"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Friday, June 03, 2011
ආයේමත් පටන් ගමු ඉතිං......
දෙවනි පාරටත් බූට් එකක් කාලා දැන්නම් තත්වෙ ගොඩක් දුරට හොඳයි... අන්තිම පොස්ට් එක දැම්මේ බූට් එක කාපු දවසෙ.. එදා රෑ සෑහෙන්න ඇඬුවා. මොනවා කරන්නයෑ.අපේ අම්ම කියනවා අවුරුදු 22 ක් වෙන්නත් ලං වෙලා තවමත් පොඩි එකා වගේ කියලා.
දුකයි කියලා මොනවා කරන්නයෑ.මම අඩුම තරමින් වයින් වත් කටේ තියන එකෙක් නොවන නිසා බොතලේ පිහිට පතන්නවත් බැහැ.ඒ වෙලාවෙ ගොඩාක් ලඟින් හිටිය මගෙම අය ගොඩාක් හිටියා.කොටින්ම මම ගිය බදාදා රෑ පාන්දර වෙනකන්ම ඇඬුවා.එ වෙලේ ලඟින් ඉඳන් මගෙ ඔලුව අත ගගා හිටියේ අක්කයි අම්මයි..
එවගෙම මගෙ ලඟම ගැහැණු යාලුවා "පබා" සහ "තරිඳු" පැයක් විතර එදා රෑ පෝන් එකෙන් හිත හැදුවා.හොඳම යාලුවා "අයේෂ්" ඌ එදා රෑ 12.45 යි ගෙදරින් යද්දි. කොටින්ම අපෙ තාත්තා සීන් එක දන්නේ නැහැ.අම්මා බත් එක බෙදාගෙන ඇවිත් කාමරෙට දුන්නා.මම කෑවේ නැහැ.මන් කැවා කියන්න හරි මගෙ බත් එක කැවේ අයේෂයා...
ඌ අවේ ගෙදර 8.30 ට විතර වැඩ ඇරිලා කාලා බිලා එහෙම.ඒත් අමාරුවෙන් මාව ශේප් කරන්න ඕනා නිසා ඌ එකකත් කෑවා.ඊට පස්සේ "ගයාන්", "පියක අයියා", "අශ්මින් අයියා" ඔය කට්ටියම හිත හැදුවා අනම් මනම් කියලා.. ඒ මට ගොඩාක් කිට්ටු පොඩි කාලෙ ඉදන්ම දන්න අය.වෙලාවට මම අපෙ කැම්පස් එකේ අයට මෙ සම්භන්ධෙ ගැන කියල තිබ්බේ ලඟම 3න් දෙනෙකුට විතරයි..
මම බ්ලොග් ලියන්න ඇවිත් මහා ලොකු කාලයක් නැහැ.මාස 5ක් විතර ඇති.. ඒ මාස 5 ට අඳුන ගත්තු හිත හොඳ යාලුවෝ ගොඩාක් මට ඒ වෙලේ කමෙන්ට් වලින් හිත හැදුවා.හිස් අහස, චතුවා (ළමයා), sameera, All in one......., රොබින්, කල්හාර දිසානායක අයියා, අසoක අයියා, යසියා, lahirucc , සරත් ලංකාප්‍රිය අයියා. ඒ වගේම නම නොකියා පවා ඒ මොහොතේ හිත හදන්න උදව් උන හැමෝම ගොඩාක් හිටියා.
ඒ වගෙම විශේෂයෙන් කියන්න ඕනා 2-3න් දෙනෙක් ඉන්නවා... අපේම ගෙවල් පැත්තේ ඉන්න එකම ඉස්කොලෙට ගිය ඒත් වැඩි සම්භන්ධයක් තිබ්බ නැති බුවෙක් මගෙ "කෙල්ලෝ ඇයි මෙහෙම කරන්නේ කොල්ලන්ට..??" කියන පොස්ට් එකේ කමෙන්ට් එකක් දාලා හෙන ආන්දොලනයක් කලා.. ඌ මගෙ FB Account එකේ යාලුවෙක් වෙලා ගොඩක් උපදෙස් දුන්නා.. උගේ නම "Y2K" කියලා තමයි බ්ලොග් කමෙන්ට් එකේ තිබ්බේ ඒක මෙහෙම්මම තියන්නම්.
