Friday, January 21, 2011

හිමි නොවූ ආදරය.....


මුලින්ම බ්ලොග් එක පටන්ගන්න කියල හිතුවේ මට මුලින්ම කෙල්ලෙක් ගැන හැඟීමක් කියල දෙයක් ඇති උන කාලේ ගැන පොඩ්ඩක් මතක් කරලා.

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ පොඩි එවුන් වගේ ඉන්න කාලේ කොල්ලන්ට මේ ලෝකේ පෙන්නන්නම බැරි සත්තු ජාතිය තමයි ගැහැණු ළමයි.මගෙත් මොකක් හරි වාසනාවකට හරි අවාසනාවකට හරි මම O/L වෙනකන් ගියේ ම්ශ්‍ර පාසලකට.ඉතින් හැම එකාටම වෙනවා වගේ 1 වසර කාලේදී පන්තියේ කව්රුත් එකයි.කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම යාලුවෝ තමයි.

එත් ක්‍රමානුකුලව ටික ටික දේහ පරිමාව වැඩි වෙද්දී ඉන්න යාලුවෝ ගාන ටික ටික අඩු වෙනවා.බොහෝ විට ඔක්කොම යාලුවෝ කොල්ලෝ.කෙල්ලන්ව පෙන්නන්නවත් බැහැ.ඒකාලේ තයි මරු;කොණ්ඩයක් පීරන්නේ නැහැ,සපත්තුවක් පොලිෂ් කරන්නේ නැහැ.අනික කලිසම් ෂර්ට් හපුටු පාට වෙනකන් දාඩිය පෙරාගෙන හඬු ගඳ ගගහා ඉන්නවා ෆුල්  ආතල් එකේ.

එත් කර දඬු ටිකක් උස්මහත් වෙලා කුරුලෑවක් දෙකක් මතු වෙන්න ගත්ත ගමන් කොහෙද හැංගිලා තිබිච්ච මනමාල කමක් ඔලුවට දිෂ්ටි වෙනවා. ඔන්න ඔය අතරේ තමයි එහෙන් මෙහෙන් දසුනට අහුවෙන කෙල්ලෙක්ව මීටරේට වැටෙන්න  පටන්  ගන්නේ.ඒ වෙනකොට එක බත් පත බෙදන් කාපු එකට හිටිය යාලුවන්ටත් වඩා කෙල්ලව ලොකු වෙන්න ගන්නවා.

සමහර වෙලාවට ඔය වගේ ලව් කේස් වලට බොක්කෙන්ම උදව් කරන යාලුවෝ සෙට් එකකුත් සෙට් වෙනවා තම තමන්ගේ පව් පින් පල දීලා.එත් සමහර වෙලාවට එකම කෙල්ලට එකම සෙට් එකේ දෙන්නෙක්  විතරත් බහිනවා ගේමට.ඒවගේ වෙලාවට යාලුකම ඉවර වෙන්නේ සෙට් එකත් දෙකට බෙදිලා හෙන ගාල ගෝට්ටියකින්.

මම 9 වසරදී මට ස්කුල් එකේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න පොඩි පොටක් පාත් උනා.එක නිසා කාපු කටුත් එමටයි වෙලාව තියෙන තියෙන විදිහට ඒවත් ටික ටික දාන්නම්.කාලයත් ගෙවී ගියා මම 11 වසරටත් සැපත් උනා.11 වසරදී මට ඩියුටි සෙට් උනේ 10 වසර පන්ති වල.පන්ති 6ක් තිබ්බා.11 වසරින් මායි තව  එකෙකුයි තමයි ඩියුටි වලට සෙට් උනේ.ඉදල හිටලා තමයි ජේෂ්ටයෙක් ඒ පැත්තට සැපත් උනේ ඒක නිසා අපි දෙන්න තමයි මුළු 10 වසරම  රන් කලේ මුළු අවුරුද්දම.පට්ට ආතල් ඇයි දෙයියනේ ලස්සන ලස්සන නංගිලා ඉන්නවනේ.

මම නම් ගිය වෙලේ ඉදන් කරන්නේ 10 වසර කොල්ලෝ එක්ක බිත්තියකට හේත්තු වෙලා කයිය ගහන එක.අරුත් ඒවගේ තමයි.ජෙෂ්ටයෙක් ඒ පැත්තට සැපත් වෙනවනම් තමයි අපිත් සද්දේ දාලා වැඩ එහෙම බලන්නේ.ඔන්න ඔය ඩියුටි කරන අතර තුරේ තමයි මට එයාව ඉස්සෙල්ලම නෙත ගැටුනේ.

