Thursday, February 03, 2011

අනේ මෙහෙමත් නෝන්ඩියක්...


අද කියන්න යන්නෙත් මගේ ජිවිතේ අමිහිරි වූ මතකයක්.ඒත් ඒකත් ජිවිතේට ලැබුණු අමුතු අත්දැකීමක්.මම කලින් දාපු හිමි නොවූ ආදරය පොස්ට් එකෙන් කිව්වනේ මම O/L වෙනකන් ගියේ මිශ්‍ර පාසලකට කියලා. ඒකේ ඉද්දි මම 11 වසරදී වෙච්ච දෙයක් තමයි  අද මතක් කරන්න යන්නේ.

අපේ 11 වසර පන්ති 6 ක් තිබ්බා.ඔය පන්ති සෙට් එකම තිබ්බේ එකට එකම හෝල් එකක.ඒක නිසා පන්ති ටික තිබ්බේ එක ගොඩේ.අනික ඒ හෝල් එක වෙනත් ලොකු ලොකු විභාග වලටත් ගන්න එකක් නිසා පන්ති එකින් ඒක වෙන් වෙලා තිබ්බෙත් නැහැ බිත්තියකින් තියා  බෝඩ් එකකින්වත්.

ඒක නිසා A පන්තියේ ඉදන් F වෙනකන් දිගට පෙනුනා.අනික තමයි A පන්තිය තිබ්බේ ඒ හෝල් එකේ stage එක වගේ කෑල්ලේ උඩ.ඒ නිසා A පන්තිය තිබ්බේ අනික් පන්ති සෙට් එකට උඩින්.මම හිටියේ B පන්තියේ.

අපේ පන්තියේ පන්ති බාර හිටියේ මම ජිවිතේ වැඩියෙන්ම ආදරය කරන,ගරු කරන ගුරුවරිය නමින් "පද්මා අභයවර්ධන" මැඩම්.10 -11 පන්ති දෙකේම අපේ පෙර පිනකට මැඩම් තමයි පන්ති බාර උනේ.අනික අද මම ඉන්නේ කොතනද එතන ඉන්න මගේ ජිවිතේට ලොකුම බලපෑමක් කල කෙනෙක් තමයි මැඩම්.මැඩම් නැත්නම් මම ඉවරෙටම ඉවරයි.අපේ පන්තියේ හිටපු හැම කෙනෙක්ම වගේ මැඩම්ට අම්මා කෙනෙක්ට වගේ ආදරේ කලා.

ඒ කලේ පොඩි හැදින්වීමක්.අපේ පන්තියේ හිටියා කෙල්ලෙක් නම "දමිතා" කියල කියමුකෝ මේ කෙල්ලට තිබ්බා පොඩි සම්බන්ධයක් එහා පන්තියේ; ඒකියන්නේ C එකේ හිටපු කොල්ලෙක් එක්ක.අපි ඌට "තිළිණ"කියලා කියමුකෝ.

ඒ කාලේ  හැටි ඔහොම තමයි ලව් කරන ඒක සාමාන්‍ය දෙයක්.ඒත් මුන් ප්‍රසිද්දියේ තැන තැන බොහොම නොසන්ඩාලා විදිහට හැසිරුනා හුගක් වෙලාවට.ඒ නිසාම මමයි අපේ පන්තියේ හිටපු අනික් වගකීමක් තියෙන ශිෂ්‍ය නායකයෙක් හැටියට හිටපු ඉසුරුයි දෙන්න ඔය සිද්දිය ගැන මැඩම් එක්ක කතා කරලා තිබ්බේ මේකි නිසා අපේ පන්තියට වෙන කැලැල්ල ගැන.ඉසුරු ගැන වතුර නැතිව පොස්ට් එකෙන් කිව්වා මතක ඇතිනේ අන්න ඌ තමයි.

මැඩම් නිකන් අම්මා කෙනෙක් වගේ නිසා තරහා නොගෙන කෙල්ලටයි කොල්ලටයි සිද්දිය තේරුම් කරලා දුන්නා ඒත් මුන් තේරුම් ගත්තේ නැහැ.පස්සේ මැඩම් අපි දෙන්නත් එක්ක කිව්වා සද්ද නැතුව ඉන්න "විජේසුරිය" සර්ට අහුවෙලා පාඩමක් ඉගෙන ගනීවි කියලා.විජේසුරිය කියන්නේ අපේ 11 වසර පන්ති සෙට් එකේ අංශබාර ඒ වගේම අපේ ශිෂ්‍යනායක සංගමේ බාර ඒ වගේම සහකාර  විදුහල්පති කෙනෙක්.පොර මාර සැර ඩයල් එකක් තමයි.