තව මරු සිද්ඩියක් උනා.අපේ බ්ලොග් ලියන එකෙක් මා එක්ක ගොඩක් ෆිට් උනා Google Talk හරහා.පොරට මම අන්තිමට Sign Out වෙන්න කලින් මගේ පෝන් නම්බර් එක දුන්නා.. බූට් එක කාලා දවස් දෙකකට විතර පස්සේ මෙන්න මගෙ පෝන් එකට දන්නෙ නැති අංකයකින් කෝල් එකක් එනවා.
මම "Hello කව්ද මේ...??" කියලා ඇහුවා.මෙන්න යකෝ අනික් පැත්තෙන් අහනවා "මේ අපරාජිතයාද...?" කියලා. මම එක පාරටම ඇහුවා නෙමෙයි අහුනා "මොකා....??" කියලා.පස්සෙයි මට මතක් උනේ යකෝ මෙ මගෙ බොලොක්කෙ නමනෙ කියලා..
මං ඇහුවා "ඔව් මචං කව්ද මේ කියලා...?" "මම කුරුං බං" කියලා මෙන්න කියනවා. බලද්දි මෙ මම එදා Chat කල කෝපි කඩේ බ්ලොග් එකේ කුරුමා.. ඌත් පැය භාගයක් විතර කතා කලා. වෙලාවට මගෙ නම්බර් එක දුන්නේ.ගෙදර එක දීලා අපෙ අම්ම එහෙම ගත්තා නම් "කව්ද මෙ අපරාජිතයා...?? කියලා හෝන්තු මාන්තු වේවි...හික් හික්.....
එදා දාපු පොස්ට් එකේ මම දැම්ම කෙල්ලගෙ නම මනක්කල්පිත නමක්.මන් හිතන්නෙ Sameera අයියගේ ප්‍රශ්නේ දැන් විසදෙන්න ඇති.. සුරන්ගනා ලොකේ බ්ලොග් එක ලියන "යසියා" මට මෙහෙම කියලා තිබ්බා...
"තොගෙ සක්කිලි කමට තෝ වෙන කෙල්ලෝ පස්සේ ගිහිල්ලා ඇත්තම ආදරෙත් නැති කරගත්තට අපි මොනව කරන්නද???
ඉක්මනට ඒකිට කියාපන්,, ඒකි වෙන කෙනෙක්ගෙ වෙන්න කලින්....
මොනවද බූරුවෝ බලාගෙන ඉන්නේ පලයන්.... වැදලා සමාවගනින්....
මට නම් එහෙම කෙල්ලෙක් නැති වුනා....
උබ නැති කරගන්න එපා.
එක්කෙනට එක්කෙනයි මේ ලෝකෙ මවලා තියෙන්නෙ.....
ජය වේවා..."
නැහැ මචං.ඒකි මගෙ ජිවිතේට ආවට පස්සේ මම මේ වෙනකන් වෙන කිසිම කෙල්ලෙක් දිහා වල් විදිහට බලල නැහැ.මගෙ ඇස් දෙක පල්ලා.මම හැම තිස්සෙම හිතුවේ. මට නොපෙනෙන මානයේ එයාව තියලා එයාට වංචාවක් බොරුවක් රැවටිමක් කරා එක මට හෙන ගහන අපරාදයක් කියලා...
අන්තිමට තව එකෙක් ඉන්නවා මතක් කරන්න.මගේ බ්ලොග් එකේ කලින් තිබ්බා බ්ලොග් තේමාව උනේ..
"බුට් වලින්,පෝරියල් වලින්,යන එන හැම තැනින්ම අසීමිතව ලැබූ පරාජයන්ගෙන් පමණක් අපරාජිත වූ යෞවනයෙකුගේ අජුතම අජුත බ්ලොග් සටහනක ආගමනය......" කියලයි.
"ලංකාප්‍රියගේ සිතිවිලි" කියන බ්ලොග් එක ලියන "සරත් ලංකාප්‍රිය අයියා" මට සර්ව සිංහලෙන් බැනලා ඌ කියන විදිහට තේමාව වෙනස් කරන්න කිව්වා..
