Saturday, January 29, 2011

වතුර නැතුව......


අද කියන්න යන්නේ අපේ සෙට් එකේ ඉන්න කොල්ලෙක්ට වෙච්ච පොඩි සීන් එකක්.ඇත්ත නම කියන්න බැරි හින්දා අපි ඩයල් එකට "ඉසුරු" කියල කියමු.

හැමෝම දන්නවනේ ඉස්කෝලේ ගිහිල්ල 9 වසරට විතර වෙනකන් පන්තියේ ඉන්නේ මීයාට පිම්බා වගේ තමයි.ඒත් 10-11 වසර වලට ආපු ගමන් ඉස්කෝලේ කියන්නේ ආතල් විමානයක්.අපේ ඉස්කෝලෙත් 9 වසරින් පන්ති කැඩුනා.කැඩුනට පස්සේ තමයි ඉසුරුල අපි එකට සෙට් උනේ.ඉතින් ඒ කලේ අපි හිටියේ මුළු පන්ති සෙට් එකම හොල්ලගෙන තමයි.

O/L පාස් වෙලා මම ගියා Bio කරන්න, මු ගියා  Maths කරන්න.ඒත් Chemistry & Physics දෙකට අපි ගියේ ගම්පහ එකම පන්ති වලට.ඒත් Maths වලට මූ ගියේ මීගමුවේ පන්තියකට.ඒ  ආයතනයේ නම උනේ "Surds" කියල එකක්.මූ ගියේ හුගක් කට්ටිය දන්නා ගුරුවරයෙක් ගාවට.සර් නමින් "දුෂ්‍යන්ත මහබදුගේ".

ගුරුවරයෙක් හැටියටනම් සර් කොහොම කෙනෙක්ද කියන්න මම දන්නේ නම් නැහැ.එත් අපේ සෙට් එකේ උන් කියන විදිහටනම් සර් නිසා හුඟක් එවුන් කැම්පස් ගිහිල්ල තියනවලු.මනුස්සයෙක් හැටියටනම් ගොඩක් උගත් කෙනෙක් කියල මම දන්නවා.

අපේ උන් කියන විදිහට පන්තියේ ඉන්න කොල්ලෝ මොකක් හරි මගුලක් කරලා සර්ව මල පැන්නුවොතින් එහෙම එදාට මුළු පන්තියටම ලුණු ඇඹුල් ඇතිව සුද්ද සිංහල වාග් මාලාවක්  නන්-ස්ටොප් අහගන්න පුළුවන්ලු.

ඔන්න මේ කියන සිද්දියත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් වෙච්ච දවසක.කට්ටියම දන්නවනේ ඔය O/L වගේ නෙමෙයිනේ A/L පන්ති කෙරුවාව එක දිගට පැය  3-4 පන්ති කරනවනේ.ඒක හින්දා අතර මැද්දෙන් පොඩි විවේක කාලයක් දෙනවා කඩේට ගිහින් ගල් බනිසක් කාලා  ප්ලේන් ටී එකක් ගහල එන්න.

කොහොමත් විවේක කාලය ලං වෙද්දී ලං වෙද්දී ඇතුලේ ඉන්න එවුන් නලියන්න ගන්නවනේ ඉඳල ඉඳල එපා වෙලාම.ඔන්න දවසක් ඔහොම පන්තිය කරගෙන යද්දී විවෙකෙට ලං වෙන්න ගත්තම පන්තියේ කොල්ලෝ ඕනවට වැඩියෙන් සද්දේ දාලා.සර්ට ඕකට මල පැනලා බනින්න ගත්තලු.

"අ"යන්නෙන් පටන් ගත්ත බැනිල්ල ඉංග්‍රීසි හෝඩියේ "Z" වෙනකන්ම නැගලා යනවලු.ඔන්න ඔය අතරේ පන්තියේ කොනකට වෙලා වාඩි  වෙලා හිටපු අපේ ඉසුරුට පොඩි ශාරීරික අවශ්‍යතාවයක් පැන නැගෙන්න ගත්තලු.

මු ඉතින් හූල්ල හූල්ල බලන් ඉන්නවලු දැන් එලියට යන්න දේවි දැන් එලියට යන්න දේවි කියලා.සර් නවත්තන්නෙත් නැතිලු.මුට ඉතින් නැගිටලා යන්නත් මොකක්ද මොකක්ද වගේලු.මොකද පන්තියේ කෙල්ලොත් ඉන්නවනේ.

ඉවසල ඉවසල බැරිම තැන පුරුෂ දහිරිය අරන් නැගිටලා කොර ගගහ පන්තියේ ඉස්සරහට ගිහින් සර්ට කියලා එලියට ගියාලු මොකද තවත් බලන් හිටියොත් පන්තිදීම නොන්ඩි වෙන්න උනොත් කියලා හිතල.ඊට පස්සේ තමයි හොදම හරිය වෙලා තියෙන්නේ.තිබිච්ච තදියමට මූ දුවල ගිහින් වැසිකිලිය අස්සට රින්ගුවලු.