දැන් තමයි වෙච්ච කතාව කියන්න යන්නේ.දවස 2005-03-04 වෙනිදා.දවස මතක එදා මට අමතක කරන්න බැරි තරම් අමිහිරි නිසයි.අපි මේ Love එක ගැන දැනගෙන හිටියට මේකි දැනගෙන ඉඳල නැහැ අපි දන්නවා කියලා.

එකී දැනගෙන තියෙන්නේ අපි දන්නවයි කියලා මේ සිද්දිය වෙච්ච දවසෙම තමයි.දැනගත්ත ගමන් මේකි බය වෙලා අපි විජේසුරිය සර්ට කියාවි කියලා ෂනික කොල්ලට ලියුමක් ලියලා.ඒ ලියුමේ කොහොම හරි තිබිල තියනවා මගේ නමත් දාලා අපි ඔය සිද්දිය ගැන දන්නවා පරිස්සම් වෙන්න කියලා.මේකි මේ ලියුම ලියලා තියෙන්නේ සෞන්දර්ය විෂය තිබ්බා වෙලාවේ.

මම කලේ සංගීත ඒ නිසා A එකයි B එකයි ඒ වෙලේ සංගීත කාමරේට ගිහින් සරිගම වළදා වළදා තමයි හිටියේ.මේකි කලේ චිත්‍ර A එකයි B එකයි පන්ති දෙක එකට දාලා උගන්නන නිසා A පන්තියට ගිහින්තමයි කට්ටිය ඉගෙන ගන්නේ.ඒ කියන්නේ ස්ටේජ් ඒක උඩ තිබ්බ පන්තියේ.

මේකි ලියුම ලියලා කොල්ලට කතා කරලා C පන්තියේ හිටපු.A පන්තියේ පිටිපස්සේ හිටපු කෙලෙක්ට කියලා කොල්ල පහලින් ආවම හිමීට ලියුම දෙන්න කියලා.මේකිත් පස්සවත් හැරෙන්නේ නැතිව ලියුම B එකේ පැත්තට දික් කරලා කොල්ල ගනීවි කියලා හිතන්.

ඒ වෙලේම මගේම පිනකටද කොහෙද; කොහේද  ඉඳන් කඩා  පාත් වෙලා තිබ්බා ධර්මසේන"සර්.ධර්මසේන කියන්නේ කලින් ශිෂ්‍ය නායකයෝ භාරව හිටපු අපිට සමාජ අධයයනය කරපු තවත් සහකාර විදුහල්පතිවරයෙක්.පොර විජේසුරිය සර් එක්ක පොඩි අවුලකින් හිටියේ අපේ ඉසුරුයි තව එකෙකුයි ආතල් එකට කරපු වැඩක් නිසා.ඒක පස්සේ දවසක කියන්නම්.

පොර ලියුම අතට අරගෙන කියෝලා වැඩේ ඔක්කොම ලීක් වෙලා.මූත් අනිත් සර් එක්ක වලි නිසාත් එකේ මගේ නම තිබ්බ නිසාත් මිනිහට වැඩක් දෙන්න පුළුවන් නිසා කේළම ගිහින් සද්දේ දාලා විජේසුරිය සර්ට කියලා.

අනේ ඔය කිසි දෙයක් දන්නැතුව සංගීතය  ඉවර වෙලා මම පන්තියට එනකොට පොඩි කොල්ලෙක් දුවල ඇවිත් මට කිව්වා "අයියේ අන්න විජයසුරිය සර් ඔයාට කතා කලා කියලා office එකට"කියලා.ඉතින් මම එහෙම්මම ගියා.

මම office එකට ඇතුල් වෙන කොටම තිළිණයා  ඉන්නවා කම්මුලත් ඉදිමෝගෙන බිම බලාගෙන.මට මීටර් උනා වැඩේ හරියටම හරි තමයි කියලා.ඒත් කව්ද යකෝ දන්නේ මේකි මටත් කෙලෝලයි කියලා.එතකොටම සර් මගෙන් අහපි තිළිණයා යාලු කාත් එක්කද කියලා.

