"මං කැමති කියලා".

ආදරේ කරලා තියෙන කරන කව්රු හරි මේක කියවනවානම් ඒ වෙලාවේ මට දැනුනු හැඟීම කොහොමද කියලා උඹලට අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැනේ බොලව්.එයා ගියේ ගම්පහ ප්‍රසිද්ද ගැහැණු ළමයි විතරක් හිටිය ඉස්කෝලෙකට. O/L කරන්න හිටියේ 2009 දෙසැම්බර් වල.මං එයට වඩා අවුරුදු 4 ක් වැඩිමල්.

ඉතින් අපි දෙන්නගේ ආදරේ ඔහොම ගලා ගියා.මම ඒකාලේ හැම සති අන්තයකම ගියා එයාව හම්බු වෙන්න.ක්ලාස් ඇරිලා එයා එක්ක එකට බස් එකේ අත්වැල් පටලාගෙන ගියා.ඒ කාලේ කොච්චර සුන්දර කාලයක් කියලා මට ඒ කාලේ හිතුනද ඒත්....

මම ඒ වෙන කොට කැම්පස් යන නිසා හම්බු වෙන්න පුළුවන් උනේ සති අන්තේ විතරයි.ටිකෙන් ටික අපේ ආදරේ ගලා ගියා.හරියටම නිසංසල ගඟක් ගලා යනවා වගේම.

දෙසැම්බර්  මාසේ එයා එයාගේ O/L විභාගෙට මුණ දීලා ගෙදරට වෙලා හිටියේ.පන්ති යැවෙන්නේ නැති නිසා හම්බු වෙන්න තියෙන ඉඩ කඩත් ටිකෙන් ටික අඩු වෙලා ගියා.එත් මම හැමදාම මැසේජෙස් 40ක් -50ක් කෙටුවා.දවසකට අඩුම පැය භාගයක් වත් කතා කළා.

O/L ඉවර නිසා ගෙදර ඉන්න හරි කම්මැලි කියලා මෙයා මට ඒ කාලේ හැමදාකම කිව්වා.ඒ වෙන කොටත් කොළබ තිබිච්ච ප්‍රධාන ඉංග්‍රීසි පාඨමාලා වල බදවා ගැනීම් විභාග ඉවර වෙලා තියෙන්නේ කියලා ඒවලට යන්න වෙන්නේ නැහැ කියා කියා හිටියා.

ඒක නිසාත්,කම්මැලිකම නිසාත් මම A/L ඉවර වෙලා කඩ්ඩ හදාගත්ත අපේ ප්‍රදේශයේ තිබ්බ ඉංග්‍රීසි පන්තියක කෝස් එකකට යන්න කියලා බැරිම තැන මම එයාට කිව්වා.එතන තමයි මට වැරදුනු,මම විහින් වරද්ද ගත්තු තැන.

ඒ පන්තිය සතියට දවස් පහම උදේ 8.00 ඉදන් හවස 4.30 වෙනකන් මාස දෙකක් පුර පන්ති පැවැත්වුන තැනක්.මෙයා ගියේ ජනවාරි මාසයේ එත් පුරුදු විදිහටම මට හැමදාමත් මැසේජ් කලා,කතා කලා.එත් මම හීනෙන්වත් හිතුවේ නැහැ ඒ ටිකෙන් ටික ලං උනේ අපේ ආදරේ අන්තිම දවස් කීපය විත්තිය.

මතක හැටියට පෙබරවාරි මාසේ 8,9,10 එයාගෙන් ලැබුනු මැසේජස් ගැන 10 කටත් වඩා අඩු උනා.කතා කරන්න බෑ තාත්ත ගෙදර කිව්වා.අන්තිමට 10 වෙනිදා මැසේජ වලට රිප්ලයි නැත්තේ ඇයි කියලා ඇහුවම එයා පාර්ටි එකක ඉන්නේ කිව්වා.පෙබරවාරි 11 මම මැසේජ් 10-15ක් යැව්වත් රිප්ලයි එකක් ආවේ නැහැ.

මතක විදියට එදා පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා රෑ 8.30 විතර ඇති.සශිනිගෙන් මැසේජ් එකක් අවා ඒකේ තිබ්බේ මෙහෙම දෙයක්
 "අයියේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් එත් මම එච්චර හොඳ කෙල්ලෙක් නෙමෙයි.එක නිසා මාව අමතක කරන්න අපි මේක මෙතනින් නවත්තමු.අදින් පස්සේ මට ආයේ කවදාවත් text කරන්න එපා" කියලයි.