ඇත්ත නම කියන්න බැහැනේ එයට අපි "මධුෂිකා" කියල කියමු.ඊට පස්සේ ඉදන් මම ඩියුටි කලේ වැඩිපුර ඒ පන්තියේම තමයි ඉතින්. මුණ පේන්න සපත්තු එහෙම මැදලා හොරෙන් ජෙල් ගාලා එයට උඩින් පොල්තෙල් ගාලා තමයි ඒ කාලේ ඩියුටි ගියෙත්.පොල්තෙල් ගාන්න හේතුව තමයි ඉතින් මුළු 10 වසරේම සෙට් එකේ කොල්ලෝ ආගම අදහලා  පෝලිමේ පන්ති වලට යද්දී උන්ගේ කොන්ඩෙ චෙක් කොරලා ජෙල් ගාලා තියෙන උන්ව නාවන පෝරියල් එක සෙට් වෙලා තිබ්බේ මට නිසයි.

ඔන්න ඔහොම කාලය ගෙවිල ගියා ඔය අතර තුරේ මම ෆුල් ට්‍රයි කලේ ඒ මධුෂිකාගෙන් ලකුණු දාගන්න තමයි.ඒත් ලකුණු දාගත්තට  වඩා උනේ මම කරපු ගොන් වැඩ වලින්,10 කොල්ලෝ එක්ක එකතු වෙලා ශිෂ්‍ය නායක කමත් තියන් පිස්සු කෙලපු එකෙන් මගේ තිබුණු ලකුණුත් කැපුණු එක.

ශිෂ්‍ය නායක කමත් තියන් කෙල්ලෙක්ට ලයින් දාන එක කව්රුත් දැනගත්තොත් මට චා වගේ නිසා ලඟම යාලුවෙක්ටවත් නොකිය තමයි මම තනියම ගේමට බැස්සේ.

ඔන්න ටික ටික මගේ සා.පෙ.ටත් කාලය ලං ලං උනා.මතක විදිහට 2005 නොවැම්බර් 24 වෙනිදා වගේ මතකයි.O/L ලග නිසා වෙන මගුලක් වෙන්නේ නැතැයි කියල මම ඒ ගෑනු ළමයාගෙන් යාලු වෙන්න ඇහුවා.අරම අහනවා මෙහෙම අහනවා කියලා දහස් පාරක් ගෙදර කන්නාඩිය ඉස්සරහ ප්‍රැක්ටිස් වෙලා ගියාට මොකෝ එයා ඉස්සරහදි සකල සර්වාන්ගේම හිරි වැටිලා ගොත ගැහිලා ගියා.

අනික ඒ කාලේ කෙල්ලෙක්ට දැනෙන්න නාඩියටම දෙන්න දන්නෙත් නැහැනේ.අන්තිමට එයාගේ උත්තරය උනේ එයාට තව ඉගෙන ගන්න ඕනි කියන එක තමයි.මම ඉතින් හිතා ගත්තා කමක් නැහැ එහෙනම් මෙයාගෙන් A/L ඉවර වෙලාවත් ඇවිත් යාලු වෙන්න අහනවා දැන් ඉගෙන ගන්න දීලා කියලා හිතන් මම වෙන් වෙලා ගියා.

ඔහොම කාලය ගෙවිල ගියා O/L පාස් වෙලා මම කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙකට ගියා.ඉස්කෝලෙ වෙනස් කරන්න හේතු ගොඩක් තිබ්බා.ඒ හේතු ටිකෙන් ප්‍රධානම හේතුවක් උනේ මේ කෙල්ල තමයි.ඒක  අදටත් මගේ යාලුවෝ දන්නේ නැහැ.

ඔන්න ඉතින් මම A/L සුපුරුදු පරිදී කරගෙන ගියා.හැබැයි ගෙවෙන හැම තත්පරයක්ම මධුෂිකා ගැනම හිත හිතා.A/L වලට ඉතින් හැම එකාම වගේ පුද්ගලික පන්ති වලට යනවනේ මමත් ඉතින් ගියා.ගියේ ගම්පහ පන්ති 3 කට.හිතේ  මධුෂිකා ඒ කාලේ වෙන කොටත් පැල පදියම් වෙලා හිටපු නිසා වෙන කෙල්ලෝ දිහා බැලුවත් ඉතින් ලයින් දාන්න හිතුනේ නැහැ. ඔහොම අවුරුද්දක් විතර පන්ති ගියා.