දැන් වැඩේ ලීක් වෙලානේ ඉතින් මමත් කිව්වා "දමිතා  එක්ක සර්" කියලා.ඒ වෙලේම වැඩේට පෝර දාන්න ධර්මසේන කාරයත් එතැනට සෙට් උනා."තමුසෙලා දැන්ද ඕක කියන්නේ ශිෂ්‍ය නායකයෝ වෙලා" කියලා මු මට දෙක තුනක් නෙළුව අරුටත් වැඩ පෙන්නන්න වගේ.

එහෙම කියලා මු මට ලියුම පෙන්නුවා.අම්මට සිරි මේකේ මේකි මගේ නමත් ලියලා මේකිව දිවියම කාපියව් කියලා මට ලොකු තරහකුත් අවා.ඒත් පරක්කු වැඩිනේ."තමුසෙලට ශිෂ්‍ය නායක කම ගැලපෙන්නේ නැහැ" කියලා මු අර ධර්මසේන සර්ට පෙන්න වැඩර් වගේ මගේ ශිෂ්‍ය නායක බැජ්  ඒකත්  ගැලෙව්වා.

ගලෝල අපි දෙන්නට සර්ගේ office එකට වෙලා ඉන්න කියලා මු ඒ වෙලේම ගියා 11 වසරට ළමයිව එලියට දාලා රැස්වීමක් කැදෙව්වා.මුගේ රූම් එකේ ඉඳන් බැලුවම 11 වසර ඉස්සරහා රැස්වීම් ගන්න තැන හොදට පේනවා.

මු රැස්වීම අරන් අරකිටයි මූටයි පලු යන්න බැනලා  බැනලා  මගේ ගලෝපු  බැජ්  ඒකත් පෙන්න පෙන්න මගෙත් පලු යවනවා මට ඈතින් පෙනුනා. නවනින්ගිරාවයි මොනවා කරන්නද.තිළිණයා ඒ දිහා  බලන් මට සොරිත් කියනවා මට මල පැනල හිටියෙත් එවෙලේ.

කොහොම හරි මගේ බැජ් ඒක ගලෝපු සීන් එක අපේ මැඩම්ට ආරංචි වෙලා මැඩම් ඇවිල්ල විජේසුරිය සර්ට කියලා අපි ඔයගැන මැඩම්ට කලින් කියලා තිබ්බේ කියලා වැඩේ ශේපේ කරලා.කොහොම හරි රැස්වීමත් ඉවර වෙලා සර් ආයේ මුගේ රූම් එකට ඇවිත් අරුට දෙමව්පියෝ එක්කන් එන්න කියලා යවෝලා  මට කතා කලා.

කතා කරලා මු කියනවා "ඔයා වැරද්දක් කරලා නැහැ.මැඩම් එක්ක කියලනේ.ඒ නිසා මන් බැජ් ඒක දෙනවා.ඒත් මම බැජ් එක ගැලෙව්වේ අර මිනිහ ඉස්සරහනේ.ඒ නිසා බැජ් ඒක තියාගන්න මම සතියකින් විතර බැජ් ඒක ගහන්නම්"කියලා.

නොදකින් කියලා මට හිතුනා.ඇයි යකෝ මුළු 11 වසරම ඉස්සරහා මාව නොන්ඩි කරලා බැජ් ඒක සතියකින් ගහන්නම් කිව්වම.තව මු කියනවා බැජ් ඒක නැතුව ඩියුටිත් යන්න කියලා පෙරේතයා.මාත් ඉතින් කට වහගෙන බැජ් ඒක අරගෙන පන්තියට ගියා මොකද ඒ කාලේ ගැලෙව්වනම්  තියාගනින් මට එපා කියල කියන්න තරම් කටට පනක් තිබ්බ නැති නිසා.

හොදම වැඩේ උනේ පහු වෙනිදා.අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයන්ගේ ටයි එකේ Prefect කියලා ගහල තියනවා.මන් ටයි එකත් දාගෙන බෑග් එකත් එල්ලගෙන 7.25 ට විතර 11 වසර හෝල් එක ඉස්සරහා මිදුල දිගේ පන්තියට යනකොට පන්ති වල හිටපු කොල්ලොයි බල්ලොයි කෙල්ලොයි ඔක්කොම එලියට බැහැගෙන මං දිහායි ටයි එක දිහායි බලනවා.