" පුට්ටස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති ... අට ලෝ දහමින් නොසැලෙන මිනිසකු වීම මගේ අරමුනයි........" විදිහට.. ඔන්න වෙනස් කලා කියහන්කො.
ඔයාල දන්නවනම් ඒ කව්ද කියලා "අන්තිම පේලිය" කියන බ්ලොග් එකේ Jayyaa කියන නමින් කතා ලියන කෙනා තමයි ඒ.. මට වඩා සිය දහස් ගුණයකින් ලියන්න පුලුවන් කෙනෙක් කැමති නම් මෙන්න මෙතන කොටලා බ්ලොග් එකට ගිහින් බලන්න... දැන් ඕකට මු මට යටින් බනිවි පබ්ලිසිටියක් දැම්මා කියලා... ඒත් කමක් නැහැ....
අන්තිමට කියන්න තියෙන්න මෙච්චරයි."අපරාජිතයා ඊස් බැක්......" කියලා තමයි.මම මොනා උනත් ලියන්න පොරොන්දු උනා ගලා ගිය ආදර කතාවත් හෙට ඉදන් දාන්න පටන් ගන්නම්.....
මන් අන්තිමට පොඩි ප්‍රශ්නයක් අහන්නම් බූට් තියපු කෙල්ලෙක් ඊට දවස් දෙකකට විතර පස්සෙ ආයෙමත් මැසේජ් කරලා ආයෙම හොයන් ආවොත් මම මොනාද කරන්න ඕනෙ කියලා කියහල්ලා.... ඕකට "අම්මා, අක්කා, පබා, අයේෂ්,තරිඳු කියන ඔක්කොම කිව්වේ එකම උත්තරයක්.....
"Y2K" කිව්වේ ඇඟට ගන්නේ නැතුව කරන් යමන් කියලයි.... උඹලා කියන්නේ මොකක්ද කියලා කියහල්ලා.....
මොකද බූට් තියලා දවස් දෙකකට පස්සෙ කෙල්ලගෙ හොඳම යාලුවා ඒකිට මෙක නැවැත්තුවාට බැනලා මේකි ආයේමත් මැසේජ් කරන්න ගත්තා... මොකුත් නොවුනු ගානට.. දැන් ඒකි හෙනම ෂේප්.. ඒත් මට ආයෙමත් බැහැ කැඩුණු හිත හදාගන්න... උඹලා කියන එව්වවත් බලමු තීරනයක් ගන්න.....
හැමෝටම දහස් වාරයක් පිං මචංලා.....
Subscribe to:
Post Comments (Atom)
මම මේ පැත්තෙ ආවෙ පළවෙනි පාරට. ආයෙත් ඉක්මනට හිත හදා ගත්ත එක නම් ගොඩක් හොඳයි. එල කොල්ලෙක්. නැති වුන දේවල් ගැන හිත හිතාම හිටියොත් අපිට ලැබෙන්න තියන තව ගොඩක් දේවල් නැති වෙනව. දුක යනකල් අඬල හරි ඒක ඉවරයක් කරපු එක හොඳයි.
ReplyDeleteමටත් කියන්න තියෙන්නෙ ආයෙත් මැසේජ් කරනව නම් පොඩි අවස්ථාවක් දීල බලපන්. සමහර අයට මොකක හරි වටිනාකම තේරෙන්නෙ ඒක නැති වුනාට පස්සෙ. උඹේ කෙල්ලෙටත් එහෙම වෙලාද දන්නෙ නෑ නෙ. ඒක නිසා පොඩ්ඩක් බලපන්. හැබැයි ආයෙත් සීරියස් වෙන්නවත්, පස්සෙන් වැටෙන්නවත් එපා. උපේක්ෂාවෙන් වෙන දේ බලන් හිටපන්.
මචන්.. මට උඹට කියන්න තියෙන්නෙ එක දෙයයි මල්ලි....
ReplyDeleteආදරේ කියන්නේ ජීවිතේ පාට් එකක් උනාට ජීවිතේ කියන්නේ ආදරේ පාට් එකක් නෙමෙයි බන්....