O/L ඉවර වෙලා මගේ වෙලාවකටම  මධුෂිකාත් පන්ති ආවේ ගම්පහමයි. ඉතින් එයාව දවසක් දැක්කට පස්සේ කණාවට වගේ මම දවස් දෙකක් විතර පස්සෙන් ගියා.ඒත් වැඩේ හරි ගියේ නැහැ ඒත් මාත් අත ඇරියේ නැහැ එයා ගැන හිතේ තියන් හිටියා.

දවසක් මම පන්ති ඇරිලා හදිස්සියෙන් යද්දී  මධුෂිකා කොල්ලෙක් එක්ක එනවා අත් වැල් පටලාගෙන ගම්පහ පාරක් දිගේ.මගේ කකුල් දෙක හිරි වැටුනා වගේ උනා  එයා  යාලු වෙලා හිටිය කොල්ලා මම පස්සේ ගියපු ඉස්කෝලෙම අපිට බාල පන්තියේ හිටපු කොල්ලෙක්.

දැන් මේක මෙහෙම කිව්වට ඒ වෙලේ මට දැනුනු හැගීම කියන්න බැහැ  බොලව්.එදා මම ගෙදර ගියත් හිටියෙත් ෆුල් අප්සට් එකේ.එදායින් පස්සේ මධුෂිකාගේ ආදර කතාවේ චැප්ටර් ක්ලොස් උනා.

පසුව ලියමි :- එදාට පස්සේ කොච්චර දේවල් වෙනස් උනාද. ඒ කාලේ මට හරියට කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ කොහොමද කියලවත් අවබෝධයක් තිබ්බේ නැහැ.ඊට පස්සේ ජීවිතේට ගොඩක් කට්ටිය අවා.මන් මේ ටික  කියන්නේ කිසිම ඊරිසියාවක් නිසා නම් නෙමෙයි.මධුෂිකා  ඒ වෙන කොටත් යාලු වෙලා හිටපු කොල්ලා කර්පට් වෙන්න ගහන සිගරට්  පවා ඒ කලේ බීපු කොල්ලෙක්.අනික මධුෂිකා  O/L කාලේ ගොඩක් හොදට හිටියා  හැමෝම හොද කිව්වා.

ඒත් A/L කරන්න ගම්පහ පන්ති ගියාට පස්සේ එයා  පන්ති යනවට වඩා කොල්ලා එක්ක ෆිල්ම් හෝල්  ගානේ රිංගුවා කියලා මට එහෙන් මෙහෙන් ආරංචි උනා.පව් කෙල්ල මාත් හිතින් හරි ආදරය කලානේ.අද එයා කොහේ මොනවා කරනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ඒ කෙල්ලට ඉන්න තැනක හොදින් ඉන්න ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා.

අනික විශේෂයෙන්ම කියන්න තියෙන දෙයක් තියනවා.කෙල්ලෙක්ට වද දිදී කොච්චර පස්සෙන් ගියත් ලැබෙන්න නියමයක් නැත්නම් ලැබෙන්නේ නැහැම තමයි.අනික මේ ලෝකේ හොදම දේ ලැබෙන්නේ ඉවසන කෙනාට කියලා කියමනක් තියනවනේ.කෙල්ලෙක්ට හිත ගියාම ටිකක් විතර පස්සෙන් ගිහින් වද නොදී අපේ තත්වෙත් තියන් හදවතට දැනෙන විදිහට හිටියනම් හදවතට දැනෙන විදිහට කතා කලානම් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ෂුවර්  එකටම.

අනිත් එක තමයි කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් ඒ කෙල්ලම පස්සෙන් යනවනම් ඒක මහා අමන වැඩක්.ඒ වගේ වැඩක් නිසා මටත් අමතක  නොවෙන මතකයක් එක් වෙලා තියනවා ඒක පස්සේ දවසක කියන්නනම් අදට මේ ඇති...  
            

