
අන්ධ මනුස්සයෙකුට ඇස් දෙකක් කියන්නේ ලෝකේ තියෙන වටිනාම දේ කියල ඔයාල දන්නවද....??ඇස් දෙකට පෙන්නේ නැති දෙයක් වෙන කෙනෙක් විස්තර කරන කොට ඒ මිනිස්සුන්ගේ හැගීම් වලට කතා කරලා තියෙනවද..??අම්ම කෙනෙකුගෙන් කිරි බිලා හැදුනු හදවතේ බින්දුවක හරි තෙතමනයක් තියෙන කව්රුම හරිනම් ඒ දේ හොදට තේරෙනවා.
මේ ලෝකේ හැමදාම දුකවත් හැමදාම සතුටවත් තියෙන්නේ.නැහැ.අපි හැමෝම මිනිස්සු.හැම දේම කරන්නේ ජිවත් වෙන්න, හිත සතුටින් ඉන්න නේද..??දහස් ගානන් වියදම් කරලා ලබා ගන්න තව කාලික සතුට පසු පස ගියාට ඒ දෙයින් ලැබෙන දුක සදාකාලිකයි.මේ ලෝකේ මාර අමුතුයි.කෙනෙක්ට සතුට දෙනකොට තවත් කෙනෙක්ට දුකක් දෙනවා.ඒ තමයි හැටි.
ඒත් කෙනෙක් දුකට පත් උනහම ඒ කෙනාට පොඩි හරි ශක්තියක් වෙන්න පුලුවන්නම් මනුස්සයෝ හැටියට අපිට එදාට ගොඩාරියක් සතුටු වෙන්න පුළුවන් නේද..?? මේ ඇවිල්ලත් තියෙන්නේ ඒ වගේම අවස්ථාවක්.
අපේම රටේ මේ මහා පොළවත් එක්ක හැප්පෙන අපි වගේම මස්,ලේ,නහර වලින් හැදුනු හුස්මගන්න තවත් ජිවිතයක් අද අසරණ වෙලා.මේ ලෝකේ ස්වාභාදහම තවත් අපේම සහුර්දයෙක්ට එරෙහි වෙලා.අපි හැමෝම එකතු උනොත් අපිට ඒ අපේ සහෝදරයට නැවත ජීවිතය ලබා දෙන්න පුළුවන්.
මේ හැමෝටම මුදල් අපහසුතාවයක් තියෙන කාලයක්.ඒත් එකම එක රුපියලකින් හරි ඔයාලට පොඩි උදව්වක් කරන්න පුලුවන්නම් අඩුම තරමින් එක වචනයකින් හරි එයාට හයියක් වෙන්න පුලුවන්නම් ඔයාලට ජිවිතයේ හැමදාටම සතුටු වෙන්න පුළුවන් වේවි.හිතේ තෙතමනයක් තියෙන කව්රු හරි මේ පොස්ට් එක කියෝලා උදව්වක් කලොත් එදාට ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුළුවන් වේවි.
වැඩි විස්තර පහල ලින්ක් එකට ගිහින් ගන්න.....
http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html
දෛවය කියන්නෙ මහ පුදුම දෙයක් මලයා .........
ReplyDelete