මොකෝ office එක ඇතුලේ සර් මට කියපු ඒක උන් දන්නේ නැහැනේ.තවත් සමහර උන් මට කින්ඩිත් දානවා.මට මල පැනල පන්තියෙන් බෑග් එක තියලා  සමුපකාරෙට ගිහින් normal ටයි එකක් අරගෙන දාගත්තා.මොකද ඉස්කෝලේ කොල්ලෝ ඔක්කොම ටයි දාන එක අනිවාර්ය කරලා තිබ්බ නිසා.

පස්සේ සර් උදේ 11 වසරට ආපු වෙලේක මම normal ටයි එකකුත් දාගෙන පන්තිය ඇතුලේ ඉන්නවා දැකලා මට බැනලා පන්ති සෙට් එකටම ඇහෙන්න මට අනන් මනං කියලා අහු වෙන්න එපායි කියලා සද්දෙත් දාලා මාව ඩියුටිත් එලෙව්වා prefect ටයි එක දම්මවලා.

සතියකට විතර පස්සේ කට්ටිය ඉස්සරහා මට බැජ් ඒක ගැහුවා.ඒත් මට උනු නෝන්ඩිය එදා අද වගේ මතකයි.ඒ වගේම අපරාදේ normal ටයි එකට ගිය රුපියල් 110 ය.කතාව ලියන්න ගිහින් දිග වැඩි උනා.කියෝන කව්රුම හරි එක්කෙනෙක් ඉන්නවනම් සමාව ඉල්ලනවා ඒකට.      

19 comments:

  1. ඒ කාලේ හැටි ඔහොම තමයි

    ReplyDelete
  2. දිග වැඩි නෑ.. කුට්ටි කරනවට වැඩිය ඔක්කොම දාන එක හොඳයි.. එල කතාව..!!!

    ReplyDelete
  3. ශිෂ්‍ය නායකයකු වුනාම ඕවා පුරුදු වෙන්න ඔනේ.මගේ තුන් සැරයක්ද කොහෙද ගලෙව්වා.අන්තිම සැරේ උප ප්‍රධානත් ගැලෙව්වා.හැබැයි ඒ ගොල්ලන්ටම ආපහු දෙන්නත් වුණා ගෞරව ඇතිව මොකෝ බොරුවටයි අසාධරනේටයි වැඩි ආයුශ නැනේ.

    ReplyDelete
  4. @Sandaruwani:- ඒකනම් ඇත්ත ජිවිතේ ගතකරපු සුන්දරම කාලෙත් ඒකාලේ තමයි නේද...?? ගොඩ වැදිලා comment එකක් දාලා ගියාට බොහොම පින් සහෝදරි.....

    ..........................................................

    @ගිහාන් :- ගොඩ වැදිලා comment එකක් දාලා ගියාට බොහොම පින් සහෝදරයා.ඔයාලගේ අදහස් තමයි ලියන්න හයියක් දෙන්නේ.

    ..........................................................

    @sihinadanawwa :- ගොඩ වැදිලා comment එකක් දාලා ගියාට බොහොම පින් සහෝ.සහෝදරයා කියන කතාව සහතික ඇත්ත බොරුවටයි අසාධාරනේටයි වැඩි ආයුශ නැහැ.මොන උනත් ඒ වගේ එව්වා නිසා ජිවිතේට ලැබෙන අත්දැකීම්නම් හුගක් වටිනවා නේද..??

    මෙච්චර කල් මම බ්ලොග් වලට ගිහින් Comment දාලා තියෙනවා ඒ Anonymously විදිහට.මගේ බ්ලොග් අඩවියේ නමින් Comment කරන්න පුළුවන් කම තියනවා.අනිවාර්යෙන්ම මං සහෝදරයන්ගේ බ්ලොග් වලටත් ඇවිත් Comment කරන්න පුළුවන්.

    ReplyDelete
  5. අළුත් ගෙදරක් වගේ අද ලියලා තියන එකනම් හිතට ඇල්ලුවා දිගටම මේවගේ බ්ලොක්කට වදින ඒවා ලිවුවොත් මම නිතරම එන්නම්..

    ........................................

    ඔහොම තමයි බොස් පාසල් කාලේ ...

    ජය වේවා !!