11 comments:

  1. අනික විශේෂයෙන්ම කියන්න තියෙන දෙයක් තියනවා.කෙල්ලෙක්ට වද දිදී කොච්චර පස්සෙන් ගියත් ලැබෙන්න නියමයක් නැත්නම් ලැබෙන්නේ නැහැම තමයි.

    sahathika aththa kollo

    ReplyDelete
  2. අනික මේ ලෝකේ හොදම දේ ලැබෙන්නේ ඉවසන කෙනාට කියලා කියමනක් තියනවනේ
    mekanam encouraging

    ReplyDelete
  3. @sihinadanawwa :- ගොඩ වැදිලා comment එකක් දාලා ගියාට බොහොම පින් සහෝ.කෙල්ලෙක්ට හිතක් පහල උන තැන ඉදන් ජීවිතේම කියාගෙන හිතන් කොච්චර කල් පස්සෙන් ගියත් ලැබෙන්න උරුමයි කියල අපේ දෛවය තීරණය කරලා නැත්නම් එයාව අපිට ලැබෙන්නේ නැහැ නේද මචං.
    ඒත් ඒක අපිට තව ඉවසපන් උබට මෙයිට හොද කෙල්ලෙක් දෙන්න මම තියන් ඉන්නවා කියල කියන පණිවිඩයක් වෙන්නත් බැරි නැහැ....

    ..........................................................................................................

    @නම නොකී යාළුවා :- ඔව් සහෝ අහල නැද්ද ජීවිතය අපිට 3 න් විදියකින් උත්තර දෙනවයි කියල කියමනක් තියනවා.
    1.අපි මොකක් හරි ඉල්ලුවොත් එයා හා කියලා ඒ ඉල්ලපු දේ අපිට දෙනවලු.
    2.අපි මොකක් හරි ඉල්ලුවොත් එයා බෑ කියලා එයිට වඩා හොද දෙයක් දෙනවලු.
    3. අපි මොකක් හරි ඉල්ලුවොත් එයා පොඩ්ඩක් ඉවසලා හිටපන් කියලා හොදම දේ අපිට දෙනවලු.
    අන්න එහෙමයි ජීවිතය......... ඒ නිසා ඉවසන කෙනාට තමයිලු මේ ලෝකේ හොදම දේ ලැබෙන්නේ නේද සහෝ.....

    ReplyDelete
  4. අපරාජිතයාට මට ආයෙත් කියන්නට ඇති දෙයක් ඇත.

    මුලින් අහපු කෙල්ල හා කියලා, ආදරේ කරලා, එයාවම බැන්ද නං ජීවිතේ ටිකක් බෝරින් නේද? අනික බ්ලොග් ලියන්නේ මොනවා ගැනද?

    සැප සතුට ජය පතමි.

    ReplyDelete
  5. @Kathandara:- අනිවා ඩෙෆා සහෝ බූට් එකක් කාපු නැති ජිවිතේ නිකන් පරිප්පු නැති හෝටලයක් වගේ තමයි...ඔබටත් නිත්‍ය ජය පතමි.....!!!

    ReplyDelete
  6. ඕවා ඔහොම තමයි යාලූ. නියම කෙනා ලැබෙනකන් ඉවසමු.

    ReplyDelete
  7. wow well said ayya"ඉවසන කෙනාට තමයිලු මේ ලෝකේ හොදම දේ ලැබෙන්නේ නේද සහෝ....."

    ReplyDelete
  8. @Golden Dragon:- ඔව් බන් ඉවසල බලමු.........

    ..........................................................................................................................................................................

    නම නොකී යාලුවා:- ඔව් බන් ජිවිතේ ගලා යද්දී තේරුණු දෙයක් මේක...

    ReplyDelete
  9. මටත් ඉස්සෙල්ලම උනේ ඔය සන්ගදියමයි.. හැබැයි මම හරි හිත තද එකා..මම ඕක හිතට අරන් උඩින A ලෙවෙල් ගොඩ ගෙන කැම්පස් ගියා. අර වෙන එකෙක් එක්ක ගිය බඩ්ඩ ඉගෙන ගන්නේ නැතුව නිකම් සවුත්තු උනා. මගේ මචං,කිවුව හැටියටම පවට පින දෙන්නේ කොහොමද බන් ?

    ReplyDelete
  10. @සරත් ලංකාප්‍රිය :- සහතික ඇත්ත සහෝදරයා...... පවට පින දෙන්න බැහැ.අදටත් එත් මේ කෙල්ලගේ නම පවා ඇහෙන කොට මගේ පපුව හෝස් ගාල යනවා බන්...

    ReplyDelete
  11. පරණ කතන්දරයක් නිසා මුකුත් කියලා වැඩක් නැහැ වගේ .....

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........