කෙල්ලෝ අපිව දාලා ගිය තරමට මම වැටුනනම් මම අද මෙතන නෑ බන්..හෙට ගිහින් වෙන එකෙක් ට්‍රයි කරහන් කොල්ලො.....
එක පාරක් බූට් තියපු එකියක් එක්ක ආයෙ යාලු වෙන්න? උබට පිස්සුද? ඊලග පාර බූට් එක වදින්නෙ රිදෙන්නම..
ReplyDeleteකෙල්ලෙක් එක්ක යාලුවෙනකොට බාහිර රූපය විතරක් හිතන්න එපා..
ගතිගුන ගැනත් පොඩ්ඩක් හිතපන්..මේ කාලෙ ගොඩක් උන් කොල්ලෙක් අහපු ගමන් හා කියන්නෙ මෝල් අමාරුවට..නොදෝකින් විතරක්..වෙන හොද එකෙක් සෙට් වීගෙන ආවොත් කලින් එකාට හෙන ගැහුවත් කමක් නෑ..
ඔයා අතරතුර ඉතා හොද කෙල්ලොත් සිටින බව අමතක නොකරන්න (මයෙ කෙල්ලවගේ :) )
සහෝදරයා. උඹේ ආදරේ ඔච්චර බාල්දු කරන්න යන්න එපා. ගිය අයට යන්න දෙන්න. අලුත් කෙනෙක් වෙනුවෙන් ජීවිතේ හදාගන්න. එච්චරයි.
ReplyDeleteඑයා මැසේජ් කරන්නේ තව කෙනෙක් එයාට බැන්න නිසානම්, කිව්ව නිසා නම්, එයාට එයාව කවර් කරගන්න ඕන නිසා නම්.... time to move on buddy...
මාත් කියන්නේ උඹට ඔරිජිනල් වීල් එකක් හම්බුවෙනකං ස්පෙයාල් වීල් එකක් දාගෙන දුවපන්...
ReplyDeleteaiye....oya hitha hadagattanam elama kollek tama...et oya antimata ahala tyena deta matath denna tyena uthtare tma oya kellawa satha 5ktawat ganan ganna epa...eka parak oyawa atharapu kenekta aye oyawa atharina eka maha loku wedak neme...eken duk widinne aiya...anika yaluwek kiwwa paliyata eya oyata msg kranwa kiynne ithin eyage hithe oya gna poddakwath ADARAYAK na kiyana ekai..eyata aththe oya gena anukampawak....eka adarayak kiyala weradiyata therum aran ayemat duk widinna epa.... oita wada dahasgunekin hoda..lassana ewagema gathi guna walinuth ihalinma inna kenek oyata hambei...etakn iwasannna...... aparajithaya hemadamat aparajithai....
ReplyDeleteඔන්න ඔහොම වරෙන් කොල්ලෝ... ඇත්තම කියන්නද ?මට හරිම ආඩම්බරයි මේ බ්ලොග් එක දැක්කම.. බ්ලොග් තේමාව දැක්කම ඊටත් වැඩ ආඩම්බරයි.. අඬන එක දුර්වල කමක් නෙවෙයි.. අඬන්නේ දුර්වල මිනිස්සුත් නෙවෙයි අඬන්නේ දුර්වල කම හිතින් අතුගාල හෝදලා දාන්නයි.. දැන් එක කරලා ඉවරයිනේ.. මාව බ්ලොග් කෙරුවාවට තල්ලු කලේ අපරාජිතයයි.. මොන තරම මට බැන්නද කුනුහබ්බවලින් හිටන් .. මගේ වයස වත් නොසලකා උඹ ? දැන් මම සතුටින්.. මගේ හිත යාලුවෙකුට කියනවා වගේ බ්ලොග් එකට කියනවා.. නොදුටු අය කමෙන්ට් දානවා. මගේ කඩමාල්ලට ප්‍රසිද්දියක් දුන්නට ඉස්තුතියි.. ඇයි මන් බනින්නේ? මන් මොකටද බොරු කියන්නේ? වැඩියෙන එනවට මන් සතුටුයිනේ ..