ඕක කියෙව්වම මගේ බොක්ක කූල් උනා.අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ බොලව් දැනුනු හැඟීම; බූට් එකක් කාපු එකෙක්ට තේරෙනවා ඇතිනේ.මන් ඊට පස්සේ එයාට කොච්චර මැසේජ් යැව්වත් රිප්ලයි අවේනම් නැහැ.

මගේ මුළු ලෝකෙම කැරකිලා ගියා වගේ දැනුනා.හරියටම කියනවනම් ගිනියම් වෙනකන් රත්කරපු යකඩයක් ඔලුවේ ඉදන් දෙපතුල දක්කවාම ඇඟ හරහා යන විදියට පසාරු කරලා ඇතුලට බස්සල තියෙනවා වාගේ දැනුනා.මුළු ඇගෙන්ම සැර පිටවෙන්නම් වගේ දැනුනා.

මම හිටියේ එදා බෝඩිමේ.බැරිම තැන නිදාගන්න කියල ඇදට ගියත් මුළු රෑ පහන් වෙනකන්ම  නින්ද ගියේ නැහැ.පහුවෙනිදා මම උදේ කැම්පස්  ගියෙත් මුණ බේරී කරගෙන .එක දැකලා හුගක් කට්ටිය ඇහුවා වෙනදා තියෙන හිනා මූණ නැහැ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා.එත් සිද්දිය දැනගෙන හිටියේ මගේ බෝඩිමේ හිටපු අනිත් රූමලා 3න් දෙනා විතරයි.

ලෙක්චර්ස් ගියත් අහගෙන ඉන්නවත් හිතක් නැහැ.හොදට හිටපු එකීට මොකද උනේ කියලා කල්පනා කලා ඇරෙන්න.බැරිම තැන මම එදා කලින් ගෙදර ආවා.ඇවිත් ගෙදරටත් බොරුවක් කියලා එයා කෝස් එක කරපු පන්තිය ගාවට ගියා හවස එයාව හම්බු වෙන්න.මම ඒ ගමන නොගියානම් කොච්චර හොඳද කියලා හිතෙන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ.

පන්ති ඇරුන ගමන් සශිනි පන්තියෙන් එලියට බැස්සා තවත් කොල්ලෙකුගේ අත්වැල් පටලෝගෙන.එයා පස්සේ තව ගැහැණු ළමයි 3න් දෙනෙක්.මට ඉතින් මොනවද හිතුනේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.ඒ වෙන කොට මගේ පුංචි කෙල්ලගේ හිතට හොරෙන් වෙන ගොබිලෙක් රිංගලා.ඌ මට පයින් ගහල කෙළවලා ඌ මගේ කෙල්ලව දාගෙන.

මුණ පොඩි කරන්න කියලා හිතුනත් මන් එහෙම කරන්න ගියේ නැහැ ඉවසනවා ඇරෙන්න.එත් මගේ තිබුණු පණ්ඩිතකමට මම ගියා එයත් එක්ක කතා කරන්න.එකී මොකද දන්නවද කලේ මගෙන් ඇහුවා
"ඔයා කව්ද...???" "මං ඔයාව අදමයි දැක්කේ" "ඔයාට වැරදීමක් වෙන්න ඇති" කියලා අර කොල්ලා ඉස්සරහ බබෙක් වගේ හැසිරුනා.

අර කෙල්ලෝ ටික ඉස්සරහ මම ඉපදුන නගරයේ...;මම අවුරුදු 11 ක් ඉස්කෝලේ ගිය නගරයේ....;අවුරුදු 20 ක් නිතර ආව ගිය නගරයේදී බල්ලෙකුට වගේ සලකන්න තරම් දරුණු වෙන්න එයාට පුළුවන් උනා.
උඹලටත් එහෙම උනානම් ඒ වෙලේ මොකක් කරාවිද..?? මං මොකක් කරන්න ඇතිද..??