    ReplyDelete
  6. @හිස් අහස :- බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට සහෝ. සහෝගේ හිස් අහස බොල්ග් අඩවිය මම හුග කලක ඉදන් කියවනවා.බ්ලොග් අවකාශයේ ගලා ගිය ලස්සන ආදර අන්දරයක් බොහොම සතුටින් මාත් කියවල රස වින්දා.ඒත් අද ජීවිතය කියන්නේ සමහර වෙලාවට සරදමක් සහෝ.මටත් පරාජය වීම නොඅඩුව ලැබිල තියෙනවා.දුන්න දේවල් උදුරාගෙන තියෙනවා.නිර්නාමිකව සහෝගේ බ්ලොග් අඩවියේ comment කලේ මට මගේ බ්ලොග් එක ඒ විදිහට ප්‍රචාරයක් කර ගන්න ඕන නැති උන නිසයි.ඒත් මින් මතුවට සහෝගේ අඩවියෙත් මගේ නමින් comment කරන්න පුළුවන්.බලා පොරොත්තු වෙන බොක්කටම දැනෙන කතා දිගටම ලියන්න බලා පොරොත්තු වෙනවා.ඔබට ජය...!!!

    ReplyDelete
  7. මට දුක මේකයි, මෙච්චර දෙයක් වෙලත් අපරාජිතයා ට හිතිලා නෑ, ඔය ශිෂ්‍ය නායක කියන ජොබ් එකේ නියම තේරුම.

    ශිෂ්‍ය නායක කමේ ඇති නායකත්වයක් නෑ. ඕක ගුරුවරුන්ට කඩේ යන කොල්ලන්ට කියන නමක්. ඒකනේ, අර එක ගුරුවරයෙක් කියලා තියෙන්නේ මෙහෙම.
    "තමුසෙලට ශිෂ්‍ය නායක කම ගැලපෙන්නේ නැහැ!"

    ඒකෙන් පැහැදිලියි ඔය නායක කමේ නියම තේරුම ගුරුවරුන්ට පක්කලි කම් කරන එකය කියන එක.

    මෙන්න මේවා බලන්න.

    1. ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝ ද?

    2. ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝ ද? - අවලාද වලට පිලිතුරු!

    ReplyDelete
  8. @Kathandara:- ඔව් බං මම A/L කරද්දී නිදහසේ හිටිය ඔය මගුල කරන්නේ නැතිව.මටම එපා උනා බං ඕක හින්ද කාපු පෝරියල් නිසා.උබ කියලා තියෙන දේවල්වලට 99.99% කුත් තව 0.01% කුත් එහෙම්මම දෙන්න පුළුවන්. එළකිරි ලින්ක්ස් දෙකට අනිවා ගිහින් බලන්නම්..

    අනික බං උන් ප්‍රදාන ඔලුකරයව (Head Prefect) තෝරන්නේ පන්දමට පක්කිලි කම් වලට හොදම ගොඩක්ම සල්ලි තියන බුවාවනේ....

    ReplyDelete
  9. ඒවා ගනන් ගන්න එපා මලේ... ඔය ගුරු වලි වලට අපිත් මූණ දීල තියේ.....