ReplyDeleteඔය වගේ අම්ම කෙනෙක් ඔය වගේ අක්ක කෙනෙක් ඔය වගේ යාළුවො ඔය වගේ දැනගෙන දන්නේ නෑ වගේ රඟපාන බොහොම පරිණත තාත්ත කෙනෙක් ඉන්න උඹ ඇත්තටම අපරාජිතයෙක් තමයි..
මන් ජීවිතේ අත්දැකීම් වලින් පාඩම් උන යකෙක්.. උඹේ අන්තිම වාක්‍යයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි.. උඹ ඔය ඉලවු ආදරේ හෝදලා දාල ඉවරයි.. කතා කරපන්. හිනාවෙයන් ආදරේ අත හැරපන් . ඔතන එහෙම දෙයක් නැහැ.. ඇදගෙන ගිහින් ඔයිට වැඩ වේදනා විඳින්න එපා. හොද හොද මඩේ දාන විකාරයක්..උමබ් මට බැන්නත් කමක් නැහැ.. උඹේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න එපා.. මම උඹට කියන්නේ තාත්ත කෙනෙක් හැටියට.. උඹ මගේ ළඟ හිටිය නම මම උඹේ කන මිරිකලා අහනවා මොලේ කඳුලක් වත් තියෙනවද කියල ...උඹ වගේ කොල්ලෙකු ලබන්න වාසනාව තියෙන හොඳ කෙල්ලක් කොහේ හරි ඇති.. හම්බුන දාට උඹට හිතෙයි කොච්චර හොඳද කාපු බුට් කියල. මං කියන්නේ අත්දැකීමෙන් .
එනවා නම් එන්න දීපන්. හැබැයි උඹ ගානට තියාගෙන ඉඳහන්..
ReplyDeleteගියොත් දාල ගියත් කෙලින් ඉන්න පුලුවන් ගානට තියාගෙන හිටහන්....
@Kasun:- ස්තුතියි ගොඩ වැදුනට සහෝදරයා............. එහෙම අවස්තාවක් දෙන්නවත් මගෙ හිත හදාගන්න බැහැ බං දැන්..... එයා ඔප්පු කරලා පෙන්නුවා එක පාරක් එයාට මම නැතුව ඉන්න පුලුවන් කියලා..... හ්ම් බලමු....
ReplyDelete......................................................................................................................................................................
@අභීත:- ඔව් බං අභීත අයියා.... ජිවිතේ තියෙන පොඩිම පොඩි දෙයක් විතරයි ආදරය කියන්නේ... ඒක දැන් මට තේරිලා ඉවරයි... ආයේ වෙන කෙනෙක්ව හොයාගන්නවත් හිත හැදෙන්නෙ නැහැ බං දැන්....
.....................................................................................................................................................................
@$චාටර් කොල්ලා$ :- ම්..ම්... ම්.... ඔව් ඇත්ත බං.එක පාරක් ගියා එකියට තව පාරක් මාව දාලා යන එක මහලොකු දෙයක් නෙමෙයි....... උඹ කියන එක හරි බං.......
@රොබින්:- හ්ම්..... ඔව් මචං මම බාල්දු වෙන්න පුලුවන් උපරිමයෙන් ඒකි ගාව බාල්දු උනා.... මට මගෙ යාලුවො කිව්වෙත් උඹ එහෙම බාල්දු වෙන්න ඕනා එකෙක් නෙමෙයි මචං කියලයි..... ඒත් බං මොනවා කරන්නද..... කාටවත් දැනුවත්ව මම වරදක් කරල නැහැ බං... උඹ කියන එක හරි මේකිගෙන් ඈත් වෙන්න කාලේ දැන් ඇවිත් ඉවරයි.... එයත් මගේ ජිවිතේට ගොඩ වැදිලා ගිය තවත් එක මතකයක් විතරයි....
ReplyDelete...................................................................................................................................................................
@prasanna86k:- මං එහෙම Spare Wheal තියාගෙන කෙල්ලන්ගෙ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න කැමති එකෙක් නෙමෙයි බං මාලුවෝ..... අපිට අද පේනවා....කෙල්ලො එක්ක සෙල්ලම් කරන සල්ලලයො සතුටින් ඉන්න කොට අත්තටම ආදරේ කරන අපි වගේ උන් අඬනවා.... ඒත් බං මිනිහෙකුට හැම දාම දුකම ලැබෙන්නේ නැහැ.... ඒ මිනිස්සුන්ට වරදින දවසක් එනවා ඒත් මැරෙන දාකට මට සතුටු වෙන්න පුලුවන්නම් මම ජිවත් උන විදිය ගැන මට ඒ ඇති බං...
