"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Thursday, July 12, 2012
මී කතුර..........
කාලෙකට පස්සේ ආයේ ලියන්න ඕනයි කියලා හිතුනා.... අවුරුද්දකට වඩා කාලයක් බ්ලොග් එක පැත්තෙ පලාතේ ඇවිත් පෝස්ට් එකක් දාන්න උනේ නැහැ..
මොනවා කරන්නද එක පාරක් ලියපු පෝස්ට් එකකට එකෙක් ඇවිත් බැනලා දාපු කමෙන්ට් වලින් බ්ලොග් සංහිදියාවම එපා වෙලා ගියා.... :( :( :(
පස්සෙ පස්සේ ලියන්න හිතුවත් වෙලාවකට වැඩ වැඩි කමට, තවත් වෙලාවකට මහම මහ මූසල කම්මැලි කමක් නිසා වැඩේ නවත්තලා නිකන් හිටියා.... දැන් මං හිතන්නේ මාව සින්ඩි වලිනුත් එලියට විසික් වෙලා ඇති....
මම පොඩි කාලේ ඉදන්ම ඔහොම්මමයි වැඩක් පටන් ගත්තොත් අවසානයක් වෙනකන් ඉවර කරන්නේම නෑ.. ඕකට හැමදාම ගෙදරින් බැනුම් අහනවා පොඩි කාලේ ඉඳන් බාගෙට කරපු එකි නොකී මෙකී වැඩ නිසා... බලමුකෝ මේ පාරවත් එක දිගට ලියාගන්න පුලුවන් වේවිද කියලා සතියකටවත් බැරිම උනොතින් සති දෙකකටවත් සැරයක් එක පෝස්ට් එකක්වත් දාගන්න......
ආපු එකේ මොනවා හරි කොටලත් යන්න එපායෑ මේ කියන්න යන්නේ කාලෙකට කලින් මේල් එකකින් අහපු කතාවක් මේක මෙයිට කලින් වෙන තැනකින් කියවල තියනවනම් මගේ අම්මා මුත්තා මතක් කරලා බනින්නේ නැතිව පලයල්ලා මේන් වැන්දා.... මෙන්න මෙහෙමයි කතාව...
මේ සිද්දිය උනේ එක්තරා පුන්චි පහේ ගොවි පොලක... ඔන්න එක දවසක් මේ ගොවි පොළේ ගොවි මහත්තයා මොකක්දෝ මන්දා අලුත් පෙට්ටියක් ගෙදරට උස්සගෙන ඇවිත් ගොවි මහත්තයගේ බිරිඳෑ එක්ක ඒක දිග ඇරලා බලනවා දැක්කා ඒ ගොවි ගෙදර හිටපු පුංචිම පුංචි මීයෙක්...
ඌ ඒ දිහා බලන් හිටියේ බිත්තියේ තිබිච්ච පුන්චි පැල්මකින්
"මොකක්ද මේ පෙට්ටියේ තියෙන්නේ රස කෑමක් වෙන්න ඇති" කියලා හිතන්......... ඒත් පෙට්ටිය දිග ඇරියම තමයි ඌ හරියටම දැක්කේ ඒ පෙට්ටිය ඇතුලේ තිබ්බේ මී කතුරක් විත්තය... ඒ බව දැන ගත්තු මීයා හිතුවා මේ මී කතුර ගැන තමුන්ගේ ගොවි පොලේ හිටපු යාලුවන්ටත් කියන්න ඕනයි කියලා....
මීයා මුලින්ම ගියා කිකිළි ගාවට ගිහින් මෙහෙම කිව්වා....
මීයා:- යාලුවා යාලුවා ගොවි ගෙදරට අලුතින් මී කතුරක් ගෙනල්ලා... අපි කෝකටත් පරිස්සම් වෙමු නේද...??
ඒ වෙලේ කිකිළි හිටියේ බිම පහුරු ගාගෙන ඌ මෙහෙම කිව්වා ඒක වැඩිය ගනන් නොගෙනම....
කිකිළි:- මී කතුරක් තිබ්බට මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි... උඹයි ඒක ගැන කලබල වෙන්න ඕනේ... මට ඔව්වා වලට කරදර වෙන්න තරම් වෙලාවක් නැහැ....
දුකට පත්වෙච්ච මීයා ගියා තමුන්ගේ ඊ ළග යාලුවා ගාවට.... ඌ ඌරෙක්
මීයා:- යාලුවා ගොවි ගෙදරට අලුතින් මී කතුරක් ගෙනල්ලා...
ඒකට පිළිතුර විදිහට ඌරා දුන්නේ මෙහෙම උත්තරයක්....
ඌරා:- මොනවා කරන්නද මිත්‍රයා... ඔබේ නරක කාලය ඇවිත්... මට උඹ වෙනුවෙන් කරන්න පුලුවන් දෙවියන්ට කන්නලව් කරන එක විතරයි... මගේ කන්න ලව්ව ඇහිලා දෙවියන්වත් උඹව බේරුවොත් ලොකු දෙයක්....