    ReplyDelete
  10. මේ ලිපියට අවෙ අර ෆෝන් ලිපියෙන් , අපේ ඉස්කෝලෙත් මිශ්‍ර පාසලක් අපේ දිස්ත්‍රික්කෙ ප්‍රධානම පාසලක් උනත් ඔයිට වඩා මාර නිදහක් තිබ්බ , කොල්ලො කෙල්ලො ඔනි තරම් ලව් කලා , මාත් ට්‍රයි කරා එක කෙල්ලෙකුට සැහෙන කාලයක්. නියෝජ්‍ය විදුහල්පති දක්වා හැමෝම(ගොඩ දෙනෙක් ) සීන් එක දන්නවා , හැබැයි පන්ති නායක , ශිෂ්‍ය නායක ඇතුලු ඉස්කොලෙ ගොඩක් වගකීම් දරන්න ඒක ප්‍රශ්නයක් උනේ නැ , සම්බන්ද කම් තිබුන අයටත් එහෙමයි (ඉඳල හිටල කෙස් ඇදපු මිස් ල දෙන්නෙක් තුන්දෙනෙක් හිටිය ) නමුත් බහුතරයක් ගුරුවරුන්ට මේව මෙ වයසෙ දේවල් කියල අවබෝධයක් තිබුනා , උදාහරනයක් - 11 වසර ට්‍රිප් එක යන කොට මම ට්‍රයි කරපු ගැනු ලමයව අපි ගිය බස් එකටම දාගන්න මම සැහෙන ට්‍රයි එකක් දුන්න , මොකද එයා හිටියෙ අල්ලපු පන්තියටත් එහා පන්තියක , කෙල්ල්ව තනියෙන් ගන්නයැ මුලු පන්තියම ගන්නත් එපායැ , අනික ට්‍රයි විතරක් නිසා කෙල්ලගෙ පැත්තෙන් සපෝර්ට් එකක් නැහැනෙ , කොහොම හරි ,නියම විදිහට නම් අපිට සෙට් වෙන්න ඔනි පන්තියත් මඟ ඇරල ලයිස්තුව හදාගත්තා , හොඳ වෙලාවට කෙල්ල හිටියෙ අන්තිම පන්තියෙ නිසා ,ඒක දෙකට කඩල දාන්න තමයි වෙන්නෙ බස් එකට , බස් තුනක් ගමනට යනව . නියම පිලිවෙලට ලයිස්තුව් කලා නම් ඒ පන්තියෙ ට්‍රිප් එක යන ලමයි ගාන දකට බෙදන්න තිබුනා , මම වැඩෙ වෙනස් කරල නේ, ඒ නිසා අපේ බස් එකට ගත්තෙ ඒ පන්තියෙත් ඊට අල්ලපු පන්තියෙත් ගැනු ලමයි ටික , අපේ පන්තියේ ගැනු ලමයි ටික වෙන එකකද කොහෙද . ඒත් අපේ අංශ ප්‍රධාන සර් මගේ සිද්ධිය දන්න නිසා එහෙට මෙහෙට කරපු ලයිස්තුව එහෙමම තියෙන්න ඇරියා , හැබැයි වෙන සීන් එකක් වෙලා අර ගැනු ලමය බස් දෙකක් අතර මාරු උනා ( ඒ සිද්දිය වෙනම කතාවක් ) , හැබැයි අර සර්ගේ පිහිටත් ඇතුව අයෙමත් මං ගිය බස් එකටම ගන්න පුලුවන් උනා , ඔය ට්‍රිප් එකෙන් පස්සෙ ඉස්කොලෙන් බාගයක් විතර මගෙ ට්‍රයි එක දැනගත්ත හැබැයි ඉඳල හිටල නෝන්ඩියක් කලා මිසක් කිසි අව්ලක් උනෙ නැහැ , හැබැයි ඉතින් කෙල්ල යාලු උනෙත් නැ .

    ReplyDelete
  11. ..ChAnDiKa.. :- ඔව් බන් සහෝ ඔය කටු කාලා කාලම එපා වෙලා හිටියේ ඒකාලේ........

    ReplyDelete
  12. buwa:- හප්පට සිරි අඩෝ මොකක්ද බං ඉස්කෝලේ පට්ට ආතල්නේ බං.සුවර් එකටම බුවාට ඔච්චර සබ් එකක් හම්බුවෙන්න ඇත්තේ බුවා ඉස්කෝලේ හොද නම තියන් හිටි බුවෙක් වෙන්න ඇති.අපරාදේ නොවැ කෙල්ල සෙට් නොවුණු එක.............