......................................................................................................................................................................
නම නොකී යාලුවා:- ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන්නවත් මම දන්නෙ නහ පොඩි එකෝ...... එහෙම කිව්වේ මල්ලි හරි නංගි හරි කියන්න දන්නෙ නැති නිසා.... ඒත් ඔයා මේ මගේ හැම පොස්ට් එකකඩිම ඇනෝ කෙනෙක් විදිහට ගොඩක් වචන වලින් හිත හැදුවා.... ඒකට උඹට ගොඩාරියක් පින්...... ඔයා කියන එක හරි.... එයාට මුලු ඉදන්ම තියෙන්න ඇත්තෙ මං ගැන අනුකම්පාවක් විතරයි.....
@සරත් ලංකාප්‍රිය:- අම්මෝ යන්තම් ඇති මම හිතුවේ මු මට බනීවි තමයි කියලා.... මොනවා කරන්නද අයියේ... ජිවිතේ මම කාටවත්ම දැන දැන වරදක් කරලා නැහැ අයියේ...ඒත් යන යන තැනින් කෙල වෙනවා... මොනවා කරන්නද ඒ වෙලාවට හිතෙනවා තමුන්ගෙ පාඩුවේ ඉන්න නිසාද මට මේ මෙහෙම කෙල වෙන්නෙ කියලත්.... ජිවිතේ හිනා වෙන අවස්තාවලට වඩා මම අඬපු අඬන වාර ගනන අනන්තයි.... අඩ මම ඉගෙන ගන්නේ ලංකාවෙ තියෙන හොඳම කැම්පස් එකක... ඒක කිව්වොත් උඹලා මගෙන් අහවි "මෙච්චර දෙයක් ලැබිලත් ඇයි ගොන් වස්සෝ අඬන්නේ කියලා....." ඒත් මගේ හිත හයිය නැහැ අයියේ හැගීම් වලදි මට දරා ගන්න ගොඩාක් අමාරුයි..... මොනවා කරන්නද......?? හැම තිස්සෙම මම හදන්නේ කාටම හරි වචනෙකින් හරි මට පුලුවන් උපරිමයෙන් උදව් කරන්නයි... සමහර විට එව්වා නිසා මට මගේ වැඩ පවා පාඩු වෙලා ටිබ්බත් හිතට දැනෙන මානසික සතුට එක්සෑම් මාර්ක් ෂිට් එක බලල ලබන සතුට එක්ක පිචං කරන්න බැහැ.... කෝක වෙන්නෙත් හොඳටයි අයියේ... මම එක දෙයක් දන්නවා... මගේ නමේ අකුරු තුන මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ මෙයා පසුතැවෙවී... එදාට මම කොහොමද අයියේ ඒක ඉවසන්නේ එයා දුක් විඳිනවා බලලා....
ReplyDelete....................................................................................................................................................................
@තාරක Dilsh@n:- අනේ මංදා බං.......... එක පාරක් දාලා ගිය එකියෙකුට තව පාරක් දාලා යන එක සිම්පල් නේද....??
කෙල්ලො කියන්නෙ පුදුම ජාතියක් බන්..උන් හිතන පතන විදිහ ගැන හිතන්න ගියොත් අපිට පිස්සු හැදෙනවා..අදයි මං පලවෙනි පාරට මෙ පැත්තට ආවෙ.. මගෙ බ්ලොග පැත්තටත් ඇවිත් සප් එකක් දියන්
ReplyDeletewww.sabithl.blogspot.com
man nangiyek kyala hitagannako...... :)
ReplyDelete@සාබිත්:- ඔව් බං නොහිතා ඉන්න එක හොඳයි.....
ReplyDelete...........................................................................................................................................................................
@නම නොකී යාලුවා:- හරි නංගියෝ.... වචන වලින් හිත හැදුවට ඔයාට ගොඩාරියක් පිං.උඹ කිව්වට ගනන් ගන්න එපා අයියා කෙනෙක් ආදරේට නංගිට කතා කරන විදිය කියල හිතන්නකෝ.....