ඌරගේ පිළිතුරින් දුකට පත් වෙච්ච මීයා ගියේ තමුන්ගේ අන්තිම යාලුවා ගාවට. ඌ එළදෙනක්....
මීයා:- යාලුවා මී උගුලක් මී උගුලක්........
එළදෙන:- ෂා නියමයි... මී උගුලකට මට කරන්න පුලුවන් ඉලව්වක් නෑ... ඔබේ ජිවිතේ අන්තිම කාලේ මිත්‍රයා... මට කණගාටුයි....
කිකිළිගෙන්, ඌරගෙන්, එළදෙනගෙන් නෝක්කාඩු අහපු මීයා කර කියා ගන්න දෙයක් නැතිව තමුන්ගේ ගුලට දුකින් ගියා... ජීවිතේ ගැන තිබ්බ ආසාවත් අත හැරලා තනිවම මී උගුලට මූන දෙන්නත් හිතන්... ඒත් ඌ හිතාගත්තා කෝකටත් පරිස්සම් වෙන්න....
එදා මැදියම් රැය එළඹුනා.... හදිස්සියේම මී කතුරට මොකෙක් හරි අහුවුන සද්දයක් ඇහුන නිසා කලුවරේම ගමයගේ බිරිඳෑ මොකක්ද අහු උනේ බලන්න ගියා....
මී කතුරට අහුවෙලා හිටියේ විෂඝෝර සර්පයෙක්... ඒකත් උගේ වලිගේ කෙළවර... කළුවරේම මී කතුර බලන්න ගිය ගම බිරිඳ නොදැනුවත්ම සර්පයාව පෑගිලා සර්පයාගේ දෂ්ඨ කිරීමට ලක් උනා...
ගමයා ඉතින් ඉක්මනට බිරිඳව ඉස්පිරිතාලෙට එක්ක ගියා ඒත් ඇය නැවත ගෙදර ආවේ අසාර්ථක උන ප්‍රතිකාර අවසානයේ තද උණක් එක්ක...ගමමහගේ බලන්න ආපු ගොඩක් දෙනෙක් කිව්වා තද උනට කුකුල්මස් වලින් හදපු සුප් බොන්න දුන්නොත් උණ බැහැලා යාවි කියලා.... ගමයා කලේ ගෙදර හිටපු කිකිළිව මරලා සුප් හදලා ගම මහගෙට බොන්න දීපු එකයි...
ඒ උනත් ගම මහගෙට තිබ්බ උණ අඩු උනේ නැහැ එන්න එන්නම අමාරු උන එක ඇරෙන්න... ඒක හින්දා අහල පහළ අයයි නෑයොයි ගම මහගේ ළග තනියට නිදි මරන්න ආවා.. ඒ අයට කන්න දෙන්න ඕනා නිසා ගමරාළ ගෙදර හිටපු ඌරව මරලා මස් උයලා කන්න දුන්නා..... මොන දේ කළත් අන්තිමට ගම මහගේ අසාධ්‍යය වෙලා මැරුනා... මරණ ගෙදරට මුලු ගමම ආවා...
අන්තිමට ඒ ඔක්කොටම කන්න දෙන්න ගෙදර හිටි එළදෙනව මැරුවා..... ඔය විදිහට මී කතුරක් නිසා ගෙදර හිටි කිකිළිටයි, ඌරටයි, එළදෙනටයි ටිකට් එක ඇදෙද්දි ගෙදර හිටි මීයා අර බිත්තියේ පැල්මෙන් මේ ඔක්කොම දිහා ගොඩාක් දුකින් බලං හිටියා.....
මේ කතාවෙන් ජීවිතේට ගන්න පුලුවන් පොඩි පාඩමක් තියනවා..... ආයෙ කොයිම වෙලාවක හරි ඔබට ඇසුනොත් ඔබගේ කෙනෙක් අණතුරක වැටිලා කියලා ඒක උගේ ප්‍රශ්නයක්නේ මට අදාල නැහැනේ කියලා ඉන්න එපා..... මී කතුරෙන් කිකිළිට, ඌරට, එළදෙනට මරණය ගෙනාවා වගේ ඒ ප්‍රශ්ණයෙන් ඔබටත් අණතුරක් වෙන්න පුලුවන්......
මතක තියා ගන්න ඕනේ දෙයක් තියනවා... ජිවිතේ අපිට හම්බුවෙන මිනිස්සු හැම කෙනෙක්ම හම්බු වෙන්නේ මොකක් හරි හේතුවක් නිසයි.... ඒ පුද්ගලයෙක් අනතුරකට වැටුනම අත නොහැර එයත් එක්ක එකතුවෙලා ඒකට විසදුමක් හොයන එක තමුන්ගේ ජිවිතෙත් ආරක්ශා කර ගැනීමක් වෙන්න පුලුවන්...
මොකද අපිට මොනවා කොයි මොහොතක වේවිද කියලා උඩ ඉන්න දෙවියෝ විතරක් දන්න අපි නොදන්න දෙයක් නිසයි............ අදට මේ ඇති......