ඔන්න ඉතින් ඊට පස්සේ වක්කඩේ කැඩුවා වගේ මූ මුගේ වැඩේ කරනවලු.කරලා ඉවර වෙලාලු මුට මතක් උනේ හදිස්සියට ඇතුලට රින්ගුවට මොකද හෝද ගන්න වතුර එකක්වත්  පුරවා ගත්තේ නැහැනේ කියලා.

ඉතින් වැඩේ ඉවර වෙලා සාමකාමිව ලොකු සටනක් ජයගත්තු වීර සෙබලක් වගේ වතුර එකක් පුරවගන්න මු වැසිකිලියේ තිබ්බ ටැප් එකට බාල්දිය ලංකරලා කරමේ කරකවන්න ගත්තලු.

හුටා මූ කරකනවා කරකනවා වතුර එන්නේ නැතිලු.මිගමුව ගැන දන්න අය දන්නා දෙයක් තමයි මීගමුවේ වෝටර්  බෝඩ් එකට වතුර කපන නොකපන වෙලාවල් ගැන එච්චර පාලනයක් නැති විත්තිය.මුගේ මොකක්ද පෙර පිනකට එදා ඒ වෙලේම හරියට වතුර කපපු වේලවක්ලු.

මු ඉතින් වෝටර් බෝඩ් එකේ එවුන්ගේ අම්ම මුත්තත් සිහි කරගෙන ඇතුලට වෙලා කර කියා ගන්න දෙයක් නැතිව අසරණ ලෙස කල්පනා කර කර ඉන්නවලු නන්නත්තාර වෙලා.

ඉසුරු කියන්නේ ටිකක් උස මහත ඩයල් එකක්.මූ ටිකක් වෙලා කල්පනා කර කර  ඉදලා කකුල් දෙකේ ඇගිලි වලින් ඉස්සිලා බැලුවාලු වැසිකිලියේ පසුපස තියෙන කව්ලුවෙන්.මුට පෙනුනලු ඔය වතු පාලු වගේ  වැල් වගයක් එල්ලී එල්ලී තියනවා එහා පැත්තේ.

මු ටික වෙලාවක් ඉදලා ෆුල්  වැර දාලා උඩ පැනලා අත එලියට දාලා වැල් ටිකක් ගලෝල අරගෙන පස්ස පැත්ත පිහා ගත්තලු හිමිහිට.පස්සේ කලිසමත් ඇදගෙනම එලියට බහින කොට සර් ඉන්ටෙර්වෙල් ඒක දීල කොල්ලෝ එලියට බැහැගෙන ඉන්නවලු.මු පන්තියට කෙලින්ම ගියාලු පොත්ටික අතට ගත්තලු හිමීට පන්තියෙන් මාරු වෙලා ගෙදර ගියාලු.

යන ගමන් පාර දිගට මූ ගියේ  ඉතින් කිරි පණු ගාය හැදුනු එකෙක් වගේ ඇඹරි ඇඹරි කියලා ඔය සීන් ඒක ආරංචි වෙච්ච උන් හැමෝම පස්සේ කියන්න ගත්තා.අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඔය නොදන්න වැල් Toilet Paper කියලා හිතන් පිහලා යන කොට මූට  වෙන්න ඇති දේ.

අන්තිමට වතුර නැතිව Toilet එකේ හිටපු ඒක සැපයි කියලා හිතෙන්න ඇති කියලනම් ෂුවර්....

5 comments:

  1. කක්කි කතාවක් නේද? මේ ගොඩට දාමු!

    kathandara.blogspot.com/2010/07/blog-post_26.html

    ReplyDelete
  2. @Kathandara:- ඕක මං කියෙව්වා කලින් දවසක සහෝ.ඔයාගේ චු කතා සීරීස් එක, කක්කි කතා සීරීස් එක, අලුතෙන් යන්නු ගත්තු පඩ කතා සීරීස් එක නියමයි ඈ.....

    ReplyDelete
  3. මමත් ඔය සර්ගෙ පන්ති ගියා නුගේගොඩ පට්ට ආතල් බුවා ..ඉඳල හිටල ස්ද්දයක් දානව තමයි , ඒ උනාට ඒ තරම් නිරායාසයෙන් විහිලුවක් එක්ක උගන්නන පුලුවන් ගුරුවරයෙක් මම දැකල නැ , වැදගත්ම දේ මේ එක විහිලුවක් වත් කුණුහරුප නම් නෙවෙයි

    ReplyDelete
  4. buwa:- සිරා සිරා මමනම් කලේ බයෝ එත් අපේ මැත්ස් කල එවුන් ඇවිත් බුවාගේ ටෝල්ක්ස් රිපීට් කරන කොට අපිටත් හිනා යන කතා තමයි කියලා තියෙන්නේ... හැබැයි ඉතින් මල පැන්නමත් කුණු හරුප වලින් කාටවත් දෙවෙනි නැහැයි කියලත් අපේ උන් කියල තියනවා.

    ReplyDelete
  5. එක දවසක් පස්ස පිහදාපු ඉසුරුට ඔහොම නම් හැමදාම පිහදාන සුදු ඇත්තෝ කොහොම ඇත්ද ........

    හොඳට හිනා ගියා ..... එල ......

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........