මුළු ජීවිතේම කියලා හිතන් ආදරේ කරපු කෙල්ලට කනට ගහපන් කියලා උඹලා කිව්වත් එහෙම කරන්න තරම් දරුණු වෙන්න මට බැරි උනා බොලව්.මම බිම බලන් නොන්ඩි වෙලා ගෙදර ආවා.වේල් 3 ක් විතර  අප්සෙට් එකට කෑවේ නැහැ.ගිහින් එයාට මැසේජ් එකක් දාලා ෆෝන් එක පැත්තකට කරලා තිබ්බා.එයා ගියේ මගේ හිතේ එයාට තිබ්බ හැඟීම පිළිකුලක් බවට හරෝලයි බොලව්.

කොහොම හරි පහුවෙනිදා ෆෝන් එක ඕන් කරන කොට එයාගෙන් මැසේජ් එකක් තිබ්බා
"අයියේ ඊයේ මගේ අතින් වෙච්ච දේට සොරි මාව අමතක කරන්න ඔයාට වරදින්නේ නැහැ කියලා" මම රිප්ලයි කරන්නවත් මොනවත් කරන්න ගියේ නැහැ.එත් එයා වෙනුවෙන් තව දුරටත් අඬන්න ගියෙත් නැහැ.

සති දෙකක් විතර විරහ ගීත ලිය ලියා ඉඳලා අමාරුවෙන් හිත හදා ගත්තා.හරියටම එයා මාව දාලා ගිහින් අදට අවුරුද්දක් වෙනවා.එත් අදටත් මන් එයා වෙනුවෙන් අඩන්නේ නැහැ.එයාට වෛර කරන්නෙත් නැහැ.එයාව මට අදටත් පිළිකුල් හැමදාටම පිළිකුල්.උඹලට හිතෙන විදිහට මන් සමහර විට වැරදි ඇති.......

පසුව ලියමි :- හිමි නොවූ ආදරය පොස්ට් එකේ අන්තිමට මම කිව්වනේ "කෙල්ලෙක්ට වද දිදී කොච්චර පස්සෙන් ගියත් ලැබෙන්න නියමයක් නැත්නම් ලැබෙන්නේ නැහැම තමයි" කියලා.ඒ වගේම මොන ගේමක් දීල කෙල්ලෙක් දාගත්තත් හිමිකමක් නැත්නම් ඉක්මනින්ම අපෙන් ඈත් වෙලා දුර ඈතකට යනවා.

අනිත් එක තමයි කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් ඒ කෙල්ලම පස්සෙන් යනවනම් ඒක මහා අමන වැඩක්.එහෙම අමන වැඩක් කරපු ගොබිලෙක් නිසා තමයි මටත් කෙළ උනේ.මොකද ඌත් දැනගෙන ඉඳලා තිබිල තියෙනවා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා.ඌ තමයි ඔලුවට විෂබීජ දාලා මාව ඈත් කරවලා ඌ ලකුණු දාගෙන තියෙන්නේ.කොහොම උනත් ඒ වගේ පහර වැඩක් කලොත් උබලටත් සහගහවි බොලව්.ඒ නිසා පුළුවන් තරම්  ඒ වගේ වැඩ නොකර හිටියොත් ගොඩක් කල් සතුටින් ඉන්න ලැබේවි.

මොනවා කිව්වත් උඹලට හිතෙන විදිහට මන් සමහර විට වැරදි ඇති.......                  

20 comments:

  1. ම්ම්ම් බලාගෙන ගියාම අපි හැමොටම හිතේ හිර කර ගත්ත කතාවක් තියෙනව නේද. එලියට දාන්න බය. එලියට දාන්න හිතෙන්නෙ නැති. උබ විතරක් නෙවෙ මචන් . අපි හැමෝටම තියෙනව ඒ වගේ ගොඩාක් දුක්බර විරහ අත්දැකීම්. ඒත් කවුරුත් කියන්නෙ නැ. හිතෙ හිර කරන් ඉන්නවා. ඒත් ඕක කාටහරි කිව්ව ම හිත සැහැල්ලු වෙනවා. කතාව කියෙව්වා . මොනව කියන්නද කියල හිතා ගන්න බෑ. ඔයිට සමාන සිද්දියකට මුන දුන්නා මමත් ඒත් පානදුර නගරයෙදි. මගේ ගමේ. මගේ යාලුවෝ ඉස්සරහ. ඒත් මම එයා ගැන අහිතක් හිතන්නෙ නැ. මගේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් නිසා නෙ මාව එපා වෙන්න ඇත්තෙ. එහෙම හිතල මම හිත හදා ගන්නව. දුක් වෙන්න එප/ ඒ ලමය ගැන පිලිකුල් හිතන්නත් එපා.ජීවිතේට ඉඩ දෙන්න ගලාගෙන යන්න. කිසි දෙයක් තමන්ගෙ කියල හිතන්න එපා.තමන්ට අයිති නම් ඒ දෙය තමන් ගාවට් ඒවි. ඇවිල්ල තමන් ගාව නතර වෙවි.