කෙල්ලෝ හින්දා කවදාකවත් තමන්ගේ ජීවිතය කානකන්නි කරගන්න එපා මචං . උඹ කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් කරන දවසට උඹව හොයාගෙන කෙල්ලෝ ඒවි .එතකන් තමන්ගේ වැඩේට මුල් තැන දීලා වැඩ කරගෙන ඉඳපන්
ReplyDeleteමට තවම දුකයි මම මගේ ඉගනීම කඩාකප්පල් කරගත්ත එකට .මම එහෙම කරගත්තේ වෙන එකෙකුගේ ලවු සීන් එකටට මැදිහත් වෙලා .උඹ එහෙම නොවී උඹටම කියලා සමාජයේ තැනක් හදාගනින්ං මචං .
@හිස් අහස :- ඔව් බං කෙළ උන දාකට ඉන්න කෙල්ලත් දාලා යාවි..... මොනා උනත් බන් මගෙ ඉගෙනිමට මොකුත් වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ බං..... උඹත් උන දේ ගැන පසු තැවෙන්න එපා මචං.... කෝක වෙන්නෙත් හොඳටයිලුනෙ බං....
ReplyDeleteයාලු ගිය කෙනෙක්ට යන්න දෙන්න ... විසික් කරපු කුණු ඇහිදින්න යන්න එපා කවදාවත්ම ..එ කුණු ම විතරයි... එක්කෙනෙක් නෙමේ දාහ දෙනෙක් අතැරියත් කමක් නැ..ඔයාගේ ජිවිතේට ගැලපෙන ම කෙනා එනකම්...
ReplyDeleteමචෝ,ඔන්න දැං තමා පෝස්ට් එක දැක්කේ....හිත හැදුන නම් එච්චරයි මචෝ...මමනම් කියන්නෙ ආයි මැසෙජ් කලාට ගණන් ගන්න එපා...මොකද උඹට කරපු වැඩෙන් ඒ කෙල්ල පෙන්නුවේ ඒකිගේ හැටි...ඒ හැටිය වැහෙන්න ප්ලාස්ටර් ගහං ආවට ගණන් ගන්න එපා...
ReplyDeleteගිය හකුරට නාඬන්නේ කියල හිටිං
ReplyDelete@ අපරාජිතයා: මචං මම එහෙම උබට කිව්වට සමාවෙයන්.. අපි කොලුකමට කරන සමහර දේවල් නිසා, අපේ ජීවිතේ වෙලා ඉන්න කෙල්ල ගියාට පස්සේ ආයෙත් පරන විදියට ජීවත් වෙන්න බෑ කියල මම හොදට දන නිසා. උබට කිව්වේ කොයි ලෝකෙන් හරි ආයෙත් කෙල්ලව තමන්ගේ කරගනින් කියලා කිව්වේ.. මගේ කොමෙන්ටුවක් උබේ හිතට දැක්ක එක ගැන සන්තෝසයි.. උබ බාලදක්ශයෙක්ද??? මමත් බාලදක්ශයෙක් තමයි... මැරෙන්කන්ම... සහෝදරකමට තවත් පිම්මක්.... මචන්... ආයෙමත් ලෝකෙම පීරල හරි එයාව හොයාගනින්...නැත්නම් උබට මේ එයාගෙ අගිලි අනුන්ගෙ වුනාම අඩන්න එපා බන්.. එතකොට මැරෙන්න හිතේවි.....
ReplyDelete"මමනම් කියන්නෙ පුලුවන් තරම් අඩපන්.. මතකයන් බ්ලොග් එකේ දාන්න බැරිනම්.. කොලවල හරි ලියලා තියපන්.... මමනම් දුක යන්තම් හරි අඩු කරගත්තේ එහෙම"
ලස්සන ජීවිත දෙකක් (උබෙයි එයාගෙයි) තීරනය වෙන්නෙ උබ අද කරන දේ අනුව....
@නිම්ශා :- අනේ මංදා නංගියෝ....... මටත් එහෙම හිතිලා තියේන්නේ.... ඒත් හිතේ මොකක්දෝ මංදා අමුතු දෙයක් තියනවා..............