    ReplyDelete
  13. මට විශේෂ නරක නමක් තිබ්බෙ නම් නැ . ඒත් ඇති හොඳකුත් නැ අපේ පන්තිය තමා අපේ වයසේ 10/11 වසර නරකම පන්තිය , 10 වසරෙදි පන්ති නායක මම . 9 වසරෙදි ප්‍රින්සිපල්ට විරුද්ධව ස්ට්‍රයික් එකකුත් තිබ්බ අපේ පන්තිය තමයි පටන් ගත්තේ( ඒක තනි දවසෙ පොඩි එකක් ) , ඊට පස්සෙ මහා දැවැන්ත ඉස්ට්‍රයි එකක් ඇවිල්ලා පිනාව එලෙව්වා . ඒකටත් කොට කලිසම් අඳින උන්ගෙන් මුලින්ම බැස්සෙ අපෙ පන්තිය , පිනාගේ පඹයෙක් අරගෙන ගියා ගිනි තියන්න අපේ පන්තියෙ කොල්ලො දෙන්නෙක් තමයි ඒක වැඩි වෙලාවක් කරගහගෙන ගියේ , , 10 වසරින් 11 වසරට එනකොට ගුරුවරු මාරු කරන්නෙ නැති උනත් අපේ ගුරුවරු ගොඩක් මාරු කලා හේතුව 10 වසරෙ අපිට උගන්නපු අය අපිට තව අවුරුද්දක් උගන්නන්න බැ කියපු එක , ඔන්න අපේ පන්තියෙ කඩ් එකේ තරම , ඉතින් ඒ පන්තියෙ ලමයෙක් විදිහට මං ගැනත් ලොකු හොඳක් හිතන්න විදිහක් නැ මචෝ..... කොහොම උනත් අපේ ස්කෝලේ ලව් සීන් වලට් එච්චර අව්ලක් නැ , අනවශ්‍ය වැඩ කරල මාට්ටු නොවෙනව නම් එච්චරයි. අර කිව්ව සිද්ධිය නම් පොඩි අතිරේක සපොර්ට් එකක් ඒව නැතත් ලව් කරන එකෙකුට ශේප් එකේ කරගෙන යන්න පුලුවන් ... කෙල්ල යාලු නොවුන එක හොඳයි කියල දැන් හිතෙනව , එයා ලස්සන උනත් සමහර හොඳ ගතිගුන තිබුනා උනත් නොගැලපීම් ගොඩක් තියනව , පැනි කාලෙට ඕව පෙන්නෙ නැනෙ ,දැනුත් එයා යාලුවෙක් විදිහට ඇසුරු කරනව

    ReplyDelete
  14. @buwa:- හප්පට සිරි බලන් යද්දී බුවත් හෙන විප්ලවවාදී වාදියෙක් නොවැ. අද මොකක්ද බන් ඔය ඉස්කෝලේ හැබැවටම හික් හික්.... මාර ආතල් නොවැ අරගෙන තියෙන්නේ.එල එල කොල්ලෙක් උනහම අලෙ බාල පොත බැදන් හිටියම මෙලෝ රහක් නැහැ ඔහොම අටල් ගන්න ඕනා තමයි... කෙල්ලෝ ගැනනම් ඉතින් කියල වැඩක් නැහැ....හික් හික්..... ලස්සන තිබ්බට මෙලෝම රහක් නැති හරිම අප්පිරිය කෙල්ලෝ තමයි වැඩිපුරම ඉන්නේ.... හැබෑටම තාමත් යාලුවට තියන් ඉන්න එකේ මොකුත් චාන්ස් එකක් එහෙම ලැබුනේ නැතැයි......??

    ReplyDelete
  15. ඉස්කොලෙ නම කියන්න නම් බැ මචෝ..... යාලුවෙක්ය කිව්වෙ නිතර දෙවේලේ කතා බස් කරන බොක්ක ෆිට් එකක් නෙවෙයි නිකන් සාමාන්‍ය යාලු කමක් . ඔය එක් දවස් විප්ලවේට මුල් උනේ මම ( එතකොටත් පන්ති නායක මම ) , ලොකු උන්ගෙ විප්ලවවේට නම් බැහැල් වැඩ කරන්න ලැබුනේ නැ ,ඒකේ උච්චතම අවස්ථාව යන දවසෙ ඉස්කෝලෙ කලබල කියල ආරංචිවෙලා අම්ම ඇවිල්ල ගෙදර ඇදගෙන ගියා මාව , හි හි ..ආ තව විප්ලවයක් කලා ඒ අන්තිමට හිටිය ප්‍රින්සිපල් සර්ට විරුද්ධව පොර හරි අහිංසක මනුස්සය අපේ උන්ට වෙන වැඩක් නැතුවද කොහෙද ඒ විප්ලවේ ලැස්ති කරල තිබුනේ , ඔන්න මම දවසක් මම ඔය විප්ලව මගුලක් දන්නෙ නැතුව දවස් 3 කට පස්සෙ බ්‍රහස්පතින්දාවක් ගියා යන කොට ගේට්ටුව ගාවදි තමා සීන් එක දන්නෙ , මුන් කියනව මචන් මෙන්න මේ ඉල්ලීම් වලට අපි ස්ට්‍රයික් මේ ඉල්ලීම් ටික පිනාට කියහන් කියල , ඒ ටික දැක්කෙත් ඒ වෙලාවෙ , ගාථා කියන වෙලාවෙ එහෙන් මෙහෙන් බලාගෙන පොරවගේ ගිහින් ඉල්ලීම් ඉදිරිපත් කලා . හරියට මුල ඉඳන් ගේමෙ හිටිය එකා වගේ , හැබැයි එතනින් එහාට නම් වැඩිය දුර මම ඒක පස්සෙ ගියේ නැ , මට මතක විදිහට මට ස්කොලෙ වෙන මොකක් හරි වැඩක් තිබුනා ඒකයි.අර ඉල්ලීම් වලින් දෙක තුනකුත් ලැබුනා ..ඉන් එකක් තමයි අපි 11 වසර ඉද්දි(11 වසර අන්තිමට ) අපිත් වලියක් දාගැනීම නිසා අහෝසි කරල තිබුන ශිෂ‍ය නායක සංසදය පිහිටුවීම ..ටිකක් විතර විප්ලව වාදියි තමයි නෙ :D