    ප.ලි. කෙල්ලෙක්ට කොල්ලෙක් ඉන්නව නම් ඒ කෙල්ල ගෙ පස්සෙන් යන එක තරම් පාහර වැඩක් තවත් නෑ.

    ReplyDelete
  2. ගොඩක් තරුණ වයසෙ ඇතිවන ‍ආකර්ශණයන් ඔහොම තමයි. හිතන තරම් පරමාදර්ශී වෙන්නෙ නෑ ඒ හැම එකක්ම. පාසල් වියේ ඇතිවන බැඳීම් වලින් වැඩි හරියක්ම ජීවිතය බවට පත්නොවී දුරස්වෙන ඒවයි. ඉතින් ඒ හැම එකක්ම ජීවිතයට අත්දැකීම් විතරයි. ඒ දැකීම් නැතිවිට ගොඩක් දේවල් හරියට පේන්නෙ නෑ. ඉතින් ජීවිතේ හැටි එහෙමයි කියල පිළිගන්න සිදුවෙනව. වයසින් මුහුකුරා යද්දි ඔයාටත් මේ දේවල් ඒ තරම්ම වේදනාවක් හෝ බැඳීමක් ගෙන එන එකක් නෑ. ඒත් ඔය වයසෙදි ඒක වැඩිපුර දැනෙනව තමයි.

    ReplyDelete
  3. You know machan, your story is almost 90% similar to my own story.

    Only difference is we went to the same campus, loved for 2 years. Then we went to work for two companies.

    The rest is same as yours.

    Life can be very cruel sometimes. Don't worry bro.

    People who are unfaithful to their loved ones will definitely suffer one day. When that day comes, only then will they understand the value of true love.

    ReplyDelete
  4. @Gayan Rupasinghe :- බ්ලොග් එකට සාදරයෙන් පිලි ගන්නවා සහෝ.. කියල වැඩක් නැහැ ඌ තමයි කියල තියෙන්නේ කැම්පස් යන කොල්ලන්ව විශ්වාස කරන්න එපා කියලා.උඹ කියන එක හරි මචන් පිළිකුල් කියලා හිතුවම මට පව්.එත් බං මට එදා මැසේජ් එකෙන් ඕක කියලා එව්වනම් මන් තේරුම් ගන්නවා බං.මාව නෝන්ඩි කලාම මට මොනවද දැනෙන්න ඇත්තේ කියලා එය හිතුවේ වත් නැතුව එහෙම කලාම.ආදරය කරපු හිතකින් එච්චර නපුරු කමක් කරන්න එයාට පුළුවන් උනා මචං.
    ජය වේවා....!!

    ..........................................................................................................

    @Outsider:- ස්තුති බං මේ පැත්තේ ඇවිත් comment එකක් දාලා ගියාට.ඔව් මාත් එක්ක යාලු වෙද්දී එයා 11 වසරේ.ජිවිතේ දකින්න කලින් ජිවිතේට ගොඩ උන ගෝතයා වෙච්ච මගේ අඩු පාඩු එයා දකින්න ඇති මචං ජිවිතේ දකින්න ගත්තම....
    ජය වේවා....!!

    ..........................................................................................................

    @Anonymous :- Yep machan,I know it.Most of true lovers have to face the same problem as I faced.But how they can be so cruel for their loved one that much.Um totally agree with you People who are unfaithful to their loved ones will definitely suffer one day. When that day comes, only then will they understand the value of true love.Also will turn back....
    Have Bless Machan....!!