ReplyDelete..........................................................................................................................................................................
කුරුං ගුරුං:- ඔව් බං.. එක පාරක් දාලා ගිය එකියක්ට තව පාරක් දාලා යන එක මහ ලොකු දෙයක්ය කියලා මම හිතන්නේ නැහැ බං.... එයාට මම වෛර කරන්නේ නැහැ... ඒත් කවදා හරි උඹ එදා පෝන් එකෙන් කියපු දේ තමයි වෙන්නේ.....
...................................................................................................................................................................
@යසියා:- පිස්සුද බං උඹට සමාව ඉල්ලන්න...... ගොඩ දෙනෙක් කෙලව ගන්නේ ඔය උඹ කියපු දේ කරන්න ගිහින් තමයි...... ඒත් මචං මම එහෙම දෙයක් කලේ නැහැ බං....
මමත් බාල දක්ෂ කලා රැහැන වෙනකන් කරල ඕලෙවල් නිසා නතර කලා මචං................
අනේ මන්දා බං.... මට ආයෙත් එයාට ආදරේ කරන්න හිත හදාගන්න බැහැ වගේ මචං... එයා එක පාරක් ඔප්පු කරලා පෙන්නුවා එයාට මාව නැතිව ඉන්න පුලුවන් කියලා..... එහෙව් එකේ කොහොමද බං එයාව තව දුරටත් විශ්වාස කරන්නේ...... එක පාරක් බිදුණු විශ්වාසේ ආයේමත් ඇති කරගන්න බැහැ වගේ බං දැන්නම් මට.....
මම නම් හිතන්නේ ගිය අයට යන්න දෙන එක හොඳා කියලා..
ReplyDeleteකොච්චර කවුරු කොහොම කිවුවත් අන්තිමට තීරණය ගන්නෝනි උඹ..! පරිස්සමින් හොඳට කල්පනා කරලා බලලා තීරණයක් ගන්න.
@ අපරාජිතයා: සමහර වෙලාවට කෙල්ලෝ හුගාක් මෝඩයි බන්. මම ආදරේ කල කෙල්ලත් මට පේන්න දෙපාරක්ම වෙන උන් දෙන්නෙක් එක්ක යාලුවුනා.. ඒත් ටික කාලෙකින් උන්ව අතෑරිනවා...දෙයියන්ගේ පිහිටෙන් බදින්නම කියල ගෙදරිනුත් කැමැති කරවගෙන දැන් එයාට කොල්ලෙක් ඉන්නවා... ඒත් මාත් එක්ක එක දවසක් ජී මේල් චැට් කලදවසට එයා ඌත් එක්ක වලි ලු.... ඕකයි.. උන්ම දන්නෙ නෑ..උන් කාටද ආදරේ කියලා.....
ReplyDelete@චතුවා (ළමයා):- ඔව් බං ගියේ මාව එපා කියලනේ බං..... ඒක එහෙම්මම උනදෙන් කියල මම හිතා ගත්තා බං......
ReplyDelete........................................................................................................................................................................
@යසියා :- අනේ මංදා බං.කෙල්ලෝ කියන චරිත තේරුම් ගන්න මට තේරෙන්නේ නැහැ බං.... මගේ නොහැකියාවද දන්නේ නැහැ ඒක....
අල්ලලා දාපං මල්ලියා .........
ReplyDeleteඅලුතෙන් ජීවිතේ පටන් ගනින් .......
ඔබට ජයෙන් ජය .............
@කල්හාර දිසානායක :- ඔව් අයියා අනිවා බලමු දැන්වත් තණ කොළ නොකා ඉන්න.........
ReplyDeleteමොනාහරි වෙලා කමක් නෑ.අන්තිමේදි අපරාජිතයා අයෙම බ්ලොග් කළාවට ආවනේ කෙල්ලෝ නම් ඔහොම්මමයි. ගනන් ගන්න එපා. ආයේ වෙන එහෙකට ට්‍රයිය දාමු.
ReplyDelete@මධුරංග :- බලමු මචං වෙන එකක් කරන්නවත් දැන්නම් හිතක් නැහැ බං.....
ReplyDelete