    ReplyDelete
  16. අඩෝ අවුලක් නැහැ මචන් මං නිකමට ඉස්කෝලේ නම ඇහුවේ.මාත් කියන්නේ නැහැනොව ඉස්කෝලේ නම.මොකටද නිකන් එකේ නම කැත කොරන්නේ.හබ්බට බෝල බලන් යද්දී බුවා තමයි නියම බුවා....... විප්ලව වාදියෙක් නොව මේකා.අපිනම් ඔව්ව කලානම් අපේ පිනා ෂුවර් එකටම බෝඩ් එකක් එල්ලලා අව්වේ හිටෝලා තියනවා පැය 3 ක් විතර පස්සේ කැන්ටිමට ගිහින් බඩ පිරෙන්න කන්න කියනවා පිනාගේ ගානේ.අපේ එකානම් ලෝකේ කාල වතුර බීපු බුවෙක්.උ තාමත් ඒ ඉස්කෝලෙම යස අගේට ඉන්නවා නොවැ.දැන් මිනිහගේ සේවා කාලේ අවුරුදු 10 ක් ඉස්කොලෙටම. 5 කින් ගියේ නැතුව හිටියා.කොටින්ම ඌ නිකන් ගෝරිල්ලෙක් වගේ හමුදාවේ හිටපු කර්නල් කෙනෙක්ලු.ඕක 13 වසර පැත්තේ ඇවිද්දත් කොල්ලෝ අන්න ගෝරිල්ල එනෝ කියල ගණිබවනය වෙලා යනවා එච්චරටම ඌට කට්ටිය බයයි.කොටින්ම දැන් ඉස්කෝලේ විබාගෙට ඇඩ්මිෂන් සයින් කොරද්දී බන් ඉස්කෝලේ වටේ සිවිල් ඇදුමින් පොලිසියේ උන්වත් දම්මනවා මිනිහා ඌ එච්චරටම පොරක්.

    ReplyDelete
  17. අපේ ස්කොලෙටත් දැන් ඇවිල්ල ඉන්න එකා , ටිකක් සැරලු .අපිට නම් අව්ලක් නැ අස්වීමෙ සහතිකේ ගන්න ගිය දවසෙ හරි හිතවත්ව කතා කලා , මොන දේ උනත් ඒක තමයි අපේ ජීවිතේ ලස්සනම කාලේ නේ :)

    ReplyDelete
  18. ඔව් බං අපි ඒ කාලේ ඉස්කෝලේ කට්ටි පනින කොට කට් පාර දාලා එහෙ මෙහෙ යන කොට ඉස්කෝලේ මඩම්ලා සර්ලා කිව්වා දවසක ඔයාලට දුක හිතේවි කියලා ඉස්කෝලේ මතක් වෙද්දී.ඔව් බං ජිවිතේ ගෙවපු සුන්දරම කාලේ බං.එක බත් එකට පොර කද්දී.එකට ගුටි කද්දී... කියන්න බහ බං මතක් වෙද්දීත් දුක හිතෙනවා..

    ReplyDelete
  19. මක්කරන්නද බන්! Prefect බැජ් එක ගහගන්නව කියන්නෙ බෙල්ල කපා ගන්නව වගේ වැඩක්!

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........