    ReplyDelete
  5. උබ මගේ බ්ලොගයෙ දාල ගිය කමෙන්ටුව කියෙව්ව. මචන් මම කියන්නැ හැම කෙල්ලම කියල.ඒත් සමහර ගැහැනු ලමයින්ට පුලුවන් ඉක්මනට සමහර දෙවල් අමතක කරන්න. මම දන්නෑ කී දෙනෙක් මට එකග වේවිද කියල. ඒත් මම කියන්නෙ මම දකින විදිහ. මට උනත් බ්ලොගය තුල කියන්න පුලුවන් දෙවල් වල සීමාවක් තියෙනව මචන්. ඔය අත්දැකීමට සමාන අත් දැකීමක් මම විදිනවා. වෙලාවකට හිතෙනවා අපි හරිම පව් කියලා. මේක හැමොටම තෙරුම් ගන්න බෑ මචන්. උබට තෙරුම් ගන්න පුලුවන් වෙවි. මොකද උබේ මගෙයි අදස් සමාන නිසා,

    ජය..

    ReplyDelete
  6. @Gayan Rupasinghe :-උබ කියෙන එක හරි මචන්.. තේරුම් ගන්නත් බැරි කමක් නැහැ... ඒත් සමහර වෙලාවකට කෝක වෙන්නෙත් හොදකට වෙන්න පුළුවන්.. ඒත් මම කිව්වා වගේ ආයේ ටිකක් බලපන් බන්..

    ReplyDelete
  7. මමනම් මචං අර කොල්ලගේ හොම්බට දෙනවා එකක් ! හුදකලා වෙන්න ! එහෙමයි මමනම් කෙල්ලගෙන් වාඩුව ගන්නේ .!

    උඹ හරි මචං කොල්ලෙකුට කවදාවත් තමං බොක්කෙන්ම ආදරේ කරපු කෙල්ලෙකුගෙන් අයින් වෙන්න අමාරුයි .. ඒත් කෙල්ලොන්ට එහෙම නෑ ..අද්දැකීමෙන් කියන්නේ .

    කමක් නෑ බං උඹ ඔය කෙල්ලට පේන්න එලට ජීවත් වෙයං .කවදාවත් දුකින් ඉන්නවාය කියලා පෙන්වන්නේ නැතුව සතුටෙන් ඉඳපං .. ඔයවගේ කෙනෙක් ගිය එක හොඳයි ..උඹ බේරුනා මචං ..

    ReplyDelete
  8. @හිස් අහස :- වැඩක් නැහැ බං.ඌ කරගන්න එව්වා ඌ ගෙනයාවි. දැන් ඔය පොස්ට් එක ඔහොම දැම්මට ඒ කාලේ මම අඩපු ඇඩුම් දන්නේ මම විතරයි බං.විරහ කවි ගොඩක් ලිව්වා ඒවා ඉස්සරහට හෙමිහිට දාන්නම්. උබට ජය මචන්....!!

    ReplyDelete
  9. අපරාජිත උඹ අපරාජිතයි,මෙහෙම දෙයක් වෙලා මෙහෙම කතා කරන්න පුලුවන් දාහෙන් එකෙකුට විතරයි.මචන් ජීවිතේ දුක සැප ඔහොම තමා.නමුත් සතුටු වෙයන් උඹ අද ඉන්න විදිය ගැන හිතලා.සමහරවිට මේ වෙනකොට උඹට පෙම්වතියක් ඉන්නවා ඇති.එයාව හම්බ වෙන්නේ නැනේ මෙහෙම එකක් කලින් වුනේ නැත්තම්

    මගේ බ්ලොග් එකේ පොඩි අවුලක් තිබ්බා දැන් ඒක හරි.ගිහින් බලන්න.

    ReplyDelete
  10. @sihinadanawwa :- නැහැ බන් බ්ලොග් එකේ නම අපරාජිතයා උනාට මගේ ජිවිතේ අපරාජිත වෙලා තියෙන්නේ පරාජයන්ගෙන් මචන්.ගොඩවැදිලා comment එකක් දාලා ගියාට ගොඩක් ස්තුති මචන්.උඹ කියන එක 200% ක් හරි මචං.අද මට එයා දාල ගියාට පසු තැවීමක් නැහැ.කෝක වෙන්නෙත් හොදට වෙන්න ඇතිනේ මචං.

    මම උඹේ කතාව කියෙව්වා.එටන මම එකට comment කරලා ඇති බොක්කෙන්ම දැනුනු දේ ඒක කියෙව්වම.උඹට ජය...!!!