අන්තිමටම කියන්න ඕනේ දෙයක් තියනවා... ඕක මම ඉංග්‍රිසියෙන් කියවපු එකක් මට පුලුවන් හැටියට සිංහලේට හරවලයි ලිව්වේ... මගේ ඉංග්‍රීසි දැනුමේ හැටියට කතාවේ අදහස 99% ක් විතර වෙනස් වෙලාද දන්නෙත් නැහැ බොලව්...හි හි....
පසුව ලියමි:- කියන්න ඕනේ දෙයක් තියනවා බ්ලොග් එක ආයේ ලියන්න ඕනේ කියලා හිතුනේ ලංකා ප්‍රියගේ සිතිවිලි ලියන සරත් ලංකාප්‍රිය මාමා ෆේස් බුකියෙන් මට කීප සැරයක්ම කල ඉල්ලීමක් නිසයි... ස්තුතියි මාමේ ඔබට ගොඩාක්.....
Labels:
ඕපාදූප,
ජිවිතයට බිඳක්
Subscribe to:
Post Comments (Atom)
සරත් ලංකාප්‍රිය මාමා ?? යකෝ මේ තරුණ කොල්ලන්ව වයසක එවුන් කරන්ඩ එපා බොල !!!
ReplyDeleteඅඩේ සෑහෙන කාලෙකට පස්සේ නෙව. ඔන්න පුතේ ආයෙම සිංඩි වලට ඇප්ලයි කරලම පටන් ගත්තා නම් අහවරයි !!!
කාලෙකට පස්සේ වටින කියන කතාවක් ඇහුවේ. මේ කතාව ඉස්සරම අහලා තිබ්බට අද ඒ මතකය අළුත් උනා !!! ජය වේවාඅ පරාජිතයෝ !!!
මාව කොල්ලෙක් කරලා කොල්ලා මාමෙක් වෙන්න හදන්නේ මොකද ? මන් දැක්ක බ්ලොග් එකෙත් දුවලා පුතාලා කියල ලියල තියෙනවා.
Deleteඔය දීලා තියෙන්න මචං උත්තරේ මොනවා කරන්නද බං...
Deleteමම ඇහැවුවා මම අයියේ කියලා කතා කරන්නද කියලා... එතකොට කිව්වේ නැතෑ එහෙම එපා මාමේ කියන්න.. මොකද මට පුතාට වඩා අවුරුද්දක් වැඩිමල් දුවෙක් ඉන්නවයි කියලා... ඒකයි මචං මාමේ කියන්නේ දැන් බං.... අවුරුද්දකට පස්සේ ලිව්වේ උඹ තමයි මුලින්ම කමෙන්ට් කලේ තැන්කූ මචං............ ජය වේවා මධුරංග අයියේ.....!!!!
ලියපු කතාවට වැඩිය ලියන්න ගත්ත කතාව අගෙයි. දිගටම ලියන්න...
ReplyDeleteමොකක් උඹ කිව්ව එක හරියට තේරුනේ නෑ සහෝ.... මොකෑ බුකියේ පේන්න නැත්තේ....????
Deleteබුකියේ ඉන්නවා බං. මං කිව්වේ උඹ මේ ලිව්ව කතාව නෙවෙයි ඉස්සරහට දිගටම ලියන්න ඉන්නවයි කිව්ව කතාව වහොඳයි කියලා.
Deleteඅන්න නියම කතාවක්.. ලබ්බට තිබ්බ අත තමා පුහුලටත් කියල තේරුම් ගන්නකොට ප්‍රමාද වැඩියි හැමදාම.
ReplyDeleteකිව්ව එකනම් තේරුනා හොරයි වගේ මාමේ.....?????
Deleteමේ බ්ලොග් කියන කොටිවලිගෙ අත්හරින්නෙ එහෙමත් කෙනෙක් තමයි. කතාව හොඳයි. කොච්චර උනත් සරත් අයියට අරවිදියට(මට ඒ වචනෙ කියන්නත් මොකක්ද වගේ) කිව්වඑක හරි වැරදියි.
ReplyDeleteමගේ බාගෙට වැඩ කිරිල්ලේ තරම තමයි බං බ්ලොගේ අත අරලා යන්න හේතුවක් උනේ.... සාදරයෙන් පිළිගත්තා බ්ලොගේට මචෝ....
Deleteසරත් මාමා කියලා කියන්න කියලා කිව්ව කොට මට අයියේ කියන්න බැහැනේ සහෝ....
නියම කතාවක් .. ඒවගේමයි ආයේ ලියන්න ආපු එක ලොකුදෙයක් .
ReplyDeleteඉස්සෙල්ලම කාලෙකට පස්සෙ මකුළු දැල් කඩලා පටන ගත්තට පස්සේ බැහැනේ බං පල් ටොල්ක් එකක් දාන්න ඒකයි දෙයක් ගන්න පුලුවන් කියලා හිතුනු පෝස්ට් එකක් දැම්මේ... ස්තුතියි ප්‍රතිචාරයට..........
Deleteඑල කතාවක් නේ
ReplyDeleteස්තුතියි සහෝ.............
Delete