    ReplyDelete
  11. කියන්න දෙයක් නෑ බං.. මේ වෙලාවේ කිසිම දෙයක් ඔළුවට එන්නේ නෑ...

    ReplyDelete
  12. @prasanna86k :- අවුලක් නැහැ මචං. බ්ලොග් එකට ගෝල්ඩ් ෆිෂ්ව සාදරයෙන් පිළිගත්තා එහෙනම්.අඩේ මෙහෙම හරි comment එකක් කොටලා ගිය එක කොච්චරවත් දෙයක්ද බං.එළකිරි සහ ජලය....
    ජය වේවා එහෙනම්....!!!!

    ReplyDelete
  13. මෙන්න මගේ ශත පහ:

    අපරාජිතයා මේ කෙල්ලට ට්‍රයි කලේ ඇගේ සුදු හම, ලස්සන වැනි දේ හින්දාය.

    ඇය අපරාජිතයා ට කැමති වුනේ -නොකරම බැරි මොහොතක් ආ නිසාය.
    කෙල්ලෙක් හොයන්නේ ඩයල් එක, ඩිග්‍රිය වැනි එක දෙයක් පමණක් නොව මුලු පැකේජ් එකයි.

    වඩා හොඳ කාර් එකක් ගන්නට පුළුවන් නං මං ඇයි ඩයිහට්සු චැරේඩ් එකක යන්නේ.

    හැත්තෑපන්දාහක පඩියකට ගෙදර ලඟ ජොබක් සෙට් නං ඇයි පනහේ පඩියට කොලඹ යන්නේ?

    ජීවිතයේ අපට ලැබෙන ඔය වගේ තීරණ ගැනීම හරිම ලේසියි නේද?

    අපරාජිතයාට මට කියන්නට ඇති තව දෙයක් ඇත.

    මුලින් අහපු කෙල්ල හා කියලා, ආදරේ කරලා, එයාවම බැන්ද නං ජීවිතේ ටිකක් බෝරින් නේද? අනික බ්ලොග් ලියන්නේ මොනවා ගැනද?

    සැප සතුට ජය පතමි.

    ReplyDelete
  14. @Kathandara:- සහතික ඇත්ත සහෝ කතාව නම් ඒ කාලේ මම කැවේ රට තණකොළ කියලා දැනුයි තේරෙන්නේ.

    කිව්වත් වගේ එහෙම බූට් එකක් වත් නොකාපු කොල්ලෙක්ගේ ජිවිතෙකින් මෙලෝ වැඩක් නැහැ... ඔබටත් ජය.....!!!

    ReplyDelete
  15. මල්ලියා අදමයි මේ පැත්තට ආවෙ... සඳරු ගේ බ්ලොග් එකෙන් තමා ගොඩ වැදුනෙ.. කියෙවගෙන යනවා ඒත් කමෙන්ට් කලේ නෑ... ඒත් මේකට කමෙන්ට් නොකරත් බෑ... කෙල්ලො තේරුම් ගන්න හරි අමාරුයි බන්.. කෙල්ලො චපලද.. කොල්ලො චපලද... අනේ මන්දා... මොනවා උනත් කැතම සිද්දියක් බන්... හැබයි කතන්දරගේ කමෙන්ට් එක නම් ඇත්ත.. ඔව්වා හොඳ අත්දැකීම්...

    ReplyDelete
  16. @පිස්සා පලාමල්ල:- අම්මට බෝල මෙන්න පිස්සයියා මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත්. ඇත්තම කියනවනම් මම සදරුගේ බ්ලොග් එකේ කමෙන්ට් එකට දාපු දේ 100%ක් ඇත්ත.ඔයා නිසා තමයි මටත් බ්ලොග් එකක් ලියන්න ආසාව ඇති උනේ.ඒ වගේම මම මුලින්ම බ්ලොග් එකක් කියල මුලින්ම කියෙව්වෙත් පිස්සයියගේ බ්ලොග් එක තමයි.

    අම්මට බෝල එහෙව් එකේ ඔබතුමන් මගේ බ්ලොග් එකට ආව කියන්නේ පට්ටම පට්ටයි.අපරාජිතයගේ බ්ලොග් එකට පිස්සයියව ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගත්තා. ජය වේවා......!!!

    ReplyDelete
  17. හ්ම්ම්ම්ම් පට්ටයි කතා ටික නම් මේකනම් හිතට දැනිච්ච ස්ටෝරියක් කොල්ලෙක් විදියට ඇත්තටම මම උඹ ගැන ආඩම්බරයි යාළුවා උඹ නියමෙට ප්‍රොබ්ලම් 1කට ෆේස් කරලා තියෙනවා ඇත්තටම ආදරය කරන කෙල්ලෙක්ට කොහොමද බන් අතක් උස්සන්නේ.... උඹ නම් ඇත්තටම අපරාජිතයෙක් මචන්....ඇපලෝ මලයත් ෆලෝ පාරක් දැම්ම ඕන්....

    ReplyDelete
  18. @Apollo:- අහ් අලුත් යාලුවෙක් අපරාජිතයාගේ බ්ලොග් එකට ගොඩ වෙලා.ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගත්තා යාලුවා.

    අපරාජිතයෙක් කිව්වට මට උරුම පරාජයන්ගෙන් අපරාජිත ජිවිතයක් විතරයි මචං.ෆලෝ පාරක් දැම්මට තැන්කු හොදේ.
    ජය වේවා...!!!

    ReplyDelete
  19. මට මේක කියවන්ඩ හම්බුනේ අහම්බෙන් ඔය කොම්පුටර් බයිලා හොයන ගමන් මේක මම කියෙවුව ඕව ඔහොමයි අපිටත් එහෙමයි මටත් එහෙමයි මටත් කෙල්ලෙක් ඔයවගේ නොවුනට කැත වැඩක් කරා ඒ ගනුලමය වෙන කෙනෙකුත් එකත් යාලු වෙලා කලින් ඒ උනත් මටත් පොඩි ලයින් දාල මවත් සෙට් කරන් ....මම දන්නැ ඒ යට තව කොල්ල්ක් ඉන්නව කියල ......මට දැන ගත්තු මොහොතේ ඔයාට ඔය ඇති උණු වේදනාව මටත් දනුන මම ගේමක් ගහල ඒ දුක තුනී කර ගත්තා ....................අදත් මට කෙල්ලෝ විස්වාශ නැ ...ඔය ගේමක් ගහල ඉනවා

    ReplyDelete
  20. මටත් ඔහොම උන ඔය විදිහට නෙවේ ටිකක් වෙනස් උසස් පෙලට අව විතරයි ඔන්න ඉතින් ටික දවසක් ගිය යාළුවොත් අදුර ගත්හ ගනුලමයිනුත් දැන්ව අපේ ඉස්කොලේමනේ එක ගනු ළමයෙක්ගෙන් මට නිකක් ලකුණු වගේ මත් ඇරියේ නැ දානවනේ ඉතින් ... කෙල්ලත් එකක්ක කතා කරා වැඩේ හොදට ගිය ඒ දවස් වල 4න් නැ ඉතින් ඉස්කෝලේ කතාව .හැමදාම මම එනකම් බලාගෙන ඉනවා පන්තියේ කණුවක් බදාගෙන ඔන්න ඉතින් කාලය ගෙඋන මම ඇහුව මුලින් බැ කිව පසුව හා හා ඉතින් පුල් හැපී මස 6 විටර ගිය මට කනින් කොනින් අරොචි උනා ඒයාට තව කොල්ලෙක් ඉනවා කියලා මම එයාගෙන් ඇහුවේ නැ ..විපරම් කරා වැඩේ ඇත්ත මොනවා කරන්ඩ ද මම කොලගෙන් ඇහුවා වූ මට සද්දේ දැම්ම මට ෂේප් උනා කෙල්ලගෙන් ඇහුවා කෙල්ල නො කතා අඩනවා ...ඒ මට කෙල උනා .......ය න් තන් කොම්පුටර් දේයිය නිසා හිත හදා දත්තා මොනවා කොරන්ඩ ද අය මත් ඒ ක්ක කතා කරේ නැ පන්තියේ හිටියත් කතා නැ ...A/l ඉවර උනාට පසේ එයාගේ අයිය මට සෙට් උනා අහම්බෙන් වගේ මගේ වෙන්ඩ ගිය මස්සිනා.පොරගේ 4න් එකේ කෙලගේ 4 ටෝ එකක් තිබ්බා එක මම ගත්හ හොරෙන් පස්සේ එකත් අයින් කරලා දැම්ම මොනවා කොරන්ඩ ද ...........................

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........